Friday, December 20, 2013

නදීෂාගේ කකුල් වලට ඇති බය



මේ දවස්වල මාතෘකාව නදීෂා හේමමාලි ය. හේතුව යූ.ඇන්.පී ය දකුණෙන් නදීෂා හේමමාලිට නාමයෝජනා දෙන්නට සැරසීමයි. නදීෂා එක්ක එකට ඈ‍ඳෙන නම් ගොඩකි. අනර්කලී, පබා, ගීතා, නිල්මිණි, රෝසි, මාලනී, හිරුණිකා.......

නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල් කියවීමි.  ඒවා බොහෝ දුරට සමානය. බොහෝ අයට ඇති ප්‍රශ්නය  දේශපාලන ආයතන ‘ගණිකා මඩම්’ වීමයි. තවත් අය ලියා ඇත්තේ යූ.ඇන්.පී මන්ත්‍රීවරුන් අනාගතයේ ගැනීමට නියමිත සැප පිළිබඳවයි. ඇය ‘ඕල් ඉන් වන්’ පැකේජයක් ලෙසද හඳුන්වා තිබුණි. මන්ත්‍රී/ඇමති වරුන්ට සමාජරෝග පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවද ඇතැමුන් කියා තිබුණි. තවත් අය චන්දෙන් පසු දකුණේ චන්දදායක ගොන්නුන්ට හූ කීමට බලා සිටිති. නදීෂාගේ අඟපසඟ වැඩිපුර පෙනෙන පින්තූර කිහිපයක් හැමතැනම දක්නට ඇත. 

මට ඇත්තේ පොඩි ප්‍රශ්නයකි. දැනට පාර්ලිමේන්තුවේ/පළාත්සභාවල ඉන්න උන්ට වඩා අනර්කලී,නදීෂා,ගීතා නරක් වන්නේ මන්ද යන්නයි.  නොඑසේනම් මුතුහෙට්ටිගමට, මනූෂට බය නැති මිනිස්සු නදීෂාට මෙච්චර බය මන්ද යන්නයි.

නදීෂා සමග කියැවෙන නම් කිහිපයෙහි විශේෂත්වයක් ඇත.  ඔවුන් නිරූපිකාවන් හෝ නිළියන්ය. එනම් ලංකාවේ පිරිමින්ගේ ලිංගික සංකේතයන්ය. ඔවුනගේ පවුල් ජීවිත අසාර්ථකය. දරුවන් නැත. (හිටියත් නෑ වගේය) සැලකිය යුතු සමාජ බලයක් සහිතය. නිදැල්ලේ සරයි. පිරිමින්ගේ පාලනයකින් තොරව නිදහසේ තීරණ ගැනීමේ හැකියාව සහිතය. සරලව කිවහොත් කුටුම්භයකට සිරකොට නාස් ලණුව දමා නැත.  
ඇත්තම ප්‍රශ්නේ ඕක නෙමෙයිද?


නදීෂාට අමුතුවෙන් දූෂිත කරන්නට තරම් කිසිදු දේශපාලන ආයතනයක් ලංකාවේ  ඉතිරිව නැත. ලංකාවේ පොඩිම තැන ඉඳන් ලොකුම තැනට යනතෙක් සිටින ඕනෑම දේශපාලක පිරිමියෙක් විසින් මෙතෙක් ගසා කා ඇති මහජන මුදල් ප්‍රමාණයෙන් දශමයක් වත් මේ නම් කියැවෙන ගැහැණුන් විසින් ගසා කා ඇති බවට චෝදනාවක්ද නැත. දේශපාලන බලය යොදා නීතිය දූෂණය කරන, කුඩු බිස්නස් කරන, මැරකම් කරන උන්ට වඩා මේ ගැහැණුන් අහිංසකය.

නදීෂා හෝ ඔය අනිකුත් ගැහැණුන් දේශපාලනය ගැන දන්නා මළදානයක් නැති බව ඇත්තකි. ඔවුන් ළඟ උලව් ජනතා හිතවාදයක්ද නැති බව ඇත්තකි.  ඔවුන් දේශපාලනයට ඒමෙන් රටට හෝ මිනිසුන්ට මොන ඉටිගෙඩියක් වත් නොලැබෙන බවද ඇත්තකි.  එහෙත් දැන් ඉන්න උන් ගාව ඔය මානව හිතවාදේ තියෙනවද? දිනෙන් දින ණයකාරයන් වීම හැර වෙන මොනවද රටට ලැබිලා තියෙන්නේ?


