Friday, July 27, 2012

පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය... (ස්වයං රැකියා අත්වැල - 01 කොටස)


මා විසින් හඳුන්වා දෙන නවතම විශේෂාංගය ‘ස්වයං රැකියා අත්වැලයි’. මෙය ඔබට නිවසේ සිටම සැලකියයුතු ආදායමක් ලබාගැනීමට අවස්ථාව සලසනු වස් නොමිලයේ සපයන සේවාවකි. මුදල් එපා. තුටු පඬුරු එපා. ‘කියවීමෙන් පසු’ කැමතිනම් හිට් එකක් පමණක් ලබාදෙන්න. (අකමැති නම් ඒකත් එපා)

අද හඳුන්වා දෙන්නේ ලංකාව තුල කවදත් ජනප්‍රිය ‘ගුප්ත විද්‍යා’ ක්ෂේත්‍රයට සම්බන්ධ ‘පුනර්භව පර්යේෂකයෙක්’ වන ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය

·        විකාර කියවන පොඩිඑවුන්  1 යි.
·        උගෙ අම්මා නමැති එලදෙන සහ තාත්තා නමැති එලගොනා  (1 බැගින් සෑහේ)
·        හූමිටි තැබීමට ලංකාවේ සමකාලීන බුද්ධාගම ගැන ප්‍රමාණික දැනුමක් සහිත වයසක උපාසක මහතුන් හතර පස් දෙනෙක්.
·        බාහිර අලංකරණය සහ ප්‍රචාරක කටයුතු සඳහා හතර පෝයට සිල් ගන්න උපාසිකා මාතාවන් හත් අට දෙනෙක්
(මෙම උපාසක උපාසිකාවන් සොයාගැනීමට වෙහෙසිය යුතු නැත. ඉහත සංඛ්‍යාවන් ලෙස දක්වා ඇත්තේ ආරංචිය ලැබී පැමිණෙන තුන්හාරසීයෙන් ඔබ තෝරාගත යුතු සංඛ්‍යාවයි.)
·        තරමක් වයෝවෘද්ධ හාමුදුරුනමක් හෝ දෙනමක් (මාධ්‍ය ප්‍රකාශක කටයුතු සඳහා)
·        ලංකාදීප/දිවයින හෝ රන්දිව යන පුවත්පත් වලින් එකකට ලියන (හෝ මලවන) මාධ්‍යවේදියෙක්. (කලබල වෙන්න එපා. මේක හිමීට කරගත හැකිය)
·        රුපියල් දහපාලොස්දහක මුදලක් සහ ඩොල්පින් වෑන් එකක්. (මරුටියක් වුව මේ සඳහා සුදුසුය - සුදු පැහැති වාහන භාවිතා කිරීමෙන් වලකින්න)
    
පර්යේෂණය කරන ක්‍රමය

ඔබ මුලින්ම කලයුත්තේ විකාර කියවන පොඩි දරුවා නිවැරදිව තෝරාගැනීමයි. මෙ සඳහා සමාජයේ සාමාන්‍ය ආරංචිමාර්ග භාවිතා කල හැකිය. මෙම දරුවාගේ වයස අවුරුදු නමයක් හෝ දහයක් වීම ඉතා සුදුසුය. එකේ පන්තියේ සිටම දහම්පාසල් යැවූ දරුවෙකු ‍තෝරා ගැනීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබේ.

ඔබ මුලින්ම සොයා ගත යුත්තේ මේ දරුවා කුඩා කලදී කියා ඇති මඥ්ඤං කතාවකි.

සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු වයස අවුරුදු පහ හය ඉක්මවීමට පෙර මෙවන් කතා දෙක තුනක්වත් කියන අතර එයින් වඩාත් ගැලපෙන කතාව තෝරා ගැනීම ඔබේ දක්ෂතාවයයි. උදාහරණයක් ලෙස.....

“තාත්තියි මායි කාර්එකේ යද්දි ජෝ එකකට වැටුනා”
“ඉස්සර මං උඩී.....න් ඉගිල්ලුනා”
“අපේ ගේ තිබුනෙ කන්දක් උඩ...”
“මං පන්සලක නයෙක් වෙලා හිටියා...”

දැන් මෙයින් ඔබ තෝරා ගත යුත්තේ සිව්වැන්නයි. මන්ද යත් ජෝ වලට කාර් වැටුනු සිද්දි ඉතා අල්පය. උඩින් ඉගිල්ලුන උං ගැන සෙවීමට නම් ඉගිල්ලෙන්නම සිද්දවේ. කඳු උඩ ගෙවල් කාටවත් ඉන්ටරස්ටින් නැත. අන්න ඒකට හතරවෙනි එක. බලන්න.... “පන්සලක...” “සුදු නයෙක්...” කෙතරම් සිත් අලවන සුළුද?

දැන් ඔබ මුලින්ම සමීප විය යුත්තේ අර එළදෙනටය. එළ ගොනා වරින්වර ඔබට රැවීමට ඉඩ ඇති බැවින් මදක් ප්‍රවේශම් වීමට වගබලාගන්න.

ඔබ මුලින්ම කල යුත්තේ දරුවා ගැන මෛත්‍රී බෝධිසත්ව වර්ණනාව පරදන වර්ණනාවක් දීමයි. ඒ සඳහා මූණේ පිං පාට, කොණ්ඩයේ සුළිය, ඇස්වල හැඩය, බෙල්ලේ රැලි, දත්වල හැඩය වැනි විශේෂතා භාවිතා කල හැකිය. ඉන් අනතුරුව විමසිය යුත්තේ අවුරුද්ද හමාරේදී දරුවා නැගූ ශබ්ද සහ කල ක්‍රියාකාරකම් ගැනයි. සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු මේ වයසේදී “ෂූ...ෂූ...” “බෲස්...බෘස්...” “ජියා...ජියා...” වැනි ශබ්ද නගන අතර ඉන් ගැලපෙන ශබ්දය තෝරා එහි ආත්මීය සම්බන්ධය අර එලදෙනට කියා දිය යුතුය. මෙම කියාදීම අර උපාසක උපාසිකාවන්ද සිටින තැනදීම කල යුතු බව සලකන්න. නැතිනම් අර එලගොනා වැඩේට නම්මා ගැනීම මේ කපේදී කල නොහැකි වනු ඇත.

දැන් පලමු පියවර අවසන්ය. ඔබට සති තුනක නිවාඩුවක් ගත හැකිය. ඒ නිවාඩුව අතරතුර අර එලදෙන සහ උපාසක පිංවතුන් දරුපැටියා වටකරගෙන ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරඟය කරනු ඇත.

“ඔයා ගිය ආත්මෙ පන්සලක සුදු නයෙක් වෙලා හිටියද පුතේ.....?”
“ඔව්”
“පන්සලක මොන පාට නයෙක් වෙලාද හිටියෙ...?”
“සුදුපාට...!”
“හා.. කොහෙද හිටියෙ..?”
“පන්සලක...!”
“මොකෙක් වෙලාද හිටියෙ..?”
“නයෙක් වෙලා...!”
“කවද්ද හිටියෙ.....?”
“ගිය ආත්මෙ....!”
.............................
“අනේ.. බලන්ඩ මේ දරුපැටිය පෙර ආත්මෙ කියන අපූරුව.....? සංසාරේ... සංසාරේ.....!!”

සති තුනකින් ඔබ නැවත එන විට වැඩේ පත්තුවී ඇති බව දැකගත හැකිවනු ඇත. ඉන් අනතුරුව ඇත්තේ ඔබේ කඩඉම් ප්‍රශ්න වටයයි.

