Saturday, May 23, 2015

දෙකෙන් එකකට වැඩිපුර ගෙවන්න...


ඉහත පින්තූරය උපුටා ගත්තේ බුකියෙනි.
මේ සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒම වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිසකි.
මහින්දගේ නෑදෑයන් සහ හෙංචයියන් කොපමණ මහජන මුදල් ප්‍රමාණයක් ගසා කෑවද, ඔවුනගේ ජාවාරම් උදෙසා රට කුමන අගාධයකට ඇද දැම්මද මොවුන්ට ගැටළුවක් නැත.
ඔවුනට අවශ්‍ය ගමේ රැස්පොට් එකට පාරෙ බැහැලා යන්න ප්‍රතාපවත් රජෙකුගේ ඌෂ්ණය පමණි.
---------------------------
 මේ පින්තූරය උපුටා ගත්තේ ඊ නිවුසියේ වීඩියෝවකිනි. මේ සිටින්නේ වත්මන් රජය යටතේ මහින්ද ආණ්ඩුවේ හොරෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම නිමිත්තෙන් රතිඥ්ඥා දල්වා ප්‍රීතිවන පිරිසකි.
හිටපු උන් කෙච්චර ගසා කෑවාද, එන්නට හදන උන් කොච්චර ගසා කනවාද වැනි සංකීර්ණ මළඋලව් මේ මිනිස්සුනට වැඩක් නැත.
අවශ්‍ය වන්නේ කසිප්පු වඩියක් ගසා හන්දියට බැස බයක් නැතුව ආතල් එකක් ගන්න හැකි යූ.ඇන්.පී. ආණ්ඩුවක් පමණි.
------------------------------------

මේ රටේ ඡන්දදායක අගමැතිලාගෙන් සහ අගමැතිණියලාගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ......
මේ මිනිසුන්ගේ අහිංසක ආසාවන් ගැන සානුකම්පිතව සලකා බලා....
දෙකම එක උනාට දෙකෙන් එකකට වැඩිපුර ගෙවා....
රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉෂ්ඨ කරන ලෙසයි.
ඉස්තූතියි.

8 comments:

  1. අරුං කාගෙන, කාගෙන, කාගෙන ගිහිල්ලා නතර කරපු තැන ඉඳං මුංට කාගෙන, කාගෙන, කාගෙන යන්න චාන්ස් එක දැන් දීලා තියෙන්නේ. ඊලඟ සැබෑ වෙනස තව දශකයකින් පමණ බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
    Replies
    1. "Democracy may not be perfect, but surely it's the best among the worst. Because it has the freedom of choice"

      දූශිත දේශපාලකයෙක් , හොර බලළෙක් මෙනි. කොච්චර හොඳට කන්න දුන්නත්, ගෙදර කුස්සියට පැනලා, හැලි වලං පෙරලලා කනවා වගේ සැපක් ඌට නැත.

      මහින්දට විරුද්ධ විය යුත්තේ රනිල්, මෛත්‍රී හොඳ නිසා නොව, සාපේක්ෂව අඩු හානියක් කරාවි යැයි බලාපොරොත්තුවෙනි

      Delete
    2. අන්න කතාව..නරිමොට‍ාගේ කටේ මිදි දාන්න වටිනවා..අපේ රටේ දේසපාලුවන් තෝරාගන්න ඕන රටට අවම හානියක් කරන උන්ව..මොකද 100% හොද උන් ලොවෙත් නැති නිසා..

      Delete
  2. සුපිරිම්ම සුපිරි පට්ට ඇත්ත කතාව. ජනතාව ගොන් පට්ටි දෙකකට බෙදිලා. ඡන්දදායකයා දේශපාලනඥයාටත් වඩා ජඩයෙකි.

    ReplyDelete
  3. වඩා අඩුවෙන් නරක එකට?

    ReplyDelete
  4. //අගමැතිලාගෙන් සහ අගමැතිණියලාගෙන්//

    මේක නියමෙට කැපුනා බන්...

    ඇත්තටම ප*යා=අගමැති වුනාට අගමැතිනිට කියන්නේ මොකක්ද කියලා වාසු කිව්වේ නෑනේ.

    ReplyDelete
  5. පකයා කියන්නේ පක දරන්නා කියන එක
    හුත්ත දරන්නිය හුත්ති වන්නීය

    ReplyDelete
  6. මෙතන පින්තූරයක් නැත.මේ වගේ කස්ටිය ඉල්ලා සිටින්නේ හූඇන්පී උවද,සිරි ලංකා වුවද රට කන හැත්තම අල්ලා හිරේ දැමිය යුතු බවය.එදිනට මෙරට සියලුම දෙනා කිරිබත් කන පොටෝ එකක් මෙතනට එකතු වනවා ඇත...

    ReplyDelete