ඔබට ආසන්නවම ඇති බිත්තියේ, ඔබේ ඇස් බැල්මට ඉලක්ක වන තැන කපරාරුවට යටින් ඇති ගඩොලට කතන්දරයක් ඇත. එය මැටි ගඩොලක් නම් කතන්දරය විචිත්‍රය. යම් හෙයකින් එය දංකොටුව,පල්ලම, පුත්තලම, නිකවැරටිය වැනි පළාතක උපත ලද ගඩොලක් නම් කතන්දරය අති විශිෂ්ඨය.
ගඩොල් උපදින්නේ මැටියෙනි. මැටි ගඩොල් කරන්නේ තාත්තලා විසිනි. අම්මලාද නැත්තේ නොවේ. එනිසා සෑම ගඩොලක්ම නිපදවෙන්නේ දරුවන් හේතුවෙනි.
ගඩොල් නිපදවන්නේ වරකට එක බැගිනි. අච්චුව පාදම මත තබන්නේද, එයට මැටි පුරවන්නේද, ඒ මතින් ලීකුඩු ඉසින්නේද අවිඥාණිකවය. සංසාර පුරුද්දටය. ගඩොලින් ගඩොල ගැන සිතේ නැත. සිතේ ඇත්තේ ටාගට් එකක්, වැඩේ අහවර වූ පසු දාගන්නා කසිප්පු වඩිය සහ පොඩි එකා හොඳට ඉගෙනගෙන කටුනායක අධිවේගී මාර්ගයේ පදවාගෙන යාම සඳහා මිලදී ගන්නා වාහනය වැනි සරළ දේවල් ටිකකි.
සෑම ගඩොලක්ම බිත්තියක තැන්පත් වන්නේ එවන් අත් තිහ හතළිහකට මාරුවීමෙන් අනතුරුවය. ගඩොල් සඳහා මැටි කපන්නාගේ සිට අවසන් වරට එය බදාම කපරාරුවකින් වසා දමන්නා දක්වා. ඒ සෑම අතකම ඉලක්කයද, බලාපොරොත්තුවද සමානය. වෙනසක් වෙත්නම් කටුනායක අධිවේගී මාර්ගය වෙනුවට දක්ෂිණ අධිවේගී මාර්ගය ආදේශ වීම වැනි සුළු දෙයක් පමණි. මහා පොදු සාධකය දරුවන්ය. ගඩොල් කැපෙන්නේද, බදාම ඇනෙන්නේද, බිත්ති නැගෙන්නේද, පින්තාරු වන්නේද දරුවන් නිසාය.
මාද දරුවෙකුව සිටියෙමි. එකල මා හේතුවෙන්ද ගඩොල් වන් බොහෝ දේ නිපැයෙන්නට ඇත. එකළ අධිවේගී මාර්ග නොතිබූ හෙයින් ලාන්සර් කාරයක නැගී කොළඹ පාරේ එන රූප රාමුවක් තිබෙන්නට ඉඩ ඇත. එහෙත් අද මට ලාන්සර් තියා මොනම කාරයක්වත් නැත. මගේ දරුවන් වෙනුවෙන් බොහෝ දේ නිපදවන්නට ඇති නිසා කාරයක් ගන්නට අවකාශයක්ද නැත. කොටින්ම මට කාරයකින් ඇති වැඩක්ද නැත.
මා සහ ලාන්සර් කාරයක් පසුබිමේ බොහෝ දහඩිය මුගුරු හෙළුවෙකු සිටි බව සිහිපත් වන විටදී මහත් ශෝකයක් උපදී. මා කවර නම් පරපෝෂිතයෙක්දැයි මහත් දුකක් දැනේ. සියල්ල කර්මය යයි විශ්වාස නොකිරීම ගැන තරහක් උපදී.
පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ.....
මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ......
මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ......
මාද දරුවෙකුව සිටියෙමි. එකල මා හේතුවෙන්ද ගඩොල් වන් බොහෝ දේ නිපැයෙන්නට ඇත. එකළ අධිවේගී මාර්ග නොතිබූ හෙයින් ලාන්සර් කාරයක නැගී කොළඹ පාරේ එන රූප රාමුවක් තිබෙන්නට ඉඩ ඇත. එහෙත් අද මට ලාන්සර් තියා මොනම කාරයක්වත් නැත. මගේ දරුවන් වෙනුවෙන් බොහෝ දේ නිපදවන්නට ඇති නිසා කාරයක් ගන්නට අවකාශයක්ද නැත. කොටින්ම මට කාරයකින් ඇති වැඩක්ද නැත.
