Wednesday, July 7, 2010

මූන් ගේ මූණ


මේ ඉන්නේ බැන්-කී-මූන් ය. නොදන්නා අයගේ දැනගැනීම පිණිස කියන්නේ නම්, වසරකට ආසන්න අහේනිසහගත කාලපරිච්ඡේදයකින් පසු අපේ දේශප්‍රේමී දේශපාලන විරුවන්ට යාන්තම් සතුරෙකු සොයාගත හැකිවිය.

සතුරෙක් කීවාට ඌ සතුරු බාගයකි. කුඩා ඇස් සහ සිනාමුසු මුව හේතුවෙන් ඌ දැක්කාම බය හිතෙන්නේ නැත. (තට්ටය ගාල ගත්තානම් පහසුවෙන්ම උඩුවේ ධම්මාලෝක හෝ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි වැනි ජනප්‍රිය භික්ෂුවක් බවට පත්කිරීම ටොයිස් වැඩකි.)


පසුගිය දිනක සිනාමුසු මුහුණින් යුතු බෑන්-කී-මූන් ගේ පඔයෙකු පුළුස්සා දැමූ අතර එය අප සිතේ අපුලක් ඇති කිරීමට හේතු විය. එය දැකීමෙන් අපට මෙන් ගැඔුරු දේශපාලන දැනීමක් නොමැති අප දරුවන්ද විපිළිසර වූ බව පෙනිනි.
එබැවින් අප දේශප්‍රේමී විරුවන් සහ විමල් වැනි දේශපාලන විරුවන්ද විසින් ඉමහත් ආයාසයෙන් සොයාගත් මේ සතුරා, SF මෙන් කෙටි කලකින් දියව යා යුතු නොවන හෙයින්ද, මූන් ගේ ශාන්ත දාන්ත මුහුණ දේශප්‍රේමී බලකායේ මොරාල් එකට කෙලින්ම බලපෑ හැකි බැවින්ද, ඔහුගේ මුහුණ වෙනස් කිරීමට අප තීරණය කලෙමු.
මෙහිදී මූන් ගේ මුහුණට කාටත් බය හිතෙන විශේෂිත රැවුලක් ඇතුලත් කොට ඇති අතර SF ගේ දිගටි මුහුණේ හැඩතල ඉතා සියුම් ලෙස මුසුකොට ඇත.
එබැවින් මින් ඉදිරියටද දිගින් දිගටම මූන් පිළිස්සීමට අවශ්‍ය වන්නේ නම් මෙම මුහුණුවර භාවිතා කල හැකි අතර ඒ සඳහා අපගේ අවසර ලබා ගැනීමක් අවශ්‍ය නොවේ. (මෙම පින්තූරය භාවිතා කරන විට යටින් බැන්-කී-මූන් යනුවෙන් සඳහන් කල යුතු බව කරුණාවෙන් සලකන්න.)

3 comments:

  1. නමත් පොඩ්ඩක් වෙනස් කළා නං නරකද?

    මං දන්න පොරක් හිටියා ඌට දාපු නික් නේම් එක ප්‍රසිද්ධියේ කියන්නේ K-මූනා කියලයි.

    ReplyDelete
  2. අනේ බුදු සර්... මං වෙනස් කලේ යන්තං මූණුවර විතරමයි.........
    නම වෙනස් කලේ කතන්දරකාරයා.....

    ReplyDelete
  3. ඌ තමා නේද ​රට කෑවේ. ඇහ්!!

    ReplyDelete