Saturday, May 19, 2012

සරා සහ සිරා - තෙවසරක අස්වැන්න

'යුද්ධය' මෙලෙස දරුවන්ට ජලය පොවන්නේ නැත.
මේ ජලය පොවන්නේ එක්දරු පියෙකු වන 'සරා' විසිනි.
කතා අංක එක - සරා සහ සිරා

සරා සහ සිරා ඉස්කෝල පහේ පන්තිය වෙනකං කොපිකලේ මගෙනි. ඊට පස්සෙ සරාට කොපිකරන්ඩ වෙන එකෙක් හොයාගන්නට සිදුවූ අතර සිරා මාත් සමගම වෙන ඉස්කෝලෙකට විත් දිගටම මගෙන් කොපිකලේය. ඒ කොපිකිරීම අවසන් කලේ ඕලෙවල් විද්‍යාව බහුවරණ පේපර් එකද, ගණිතය පළමු පේපර් එකද, දෙවෙනි එකේ කොටසක්ද, කෘෂිවිද්‍යාව බහුවරණ පේපර් එකද සහමුලින්ම කොපිකිරීමෙනි. ඒ හේතුවෙන් ලංකාවේ වඩාත්ම විකෘති සහගත විභාග ප්‍රතිඵලය සිරාට ආවේය. ගණිතය/විද්‍යාව/කෘෂිවිද්‍යාව සම්මාන. ආගම/සිංහල යන්තම් පාස්. අනික්වා ෆේල්. උගේ ප්‍රතිඵල සමරන්නට අපි විසින් දැදුරුඔය වැල්ලේ පැවැත්වූ මහා සාදයට සරා ආවේ නැත. ඌ අටේ පන්තියෙන් පිටව පුත්තලමේ ලූණු පාත්තිවල වැඩට ගොස් තිබුණි.

සරා සහ සිරා හමුදාවට බැඳුනේ එකම වකවානුවකය. ඒ කාලයේ ‘රණවිරුවන්’ සිටියේ නැති නිසා උන් දෙන්නාම අපට ‘ආමි එකේ කොල්ලො’ විය. මුල් වකවානුවේ උන් නිවාඩුවට ගමට පැමිණීම මහත් සංදර්ශණයක් විය. උන්ගේ කතා වලට අනුව කොටි සිරා වැඩකාරයෝය. ඒ අනුව කොටින්ට ගහන උං සිරාගෙත් සිරාය.

යුද්ධය දරුණු විය. අවසන් සටන එළැඹින. සරා/සිරා නිවාඩු ඒම අඩුවිය. ඒ ආවත් අර සංදර්ශණාත්මක ගතිය වෙනුවට සැබෑ බැරෑරුම් ගතියක් පෙන්වන්නට වූහ. කතාබහ උපේක්ෂාසහගත විය. ජීවිතය ගැන අඩුවෙන්ද, මරණය ගැන වැඩියෙන්ද කතා කලහ.
පෙරදී උන් ගෙනා සංදර්ශනාත්මක බව මෙවර අපි ගෙනාවෙමු. සරා/සිරා සහ ගමෙන් හමුදාවට ගොස් සිටි තවත් කොල්ලන් අට දෙනෙකුගේ ඡායාරූප ඇතුලත් කොට හන්දියේ දැවැන්ත කටවුට් එකක් ගැසීමු. මාසයක් පුරා පන්සලේ උන්ට සෙත්පතා බෝධි පූජා පැවැත්වීමු. සරාලා සහ සිරාලා කොටි පාලන ප්‍රදේශ වර්ග කිලෝමීටර ගණනින් අත්පත්කරගන්නා හැටි රූපවාහිනියෙන් බලා සිටියෙමු.

සරා යුදබිමේදී මියගිය පුවත ගමට ලැබුණි. ගමම එකම මලගෙයක් විය. සරාගේ අවමංගල්‍යය දා මොකද්දෝ අහම්බයකින් සිරාද ගමට ආවේය. දැවැන්ත ජනගඟක් සහභාගි වූ එම අවස්ථාවේ සිරා දුවපැන සියළු කටයුතු මෙහෙයවීය. ඉතා හැඟීම්බර අනුශාසනා, රණවිරු අභිවාදන මැද උගේ බැරූරැම් මුහුණේ දුකක් නොවිණි. අවසානයේ පෙට්ටිය නිවසින් එළියට ගන්නට නොදී එය බදාගෙන වැළපෙන්නට වූ සරාගේ බිරිඳ සහ දෙමාපියන් බලහත්කාරයෙන් ඉවත් කොට දුන්නේ සිරා ය. කනත්තේදී සියල්ලෝම ආචාර වෙඩිමුර පවත්වන ටී පනස්හය කටවල් දිහා බලා සිටිද්දී සිරා පසෙකට වී සිගරැට්ටුවක් උරමින් සිටියේය.

“මේක චාන්ස් එක. මෝටාර් එකක් උඩ ගැහුවොත් කොහෙහරි වැටෙනවා. ප්‍රශ්නේ ඒක වැටෙන තැන ඉන්නෙ ඌද, මමද, වෙන එකෙක්ද කියන එක විතරයි......”

සිරා පසුදින නැවත යුද්ධයට ගියේය.

“ආයෙ එන්ඩ පුලුවන් වෙයිද දන්නෑ. හිටියොත් අනිවා එනවා....”

ඌ බසයට නැගීමට පෙර සිනාසී අතවැනුවේය. අපි ගල්වී බලා සිටියෙමු.
------------------------------
යුද්ධය අවසන් විය. සති දෙකකින් සිරා ගමට ආවේය. ආසන්න නගරයේ සිට ගමේ හන්දියට සිරා ගෙනාවේ සරසන ලද කැබ් එකක පිටිපස්සේ නංවාගෙනය. හවස පැවැත්වූ උත්සවයකදී සිරාට උපහාර පිදිණි. සිරාගේ මවට සම්මානයක් හිමිවිණි. සිරා අම්මා බදාගෙන හැඬුවේය.

ඉන්පසු සිරා ගමට යන එන කතා එතරම් වැදගත් නොවුණි. වරක් මොකද්දෝ හදිසි අනතුරකින් සිරාගේ කකුලක් බරපතළ ලෙස තුවාල විය. මාස තුන හතරක් ඇවෑමෙන් සිරා නැවත සේවයට එක්විය.

මගේ දියණියගේ පන්තියේ ඉගෙන ගන්නා සරාගේ දියණිය රැගෙන මොපෙඩ් යතුරුපැදියක දිනපතා පාසලට එන සරාගේ බිරිඳ ඉඳහිට හමුවේ. ඇය හා නැවතී කතා කරන්නට තරම් දෙයක් නැති නිසා ඇය හා සිනාසී යන්නට යමි. 
පෙරේදා කොළඹ බසයක නැගී යමින් සිටියදී මාරවිල හරියේදී සිරා ව දුටිමි. ඔහු ගැහැණුන් දෙදෙනෙකුට සුපර්ක්‍රොස් තරඟාවලියක ටිකට් පතක් අලෙවි කිරීමට උත්සාහ ගනිමින් සිටියේය.
______________________________________

කතා අංක දෙක - තෙවසරක අස්වැන්න

ඉහත දැක්වෙන්නේ වසර තුනකට පෙර ගන්නා ලද ඡායාරූපයකි. මේ ඉදිරියට එන සිරාලා පිළිගන්නට මිනිස්සු තොරණ් ගසා බලා සිටියහ.



මේ මෙයට මාසයකට පෙර වීඩියෝවකි. මෙහි ‍අවසානයේ නිධන් හොරකමේ පැමිණ ලොරියක නැගී පලායන සිරාලාට මිනිස්සු ගල් ගසා හූ කීහ.

