Monday, November 25, 2013

මාලනී කෙල්ල කාලේ...

පින්තූරය - https://www.facebook.com/33000v
සිනමා සක්විතිලා හිටපුකාලේ  
නිළි රැජිණියන් හිටපුකාලේ 
මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ  
කළු සුදු වලින් වෙඩි තියපු කාලේ  
නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ  
නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු  කාලේ  
සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපුකාලේ  
තමයි කාලේ.....    


මහා ගාන්ධර්වයන් හිටපුකාලේ  
සල්ලි දීලා කැසට් ගත්තු කාලේ  
සින්දු වලින් මොරාල් ගත්තු  කාලේ  
ගම්වල බජව් දාපු කාලේ 

මහා ලේඛකයෝ හිටපු  කාලේ
හංගගෙන පොත් කියවපු කාලේ  
සත පණහේ විශ්ව විද්‍යාල තිබුණු  කාලේ 
සල්ලි දීලා දිනමිණ ගත්තුකාලේ  
චිත්‍රකතා පත්තර බලපු කාලේ  
පත්තර වලින් දේශපාලනය කරපු කාලේ  
පත්තරකාරයා එනකං බලං හිටපු කාලේ 



නාට්‍යකාරයෝ හිටපු  කාලේ  
නාට්‍ය වල සින්දු තිබ්බ කාලේ  
පොල් කොට උඩ ටීටර් පෙන්නපු කාලේ  
බයිසිකල් වල නාට්‍ය බලන්න ගිය කාලේ    


රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහපු කාලේ  
මහා නිවේදකයෝ හිටපු කාලේ  
පිනාගේ ජෝක් වලට හිනාගිය කාලේ  
සින්දු ඉල්ලලා පෝස්ට්කාඩ් යවපු කාලේ  

   
මහා දේශපාලකයෝ හිටපු කාලේ   
වාමාංශික පක්ෂ තිබ්බ කාලේ  
මැයි පෙළපාලි බලන්න කොළඹ ආපු කාලේ  
කොල්ලො කෙල්ලො කැරළි ගහපු කාලේ 


ඩිජිටල් නොතිබ්බ කාලේ  
හැමදේම ඇනලොග්ාලේ... 
මාලනී කෙල්ල කාලේ...  
අම්මපාතමයි කාලේ......!!

44 comments:

  1. මාලිනීගෙ කකුල් කලු සුදු වලින් විතරක් දැක්ක ඒ කාලේ
    ඊස්ට්මන් වර්ණ තිබ්බා නම් කොච්චර හොඳද ඒ කාලේ

    ReplyDelete
  2. මාලිනීගේ හැඩ අපිට බලන්න වෙලා තියෙන්නේ කළු සුදු වලින් වීම ගැන නම් බොහොම කණගාටුයි.

    ReplyDelete
  3. මොබයිල් ෆොන් නැතිකාලෙ අතින් ලියුම් දුන්න කාලෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි....
      අපේ ලේඛණ හැකියාව ඔප් නැංවුනු කාලේ :)

      Delete
  4. අපේ රටේ මාලනී ආච්චි තරම් සුන්දර නිලියක්, තවම නම් ඇවිත් නෑ.. මහින්ද මහත්තයා බඳින්න ඉඳලා තියෙන්නේ මාලනී ආච්චිලුනේ..

    ReplyDelete
  5. ටැබූ සබ්ජෙක්ස්ට් ලියපු කාලේ
    රාළ එක්ක මරා ගත්තු කාලේ
    පද්දා ඇනෝ ආපු කාලේ
    චාමි සිරා ලියපු කාලේ
    :D

    ReplyDelete
    Replies
    1. ඒ තමයි කාලේ

      Delete
    2. මචං මාලන් - ඒ අයිඩියෝලොජිකල් ලයින්ස් දැන් නැතිවෙලා ගිහින් - අළුත් ලොවකි දැන් උදා වෙලා තියෙන්නේ -

      Delete
  6. දාපු කමෙන්ට් එක කෝ

    ReplyDelete
  7. මේකයි අද මාලනීගේ මේකප් නොකරපු ෆොටෝ එකකුයි දැම්මනම් ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරගන්න ඒ හොදටම ඇති

    ReplyDelete
    Replies
    1. මේක මුලින්ම දැක්ක වෙලාවේ මටත් හිතුනේ ඔය ටිකමයි.

