Wednesday, May 16, 2012

හෙමින් සැරේ පියා විදා.......


එකල මට පෙම්වතියක් විය.

අප විවාහ විය යුතුව සිටියෙමු. අප ‘ආදරය’ කිරීම එයට හේතුවයි. මුලදී ඇය වඩාත් කැමැත්තෙන් සිටියේ මගේ මිතුරාටය. ඔහුට පෙම්වතියක් ඇති බව දැනගත් විට ඇය මට කැමති වූවාය. මට පෙම්වතියක් නොසිටි හෙයින් මමද ඇයට කැමති වීමි. එතැනදී ඇතිවූ ‘ආදර සම්බන්ධයට’ මූලිකම හේතුව ඇය ස්ත්‍රියක සහ මා පුරුෂයෙකු වීම පමණකි. එය එක්තරා උගුලක් සේද මට දැණිනි. යමෙකු අප මෙහෙයවමින් සිටී. නිකම්ම නිකම් ස්ත්‍රියක හා පුරුෂයෙකු වන අප දෙදෙනා දැන් හෘදයාංගම සාංසාරික පෙම්වතුන්ය. දැන් ඉතිරිව ඇත්තේ හැකි ඉක්මණින් විවාහකව ශාරීරික විනිවිදීමක් තුල අප සම්බන්ධතාවයේ පරිපූර්ණත්වයට පත්වීමයි. හුහ්....!!

ඇය මා වෙනුවෙන්ම උපන්නියක වූවාය. ඇය ළඟ මිහිරි සුවඳක් වී. ඇය සිපගැනීමේදී ඇගේ මුහුණේ වූ කුරුළෑ කිසිදු අපුලක් නොගෙනාවේය.  ඇගේ නාසය මත මතුවන තෙල් මුසු දහදිය මගේ සුරතින් පිස දැමීමි. ඇගේ නරක්වූ දතක වුව දුර්ඝන්ධයක් නොවී. මගේ සංවේදන පද්ධතියේ කුමක්දෝ ඉමිහිරි වයර් පැටලීමකි.

මා කොහොමත් සොයමින් සිටියේ මට අඩුවෙන්ම කරදර කරන අයෙකි. සහතිකවම ඒ ඇයමය. මගේ සියළු අවශ්‍යතා ඇය දන්නීය. දවසේ ඒ ඒ වේලාවන්හිදී මට සෑදිය යුතු තේ එකේ ප්‍රමිතිය පවා. ඈ මට උහුලාගත නොහැකි තරමින් නිහතමානීය. ලැජ්ජාශීලීය. අවංකය. මා වඩාත් ප්‍රිය කරන ලෙස සෙමින් කතා කරයි. ඇය ලවා කුණුහරුපයක් කියවීමට මා ගත් උත්සාහය වරක් ව්‍යර්ථ වූයේ ඇගේ දෑස් ලැජ්ජාශීලී කඳුලෙන් පිරීයාමෙන් අනතුරුවය.

මා සෙවූ පරමාදර්ශය දැන් මා සතුය. මා වෙනුවෙන්ම අයෙකු මගේ කාලයේදීම ජනිතව ඇති විශ්මය? මා පුපුරායන තරමේ වාසනාවන්තයෙක්මි.
______________________________


එය සිකුරාදාවක සන්ධ්‍යාවකි. මා සිටියේ මාර්ගය අයිනේ ඉරේෂා සමඟ කතා කරමිනි. ඇය මගේ පාසල් මිතුරියකි. අප හමුවූයේ දීර්ඝ කාලයකිනි. ඇය මගේ යතුරුපැදියේ හැඬලයට බර දීගෙන ප්‍රිය සල්ලාපයෙහි උන්නාය. පසුපසින් පැමිණෙන සී.ටී.බී බසයේ හඬ මට එක්වරම සිහිපත්කලේ ‘ඇයව’ ය. මගේ පෙම්වතිය බසයේ වීදුරුවක් තුළින් මා පසුකරමින් උන්නාය. මම සිනාසී අත වැනීමි. ඉරේෂා හොරේ අල්ලාගත්තාය. සතියකට පසු අද රාත්‍රියේදී ‘ඇගේ’ සුවඳ විඳගත හැකිය.