සිරාලා නිධන් හොරුන් නොවන බව මා සහතික කරමි. ඔවුන් නිධන් හොරුන් කලේ ඔවුන්ගේ ඉරණම භාරව සිටින තණ්හාධික බලාධිකාරයකි. සිරාලා එහි ගොදුරු පමණකි. ඒ මා දන්නා දෙයයි.

මම දන්නා දෙයින් නොදන්නා දෙයට යමි. සිරාලා ‘රණවිරුවන්’ කලේද එම බලාධිකාරය විසින්මය. එනයින් ඔවුන් කාගෙදෝ යුද්ධයක ‘ගොදුරු’ නොවිණිද?

කාටවත් මඩ ගසා, ගන්නට තරම් ෆන් එකක් මට නැත. මට අවශ්‍ය වන්නේ සරා ගේ මරණයෙහි සැබෑ අර්ථයයි. ගියදේ ගියාවේ කියා නිකම් ඉඳීම පහසුය. නමුත් සරාට දියණියක් සිටී. මට දියණියන් දෙදෙනෙකු සිටී. ඉදිරි පරම්පරාව ඔවුනගේය. එය සුරක්ෂිත විය යුතුය.

කෙටියෙන් කිවහොත් පහත පින්තූරයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොළව මත දියත්වූ අවසන් වෙඩිමුරය විය යුතුය. මේ සටහන ඒ වෙනුවෙනි.

___________________________________________________
මේ තවත් බොක්කෙන් ලියවුන සටහනකි - 
ඔක්සිජන් (තෙවර්ෂ පූර්ණ සැමරුම) - The null device

62 comments:

  1. අහෝ දුකකි. මා හට වූ දෙයක් ලෙස මෙය දැනේ. මගේ අත්දැකීම් මෙයට වෙනස් නොවේ. මට ද දියණියක් සිටී. අනාගත ලෝකය උන්ගේය. උන් ලෝකය බාරගත්දාට අප ගැන කවරක් නම් කියයිද??????

    ReplyDelete
  2. Ranaviruwange dan saba thathvaya ithamath kagatudayakaya.Lankavasi janathavage thathvayada davasin davasa kanagatudayaka thathvayata pathve.Janathavama thiranayak gatha yuthu kalaya udavi atha.

    ReplyDelete
  3. "යං.... දෙන්නත් එක්ක මාළු බාන්න...
    බිලී බාන්නෙක් කිව්වලු බිම් පණුවට..."

    ReplyDelete
    Replies
    1. නිවැරදි උද්ධෘතය:

      "අද හොඳ දවසක් යමු බිලී බාන්න, කිව්වලු බිම් පණුවා!"

      Delete
    2. "දිරිය මව සහ ඇගේ දරුවෝ නාට්‍යයේ උදෘතයක්" මේ පෝස්ට් එකට අනුව වෙනස් කළා :)

      Delete
  4. මෙම සිදුවීම් පෙළට දුෂණය කොට මරා දමා කුණුහරප කියමින් රහසග චයරුප ගතකරන Sri Lanka's Killing Fields සිදුවීමත් එක්කල විට කතාව තවත් පැහැදිලියි සිතමි. එසේම සිදුවූ යුද්ධයට මාද, ඔබද අප සවොමද එක ලෙස වගකියුතු බව සිතමි. එක්ව සිටියයුතු ජාතින් මිනි මරා ගැනීමට දැක්කවූ ජාති වාදයේ දෘෂ්ටිවාදය පාලක රෙජීමයේ දෘෂ්ටිවාදයයි, එහි නියයාචර්යවරුන් දෙමලා සමතල කොට අවසන් නිසා මුසල්මනුවගේ පල්ලි සොයමින් සිටි.ධනවාදයට එරෙහි සටනක් නොමැති අතර එය නිතරගයෙන් එක වී තිබේ. ධනවාදයේ, ජාතිවාදයේ දෘෂ්ටිවාදයන් පරාජය කිරීමට සංවාද කලයුතු සමාජවාදී යයි කියාගන්නා උගතුන් සුපුරුදු සුප්ත නිද්‍රාවට පත්ව ඇත. මේ සියල්ලටම වඩා ඉදිරිය අවුරුදු ගණනින් සැලසුම් කරන නොම්මර එකේ ආරක්ෂක ලේකම් වරයෙක් සිටින අතර, ඔබේ පැතුම සිහිනයක් වීමට හොදටම ඉඩ තිබේ.

    ReplyDelete
  5. යුද්දෙදි මැරුණ සෙබලෙක් විතරද වීරයෙක් වෙන්නෙ.... ඕකයි අන්තිමට මට ඉතුරු උන ප්‍රශ්නෙ..

    ReplyDelete
  6. බලය අත තිබේ නම් ඕන පුද්ගලයෙක් අද පාලකයන් කරන දේම කරාවි. ඒක ඇවිල්ලා සාමාන‍ය මිනිස් ස්වභාවය වෙන්න ඕන.

    ReplyDelete
  7. මේ වෙඩිමුරය මේ බිමේ අවසාන වෙඩි මුරය වේවා.

    ReplyDelete
  8. සරාල කීදෙනෙක් ඔයවිදිහට ජිවිතේදෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. සරා ලා හැරුණු විට.......?

      මේ යුද්ධය හේතුවෙන් දිවි තොරකරගත් බවට මා විශ්වාස කරන මගේ මිතුරෙක් ගැන සටහනක්...

      "උගේ වම් අත"

      Delete
  9. සරා ගේ අතුරු කතා බොහෝමයක් ඇත. ඒ සරා ගැන නොව සරාගේ නෝනා ගැනය.

    ඇය නිකම් පඩි ගනී.මගේ ගමේ සිටිනා සරාගේ නෝනාට නම් පඩි දෙකකි.එකක් වැටුපය. අනික පැන්ෂන් එකය. වැටුපේ වැඩිවෙන සියළුම දිමනා ඇයට ද වැඩි වේ.ඇය ඒවා වියදම් කරන්නේ පහත් වැඩ වලටය. හරියටම කියනවා නම් , වෙනත් පිරිමින් උදෙසාය.

    සරාට මෙන්ම සරාගේ බිරිඳටද එදා ගමේ උදවිය ගරුකළේය. ඇයට ද අද උත්සවයට ආරාධනා ලැබී තිබුනි.ඇය ගේ අත පතා පිරිමින් පැමිණියද ඇය විවාහ නොවේ. එයට ඇයට හේතු ඇත.මේ ගැන සලකා බලා විවාහ වූ පසුද දැන් ගන්නා වැටුපෙන් අඩක් ලබා ගත හැකි ලෙස නීති සම්පාදනය වුව ද ඇය විවාහ නොවේ.

    ඇය රණවිරු බිරිඳකි.( ඒ ඉස්සර ගැමි මතකය අද සේදී ගොස්ය ) අද ඇයට සලකන්නේ පහත් ගැහැණියකට සලකන පරිද්දෙනි. ඇය ගමේම සිටිනා..... හ්ම්...........

    මෙවැනි අතුරු කතා රැසකි.

    ReplyDelete
    Replies
    1. මෙය මේ ගැටළුවේ ඉතා සංවේදී කලාපයක් සොසි. මූලිකව ඇය මනුශ්‍යයෙක්. නමුත් මේ ඇතැම් ගණුදෙනු සිද්දවෙන ආකාරය ඉතා පහත් බව මමත් දන්නවා.
      මෙ මොහොතේ "හඳගම" සිහිපත් කරන්නම්. ඒ දවස්වල හඳයව මරාගෙන කන්ඩ හැදුවේ අද අපි අත්දකින ඇත්ත එදා කියන්න ගිහින්.