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්

      Delete
  8. කළු සුදු උනත් වෙඩි තියන එකනම් ලෙසටම වෙඩි තියල තියෙනවා.....

    ReplyDelete
  9. ගිය හකුරට නාඩන්නේ
    තියෙන හකුර රැකගන්නේ
    සිතමින් අත නලියන්නේ
    පබා කෙල්ල දිනවන්නේ
    උම්ම්ම්මා උම්ම්ම්මා උම්ම්ම්ම්ම්මා

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ලෝකය අපිට දුරස් කාලේ
    පිළිම ලොකුවට පෙනුණු කාලේ
    තට්ටු කරන්නට අත දිග නැති කාලේ
    දකින පිළිමය වැඳපු කාලේ
    හිතෙන් මල් පුදාපු කාලේ

    ලෝකය අතට අහු නොවුණු කාලේ
    ලෝකය මාරයි කියා හිතපු කාලේ

    ඩිජිටල් නැති කාලේ
    අපේ ආතල් අපිට ආතල් වෙච්ච කාලේ
    ඒ කාලේ තමයි කාලේ

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරනායක නෝනට අම්මා කියපු කාලේ........ :) :)

      Delete
    2. අපේ අම්මා ලඟ එනවා---හාල් සේරු දෙක දෙනවා

      මතකද?

      Delete
    3. ඉපදිලා නැතෝ [කිව්වට ජස්ට් බෝන් මගේ හිතේ]. මට එච්චර වයසක් නැහැ යකෝ.

      Delete
    4. krishantha hewageeganaJuly 23, 2014 at 1:20 AM

      ඩඩ්ලිගේ බඩේ මසල වඩේ
      ඩඩ්ලිගේ අලෙ ජාතික පොලේ

      Delete
  12. ටින් කඩලා දුවපු කාලේ..
    සේරු සේරු කියපු කාලෙ..
    කුරුම්බැට්ටි මැසිම කාලේ..
    ඒ කාලේ තමයි කාලේ..

    කෝපි කඩේ බලපු කාලේ..
    හරි හාවා නටපු කාලේ..
    රෝඩ් රනර් දුවපු කාලේ..
    ඒ කාලේ තමයි කාලෙ..

    පට්ට කෑලි කරපු කාලේ..
    පිච්චි අතේ නැතුව රාලේ..
    අරන් දුන්නා යකඩ මාලේ..
    ඒ කාලෙ තමයි කාලේ..

    ෂික් තව ලියන්න තිබ්බා...ඒත් කොහෙද මාත් කසාද බැන්දනේ.

    ReplyDelete
    Replies
    1. අරූ ඉන්නේ පරණ කාලේ
      උඹ ඉන්නේ පස්සෙ කාලේ

      Delete
    2. චාමියා පට්ට නාකියෙක්නේ..අපේ තාත්තට වඩා අවුරුදු දෙක තුනක් බාල ඇති.

      Delete
  13. කළු සුදු උණත් සරීරෙ වෙනසක් නැතුවා.....
    ඒ කාලෙත් අත් වැඩ හැම දෙන පැතුවා.....(වෙන්ටෑ නේ.....)

    ReplyDelete
  14. මං මේ කල්පනා කොලේ. නෑ එක්කෝ ඕනේ නෑ. කවුද බොලේ ඇලිස් කියලා.

    ReplyDelete
  15. ඔන්න ඔය කාලේ තමයි...බඹරේ වැල්ලෙත් කැරකුනේ...

    ReplyDelete
  16. දුක යනු වැරදි කාලෙක ඉපදීමයි!

    ReplyDelete
  17. අඩේ ඒ කාලේ දැන් වගේ ගවුමේ දිග මනින අය ඉන්න නැතුව ඇති නේ..

