Tuesday, May 29, 2012

ගම්මන්පිල නම් පණුවා ගැන


මර්වින් සිල්වා කලකට පසු පලක් ඇති කතාවක් කියා තිබේ. ඒ උදය ගම්මන්පිල බිබිලක් ඇතුලේ ඉන්න පණුවෙක් බවයි. දැන් කට්ටිය රෙදි කරට අරගෙන මර්වින්ට බණිමින් සිටිති. බණින අය නොදන්නේ මර්වින් කී කතාව ඇත්තක් බව අප හිතවත් ගම්මන්පිලද දන්නා බවයි.

ආණ්ඩු හිතවාදීන්ගේ සිට ආණ්ඩු විරෝධීන් දක්වා විශ්වාස කිරීමට ආසා දෙයක් ඇත. ඒ රාජපක්ෂ ආණ්ඩුව යනුවෙන් වෙනම එකක් ඇති අතර මර්වින් සිල්වා නමින් වෙනම තක්කඩියෙක්ද සිටින බවයි. මෙහෙම හිතෙන එක දෙගොල්ලන්ටම සනීපය.  ආන්ඩු හිතවාදීන්ට නම් මර්වින් වෙනම තක්කඩියෙක් නිසා ආන්ඩුව එහෙම නෑ වගේ එකක් දැනෙනු ඇත. ආන්ඩු විරෝධීන්ට නම් කිසිදා හැප්පෙන්නට හිතන්නවත් බැරි මර්වින් වෙනම ගත්තාම ආන්ඩුවත් එක්ක හැප්පෙන්න පුලුවන් වගේ එකක් දැනෙනු ඇත. ඉතින් කාට කාටත් නිවාඩු පාඩුවේ තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යා හැකිය.

ඒත් ඇත්තම කතාව නම් මර්වින් යනු ආණ්ඩුවම බවයි. (ඇඟ හිරිවැටුන නේද?) ඒ බව ඊනියා ප්‍රඥාවන්තයෙක් නොවන ගම්මන්පිල දනී. මොන දහදුරා වැඩේ කලත් මර්වින් දේශපාලනයෙන් එලවන්නට ඔය බණින කාටවත් බැරිය. මර්වින් ලබන චන්දෙ (අනුරාධපුරයෙන් ඉල්ලා :P) උඩින්ම දිනයි. ජිල්මාට් වලින් නොවේ. පිරිසිදු මහජන චන්දයෙනි. ආන්ඩුවත් එහෙමය. දුකය. ඇත්තය.

දැනටම ආණ්ඩුවේ එල්ලී රටම කන සහ අනාගතයේදී රට බාරගෙන කන්නට බලා සිටින  ඉහඳ පණුවන් අතර ගම්මන්පිල යනු අහිංසක පණුවෙකි. ලාබ ප්‍රයෝජන වෙනුවට තමන් දරණ දේශපාලන මතවාදය වෙනුවෙන් අවංකව වැඩ කරන්නෙකි.

ගම්මන්පිල අපේ හිතවතාට වී ඇති වින්නැහිය දන්නේ උන්නැහේ පමණි. හැමෝම හිතා ඉන්නේ හෙළ උරුමය ආණ්ඩුවට සෙට්වී මාර සැප සම්පත් වළඳමින් පුදුම ආතල් එකක ඉන්නා බවකි. නමුත් එහෙම නොවේ. බෙන්ස් එකක යන එක මාර සැපයක් වන්නේ එම ගමන ගැන සිතමින්ම සැහැල්ලුවෙන් යන්නට ලැබෙනවානම්ය. එක එකාගේ කෙනෙහිලිකම් ගැන හිතමින් මොකේ ගියත් ඇති සැපයක් නැත.

ඇත්තටම අද වන විට ඔහුගේ තත්වය ආණ්ඩුව නමැති පැසවූ බිබිල ඇතුළේ ඉන්නා පණුවෙකුට වෙනස් නොවේ. ඔහුගේ වලංගුතාව පවතින්නේ බිබිල තුල සිටිනතාක් පමණි. (ඒක ඉගෙනගත්තේ ජ.වි.පෙ නි). ඔහු අදහන සිංහල (බෞද්ධ) ජාතිකත්වය නාමිකව හෝ ‘මර්වින් සිල්වා ආණ්ඩුව’ තුල තබාගත හැක්කේ එය තුල පණුවෙකුව සිට හෝ කරදරකාරීව හැසිරීමෙන් පමණි.