“කොහෙ පන්සලේද පුතේ.....?”
සාමාන්‍යයෙන් දරුවා මෙයට කිසිවක් නොකියයි.
“පුතා කියන්ඩකො.. කොහෙද ගම?.... ගම....?? අනුරාදපුරේද... පොලොන්නරුවෙද.... සෝමාවතියෙද... රැස්වෙහෙරෙද....???”
“අනුරාදපුරේ.....”
“අනුරාදපුරේ කියන්නෙ ලොකූ පලාතක්නෙ පුතේ.... අනුරාදපුරේ කොහෙද?”
“......................”
“පුතාට මතක නැද්ද.... කල්පනා කරන්ඩකො..... මුල් අකුරුවත් මතක නැද්ද? කොහොමද පටන්ගන්නෙ.... ‘මැදි’ කියලද? ‘උස්’ කියලද..? මොකද්ද?”

මෙහිදී අර එලදෙන ඉදිරිපත්වනු ඇත.

“මෙයා චූටි කාලෙ නිතරම ‘ගැට’.... ‘ගැට’ කියලනං කියනවා......”
“ගැට......? ගැටහැත්ත? ගැටඋලාව?... ගැටගත්තාව...??.... ම්.... ගැටමාන්නද?”
“ඔව්....!!”

ඔබ දිනුම් කියා හිතාගන්න. දැන් ඉතින් අර පොඩිඑකා විසින් සත්තුවත්තේදී දැක ඇති කළු නයා සහ, දහම් පාසල් පොතේ ඉන්න කරුණාබර සුදු නයා එකට පටලා මාර නයෙක් නිර්මාණය කරනු ඇත. ඔබට ඇත්තේ එම නයාට තියරි සපයා අර ගොනාගේ පණ්ඩිත මිතුරන්ට පිළිතුරු දීමයි.

“මේ පුතා කියන්නෙ එයා ඒකාලෙ පලතුරු විතරයි කෑවෙ කියලා....?” (පොඩි එවුන්ට කොහොමත් කුරුමිණියන්/ගෙම්බන් අපුලය)

“වෙන්න පුළුවන් නේද?... ඕකට සංසාරෙ පුරුද්දනෙ බලපාන්නෙ... කොහොමත් ඊළඟ ආත්මෙ මනුස්සයෙක් වෙන්න තරම් මෙයා පින් පුරලනෙ ඉන්නෙ....”

“නයින්ට කන් ඇහෙන්නෙ නෑ නේද...? අනික භාෂාවක්...” (පොඩි එකා ඕව දන්නවයැ)

“අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද?”

---------------------------------

ඒ අවසන් වූයේ දෙවන පියවරයි. 
දැන් අර ඩොල්පින් රථය අවශ්‍යවන වේලාවයි. ඔබ කලයුත්තේ දිනයක් යොදාගෙන අර ගොන්බානද, දරුපැටියාද, උපාසක නඩයේ හය දෙනෙක්ද, මාධ්‍ය ප්‍රකාශක හාමුදුරුනමක්ද කැටුව හරියටම පාන්දර පහට පිටත්වී ගැටමාන්න නගරයට ආසන්නයේ ඇති පන්සලකට යාමයි. හාමුදුරුවන් වහන්සේ මිදුල අමදින වේලාවට එතැනට යාම ප්‍රමාණවත්ය.

ඉන් අනතුරුව ඔබ කලයුත්තේ අර මාධ්‍ය ප්‍රකාශක හාමුදුරුවන් ලව්වා උන්වහන්සේගෙන් ‘සුදු නයෙක් මැරිච්ච පන්සලක්’ ගැන විමසීමයි. (මෙහිදී කතාබහ මැදින් “පුනර්භව පර්යේෂණ” යන වචනය යෙදීමට ඔබ වගබලාගන්න.) පැය බාගයක් තුල එම පන්සලේ දායක සභාවෙන් සීයට තිස්පහක් පන්සලට රැස්වෙනු ඇත. ඉන් අනතුරුව ඔබ ආපසු හැරී ආවත් කමක් නැත. වෑන් එකේ ගිය කට්ටිය ඉතිරි හරිය තනිවම කරගනු ඇත.

එදින සවසම ඔබ කල යුත්තේ අර මාධ්‍යවේදියා සොයා ගැනීමයි. මෙය ඉතා සරළය. පෙර සඳහන්කල තුනෙන් කැමති පත්තර කන්තෝරුවක මොබයිල් නොම්මරයක් හොයාගෙන පහත එස්.එම්.එස්. එක යවන්න.

giya aathme sudu nayek wela hitapu lamayek innawa. Wisthara one nam amathanna

ඔබට සාමාන්‍යයෙන් ප්‍රති ඇමතුමක් නොලැබෙන අතර පසුදා පාන්දර හතරටවත් අවදිවී මූණ කට සෝදා පිලිවෙලකට ඇඳ පැළඳගෙන සිටිය යුතු වනු ඇත. හරියටම හයයි තිහ වන විට වාහන දෙකකින් පැමිණෙන දොලොස් දෙනෙකු කිසිදු කතාවක් නැතිව ඔබ ඔසවාගෙන දුවගොස් වාහනයකට දමාගන්නා අතර වහාම ප්‍රධාන පාරට හැරෙන තැනට ගොස් නවත්වා මෙසේ අසනු ඇත.

“රයිට්.... කොයි පැත්තටද යන්ඩ ඕනෙ....?”

------------------------------

අත්දුටුවයි..! ප්‍රත්‍යක්ෂයි...!!

තවත් දින කිහිපයක් තුල ඔබ නමගිය “පුනර්භව පර්යේෂකයෙක්” වනු ඇත. ඉන් අනතුරුව ඒ මුලට “ආධ්‍යාත්මවේදී” “වෛකල්පිත සංසාර ගවේශක” වැනි තනතුරු ඕනෑම ප්‍රමාණයක් එක්කර ගැනීමට ඔබට හැකි අතර, ඉන් පසු ඔබේ දක්ෂතාවය මත අවශ්‍ය තරම් ඉහලට යාමට ඔබට හැකිවනු ඇත. එහෙම උනු දාක මේ චාමිව අමතක වෙන එකක් නැති බවද සිතමි.

ඔබගේ වැඩිදුර අධ්‍යයනය සඳහා මේ ආකාරයේ ප්‍රකට පුනර්භව පර්යේෂණ පත්‍රිකාවක ලින්කුවක් පහලින් යොදා ඇත. එහි බොහොමයක් කමෙන්ට් ශාස්ත්‍රීය භාවයෙන් පහත් බැවින් ඒවා කියවීමෙන් වලකින ලෙසද ඉල්ලමි.

අම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේපුනරුත්පත්තිය

101 comments:

  1. අනේ මන්ද මම ඊයෙ ඔය නිව්ස් එක දැක්ක. මටත් හිතුනේ මුං මොන වගේ බූරු නඩයක්ද කියලා. බුදු දහමේ මම දන්න තරමින් පුනරුත්පත්තියක් ඇත්තේ නැහැ. පුනර්භවයක් නම් තිබෙනවා. ඒ මෙහෙම ගෙඩිය පිටින් ගිහින් වෙන තැනක පහල වෙන දෙයක් නෙමේ. මනෝ කාය, පුනරුත්පත්තිය වගේ දේ කොහෙන් ආවද කියලා හිතන්න අමාරුයි. අනික බුදු දහම තියන රටක.
    ඔබ හරි එළ ගොන්නු ටිකකුයි, එළ හරකෙකුයි, ඔය අනිත් අඩුම කුඩුම ටිකකුයි ඇත්නම මේවත් වැඩද?