අනෙක් අතට දේශපාලන බලය යොදා නිදිවැදීම අතින් ඔය සිටින බොහෝ පිරිමින් සමග හැරෙන්නටවත් නදීෂාට නොහැකිය. සමාජරෝග පිළිබඳ දනුවත් කිරීමක් ලබා දෙනවානම් දිය යුත්තේ ඒවාට යන නදීෂා, අනර්කලී වැනි ගැහැණුන්ට විනා මේ ආයතනවල සිටින බඩුකාරයින්ට නොවේ.

‍ලංකාවේ දේශපාලනය දූෂිත බව උදේ හවා කියන්නන්ම, නදීෂා දේශපාලනයට ආ විට දේශපාලනය ගණිකා මඩමක් වන බව කීම රසවත්ය. එමගින් ඔවුන් නොකියා කියන්නේ නදීෂා නැති අපාය, නදීෂා සිටින අපායට වඩා හොඳ බවය.  නදීෂාට, අනර්කලීට ඇති බිය එතරම්ය.

ඇත්තම කියනවානම් නදීෂාගේ, අනර්කලීගේ, හිරුණිකාගේ මූණට කවුරුවත් බය නැත.  බය ඔවුන්ගේ කකුල් වලටය. කන්ටේනර් ගණන් වලින් කුඩු බිස්නස් කරන රාජපක්ෂ ආණ්ඩුව නොපරදින්නේද, පැරදුනත් ආපහු රාජපක්ෂ වර්ගයේ ආණ්ඩුවක් බලයට එන්නේද මේ කකුල් වලට බය මිනිසුන්ගේ ඡන්ද නිසාය. හිනා යන කාරණේ මේ මිනිස්සුම බුර්කා අඳින ගෑණුන්ට එරෙහිවීමයි.

මම දකුණේ හිටියානම් නදීෂාට ඡන්දයක් දෙමි.  ඒ ඡන්දයකින් කල හැකි කිසිම දෙයක් නැති රටකට විරෝධය පෑමක් වශයෙනි.

41 comments:

  1. කතාව නං ඇත්ත තමයි. නදීෂල අනර්කලීල ගීතා කුමාරසිංහල......... අනේ මංද කාට දෙන්නද කියල. කරුමෙට අපිත් දකුණෙ උනා බං.

    ReplyDelete
    Replies
    1. බය කිව්වට ඕක ආසාව!

      Delete
    2. රාජ් කොහොමද? අඩියක් ගහමුද?
      ..

      නදීෂා හේමමාලිට ඔච්චර බය ඇයි?

      මේ ලිපිය මම දැක්කේ ගොසිප් සයිට් එකක තිබිලා. ගොසිප් කාරයෙක් මේ වගේ ලිපියක් දාපු එක ගැන සතුටු වෙනවා.

      Delete
    3. දකුණෙ බ්ලොග්කාරයො හැටියට අපි සතුටු වෙමු රාජ්.අපි චන්දෙ දෙන්නෙ එසේ මෙසේ කකුල් වලට නොවේ හරිය. හෙහෙ හෙහ්

      Delete
  2. මොනව වුනත් මේ කියන දේ ගැන මමත් ඔබට ආචාර කරමි. ඇත්තම තමා මින් මගේත් හිතේ යම් වෙනස්වීමක් ඇතිවුනා.

    ReplyDelete
  3. ඔවුන් දේශපාලනයට ඒමෙන් රටට හෝ මිනිසුන්ට මොන ඉටිගෙඩියක් වත් නොලැබෙන බවද ඇත්තකි.
    However, There is a chance that they will be slightly less corrupt (because they earn/have earned money from another profession) and may not employ as many thugs (because they rely on their sex appeal). So, they are a bit better than most other politicians we have currently.

