Wednesday, September 5, 2012

බීටලේගෙ සතුට...!


මේ ලිපිය නොකියෙව්වත් කමක් නෑ. කලින් බලල නැත්තං මේ වීඩියෝ එක බලන්න කියල ඉල්ලනවා. (අවුට්සයිඩර්, උඹේ ඩේටා කෝටාව අමතක කරල බලපං හරි?)


මේ වීඩියෝ එක බුකියෙ ෂෙයාර් කරපු බීට්ල් ලියල තිබුනෙ  මෙහෙම.

සතුටින් කෑගසා හඬන්නට හිතෙන්නේ මට විතරද..?
---------------------

මට මතක්වුනේ පෘථිවි වාසීන්ගෙ අඟහරු ආක්‍රමණය සිදුවුන පසුගිය දිනවල ‘ලංකා සී නිව්ස්’ වල ගිය හෙඩිමක්.


ඇමරිකානු නාසා ආයතනය විසින් ඊයේ දිනයේ අඟහරු ග‍්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ රියට දායකත්වය සැපයූ විද්‍යාඥයින් අතර ශ්‍රී ලාංකිකයකු වන ආචාර් සරත් ගුණපාල මහතා ද වන බව වාර්තා වේ.

අඟහරු මත ජීවය ඇත්දැයි සොයා බැලීමේ අරමුණින් නිර්මාණය කර ඇති කියුරියෝසිටියානයේ සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ සරත් ගුණපාල මහතා ඇතුළු කණ්ඩායම විසිනි.


ඒ දවස්වල ෆේස් බුකියෙත් ඔය පුවත ගැන එක එක විදිහෙ බැනර් දාල තිබුණා ‘ලාංකිකයෙක් වීම ආඩම්බරයක් නං ෂෙයාර් කරන්න’ කියල.
මේ දෙකේ ලොකු පරහක් තියෙනව නේද?

මෙතන ඉඳං ලියන්නෙ බීටලේට.

අපි මෙහෙම කරමුද බීටලේ? දවසක රෑ අටට විතර ලංකාවෙ හැමෝම එක තැනකට ගෙන්නල මේ වීඩියෝ එක පෙන්නමු. උඹ හිතන්නෙ මොනව වෙයිද?
මට හිතෙන්නෙ මෙහෙමයි.

සීයට පනහක් විතර ආපහු ගෙදර යයි ‘මලී’ බලන්ඩ තියෙනව කියල. තව සීයට තිහක් විතර “රොකට්ටෙකක් යවනව නේ? මොකද ඔතන වෙන්නෙ?” කියල අහයි. (ඒ ‘මලී’ නොබලන අය කියල හිතාගනිං) සීයට දහනමයයි දශම පහක් ලොකු විශ්මයකින් සුද්දංගෙ වැඩ කිඩ බලං ඉඳී.

උඹත් ඇතුළු සීයට දශම පහක් කෑ ගහල අඩයි.

ඔය වීඩියෝ එකේ අන්තිම හරියෙදි, පැරෂුට් වලින් ඔය යානය අඟහරු උඩට පතිත කරද්දි උඹට එකපාරටම ලොකු බයක් හිතුන නේද අර සොච්චං පැරෂුටේ කඩාගෙන ගිහින් ඕක අඟහරු පෘෂ්ඨයේ වැදිල කුඩු සංසාර වෙලා යයි කියලා....? පෘථිවිවාසීන් අවුරුදු ගානක දැවැන්ත පරිශ්‍රමයක් දරා හදපු..... කිලෝමීටර් මිලියන 225 ක් දුරකදි..... අන්තිම මොහොතේ...... තත්පර ගානකිං.....?

උඹට අන්තිමට අඬන්න හිතුනෙ ඒකයි.

අපි හැමෝම අයත් මානව වර්ගයාගෙ, අපේ කාලෙ අපේ මිනිස්සු, අවුරුදු ගානක් අමු කට්ටක් කාල, දැවැන්ත මහන්සියකින්, මිනිස් වර්ගයා බිහිවූ දා පටන් එක්රැස් කරගත් මුළු දැනුමම එක්තැන් කරල කරපු මේ වැඩේට ඇ‍ඬෙන්න නම්, මේක අපේ වැඩක් කියල දැනෙන්න ඕනෙ. මං කියන්නෙ ලංකාවෙ අති බහුතරයකට එහෙම දැනෙන්නෙ නෑ බං. මිනිසා අඟහරු ජයගත්තා කියන එකට වඩා, කියුරියෝසිටි යානයේ කොටසකට දායක වුන ‘ශ්‍රී ලාංකිකයෙක් වෙන’ සරත් ගුණපාල මහත්තයව ෂෙයාර් වෙන්නෙ ඒකයි. මෙහෙ වැඩිපුර ඉන්නෙ ලංකාවාසී සිංහලයො/දමිලයො/මුසල්මානුවො මිසක් ලෝකවාසී මානවයො නෙමෙයි. ඒකට ගොඩක් හේතු ඇති.

අපේ මිනිස්සු විශ්වයට නිරාවරණය වෙන්න තව අවුරුදු සීයක් හමාරක් යයි බං. ගෝලීයකරණය ලංකාව ඇතුලෙ විකාරයක්. අපි හිතුවෙ මේ කොදෙව්ව වටකරගෙන ඉන්න උලව් ඉන්දියන් සාගරයට අන්තර්ජාලය ඇටෑක් කරයි කියලා. අන්තිමේදී මහපොලොවෙවත් නැති ගෝත්‍රවාද මේකෙ ගොඩගැහිලා. පෘථිවිවාසීන් විදිහට අඟහරු ඉඳුල් කිරීමේ ජයග්‍රහණය බෙදාගන්න තැනක් වෙනුවට, අපේ ගෝත්‍රයේ මිනිහා තෝරලා සුබපතාගන්න තැනක් වෙලා. ඒ මහා වික්‍රමය කරපු ‘අපේ කාලයේ මිනිස්සු’ පර‍දේශක්කාරයො කරලා, උන්ට වඩා විශ්මිත වැඩ කල බව කියන අපේ අතීත අවතාර ගැන පම්පෝරි ගහන තැනක් වෙලා.