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ, ආත්මය ගෙඩි පිටින් නෙවෙයි නම් ලෙල්ල ගහලද ඊළඟ "භවයට" යන්නෙ? පොත පතේ ලියල තියෙන දේවලට අමතරව එහෙම වෙනවා කියල එකම සාධකයක් හරි දෙන්න පුළුවන්ද? ඔහෙත් මේ මිථ්‍යාවෙම කොටසක් තමයි, බොරු "පොර ටෝක්" දුන්නට.

      Delete
    2. මචං ඇනෝ මේ වෙදා පුනර්භවය ඇත්ත කිව්වාම එතන ගිහින් ඒකටත් ඔව් කියනවා. මේ වගේ ලිව්වාම මෙතන ඇවිත් මේකට ඔව් කියනවා. අම්මෝ මෙයාගෙන බෙහෙත් ගන්නත් බයයි.

      Delete
    3. @AnonymousJuly 27, 2012 12:21 PM,

      ඇත්ත තමයි. එයාට ලොකු උවමනාවක් තියෙනවා එයා මහා ලොකු "ශාස්ත්‍රීය", "විද්‍යාත්මකව හිතන" පොරක් කියල පෙන්නගන්න. හැබැයි මෙයත් ඒලියන්ත වයිට්, සූරියප්පෙරුම, නලින් ද සිල්වා සෙට් එකේම කෙනෙක් තමයි. "විද්‍යාත්මක" කියන වචනෙ තේරුම වත් දන්නෙ නෑ. එකම වෙනස අර කලින් කියපු අය මහින්දට කඩේ යනකොට මෙයා නොයෑම.

      Delete
    4. පොතේ තියන සාධක කියන්නේ... මම නම් දන්න පොත් තමයි ත්‍රිපිටකය. කැමති නම් බලන්න මජ්ජිම නිකායේ තියන මහා තණ්හාසංඛ සූත්‍රය. කියවලා තේරුම් ගන්න. එයිට වඩා පොතේ නැති සාධක දෙන්න ගියොත් නම් ඔය පත්තරේ කියලා තියන බූරුවන් ගානටම වැටෙනවා. මහත්තයා මගේ මිත්‍යාව මම බලා ගන්නම්.

      Delete
    5. අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ මහත්තයෝ, ඔයත් මෙහි සඳහන් අයගේ වර්ගයේම කෙනෙක් තමයි. :-)

      ඔයා මිථ්‍යා විශ්වාස තියා ගත්තාට අපට කමක් නෑ. පඬි ටෝක් දිදී අනුන්ට පොවන්න යන්න එපා. ඔයා වගේ පිරිස් අනිතමට නතර වෙන්නේ පරම්පරා පිරින් මෝඩයින් කරලා.

      Delete
    6. මහත්තයෝ. තව එකක් අහන්න තියෙනවා. හැම පොතකම තියෙන හැම දෙයක්ම ඇත්තද? එහෙම නැත්නම් පොත්වල තියෙන දේවල් වලින් ඇත්ත/නැත්ත වෙනස් කරලා හඳුනා ගන්නේ කොහොමද?

      Delete
    7. To the ano that has replied:

      You are referring to Christianity, Islam, Hinduism and various other "Athma" related religions. Buddhism denies such an "Athma" hence the term "Anathma". Please have your facts right before criticizing someone, even a perv like this Weda.

      Delete
    8. @AnonymousJuly 27, 2012 12:53 PM,

      Don't get confused with terms. Strictly speaking, any religion that speaks about rebirth of any sort cannot be 'anathma' (soul-less). If there is no soul there cannot be a rebirth. The life ends with death. If that is what Buddhism says (which I don't think) that is perfectly acceptable with science.

      "I regard the brain as a computer which will stop working when its components fail. There is no heaven or afterlife for broken down computers; that is a fairy story for people afraid of the dark,"

      - Stephen Hawking

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. AnonymousJuly 27, 2012 1:17 PM:

      I don't agree. The term Anathma in Buddhism is defined in the most detailed manner, so detailed that one can even suspect the influence of Hinduism on the terminology in Buddhism. Anathma can be loosely analogous to something like the set of frames in a film reel you perceive as one continuous video.

      Disclaimer: I'm not a Buddhist, and I rely on what you've quoted from Stephen Hawking. I don't believe in afterlife. Just wanted to counter these idiots who use such a valuable set of preaching as Islam.

      Delete
    11. *Disclaimer: I'm not a Buddhist, and I rely on what you've quoted from Stephen Hawking. I don't believe in afterlife. Just wanted to counter these idiots who use such a valuable set of preachings as Buddhism, as Islam or Christianity.

      Delete
    12. /The term Anathma in Buddhism is defined in the most detailed manner/

      May I know that definition?

      Delete
    13. AnonymousJuly 27, 2012 12:17 PM
      ලත් තැනම ලොප් වුනානේ, බුදු දහමේ කොහෙද කොල්ලො ආත්ම සංකල්පයක්

      Delete
  2. ඔන්න කරනවානම් විදිය ..

    ReplyDelete
  3. චාමි මේ වගේ රැකියා හුරු කරන එක හොඳයි. එතකොට සක්විතිලා වෙනුවට මේ වගේ රස්සාවක් හරි කරගෙන ඉඳියිනේ බ්ලොග්කාරයෝ...
    :D

    ReplyDelete
    Replies
    1. ඒකෙත් මැක්කා :)

      Delete
    2. misinussu ithaliyata edala keeyak hari gaaaana kapa ganna eka meeta weiydia sondai neda anee puvera passa?

      Delete
  4. බුද්දාගම බොරුයි කියන මැක්ක නං දිලිසි දිලිසි ඉන්නව

    ReplyDelete
    Replies
    1. සියළු ආගම්වල වැඩි හරියක් ඇත්තේ මිථ්‍යාවන්ය. යම් ආගමකය "බුදු" කියන විශේෂණ පදය එක් වූ පමණින් ඒ ආගම මිථ්‍යාවන්ගෙන් විනිර්මුක්ත නොවේ.

      Delete
    2. patta aththa.

      Delete
    3. [සියළු ආගම්වල වැඩි හරියක් ඇත්තේ මිථ්‍යාවන්ය. යම් ආගමකය "බුදු" කියන විශේෂණ පදය එක් වූ පමණින් ඒ ආගම මිථ්‍යාවන්ගෙන් විනිර්මුක්ත නොවේ]

      විද්‍යා ආගමේ තලිබාන් භාවය!

      Delete
    4. @අන්තිම ano
      ෂුවර්ද?

      Delete
    5. ඇයි, සුවර් නෑ වගේ ද?

      Delete
    6. ෂුවර් කියල පේන්නෑ!

      Delete
  5. එල! ලෙසටම ලියල තියනව.
    අර අවශ්‍ය ද්‍රව්‍ය ලිස් එකට විද්‍යාව දන්න කෙනෙක්(බී ඇස් සී උපාධිධාරියෙක් නං වඩා හොඳයි) හිටියනං කවුරු කොහොම ප්‍රශ්න ඇහුවත් විද්‍යාවෙන් පැහැදිලි කරන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. BSC ඕනෙ නෑ රාජ්. දොරමඬලාව සාර සංග්‍රහයට පිංසිද්ද වෙන්ඩ දැං වෙනකොට කවුරුත් වගේ විද්‍යාව දන්නවා.

      Delete
    2. බහුශෘත බව පෙන්නන ට්‍රයි කරන ඇනෝ කෙනෙකුත් එක්කහු කරගත්තනම්!
      -Gamaya-

      Delete
    3. පොර වෙන්ඩ දඟලන ආයුර්වේද වෙදෙකුත් ඕනැ.