    ReplyDelete
  4. නයාසිරිට දුන්න වගේ කැම්පේන් එකක් දෙමු, නදීෂගෙ මනාප අංකෙ ප්‍රොෆයිල් පින්තූරෙට දාගෙන

    ReplyDelete
    Replies
    1. මෙන්න හොඳ අදහසක්!!! :D

      Delete
  5. චන්දදායකයන්ගෙ සවිඥ්ඥානක බව වර්ධනය වන තුරු මොනව කළත් ඔච්චරයි.නදීශත් තව ටික දවසකින් දෑත් ශක්තිමත් කරන්න යයි.ඕක යූයැම්පී ලොක්කොත් දන්නව.
    දෙපැත්තෙන්ම ගොන්නු ටිකක් දායි.තර්කයක් හැටියට මාත් ගෙන්නෙ බඩුකාරයන්ට එරෙහිව නැගී නොසිටින අය ඇයි ගොන්නුන්ට එරෙහිව විතරක් නැගී සිටින්නේ.
    බය වෙන්න දෙයක් නෑ .අපේ බුද්ධිමත් චන්දදායකයො බඩුකාරයො වගේම ගොන්නුත් පාර්ලිමේන්තුවට යවාවි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාගේ මනාපේත්. නදීශාට

    ReplyDelete
  8. පාර්ලිමේන්තුව කියන්නේ නම්බුකාර උදවිය ඉන්න තැනක් යැ... එකම මඩගොහොරුවක්නෙ.. ඉතින් ඕකට නදීශ ගියා කියලා තව මොනවා වෙන්ටද?

    ReplyDelete
  9. //ඇත්තම කියනවානම් නදීෂාගේ, අනර්කලීගේ, හිරුණිකාගේ මූණට කවුරුවත් බය නැත. බය ඔවුන්ගේ කකුල් වලටය. // :D :D :D

    ReplyDelete
  10. මේ රූප ටික පොඩියකට අහක් කරන්න බැරිද මම කමෙන්ට් එක හරියට හදා ගන්නකම් වත් ...?

    ReplyDelete
  11. නිළියක් හින්දනේ ඔය රඟ මඩලට පිවිසෙන්න බලන්නේ!

    ReplyDelete
  12. කිසිම වැදගත්කමක් නැති, දර්ශනයක් නැති, කුණු ගඳගහන ගෑණු කතා ටිකක් ළඟදීම දේශපාලන වේදිකාවලින් අහන්න ලැබෙයි. හොඳම රඟපෑම කරන කෙනාට අපේ ඡන්ද දායකයෝ හිනාවෙවී ඡන්දය දෙයි. එයා තමන්ගේ මඩිය තරකරගෙන කොකා පෙන්නයි.

    ReplyDelete
  13. කාන්තාව ජංගියක් ඇඳිය යුතුය. නමුත් එය පෙන්වීම අප සමාජයට අනුව වරදකි. හිරුණිකා,අනර්කලී,නදීෂෘ,ගීතා,පබා ඔවුන් ජංගියක් අඳින බව පෙන්වූ බැවින් ඔවුන් වෛශ්‍යාවන් වී ඇත.
    මේ කාන්තාව ජංගිය පෙන්වීමට එරෙහි විරෝධයක් යැයි මට සිතේ. පවිත්‍රාට,චන්ද්‍රිකාට,තලතා අතුකොරලට,පොන්සේකා වයිෆ්ට,රෝසිට නැති විරෝධයක් මේ නිළි ගැහැනුන්ට එන්නේ මා ඉහත කී කරුණ නිසා යැයි මට සිතේ.

    ජනතාව රෙද්ද තුල යමක් ඇතැයි සිතා රෙදි අඳින ජනයාට මනාප දෙති. සාටකය තුලත් යමක් ඇතැයි සිතා චන්දය දෙති. ඇඳුම් වලින් වසා ගෙන ඇති කුනු මස් ගොඩවල් මිස ඒවා තුල මිනිසුන් කෙරෙහි සැබෑ දයාවක් නැති බව ඡන්දය දෙන මිනිස්සුම දනිති.