රාත්‍රී හතයි තිහ වන්නට ඇත. මහත් ප්‍රබෝධමත් ගතකින් සහ සිතකින්ද යුක්තව මා මගේ පෙම්වතියගේ නිවස තුළට පියමැන්නෙමි. එය නම් මා ඇගේ නුදුටු වේශයකි. එක්වරම අකුණක් පුපුරා ගියේය.

“මං හිතුවෙ නෑ තමුසෙ ඔහොම මිනිහෙක් කියල......”

එක්වරම කාලය නැවතිණි. දෙකන්සයෙන් පිටාර ගලන මහත් උණුසුමක් සමග මගේ හදවත මහත් වේගයෙන් ගැහෙනු මට දැණිනි. දෙපා අප්‍රාණිකව පුටුවක් මත මා ශරීරය වැතිරීමි.

මේ ‘ඇය’ නොවේ.

මේට්‍රික්ස් එකේ යම් අවුලක් මට ප්‍රත්‍යක්ෂය. මේ ‘ඇය’ නොවේ. වෙනත් කෙනෙකි. නැතහොත් ඇය ආවේශයෙනි. ඉරේෂා ගැන ඇයට පැහැදිලි කල හැකිය. අනෙක ඇය පිළිගත්තත් නැතත්, මා සිතිවිල්ලකිනුදු ඇයට වරදක් කොට නොමැත. අනෙක ඇය වැරදි වැටහීමක් ගත්තේ නම් එයද සාධාරණය. එහෙත් ගැටළුව එය නොවේ.

මා නොදන්නා තවෙකෙක් ඇය තුළ සිටී.

එම ‘නොදන්නා අනිකිය’ මට ඇමතූයේ “තමුසෙ” කියාය. ඒ මදිවාට මා “ඔහොම මිනිහෙක්” ද විය. ඇගේ ශබ්ද කෝෂයේ මේ වචන නොතිබිණි. තවත් සුළු මොහොතකදී මා යතුරු පැදියේ නැගී තරමක වේගයෙන්, කඩාහැලෙන අන්ධකාරය කපාගෙන ආපසු එමින් සිටින බව වටහාගතිමි.

සියල්ල කඩාවැටීමෙන්ම ඇතිවන මහත් හිස්කමකින් මා වෙළී ඇත. කිසිවක් නිරවුල්ව සිහියට නොඒ. කාට හෝ කතා කල යුතුය. යතුරු පැදිය නවතා දුරකථනය ගතිමි. ඇමතුම් ලැයිස්තුව පිරික්සන්නට වීමි. එක් අංකයක් ළඟ සිත නැවතිණි.

රේණු !

ඇය මගේ විවෘත මිතුරියක විය. ඇයටද පෙම්වතෙකු නොවී. එක්කෝ බොහෝ පෙම්වතුන් විය. ඇය මගේ පෙම්වතිය ගැනද දනී. එහෙත් කිසිදිනෙක ඒ ගැන මගෙන් අසා නැත. රේණුට ඇමතුමක් ගතිමි.

“මොකද මතක්වෙලා තියෙන්නෙ...?”
“නිකං....”
“නිකං මතක්වුනා..? මාව...?? හිහ්.... යනව නිකං අන්දන්නැතුව..... ඒක නෙමේ.... ඇයි?”
“කොහෙහරි යංද...?”
“මේ රෑ....? ම්...  යනවනං යං...!”
“රයිට්... මං එන්නං...”
“හෝව්.. හෝව්.... පර්මිෂන්...? අම්ම ඉන්නවා.....”
“මං ගන්නං.....”
“රයිට්.... එන්ඩ....!”

රේණුගේ මව මා කලක සිට දනිමි. ඇය මාව බොහෝ විශ්වාස කරන්නියකි. ඇයට කුමක්දෝ කීවා මතකය. ඊළඟ මොහොතේ රේණු යතුරු පැදියට ගොඩවූවාය. අන්ධකාරය මැදට අපි යන්නට ගත්තෙමු.

“අම්මට තඩි බොරුවක් කිව්ව නේ....? හ්ම්... කොහෙද යන්නෙ...?”
“අදහසක් නෑ....”
“හ්ම්... යමු....!”

කුඩා නගරයක් පසුවෙමින් තිබුණි. කිලෝමීටර් දහයක් දොලහක් අප පැමිණ ඇත. මුළු ගමන පුරා රේණු තොරතෝංචියක් නැතිව ‍කියවමින් ආවාය. වරෙක මහ හඬින් සිනාසුනාය. ඇය කතාකල කිසිවක් මට මතක නැත. මම යතුරු පැදියේ වේගය අඩාල කලෙමි.