      Delete
    2. සරා ගේ නෝනා ගැන සොදුරු සිතට ඉරිසියය් වගේ .... වැඩිය නිවැරදිව කියනවා නම් ඕකට කියන්නේ ලිංගික කුහක කම කියල... "ඇය ඒවා වියදම් කරන්නේ පහත් වැඩ වලටය. හරියටම කියනවා නම් , වෙනත් පිරිමින් උදෙසාය" මටනම් මේකේ ප්‍රශ්නයක් පෙනෙන්න නෑ නේ, මිනිස්සුන්ට විවිද අවශ්‍යතා තියෙනවා ... ඒවා පහත් ද උසස්ද කියල කියන්න ඔබට තියෙන අයිතිය මොකක්ද ? ඇය නැවත විවාහ නොවන එක ද ඔබේ ප්‍රශ්නේ ? ඇය විවාහ වෙන්නේ නැතුව වෙනත් පිරිමින් සමග එකතුවෙන එක ඔබේ සංස්කෘතියට, සදාචාරේට ගැලපෙන්නේ නැතුව ඇති නේද ... කොටින්ම ඇහේ කටු අනිනවා වගේ ඇති නේද? මෙහෙම හිතන්න යට දරුවෙක් ඉන්න ව නම් දරුවා ගැන හිතල නැවත විවාහ වෙන්නේ නැත්තන් ? ඇයට ලිංගික අවශ්‍යතා ඇතිවීම අමානුෂික ද ? නැත්තන් මේ දිහා වපර ඇහින් බලන "සොදුරු සිත" අමානුෂික ද ?

      Delete
    3. ඇනෝ උඹ සමග එකඟයි. ඕක ලිංගික හා සදාචාර කුහකත්වයයි.

      Delete
    4. මා ලියු දේ මා සිතන හැටි කියල ඔබ හිතා ඇති බැව් පෙනේ. මම ලීවේ ඇය ගැන අද බහුතරයක් හිතන හැටි ගැන මිස මා හිතන හැටි ගැන නොවේ.

      ඇයට සැම දේකටම ඇගේම හේතු තියෙන බවත් මම ලියල තියෙනවා.මම දකින විදිහට ඇය තමා ගමේ ඉන්න අයගෙන් තමන්ට ඕනි විදිහට ජීවත් වෙන එකම විවාහක (වැන්දඹු) ගැහැණිය.

      Delete
    5. මෙන්න චිත්‍රපටයක් නිර්මාණය කරන්න සරත් වීරසේකරට හොඳ නිමිත්තක්.

      යුද්ධයේදී මිය ගිය සෙබළකුගේ බිරිය නැවත විවාහ නොවී වෙනත් පිරිමින් ආශ්‍රය කරනවා. එක්කෙනෙකුත් නෙවෙයි. කීප දෙනෙක්. ඇය ඔවුන්ගෙන් මුදල් හෝ උදව් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ගමේ මිනිස්සු කියන්නෙ ඇගේ වල්කම කියලා. ("මිනිහගෙ පෙන්ෂන් එකෙන් වල්කමේ යන ගෑනියෙක්") නමුත් ඈ එහෙම හැසිරීමක් පෙන්වන්නෙ ජීවිත කාලය පුරාවට තමන්ගේ පුරුෂයා සමඟ හිඳීමේ බලාපොරොත්තුවෙන්. වෙනත් පිරිමියකු සමඟ කායිකව එක් වීමේදී ඇය තමන්ගෙ මිය ගිය ස්වාමියා සමඟ මානසිකව/ආධ්‍යාත්මිකව එක් වෙනවා...

      චිත්‍රපටයේ කූට ප්‍රාප්තිය ඇය සිය මියගිය සැමියා වෙනුවෙන් මැයි දහනව වැනිදාවක "පරම වීර විභූෂණ" සම්මානය ලබාගෙන ගෙදර එන විට "සිංහල බෞද්ධ" ගම් වැසියන්ගේ ගල් පහරට ලක්ව මිය යෑම.

      සැර වැඩිද මන්දා...හිතට එන දේවල් තමයි, අබුද්දස්ස කාලෙට.

      Delete
    6. "ඇය නිකම් පඩි ගනී.මගේ ගමේ සිටිනා සරාගේ නෝනාට නම් පඩි දෙකකි.එකක් වැටුපය. අනික පැන්ෂන් එකය. වැටුපේ වැඩිවෙන සියළුම දිමනා ඇයට ද වැඩි වේ.ඇය ඒවා වියදම් කරන්නේ පහත් වැඩ වලටය. හරියටම කියනවා නම් , වෙනත් පිරිමින් උදෙසාය."

      මෙහෙම කියන සොදුරු සිත, මෙහෙමත් කියනවා ....

      "මා ලියු දේ මා සිතන හැටි කියල ඔබ හිතා ඇති බැව් පෙනේ. මම ලීවේ ඇය ගැන අද බහුතරයක් හිතන හැටි ගැන මිස මා හිතන හැටි ගැන නොවේ."

      (අනේ මන්ද පිස්සුද හැටිද කියල ....)

      උඩ කොමෙන්ට් එකට එකගය් එත් මේකට සිංහල බෞද්ධ කම ගාවගන්න ඕනි නෑ... මාත් සිංහල බෞද්ධ තම එත් වික්ටෝරියන් සදාචාරේ පටලවාගත්ත කෙනෙක් නෙවෙය්

      Delete
  10. සරා සහ සුභා යනුවෙන් නවකතාවක් ද, පත්තරේ කොටස් වශයෙන් ගිය කතාවක් ද කෙහෙද තිබුණා.

    මගේ සීයාගේ නම සුබතේලිස්. බාප්පාගේ අරගත්තු නම සරත්.

    බාප්පා කීවේ ඒක ඔහු සහ ඔහුගේ තාත්තා අතර කතාවක් කියලයි.

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයා යනු මොනතරමේ දේශපාලන බබෙකුද යනබව හා ඔහුට කොමෙන්ට්ස් දමන බබා ලන්තේ බබාලගේ දේශපාලන දැනුම හා දැක්ම ඔහුගේ නවතම පොස්ටුවෙන් (ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Camp) මොනවට කියා පායි. ටැබූ, බියොන්ඩ ෆ්‍රේම්, ඇටමැස්සා ඔබ කොහිද??

      Delete
  11. නූතන ජන කවි

    මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
    පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
    රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
    ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද, මිතුරූ?

    අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී
    ලෝක සොබාවය එහෙමයි දන කියතී
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

    තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
    ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
    සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
    මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

    යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

    ගසා දුම් බඹර පරපුර එලවාපං
    කඩා ගත් මීය රස කරමින් කාපං
    මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
    එපා ලෙවකන්න කෑ අත හෝදාපං

    මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
    පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
    ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
    අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

    -කතන්දරකාරයා

    http://kathandara.blogspot.com.au/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

    ReplyDelete
  12. අපි හිරු නැගෙන විට ද හිරු බැසයන විට ද රට වෙනුවෙන් ජීවිතය කැප කළ විරුවන් බැතියෙන් සිහිකරමු.

    ReplyDelete
    Replies
    1. මාර්කර්ට් කරන්න තියෙන එකම එක

      Delete
    2. "රට" වෙනුවෙන් නොවේ; ගෝත්‍රය වෙනුවෙන් කීවා නම් නිවැරදිය. රට වෙනුවෙන් දිවි දුන් එකෙක් වත් නැත.

      Delete
    3. කාළකණ්නි දේශපාලකයන්ගෙ සුඛ විහරණය වෙනුවෙන්....

      Delete
    4. දෑන් කොටි අහින්සක මිනිස්සු සිය දහස් ගනන් මරද්දි, නිකන් බලන් හිටියෙ නෑති එකද වරද?

