Monday, July 26, 2010

ලිඳේ පැන්න නාමලී

ලිඳේ පැන්න ‍කෙනෙක් දැකලා තියෙනවද? මම අහන්නෙ පණපිටින්. නෑ.... නෑ...... ලිඳ ඇතුලෙම ඉද්දි.

පොලිසිය ඉස්සරහා බස් හෝල්ට් එකේ නාමලී ඉන්නවා දැක්කෙ අහම්බෙන් වගේ. මාව දැකපු ගමන් ඉබේ මතු උන අර සුපුරුදු හිනාව නැත්නම් ස්ථිරවම මට අඳුනගන්න බැරිවෙනවා. මම හිතන්නෙ අවුරුදු පහකින් විතර.

"මොකද මෙතන?"
"දන්නැද්ද අයියෙ... අපේ එක්කෙනාගෙ වැඩ........"
"දන්නවා තියා මං දැකලවත් නෑනෙ........."
"ඔව්නෙ නේද..? ගමේ කට්ටියක් එක්ක රණ්ඩුවක් වෙලා..... අද පොලිසියට එන්ඩ කියලා තිබුනා.."
"මහත්තයා චණ්ඩියෙක් වගේ.......?"
"අනේ එයාගෙ චණ්ඩිකං......... බොනවනේ......"

ඇගේ නම රසිකා. ගෙදරට කිව්වෙ නාමලියා. මම කිව්වෙ නාමලී. අන්තිමට දකිද්දි හොඳ හුරුබුහුටි කෙල්ලක්. පබා තරම් ලස්සන නැති උනත් ඕනෑම කෙනෙක් ආකර්ෂණය වෙන හොඳ හිනාවක් තිබුනා. හොඳ ප්‍රියමනාප කතා විලාශයකුත් තිබුනා. එතකොට වයස 22 ක් විතර ඇති. නාහට නාහන කාලෙ.

මම නාමලී අඳුනගත්තේ එයාගෙ ගමේ ක්ෂේත්‍ර රාජකාරි කටයුත්තක නිරත වෙලා උන්නු කාලෙ. සම්පූර්ණ කාලය මාස තුනකට වැඩි නෑ. මගේ දෙවෙනි දවසෙ ආපු පළමු සේවා දායිකාව. මිනිත්තු කිහිපයක් තුල මාත් එක්ක ගොඩාක් කුළුපග උනා.

"බටු ඇටයක් වගේ උන්නට කට තියෙනවා ගමටම ඇතිවෙන්න...."
"හා...... ගෑණු අපිට මේ කට විතරයි කවදහරි පිහිටකට තියෙන්නෙ හරිද....?"
"මහලොකු ගෑනියෙක් වගේනෙ කතාව...."
එයා යන්තම් හිනා උනා.
"කොහොමත් තව අවුරුදු දෙකතුනකින් එහෙමනේ....."
එහි තිබුනේ කවුරුන් විසින් හෝ තෝරා දෙන ලද ඉරණමක් කැමැත්තෙන් බාරගන්න සෙයියාවක්.
"හැබෑට..... මැරිකරලද..?"
"තාම නෑ.... ළඟදි බඳින්ඩ ඉන්නෙ...."
"ගෙදරින් කතා කරලා.....?"
"ගෙදරත් දන්නවා....."
"ආ... එෆෙයාර් එකක්...... ෂෝක්නේ....."
"ඒ උනාට මං එයාට කැමති නෑ........."
"එහෙනං බඳින්ඩ ඉන්නෙ කිව්වෙ....?"
"එයාව තමා බඳින්නෙ......"
".......?........"
"නැත්තං එයා මැරෙනවලුනේ......"

දහසක් වැඩ මැද මටත් නොදැනී මාස දෙකක් විතරම ගෙවුනා. ඒ අතර සතියකට වරක් දෙකක් වත් නාමලීත් ඇවිත් කයියක් ගහලා ගියා. ඒ කතා වැඩිහරියක් වැඩකට ඇති දේවල් නෙමේ. කොහොම උනත් එයා එක්ක කතා කරන්ඩ මමත් කැමැත්තෙන් හිටියා. මොන හේතුවකට හරි මේ කතාබහ අතර අඩුවෙන්ම කතා උනේ එයාගෙ පෙම්වතා ගැන.

"රස්සාවක් නෑ අයියෙ..... ඔය රස්තියාදු ගගහා ඉන්නෙ.........."‍
"හොයලා දෙමුකො හොඳ රස්සාවක්..."
"හහ්.... වැඩිම උනොත් සුමාන දෙකයි......"
"හරි ඉතිං... ඔයාට හදලා ගන්න බැරියැ........"
"මට ගොඩක් ආදරෙයි තමා. ඒත් මං හිතන්නෑ... කොහොමත් මට ලිඳේ පැන්න වගේ ඉන්ඩ වෙයි...!"

එයාගෙ මංගල්ලෙට දින නියම උනා.
"ලබන මාසෙ 22. අනිවාර්යෙන්ම ඔයා එන්ඩ ඕනෙ..."
"නෑවිත් කොහොමද?"