      Delete
  6. බුදුගුණ ගස් ගල් වලටත් දැනෙනවා. ඒක තිරිසනෙකුට කියල නොදැනී තියෙන්ඩ බැහැ. බුද්ධ දේශනාව මෙහෙම ඇස්පනාපිට සත්‍ය බවට ඔප්පු වෙද්දි මැවුම්වාදී ‍බොරුකාරයින්ට තමයි කෙලවෙන්නෙ. අන්න එතකොට තමයි උඹලට කැසිල්ල හැදෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. /බුදුගුණ ගස් ගල් වලටත් දැනෙනවා./

      ප්‍රාථමික හෝ ස්නායු පද්ධතියක් නැති වස්තුවකට "බුදු ගුණ" හෝ වෙන කිසි ගුණයක් හෝ "දැනෙන්නේ" කෙසේදැයි පහදා දුන මැනැවි.

      Delete
    2. ස්නියු පද්ධතියෙන් තොර දැනීමක් නැති ඉව පළමුව ඔප්පු කර සිටින්න.

      Delete
    3. කතුරක් අරගෙන ඔයාගෙ ඔලුවෙ කෙස්ගස් ටිකක් දෙකටමෑදින් වෙන්වෙන්න කපාගන්න.රිදෙනවද නෑ නේ.ස්නායු නෑති නිසා තමයි සවේදනයක් නෑත්තේ.
      ඊට පස්සේ අහවල් ඵකත්, තියනවානම් ඵ් වගේම කපාගෙන බලහන්.ඵතකොට බලගන්න පුලුවන්.

      Delete
    4. පැරමීසියම් අල්පෙනෙත්තෙන් අනින විට පනින්නේ කවර ස්නායු බලයකින්ද යන්න පැහැදිලි කරනු මැනවි

      Delete
    5. මොනවද බන් පෑරමීසියම් කියන්නේ?
      ස්නායු නෑති ගල් වලට බුදුගුණ දෑනෙනව කියලා ඔප්පුකරහන්.
      උබට මේ පාර නොබෙල් තෑග්ග ලෑමෙනඵක ශුවර් මචන්.

      Delete
    6. පැරමීසියම් දන්නෙ නැත්නම් ඔයා එක්ක කතා කරල වැඩක් නෑ. විද්‍යාවේ සීමා ගැන පොඩ්ඩක් හරි දැන ගන්න විද්‍යාව හොදට දැන ගන්න ඕන. එහෙම නොදන්න අතදරුවො එක්ක peek-a-boo වගේ සෙල්ලම් තමා හරියන්නෙ.

      Delete
    7. ගස් වලට දැනිම් දැනෙන බව සා/පෙළ දැනුමෙන් උනත් විස්තර කරන්න පුළුවන්නේ... ලොල්... දෙයක් භාගෙට ඉගන ගත්තාම වෙන හදිය...

      පැරමිසියම් ඔනෑ නෑ... ඇහැට පෙන්නෙ නෑනේ.. ඒත් ගස් කොලන් වල තියෙන ගුරුත්වාවර්තී
      චලිතය, ප්‍රභාවර්තී චලිතය ගැන මොකො කියන්නේ...? එතකොට සීලොමදර සත්තුන්ට ඉස්නායු පද්දතියක් තිබිලද උන්ට දැනිම් දැනෙන්නේ... ස්නායුවක් කියන්නෙ පරිනාමිකව දියුනු ජිවින්ට ලැබුනු ආභරනයක් මිසක් අහවල් එකක් නෙවෙ... ස්නායු නැතිව ජිවත් වෙන සත්තු උනත් කොච්චර ඉන්නවද..

      Delete
  7. ඔක් දාල තිබ්බ අඩවියේ තියෙනවා දැක්ක මේ නයා මස්මංසා කෑමෙන් වැළකිලා හිටිය එකෙක් ලු ... මම දන්නා තරමට නය් වෙගිටෙරියන් නෙවි .... මේ වගේ මෝඩ කතා වලට බැනල දාන එකෙන් බුදුදහමට අපහස වෙනවා කියන එවුන්ගේ මොලේ පරික්ෂා කලයුතුය

    ReplyDelete
    Replies
    1. “අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද?” :)

      Delete
    2. පහුගිය මුන්නේශ්වරම් මංගල්ලය දවස්වල ඔය වගේම නාග දරුවෙක් ගැන කතාවක් ගියා. ආරංචි වුන හැටියට මුන්නේශ්වරමෙ තරම්ම සෙනඟක් ඒ ගේ වටෙත් හිටියලු.

      Delete
  8. මරු මරු..
    දැන් ඉතින් රස්සාවල් ගැන වද වෙන්නේ නෑ..:ඩී

    ReplyDelete
  9. ape paththeth hitiya oya nai lamayek.dewalayak hadala minissungen salli gara gara iddi balumgalin wade dunna.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙම හාදයෙක් නේද 'නොනිමි අහස' කියල බ්ලොග් එකක් ලියන්නෙ? මෑන්ද දන්නෑ. :)

      Delete
  10. යුද්දයෙන් පස්සේ අපේ රටේ ජන මාද්‍ය එක්තරා විදිහක අතරමං වීමකට ලක්වුණා.දැන් එයාලට ලියන්න දේවල් නැහැ.මේ වගේ මෝඩ කතා ලියන්නේ ඒකයි.

    ReplyDelete
  11. මේ.. මං වැඩේට අකමැතියි. මගෙ හිට් එක ආපහු දියං

    ReplyDelete
  12. නස්රුදීන් දවසක් එළියට බැහැලා බලනකොට පොඩිඋන් ටිකක් සෙල්ලම් කරකර ඉන්නවලු. අඹරන්නම් හොද ගුලියක් කියලා හිතලා අත්පුඩියක් ගහලා පොඩි උන් ටිනට කතා තළාලු.

    "ළමයිනේ ඔතන නිකත් දගල දගල ඉන්නෙ....දන්නෙ නැද්ද හන්දියේ ටොපී බෙදනවා....."

    හරි....! ගුලිය ගිල්ලා, නස්රුදීනුත් ගෙට ගියා.

    ටිකකින් මිනිහා ආයෙත් එළියට ඇවිල්ලා බලනකොට හන්දියේ සෙනග පිරිලා...

    ***.....අම්මටු හුඩු ඇත්තටම ටොපී බෙදනවද දන්නෙ නෑ....*** එහෙම හිතපු නස්රුදීනුත් ගිහින් පෝලිමට රිංගුවාලු.

    ඔය පත්තර පඩංගුවල ලියන මාජ්ජිවේදීනුත් නස්රුදීනට වෙනස්වෙන්නෙ නෑ. උනුත් පහුවෙනකොට තමන් ලියපු බොරුවට තමන්ම රැවටෙනවා. එතෙකින් නොනැවතී ඒ බොරුව වෙනුවෙන් පෙනී ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සජීව ධනුද්ධරJuly 27, 2012 at 1:07 PM

      නියම උපමාව.

      Delete
    2. මුගෙ උපමා නං හොඳයි. නයි ඇරල පටංගත්තු බ්ලොගේ නොලියන එකයි ප්‍රස්නෙ :)

      Delete
    3. උදාහරණ, දෙමළාට විශේෂිත වූ ප්‍රශ්න

      Delete
    4. එතකොට charmi නමින් දෙවෙනි පොස්ට් එකේ කමෙන්ට් කළේ වෙන කෙනෙක්ද ?
      රියර් ගේට් ලින්ක් එක charmi නමින් ලින්ක් කරලා ඇනෝ කමෙන්ට් එකක් දාලා තිබුනා දැනුයි අහුවුනේ, (මාව අන්දලා වගේ ):)

      Delete
    5. සජීව ධනුද්ධරJuly 27, 2012 at 11:35 PM

      @ Charmi
      //මුගෙ උපමා නං හොඳයි. නයි ඇරල පටංගත්තු බ්ලොගේ නොලියන එකයි ප්‍රස්නෙ :)//
      ඒකත් නියම කියමන....