      Delete
    5. අපොයි නෑ. කොටි මරණවය කියල අහිංසක දෙමළුන් මරපු එක. දෙමළ ගෑනු ළමයි දූෂණය කරපු එක. තාත්තා කරපු වරදට අවුරුදු දොළහක පුතා මරපු එක.

      Delete
    6. ඔබට පිලිතුර ම මMay 20, 2012 11:18 PM අනො ලෙස පහල දමා තිබෙ.

      Delete
  13. සිහිනගේ කමෙන්ට් එක දැක්කාම මට මෙහෙම හිතුනා.
    සෙබළෙක් වීරෙයෙක් වගේ පෙනෙන්නේ සටන් කරනකොට විතරද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට සෙබළු නිදන් හාරනකොට, හන්දිවල ටිකට් විකුණනකොට, රේස් යන්න වැලිකොට්ට අදිනකොට, නගර අලංකරණය කානු හරනකොට, සුදු වැන් වලින් පැහැරගෙන යනකොටත් වීරයෝ වගේ පේනවද? ඊටත් ටිකක් එහාට ගියොත් වදකාගාර පවත්වන යනකොට, කදවුර පිටින් එක ගැහැනියක් දුෂණය කර මර දමන විට, කොල්ලන්ගේ බෙල්ලේ ටයර් දාල හන්දිවල ප්‍රදර්ශනය කරන කොටත් ඔයාට සෙබළු වීරයෝ වගේ පේනවද?සෙබළු මර්දන යාන්ත්‍රණයක දතිරෝද වේ. එසේම විරත්වයද සාපෙක්ෂාවේ.

      Delete
  14. මේ කතිකාව ලඝු කරනව නම මෙහෙමයි.

    ප්‍රභාකරන් කියන්නෙ අපේ හතුරෙක්. ඒකෙ දෙකක් නෑ. ප්‍රභාකරන් නොමරා අපට ගැළවීමක් තිබුණේ නෑ. රනිල් වික්‍රමසිඤ්ඤො කරන්න ගියේ මෝඩ අප්‍රායෝගික, කවදාවත් වෙන්නෙ නැති වැඩක්. ඒකෙත් වාදයක් නෑ. ඒකයි අපි සරාට හා සිරාට ප්‍රභාකරන් මරන්න අවසරේ දුන්නේ. ඒ උත්සාහය අමාරු එකක්. ඒ උත්සාහයේදි අහිංසක මිනිස්සු මැරෙනව කියල අපි දැනගෙන හිටිය. ඒ ගැන අපට කරන්න දෙයක් නෑ. ප්‍රභාකරන් මැරුණෙ නැතිනම් අපි මැරෙන්න තිබුණ. ඉතින් අපි මැරෙනවට වඩා ඌ මැරෙන නිසා අපි ඒකට කැමැති වුණා.

    ඒ සියල්ලක්ම හරි. නමුත් අපි සරාට හා සිරාට කිව්වෙ නෑ. ප්‍රභාකරන් මරල එන අතරමඟදි රාසයියාව මරල රාසයියාගෙ දුවව දූෂණය කරල එන්න කියල. යුද්ධය දිනන්න ඒව අවශ්‍ය නෑ. නමුත් දැන් රජයම පිළි ගන්නා පරිදි යුද්ධයේ අවසාන අදියරේදි සාමාන්‍ය වැසියන් (මේ අයට සාමාන්‍ය වැසියන් කියන්නෙ අප නොවේ රජය) 6,000 කට ආසන්න ගාණක් මැරිල තියෙනව. යුද්ධය දිනන මේ ඝාතනය අවශ්‍ය නෑ. කවුද මෙහෙම මැරුවෙ? ඇයි මෙහෙම මැරුවෙ? අපට ඒ පැහැදිළි කිරීම් අවශ්‍යයි. අනෙක සෙබළුන් පිරිසක් පමණක් මෙහෙම කළා නම් ඒ වරදේ අපකීර්තිය සමස්ත යුද්ධ හමුදාවම දැරිය යුතු නෑ. ඒ නිසයි අප කියන්නෙ රජයට මේ මානව හිමිකම් කඩවීම් ගැන නැඟෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල. ඒක යුද්ධය ගැන ගැටළුවක් නෙවෙයි.

    මේ ප්‍රශ්නෙ නඟන හැම වෙලාවකදිම ඇයි කොටි මැරීම වැරදිද කියලා අහලා පැණලා යන්න හදන්න එපා. මේ කතා කරන්නෙ කොටි මැරීම ගැන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මම තමයි May 20, 2012 2:53 PM අනෝ.
      ඔබ ඉහල කියා ඈති දෙවල් එක්ක මමත් එකගයි. මට තියෙන ප්‍රශ්නය තමයි, අද හුගක් අය කතා කරන්නෙ හමුදාවෙන් කිසිම හෙතුවක් නෑතිව ගිහින් උතුරෙ හිටපු අහින්සක දෙමල මිනිස්සු ටික මරල දාල අව වගෙ. (එහෙම දෙයක් යුද්දය අස්සෙ උනාද නෑද්ද කියල හරියට කියන්න තරම් මට දෑනුමක් නෑ, හෑබෑයි එහෙම එකක් වෙල තියෙනව නම් ඔබ කියනව වගෙ වග කිව යුත්තන්ට දඩුවම් දිය යුතුයි )

      ඈත්තටම යුද්දය කියන එක හොද දෙයක් නොවුනත්, අපේ අහින්සක ජනතාව (සින්හල, දෙමල, මුස්ලිම්, බර්ගර්, යන සියලු ) අරක්ශා කර ගන්න අපෙ හමුදාව සහ පාලනය (දෑන් පාලනයට කෑමති නොවුනට යුද්දය පවතින කල පාලනය කල හෑටි අගය කිරීමෙ වරදක් නොදකිමි ) එකතු වි යුද්දයෙ නිමාවක් දෑකීම අගය කල යුතුයි.

      ඔබට "කොටි මරන එක වරදක්ද කියා" මග හරිනව කියල හිතෙනව වගේම තමයි, මට හිතෙන්නෙ අද අපේ හුගක් අය යුද්දය කරපු එකට වෑරදි කියනව කියල. මම කියන්නෙ ඒ යුද්දයට අපිව කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් අදල අරන් තිබුනෙ. 2009 උනෙ එකේ අවසානයක් දෑකපු එක. අපි කවුරුත් වෑරදි හෙලා දකින අතර, යුද්දය නිම වීම අගය කල යුතුයි.

      Delete
  15. අපි හැමෝම අද මේ යුද්දයේදී මැරිච්ච සාමාන්‍ය දෙමල මිනිස්සු ගැන කතා කරන්නේ බටහිරින් ඒ දේ අපට කිව්වා නිසානේ
    හැබැයි යුද්දයෙන් මැරිච්ච සිංහල සාමාන්‍ය මනුස්සයෝ ගැන අපි අදත් කතා කරන නෑ.මොකද බටහිරින් ඒ ගැන අපට කියනනැති නිසා.
    ඒ වගේම ඔය බටහිර රටවල් යුද්දයේදී කරන අමානුෂික වැඩ ගැන අපි කව්රුවත්ම කතා කරන නෑ(ඉරාකයේ,පලස්තිනේ.....)