“ඩ්‍රින්ක් එකක් ගමුද?”
“ඇයි අද මොකද?... අවුලක් නෑ.... ඒත් යකෝ රෙස්ටුරන්ට් එකකට ගිහින්..?? අම්ම ගහයි කිව්වලු... හිහ්....”

මම බාර් එකක් අසල නවතා බියර් කෑන් කිහිපයක් සහ සිගරට් කිහිපයක් මිලදී ගතිමි. අනතුරුව එවෙලෙහි මතකයට නැගි ළඟම ලැගුම්හලට ගොස් කාමරයක් වෙන්කරවාගෙන ඇයත් සමග (ජීවිතයේ පළමුවරට) ලැගුම්හල් කාමරයකට වැදීමි.

බියර් කෑනයකින් අඩක් උගුරේ හලාගෙන සිගරට්ටුවක්ද දල්වාගෙන ඇගේ උකුලේ හිස හොවාගෙන මා සිටියෙමි. ඇයද බියර් කෑනයක් තොලගාමින් මගේ හිස පිරිමදිමින් මොනවාදෝ කියවමින් උන්නාය. මමද ඇය සමග මොනවාදෝ වල්පල් කතා කල බව මතකය. ඇය වරෙක සිගරට් ගඳ අපුල බව පවසා සිගරෙට්ටුව අල්ලා වීසි කලාය. අපි බොරුවට දබර වීමු. මද බියර් මත සිතිවිලි සැහැල්ලු කොට ඇත. මා ඇයව සිප ගතිමි.

මට ඇගෙන් දහඩිය ගඳක් දැනෙන්නට විය. ඇගේ සිරුරේ වූ යන්තම් ඇලෙනසුළු තෙල්ගතිය මට අපුලක් දනවන්නට විය. මහත් මූසල වරදකාරී හැඟීමකින් සිත පෙළෙන්නට පටන් ගෙන ඇත. ශරීරය අප්‍රාණික බවක් හඟවයි. කුමක්දෝ දරාගත නොහැකි බවක් දැනේ. වේලාව රාත්‍රී දොලහට ආසන්නව පවතී. මම නැගී සිටියෙමි.

“අපි යමුද....?”
ඇගේ මුහුණේ දැල්වී නිවී ගිය හැඟීම් මාත්‍රයන් මොනවාදැයි නොදනිමි.
“හ්ම්හ්..... යන්ඩ ඕනෙ නං යමු....! මේක ඔයාගෙ ගමනක්නෙ....”

මුණු මුණු ගා අපට බණිමින් පැමිණි තානායම්පල්ලා අඩ නින්දෙන් විවර කර දුන් ගේට්ටුවෙන් පිටව අපි ආපසු ආවෙමු. රේණු නිවසට ඇරළවා යළි මගේ නිවසට විත් ඇ‍ෙඳෙහි පෙරළී මහත් හුස්මක් පිටකළෙමි. බියර් මත පරයන සැහැල්ලුවක් ඒ මොහොතේ දැණුනු බව මතකය.

28 comments:

  1. අදහසක් කියල කමෙන්ටුවක් දාන්න, මේක කියවද්දි ඇතිවුන හැගීම් ලියාගන්න බෑ... :)

    ReplyDelete
  2. එක් පිරිමියෙක්/ගැහැනියක් තුල චරිත කීපයක් ජීවත් වෙනබව ඔප්පු කිරීමක්. හිත වෙනතක ඇද යන කතාවක්....!!!

    ReplyDelete
  3. විකල්ප...

    කාසියේ දෙපැත්ත නැත්තං දාරෙකුත් තියේ...

    ReplyDelete
    Replies
    1. ම්හු...
      තව ටේක් එකකට යමු :)

      Delete
    2. මහන්සි කරවන්න එපා බං...

      Delete
    3. මේ දෙන්නගේ දෙබස නම් තේරෙන්නේ නෑ.:)

      Delete
  4. හැපෙන පෙරලෙන බිදෙන..... ජීවිතවලින් අංශු මාත්‍රයක්!

    ReplyDelete
  5. පලවෙනි කෙල්ල බැන්දෙ නැද්ද..අනේ මට දෙතුං පාරක් කියෙව්වත් තේරුනේ අඩුවෙං.....