    තමුන්ගේ ආතල් එක කැඩී යනවාට තමුන්ම අකමැතිය. ටයිකෝට් කාරයින් තුලද රෙදි බැනියම් කාරයින් තුලද ඇතැයි සිතාගෙන සිටින කෙහෙම්මලක් නැති බව සිතන ගැමියෝ වරක් හෝ කලවා පෙන්වීම නිසා නිළියන්ට මනාපය දෙති.

    නමුත් බුකිගත වන සදාචාර වාදින් එය දකින්නේ තමුන්ගේ ඇඳුමට කරන ලද ගැරහුමක් ලෙසිනි. මා නම් සිතන්නේ මේ නදීෂා,පබා අනර් ඇතුලු සියලු දෙනා කොට ගවුමින් සැරසී අගපසග පෙන්වමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කර ඇඳුම් වලින් තානාන්තර උපාධි පට්ටම් වලින් වසාගෙන ඇති ලාංකිය ඉහල මැද පන්තියේ නිරුවත කඩාගෙන පාර්ලිමේන්තු සහ පලාත් සබා වලට එන්නේ නම් එය මනා දෙයකි.
    එසේ කකුලට සහ බුරියට ඡන්දය දෙන දුක්පත් මනුෂ්‍යයා සරමට,බැනියටමට, ටෝකට,සාටකේට තානාන්තරේට, ඡන්දය ලබාදෙන හොර බුද්ධිමතාට වඩා උතුම්යැ.

    ReplyDelete
  14. මටනම් එක අවුලක් තිබේ.

    ඔය සූකිරි බෝල දිනපු ගමන් ලොක්කගේ සාක්කුවේය. ඒ සමගම විපක්ෂයේ කුට්ටියක් ආණ්ඩුවට වැටේ. ආණ්ඩුවට යන එකම පිරිස ඔවුන් නොවේ. එහෙත් දයාසිරි වගේ එකෙක් හත් ගව්වක් අමුඩ ගසා පස් මහා බැලුම් බලා පන්න පිම්ම, මේකිලා පනින්නේ දන්නෙවත් නැතුවය.

    චාමි ලංකාව ගැන දකින කෝණයෙන් ලංකාව කියන එක නැති වී කෙල වී හැඳි ගෑවී ගියත් කමක් නැත. තමන්ගේ දේශපාලන දර්ශනයට එරෙහි දෙයක් තිබ්බත් එකයි නැතත් එකයි කීම සුලබ කතාවකි. ඒත් ලංකාවේ ජාමේ ඩිංගක් හෝ බේරෙන්නට මහින්දගේ බලය තරමක් හෝ අඩු වෙන්න ඕනේ තැනක මේ වගේ පහසු ක්‍රමවලින් විපක්ෂය තවත් කඩා වැටෙන ඒකට අකමැත්තෙමි.

    මම ලංකාවේ උන්නත් ඔය මල හත්තිලව් චන්ද වලට චන්දෙ දෙන්නේ නැත. පළාත් සබා චන්දය දවස අන්‍යාගමික නිවාඩුවක් සේ ආතල් එකක් දාගෙන නිවාඩුව භුක්ති විඳින මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. චන්දය පාවිච්චි නොකිරීම පවතින රජයට (වැඩිම බලයක් ලැබෙන පක්ෂයට ) කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමකි.

      Delete
  15. ///නදීෂාට අමුතුවෙන් දූෂිත කරන්නට තරම් කිසිදු දේශපාලන ආයතනයක් ලංකාවේ ඉතිරිව නැත. /////
    +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  16. අද බ්ලොග් එකේ පෙනුම වෙනදට වඩා ගතියක් තියෙනවා නේද?

    ReplyDelete
  17. ඒ කියන්නේ ඔක්කොම අවුල් අය ඉදිද්දී එක්කෙනෙක්ට විතරක් විරුද්ද වෙලා වැඩක් නෑ ..
    හරියට අපේ කැම්පස් ළමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද වෙනවා වගේ.........