    ReplyDelete
    Replies
    1. //අපි හැමෝම අද මේ යුද්දයේදී මැරිච්ච සාමාන්‍ය දෙමල මිනිස්සු ගැන කතා කරන්නේ බටහිරින් ඒ දේ අපට කිව්වා නිසානේ//
      මේ කතාව ඇත්ත. ඒකට හේතුව තමයි උතුරේ සිද්ද උනේ මොකද්ද කියන එක කිසිදු ස්වාධීන මාධ්‍යකින් වාර්තා නොවීම. මම කියන්නෙ මීඩියා කාරයො දාගෙන යුද්ද කරන්න කියන එක නෙමෙයි. නමුත් අවසන් සටන කියල අපිට පෙන්නුවෙ ජාතික රූපවාහිනියෙන් සංස්කරණය කරපු එකක්. කපල දාපු දර්ශණ සහ රූගත නොකල දර්ශන දන්නෙ රාමවික්‍රමලම තමයි.

      දකුණේ උනු සංහාරයන් අපි දැක්කා. නමුත් උතුරේ එහෙම මොකුත්ම නොවුනු ගානට මාධ්‍ය මෙහෙයුම ගෙනිච්චෙ. මම කියන්නෙ ඇත්ත තිත්ත වෙන්න පුලුවන්. නමුත් අමාරුවෙන් හරි පිළිගනිමු. මේ කියන්නෙ යුද අපරාධ චෝදනා ගොනු කරල දඬුවම් කරන්න කියලත් නෙමෙයි.අඩුම ගානෙ යුද්ධයක් කියන්නෙ 'ඇත්තටම මොනවගේ එකක්ද' කියන තේරුම් ගන්නවත්.

      මේ අද ඇසගැටුන ෆේස්බුක් පිටුවක්.

      Delete
    2. http://www.facebook.com/profile.php?id=100003693236512

      Delete
    3. /ඒ වගේම ඔය බටහිර රටවල් යුද්දයේදී කරන අමානුෂික වැඩ ගැන අපි කව්රුවත්ම කතා කරන නෑ(ඉරාකයේ,පලස්තිනේ.....)/

      අනුන්ගෙ ඇහේ රොඩු දකින්න කලින් අපේ ඇහේ පොල් පරාල ඉවත් කරගෙන ඉම්මුකෝ මහත්තයෝ. මේ මෝඩ තර්කෙ හැමදාම ගේන්නෙ "උන් කළ නිසා අපි කළාම මොකද?" අහන්නනෙ. උන් කළ දේවල් පැත්තකින් තියලා අපේ අයියලා කළ දේවල් බලමුකෝ.

      Delete
    4. යුද්ධයක් කියන්නෙ 'ඇත්තටම මොනවගේ එකක්ද' කින එක සටහන් වෙලා තිබුනේ යුද්දෙට ගිය සෙබළුන්ගේ ජංගම දුරකතනවල. දැන් ඒ සටහන් තියෙන්නේ චැනල් 4 කට්ටිය ලග. ඒකට්ටිය දැන් ටික ටික එලියට දානවා.ඉස්සරහට තව එලියට දායි එතකොට යුද්දයක් කියන්නේ මොකද්ද කියල තේරුම් යයි. එතකම් අපි Victory Day Celebration 2012 බලමු.
      අඩේ මල්ටි බැරල් එක නම් මරයි, දෙන්න ඇති කොටියාගේ පොරි හැලෙන්න නේ ............!!!!!!!!!!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මම තමයි May 20, 2012 2:53 PM අනෝ.
    ඔබ ඉහල කියා ඈති දෙවල් එක්ක මමත් එකගයි. මට තියෙන ප්‍රශ්නය තමයි, අද හුගක් අය කතා කරන්නෙ හමුදාවෙන් කිසිම හෙතුවක් නෑතිව ගිහින් උතුරෙ හිටපු අහින්සක දෙමල මිනිස්සු ටික මරල දාල අව වගෙ. (එහෙම දෙයක් යුද්දය අස්සෙ උනාද නෑද්ද කියල හරියට කියන්න තරම් මට දෑනුමක් නෑ, හෑබෑයි එහෙම එකක් වෙල තියෙනව නම් ඔබ කියනව වගෙ වග කිව යුත්තන්ට දඩුවම් දිය යුතුයි )

    ඈත්තටම යුද්දය කියන එක හොද දෙයක් නොවුනත්, අපේ අහින්සක ජනතාව (සින්හල, දෙමල, මුස්ලිම්, බර්ගර්, යන සියලු ) අරක්ශා කර ගන්න අපෙ හමුදාව සහ පාලනය (දෑන් පාලනයට කෑමති නොවුනට යුද්දය පවතින කල පාලනය කල හෑටි අගය කිරීමෙ වරදක් නොදකිමි ) එකතු වි යුද්දයෙ නිමාවක් දෑකීම අගය කල යුතුයි.

    ඔබට "කොටි මරන එක වරදක්ද කියා" මග හරිනව කියල හිතෙනව වගේම තමයි, මට හිතෙන්නෙ අද අපේ හුගක් අය යුද්දය කරපු එකට වෑරදි කියනව කියල. මම කියන්නෙ ඒ යුද්දයට අපිව කෑමෑත්තෙන් හො අකමෑත්තෙන් අදල අරන් තිබුනෙ. 2009 උනෙ එකේ අවසානයක් දෑකපු එක. අපි කවුරුත් වෑරදි හෙලා දකින අතර, යුද්දය නිම වීම අගය කල යුතුයි.

    ReplyDelete
  18. /අද හුගක් අය කතා කරන්නෙ හමුදාවෙන් කිසිම හෙතුවක් නෑතිව ගිහින් උතුරෙ හිටපු අහින්සක දෙමල මිනිස්සු ටික මරල දාල අව වගෙ./

    අහිංසක මිනිස්සු මැරුවෙ හේතුවක් නැතුව තමයි. නැත්නම් එකම හේතුව උන් දෙමළ වීම නිසා. ඇයි අහිංසක මිනිස්සු මරන්නෙ? යුද්ධෙ දිනන්න අහිංසක මිනිස්සු මරන්න මොකටද? මතක තියා ගන්න යුද්ධෙ පරිසරයක් නැති තැන වලදිත් අහිංසක මිනිස්සු මැරුණා '83 කළු ජූලිය වගේ. කවදාවත් ඒව කරපු පුද්ගලයන්ට දඬුවම් දීල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔබ මා කියු දෙය පටලවාගෙන. මගෙ කමෙන්ට් එක ස්ම්පුර්නයෙන් කියෙව්ව නම් ඔබට මම කියන දෙ පෑහෑදිලි වෙයි. එකයි මම කිව්වෙ එහෙම දෙයක් වෙලා තියෙනව නම් එකට දඩුවම් දිය යුතුයි කියල. එක වාක්කයක් අල්ලගෙන එකෙන් මුලු කමෙන්ට් එකම තෙරුම් ගන්න හදනව නම් ඉතින් කතා කර පලක් නෑත.

      Delete
  19. @Sumith Niriella, මට මතක හුණුවටයේ කතාවේ සයිමන් සෂාවා අසඩක්ට කිව්ව දෙයක් වගේ.

    ඉහත ජයශ්‍රීMay 19, 2012 6:03 PM , උත්තර දුන් ඇනෝ/ලා ට ,
    රණවිරුවන් දිවි දුන්නේ ඇත්ත වශයෙන් ම රට වෙනුවෙනි.දේශපාලනය කරන්ටත්,ගෝත්‍රය රකින්ටත්,වෙන ඕනෙ දෙයකටත් (ඇත්තටම සමාජවාදය හෝ ලිබරල්වාදය හෝ මොනයම් වාදයක් හෝ දිනවීමටත්) පළමුව රටක් තිබිය යුතුය.ඒ සඳහා කැප කිරීම් කළ විරුවන් අපි සදා සිහිකරමු.