    ReplyDelete
  6. සැබෑ ආදරය කියලා දෙයක් ලෝකේ නැහැ කියලා මිනිස්සු කියනවා. අනේ මන්දා. මං නං හිතන්නේ තියෙනවා. ඒක අන්ධයි කියලාත් තව අය කියනවා. ඒ අන්ධ බව නිසා හෝ වෙන දෙයක් නිසා හෝ තමන් 'සැබෑවට ම'ආදරය කරන කෙනාගේ දහදියත් සුවඳ වෙනවා. (ඒ ගැන විස්තර වෙන ඡේදයක් උඩ තියෙනවා.)

    ඉතිං ඒ බැඳීම නැති තැන නහය ගඳ සුවඳ හඳුනා ගන්නවා.ස්පර්ශය දහදිය ඇලෙන සුලු බව පෙන්වා දෙනවා.

    ඉතිං මේ මනුස්යා පෙම්වතිය ට 'සැබෑවට ම' ආදරය කරන කෙනෙක්.

    මේකයි මේ කථාවේ මගේ කියැවීම

    ReplyDelete
    Replies
    1. වෙන ඔප්ෂන් එකක් නැති තැන හමු වුනු දෙදෙනෙක් වුනත් පහු වෙනකොට 'සැබෑ' ප්‍රේම වන්තයින් විය හැකියි.

      Delete
  7. වරදක් නොකරම අපි බොහොම ආදරය කරන බොහොම විශ්වාස කරන කෙනෙක්ගේ සැකයට භාජනය වීම දරාගන්න බැරි තත්වයක්. තමා ඒ වරද කරලා ඒ විදිහ ප්‍රතිචාරයක් අපි ආදරය කරන කෙනාගෙන් ලැබුණනම් ඒක හිතට දරාගන්න පුළුවං... ඇත්තටම මම වරදක් කළ නිසා නේද මේක වුනේ කියලා???

    ReplyDelete
  8. කෙටිකතාවක තිබිය යුතු හොඳ ලක්‍ෂණ මෙහි දකිමි.

    ReplyDelete
  9. පැති හතර පහක්ම දැක්කා........:)

    ReplyDelete
  10. කියවලනං ඉවරයි.. ඒත් තාමත් තේරුමක් හොයනව. සියල්ලටම මුල ඉරේෂ විය හැක. තරහ ගිය ගැහැනියකුට කිසිවක් වටහා දිය නොහැක. එය පිරිමියෙකුටද වලංගුය.

    ReplyDelete
  11. වැරදි වැටහීමකට ඇය දැක්වූ ප්‍රතිචාරයද ඔබ ඊට දැක්වූ ප්‍රතිචාරයද වඩා අසාදාරණ.

    ReplyDelete
  12. කතා ගොඩක් කියෙව්වා :)

    අළුතින් හිතන්න හිතෙන විදියට ලියලා....:D


    අදමනේ මෙහේ ආවේ ඒකටත් පාර පෙන්නුවේ පුසා :D

    ReplyDelete
  13. මා අදරය කළ පිරිමින් අතර ඔහු ඉතා සුවිශේෂි කෙනෙකි. එයට හේතුව හේ ඉතාම අඩුවෙන් කතා කිරීමත් කතා කරන වචන කිහිපයේ පවා ගැබ්වී ඇති අමුතුම පැටලිලි සහගත බව නිසා මා මියෙන තෙක් මතකයේ රැඳීමත්ය.පිරිමින්ගේ අමුතුම ලොව හේ මට විවිර කළේ කිසිවකුත් කිසිදිනක නොගොසින් ඇති මහා කළුවර ගුහාවකට පරිස්සමෙන් එක්කන් යන්නා සේය.

    ඔහුට තේ කෝප්පයක් පිළියල කිරීම ඉතාම පහසු විය.කෙතරම් දේ අඩු වැඩි වුව ද ඔහුට එය ඉතාම ප්‍රනීත තේ කෝප්පයක්ම විය.ඔහු ඉතාම පහසුවෙන් සැනසිය හැකි අයකු වීම මා සිත සතුටට පත් කළේය.

    නමුත් හේ වෙනස් වෙමින් සිටියේ ය.