මගුල් ගෙදරට සති දෙකකට විතර කලින් නාමලීගෙ තාත්තා ඇවිත් මටත් බුලත් කොලයක් දුන්නා.
"22 දවල්...... දුව කිව්වා අනිවාර්යෙන්ම එන්ඩ කියන්ඩ කියලා........"
ඊට පස්සෙ සති දෙකේදි නාමලී හම්බඋනේ නෑ.

මගුල් ඇඳුමට නාමලී ලස්සනට ඉඳියි කියලා මට ඇත්තටම හිතුනා. හිතේ පොඩි දුකකුත් නොතිබුනාම නෙමේ. කොහොමත් වැඩ කන්දරාව අතරේ උනත් එයා නොදකින අඩුව තදින්ම දැනුනා.

විසි වෙනිදා විතර උදේ එයාගෙ යාලුවෙක් පාරෙදි හම්බ උනා.
"දන්නවද වැඩක්....? ඔයාගෙ යාලුවා පැනලා ගිහිල්ලනේ......"
"නාමලී...?"
"වෙන කවුද ඉතිං...?"
ඒ කියාපු ස්වරය අනුව දෙපාරක් හිතන්න දෙයක් තිබුනෙ නෑ.
"කාත් එක්කද?"
"ඒකිට ඉතිං වෙන කවුරුවත් උන්නයැ... මනමාලයත් එක්කම තමා..."
"මොකද්ද ඒ හරුපේ.....?"
"අනේ මන්දා අයියෙ...... අපි දන්නෙත් නෑ... ගෙදර මිනිස්සු දන්නෙත් නෑ..."
ඊටත් සති දෙකකට විතර පස්සෙ නාමලීලගේ ගමේ සේවා කටයුතු අවසන් කරලා මට වෙන තැනක සේවයට යන්න සිද්ද උනා.

පොඩිඋන කහපාට බ්ලවුස් එක, අව්වට පිළිස්සුන මූණ, පිරිමියෙකුගේ මෙන් රළු වී ගිය දෑත්, ඇගේ පහුගිය අවුරුදු පහ ගැන ඕනෑවටත් වඩා දේවල් කිව්වා. ඒත් මම ඇහුවේ වෙන ප්‍රශ්ණයක්.

"ඒක නෙමේ..... කවදාහරි ඉස්සෙල්ලාම දැකපු මොහොතේ අහන්ඩ දෙයක් මං ගාව තියෙනවා..."
ඇය යන්තමින් හිනාවෙලා පොලිසිය දිහාට නෙත් මෑනුවා. ඊට පස්සෙ බිමට. ඊටත් පස්සෙ කෙලින්ම මං දිහාට. ඒ ඇස් දෙකම තමා.
"තාත්තා මුළු ගමටම මගුල් ගේ කියලා තිබුනේ...... තුන්සිය පනහකට විතර....... ඒ සේරම කලේ ලක්ෂ දෙකක ණයක් බලාගෙන..... අන්තිමේදි ඒ ණය ලැබුනෙ නෑ......."
ඇය යන්තමින් ඇස් කොනක් පිස දැම්මා.
"තාත්තා එදා හැන්දෑවේ බීගෙන ඇවිත් කෑගැහුවා. හෙට වත් ඒ සල්ලි හම්බඋනේ නැත්තං මැහිතෙල් බොනවා කියලා..........................."

සමුගන්න විදිහක් හිතාගන්න බැරුව මං උන්නේ.
"දැං බබාල එහෙමත් ඉන්නවද...?"
"දුවයි පුතයි....."
ඇය හිස පහතට නැඹුරු කලා. ඇගේ මෝදු වෙමින් පැවති උදරය මගේ ඇස ගැටුනේ ඒ වෙලාවෙ. කෙල්ලෙක්? කොල්ලෙක්?. කවුරු උනත් ඇගේ කෙසඟ සිරුරේ එල්ලෙන්නට තවත් කටක්!

25 comments:

  1. ජීවිතේ ජීවිතේ.......

    ReplyDelete
  2. pirimi dennek beraganna wihin biliuna kellek.
    ettatama paw.

    ReplyDelete
  3. ජිවිතේ හැටි තමයි.කෙනෙක්ට සුන්දරයි.තවත් කෙනෙක්ට නරකාදියක්

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම් ජීවිතය අදහාගත නොහැකිය ....

    ReplyDelete
  5. මේ වගේ කතාවක් ලිව්වට සතුතියි.මේ රටේ ලක්ෂ ගානක් ගැනුන්ගෙ ඉරනම මේක.ඒ අයට වත් මේවා කියන්න තැනක් නෑ.කියන්න ඕනෙද කියලා දන්නෙත් නෑ.සදහටම විදවනවා.

    ReplyDelete
  6. මොනවාහරි ලියන්න ඕන වුනත්, මොනවත් හිතාගන්න බැරුව ටිකක් වෙලා හිටියා.