    "ආ ඒ ගොල්ල නිදන් හාරනවා" බඳු තර්ක වල අදාලත්වයක් නැත.යුද්ද කළ අ‍ාකාරයට සංවිධානය වී සියලු හමුදාවන් (ගේමට බැස) නිදන් හෑරීමක් කොහෙත් ම සිද්ධවී නැත.අනුරපුර සිද්ධිය හුදෙකලා එක් සිද්ධීයක් ම පමණකි.
    එය දඩමීමා කරගෙන රණවිරුවාට හිමි ගෞරවය අහිමි කිරීමට යත්න දැරීම හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. "යුද්ද කළ අ‍ාකාරයට සංවිධානය වී සියලු හමුදාවන් (ගේමට බැස) නිදන් හෑරීමක් කොහෙත් ම සිද්ධවී නැත" යුද්ධ කල ආකාරයට ලක්ෂ ගණනක හමුදාවක් සංවිදානය වී නිදන් හැරීමට නම් අලුතෙන් නිදන් වලදැමිය යුතු බව ජයසිරිගේ ටිකිරි මොලයට වැටහෙන්නේ නැත. ජයසිරිගේ හුදකලා සිදුවීම් කොතරම් ඉස්මුරුතේ ගොස් ඇත්දැයි කිවහොත් පසුගිය ටික කලට සුදු වැන් වලින් හුදකලාවේම සිය ගණනක් අතුරුදහන් වී ඇත. සොල්දාදුවගේම ජංගම දුරකථන වලින් වීඩියෝ ගතකොට සුද්දට විකුණු Killing Fields වල "වීරත්වයත්" හුදකලා සිදුවීම්මද?පහුගිය දවස්වල රණවිරුවා, ධිවර උද්ගොෂණයකට පැන මර දැමු ධීවරයා හා වෙලදකලපෙට කඩ පැන මරාදැමු කම්කරුවා ගේ සිද්දීන් අයිති වෙන්නෙත් හුදකලා සිදුවීම් වලටද? මර්ධන යාන්ත්‍රණයක දැතිරෝද වීරත්වයට නැගීම මුග්ද අමනකමකි එයද අනිවාර්යයෙන් හෙළාදකිය යුතුය. මේවා ජයසිරිට අදාල නොඋනට එදා වේලට සටන් කරන අපටනම් වැදගත් වේ.මන්ද යත් "රණවිරුවාගේ" බයිනේත්තුවට අපේ හිස ඉල්ලක්කවී ඇති බැවිනි. "සොල්දාදුවෝ දැන්ඉතින් බැහැපන් කරෙන් බිමට!"

      Delete
  20. /රණවිරුවන් දිවි දුන්නේ ඇත්ත වශයෙන් ම රට වෙනුවෙනි./

    @ජයශ්‍රී,

    ඇත්තම කියනවා නම් ඔය ඊනියා රණ විරුවන් දිවි දුන්නේ රට වෙනුවෙන් වත් වෙන මොන කෙහෙල්මලක් වෙනුවෙන් වත් නොව උන්ට පඩි ගෙවූ නිසා, විශේෂ වරප්‍රසාද දුන් නිසා, මැරුණත් පවුලට පෙන්ෂන් එක ලැබෙන බව දන්නා නිසාය. ඔවුන් වැඩි දෙනක් හමුදාවට එක් වන්නේද ඊනියා රටක් වෙනුවෙන් නොව ලැබූ අධ්‍යාපනය අනුව වැඩිම ප්‍රතිලාභ ලබන්නට තිබුණු රැකියාව එනිසාය.

    ඔන්න පඩියක් නොලබා, වරප්‍රසාද නොලබා ගිහින් මළ කෙනෙක් ඉන්නවා නම් රට වෙනුවෙන් දිවි දුන්නාය පිළිගනිමි.

    ReplyDelete
    Replies
    1. උ/පෙල ප්‍රතිපල මත සාමාන්‍ය සරසවියකට ගොස් වෙනත් රැකියාවක් කර හොදින් ජීවත් වීමේ හැකියාව කැපකොට කොතලාවල ඇකඩමියට ගොස් හමුදාවන්ට බැඳී රට වෙනුවෙන් දිවිය කැපකළ මිතුරෝ මම හොදින් ම දනිමි.

      Delete
    2. සරසවියකට ගිහින් ලබන්න පුළුවන් රස්සාව මොකද්ද? හමුදාවට යන එක ඊට වඩා වාසියි. සොල්දාදුවෙකුටත් මුල්ම මූලික වැටුපම රුපියල් අටදාස් ගාණක්. වෙනත් කිසිම රස්සාවකට නැති වරප්‍රසාද එක්ක. අනෙක යුද්දෙට යන කවුරුත් තමන් මැරෙනව කියල හිතාගෙන යන්නෙ නෑ.

      Delete
    3. තමන්ගෙ මිම්මෙන් මුලු සමාජයම මනින්න හදන මෙ අනො වගෙ පුද්ගලයන් ගෑන මට නම් තියෙන්නෙ කනගාටුවක් ජයශ්‍රී. තමන් සල්ලි නිසා ඔන දෙයක් කල පලියට, රට වෙනුවෙන් කෑපවීමක් කල මිනිසුන් එ තත්වයට දා කතා කරන මෙවන් පුද්ගලයෙකු සමග සකච්චා කිරීමට වත් වටින්නෙ නෑ.

      Delete
    4. අනේ ඔව්, ඔය රට වෙනුවෙන් කැප වෙච්චි මිනිස්සු පඩි නැතිවනෙ ඕව කළේ...තමන්ගෙ සේවය වෙනුවෙන් ලද යුතු වැටුප ලැබුව නම් එච්චරයි. කවුරුවත් ඔළුව උඩ තියාගෙන යන්න අවශ්‍ය නෑ. අපි ගෙවපු බදු මුදල් වලින් තමයි මේ හැම දෙනාම වැටුප් ලැබුවෙ. ඉතින් ඔවුන් අපට සේවය කරන්න බැඳිලා ඉන්නවා. නැතුව පිනට කළා නෙවෙයි.

      Delete
    5. මෙවෑනි තර්ක ගෙනෙන ඔබත් එක්ක කතා කිරිමෙන් පලක් නෑත. ඔබ හරි කිය හිතා ගන්නකො...

      Delete
    6. "උ/පෙල ප්‍රතිපල මත සාමාන්‍ය සරසවියකට ගොස් වෙනත් රැකියාවක් කර හොදින් ජීවත් වීමේ හැකියාව " මෙහෙම හැකියාවක් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිය අයටනම් නොමැති බව ඔබ නොදන්නවා වුනාට විශ්ව විද්‍යාල වලින් පිටවූ සැවොම දනී. අනෙක ඔබේ කැපකිරීම් වලින් ඉහල මිතුරන් බැදෙන්නේ කොතලාවල ඇකඩමියටය. ඔයාගේ නොදන්නා කම කියන්නේ මහත්තයෝ එකට කට්ටිය යන්නේ අඩුම තරමේ අවුරුදු තුනක උපාදියක් කරන්නටය. ඒ කියන්නේ අද බදුනනම් යුද්දෙට යන්නේ තව අවුරුදු තුනකින්ය. ඒමදිවට පිටවෙන්නෙත් දෙවන ලුතිනන් නිලයක් දරාගෙනය, කෙසේහෝ කොටියෙකු මරන්න හිත දුන්නත් රාජකාරිය අනුව පසුපසට වී අණදිය යුතුය. ඔයාගේ ඔය කැපකිරීම් ඉහල මිතුරන්ගේ කතා කොන්ඩේ බැදපු චීනෙක් අල්ලන් කිවුවනම් වඩා හොදය