    ඔහුගේ ලෝකය පුදුමාකාර නිසංසල තැක් වූවත් දිලිසෙන දෑස් අඩවන්ව අඩ නින්දේ පසුවන්නකු මෙන් මා වතට පාත් වෙද්දී වෙනස් වූ ඔහුට මා බිය වීමි.

    “ වලත්තයා “ යැයි නොකීව ද, ඔහු ද ඒ පරපුරේ පුරුකක් බැව් සිතන්නට වූයෙමි.

    සිතුවිල්ල හැබෑවක් කරමින් හෙතෙම මා දෑස් ඉදිරියේ කෙල්ලක හා සතුටින් සිටිනු දුටුවෙමි.එතරම් සතුටකින් ඔහු මා හා කිසිදිනෙක දොඩා නැති බැව් සිතේ. කොටින්ම හේ මා හා දොඩමලු වන්නේ ඉතාම කලාතුරකිනි.

    ඔහු නිසා මා භාවිත කළ එකම ආලේපනය ද කිහිපවරායක් වෙනස් කළේ , මුහුනේ තෙල් ගතියට පිරිමින් නොකැමැති බැව් යෙහෙළියක කී නිසාම පමණක් නොව , රූපවාහිනිය ද එයට සාක්ෂි සැපයූ නිසාය.

    ඔහු මා හැර යයි යන සිතිවිල්ල දිනෙන් දින දරුණුවත්ම මා ඔහු ගැන සොයන්නට වීමි.මා ඔහුට අඩුවෙන් කරදර කළේ මගේ මවගේ ඤරු ඤ්‍රරු ව අසා සිටීමට බැරි තැන ම‘පියා අපව හැර ගිය නිසා බැව් ඔහු දන්නේ නැති බැව් සහතිකය.

    සියල්ල නිමා වන්නට වැඩි කලක් ගත වූයේ නැත.

    ඔහු සල්ලාලයෙක් බැව් සපථ කරමින් මා හමුවන්නට සිටි දිනයේ , ඉරේෂා හා දොඩමළු වෙමින් සිට මා හා රන්ඩු වී රේණු සමඟ රැයක් තානායමේ ගත කිරීමට තරම් ඔහු වෙනස් වී තිබුනි.

    නමුත් තවමත් ...............

    මා ඔහුට .........?????????????

    ReplyDelete
    Replies
    1. ඩියර් සොසි,
      එය ක්ෂිතිමය මොහොතකි. ඔබ සිතා මතා කිසිවක්ම කලේ නැත. එහෙත් ඔබ අතින් කුඩුපට්ටම් වී ගියේ මගේ ෆැන්ටසියයි. මිනිසෙකුට දරාගැනීමට අපහසුම දෙයයි.

      ඉන්පසු මා රේණු තුලින් පරීක්ෂා කලේ එම ෆැන්ටසියෙන් ඔබ්බටද ඔබ තුලම වූ යම් සාරයක් වෙත්ද යන්නද?
      කණගාටුයි. එවැන්නක් තවදුරටත් ඇත. ඔබ සමෙහි තෙල් ගතියක් නොදැනේ.

      ආදරය යනු මෙය විය හැකිය.

      දැන් ඉතින් අප සිනාසෙමින්, බැණගනිමින්, ශාපකරගනිමින්, අප එකිනෙකා තුල නැති සාරයක් අන් අය තුල සොයමින්, කවදා හෝ මහජන සම්පත සුපිරි ත්‍යාගය ඇදෙන තෙක්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට සුදුසුකම් සපුරා ඇත්තෙමු. අපිට සුබ අනාගතයක් :)

      Delete
    2. "දැන් ඉතින් අප සිනාසෙමින්, බැණගනිමින්, ශාපකරගනිමින්, අප එකිනෙකා තුල නැති සාරයක් අන් අය තුල සොයමින්, කවදා හෝ මහජන සම්පත සුපිරි ත්‍යාගය ඇදෙන තෙක්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට සුදුසුකම් සපුරා ඇත්තෙමු."
      .
      මෙන්න මේකයි මට නම් පෝස්ට් එක

      Delete
  14. ජීවිතය ඔහොමයි....

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්හ් ..... කුමක් කිව යුතුද නොතේරේ ..