අනෙක් අතට ඉදිරියේදී එන්නේ ආණ්ඩුව ඉන්දියාවට සහ ඇමෙරිකාවට දෙමල ජනතාව සම්බන්ධයෙන් මෙතෙක් වූ පොරොන්දු ඉෂ්ඨ කිරීමට සිදුවන කාලයයි. ගම්මන්පිලට ඇත්තේ තේරීම දෙකකි. එකක් නම් දැන්ම තියා මේ බිබිලෙන් පිටව, පක්ෂය දෙක තුනට කැඩී, පාරෙදී කෑ ගසා, පොලිසියෙන් ගුටිකා,  දත්මිටි කමින් බලා සිටින්නටයි. අනික නම් මොන දහදුරා කෙනෙහිලිකම් විඳිමින් හෝ මේකේම වැටී හිඳ අවශ්‍ය මොහොතේ පොඩ්ඩක් කොනිත්තන්නට ඉඩකඩ තබා ගැනීමයි.

මර්වින් සිල්වා කී කතාව ඇත්තක්ම බව ඔබට ගම්මන්පිලගෙන්ම අසා දැන ගැනීමට හැකිවනු ඇත. එහෙත් ඒ සඳහා ඔබට තවත් අවුරුදු 15ක් පමණ බලා සිටීමට සිදුවේ. මීළඟ චන්දයේදීද ආණ්ඩුවට කඩේ යාමට සිදුවීමෙන් ඇතිවන දරුණු චිත්ත පීඩාව හේතුවෙන් 2027 දී පමණ ගම්මන්පිල දරුණු බේබද්දෙකු වීමට ඉඩ ඇති අතර අරක්කු බාගයක් අරන් දී ඔබට ඕනෑම දෙයක් ඔහුගෙන් අසා දැන ගැනීමට හැකිවනු ඇත.

58 comments:

  1. නපුරු විග්‍රහයක්...... !

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල බේබද්දෙක් වෙන්න ඕනෙ මිනිහෙක් නෙමෙයි තමා. ඒත් ඉතිං මං මොනව කරන්නද මචං?

      Delete
  2. අහ් අනෙක් පනුවන්ටත් දැනෙනවානම් යෙහෙකි
    එනමුත් තමන් බිබිලෙන්යැපෙන පනුවන් බව හිතන්නේ කවුද
    අනේමහ දෙයක්යැ බිබිලක් නෙව ජනතාව හිතන්නේ එහෙම
    සරව ගලන බිබිලක ගද අයිතිකාරයාට නොදැනෙන නමුත් ලෝකයාට දැනේ

    ReplyDelete
    Replies
    1. අම්මේහ්.... උඹ
      කොහෙද බං මෙච්චරකල් උන්නෙ?
      මේකෙ පහුගියටිකේ වේචි දේවල් උඹ දන්නවනං...:)

      Delete
  3. ඇත්තටම වැදගත් ලිපියකි..ගම්මන්පිල මොන පිලට අයිතිද කියල හොයපු නැති එක වැදගත්..අනේ පව් උපාසක බොදු ජනතාව...

    ReplyDelete
  4. පට්ට ඕයි.

    මෙන්න මේ ඩිංග ඇරෙන්නට ඉතිරියට එකඟයි.

    [[අනෙක් අතට ඉදිරියේදී එන්නේ ආණ්ඩුව ඉන්දියාවට සහ ඇමෙරිකාවට දෙමල ජනතාව සම්බන්ධයෙන් මෙතෙක් වූ පොරොන්දු ඉෂ්ඨ කිරීමට සිදුවන කාලයයි]]

    මෙතන උඹ ආණ්ඩුව ඉන්දියාව හා ඇමරිකාව කියන තුනම ගැන දකින්නේ බොහොම යතාවාදී තථාකාරී විදිහට. ඇත්තම කිව්වොත් ඔය තුන්දෙනාම කරන්නේ පුංචි ප්‍රෝඩාවක්. තුන්දෙනාට ශේප් මුල්ලක බෝතලයක් ගහලා වැටිලා ඉන්නවා වගේ වැඩක්.