      Delete
    7. / මෙහෙම හැකියාවක් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිය අයටනම් නොමැති බව ඔබ නොදන්නවා වුනාට විශ්ව විද්‍යාල වලින් පිටවූ සැවොම දනී./
      මහත්මයානනි, මමද ඔබ ඔය කියන ලන්කාවෙ විශ්ව විද්දයාලයකින්ම ඉගෙන ගෙන පිටවි අද හොද රෑකියාවක් කරමි. නමුත් එය ඔබ නොපිලිගන්නා බව මෙතෙක් වෙලා ඔබ කල කතා බහ කියවීමෙන් මම තෙරුම් ගතිමි. මම පමනක් නොව මා සමග සිටි සියලු සිසුවන් අද සමාජයට වෑඩ දායි පුද්ගලයන්ය, ඔවුන්ගෙන් සමහරු (යුද්දය පෑවති සමයේම ) හමුදාවට බෑදුනෙ ඔබ ඔය කියන තරකය අවලන්ගු කරමිනි.
      /කෙසේහෝ කොටියෙකු මරන්න හිත දුන්නත් රාජකාරිය අනුව පසුපසට වී අණදිය යුතුය/
      මා දන්න තරමින් නම් දෙවන ලුතිනන් නිලයන් දරන්නන් යවන්නෙ, යුද්දයෙ ෆ්‍රන්ට් ලයින් එකට නායකත්වය සෑපයිමටයි. මාගෙ අසල් වෑසියන් වු මිතුරන් දෙදෙනෙක් ම කොතලවලින් පාස් වි, ෆ්‍රන්ට් ලයින් එකේ සෙවය කර ගමට අවේ සදහටම දෙනෙත් පියා ගෙනයි. පටු මානසිකත්වයකින් පවාසා ඈති ඔබගේ ඉයත කියුම මට ගෙනදෙන්නෙ අපුලක් පමනි.
      /ඔයාගේ ඔය කැපකිරීම් ඉහල මිතුරන්ගේ කතා කොන්ඩේ බැදපු චීනෙක් අල්ලන් කිවුවනම් වඩා හොදය/
      මෙම කියුමට මම ඔබ හා එකග වෙමි. ඔබට වඩා අපෙ බාශාව නොතෙරෙන (කොන්ඩය බෑදපු හො නොබෑදපු ) චීනෙක් මා කියනා දෙය පහසුවෙන් වටහා ගනි.

      Delete
    8. පිටරටට වී මල් හතේ රස්සාවක් කරන මහතයාණනි,
      ඔයා කොච්චර හොදට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන තියනවද කියනවනම්, සංවාදයේදී ඔයාගේ තර්ක ඔයා විසින්ම බිදහෙලනවා. මම කිවුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ග කිලෝමීටර 65,610 ඇතුලේ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාදිය ගන්න සාතිශය බහුතරයකට තම ජීවිතය හොදින් විදීමට තරම් වූ රැකියා නොමැති බවයි. මම එහෙම කියන කොට ඔයා මට කියනවා මම නම් පිටරටකට වෙලා මල් මල් ජොබක් කරනවා කියා. ඉතින් මට අහන්න තියෙන්නේ අයි ඔයාට මෙහෙ ජොබක් හොයා හඳුනා බැරි වෙලාද පිට රටක දෙවැනි පෙළ පුරවසිබවයක් ලබාගෙන සුද්දන්ගෙන් කිච වේවි "හොද රැකියාවක්" කරන්නේ කියාය.

      "දෙවන ලුතිනන් නිලයන් දරන්නන් යවන්නෙ, යුද්දයෙ ෆ්‍රන්ට් ලයින් එකට නායකත්වය සෑපයිමටයි." මෙතෙන්දිනම් ඔයා හරියටම කියුව වගේ ඒගොල්ලෝ යන්නේ "නායකත්වය" දෙන්න තමයි, එකියන්නේ "අද අපිට මෙන්න මේ පස් කන්නද බ්‍රක් කරන්න ඕඩස් ලැබිල තියනව ඔය ප්‍රයිවට්ල ටික එහෙමනම් යන්න" කියල සාමාන්‍ය සෙබළුන්ව මරන් මැරෙන්න පස්කන්දට යවන එක. අනේ මහත්තයෝ ඔයයි මයි දන්නා යුද්ද!

      "ලන්කාවෙ විශ්ව විද්දයාලයකින්ම ඉගෙන ගෙන පිටවි අද හොද රෑකියාවක්" කරන ඔබලාටනම් යුද්දය මැච් එකක ස්කෝර් අහන්නක් වැනි දේශප්‍රේමයක් බව අපි හොදාකාරවම දනිමු. නමුත් ඔබලාගේ ජඩ අතල් එකට මෙරටේ දුක් විදින පන්තියේ කෙල්ලෝ කොල්ලෝ (සිංහල හා දෙමල) දහස්ගනනක් මැරුම් කෑ බව සිහිවනවිට අපේ සිතටනම් දැනෙන්නේ අපුලකටත් වඩා දැඩි වෛරයකි.

      Delete
    9. මා මොන රටෙ මොන රෑකියාවක්ද කරන්නෙ යන්න මෙතනට අදාල නොවේ. ඉහත මා කියා ඈති ආකාරයට, මා පමනක් නොව, මා සමග විශ්ව විදයාලයෙ සිටි සියලු දෙනා අද සමාජයට සෙවයක් වන රෑකියා වල නියුතු වී ඈත (බහුතරය ඔබ ඔය කියනා වපසරිය වු වර්ග කිලොමීටර 65,510 තුලම.) ඔබ මාගෙ කමෙට්ටුවෙ එක වාකයක් අල්ලාගෙන තරක කිරීමට උපන් හපන් හෑකියාවක් අත්තෙකු බව නම් පෙනෙ.
      / අනේ මහත්තයෝ ඔයයි මයි දන්නා යුද්ද!/
      මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි!
      / නමුත් ඔබලාගේ ජඩ අතල් එකට මෙරටේ දුක් විදින පන්තියේ කෙල්ලෝ කොල්ලෝ (සිංහල හා දෙමල) දහස්ගනනක් මැරුම් කෑ බව සිහිවනවිට අපේ සිතටනම් දැනෙන්නේ අපුලකටත් වඩා දැඩි වෛරයකි./
      කොල්ලො (සියලුම ජාතින්වල ) දහස් ගනන් මෑරුනෙ මම දන්නා පමනින් නම් ජඩ ත්‍රස්ත්‍රවාදය නිසා මිස්ක් අපිට අතල් දෙන්න ගොස් නොවෙ.

      Delete
  21. @AnonymousMay 21, 2012 9:46 AM,
    මගේ තර්කය බිඳින්න ඔයා පොඩි රාමුවකට කොටු වෙලා කතාකරනවා.මම කලින් කිව්ව මිතුරන් හැරගියේ පේරාදෙණිය,මොරටු ඉංජිනේරු පාඨමාලා.

    ජයශ්‍රී

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් ඕනැ බොරුවක් කියන්න පුළුවන්නෙ නොදන්නා චරිත කීපයක් ගැන. මා කතා කරන්නෙ සාමාන්‍යය මිසක් විශේෂ චරිත ගැන නෙවෙයි. හමුදාවෙ වැටුප් හා වරප්‍රසාද රටේ අනෙක් රැකියා වලට ඉතාම වැඩියි. එහෙම ආකර්ෂණීය කළේ යුද්ධෙට වයින් කරල යවන්න පිරිස හදා ගන්න. හමුදාවෙ වැටුප් එහෙම ආකර්ෂණීය නොවූ කාලෙ හමුදාවට බැඳීම සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. ඔය සටන් කළේ රට වෙනුවෙන් නම් එහෙම වෙන්න බෑනෙ. ඔය හැමෝම සටන් කළේ තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ උදෙසා මිසක් වෙන දේවල් නිසා නෙවෙයි. නමුත් ඒ සත්‍යය යටපත් කරල ඔවුන් වයින් කරල යවන්න දේශපාලන ව්‍යාපෘති තියෙනව.