උඹ දකින්න ඇති. දැන් දැන් හැමෝම වගේ මහින්ද රාජපක්ෂට බනිනවා ‘රට’ විනාශකරනවා කියලා. රෙද්ද තමයි. ඊළඟ ජනාධිපතිවරණෙ කිට්ටු කරලා ඉන්න තැනකින් වරෙං මහින්දට චන්දයක් දෙන්ඩ.

107 comments:

  1. ලංකාවේ වත්පොත (Facebook) ජනප්‍රිය වන්ට පටන් ගත් මුල් යුගයේ මගේ සුභවාදී ආකල්පයක් විය. අඩුම ගණනේ එයින් වත් අපේ රටේ ඊනියා සිංහල බෞද්ධ මැට්ටන් තමන් ජීවත් වන ළීඳෙහි ගැට්ට කඩා ගෙන ලෝකයට විවෘත වේය මම කල්පනා කළෙමි. අපේ ළිං මැඩියන් ලෝකවාසීන් සමඟ දේශගුණික විපර්යාස පිළිබඳව, යුරෝපයේ මූල්‍ය අර්බූද පිළිබඳව බුද්ධිමය සංවාද නොපවත්වන බව මම දනිමි. නමුත් අඩුම ගණනේ ලංකාවේ තරුණයින් වත්පොත හරහා (ලංකාවේ ඉන්නා කෑලි වලට සපේක්ෂව වඩා ආකර්ෂණීය) සුද්දියන්, ඉන්දියන්, ඉන්දුනීසියානු, තායි, පිලිපීන කෑලි ටිකක් හා වත් සෙට් වනු ඇතැයි මම සිතුවෙමි.

    අද නිකමට ලංකාවේ සිංහල බෞද්ධ තරුණයකුගේ වත්පොත් ගිණුම පිරික්සන්න. එහි 100%ක් ඉන්නේ ලංකාවේ කෑලිය. අඩු ගණනේ ලාංකීය දෙමළ මුස්ලිම් කෑල්ලක් වත් නැත. ඔක්කොම සිංහලය. වැඩි හරියක් තමන්ගේම ගම් පළාතේය. අපේ අයියලා තවමත් ගෝලීය වත්පොත උපයෝගී කර ගන්නේ තමන්ගේම අල්ලපු වත්තේ කෑල්ලක් සෙට් කර ගන්ටය.

    ඒ එක පැත්තෙකි. අනෙක් පැත්ත බලන්න. මීට අමතරව ඔවුන්ගේ වත්පොත් ගිණුම් වල ඇත්තේ මොනවාද? සිංහල බෞද්ධ වර්ගවාදය අමු අමුවේ වපුරන ඉමේජස්ය. ඔවුන්ට වත්පොත යනු ජාතිවාදය පතුරන තවත් ටූල් එකක් පමණි. වත් පොත තියෙන්නේ වෙන මොන කෙහෙල්මලකටවත් නොවේය. දෙමළුන්ට හම්බයින්ට ගේම් එක දෙන්ටය. මාක් සකල්බර්ග් දන්නවා නම් වහ කාල මැරිලාය.

    වත්පොත, අන්තර්ජාලය පමණක් නොව ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය ගෙනාවත් මහින්ද රාජපක්ෂලා, නලින් ද සිල්වලා, විමල් වීරවංශලා, ඕමල්පේ සෝභිතලා, චම්පික රණවකලා වැනි අපටම තකට තක ගැළපෙන නායකයින් සෙට් එකක් ඉන්නාතුරු අපේ සිංහල බෞද්ධ ළිං මැඩියන් කවදා නම් හැදෙයිද?

    ReplyDelete
    Replies
    1. ඊනියා සිංහල බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි, ඔය පිටරට ඉන්න, පොස් අක්කිලා අයියාලාගේ ෆේස් බුක් එක බැළුවත් ඔච්චර තමයි [වැඩිම උනොත් ඉන්දියන්, බන්ගලිදේශ්]. හැබැයි ඒ අය ලංකාවට ආවම පෙන්නන්නේනම් උන් සුද්දන්ටත් ඉන්ග්‍රිස් උගන්වනවා කියලා.

      ගොඩක් උන් පුස් පාර්ට් දාන්නේ ලංකාවෙන්ම ගිය අමාරුවෙන් ඉගෙන ගන්න එහෙකුට තමයි. ඔය ලෙඩේ වැඩිම ගෑණුන්ට [ඕනෙම කල්චර් එකකට ඉක්මනටම ඇඩප්ට් වෙන්න උත්සහා ගන්නේ ගැණු අය. කැම්පස් එකක වුනත් ඉස්සෙල්ලම චීත්ත ගවුම ගලවලා ඩෙනිමට බහින්නේ කෙල්ලෝ, කොල්ලෝ වෙනස් වෙන්න සෑහෙන්න කල් යනවා. දන්න උදාහරණ වලට ඇප්ලයි කරලා බලන්න]. ඒකනේ අපේ එවුන් වෙන රටකට ගිය ගමන්ම කොණ්ඩේ කොටට කපලා කොට කලිසමක් ගහගන්නේ. ඒ ඒ අය අනිත් දුඹුරු පාට උන්ගෙන් තමන් වෙනස් කියලා පෙන්වන හැටි.