    අර ගම්මන්පිලයාගේ ප්‍රකාශයේ තමා අවුල තියෙන්නේ. මර්වියා ගේ ප්‍රති-ප්‍රකාශය නිවැරදි මෙන්ම විට්ෆුල් රිටර්න් එකක්. ගම්මා කියන්නේ ආණ්ඩුව පෙරාපු රත්තරන් ගුල්ලෝ ඉන්නේ පොත්තේ කියලනේ. එනයින් ගුල්ලා අයිසොලේටඩ් සීන් එකක් වන අතර කෝ එකට අදාළ නැහැ.

    හැබැයි චාමි ඔය ආණ්ඩුවේ මරාලේ කඩා වැටෙන්නේ ඔය ගම්මා වගේ උන් කල කිරෙන දවසක් තමා. තවම ඔකුන්ගේ හිතේ සුට්ටම් බක්තියක් තියෙනවා නැතුව ඔකුං ඔතන ලැගලා ඉන්නේ නිකම් දෙන දානේ වළඳන්න නොවේ.

    අන්න ඒ පදනමින් ඇත්ත ම කියා මර්වියා මේ වගේ එවුන්ට ඉලපතෙන් ගහන එක වටිනවා. ඊටත් අගෙයි ගෙදෙට්ටම ගිහින් ගැහුවොත්.

    ReplyDelete
    Replies
    1. // ඇත්තම කිව්වොත් ඔය තුන්දෙනාම කරන්නේ පුංචි ප්‍රෝඩාවක්. තුන්දෙනාට ශේප් මුල්ලක බෝතලයක් ගහලා වැටිලා ඉන්නවා වගේ වැඩක්.//

      අම්මපා ඇත්ත. ඔය බෝතලේට බයිට් වෙන්නෙ අර දෙමල මිනිස්සු ටික.

      Delete
    2. නැහැ බං මුලු රටම

      Delete
    3. සුජීව කොකාවලට අනුව දෙමළ මිනිසාට කිසිම ප්‍රශ්නයක් නැති අතර ඌ තරම් ෂපාන් එකේ සිටින වෙන එකෙක් නැත. කොකාවලට ලොකුම ගැටළුව ඇත්තේ මේ තරම් ෂපාන් පිට ඉන්නා වරප්‍රසාදලාභී දෙමළ මිනිහා තවත් දේවල් ඉල්ලන්නේ මොන කෙංගෙඩියටද යන්නයි.

      Delete
    4. /ඇත්තම කිව්වොත් ඔය තුන්දෙනාම කරන්නේ පුංචි ප්‍රෝඩාවක්./

      සුජීව කොකාවලට අනුව ලෝකයේ සියළුම දෙනා ප්‍රෝඩාවන් කරන අතර එසේ නොකරන්නේ ඔහු හා ඔහුගේ පවුලේ උදවිය බඳු "අහිංසක සිංහල බෞද්ධයින්" පමණෙකි.

      Delete
  5. හොඳම කෑල්ල උපුටාගෙන දාන්න බැලුවත් මුළු කතන්දරයම සුපිරි. උ‍ඹේ අතේ ඩොලර් බඳින්න හිතෙනව!

    ReplyDelete
  6. හැබැයි රජෝ එකක්! ගම්මන්පිලට ගල්බාගෙ ගහන්න වෙන දවසට කසිප්පු කාලක්වත් ගහන්න උඹල අපි ඉතිරිවෙලා ඉන්න එකක් නෑ. ඒකයි දුක!

    ReplyDelete
  7. ඔය මොනා කිව්වත් ආණ්ඩුවේ ලැගල ඉන්න එක උන්ට මහ සැපක්. ඒ සැප ළඟදි කොහිල කටු ඇනෙන එක විතරක් නෙවෙයි කිඹුල කෑවත් උන්ට දැනෙන්නෙ නෑ.

    ReplyDelete
  8. අපූරූ විග්‍රහයක් නොවැ ...
    මල් 7යි ආ...
    හැබැයි ඉන්න හුගක් උන පණුවෝ තමා

    ReplyDelete
  9. ගම්මන්පිල බිබිලක් ඇතුලේ පණුවෙක් තමයි....හැබැයි යම් නිශ්චිත මොහොතක මේ පණුවා ගන්න තීරණය ආණ්ඩුවට තදට දැනෙයි.
    ආණ්ඩුව වට්ටන්න කාට හරි ඔනනම් රාජපක්ෂ රෙජීමයට හෝ මර්වින් සාධකයට පහරදීලා ඒක කරන්න බෑ. එය කළ හැක්කේ මෙවැනි "පණුවන්" මගින් ඇතුළත කුණු කිරීමෙන් පමණයි.