      Delete
    6. කමෙන්ට් කලේ මම තමා. උඹට ඒක දෙක උනාට අපිට එක හරිය? ඒකෙන්නෙ කතාව පටන්ගන්නවයි කිව්වෙ.
      වහාම දෙක දාපං....!!

      Delete
  13. තාමත් අපේ බොහොමයක් මිනිස්සු හිතාන ඉන්නේ මෝහනය කරලත් පෙර ආත්මයක් ගැන හොයා ගන්න පුළුවං කියලා. ඕන්නං ඒ කෙනුත් චුට්ටං ස්වයං රැකියාවක් කරගන්ට පුළුවං වෙයි!

    නයි අල්ලං නයි ඇරීම! :D

    ReplyDelete
    Replies
    1. ඕක කොරන්ඩ පුළුවන්නම් ඩොලර් මිලියනයක් දෙන්න සූදානම් සංවිධාන කිහිපයක්ම තියනව.
      පුළුවන් කෙනෙක් කරල පෙන්න්ඩ. මෙන්න ලිස්ට් එක http://en.wikipedia.org/wiki/List_of_prizes_for_evidence_of_the_paranormal

      Delete
  14. මම දැකපු හොඳම ලිපියක්

    ReplyDelete
  15. මට මතක විදිහට 90' ගනන් වල මුල හරියේ, Non-stop කැසට් එකක සිංදුවක් තිබුනා මේ වගේ..

    මැරිච්ච කපුටෙක්, කුකුළෙක් වෙලා ඉපදිලා..
    හරි ලස්සන කතා කියනවා..
    කැඩිච්ච පුටුවක් උඩ ඌ බලෙන් නග්ගලා..
    පත්තරේට පොටෝ ගහනවා..

    ReplyDelete
    Replies
    1. අඩෝ මම ඒ නොන් ස්ටොප් කැසට් එක තාම හොයනවා බං.. පට්ට බයිලා සෙට් එකක් තිබ්බේ... මචෝ ඒකේ නම උඔට මතකද ?

      Delete
  16. අවුරුදු 7-8 කට ඉස්සර අම්පිටියේ මං දන්න ගෙදරක වත්ත පහල සුදු නයෙක් පැලපදියං වෙලා හිටියා. පොඩි උන් තුන් හිටපු නිසා ගෙදර පොර එහෙන් මෙහෙන් වලිය අදින කොට මූ හිමීට මාරු වෙලා ගිහින්.

    ReplyDelete
  17. මේ කාලෙ හොඳටම මාකට් කරන්න පුළුවන් දේ තමයි දෙන්න ඕන.බෝගස් වලින් මතු වන බුදු රූප,විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන ඒවා,දේව බලයෙන් ආසනික් හොයන හැටි වගේම පුනුරුප්පත්තියත් හොඳටම මාකට් කරන්න පුළුවන්.ඔය සමහර පත්තර වල සතිපතා යන්නේ පුනුරුප්පති කතා කොලමක්.අර කිව්වහේ කවුද එන්නේ වාද කරන්න “අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද? කියල කිව්වම. අද කාලෙ හොඳම රස්සාව ආධ්‍යාත්මවේදියා ජොබ් එක.!

    ReplyDelete
  18. රට හරක්... ඔක්කොම විකෘති කරනවා පත්තරකාරයෝ...

    ReplyDelete
  19. 2012 අගදී ඇතිවන යුග විනාශයෙන් අනතුරුව ශ්‍රී රාවණා රජතුමා පහළ වූ විට එතුමා නියමාකාරයෙන් පුනරුප්පත්තිය පහදා දෙනු ඇත. එතෙක් බලන් ඉමු.

    ReplyDelete
    Replies
    1. හු*ත තමයි ඉතින්. ඔබතුමාට මෝංගල් බව සැවොම දනී. ඇත්ත වශයෙන්ම ඔබ තුමාගෙ bloගියත් මේ නයි යැවිල්ලේ ගනයටම තමා වැටෙන් නෙ.

      Delete
  20. අන්තවාදී කතොලිකයෙක් බුදු දහමට වක්‍රාකාරව පහර ගසයි. අග මුල නොතේරෙන උන් ඒවාට පෝර දමයි.රාවණවත් වර ඉක්මනට

    ReplyDelete
    Replies
    1. chaatar eka wahaganna ahemawath keyapan.

      Delete
    2. ඔන්න ඔතන තමයි අපිට වැරදුන තැන.අපේ මිත්‍යාව ගැන නෙමෙයි අනිත් එකාගේ අන්තවාදය තමයි අපි හොයන්නේ.අපේ රටේ අපිම පත් කරපු උන් අපිට කෙලිද්දී අපි උන් මවපු විදේශ බලවේග සතුරාට එරෙහිව නොකා නොබී යුද වදින්න හදනවා.රාවණ ඇවිල්ල ආගම බේර ගන්න තුරු දියසේන කුමාරය පහල වෙලා රට බේර ගන්න තුරු බලන් ඉමු!

      Delete
    3. රැඩිකල් බෞද්ධයා!

      Delete
  21. මාත් හෙට ඉඳන්ම පටන් ගන්න ඕනි..:ඩී

    ReplyDelete
  22. "පුනරුප්පත්තිය" කියන එක නම් මට පරිකල්පනය කර ගත්තෑකි. ඔන්න අපි දවසක මැරෙණව. (නින්ද යනව වගේ) ඊට පස්සෙ අවදි වෙන්නෙ වෙන තැනක. ශරීරයක් තිබුණට බරක් නෑ. සැහැල්ලුයි. ඇඳුම් තියෙනවද නැද්ද දන්නෙ නෑ. සමහරවිට හෙළුවෙන් වෙන්න ඇති. (අපි මැරෙණකොට අපේ ඇඳුමුත් මැරෙන්නෙ නෑනෙ.) සමහර විට දිවිය ලෝකෙ හරි අපායෙ හරි ඇඳුම් වෙන්න ඇති. (ඔය පන්සල් වල තියෙන්නෙ දෙවිවරුන්ගෙ රූප එහෙම.) දිවිය ලෝකෙ නම් ඔන්න ඕනැ තරම් බොන්න තියෙනව. ජොයින්ට් එහෙමත් ඇති. බඩුත් ඉන්නව. ඉතින් අපි උදේ ඉඳන් රෑ වනතුරු මධු බිබී, ජොයින්ට් ඇද ඇද, ලිංගික සංසර්ගයේ යෙදෙමින් ඉන්නවා. අපායෙ නම් ඒකෙ අනික් පැත්ත. ඔන්න යමපල්ලො ඇවිල්ල කටු ඉඹුලෙ නග්ගනව. මේ ටික මට තේරෙනව. වෙනවද නැද්ද කියල බලන්න වෙන්නෙ මැරුණම තමයි. හැබැයි වෙන්නෙ මොනවද කියල අඩු ගානෙ හිතේ මවා ගන්න පුළුවනි.

    මට තේරෙන්නෙ නැත්තෙ මේ "පුනර් භවය" කියන අණ්ඩර දෙමළෙ. ආත්මයක් කියල දෙයක් නැත්නම් මොන කෙහෙල්මලක්ද A ජීවියාගෙ සිට B ජීවියාට යන්නෙ? B ජීවියාට හැඟීමක්වත් නැත්නම් තමන්ගෙ පෙර භවය ගැන ඒක වැඩිය කිට්ටු අළුත් ජීවිතේකට නේද? (උදාහරණයක් හැටියට මම කලින් භවයක කරපු මට මතකත් නැති වරදකට මේ භවයෙදි කර්ම විපාක දීමේ තේරුම මොකද්ද?) අනේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් අර සුදු නයාගේ කේස් එක වගේ උදාහරණකින් මේ "පුනර් භවය" කියන අණ්ඩර දෙමළෙත් තේරුම් කරල දීපල්ලකො.