    ReplyDelete
  18. ලංකාවේ දේශපාලනය තුල උගත් බුද්ධිමත් යයි කියන උන්ට දෙන චන්දය සහ අනර්කලීට පබාට දෙන චන්දය අතර වෙනසක් නැත.වරක් සරසවි ඇදුරන්වූ ජී ඇල් ,සුරවීර ,කරුණාසේන කොඩිතුවක්කු ආදීන් සහ පබා අනර්කලීලා අතර කිසිදු වෙනසක් නැත.මුන් දෙගොල්ලෝම ලාංකීය දේශපාලනයට හෝ චන්දදයකයාට කරන අටමගලක් නැත.අඩුම ගානේ ලාංකීය මහජනයාට ඇසට යමක් දෙන්නට අනර්කලී සමත්ය.ජී ඇල් පප්පාට එහෙම කෙංගෙඩියක්වත් පුලුවන්ද.

    ReplyDelete
  19. //නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල් කියවීමි. ඒවා බොහෝ දුරට සමානය.

    මූණු පොත යනු ලාංකීය සමාජය බවත්, එහි දක්වෙන අදහස් සමාජයේ හරස්කඩක් බවත් තරයේ අදහාගෙන, මූණු පොතේ ප්‍රතිචාර වලින් ඡන්ද දිනන්නට හෝ ජැස්මින් ගණයේ විප්ලව කරන්නට බලා සිටින් ගොං වහන්සේලාට කකුල් ආතල් සපයන් ගොසිප් සයිට් වලින් මෙවැන්නක් පැවසීම ගැන පුදුම විය යුතු නැත.

    එසේම ගොන් දෙපැය බලා ඉන්දියන් ආතල් අරගන්නා පබාල, කොබාලා, බබාලාගේ සෝප් ඔපෙරා ලෝකයේ අතරමං වූ සාමාන්‍ය ජනතාව නදීෂාට ඡන්දය නොදෙතැයි සිතීමද එවැනිම ගොන් ගමකි.

    ReplyDelete
    Replies
    1. ෆෙස් බුක් වත් බ්ලොග්වත් තවම ලාංකීය සමාජයේ පැතිකඩ නොවෙයි.නමුත් තව වසර පහකින් දහයකින් නම් එහෙම වෙයි.

      Delete
    2. කොළේ යන එකා කොළේ නොකා මොක කන්නද මිගාර? මේවා ලියන්නේ සයිබරයේය. කියවන්නේද සයිබරයේ උන්ම මිස නදීෂාගේ සෝප් ඔපෙරා බලන උන් නොවේ. නොබලන උන්ට කියවන්න ලිවීමට තරම් මට පිස්සු නැත.

      Delete
  20. උඹ ගහන්න ඕන පොයින්ට් ඔක්කෝටම ගහලා තියෙන්නේ. මටත් තියෙන දුක. බඩු ගහනවා කියලා පාර්ලීමේන්තුවේ හැන්සාඩ් එකෙත් ලියන උන්, පොන්න ජනතාවට වීරයෝ.. එකෙක්වත් පයිසෙකට මායිම් කරන්නේ නැති කෙල්ලෙන් ආවෝත්, ඒකී ගොනා.. අඩු ගානේ ඒකිට එන්න දෙන්න එපයි.. ආවයින් පස්සෙ නානවා නම් ගැහුවට කමක් නෑ. මේක මේ නගින්නත් කලින් බඩු ගිහිල්ලා..

    මේක ලැබෝගිනියෙන් වේගයෙන් ගල් යුගයට යන ගෝත්‍රික රටක් විතරක් නෙමෙයි ක්ෂණික මෝචනේටත් බේත් දෙන්න වෙන රටක්.

    ReplyDelete
  21. ඔව් ඉතින් යවල තියෙන උන්ගෙ හැටියට මුන්ද යැව්ව කියල අවුලක් නැ.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. දකුණෙ චන්දයක් තිබ්බනම් මමත් දෙනව. මේ පාර්ලිමේන්තුවේ, පළාත් සභා වල ඉන්න කුඩ්ඩන්ට, කසිප්පු කාරයන්ට, මිනී මරුවන්ට, දාමරිකයන්ට වඩා නදීෂල හොඳයි. වැඩක් නොකලත් අර තරම් කාළකන්ණින්ගෙන් වගේ විනාශයක් මේ නිළියන්ගෙන් නැති නිසා.