    හොඳ පෝස්ට් එකක්....:)

    ReplyDelete
  10. ගම්මට දේශපාලනය කොරන්න ඔනා නැහැ කොල්ලනේ ....පිට රටක් හොද රැකියාවකට යන්න පුලුවන් කිසි ගේමක් නැතුව...හොර සුදුසුකම් නැහැනේ...යන්න බැරි ...විමල්/මර්වින්ලා තමයි....ගු කාගෙන හො ඉන්න ඔනා.....මේ ව්ග්‍රහය නිකන් හිතේ රුදාවට දාමු එකක්....

    ReplyDelete
    Replies
    1. නියම ඇඩ් එකකි නමුත් බොරුය. ගම්මන්පිළට ඇති එකම දෙය නීති උපාධියයි. නීති උපාධියේ වාණිජ වටිනාකම කෙතෙක්ද යන්න "සර්, ජස්ට් ෆයිව් හන්ඩ්‍රඩ්" කියා පස්සෙන් එන ලෝයර් ගොබිලලා ඇති ට්‍රැෆික් කෝට් එකට ගියාම වටහා ගත හැකිය. හැම රස්සාවකම වගේ නීති ක්ෂේත්‍රයේද උපාධියක් තිබීමම වටිනාකම වැඩි වීමට හේතුවක් නොවේ. ඊට ප්‍රැක්ටිස් එකක්ද එකතු විය යුතුය. කිසිම ප්‍රැක්ටිස් එකක් නැති ගම්මන්පිළට කරන්නට පුළුවන් රස්සාවක් මෙහි හෝ වෙන කොතැනක හෝ නැත. ගම්මන්පිළට බොහෝ ඉදිරියෙන් සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ අනුර බණ්ඩාරනායකට වත් ලෝක බැංකුවේ හෝ එක්සත් ජාතීන්ගේ උපදේශක කමක්වත් ගන්නට නොහැකි විය. මේකා ගැන කවර කතාද? ළිං කටෙන් වැටුණු එකා එයින්ම ගොඩ ආයුතු සේ ගම්මාට ඇති එකම පිහිට ජාතිවාදී දේශපාලනයම පමණෙකි. ඒ නරා වළේ දඟලන්නට නම් මේකාට ඕනෑවටත් වඩා සුදුසුකම් තියේ.

      Delete
    2. නීතිය විතරක් නෙවෙයි එයා බැන්කු පොලු තියන්නත් දක්ශයි

      Delete
  11. අපූරු විග්‍රහයක් :D

    ReplyDelete
  12. Supirima supiri kathava aththa,danatah GAMA nobenne monanavada? --jage ###### ######## ???????????

    ReplyDelete
  13. THIS IS BULLSHIT, HE IS A HONORABLE MAN.

    ReplyDelete
    Replies
    1. ඒකා අවංකනම් මොන මගුලකටද බොල වංචාකාර නායකයෙක්ගෙ රට මංකොල්ලකන කල්ලියේ සාමාජිකයෙක් විදියට ඉන්නෙ.

      Delete
    2. අනේ උගෙ ඔනරබල් කම. මර්වියා මූට වඩා ඔනරබල්. මේකා ඔනරබල් හින්ද වෙන්නෙ ඇති ගෑනු දෙන්නෙක් රන් කරන්නෙ.

      Delete
  14. බොල ගම්මන්පිල කියන්නේ මුලු ලංකාවෙන්ම ඒලෙවල් වලින් පලමු වෙනියා වෙලා, ඕඅස්ට්‍රලියාවේ මොනැශ් සරසවියෙන් ශිෂ්්‍යත්වයක් ලවල නැවත ලංකාවට ආපු කොල්ලෙක්...බොලා ඉතින් ඉරිසියාවටත්..කුහක කමටත් කියන කථා නිසා ඒ උත්තමයට හානියක් වේද.....පුද්ගලයන්ට පනුව කෑරපොත්තතා කිය කිය ඉන්නවට වඩ ඒ පුද්ගලය්ගේ මතවාදය විවේචනය කිරීම නොවෙද බොලව් වැදගත්කම...........