      Delete
  22. කොහොම උනත් මම හිතන්නේ විය යුතු දේ උනා...
    එය සිද්ද විය යුතු හොදම විදියට වෙන්නෙ නැතුව ඇති...
    එත් අවසානයේ අපි හැමෝම මූලිකව බලාපොරොත්තු උන දේ සිද්ද උනා...
    මේ හුගක් අය කියල තියන විදියට උපරිම සාදාරන විදියට යුද්දය නිමා කරන්න ගියානම් , යුද්දය නිම වෙන්න තව බොහෝ කලක් යාවි ( සමහර විට කවදාවත් නිම නොවේවි )

    කොහොම උනත් යුද්දයෙදියි ආදරයෙදියි හැම දේම සාදාරනයි කියනවනේ...

    ( මගේ අදහස එක්කලාපමනි.. මම දන්න ඩේශපාලනයක් නැත )

    ReplyDelete
  23. @ජයශ්‍රී,
    "උ/පෙල ප්‍රතිපල මත සාමාන්‍ය සරසවියකට ගොස් වෙනත් රැකියාවක් කර හොදින් ජීවත් වීමේ හැකියාව " මෙහෙම හැකියාවක් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිය අයටනම් නොමැති බව ඔබ නොදන්නවා වුනාට විශ්ව විද්‍යාල වලින් පිටවූ සැවොම දනී. අනෙක ඔබේ කැපකිරීම් වලින් ඉහල මිතුරන් බැදෙන්නේ කොතලාවල ඇකඩමියටය. ඔයාගේ නොදන්නා කම කියන්නේ මහත්තයෝ එකට කට්ටිය යන්නේ අඩුම තරමේ අවුරුදු තුනක උපාදියක් කරන්නටය. ඒ කියන්නේ අද බදුනනම් යුද්දෙට යන්නේ තව අවුරුදු තුනකින්ය. ඒමදිවට පිටවෙන්නෙත් දෙවන ලුතිනන් නිලයක් දරාගෙනය, කෙසේහෝ කොටියෙකු මරන්න හිත දුන්නත් රාජකාරිය අනුව පසුපසට වී අණදිය යුතුය. ඔයාගේ ඔය කැපකිරීම් ඉහල මිතුරන්ගේ කතා කොන්ඩේ බැදපු චීනෙක් අල්ලන් කිවුවනම් වඩා හොදය

    ReplyDelete
  24. @ජයශ්‍රී,
    "යුද්ද කළ අ‍ාකාරයට සංවිධානය වී සියලු හමුදාවන් (ගේමට බැස) නිදන් හෑරීමක් කොහෙත් ම සිද්ධවී නැත" යුද්ධ කල ආකාරයට ලක්ෂ ගණනක හමුදාවක් සංවිදානය වී නිදන් හැරීමට නම් අලුතෙන් නිදන් වලදැමිය යුතු බව ජයසිරිගේ ටිකිරි මොලයට වැටහෙන්නේ නැත. ජයසිරිගේ හුදකලා සිදුවීම් කොතරම් ඉස්මුරුතේ ගොස් ඇත්දැයි කිවහොත් පසුගිය ටික කලට සුදු වැන් වලින් හුදකලාවේම සිය ගණනක් අතුරුදහන් වී ඇත. සොල්දාදුවගේම ජංගම දුරකථන වලින් වීඩියෝ ගතකොට සුද්දට විකුණු Killing Fields වල "වීරත්වයත්" හුදකලා සිදුවීම්මද?පහුගිය දවස්වල රණවිරුවා, ධිවර උද්ගොෂණයකට පැන මර දැමු ධීවරයා හා වෙලදකලපෙට කඩ පැන මරාදැමු කම්කරුවා ගේ සිද්දීන් අයිති වෙන්නෙත් හුදකලා සිදුවීම් වලටද? මර්ධන යාන්ත්‍රණයක දැතිරෝද වීරත්වයට නැගීම මුග්ද අමනකමකි එයද අනිවාර්යයෙන් හෙළාදකිය යුතුය. මේවා ජයසිරිට අදාල නොඋනට එදා වේලට සටන් කරන අපටනම් වැදගත් වේ.මන්ද යත් "රණවිරුවාගේ" බයිනේත්තුවට අපේ හිස ඉල්ලක්කවී ඇති බැවිනි. "සොල්දාදුවෝ දැන්ඉතින් බැහැපන් කරෙන් බිමට!"

    ReplyDelete
  25. @පිටරටට වී මල් හතේ රස්සාවක් කරන මහතයාණනි,
    ඔයා කොච්චර හොදට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන තියනවද කියනවනම්, සංවාදයේදී ඔයාගේ තර්ක ඔයා විසින්ම බිදහෙලනවා. මම කිවුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ග කිලෝමීටර 65,610 ඇතුලේ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාදිය ගන්න සාතිශය බහුතරයකට තම ජීවිතය හොදින් විදීමට තරම් වූ රැකියා නොමැති බවයි. මම එහෙම කියන කොට ඔයා මට කියනවා මම නම් පිටරටකට වෙලා මල් මල් ජොබක් කරනවා කියා. ඉතින් මට අහන්න තියෙන්නේ අයි ඔයාට මෙහෙ ජොබක් හොයා හඳුනා බැරි වෙලාද පිට රටක දෙවැනි පෙළ පුරවසිබවයක් ලබාගෙන සුද්දන්ගෙන් කිච වේවි "හොද රැකියාවක්" කරන්නේ කියාය.

    "දෙවන ලුතිනන් නිලයන් දරන්නන් යවන්නෙ, යුද්දයෙ ෆ්‍රන්ට් ලයින් එකට නායකත්වය සෑපයිමටයි." මෙතෙන්දිනම් ඔයා හරියටම කියුව වගේ ඒගොල්ලෝ යන්නේ "නායකත්වය" දෙන්න තමයි, එකියන්නේ "අද අපිට මෙන්න මේ පස් කන්නද බ්‍රක් කරන්න ඕඩස් ලැබිල තියනව ඔය ප්‍රයිවට්ල ටික එහෙමනම් යන්න" කියල සාමාන්‍ය සෙබළුන්ව මරන් මැරෙන්න පස්කන්දට යවන එක. අනේ මහත්තයෝ ඔයයි මයි දන්නා යුද්ද!

    "ලන්කාවෙ විශ්ව විද්දයාලයකින්ම ඉගෙන ගෙන පිටවි අද හොද රෑකියාවක්" කරන ඔබලාටනම් යුද්දය මැච් එකක ස්කෝර් අහන්නක් වැනි දේශප්‍රේමයක් බව අපි හොදාකාරවම දනිමු. නමුත් ඔබලාගේ ජඩ අතල් එකට මෙරටේ දුක් විදින පන්තියේ කෙල්ලෝ කොල්ලෝ (සිංහල හා දෙමල) දහස්ගනනක් මැරුම් කෑ බව සිහිවනවිට අපේ සිතටනම් දැනෙන්නේ අපුලකටත් වඩා දැඩි වෛරයකි.

    ReplyDelete
  26. කතන්දර කාරයා යනු මොනතරමේ දේශපාලන බබෙකුද යනබව හා ඔහුට කොමෙන්ට්ස් දමන බබා ලන්තේ බබාලගේ දේශපාලන දැනුම හා දැක්ම ඔහුගේ නවතම පොස්ටුවෙන් මොනවට කියා පායි. ටැබූ, බියොන්ඩ ෆ්‍රේම්, ඇටමැස්සා ඔබ කොහිද??

    ReplyDelete