    ReplyDelete
  24. මිනීමරුවන්, මංකොල්ල කාරයන්, මැරයන් අපිම පාර්ලිමේන්තු යවා, අපිටම කෙළ වී ඇති බැවින්, සුදු හුරතල් නිළියන් පාර්ලිමෙන්තු යැවීම ජනතාවගේ දේශපාලන අවබෝධයේ පට්ට ජයග්‍රහණයක් වනු ඇත...

    ReplyDelete
  25. ඉන්දික ඇනෝ කමෙන්ට් දාලා අහු වෙලා . මෙතන .ඉන්දික උපශාන්ත කියන සිංහයාගේ නියම බලු ගතිය එතනට ගියාම බලාගන්න පුළුවන්.

    මම මුලින්ම කමෙන්ට් කරපු ඇනෝ.මම දිගටම මේ දෙන්නගේ වැඩ දිහා බලන් හිටියා.සහන් කියන්නේ තමන්ගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න කෙනෙක්.තාක්ෂණික දේවල් වලට දක්ෂ කෙනෙක්.බොහෝ පැහැදිළි කිරීම් කරලා තියෙනවා ඉතාම සරළව.බලපු හැටියේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.ඒවට ඕනේ කරන රූප සටහන් අන්තර්ජාලයෙන් සහ සහන් විසින් හදපු රූප දාලා තියෙනවා.රූප පිටින් ගත්තා කියල වරදක් නැහැ.ඉන්දික මෙතන දාපු රූපේ අරගෙන තියෙන්නෙත් නෙට් එකෙන්නේ.

    ඉන්දිකගේ හැසිරීම නම් පැහැදිළි.තනිකර ඉරිසියාවෙන් ඉන්න කෙනෙක් බව පැහැදිළියි සහන්ගේ බ්ලොග් එකේ නටපු පිස්සුව දැක්කම.ඉන්දිකගේ හීනමානය සහ මානසික රෝගී තත්වය ඉතාම පැහැදිළියි.මීට් පෙර අභීත එදිරිසිංහට කරපු අපහාස බ්ලොග් පුරා දැකලා ඇති ඇනෝ කමෙන්ටු මගින්.මොහු තනිකර ප්‍රෝඩා කරුවෙක්.ඉන්දික උපශාන්ත යනු මානසික බෙලහීනතාවයෙන් පෙළෙන කෙනෙක් බව පෙනේවි ඉහත ලින්ක් එකට ගියාම.වහාම මානසික ප්‍රතිකාර සදහා යොමු වන්න ඉන්දික.එය අපට මහත් අස්වැසිල්ලක්.ඔබ වැනි පුතෙකු බිහි කළ මවට නිගාවක් ඉන්දික.

    මා මුල සිට මේ සියල්ල දෙස බලා සිටි ඇනෝ වෙමි.

    ReplyDelete
  26. නදීශා ආවාට මම කැමතිය. ඒ නදීශාගේ දේශපාලනය නිසා නොවේ. නදීශා අනික් උන්ට වඩා නරක අඩුද කියන්නට තවම කල් වැඩිය. හැබැයි අනර්කලී තවම මිනිමරා හෝ කප්පම් අරගෙන නැත.

    මම කැමති සිරාම කාරණය නම්, ඇයගේ පැමිණීමෙන් ගොසිප් සයිට් වල සිට බුකිය හරහා ජාතික පත්තර දක්වා ඇතිවෙච්ච සාහිත්‍ය ප්‍රබෝධය. බොරුනම් අර 33000.lk එක බලමු.

    ReplyDelete
  27. මේ ගෑනි ගැන ඕනවට වඩා කතාකරන එකත් මහ මෝඩකමක්. ඔය ගෑනි දේශපාලනයට ආවත් එකයි, නාවත් එකයි. හැබැයි මම හිතන් නෑ ඔය ගෑනි දිනයි කියලා.එක අතකට මේ ගැන වැඩිපුර කතා කරන නිසාමා ඇය ඇයට අවශ්‍ය කලින් නොතුබු ජනප්‍රියතාවක් අරගෙන වගේ.ඒකම තමයි අවසානයේදී වෙන්නෙත්.