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය කඩාකප්පල් වෙලා අතරමං වෙච්චි මිනිහෙක්. කොමස් වලින් ඒලෙවල් කරල කොම්පියුටර් සයන්ස් කරන්න ගිහින් ඇනගත්ත මැට්ටෙක්.

      Delete
    2. ගම්මන්පිළ 1988දී උසස්පෙළ වාණිජ අංශයෙන් ලංකාවේ පළමුවැන්නා නොව දෙවැන්නා විය එය ඇත්තකි. එසේම ඔහුට මොනෑෂ් සරසවියෙන් ශිෂ්‍යත්වයක් ලැබුණු බවද ඇත්තකි. කවුරුත් නොකියනා ඇත්ත මේ උපාධියත්, නීතිඥ පට්ටමත් හැරුණු විට ගම්මන්පිළට ඇති වෙන මොනම කෙහෙල්මලක්වත් නැති බවය.

      Delete
    3. ඔය ඇනොනිමස් පණුවට මොනාද තියෙන්නෙ?

      Delete
    4. ඒ ලෙවල්වලින් දෙවෙනියා වීමත්, පිලිගත්ත උපාධියත් , නීතී තනතුරත් තිබුනම ...ආයේ වෙන මොකවත් මොටද?....කුහක කම පෙන්නගෙන උඩුබුරන්න ඒපා බොලව්....ඒ මනුස්සයගේ මථවාදේ එක්ක හැප්පියල්ලා...බොරුවට පණුව කිය කිය මඩ ගහන්නේ නැතුව....

      Delete
    5. උගේ මතවාදෙ මොකද්ද බං? දෙමළු සමූලඝාතනය කිරීමද?

      Delete
    6. උඹලා දෙමළු ගැන කෑ ගහනවා, ඒ දෙමළු අතින් මැරුන සිංහලු ගැන කියන්න එකෙක් වත් නෑ. දෙමළුන්ට මාර අසාධාරණකම් වෙනවනම් මුල්ලකට වෙලා කෑ ගහන්නෙ නැතුව උදව් කරපල්ලකො.

      Delete

    7. මොනෑශ් ගිහින් බිස්නස් කරන්න ගිහින් බැංකු නය අරන් පොලු තියලා දැන් නඩු නැතිව වේලෙන මිනිහා ලංකාවෙන් දෙක වුනේ කොහොමද?

      Delete
  15. හතර වරං ගම්මන්පිල - බැලුන් එකෙන් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ - පුවක් මල් කිනිත්තෙන්....//

    රැප් හිපොප් රෙගේ තාලෙට - රිමික්ස් කල පිරිත් වතුර
    B&S උපාසකයො අන්න ඉහිනවා.....
    පංච මහා බලවේගේ සාදු කියනවා
    බ්ලූමැන්ඩල් කුණු කන්දම පිරිත් කරනවා.....

    කන්ඩ නැති උනත් වේලට - දෙන්නෙ ඔබාමට සම්බුව
    නරිවාදම් කාරයො ටික - අන්න තෙමෙනවා.....
    කුඩු බිස්නස් රේස් බුකී - වැසිකිලි කැසිකිලි එක්කම
    පල්වුනු කුණු කාණු වතුර - පිරිත් කෙරෙනවා.....

    හිස් බැලුම් වගේ පාවෙන ඇමතිකම් නිසා පුතුනේ
    ලාබ පිරිත් පැන් අහසින් ඔන්න වඩිනවා....
    අන්න පුතේ කඩුත් එක්ක හොරුත් තෙමෙනවා
    අන්න බලන් පුතුනේ සුදු වෑන් තෙමෙනවා....

    හතර වරං ගම්මන්පිල - බැලුන් එකෙන් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ - පුවක් මල් කිනිත්තෙන්....//

    from - http://www.hurulla.com/2012/03/blog-post_30.html

    ReplyDelete
  16. හෙල උරුමය කියන්නෙ සන්ධාන ආණ්ඩුව නෙමෙයි යකෝ. ඒක තමුන්ගේ වෙනම දර්ශනයක් තියෙන වෙනම පක්ෂයක්. මේ රට මේ තරමින් හෝ රැකිල තියෙන්නෙ හෙල උරුමය නිසා. කුහක වෙන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. අනික මර්වින් කියන්නෙ ආන්ඩුව වෙන්නෙ කොහොමද? එතකොට සිරිල් මැතිව් කියන්නෙ ඒකාලෙ තිබ්බ UNP ආන්ඩුවද? ගොං කතා කියන්ඩ එපා