    ReplyDelete
    Replies
    1. තව එකක්. දැන් ඉතින් ඔය මහත්තුරු අර සූත්‍රය කියවන්න, මේ සූත්‍රය කියවන්න, රේරුකාණේ හාමුදුරුවන්ගෙ මේ පොත කියවන්න කියන්න එපා. මට ඕවට වෙලාවක් නෑ. මේ වගේ සරල කාරණාවක් කෙටියෙන් කියල දෙන්න ඔය මේකෙ ඉන්න හැට හුටහමාරක් බෞද්ධයින්ගෙන් එක්කෙනෙකුට හරි පුළුවන් වෙන්න එපායැ. නැත්නම් මොකද්ද ඒ ගොල්ලන්ගෙ ධර්මඥානයෙන් ඇති වැඩේ?

      Delete
    2. අනාත්ම සංකල්පයෙන් කියවෙන්නේ A ජීවියා මැරිලා ඊළඟ භවයට ගිහින් උපදිනකොට උපදින්නේ ඒ A ජීවියාම නොවන වග. ඔහු පෙර භවයේ කරන ලද කර්ම විපාක පමණයි මේ භවයට අදාළ වන්නේ. B ජීවියා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම එය ස්ථීර දෙයකුත් නෙවෙයි. නිවන් අවබෝධ කරගැනීමෙන් සසර ගමන නැවැත්විය හැකියි.

      ආත්ම සංකල්පයෙන් අදහස් වෙන්නේ නම් කිසිම විදියකින් වෙනස් නොවන සදාකාලික ස්ථීර ආත්මයක් ජීවියෙක් සතු බවයි.

      ප.ලි. මේ මගේ වැටහීම අනුවයි.

      Delete
    3. ඇනෝ බුද්ධාගමේ නොවුනට ශක්ති සන්ස්ථිතියයි ස්කන්ධ සන්ස්ථිතියයි ගැන අහලා ඇති නේද? අපි අපේ කියලා දරාගෙන ඉන්න ශක්තිය අපේ මරණින් මතු තරන්ග ලෙස විශ්වයේ පවතිනවා. ඒම ශක්තියට ජීවයක් ලැබීම ජීවියකුගේ උපත්ක් ලෙස ගනණ් ගැනෙනවා. මාගේ මරනින් මතු අතිවන තරන්ග වෙන කෙනෙක්ගෙ මරනින් මතු අතිවන තරන්ග හා මිශ්‍ර වීමක් සිදුනොවන නිසා අපි මෙම ආත්මයේ කරන කුසලාකුසල කර්මයන් මතු භවයට ගෙනයමක් ලෙස හැදින්වෙනවා.

      මෙම සන්සිද්දිය දිගින් දිගට සිතීමේදි ඔබට වටහෙනවා නේද මම කියා පුද්ගලයෙක් නැතිබවත් කලින් කරන ලද කුසලකුසල කර්ම පලදිමක් (100% නොවේ) හා අලුත් කරම ඉපදවිමක් තමා මෙම ජීවිතේ කියන්නේ. අපි මම මාගේ කිය අල්ලගන ඉන්නේ හුදු ආත්මයක් පමණයි.

      මෙම සන්ස්ථිති නියමයන් අදහන යුරොපීයන් ධර්මයක් ලෙස නොව දර්ශනයක් ලෙස බුද්ධාගම ඉගෙන ගනිමින් සහ පරීක්ෂණ කරමින් පවතිනවා.

      -අම්බි

      Delete
    4. ane palayan ban yanna Ambi! Umbai umbe puke tharangai ekathu wela thamai umbata tharanga pissu hedila tiyenne...

      Delete
  23. මේ සෙල්ලමෙන් මාසේ වියදමට 2500 ට වඩා හොයාගන්නත් පුලුවන් වෙයි. කතාව සුපිරියි :)

    ReplyDelete
  24. Gossip කියල නම් කරල තියන වෙබ් සයිට් එක්කට වඩා විශ්වාෂවන්ත මූලාශ්‍රයක් තවත් තියනවද!

    ReplyDelete
  25. දැං ඕකෙං කීයක් විතර ශුද්ධ ලාභය තියෙනවද?????
    වැඩේ පටං ගන්න ඇහුවේ..

    ReplyDelete
  26. මේක පනහදසකයෙ විතර වෙච්ච කතාවක්. නම්ගම් ලියවෙන ප්‍රදාන චරිතවන හිච්චි බප්පාත් ඉන්දරෙත් තවම ඉන්නව. මුලු සිද්දියම තනිකර සත්ය. මම එතකොට හිටියෙ මන්හිතන්නෙ තුනෙ නෙවිනම් හතරෙ පන්තියෙ විතර.
    එදා මමත්, හිච්ච් බාප්පත් ඉස්කොලෙ ගිහිල්ල. මුලු ගමේම ගින්දර වගේ දුවපු ආරන්චියකින් දවල් දහයට විතර ගමම හෙල්ලිලා හිටිය.

    "පොල්හේනෙ (අපේ ගන්කිට්ටුව ගමක්) කිට්ටුව තේවත්තක පදින්චිවෙල ඉන්න පව්ලක ඉන්න අවුරුදු හතක විතර එකම කොල්ලට නයෙක් ගහන්න ඉන්නවලු. කොල්ලගෙ අම්මට තමයි ඊයේ රාත්තිරියෙ සුදු රෙද්දක් පෙරව ගත්ත මියගිය පරාන කාරයෙක් හීනෙන් පෙනිල කියල තියෙන්නෙ. උදේ බලනකොට සුදුම සුදුපාට නයෙක් මිදුලෙ කජ්ජු ගහගාව සේපාලිකාගහේ වෙලිලා ඉන්නවලු. මියගිය පරානකාරය හරියට වෙලාවත්දීල. ගහන වෙලාව හරියටම හවස තුනයි පාලහයි තප්පර ගානකුත් එක්ක. පොඩි එකා නයා ලගටම යනවලු. අල්ලනවත්ලු. ඌ නෙමෙයි ගානකටවත්. වෙලාව එනකන් වෙන්න ඈති මයිහිතේ. "

    ඒ කිට්ටුව පන්සලක එතකොට හිටිය බොහොම ප්‍රසිද්ද හාමුදුරුවො කෙනෙක් සර්පයි කෑවහම මිනිස්සු උන්වහන්සෙ ලගට ගේන්නෙ හෑතෑම්ම ගනන් දුරඉදන්. මේක ගෑන උන්වහන්සෙගෙ තීන්දුව මෙච්චරයි.

    "ඔයකියන වෙලවට කොල්ලගෙ මරුව ඔලුවෙ. වෙලාව එක තප්පරයක් හරි එහාට මෙහාට පන්නගත්තොත් මන් කොල්ලා ගොඩදාන්නම්."

    පස්සෙ ඉතින් අර පව්ලමයි අඩුමකුඩුම ටිකයි දාගෙන බරබාගෙයක් බෑදගෙන කට්ටියම පන්සලට ගිහිල්ල.
    කොහොමහරි නයාට වෙලාව පොඩ්ඩක් වරද්දගත්තොත් කොල්ලා ගොඩයිනෙ. නඩේම පන්සලට ඈවිත් බලනකොට මෙන්න එතනත් ඉන්නවලු නයා. දෑන්නම් ඉතින් මෑරිච්ච නෑයත් කියල තියෙන්නෙ ඈත්තම තමයි.