      අපේ පාට එවුන්ව ලෝකේ ඉස්සරහා ඉන්දියන් එවුනුයි ඇල්ටීටි කාරයොයි පච කරලා ඉවරයි. සුද්දෝ අපි ගැන හිතන්නෙත් පට්ට ලෝබ, තුනපහ ගඳ ගහන, ඒ වුනාට ලෝකේ තියෙන ඉස්තරම්ම කාරෙක පදින ගොඩේ බයියෝ විදිහට. කොටින්ම අපි හිතන් හිටියට අපි "ආර්ය" කියලා උන්ට අපෙයි උන්ගේ වැසිකිළි හොඳන දෙමළාගෙයි වැඩි වෙනසක් නෑ.

      ලංකාවේ කොළඹ ඉන්නවුන් හිතන් ඉන්නවා උන් මහ පොස් කියලා, ඒත් ඔය කොළඹවුන් සුද්දෝ ඉස්සරහ ගොඩේ බයියෝ විතරයි. උන් කොච්චර උත්සහ කළත් බයියෝම තමයි.

      Delete
    2. /ලංකාවේ කොළඹ ඉන්නවුන් හිතන් ඉන්නවා උන් මහ පොස් කියලා, ඒත් ඔය කොළඹවුන් සුද්දෝ ඉස්සරහ ගොඩේ බයියෝ විතරයි. උන් කොච්චර උත්සහ කළත් බයියෝම තමයි./

      කොළඹ එවුන් බයියෝ වෙන්නෙ සුද්දෝ ඉස්සරහ මිසක් අනුරාධපුරේ ගොයියෝ ඉස්සරහ නෙවෙයිනෙ. අඩුම තරමෙ උන දන්නවා රාජපක්ෂ ඇරෙන්න වෙන කවුරු හරි ඉන්නවා කියලා ඡන්දයක් දෙන්න.

      Delete
    3. /කොළඹ එවුන් බයියෝ වෙන්නෙ සුද්දෝ ඉස්සරහ මිසක් අනුරාධපුරේ ගොයියෝ ඉස්සරහ නෙවෙයිනෙ. අඩුම තරමෙ උන දන්නවා රාජපක්ෂ ඇරෙන්න වෙන කවුරු හරි ඉන්නවා කියලා ඡන්දයක් දෙන්න./

      මේ ඇනෝ වගේ හොදි දාගෙන පැස්ටා කන බයියන්ට කෙසේ වෙතත් බත්කන බහුතරයකට අනුරාධපුරේ ගොයියො නැත්නම් සොරි තමයි.

      කොළම වරායෙ කම්කරුවන් විදියට වැඩකරන්න ලාංකිකයො කැමතිවුනානම් සහ කොළඹ නගරයේ බාල්දි කක්කුස්සි වෙනුවට සනීපාරක්ෂක වැසිකිළි හදන්න පුළුවන් වුනානම් යූ ඇන් පී යට කොළඹත් නෑ.
      යූ ඇන් පී යට ඡන්දෙ දෙන හින්දම කෙනෙක් පොස් වෙන්නෙ නෑ ඇනෝ, ඒකට තව තව කාරනා සම්පූර්ණ වෙන්න ඔන. ;)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඇනෝ ඔයා සිංහල බෞද්ධ ද සෙකියුලර් ද, ඇන්ටි රේස් ඇන්ඩ් රිලිජස් ද මම දන්නේ නෑ. ඒත් ඇයි ඔයා සිංහල බෞද්ධ කියන එකත් එක්ක ඔච්චර තරහා? ඔයාට ඔයාගෙ ජාතිය ආගම බරක් නම් හිස හැරුණු අතේ යන්න ඉඩ තියෙනවා. ඔයා ඔය කියල ලිං මැඩි සංකල්පෙනුත් මිදිලා ලිඳෙන් එළියට පැනලා යන්න පුළුවන්. කවුරුවත් ඔයාව මරන්නේ නෑ.. අනෙත් හැම එකෙක්ම තමන්ගේ වර්ගයා ගැනම විතරයි හිතන්නේ..මට නම් මම සිංහල බෞද්ධ කියල කියන්නේ මාර ලොකු දෙයක්... ආඩම්බරයක්... ඒක ඔයා හිතන විදියේ අන්ධභාවයක් නෙමෙයි. මම පිළිගන්නේ ලෝකේ තියෙන යථාර්තවාදීම ජීවන දර්ශනය.. ඒක අවිහිංසාවාදී තමයි... ඒත් ඒක නපුංසක කමක් විදියට අදහන්න කියලද ඔයා ලිං මැඩි කම කියන්නේ. අනෙක වත්පොත ඕනේ අන්තර්ජාතික වෙන්නමද? ඔයා ගැන දුකයි ඇනෝ.. පිලිපීන තායි ඉන්දුනීසියන් කෑලි ගැන ඔයා මොනාද දන්නේ?

      Delete
    6. ඇයි බං උඹ කමෙන්ට් මකන්නේ. ආයේ පස්සේ ඇවිත් ඇනෝ කමෙන්ට් දාන්නේ. උඹම නේද මහ ලොකුවට කොන්ද ගැන කතා කලේ.

      ----------------------------

      Sumith Niriella has left a new comment on the post "බීටලේගෙ සතුට...!":

      කෝ මේ ලිස්ට් එකේ රනිල් වික්‍රමසිංහලා, ගංගානාත් දිසානායකලා,ලක්ෂ්මන් කිරිඇල්ලලා, තිනියාවල පාලිතලා,ජයලත් ජයවර්ධනලා නෑනේ....!?

      Delete
    7. අනේ නිරිඇල්ල අංකල් ඔයා ලංකාවේ "සිංහල බෞද්ධ නායකත්වය" ගැන මොකුත්ම දන්නෙ නැති තොත්ත බබා නේද? දැන් ඔයත් වැඩ කරන්නෙ මහින්ද මහරජාටද නිරි ඇල්ල අංකල්? අනේ හොඳයි. අනේ හොඳයි. ඔන්න ගොඩ ගිය මිනිස්සු.