    කෙටි නාට්‍යයකට මරු plot එක, මට මතක් වුනේ 'කොළොම්බෝ කොළොම්බෝ' නාට්‍යය. ඒත් ඒ නාට්‍යයයේ දිගක්, පළලක් මිසක් script එකක්. depth එකක් නැහැ. මේකේ ඒ තුනම තියෙනවා, ලියලා දාන්න

    දිගටම ලියන්න, සුබ අනාගතයක්! ;)

    මාලන්.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කථාව බලලා, ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ මං මේ බලාන ඉන්නෙ කියන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව. ඒ සැරේ ඔක්කොම කතා ටික අග ඉදලා මුලට කියෙව්වා.

    අපි මෙහේ අවපාතෙට අහුවෙලා ටිකක් අමාරු වෙනකොට නාහෙන් අඩනවා, මේ වගේ මුලු ජීවිතේම අවපාතෙට අහුවුනු අසරනයො ගැන දකිනකොට අපි ගැනම ලැජ්ජා හිතෙනෙවා.

    ReplyDelete
  9. රැක්මන්ට,
    කියන්න තැනක් නැතිකම නෙමේ. උදේ ඉදං රෑවෙනකං කාලය කන රෑපවාහිනී,රේඩියෝ කීයක් තියෙනවද? උං එකෙක්වත් පෑගෙන මිනිස්සු ගැන වචනයක් කියනවද? උන්ට අනුව ලංකාවෙ ලොකුම ප්‍රශ්න සින්දු සහ ලව්. අරුන්ට නම් දේශද්‍රෝහී කුමන්ත්‍රන.

    ReplyDelete
  10. අනේ ඇත්තමයි පස්ස ගේට්ටුව ඔයා නම්............!!!!!!!!

    ReplyDelete
  11. harima apooruyi . .. . .
    digatama liyanna . .. . !
    ah KK tamai meheta enna paara kiwwe . .. . !!!

    ReplyDelete
  12. කතන්දරගේ බ්ලොග් එකෙන් තමයි මේ පැත්තේ ආවේ අද.
    ඇත්තටම කීවත් වගේ හොද ලිපි ‍වලින් අනූනයි...

    හැබැයි ඔන්න දිගටම ලියන්න ඕනි හරිද...

    ReplyDelete
  13. අපුරු වියමනක් - කඩුල්ල

    ReplyDelete
  14. මමත් ආවේ කතන්දරගේ බ්ලොග් එකෙන්..එතනින් වත් දැක්කේ නැත්නම් මේ වගේ හොඳ බ්ලොග් අඩවි ඇස් මානයෙන් මඟ ඇරිලාම යනවා.සරළව ඒත් හිතට දැනෙන්න ලියලා තියෙනවා.නියමයි..!
    හැමදාම ලියන්න.අපි ඉන්නව කියවන්න.

    ReplyDelete
  15. දිගටම ලියන්න. ඔබට ජය !!!!!

    ReplyDelete
  16. මොනව කියඳ කියල හිතා ගන්න බැහ... ජීවිතේ හැටි. කාලය කෙතරම් නපුරුද....

    ReplyDelete
  17. "ඒ උනාට මං එයාට කැමති නෑ........."
    "එහෙනං බඳින්ඩ ඉන්නෙ කිව්වෙ....?"
    "එයාව තමා බඳින්නෙ......"
    ".......?........"
    "නැත්තං එයා මැරෙනවලුනේ......"... නාමලීට පවු කියන්ට එපා.... (කියන එකා ගැන) දුක හිතෙයි...
    කතන්දර තමයි එන්ට පාර කිව්වේ.... වෙන මොනව කියන්ටද? පයනු අල්ටයනු ටයනු .. එල මචං...

    ReplyDelete
  18. පෝස්ට්ස් ගොඩාක් එක හුස්මට කියෙව්වෙ අපිටම හිනා වෙවී. මේකත් පෙරළගත්තෙ හිනාවෙන්ඩ හිතාගෙන. අන්තිමට මම මටම සුසුමක් හෙළා ගත්තා.

    ReplyDelete
  19. නියමයි.මම Feed එකකුත් දාගත්තා.
    මම හරිම කැමතියි මේ ලියන විදිහට.
    හරි නිරුත්සාහික ගලා යාමක් තියෙන්නෙ.
    නාට්‍යමය ගතියකුත් තියෙනවා.
    ඒකෙන් ඔයා කියන කතාවට පුදුම එළියක් ලැබෙන්නෙ.
    දිගට ම ලියන්න.
    ජය වේවා !

    ReplyDelete
  20. මන්දා ඇත්තටම හිතට වැදුනු කතාවක්, ඔහොම දේවල් ගොඩක් තියෙනවා, මන් ලගදිත් ඇහුවා

    ReplyDelete
  21. maru storya.... hithanna dewal godaak ekka

    ReplyDelete
  22. නාමලීගෙ ගමෙ ්පවුල් සෞක්‍ය සේවිකාව නැද්ද දන් නැහැ...නැත්තං කොන්ඩම් ගැන දන් නැතුවද දන් නැහැ..අනේ පවු...

    ReplyDelete

Follow by Email