    ඔන්න ඕකයි ආරන්චිය.

    හිච්චි බාප්පත් ස්කෝලෙ ඈරිච්ච හෑටියෙම ගෙදර ගිහින් කෑව නොකෑව කාගෙදෝ බයිසිකල් කටුවකුත් ඉල්ලගෙන කෙලින්ම අපේ ගෙදර අවා.

    "අක්කෙ මන් යනව නයා ගහනව බලන්න. පුතත් එක්ක යන්නෙයි."
    හිච්චි බාප්ප අපේ අම්මගෙන් මගේ ගමනටත් පර්මිසන් ඉල්ලුව.
    අම්මත් දෙපාරක් හිතුවෙ නෑ.

    "අනේ මල්ලියෙ පුතාට ලගට යන්න දෙන්න එපා. හොදෙයි"

    මාත් බයිසිකලේ ප්‍රේම් එකට ගොඩ උනා. බාප්පා මාවත් තියාගෙන පෑද්දා පන්සල කිට්ටුවටම යනකන් හාවක් හුවක් නෑ. දෑන් පිරිසත් ටික ටික එකතුවෙල.
    බයිසිකල්වලින්.
    පයින්.

    පන්සලට යන්න පාරවල් දෙකයි. ලග පාර මඩවගුර. දෑන් තුනටත් කිට්ටුයි. ඔක්කොම කතාවක් නෑ. වඩා ලග මඩ පාරම තෝරගෙන පන්සල ලගටම ආවා.

    මාරයි වෑඩේනම්.
    එතන ඒ ගමේ කොල්ලො විසිපහක් තිහක් ඒකටම ලේහෙස්තිවෙලා ඉන්නව පිටින් යන කට්ටියට හූ කියන්නම.

    "හූ නයා දෑක්කදෝ. හූ.......හූ..........මෙන්න නයා."

    අනේ අපිත් ඉතින් වෙනවෑඩකට ආවා වගේ කෑ මඩ ඈති කියල ආයිත් මඩේ දගලන්න යන්නෙ නෑතුව දුරපාරෙන්ම ආව. හොද වෙලාවට අපිට වෑඩේ බලන්න යනකවුරුවත් හමු උනේ නෑ. අලුත් ප්‍රේක්සකයො ඔක්කොම මඩ කාගෙන කොට පාරෙන්.

    ප.ලි.
    මේ හිච්චි බප්ප තමයි ඔබාගෙ "තෝර බලයො" කතාවෙ ඉන්නෙ. අක්කගෙ නයිටිය ඈදගෙන බුදියගත්ත යාලුවත් එක්ක ඉන්දරේ ඈදේ බුදියගෙන ගෙන ඉන්නකොට ලගට ආවෙත් එයාමයි.
    මෙතන මම කියන්නෙ ඔබාගෙ කතා බොහොමයක රගපෑම් කරපු ඉන්දරේ .

    ReplyDelete
  27. //
    මගේ බබාගේ වයස අවුරුදු දෙකයි. දැන් එයාත් වෙලාවකට කපුටෙක් වගේ කෑගහනවා. බබා කාක්කා එක්ක ගහ උඩ හිටියා කියනවා.
    නරියා බබා ගෙන් කේජු කෑල්ල ගත්තා කියනවා.
    බබා චුටි කුරුල්ලන්ට ඉගිලිලා ගිහිල්ලා කොටනවා කියනවා.

    මම දැන් මොකද කරන්නේ. මෙයා ගිය ආත්මේ කපුටෙක්ද?

    පසු වදන
    කුඩා ළමයින් පොඩි කාලයේදී මේ වගේ ප්‍රබන්ධ කතා කියනවා. ඒක ඒ අයගේ නිර්මාණාත්මක හැකියාව එලි දැක්වීමක්. මේ දේවල් ලොකුවට අරන් පුනරුප්පත්තිය කියන වැඩිහිටියන්ට මානසික රෝගයක් තියෙනවද කියලා බලන්න ඕනේ

    //

    ReplyDelete
  28. ලංකාවෙ මිනිස්සුන්ව කඩේ යවන්න නියම මාර්කටින් ට්‍රික් එක තමා මිත්‍යාව කියන එක.

    බොළඳ ආකල්ප, ගෝත්‍රික අදහස් තියෙන තාක් කල් රටකට ගොඩ යාමක් නෑ.....

    දියුණු වෙච්චි රටවල් කිසිම ආගමක්, මිත්‍යාවක් නො ඇදහීම සහ එවැනි දේවල් වැඩියෙන් අදහන රටවල් කවදාවත් ගොඩ නොයාම.
    ඇයි මෙහෙම වෙන්නෙ?

    ප. ලි. - කවුරු හරි මේ බිස්නස් එක පටාන් ගන්නවනම් කියපල්ල මටත් හොඳට හූමිටි තියන්න පුළුවන්.

    ප. ප. ලි - මමත් වයිද්‍ය උපදෙස් මත ගොසිප් කොමෙන්ටු නොබලමි.

    ReplyDelete
  29. //මාධ්‍යවේදියෙක්. (කලබල වෙන්න එපා. මේක හිමීට කරගත හැකිය)//

    ලීව කෙනාවමත් තෝරා ගත හැකිද? :D:D:D

    ReplyDelete
    Replies
    1. සිරාවට... :)
      ඔය නයි ආටිකල්එක මට ලියන්ඩ දුන්නනං ලියනවා කියෝන උංට නයි වෙන්ඩ හිතෙන ගානට........

      Delete
  30. දන්නෙ නැති නිසා අහන්නේ එතකොට පුනර්භව, පුනරුප්පත්ති කථා ඔක්කොම බොරුද?

    ReplyDelete
  31. 100%ක් විශ්වාසයෙන් එහෙම කියන්න බෑ! මොකද අපි දන්නැති නිසා! වෙන්නත් පුලවන් නොවෙන්නත් පුලුවං.

    දැනට දන්න දරවල් වල විදියට නං නැති පැත්තට තමයි ගොඩක්ම කැරකෙන්නෙ.

    ReplyDelete
  32. චාර්මියෝ, උඹ මෙහේ මොනවා කරනවද බං අන්න පෙරමුණේ රාළස් උඹට නෙළලා ඇති වෙන්න.

    ReplyDelete
    Replies
    1. අපිට නං එහෙව් නෙලිල්ලක් පේන්නෙ නෑ.

      "මේ ගැන කතා කොරන්ඩ උත්තේජනයක් දුන්නේ පෑල දොරින් (Rear Gate) එන චාමිගේ “පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය… “, කියන ලිපියත්, රැඩිකල් අදහස් ගේ “ගුරුත්වය දැනෙන අවයවය (නාථ දේවවාදීන්ට අහියෝගයක්)” කියන ලිපියත් නිසා."

      Delete
    2. අම්බෝ ඇති යාන්තං. මෙදා පාර දාල තියෙන්නෙ 'පෑල දොර' කියලා.... :)

      Delete
  33. විශ්වාස නොකරමි

    ReplyDelete
    Replies
    1. oya wiswasa nokala kiyalaa apita mokada..

      Delete
    2. එයා එහෙම කිව්ව කියල ඔයාට මොකද?