ReplyDeleteඋඹම හිත හදාගෙන කතා කරලා අර අන්තිමට කර්මයක් ගැන කියවන්නේ මොකටද?
මා සහ ලාන්සර් කාරයක් පසුබිමේ බොහෝ දහඩිය මුගුරු හෙළුවෙකු සිටි බව සිහිපත් වන විටදී මහත් ශෝකයක් උපදී. මා කවර නම් පරපෝෂිතයෙක්දැයි මහත් දුකක් දැනේ. සියල්ල කර්මය යයි විශ්වාස නොකිරීම ගැන තරහක් උපදී.
මම පොඩි කාලේ මාත් හීන දැකපු දේවල් තිබුනා. ඒ හීන කුඩුවෙලා කෑලි වෙලා ගිහිනුත් තාමත් අපි හීන දකිනවා. ඒක කර්මය කියලා මා නම් විස්වාස කරන්නේ නෑ.
දීප්තිගේ පරණ මඩ කෙටිකතාවක් වගේ එකක පොඩි කෑල්ලක් තිබුනා. සමහර අවස්ථා වලදී අපිට මිනිස් දඩයම් කරන්න වෙනවා කියලා. ඇත්තටම අපි වෙතින් දඩයම් වූ මිනිසුන් කොපමණක්ද?
Deleteහැබැයි අද ශ්‍රමයට මීට වඩා ඉල්ලුමක් තියෙනවා. උදාහරණයක් හැටියට ගෙඩි සීයකට නෙවෙයි දහයකට එකක් ගානෙයි අද ගණන් බැලෙන්නෙ. සමහර වෙලාවට ඊට වඩා වැඩි ආදායමක්. අද බොහෝ විට අඩු වැටුපක් ලබා ගන්නෙ පාසල් ගුරුවරු, ලිපිකරුවන්, කාකාසලා වැනි පිරිස්. කම්කරුවන්ම නෙවෙයි. ඒ වුණත් කතාව ඇත්ත. අදත් දහඩිය හෙළෙන්නේ දරුවන් වෙනුවෙන්. වෙනසක් නැහැ.
ReplyDeleteයතාර්ථය නම් එයයි ඇනෝ , අද අඩුම ආදායම් ලබන්නන් කම්කරුවන් නොවේ.
Deleteඒකෙන් මොකද්ද වෙන වෙනස? ආදයම් තත්වය ඉහළ යන වේගය වගේ සිය ගුණයකින් ඔවුනට ලබාදෙන හීන වල තත්වය ඉහළ යනවා.
Deleteකිලෝමීටර් 24 ක් දුර ගෙවාගෙන හලවතට තමුන්ගෙ දරුවන් ශිෂ්‍යත්ව පන්ති අරං එන ගඩොල් කපන, මේසන් වැඩ කරන පවුල්වල අය මං දන්නවා
ගඩොලක කතාව.
ReplyDeleteප.ලි: මම ඊයෙත් ගොඩ වෙලා බලලා ගියා උඹ මොනවා හරි ලියලද කියලා
දැන් මොකද්ද කියන්න හදන්නේ?
ReplyDeleteමොකුත් නෑ. ඔය වීඩියෝව බලපු වෙලේ ඔළුවට දැනුනු බර නිදහස් කලා. එච්චරයි.
Deleteවෙන්නේ එ ගඩොල් බදාම අස්සේ කොහේ හරි බිත්තියක හිර වෙන එක.
ReplyDeleteඅනිත් පැත්තෙන්
ලාන්සර් එකේ යන එකත් මවන හීන තියෙනවා නේද?
අනිවා
Deleteදංකොටුවේ කොල්ලෙක් ගඩොල් කපලා ලාන්සර් එකක් ගන්න සිහින මැව්වේ අරක්කු ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න,පස්සේ ඒ හම්බු කරපු සල්ලි දීලා ඉතාලි ආවා,ඉතාලි ඇවිත් සිහිනය උනේ ලොකු ගෙයක්,පස්සේ ඇලියොන් එකක්....
ReplyDeleteබැරි වෙලාවත් ඒ කොල්ල දැන් බ්ලොගකුත් ලියනවද? හා හා ඩිලාන් අපි දන්නෝ කොල්ලාගැන...