    ReplyDelete
  18. අම්මපා හැබෑව....ඒ කාලෙ තමයි කාලෙ...
    හැම විඳීමකටම "කට්ටක්" කන්න වුන කාලේ
    කට්ටක් විඳීමක් වුන කාලෙ....

    ReplyDelete
  19. මම මේ පෝස්ට් එකේ ආසම දේ තමයි, එක් එක් කෙනා තමාට වඩාත්ම දැනෙන ඒ කාලයට සාපේක්ෂව "ඒ කාලය" නිර්වචනය කිරීම.

    ReplyDelete
    Replies
    1. :) අපේ කාලේ තමයි කාලේ

      සින්දු වලටත් වෙන්නේ ඕකමයි.

      උඹට මතක තියේනම් අපි නාට්ටි ගැනත් ඔය දේම කතා කොලා බුකියේ උඹේ අභාවයට පෙර

      Delete
    2. තොපි හද්ද නාකි, අපි තාම නාඹර වයසේ කොල්ලෝ :P

      හේ හේ ෆේස් බුකියේ මරා ගත්තු කාලේ මතක් වෙනකොට "ඔබත් එක්ක ආයෙත් එහෙ යන්න හිතෙනවා" මචන්; ඒත් මෙහෙම හිතට පුදුම නිදහසක් දැනෙනවා :D

      Delete
  20. ඇයි..?
    ජැක්සන්ට කොණ්ඩේ තිබුණ කාලේ
    දිවුල්ගනේ සිංදු කියපු කාලේ
    නලීන්, කාලෝ අසනීප වෙන්න කලින් කාලේ
    වික්ටර්, සුනිල් පත්තරකාරයෝ වෙච්චි කාලේ

    ReplyDelete
  21. එතකොට...
    උදේ කොලඹ ගිය උන් හවස ගෙදර නාපු කාලේ
    සීල් පෙට්ටි ඇතුලේ කෙහෙල් කොටන් ආව කාලේ
    මායිම් ගම්මාන කියලා ජාතියක් තිබුන කාලේ
    දැන් කාලේ වගෙද රාළෙ ඒ කාලේ තමයි කාලේ

    සහන් දාන්න ඕනේ කමෙන්ට් එකක් ඌ දාන පාටක් නැති හින්දා මම දැම්මා... :D

    ReplyDelete
    Replies
    1. මන් මේ පොඩි වැඩක් ...පොඩ්ඩක් හිටහන්කෝ .. :D

      Delete
  22. "ඒ කාලෙ තමයි මල්ලි නැටුම් පටන් ගත්ත කාලෙ" කියල එම් එස්ගෙ සින්දුවකුත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එම් එසා ජෝති එක්ක සුපර් ස්ටාර් කරපු කාලේ

      Delete
  23. රියර් ගේට් !!!!!!!!!

    ReplyDelete
  24. නිකමට ඇවිත් බැලුවේ....
    බොහෝම ප්‍රමාදයි වගේ....
    අඹ ගහ යට තිබුනේ නෑනේ..........

    ReplyDelete
  25. http://nihalw.wordpress.com/2013/11/22/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/
    ඔය තියෙන්නේ අපේ යතාර්තවාදියාගේ කාලේ

    ReplyDelete
  26. අතීතය සශ්‍රීකයැයි සිතීම ලෝකයේ සෑම කලකම දක්නට ලැබුනු ලක්ශනයකි. ඒ මිනිසාගේ අතෘප්තියයි. හොඳම දෙය වර්තමානයට ආදරය කරමින් එහි ජීවත් වීමයි. මේ ගෙන හොඳ ලිපියක් රෙයා ගේට් හිම හමුව් වේ. http://reargate.blogspot.com/2013/02/blog-post_14.html

    නමුත් මෙම අගනා නිර්මානයෙන් බොහෝ රසවත් සිදුවීම් සිහියට නැගෙන අතරම ඒ ගෙවුනු අතීතය පිළිබඳව පහන් සංවේගයක්ද ඇති වේ.

    ReplyDelete