      Delete
    2. ඇත්ත. හෙළ උරුමය යනු සන්ධාන ආණ්ඩුව නොවේ. සන්ධාන ආණ්ඩුව මඩ ගොඩක් නම් හෙළ උරුමය යනු ඒ මැද ඇති බලු වසුරු ගොඩකි. මඩ නම් ටිකක් ගෑවුණත් කමක් නැත. අනෙක අපේ රටේ තිබුණු ආණ්ඩු දෙස බලන විට සන්ධාන ආණ්ඩුවේ අමුතු නරකක් මට නොපෙනේ. නමුත් අර වසුරු ගොඩෙන් පරෙස්සම් වීම යෙහෙකි.

      Delete
    3. හෙල උරුමෙ රට රැක්කෙ කොහොමෙයි කියහන්කො?

      Delete
  17. 2027 දි අරක්කු බාගයක් කීයක් විතර වෙයිද බං?

    ReplyDelete
  18. ගම්මන්පිළ නම් පුද්ගලයාගේ ජඩකම් ඔබට හඳුනා ගැනීමට හැකිවී ඇතද මේ විග්‍රහයේ අඩුවක් මට පෙනෙයි. මගේ කියැවීම මෙසේ සටහන් කරමි.

    රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගැනීම අපහසු නොවේ. මේ වැඩවසම් යුගයේ අපට පුරුදු රදළ පාලනයයි. රදළ නායකයා විසින් සියල්ල තීරණය කෙරේ. අනෙකුන්ට අදාළ නීති පද්ධති ඔහුට අනදාළය. ඔහු ඊට උඩින් හිඳ තමන්ගේ යටත් වැසියන්ගේ අනාගතය තීරණය කරයි. යටත් වැසියාට ඊට චැලෙන්ජ් කිරීමට නුපුළුවන. ඕනැකමක්ද නැත. තමන්ගේ මොළයෙන් කෑල්ලක් ඉවත් කළ විට දක්වන හැසිරීම යටත් වැසියෝ මේ ආණ්ඩුව කෙරෙහි දක්වති. ඔවුන්ට යමක් වෙනස් කරනවාට වඩා මෙසේ ජීවත් වී මෙසේ මිය යෑම පහසුය. (ධර්මසිරි බණ්ඩාරනායකගේ "බව දුක" හා එහි එන රදළයා සිහියට නඟා ගන්න.)

    මර්වින් ද සිල්වා හඳුනා ගැනීමද අපහසු නොවේ. ඔහු රදළයාගේ අතවැස්සෙකි. මේ අතවැස්සා යටත් වැසියා තුළින් ඉපිද යටත් වැසියාටම එරෙහිව රදළයාට දාසකම් කිරීම තුළින් තම පැවැත්ම තහවුරු කර ගන්නෙකි. ඔහු පද්ධතියට ආගන්තුකයකු නොවේ. පද්ධතියේම කොටසකි. මෙනිසා මර්වින් ගෙන් තොර ආණ්ඩුවක් සේම ආණ්ඩුවෙන් තොර මර්වියකුද නැත. (නැවත ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගෙ කතාව' සිහියට නඟා ගන්න. මර්වින් යනු රොමියෙල්ය.)

    එතකොට කවුද උදය ගම්මන්පිළ? ඔහු ආණ්ඩුවේ කොටසක්ද නැද්ද?

    ගම්මන්පිළගේ භූමිකාව මින් පහත එකක් විය යුතුය.

    1. (දේශපාලන වශයෙන්) රදළයාගේ සුජාත පුත්‍රයෙක්
    2. (දේශපාලන වශයෙන්) රදළයාගේ අවජාත පුත්‍රයෙක්
    3. මර්වින් වැනිම දාසයෙක්

    මෙහි තෙවැන්න විය නොහැකිය. එක්තරා මට්ටමකට ගම්මන්පිළට රදළයාගෙන් තොරව පැවැත්මක් තිබේ. (මර්වින්ට එසේ නොවේ.) නමුත් අනෙක් අතට ගම්මන්පිළ යනු රදළයාගේ සුජාත පුත්‍රයකුද නොවේ. සුජාත පුත්‍රයකුට හිමිවන වරප්‍රසාද ඔහුට හිමිව නැත. (මෙහි සුජාත පුත්‍රයා කියන්නේ ජීව විද්‍යාත්මක අර්ථයෙන් නොවේ. නමුත් ගම්මන්පිළට අඩු තරමින් සජින් වාස් ගුණවර්ධනලාට ලැබෙන වරප්‍රසාදවත් හිමිව නැත. ලොක්කාට ගම්මන්පිළ නිකම්ම නිකම් සොක්කෙකි.)