Deleteනෑ නෑ ඌ බ්ලොග් ලියන්නේ නෑ,,,,,,අනික අරක්කු 1994න් පස්සේ වෙන්නප්පුවේ අරක්කු අධිරාජ්ය කඩා වැටුනා
Deleteමම දන්න විදිහට නම් දැන් වෙන්නප්පුවේ කසිප්පු අධිරාජ්‍යයේ බලතල විමධ්‍යගත වෙලා. ගම්සභා ක්‍රමේට තමයි වැඩේ යන්නේ. ඒකත් හොඳයි එක අතකින්. :)
Deleteමේක දැක්කම මට පුදුම කතාවක් මතක් උනා මාලන් ... :(
ReplyDelete****මාලන් නෙවේ චාර්මි
Deleteකෙටි කතාවක්? වළඳක ඇති පුංචි ඇදයක් ගැන? මට පස්සෙ එහෙම මොකද්ද එකක් මතක් වුනා.
Deleteනැහැ නැහැ එහෙම කතාවක් නෙවේ.. ඉස්කෝලේ යන කාලේ සර් කෙනෙක් කියපු ජීවිත කතාවක්..! ( සුපුරුදු කතාවක්. නම් ගම් විතරයි වෙනස්..මන් වෙලාවක ලියලා ලින්ක් එක එවන්නම් )
Deleteචාර්මිට මතක් උන කතා කීපයත් අනිවාර්යයෙන්ම ලියලා තියන්න.. කවද හරි කාට හරි වැදගත් වේවි ...
Deleteගඩොලක කතාව 02 father's love ( පියෙකුගේ ආදරය )".
Deleteමෙන්න මන් කියපු කතාව ... පුළුවන් වෙලාවක ඇවිත් බලන්න .... මගේ ජීවිතේ අමතක නොවෙන කතාවක් මේ ...
ස්තුතියි
ReplyDeleteසිහින සීයක් දුටුවොත් එකක් සැබෑවෙයි.. වැඩි පුර සිහින දකිමින්, මහපොලොවේ ජීවත් වෙන එක තමා කරන්න තියෙන්නෙ.
ReplyDeleteසිහින සැබෑ නොවෙන එකම තමා ජීවිතය මං හිතන්නෙ. සියළු සිහින සැබෑ වෙනවනම් ඉන් එහාට ජීවිත්වීමේ තේරුමක් නැතිව යනවා.
Deleteඔක්කොම සිහින සැබෑ වෙනවා චොග්ම් මෙහෙ තිබ්බට පස්සේ.එතකල් ඉවසං ඉන්න.
ReplyDeleteඇත්තටම හිත ගත්ත අපූරුම කතාවක් මේකනම්.. සිහින ගැනනම් ඉතින් මොනවා කියලා කියන්නද?
ReplyDeleteකියල වැඩක් නෑ.. ලියවිල්ල නම් සුපිරියි !!
ReplyDeleteහීනේ මොකද්ද කියන එක එච්චර වැදගත් නැහැ මට හිතෙන්නේ... අපේ ජීවිතේ ඇදගෙන යන්න ඒ වගේ හීනයක් ඕනේ... අපිව මොනයම් තත්වෙකට හරි ගේන්න ඇත්තේ අපේ අම්මලගෙ තාත්තලගෙ හීන, ඒ වගේම අපේ ලමයිනුත් කවදා හරි කොහෙ හරි ඉඳියි අද අපි දකින හීන නිසා. ඒවා හැබෑ වෙනවද නැද්ද කියන එකත් එච්චර වැදගත් නෑ... වැදගත් දේ හීන දැකීමයි.
ReplyDeleteතිසර කිව්වොත් ඉතින් හරියට හරි.... අපේ සුසමාදර්ශෙනෙ මේ..
Deleteඊයෙ තාත්තා කිව්වා.. මං දෙවියන්ගෙන් ඉල්ලුව හැමදෙයක්ම ලැබිල තියෙන්නෙ ලොකු දුවේ.. කියල.. මට හිතෙන්නෙ දරුවො හතර දෙනාම දිහා බලල තාත්තට සතුටු වෙන්න පුළුවන් නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.. හැබැයි අපි එක්කෙනෙකුටවත් කාර් නෑ.. තාත්තගෙ හීන සරලයි. මානුෂීයයි..... ඒ සරල හීන අපේ ජීවිත ඇතුළෙ ඉටු වෙලා තියෙනවා කියල මට හිතෙනවා... තාත්ත සතුටින් ඉන්නෙත් ඒ නිසා...