      Delete
    8. මම දාපු කමෙන්ට් එක ගැන සෑහීමකට පත්වෙන්න බැරිවුන හින්දා මම ඒක මැකුවා.ඊට පස්සෙ ආයේ කමෙන්ට් කරන්න කලින් කරන්ට් කැපුනා. (මේක ඕස්ට්‍රේලියාව නෙවෙයිනෙ ඇනෝ, මෙහේ එහෙම දේවලුත් වෙනවා.)
      කොහොම වුනත් මට උදව්වක් විදියට ඒ කමෙන්ට් එකම පබ්ලිෂ් කළානේ, බොහොම හොදයි.(එහෙම තමයි සදාචාරත්මකව මාධ්‍ය භාවිතා කරන්නෙ)

      මම ඇනෝ කමෙන්ට් දාන්නෙ නෑ. එහෙම දාන්න අවශ්‍යත් නෑ.(මම කොහොමත් තුවක්කුවලට නිරාවරණය වෙච්ච මිනිහෙක්,ඉතින් මොකාට බය වෙන්න ද ?)

      Delete
    9. ඔයා කඩේ යන්නෙ කාටද කියලා හිතා ගන්න පුළුවන් අන්කල්. ඒ විතරක් නෙවෙයි ඒ මොකටද කියලත් හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒ කඩේ යන එකට අනුකම්පා කරනවා මිසක තරහක් නෑ.

      Delete
  2. ඔතැන සරත් ගුණපාල ගොයියා හිටි එක හොඳය. නැත්නම් විමල් වීරවංශ ගරු ඇමැතිතුමා කියන්නේ මෙහමයි.

    "...දැන් බලන්න අම්මේ, තාත්තේ, අයියේ අක්කේ. ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන් අද මොනවද කරන්නේ? මේ අපේ කන්තලේ දුක් විඳින ගොවි පවුලක දරුවන්ට බත් වේලක්, ඉස්කෝලෙකට යන්න පැන්සලක් පොතක් අරන් දෙනවද? නෑ. ඒ ගොල්ල ඒව කරන්නෙ නෑ. මොකද අද ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ අරමුණ ඒක නෙවෙයි. ඇමරිකන්කාරයෝ අද ඩොලර් බිලියන ගණන් වියදම් කරලා අඟහරු ලෝකෙට යානා යවනවා. අම්මේ, තාත්තේ හිතන්න ඇයි ඒ? මේ අපට තියෙන ආදරේකටද? නෑ. මේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට අද අවශ්‍යව තියෙන්නේ මේ ලෝකය ආක්‍රමණය කරලා අවසාන වෙලා ඉතුරු වෙලා තියෙන අනෙක් ලෝකත් ආක්‍රමණය කරන්න. ඇයි දෙයි හාමුදුරුවනේ මේ බල තණ්හාවෙ කෙළවරක් ඇත්තේම නැද්ද?"

    ReplyDelete
  3. සමාවෙන්න මාත් ළිං මැඬි ගෝත්‍රිකයෙක් වෙන්න පුළුවන්. ඒත් අවංකවම කිව්වොත් අඟහරුවලට යානයක් ගොඩ බස්සපු එක මටනම් මාර දෙයක් නෙමෙයි [ඔන්න කැන්සර් වලට් බේතක් හොයා ගත්තනම් ඒක මට මාරයි]. මේක මිනිස් සංහතියේ ඉදිරි පිම්මක් වෙන්නේ කොහොමද කියන එක මට තාම ප්‍රශ්නයක්.

    ලංකාව කියන්නේ පුන්චිම පුන්චි රටක්. 432x225 ක ඔවල් එකක්. සමහර රටවල එක ප්‍රාන්තයක් ලංකාවට වඩා වාර ගාණක් ලොකුයි [ඉන්දියාව ලංකාව වගේ හැට ගුණයක්]. එහෙම රටක ඉපදිලා, එහෙම රටකින් අධ්‍යාපනය ලබලා නාසා වගේ ඉහළම ආයතනයක, "මිනිස් සංහතියේ ඉදිරි පිම්මක්" කියලා සමහරු හදුන්වන ප්‍රජෙක්ට් එකකට කැපී පෙනෙන දායකත්ත්වයක් දක්වන්න ලැබිච්ච එක මටනම් මාරයි. මොකද මම දන්නවා අපේ පාට එකෙක්ට ඔය දියුණුයි කියන, ගෝත්‍රවාදයක් නැතෙයි කියන සුද්දන්ගේ ඉහලම තැනකට යන්න තියෙන අමාරුව ඒහෙම තැනකට යන්න පුළුවන් පට්ටම පට්ට පොරකට විතරයි.

    ප.ලි: ඔය ලෝකවාසි මානවයා කියන කන්සෙප්ට් එකම අපිව අන්දවන්න ගහපු අතේ රෝලක්. ඒකත් හරියට ජාතික සමගිය පෙන්වන්න සිංහල සින්දු අස්සට දෙමළ කෑල්ලක් ඔබ්බනවා වගේ ගොන් පාර්ට් එකක්. ඕකේ ඇත්ත නැත්ත ටැස්ට් කොරන්න දියුණු රටක එයාර් පොර්ට් එකක සිකියුරිටි ස්කීනින් එකක් හරහා යන්න, එහෙමත් නැතිනම් දියුණු රටකට වීසා ඇප්ලයි කරලා බලන්න.

    ලෝක මානවයා කියන්නේ සිලෙක්ටට්ඩ් කොට්ඨාශයක්, ඒකට අපි අයිති නෑ..!