    මේ නිසා ගම්මන්පිළට ගැළපෙනම භූමිකාව රදළයාගේ අවජාත පුත්‍රයෙක් යන්නය. එවිට මේ සිදුවීම් මෙසේ පැහැදිළි කළ හැකිය.

    ගම්මන්පිළ (මර්වින්ට) : හූ හූ, උඹ ලොක්කගෙ දාසයෙක්.
    මර්වින් (ගම්මන්පිළට) : දාසයෙක් උණාට කමක් නෑ, බං උඹ ලොක්කගෙ හොර ෂොට් එකක්.

    පැහැදිළියි නේද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලියි! අපූරුයි! තමාගෙම බ්ලොගයකුත් කෙටුවනම් තමයි හොඳ...!

      Delete
    2. උදය ගම්මන්පිළ මහින්ද රාජපක්ෂගේ (දේශපාලන වශයෙන්) අවජාතක පුත්‍රයාය නම් වූ මගේ තියරියට මේ ටිකද එක් කරමි.

      2005-6 අතර කාලයේදී රටේ බොහෝ දෙනකු සේම මාද සිටියේ මීට ඉඳුරා වෙනස් ස්ථාවරයකය. එනම් - මෙහි අනෙක් පැත්ත - රාජපක්ෂ යනු ජාතික හෙළ උරුමය බඳු වර්ගවාදී බලවේග වල අවජාත පුත්‍රයාය යන මතයේය. (මෙසේම මීට දශක කිහිපයකට පෙර බණ්ඩාරනායක එවැනිම වර්ගවාදී බලවේග කිහිපයක අවජාත පුත්‍රයා විය.) මෙසේ නිගමනය කරන්ට හේතූන් විය. යුද්ධයට පෙරමුණ ගැනීමේදී හෙළ උරුමය හිටියේ රාජපක්ෂට ඉදිරියෙනි. හෙළ උරුමය ලීඩ් එක දුන් අතර රාජපක්ෂ පෙණුනේ තම අකැමැත්තෙන් බලෙන් ඊට ඇදගෙන යන කෙනකු විදියටය.

      නමුත් කවුරු ලීඩ් කළාද කවුරු ෆලෝ කළාද වැටහෙන්නේ දැන්ය. උදාහරණ අවශ්‍ය නම් ජාතික හෙළ උරුමය 2004දී නිකුත් කළ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගන්න. මෙහි පොයින්ට් දොළහක් තිබුණේය. (කෙටියෙන් සඳහන් කරමි. මේවායේ වැදගත්කම අදාළ පිළිවෙලටය සිතමි.)

      1. "අන්‍යාගමිකකරණය" නතර කිරීම
      2. යුද්ධය අනුමත කිරීම
      3. සිංහල උරුමය සුරැකීම
      4. ධර්ම රාජ්‍ය පිහිටුවීම
      5. රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය කටයුතු පාලනය/නිරීක්ෂණය
      6. ග්‍රාම රාජ්‍ය බිහි කිරීම
      7. පරිසරය සුරැකීම
      8. "දේශීය" අධ්‍යාපනික ප්‍රතිපත්ති
      9. ජාත්‍යන්තර බෞද්ධ සබඳතා
      10. ධර්ම සංගායනා පැවැත්වීම හා "භික්ෂු වංශය" පොත ලිවීම
      11. කාන්තාවන්ට තැන දීම
      12. මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම

      මෙහි 7,8, 11, 12 හෙළ උරුමයට පමණක් නොව ඕනෑම පක්ෂයකය කිව හැකි නිසා අමතක කරමු. 2 රාජපක්ෂ හයිජැක් කළේය. 4 තේරෙන්නේ ඔවුන්ටම පමණෙකි. ඒ දෙකත් නොසලකා හරිමු.