ReplyDeleteඅපිට සතුට අහිමි වෙන්නෙත් අපේ හීනවල තියෙන බරපතළකම නිසාම වෙන්න ඇති...
සිහින හා බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ.. සමහර ඒවා ඉටුවෙනවා.. සමහර ඒවා ඉටු වෙන්නේ නෑ.. බොහොම සරළයි.. ඒත් මහා ළොකු හීන් දකින එක පිස්සුවක්..
ReplyDeleteසෑම ගඩොලක්ම බිත්තියක තැන්පත් වන්නේ එවන් අත් තිහ හතළිහකට මාරුවීමෙන් අනතුරුවය.
ReplyDeleteඋඹවත් ඉදල හිටල හරි බ්ලොගර්ට පෙම් බදින එක හොදයි.
ReplyDeleteමේ සැරේ ගඩොල ගෙනාවේ ආණමඩුවෙන්. බාන්න ආව කොල්ලා ඉස්කෝලෙ 8 වසර. ඌ බාගයක් බාද්දි කළුවර වැටීගෙන එන නිසා වැඩේ අමාරු වුනා. ඩ්‍රයිවර් හූල්ලද්දි උදව් කරන්න මම පටන් ගත්තත් ගල් 400ක් 500 බාද්දි මට හොද ගනන්. කොල්ලගේ කතාව කියල මේ බර වැඩිකරන්න ඕන නෑ.
ඔය ගඩොල අපේ පැත්තෙදි බ්ලොග් ගල වෙනවා. මැෂිම, හදන ක්‍රමය වෙනස් වුනත්....හීන කැරකෙන්නේ එකම කොටුවක් ඇතුලේ.
මගේ ගමත් ආණමඩුව.
Deleteඔය ජීවිත ගැන හිතනකොට හිත බරවෙනවා.අපේ අම්මලා තාත්තලා ඔය වගේ වැඩ කරලා යම් තත්වෙකට ආව නිසා අපි අද ඔය 8 වසරේ පොඩි එකාගේ තත්වෙට නොවැටී ඉගෙන ගන්නවා :(
//යම් හෙයකින් එය දංකොටුව,පල්ලම, පුත්තලම, නිකවැරටිය වැනි පළාතක උපත ලද ගඩොලක් නම් කතන්දරය අති විශිෂ්ඨය.//
ReplyDeleteචාමි,
ඇයි මේ පළාත්වල උපදින ගඩොලක කතන්දරය අති විශිෂ්ඨ වෙන්නෙ? රටේ ගඩොල් කර්මාන්තය කෙරීගෙන යන අනිත් පළාත්වල ගඩොලක ඉපදීමට වඩා මේ කියපු පළාත්වල ගඩොලේ කතාව වෙනස් වෙන්නෙ කොහොමද?
දවසක මේ පැත්තට ඇවිත් බලන්න සංජීව.එතකොට තමා තේරුම් ගන්න පුළුවන්.
Deleteඔබ වෙනස් වෙලා
ReplyDeleteජීවිතය මහා පුදුමාකාර දෙයක්. අපි වෙනුවෙන් කොච්චර ගඩොල් කැපෙන්න ඇතිද? අපි තව අය වෙනුවෙන් තව කොච්චර දේවල් කරන්න ඇතිද? සිහින, බලාපොරොත්තු, අපේක්ෂා මේ හැම දෙයක්ම මැද්දේ අපිව උස් මහත් කරන්න ඇද්ද? ඒ වගේම තවත් සිහින අපේක්ෂා මැද්දේ අපි තව කොටසක් උස් මහත් කරනවා ඇද්ද?
ReplyDeleteපටන් ගත්ත තැනට ආපහු ගිහින් එතන ඉඳලා හෙමින් හෙමින් ඇවිදගෙන එන්න. ඔබට සැහැල්ලු සුසුමක් ගන්න පුළුවන් වෙයි. මේ දවස්වල මම කරන්නේ ඒක.
ගඩොල් පෝරණුවට ගින්දර දාලා වැහුවට පස්සේ ගඩොල් අතරින් රෑට ලස්සනට පේන රතු එලිය මතක් වෙනවා.පුංචි කාලේ ඒ දිහා බලාගෙන ගොඩක් වෙලා හිටියා මතකයි
ReplyDeleteඇයි ගඩොල් පිළීස්සෙද්දි එන සුවඳ ? :) :)
Delete