    ReplyDelete
    Replies
    1. 1 ඔයා ලිංමැඩි ගෝත්‍රිකයෙක් නෙමේ. මොකද ඔයා තමන් ගෝත්‍රිකයෙක්ය කියල තේරුම් ගන්න තරම් නූතනයි.
      2 මිනිස් සංහතියේ ඉදිරි පිම්මක්ද කියල මං දන්නෙත් නෑ. හැබැයි මේක මිනිස් වර්ගයාගේ 'මාර' වැඩක්.
      3 //අඟහරුවලට යානයක් ගොඩ බස්සපු එක මටනම් මාර දෙයක් නෙමෙයි//
      //එහෙම රටකින් අධ්‍යාපනය ලබලා නාසා වගේ ඉහළම ආයතනයක, "මිනිස් සංහතියේ ඉදිරි පිම්මක්" කියලා සමහරු හදුන්වන ප්‍රජෙක්ට් එකකට කැපී පෙනෙන දායකත්ත්වයක් දක්වන්න ලැබිච්ච එක මටනම් මාරයි.//
      4 ලෝකවාසී මානවයා යනු ඇමරිකන් කාරයා නොවේ. ගෝත්‍රවාදී,වර්ගවාදී,ආගම්වාදී, වර්ණභේදවාදී, ආදී කුලකයන්ගෙන් බැහැර සිටින්නාය. කොන්දේසි විරහිතව තවත් ඕනෑම මනුෂ්‍යයෙකුට ආදරය කල හැකි තැනැත්තාය.
      දියුණු රටක එයාර් පොර්ට් එකක සිකියුරිටි ස්කීනින් එකක් හරහා යාමෙන් එවැන්නන් නැති බව සනාථ කල නොහැකිය.

      Delete
    2. //ලෝක මානවයා කියන්නේ සිලෙක්ටට්ඩ් කොට්ඨාශයක්, ඒකට අපි අයිති නෑ..!//

      මම කියන්නේ අයිති වෙන්න උත්සාහ කරමු කියලා. මොකද මේක පුද්ගල සිතීමේ ගැටළුවක්. සුද්දො අපිව ගනන් නොගන්නා නිසා අපි 'ලෝක මානවයන්' වෙන්නෙ නෑ කියන එක විකාරයක්. ඒක හරියට තව කෙනෙක් මට ආදරේ නැති නිසා මට ආදරවන්තයෙක් වෙන්න විදිහක් නෑ කියනවා වගේ කතාවක්.

      හැබැයි මාලන් කියන එක ඇතුලේ ඇඟවෙන මේක වැදගත්. පෘථිවිය කියන භූගෝලීය සමස්තය ඇතුලේ අපට තරණය කිරීම අපහසු ආර්ථික විශ්වයන් කිහිපයක් තියෙනවා. ඒකෙ ඉඳන් බලද්දිනම් කේන්ද්‍රයේ ලොකු වැඩකට පරිධියේ පොඩි මිනිහෙක් ඔලුව දාගන්න එක ලොකු දෙයක් තමයි.

      හැබැයි කි.මී. මිලියන 225 ක් ඈත ඉන්න කියුරියෝසිටි යානයට මේ වෙලාවෙ අවශ්‍ය පෘථිවියෙන් ඇමතුමක්. ඒ ඇමතුම දෙන්නෙ ඇමතුම දෙන්නෙ ඇමරිකන් කාරයෙක්ද මොන්ගෝලියන් කාරයෙක්ද, චීනෙක්ද කියන එක අඟහරු මතදි අදාල නැහැ.

      Delete
    3. 1. ලෝකේ බහුතරයක් ගෝත්‍රිකයෝ තමයි.
      2. කරනවනම් "මාර" වැඩ කොච්චර තියෙනවද..?
      3. මට තේරෙන්නේ නෑ ඔයා මෙතන ඔප්පු කරන්න හදන්නේ කියලා. මම කිව්වේ මෙච්චරයි මට මේක "මාර" දෙයක් නෙමෙයි, ඒත් ඒක සමහරු කියන විදිහට "මාර" වැඩක්නේ; ඉතින් එහෙම "මාර" දෙයකට අපේ එකෙක්ට දායකත්වය දෙන්න ලැබිච්ච එක මට "මාරයි".

      Delete
    4. අර ඩියුලක්ස් බල්ලා කියන්නැහේ
      "මාත් ආසයි මූද අද්දර ගෙයක ඉන්න, ඒත් මූද අද්දර ගෙවල්වල බිත්තිවලට ආරක්ෂාව තියෙන්න ඕන ඩියුලක්ස් වෙදර්ශීල්ඩ් වගේ"

      Delete
    5. අන්න ඒ වගේ :)

      Delete
    6. @මාලන්,

      මෙතැන 'මාර' වෙන්නෙ මේකයි.

      ඔය විශ්ව පුරවැසියා අමතක කරමුකො. ඇමරිකන්කාරයාට ආසයි අඟහරු ලෝකෙට යන්න. ඉතින් ඌ යානවක් හදාගෙන යනවා. ලේසි නෑ වැඩේ. හැබැයි ඌ කරනවා.

      අපටත් ආසයි අඟහරු ලෝකෙට යන්න. නමුත් අපි ඒකට පුංචි උත්සාහයක් වත් දරන්නේ නෑ. ඒ වෙනුවට:

      1. "ඕවා මොනවද අපේ රාවණා රජ්ජුරුවො ඉන්න කාලෙ අඟහරුට නෙවෙයි බ්‍රහස්පතිටත් ගියේ" කියලා ස්වයං වින්දනයක් ලබනවා.

      2. "ඕකගෙ බොරු ඔය. අඟහරු කියලා ඕකා ඔය කැන්සාස් පැත්තෙ ගිහින් එන්න ඇති" කියලා ස්වයං වින්දනයක් ලබනවා.