    ReplyDelete
  16. මටත් ඔය සයිකොලොජිකල් සීන් විශ්ලේෂණය කරන්න දැනුමක් නෑ. මට දැණෙන විධියට මෙතන වෙන්නෙ පලිගැනීමක්. එක විධියකට තමන්වම රවට්ටගැනිල්ලක්. හැබැයි ඒකෙන් වැඩේ වෙනවා. ගෑණු ළමයට මම දන්න තරමින් අවංක වුණා. නමුත් එයා කතා කලේ මම වැරදි මිනිහෙක් කරලා. ඒකෙන් ගැලවෙන්න තියෙන විකල්පෙ ඒ වරද කිරීම. වරදක් මට්ටමේ දෙයක් නූනට වුණ දේ හිත හදාගන්න ප්‍රමාණවත්!

    ReplyDelete
  17. අමුතුයි!!! ඒත් නියම කෙටි කතාවක්.. නෑ..ගොඩක්!!

    ReplyDelete
  18. පොස්ට් එකේ මුල් ටික මගේ වර්තමාන ස්ටෝරිය මයි බන්.
    කැරකිලා කැරකිලා අන්තිමේදී මට සිරා කියන්න පුළුවන් කෙල්ලෙක් සෙට් උනා.

    "මා සෙවූ පරමාදර්ශය දැන් මා සතුය. මා වෙනුවෙන්ම අයෙකු මගේ කාලයේදීම ජනිතව ඇති විශ්මය? මා පුපුරායන තරමේ වාසනාවන්තයෙක්මි."

    මේ ටික මේ විදියටම මටත් දැන් කියන්න පුළුවන්.
    මිනිස්සු මුළුමනින්ම අඳුරගන්න බැරි තරමට සංකීර්ණයි බන්.
    ඒ නිසා අනාගතේ කොහොම වෙයි ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය පරමාදර්ශය ඇතුලේ තවත් 'මනුස්සයෙක්' ඉන්න බව සිහියෙ තියාගනින්. ඒ වගේම එයාගෙ පරමාදර්ශය ඇතුලෙ ඉන්න ඇත්ත උඹ ගැනත් හෙමිහිට දැනගන්න ඇරපං.

      එතකොට අනාගතේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

      Delete
  19. ගෑනියෙක් මිනිහෙක් කතා කර කර ඉන්නවා දැකලා "තමුසේ ඒ ජාතියේ මිනිහෙක් කියලා මම හිතුවේ නෑ" කියන ගෑනියෙක්ගේ හිත ඇතුලේ තියෙන්නේ මුන් දෙන්නා ඊලඟට කරන්නේ නිදිවදින එකයි කියන එක.

    ඒ කියන්නේ ඒ ගෑනි එක පාරක් මිනිහෙක් එක්ක කතා කලොත් හිත ඇතුලෙන් ඊලඟ පාර ඒ මිනිහා මුන ගැහුනාම නිදිවදින්න යන්න ලෑස්තියි කියන එක . . .

    කෙනෙක් තව කෙනෙක් කරයි කියලා උපකල්පනය කරන්නේ තමන්ට කරන්න පුලුවන් දේ තමයි . . .

    පිරිමි පැත්තෙන් ගත්තොත් ගෑනි වෙන මිනිහෙක් එක්ක කතා කරනවා දැක්කාම "කාත් එක්කද තමුසේ ඒ මුකුලු කර කර හිටියේ" කියලා අහන්නේ හිත ඇතුලේ මුන් දෙන්නා ඊලඟ සැරේ මුන ගැහුනාම නිදිවදීවි කියන විස්වාසේ තියෙන නිසා

    ඒ කියන්නේ ඒ මිනිහත් ඒ ජාතියේ . .

    එක දවසක් ගෑනියෙක් එක්ක හොඳන් කතා කරන්නේ ඊලඟ දවසේ හෝටල් කාමරයකට උස්සන්නේ කොහොමද කියලා හිතින් ප්ලෑන් කරන ගමන් . ..

    ඒත් හැමෝම එක වගේ නෑ . . .

    කොහොම නමුත් "තමුසේ ඒ ජාතියේ" වගේ කතා කියන අය ගැන මට නම් හිතෙන්නේ තමන්ගේ කිල්ලෝටයේ හුනු තියෙන බව දන්නා අයගේ කතාවක් කියලයි . .

    ReplyDelete
  20. Everything defined by social acceptance fades away when there is opportunity and desire. Love is the feeling thar

    ReplyDelete

Follow by Email