Tuesday, February 22, 2011

හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි...

මෙය මගේ බිරිඳ විසින්, අප විවාහයට පෙර පෙම්කල අවධියේ මා වෙත ලියා නොඑවන ලද ගීතයකි.


හද සැලෙනා ලා දල්ලයි....
ඔබ සීතල සුළඟයි....
හද ගලනා දිය ඇල්ලයි...
ඔබ සාගර යහනයි...
ඔබමය සතුටද... ඔබමය කඳුලද...
ඔබමය ලොවම මගේ.....

ඔබමය දියවර - තාපය නිමකල
මා දිවි උයන දැවූ.......
ඔබමය පණනල.... සුරකින නලවැල්....
ඔබමය මිහිමත - සැනසුම, සහනය
මා....... දිවියේ......
පිවිතුරු සිහිනය.

හද සැලෙනා ලා දල්ලයි....
ඔබ සීතල සුළඟයි....

ඔබමය දිනකර - මාවත ගණඳුර
බිඳහැර එළිය මැවූ......
ඔබමය ඉසිවර - බිඳි හද සුවකල...
ඔබමය සිත නිති... අයදින දෙව්රුව
ආදරයේ......
පිවිතුරු සිහිනය.

හද සැලෙනා ලා දල්ලයි....
ඔබ සීතල සුළඟයි....
හද ගලනා දිය ඇල්ලයි...
ඔබ සාගර යහනයි...
ඔබමය සතුටද... ඔබමය කඳුලද...
ඔබමය ලොවම මගේ.....

එයට ප්‍රධානතම හේතුව, එවක මෙම ගීතය නිකුත් වී නොතිබීමයි.

ඊයේ මෙම ගීතය කිහිප වරක් ප්‍රතිවාදනය වීමට සලස්වා මා වෙනත් කාර්යයක යෙදී සිටියදී
‘මොන කරදරයක්ද අනේ......’
කියමින් ඇය විසින් පරිඝනකය නිවා දැමුවාය.

හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි.......!!
පින්තූරය ගත්තේ 'මන්දාකිණී' යෙන්...