      3. "ඕවද වැඩ? කරනවා නම් ඔයිට වඩා කරන්න වැඩ කොයිතරම් තියෙනවාද?" කියලා අහල ස්වයං වින්දනයක් ලබනවා. (ඔව්, කරන්න කොයි තරම් වැඩ තියේද, ඕවා කරනවා වැඩිය? වෙන දෙයක් බැරි නම් මුන්නේස්වරම් වල බිලි පූජා නතර කරමුකෝ. අන්න වැඩ!)

      සිංහලෙන් කියනවා නම් මෙහෙම.

      සුද්දට බඩු ගහන්න ඕනැ වුණහම සුද්ද බඩු ගහනවා. අපට බඩු ගහන්න ඕනැ වුණහම අපි බැරිකම පිළි නොගෙන ඒකට හරියන්න අතේ ගහනවා.

      Delete
    7. @මාලන්: /*ලංකාව කියන්නේ පුන්චිම පුන්චි රටක්. 432x225 ක ඔවල් එකක්. සමහර රටවල එක ප්‍රාන්තයක් ලංකාවට වඩා වාර ගාණක් ලොකුයි [ඉන්දියාව ලංකාව වගේ හැට ගුණයක්]. එහෙම රටක ඉපදිලා, එහෙම රටකින් අධ්‍යාපනය ලබලා නාසා වගේ ඉහළම ආයතනයක, "මිනිස් සංහතියේ ඉදිරි පිම්මක්" කියලා සමහරු හදුන්වන ප්‍රජෙක්ට් එකකට කැපී පෙනෙන දායකත්ත්වයක් දක්වන්න ලැබිච්ච එක මටනම් මාරයි.*/

      +++

      Delete
    8. සරත් ගුණපාල විශිෂ්ඨයෙක්. ඒ ගැන සැකයක් නෑ. මෙතැන ගැටළුව තියෙන්නේ ඔහුගේ විශිෂ්ඨත්වය ගැන නෙවෙයි. ඔහුව තමන්ගේ සිඟිති වර්ගවාදී ඇජෙන්ඩා වලට යොදා ගැනීම ගැන.

      1969දි ඇපලෝ සඳ ගමනින් ගෙනා චන්ද්‍ර පාෂාණ විශ්ලේෂණය කිරීමට මුල්වූයේත් ශ්‍රී ලාංකික සම්භවයක් තිබුණු සිරිල් පොන්නම්පෙරුම. නමුත් ඒ අවස්ථාවේ කවුරුත් "අපේ සිංහලයා" ගැන කතා කළේ නැහැ.

      අද වෙලා තියෙන්නේ ලෝකෙ කොතැනක හෝ සිංහලයෙක් මොනවා හරි දෙයක් කළොත් විමල් වීරවංශලා චම්පික රණවකලා ඔහු/ඇය තමන්ගේ පටු වර්ගවාදී ඇජෙන්ඩාවන්ට එක් කර ගැනීම. අන්න ඒකයි කැත.

      Delete
    9. @ AnonymousSeptember 5, 2012 12:00 PM

      නෑ ඒක නෙමෙයි හේතුව. 1969 අපේ සිංහලයාව උඩ දාන්න ඉන්ටර්නෙට් තිබ්බේ නෑ

      Delete
  4. ලිපිය නම් සුපිරියි.. මේ තමා මනුෂ්‍යයෙක් කියලා හිතන මිනිස්සු මුළු ළොකේම අඩුයි. ගෝත්‍රික ගතිය කොහේදි හරි මතු වෙනවා. ඒක මම හිතන්නේ ජීවීන්ගේ ස්වභාවයක්. ඒක නිසා තමයි අපේ රටේ උන් ඔස්ට්‍රේලීයාවට පැනලා එහේ පදිංචි වෙලා අපේ ටීම් එක එහේ ගියාම සිංහ කොඩි වනන්නේ. එතකොට ටැලිවිසොන් එකෙන් ඒක දකින් අපේ අයට හරි ජොලි. කොඩි වනන උන්ටත් හරි ජොලි. හරි විදියටනම් වනන්න ඕන එහේ කොඩිය. ඩුවල් සිටිසන් නම් මුහුන් කොඩියක්. ඒත් මෙහේ ඉන්න කොන කපපු උන් පකිස්ථාන් ටීම් එක ඇවිත් පකිස්ථාන් කොඩි වනන කොට අපේ අයට මල පනිනවා. ඔස්ට්‍රේලියාවෙ නම් අපේ කොඩි වනන්න දෙනවා. ඒත් පකිස්ථාන් කොඩි වැනුවොත් විනාසයි. ඔය දියුණුයි කියන රටවලත් හැම පුද්ගලයා ගාවම ගෝත්‍රික ගති තවමත් තියෙනවා. නමුත් නීතී රීතී මගින් හා ඒවාට ගරි කිරීම මගින් තමයි කොන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. විශ්වයම නියෝජනය කරන සත්වයන් බොහොම අල්පයි....

    ReplyDelete
  5. ඇත්තම කිව්වොත් මචං මටත් ඕකේ ඔච්චර ලොකු සීන් එකක් නෑ. වීඩියෝ එක බැලුවෙත් බීටලයා ඕක දාලා තිබුනට පස්සේ. මේක මාරයි කියන එකේ ඉන්නවා. මොකද ලංකාවේ ඉඳන් අඟහරුට තියා කැම්බල් පාක් එක වටේට කාණුව හදන්න ඒ වගේ පස් ගුණයක් වියදමක් යන රටක් වෙන අපිට කවදා ඔය වගේ දේවල් කරන්න වෙයිද හිතාගන්න බැරිකමේ ඉන්න අපිට ඒක මාර දෙයක්. සරත් ගුණපාල ලංකාවේ හිටියානම් නන්නත්තාර වෙලා ටෝක් දිදී පශ්චාත් කාලෝ ෆොන්සේකාට වෙච්ච වැඩේ වෙන්න තිබුනා. ගුණපාල මොලේ කල්පනා කරලා ගියා. අපි ගුණපාලගෙන් දේශීය ආතල් ගන්නවා. කොහොමත් ඔය සයිබර් දේශප්‍රේමීන් මුස්ලිම් එවුන් දෙමල එවුන් මරාගෙන මැරෙන්න හදන් උන් තරම් සිස්ටම් එකට අනුගත වෙච්ච උන් ටිකක් තවත් නෑ. උඹ කියනවා වගේ උන් ෆේස්බුක් එකේ මරාගෙන මැරිලා. එලියට ඇවිල්ලා ලංකාවේ පවතින දේශපාලනය අනුකූලව කතිරේ ගහන උන්.