      Delete
  34. තරහ ගන්නේ නැතිව ලියනවා නම් නේද හොඳ

    ReplyDelete
  35. මට ඉහත දක්වා තිබෙන අදහස් කියවා බැලීමේදි ඇතිවූ සන්වේගය අති මහත්ය.කීප දෙනෙකු හැරුනු කොට අන් අය උප්පැන්නයට පමනක් බෞද්ධ බවකි හැගී යන්නේ.බුදුන් වහන්සෙ දේසනා කරන ලද ධර්මය හේතු ළුළ ධර්මයකි.බුදුන් වහන්සෙ අනේකවිද ආත්ම(තිරිසන්,දිව්‍ය,මනුෂ්‍ය ) භාව වල ඉපිද පුරනලද පාරමී බළයෙන් දිව්‍ය ලෝකයෙන් චුතවි සිද්ධාර්ත නමින් මනුෂ්‍ය ලෝකයේ ඉපිද ස්වභාව ධර්මය ඇසුරුකොට සියල්ල අනිත්ය බව සිහියෙන් යුතුව අවබොධ කරමින් සසරේ නැවත නැවත ඉපදීම අවසන් කර සම්මා සම්බුද්ධත්වයට පත්ව අවිද්‍යා වෙන් මුලාවට පත්ව සන්සාරෙ සතර අපායන් වල ඉපිද ,තිරිසන් ලෝකවල ඉපිද අනේක වද වෙදනා විද යම් කුසලයක් හේතු කොට ගෙන අහබු ලෙස ලබාගත්තා වූ මනුෂ්‍ය ජීවිතය නැවතත් අවිද්‍යා වෙන් මුලාව සතර අපාවල ,තිරිසන් ලෝක වල ඉපිද විදිනට වන්නාවු සියලු දුකෙන් මනුෂ්‍යන් මුදවා ලීමම අරමුන කරගෙනම දේසනා කරාවූ ධර්මයකි.සතර අපායන් ගෙන් මිදීමටත් තිරිසන් ආත්මවල ඉපිද දුකට පත්නොවීම උදෙසා කුසල්ම රැස්කල යුතුබවත්,සන්සාර දුකෙන් අතමිදී නැවත නූපදීමට නිර්වානය අවබොද කරගැනීම සදහා ක්‍රියාවෙන්ම බුදුන් වහන්සේ දෙසනා කරන ලද ධරම මර්ගයේම ගමන් කරමින් තුරුස්නාව දුරුකරමින් බුද්ධ ,ධම්ම ,සංඝ යන තිසරනය කෙරෙහි සැක නූපදවා ගනිමින් නිවරදිව ගමන්කල යතුවන්නාවු බවත් දෙසනා කර ඇත්තාවු දර්ම මර්ගයක් විනා උප්පැන්යට දමා ගෙන ලේබල් ගසා ගෙන තරක විතර්ක කරකර අකුසල්ම රැස් කරගනිමින් නිරය කරා යන්නට නොවන බව අනුකම්පාවෙන් දන්වනු කැමැත්තෙමි.නයා ළමයෙක් වීම ,ළමයෙකු නයකු වීම සිදු නොවිය යුත්තක් නොව බුදු දහමට අනුව අකුසලයන් ගෙන් මිදී කෙලෙස් නසන තුරුම මෙය සිදුවනු ඇත.මෙ සත්‍ය පිලිගන්නට මැලිවන්නෙ තර්ක කරන්නෙ අවිද්‍යෙවන් මුලාවට පත්ව අනේක විද අකුසලයන් වල නිරතවෙමින් මෙ ලබා ඇති උතුම් මනුෂ්‍ය ජීවිතය මරනෙයෙන් අවසන් කර සතර අපායෙ හො තිරිසන් ලෝකය පටිසන්දියක් සදා ගැනීමට වෙහෙසවන්නන්ම වන්නේය.නමුත් සුදු නාගයෙක්ව නම් උපතක් නොලබන බවනම් පැහැදිලිය.මෙ ලබාගත්තා වූ මනුෂ්‍ය ජීවිත තරක විතර්ක කරමින් සතර අපායට පාර කපා නොගන සතර අපායෙන් මිදීම උදෙසාම නුවන වැඩේව.සාදූ සිදූ...

    ReplyDelete
  36. නියමෙට ලියල තියෙනවා.. ලංකාවේ පුනර්භව පරීක්ෂණ ඔය විදියටම තමා කෙරෙන්නේ. මේක නෑ කියනවන්ම ඒ මිනිහා තකතිරැවෙක්..

    ReplyDelete
  37. අදයි මේක කියෙව්වේ.. හිනා වෙලා මැරෙනවා තව ටිකෙන්..

    පුනර්භවය බොරුවක් කියලවත්, බුදු දහම බොරුවක් කියලවත් මම කියන්නේ නැහැ, හැබැයි මේ කියපු අමුද්‍රව්‍ය ටික දාල ඔරිජිනල් ම වගේ පේන්න ලස්සන කොත්තුවක් ගහගන්න පුළුවනි..

    ReplyDelete
  38. පුනර්භවය සහ පුනරුප්පත්තිය කියන්නෙ නිකම් වචන උඩප්පරන් ගැසීමක්.නැවටහ් උපතක් වෙන්න නම් චුති සිත හරි රැස් කරපු කර්ම හරි මොන කෙහෙල්මලක් හරි ශරීරයෙන් ඉවත් වෙන්න ඕන.ඒ කියන්නෙ පරන එකා නොවෙයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ.අලුත්ම එකෙකුත් නොවෙයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ.ආත්ම සංකල්පෙයි අනාත්ම සංකල්පෙයි දෙකක් නොවෙයි එකක්.ආත්මවාදය උගන්වන ආගම්වලත් මැරුනම උපදින්නෙ කලින් එකා නොවෙයි.මේක මේ උගත්තුන්ගෙ ඔළු උලුක්කු කරන්න හදපු වචන පටලැවිල්ලක්.හින්දු ආගමේ ආත්මය මෝක්ෂය ලැබීමක් ගැන කියනවා.බුදු දහමේ එය නිවන් ලැබීමෙන් අවසන් වීමත් එම ආගම්වල නිවන් ලැබීමෙන් පසු ස්ථිර වීමක් ගැන කියනවා වෙනස ඒකයි.

    ReplyDelete
  39. මේක මම තවත් පැහැදිලි කරන්නම්.මනෝකාය,ගන්ධබ්බයා වාගෙ ඒව ථේරවාදයේ නෑ.ඒව මහායාන කතා.මේව ලංකාවට හදුන්වල දුන්නෙ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො.අන්තෝනි මැරිලා ස්වර්ගයට යන්නෙ මෙහෙ හිටපු අන්තෝනිය නොවෙයි,අන්තෝනි ඇසුරින් ඇතිවූ ආත්මයක්.මොහමඩුත් එහෙමයි,රාමචන්ද්‍රත් එහෙමයි.බුදු දාහමේ සහ වෙනත් ආගම්වල වෙන්ස බුදු දහමේ ආත්මය අහෝසි වෙනවා අනෙක් ආගම්වල එසේ නැහැ.නිකම් බොරු වචන හරබ අවශ්‍ය නැහැ.තමන්ටත් නොතේරෙන අනුන්ටත් නොතේරෙන දේවල් ගැන බොරු තර්ක දාල වැඩක් නෑ.බුදු දහමත් ආත්මවාදයක් තමයි

    ReplyDelete
  40. මේක උඹ ලියපු එකක් ද ? මරුවට ලියල තියනව. පට්ට

    සිරාවටම ලන්කාවෙ ඉන්න අති පන්ඩිත ගොන් හරක් පර්යේශන කියලා කරන්නෙ මේ වගෙ ගොන් පාර්ට් තමා. ලන්කාවෙ ඉන්න මැට්ටොන්ට පුනර්භවය, ජෝතිශය, දේවාල කියුවොත් නොකා නොබී බලයි.
    ආ මචො.. අර පත්තර වල නම් ලිස්ට් එකෙ මුලින්ම දාපන් මව්බිම පත්තරේ කියල...

    ReplyDelete