Monday, July 22, 2013

දන්සැල් ආශ්චර්යය

මාර පින්තූරයක්
කවුරු මොනවා කිව්වත් දැන් අවුරුදු කීපයක ඉඳන් මේ රටේ මොකක්හරි ආශ්චර්යයක් පහළ වෙමින් තියෙනවා. මිනිස්සුන්ට සල්ලි නෑ... ආර්ථිකය කඩාවැටිලා.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... හැමෝම කියන්නෙ ඕවා තමා. ඒ වුනාට වෙසක් පොසොන් වලට දීපු දන්සැල් කන්දරාව දැක්කනේ?

මේ දැන් උදේ එකෙක් ඇවිල්ලා කතා කරනවා  දන්සැල් කන්ඩ යමුලු. උන් පොඩි බස් එකකට තෙල් ගහ‍ගෙන පඬුවස්නුවර.... වැල්ලෑගල... පරමාකන්ද... ඔය රවුමෙ යන්න සෙට් වෙලා. අද දවසේ අපේ ගමේ විතරක් බත් දන්සැල් එකයි, කිරිකෝපි දන්සැල් දෙකයි, බීම දන්සැල් එකයි, හොල්මන් මන්දිර එකයි. අද හවස් ජාමේ අහල ගම්වල බත් දන්සැල් දෙකකත්, භක්ති ගීත සංදර්ශණ එකකත් ආරම්භක අවස්ථාවට හොට දාලා එන්න තියෙනවා. (යාළු පිට් එකට )

වැඩේ කියන්නෙ මේ දන්සැල් දෙන්න හේතුව අද ඇසළ පෝය හෙවත් හඳ ලොකුවට පායන එක විතරමයි. වෙසක් නම් බෞද්ධයාගේ අවුරුද්ද විදිහටනේ සලකන්නේ. පොසොන් ලංකාවට බුදුදහම ලැබුනු දිනයනේ. මම ඔය දන්සැල් කාරයො දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා ඇසළ පෝයෙ තියෙන විශේෂත්වය මොකද්ද කියලා. මුං ඒක හිතලවත් නෑ. එකෙක් නම් කිව්වා වෙසක් පොසොන් ගාවට ඇසළ එන එක හින්දා අර පෝය දෙකේ ‘උණුසුම’ මේකෙත් තියෙනවලු.

මටනම් හිතෙන්නෙ මෙතන අවශ්‍යවෙලා තියෙන්නෙ දන්සැල් දෙන්න මොකක් හරි හේතුවක්. ඇත්තටම හොඳයි ඉතින්. අනික මේ දන්සැල් දෙන අයත් ලොකු සල්ලිකාරයෝ නෙමේ. මේවට උදව් කරන්නෙත් වැඩිදෙනෙක් දුප්පත් මිනිස්සු. කොටින්ම අද එක බත් දන්සැලක් සංවිධානය කරන්න මූලික වුන පවලක ගෙදරකට මීට මාසයකට හමාරකට කලින් ගිය වෙලාවක මුං නන්ස්ටොප් ආණ්ඩුවට බැනගෙන බැනගෙන යනවා. තිබ්බ සමෘද්ධියත් කැපුවා.... බඩු ගණන්.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... කියලා. මම දන්න විදිහට ඔය දන්සැලට ඒ අයට මේ වෙනකොට රුපියල් දහ පාලොස්දහක් විතර වියදම්. කිසිම කණුකුණූවක් නැතුව බොහොම කැමැත්තෙන් තමයි ඒ වියදම් කරන්නේ. අනේ මන්දා මේවා.

ගිය අවුරුද්දේ, ඊට කලින් අවුරුද්දේ එහෙම ඇසල වලට එහෙන් මෙහෙන් පොඩි බීම දන්සැල් දෙකතුනක් තිබ්බා තමයි. ඒත් මේ අවුරුද්දෙනං ඇසලත් පොසොන් ගානට ඇවිත්. සමහරවිට නිකිණි වලටත් දන්සැලක් හමාරක් තියෙයි. ඉතින් මේක ආශ්චර්යයක් නෙමේද මං කියන්නේ?


ප/ලි - මගෙත් පොඩි නිකිණි දන්සැල් වැඩක් තියෙනවා. හෙට අනිද්දා දිහාට ඒකත් දැනුම් දෙඥ්ඥං.

23 comments:

  1. ආසියාවේ ආශ්චර්ය කරා ලඟා වීමේදී පසුකල යුතු එක ස්ටේෂමක් නේ දන්සල් ආශ්චර්ය ස්ටේෂම.ඒකනේ අරලිය කැෆේ එකෙන් පටන් අරන් පෙන්නුවේ.දන්සල් දෙන එක හොඳයි.හැබැ‍යි ඒකත් දැන් මෙගා වෙලා නේද අර ධාතු ශෝ වගේ.ගනන් ගන්න එපා අද හෙටම වයඹ,මධ්‍යම,උතුර දන්සල් අරලිය කැෆේ එකේ ස්ටාර්ට් කරනවා.එතකොට අර නිකිනි දන්සල් අමතකයි.

    ReplyDelete
  2. අපේ පැත්තෙත් කපටි වැඩ වලට ප්‍රසිද්ධ දුප්පත් මිනිස්සු හරි කැමතියි දන්සැල් දෙන්න. හරිම උනන්දුවෙන් සල්ලි එකතුකරන්න එහෙම යන්නේ. දන්සල ඉවර වෙලා මාසයක් දෙකක් යනකම් කාටවත් ණය නොවී හොඳින් ජීවත් වෙනවා. එහෙම තමයි ඉතිං පිං අතේ වැඩ කළාම පින පල දෙනවනේ!