    මේක කතා කරන එක සතපහක වැඩක් නෑ. ඒත් මචං අපේ ඔළුවේ පැසවන තුවාලේ සැරව ටික යවාගන්න ඒක හොඳයි. නැත්නම් ඒක වණ වෙනවා.. :P

    ReplyDelete
  6. කොහොමත් කීබෝඩ් වීරයන්ට වඩා වැඩක් කරන අයව අගය කරන්න ඕනෙ කියන මතයෙ තමා මම නම් ඉන්නේ.

    ReplyDelete
  7. මාලන් කිව්ව වගේ මටත් මේක මාරම වැඩක් නෙමෙයි... අවශ්‍ය ඔක්කොම ප්‍රතිපාදන දීල, අවශ්‍ය දැනුම තියෙන සුපිරි මිනිස්සු එකතු කරල කරපු වැඩක්... සුපිරි අමුද්‍රව්‍ය වලින් සුපිරි නිෂ්පාදනයක්...

    ඔය සුපිරි නිෂ්පාදනය හරි මාර වැඩේ හරි තියෙන විඩීයෝ එක ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම මිනිස්සු එකතු කරල උන්ට පෙන්නුවොත් මොනව වෙයි කියලද චාමි හිතන්නෙ?... ඇයි මේක ලංකාවට ලඝුවුනේ ?...

    ReplyDelete
    Replies
    1. සිරා...! ඕක තමයි සියවසේ ප්‍රස්නය සාතන්.

      අපි ලංකාවෙ මොකක්හරි විවේචනය කරද්දි අපිටම එන ප්‍රස්නය. මේ ලියල තියෙන හැම දෙයක්ම මීටත් වඩා ඉන්දියාවට වලංගුයි. පාකිස්තානෙට, චීනෙට... ඔහොම ගිහින් කොරියාවට, ජර්මනියට,කැනඩාවට.......

      ඉතිං මොකද බං කරන්නෙ? ඕන්නං රුසියාවෙත් ඔහොම තමයි කියල හිත හදං ඉන්න පුලුවන්. එහෙම නැත්තං මේක කැතයි තමා කියල පිලිගන්න පුලුවන්. මම හිතනවා දෙවෙනි එක වඩා සාධනීයයි කියලා.

      Delete
    2. ලිපියෙ ලෝක මානවයා, පෘතුවිවාසීන්, විශ්වයට නිරාවරණය වීම, ගෝලීය කරණය වගේ දේවල් කියල තමන්ගෙ කටුවට රිංගන සතෙක් වගේ ලංකාවට විතරක් ලඝු වුනේ ඇයි කියන එකයි මම ඇහුවෙ... අනික් අතට චාමි කියල තියෙන්නෙ රටකට, ජාතියකට, ආගමකට සම්බන්ද නැති මිනිස් හැඟීමක් ගැන...

      මිනිස්සුන්ගෙ කැතක් තියෙනව.. ඒක සාපේක්ෂයි...

      මම දකින විදිහට "මෙහෙම කැතක් තියෙනව.. ඒ කැත ඇතිවෙලා තියෙන්නෙ ඇයි?.. තියෙන කැත අඩු කරගන්න මොනවගේ දෙයක්ද අපිට කරන්න පුළුවන්" කියල සඳහන් වුනා නම් මේක සෑහෙන බරක් වටිනාකමක් තියෙන ලිපියක් වෙන්න තිබුන..

      කැත පෙන්නල ලියන එක හැමෝටම පුළුවන් වුනාට එහෙම බරක් තියෙන එකක් හැමෝටම ලියන්න බෑ.. මම චාමිව කියවල තියෙනව හරි නම් චාමිට ඒක කරන්න පුළුවන්.. නොකලෙ ඇයි කියන්න උඹම තමා දන්නෙ :)

      Delete
    3. මන්ද බං. පුළුවන් දේ කරනවා. මගෙ අදහස මේ කරපු දේත් මොකුත්ම නොකරනවට වඩා හොඳ ඇති. අඩුමගානෙ කියවන කීපදෙනෙක් අතර හරි මොකක්හරි කතාබහක් ඇතිවෙනවනේ.

      Delete
  8. සරත් ගුණපාල තාමත් ශ්‍රී ලාංකිකයෙක් ද කියන්න දන්නවද? මට හිතන්නේ සරත් ගුණපාල සිංහලයෙක් කියා හැඳින්වූවා නම් ශ්‍රී ලාංකිකයෙක් කියනවාට වඩා නිවැරදියි කියාය.සරත් ගුණපාල ඔතන හිටියේ නැත්නම් වෙන ඇමරිකන්කාරයෙක් ඔය වැඩේ කරයි. ඒ ගැන සැකයක් නැහැ.

    තවමත් හොඳින් සිංහල කථාකරන සරත් ගුණපාල නාසා ආයතනයේ භාරදූර රැකියාවක් ලබා ගැනීමත්, කියුරියෝසිටි වැඩසටහනට දායකත්වය දීමත් සිංහල මට මාරය. කියුරියෝසිටි අඟහරුමතට සාර්ථකව ගොඩබෑමත් මානවයෙක් ලෙස මට මාරය.

