හැන්දෑවේ කලුවරට
බෑං ගා අඬාගෙන
හෝන්දු මාන්දුව
බිත්තියට වාරු වෙන කල
දොරපලුව,
කලු සුරුට්ටු ගඳ පළමුව
පිපිරුනු කලු නියපොතු ඇති
නාකි නහර පය දෙවනුව
ගෙට අරගෙන.........
කොරවක්කෙක් මෙන් වකුටුව
එළිපත පැන එයි ඇතුළට.....
නාට්ටාමි සැම්සනයා
හෙවත් අපේ තාත්තා.
නාස් දෙපුට්ටෙන් හොටු රැල්
කබල් කමීසෙට උර උර
හෙලුවැල්ලක් වැහෙන්ට නොව
පුරුද්දකට ඔහේ අඳින
බොත්තම් නැති කොට කලිසම
අතින් අල්ලගෙන හැලි හැලි
සිලි බෑගේ මක්කාදැයි
උනන්දුවෙන් එබී බලයි
වේස දයාගේ කොලුවා
හෙවත් අක්කගේ දරුවා.
කෝටු කකුල් දෙක පෙනි පෙනි
රතු කොට කලිසම ඇඳගෙන
ඉර අව්වේ දවල් දවසෙ
අත් වැඩ දී හෙම්බත් වී
කොල්ලන් රැල වට කරගෙන
හොක් හොක් ගා හිනාවෙවී
බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...
මදාවි ආනන්දපාල
හෙවත් අපේ පැටි අයියා.
ඉස්කෝලේ ගිහින් එද්දි
බුලත් බංකුවේ ඇසිඩගෙ
හෙවත් අපේ අම්මාගේ
සොහොන ළඟදි
කණස්සල්ලට පිපිරිලා
ඇස්බෝල තාම ඇඬුවත්...
කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්
විද්දියාව පොත කියවයි
පස්ස පේලියේ රමණී......
හෙවත් මම හෙවත් හිච්චී....
- ගයාත්රි කුමාරි ගරුසිංහ
90 දශකයේ මැද හරියේ විතර (මම හිතන හැටියට) රාවය පත්තරේ පළවුන මේ කවිය සහිත පිටුව මට ලැබුන ගමන්ම කලේ කවිය කපලා අලවගන්න එක. මිනිස්සු දිහා වෙනස් විදිහකට බලන්න පුලුවන් කියන හැඟීම මට මුලින්ම ඇතිකලේ මේ වචන ටික.
නොහඳුනන ගයාත්රි,
ඔබට ස්තුතියි.
අමුම අමු යථාර්තය ඒ විදිහටම අකුරු කරලා.....බොක්කටම වදින වචන ටිකක්...බොහොමත්ම ස්තුතියි බෙදා හදාගත්තාට....
ReplyDeleteමේක නියමයි.... තිත්ත ඇත්ත වදින්නම ලියලා... බෙදා ගත්තට මේක අපිත් එක්ක ස්තුතියි
ReplyDeleteආවේ නම් කතන්දරයක් බලන්න. හැබැයි දාල තියෙන කවිය නම් ටොප්.
ReplyDeleteඅපි වාසනාවන්තයි කියල හිතෙනව මේ පද ටික කියෙවුවම...
ReplyDeleteටික දවසකට කලිං බලපු ,Places we live , කියන documentry එක බලද්දි දැනිච්ච කම්පනයම මේක කියවනකොටත් දැනුනා. කැමතිනං බලන්න, මේන්න ලින්ක් එක.
ReplyDeletehttp://www.theplaceswelive.com/
Thiththam Thiththa aththa...............
ReplyDeleteKalayak mama me wage aya godak asuru kala
Hmmmmmmm............
Nish
@ Nish,
ReplyDeleteඒ අත්දැකීම් බෙදාගන්න කැමති නම් ලියන්න.
This comment has been removed by the author.
ReplyDeleteමේ ජීවිතවල තියෙන මට අල්ලලම ගියපු කෑල්ල තමයි. මොන දේ උනත් උන් සතුටින් ඉන්න එක. කේස් දාහක් තිබුනත්, සම්මතේ ඈතුලෙ තමන්ටය කියල ලකුණු වෙච්ච තැනක් නැති උනත්, මං දන්න මේ ජාතියෙ චරිත බොහොමයක් තමන්ට සතුටුවෙන්න, තමන්ගෙ දුක බෙදාගන්න මොකක් හරි ක්රමයක් හොයා ගන්නව.
ReplyDeleteඒකට මූලික හේතුව මං හිතන්නෙ මේ පිරිස අතර තියෙන විවෘත බව සහ එකිනෙකාට ගරු කිරීම. ඒ දේ සම්මත සමාජයෙ දකින්නම නැති තරම්.
නිකමට හිතන්න, ළමයෙක් එකම පොතේ විෂයන් කීපයක් ලියන්නෙ තක්කඩිකමට නෙවෙයි කියල හිතත්ත පුළුවන් ගුරුවරු කීදෙනාද මේ රටේ ඉන්නව ඈත්තෙ ?
කවුරැ ලිව්වත් හොඳ නිර්මානයක්.
ReplyDeleteමේ කවිය වෙනස්... සෑහෙන ලොකු කතන්දරයක් කියනවා.. කවුද මේ ගයාත්රි කියල හොයාගන්න ආස හිතිල මම පොඩි ගූගල් සෙවුමක් දාලා බැලුවා.. මෙන්න මේක හමුවුණා..
ReplyDeletehttp://isuru.lib.ruh.ac.lk:9000/cgi-bin/koha/opac-detail.pl?bib=50976
@ Anonymous,
ReplyDeleteස්තුතියි.
(මටවත් ඕක කල්පනා උනේ නෑ)
අපූරුයි..
ReplyDeleteඅපූරු ජීවිත විවරණයක්..
ReplyDeleteකවුරු වුණත් ගයාත්රි පුඵල් දැක්මක් ඇති කෙනෙක්..
ස්තුතියි මේක පෝස්ට් කරාට
ReplyDeleteඑකට බැඳුණු ජීවිත රැසක් සමග සමාජයෙ පැතිකඩක් අපූරුවට හෙළි කරන පැදිපෙළක්. ගයත්රි දක්ෂ කිවිඳියක්.
ReplyDeleteබොහොම ස්තුතියි අපට මගහැරුණු මේ පැදිපෙළ බෙදාගත්තට.