      නමුත් 1, 3, 5, 6, 9 හා 10 න් නිරූපනය වන ජාතික හෙළ උරුමයේ core principles වලට මක්වූයේද? අද ඔවුන් උස්සාගෙන යන්නේ මේ ප්‍රතිපත්තිද, නැතිනම් මහින්ද රාජපක්ෂ විසින් ඔවුන් මත පැටැවූ වෙනත් ප්‍රතිපත්ති වගයක්ද? කෝ අර අන්‍යාගමිකකරණ විරෝධය? කෝ අර NGO විරෝධය? මේ තරම් නිදන් හොරකම් සිදුවෙන යුගයක කෝ අර උරුමය සුරැකීමේ ප්‍රතිඥාව?

      ගම්මන්පිළලා යනු අද මහින්ද රාජපක්ෂ (දේශපාලන වශයෙන්) පිටකළ ශුක්‍රධාතු ටිකක ප්‍රතිඵලයක්ය කීමට තවත් සාධක අවශ්‍යද?

      Delete
    3. AnonymousMay 30, 2012 12:27 PM

      Is this TABOO??

      Delete
    4. හරියට හරි. දැන් මූ ඉන්නෙ වතුපිටිවල පැත්තෙ

      Delete
    5. ටැබූ, ආයිත් ලියන්න පටන්ගනින් යකෝ!

      Delete
    6. "ධර්මසිරි බණ්ඩාරනායකගේ සුද්දිලාගෙ කතාව"????
      සයිමන් නවගත්තේගමගේ සුද්දිලාගෙ කතාව!

      Delete
  19. මෙච්චර කල් මිස් වෙලා මේ බ්ලොග් එක.. අපරා‍දේ..

    උබ මම වගේ සුදු වෑන් නොතකා ලියන එකෙක්.. ජය !!

    ReplyDelete
    Replies
    1. "උබ මම වගේ සුදු වෑන් නොතකා ලියන එකෙක්"
      අනේ යකෝ! උඹ වගේ ඔටුවෙක් කොහොමද චාමි වගේ එකෙක් එක්ක ගලපන්නේ!

      Delete
  20. AnonymousMay 30, 2012 12:27 PM - මෙන්න ටැබූ

    ReplyDelete
  21. හරි ජොලි කතාවක් හික් හික්

    ReplyDelete
  22. ආණ්ඩුවේ වගේම විපක්ෂෙත් හැමෝම මර්වින්ට බයේ කට වහගෙන ඉන්නකොට ගම්මන්පිල ඌව විවේචනය කිරීම හොඳ දෙයක් නෙවේද ?

    ReplyDelete
    Replies
    1. මර්වින්ටනම් ගමේ ගොඩේ සොපි අක්කත් බනිනවා
      පුලුවන් නම් බැනපල්ලකෝ මර්වින්ව තියන් ඉන්න ලොක්කට

      Delete
  23. සරල ප්‍රශ්නයක් අහන්න කැමතියි චාර්මිගෙන්,

    ඇයි ගම්මන්පිලටයි චම්පික රණවකටයි ඔය තරම් බය???

    මම මේ අහන්නේ මර්වින් ගැන නෙවෙයි. කතෝලික සම්බන්ධය ඇති.. එහෙත් එය සඟවන, UNP කාඩරයන් වශයෙන් කඹුරා රැකියා ගත්.. එහෙත් එය නොකියන, NGO හරහා ගම්වලට ලැබුනු ව්‍යාපෘති රස දැනුනු.. එහෙත් එය රස විඳි බව හෙලි නොකරන, චාර්මි ඇතුළු කුලකයෙන්.......
    ඇයි අර දෙන්නට ඔය හැටි බය?

    ReplyDelete
    Replies
    1. කතෝලික ක්‍රිස්තියානි හොර සම්බන්දයක් තිබෙන්නේ චාර්මිටද චම්පික රණවකටද
      ඔස්කා අබේරත්න ගෙන් අහල බැලුවොත් කියාවි චම්පික බෞතීස්ම වුන විදිය

      Delete
  24. සුපිරි විග්‍රහය බන් . . . පෝස්ට් එක වගේම පුපිරියි ඇනෝගේ විශ්ලේෂණයත් . .

    ReplyDelete
  25. ගම්මන්පිල හ සිහළ උරුමය නොම්මර එකේ අවස්ථාවාදීන් බව වටින් ගොඩින් නිව්ස් ලැබෙමින් පවති..

    ReplyDelete