    ReplyDelete
  3. චාර්මි මේ ලිපිය කියෙව්වා ද? වෙසක් එකට ලියපු එකක් මේ මේ ලිපිය .

    ReplyDelete
    Replies
    1. ලිපිය එක්ක මුළුමනින්ම එකගයි. මේ ඇසළ ආතල් :)

      Delete
  4. දන් සල්වලට වඩා ඇත්තේ ගරානා සල්. දන්දෙනවා වගේම තමා දන් දෙන්නේ තම සල්ලි වලිං නොවේ හැම තැනින්ම එකතු කරලා. ඔය දන්සලකින් වේලක් කනකොට ඒ වගේ දෙගුණයක් ගෙවලා දන්සල් ආධාර පත්තරවලට බොහෝ දෙනෙක්.

    ReplyDelete
  5. දන්සල් වලින් කන ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා වගේම. දන්සල් දීමේ ධානපතින් බිහිවීමේත් වාතාවරණයක් රට තුල තියෙනවා. බඩ ගැන හිතන එකා දිණුම්.. උන් තමයි දන්සැල් දෙන්නේ. රට ගැන හිතන එකා පරාදයි. උන් තමයි දන්සල් වලින් කන්නේ..

    ReplyDelete
  6. මගේ යාලුවෙක් අද මිතුරන් අතරේ පමණයි අරක්කු දන්සලක් දුන්නා. බයිට් එකට වල් ඌරෙක් ජීවිත පූජා කර තිබුණා. අතරමග යනකොට දන්සල් හැටහුටහමාරයි. අයිස්ක්‍රීම් දන්සලක් යද්දිත්, එද්දිත් දේකේම තිබුණා. තව තිබුණා මයියොක්කා, සුප් අරවා මේවා දන්සල්.

    දන් දීමෙන් සැනසීම ලැබේ.

    ReplyDelete
    Replies
    1. වල් ඌරා නං අවුලක් නෑ. නිකං ඌරොත් හොඳයි. හැබැයි උඹලා මේ උතුම් පෝයදා හරක්මස් එහෙම කාල තිබ්බොත්........

      Delete
  7. අද කතාව අමුතුයි!
    මොකද නිකං දිවයින වගේ වෙලා? එහෙමද, නැත්තං මට තේරෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඹට මේවා රසවිඳින්නවත් තේරුම්ගන්නවත් බෑ. උඹමයි ඒ හැකියාව මොට කරගත්තේ. මං අවවාදයක් දෙන්නං, ඉස්මනට ඉස්පිටිතාලෙකට ගොඩවෙලා අර අල්සයිමර්ද පාකින්සන්ද මොකද්ද ලෙඩක් තියෙන්නේ. ඒකට චෙකප් එකක් දා ගනින්.

      Delete
    2. NEHE, NEHE, MEYATA DAN 1/2TA PISSU.

      Delete
    3. කකා හරි ජනප්‍රියයිනේ :)

      Delete
  8. දන්සැල් කියන්නෙ පිං සිද්ධවෙන ආතල් එකක්.... :D

    ReplyDelete
  9. මචන් මම කියනවට, උඹ මුල් කාලේ ලියපු පෝස්ට් කීපයක් ආයේ කියවලා බලපන්..!

    ReplyDelete
    Replies
    1. ගරු මාලන් මහත්මාණෙනි, මිනිහෙක් දෙයියනේ කියලා මනුස්සයෙක් වේගන එද්දී නිකං පරණ වලවල්වලටම ආයේ ඇදලා දාන්න හදන්න එපා..හරිය...

      (චාමියා... ආයේ මෙකා මොනවා හරි කිව්වොත් සුටුස් ගාලා ඇවිත් මට කියහං.. ඈ.. :D )

      Delete
    2. මාලන්, උඹට කියන්න උඹ මැරිල හිටපු දවස්වල මං හරියට වෙනස්වුනා මචං. කොච්චර වෙනස්වුනාද කියනවනං දැං මාරයා හෙම මගෙ හෙන ෆ්‍රෙඬා. මං උගෙ රෙසිපියට පාන් හිටං හැදුවා. රංග උනත් කියන දේවල්වල යම්කිසි සත්‍යයක් තියෙනවා මචං. ඒක ගැඹුරින් හිතද්දි තමයි දැනෙන්නෙ. හිටිංකො ඉස්සරහට කියල දෙන්ඩ.

      (අනිවා මාරයා. උඹට කිව්ව කියන්නෙ ලොකු අයියට කිව්වා වගේ තමා :) )

      Delete
    3. //මං උගෙ රෙසිපියට පාන් හිටං හැදුවා.//

      යකෝ හිනස්සන්න එපා සයිලෙට කතා කරන වෙලාවට... :D

      Delete
    4. වයඹ ඡන්දෙත් ළඟයි, අනේ මන්දා..? ;)

      Delete
  10. ඇෂල පෝය වෙෂක් එකට වඩා උතුම් එකක්.

    මොකද කියනව නම් අද වගේ දවස් වලට තමයි ඇත් පැටියන්ට රතු නෙලුම් මල් අරගෙන ගිහින් කොහේ හරි තැනක හොඬවැල ඔබා ගන්න ලැබෙන්න්නේ...!!!

    ReplyDelete
  11. හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරා ඔන්න . දන්සලත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕන .

    ReplyDelete
  12. අරලිය දන්සල නම් පැය 24 ම වැඩ. දැන් චන්දෙකුත් එන හින්ද...

    ReplyDelete
  13. එදා ඉඳන් ඉතින් බෙදාගෙන කන පුරුද්ද අපිට තිබුණනේ චාර්මි.. නිකිණි එකට මොකෝ වෙන්නේ ...?

    ReplyDelete