    ReplyDelete
  28. ඇත්තම කිව්වොත් මම නම් ඔය අන්ර්කලීගේ, උපේකෂා ස්වර්ණමාලිගේ, නදීශා හේමමාලියේ ඇඟවල් වලට මාර කැමතියි. පුදුම සෙක්සි ඇඟවල් මේ නිලියන්ට තියෙන්නේ. මේ නිලියන් එක්ක බුදිය නොගත්තත් හිතින් හරි බුදිය ගෙන ඉන්න වෙලාවල් අනන්තවත් තියෙනවා. ඒ නිසා පිරිමින්ගේ පාවෙන චන්ද මේ නිලියන් දිනා ගන්නවා වෙන්න පුලුවනි. මම වුනත් කැමති පක්ෂයක් තියෙනවා. නමුත් මේ වගේ නිලියක් ආවොත් මටත් මේවාගේ කෑල්ලකට චන්දේ දීලා දාන්න මානසික පෙළඹවීමක් ඇති වෙනවා. මම එහෙම නොකිව්වොත් මම කුහකයෙක් වෙනවා. මම සදාචාරය ගරු කරනවා. නමුත් මම කුහක නැහැ. හෘදය ශාක්ෂියට එකඟව කතා කරනවා. ඒකට මම මගෙ උගත්කම හා සදාචාරවාදී චින්තනය ගාවා ගන්නේ නැහැ. නමුත් මගේ මේ සෘජුබව ලංකාවේ බෙහෝම දෙනෙකුට තවම වටහා ගන්න දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ අය හිතන්නේ මම මනෝවිද්‍යාව විෂයට ආචාර්ය උපාධියක් කල නිසා මම තාපසයෙක් වගේ හරි හීරලුවෙක් වගේ හරි වෙන්න ඕන කියන ගොන් පාට් එකකින් තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක මට සමහර වෙලාවට වදයක් වෙනවා අර චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න වගේ ව්‍යාජ පිරිමි නමකින් බ්ලොග්කරණයෙහි යෙදෙන පුංචි කුමාරිහාමි බ්ලොග් එකෙන් නියම නමින් පෙනී සිටින රැජින පුවත්වතට ලක්මිණිගේ දිනපොත නමින් කොලමක් ලියන ලක්මිණි වෙදමුල්ල කියන දැනට විදේශගතව ඉතාලියේ මිලානෝ නගරයේ රැකියාව කරන තරුණිය වැනි මෝඩ දෘහිතෘකාවන් වගේ වැනි අයට නම් ලොකුම ගැටළුවක්. ඔවුන් ස්ත්‍රීවාදී චින්තනය ලෝකයට සමාජයට බෙදා දෙන අයවීමත් මාහට මෙහෙම පහර ගැසීමට ප්‍රධාන හේතුවක්.

    ReplyDelete
    Replies
    1. ආචාරි... ඔයා???

      Delete
    2. මම ඇනෝ නැතුව නියම නමින් දැම්මත් ඔයා මාව වෙන කෙනෙක් කියලා සැක කරනව⁣ෙ

      Delete
  29. ගැහැණු අපත් ඇට සම් මස් නහරවලින් හැදුනු ලිංගික හැගීම් තියෙන අය බව පිරිමි හිතන්නේ නැත්තේ ඇයි? අඩුම තරමින් ඉතාලියේ මිලානෝවල මගෙත් එක්කම ජීවත් වෙන මගේ ඇද බෙදාගෙන හැමදාම නිදා ගන්න මගේ විවාහක සැමියාවත්, මගේ පෙම්වතාවත් තවම මේ බව තේරුම් නොගෙන ඉන්න එක ඇත්තටම මට ලොකු දුකක්, චිත්ත පීඩාවක්. මම දැන් කොහොමද කාගෙන්ද ලිංගික තෘප්තියක් ලබන්නේ? මාව සතුටු කරලා අම්මෙක් කරවන්න මගේ බඩට දරුවෙක් දෙන්න පිරිමියෙක් මේ ලෝකේ නැද්ද කියලා මට කෑ ගහලා හඩන්න හිතෙනවා..

    ReplyDelete