    ReplyDelete
    Replies
    1. සරත් ගුනපාල සිංහලයෙක්වූවත්, දෙමලෙක් වූවත් එය මෙතැනට අදාල නැත. ඔය ජාතිකවාදී දුප්පත් චින්තනයෙන් දැන්වත් අත්මිදිය යුතුය. මෙය මානව වර්ගයාගේ ඉදිරි පිම්මකි. හද මතට පාතැබූ නීල් ආම්ස්ට්‍රෝන්ග් "This is a small step of a man but giant step of the mankind" කීවා විනා "This is a small step by a white christian american but a giant step of all white christian americans " කීවේ නැත

      Delete
    2. හැබැයි ඔහු එක්සත් ජාතීන්ගේ කොඩිය නොව ඇමරිකන් කොඩිය එහි සිටවූයේය.

      Delete
    3. අන්න පොයින්ට් එක.

      Delete
    4. ""හැබැයි ඔහු එක්සත් ජාතීන්ගේ කොඩිය නොව ඇමරිකන් කොඩිය එහි සිටවූයේය.""

      Checkmate..! :D

      Delete
    5. ඇත්ත. 1969 ලෝකය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ගෝත්‍රිකය. Cold War කියා එකක්ද තිබුණේය. මතක හැටියට ස්ටාලින්, මාඕ සේතුං හෝ බ්‍රෙෂ්නෙප් කවදාවත් ඇමෙරිකාවට පා නොතැබුවෝය. කෙනඩි හෝ ජොන්සන් රුසියාවට නොගියහ. කල්ලකුට ඇමෙරිකාවේ ජනාධිපති වීම සිහිනයක් පමණක් විය. ලෝකය එතැන සිට බොහෝ ඉදිරියට පැමිණ සිටියි. තව දුරටත් දියුණු ලෝකයට (මීට චීනය වුව ඇතුළත් කළ හැක්කේය.) මේ ගෝත්‍රික බෙදීම් වැදගත් නොවේ. මේ ගෝත්‍රික බෙදීම් වැදගත්ව ඇත්තේ පැත්තක ඉන්නා අපටය!

      Delete
    6. ලෝකයේ දියුණු රටවල් තම ගෝත්‍රික බෙදීම් අවම කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර අපි නැති ගෝත්‍රික බෙදීම්ද ඉස්මතු කර ගන්නට කටයුතු කරමින් සිටිමු. හතළිස් ගණන් වලදී මදුරාසිය අපට ගොස් චිත්‍රපටයක් හදාගෙන එන්නට පුළුවන් තැනක් විය. අද උන්ගේ දරුවෝ අපට ගසා පන්නති. ලෝකයේ හැම ප්‍රධාන නගරයකම වෙසෙන ලාංකීය සිංහලයන් හා ලාංකීය දෙමළුන් නයි වෛරය. අනුන්ගේ ඇස් වල රොඩු හොයන්නට කලියෙන් අපේ ඇස් වල පොල් පරාළ අයින් කර ගනිමු.

      Delete
    7. He He Good One..!

      Written in "English"
      --------------------

      Hello to all aliens out there,
      On behalf of mankind,

      Richard Nixon [President of America]
      Self appointed representative
      Planet Earth.

      American Flag, English and Richard Nixon :D

      Delete
    8. So whom you think should sign there..? Rajinikanth..? :D LOL

      Delete
    9. Prior to the mission, several members of Congress relayed letters from their constituents to NASA which recommended (or in some cases opposed) the use of specific flags. Flags mentioned in these letters included the U.S. flag, the U.N. flag, and the Christian flag. The congressional debate heated up in the House of Representatives as the body considered NASA's appropriations bill for Fiscal Year 1970. On 10 June, NASA formally notified members of Congress that a decision had been made to raise the U.S. flag on the lunar surface. The House approved the appropriations bill on that same day after amending it to include a flag provision. This measure did not actually affect the Apollo 11 mission, but did make it clear to NASA where many members of Congress stood on the flag issue.

      A House and Senate conference committee agreed on the final version of the bill on 4 November 1969 which included a provision that "the flag of the United States, and no other flag, shall be implanted or otherwise placed on the surface of the moon, or on the surface of any planet, by members of the crew of any spacecraft ... as part of any mission ... the funds for which are provided entirely by the Government of the United States." The amendment, in deference to the Outer Space Treaty, concluded with the statement "this act is intended as a symbolic gesture of national pride in achievement and is not to be construed as a declaration of national appropriation by claim of sovereignty."

      Read More : NASA Contractor Report 188251

      Delete
    10. You carry the flag of those who finance you. NASA is run out of American tax payers' money so it is natural for them to carry American flag. It the program was sponsored by UN they would have carried UN flag.

      As someone has written before what do you expect them to do? Carry India flag? China flag?

      All expedition teams typically carried their national flags. for example Sir Edmund Hillary carried New Zealand flag to the peak of Everest.

      Delete
    11. :) Exactly.

      This project was executed by NASA, funded by American tax payers. Therefore obviously they should carry American flag. All the credit should goes to Americans and their respective governments. No argument there.

      My concern is, why we Sri Lankans getting so thrilled about Americans achievement..? If we go back to Beetles statement "සතුටින් කෑගසා හඬන්නට හිතෙන්නේ මට විතරද..?" why on earth we cry out loud for someone else achievement..?

      Delete
    12. /My concern is, why we Sri Lankans getting so thrilled about Americans achievement..? /

      Because Americans too are humans!! (Probably you are not, but we are)

      Delete
    13. ""Because Americans too are humans!! (Probably you are not, but we are)""

      So as Somalians.

      Why we not feel the same way when Somali kids die starving..?

      http://www.youtube.com/watch?v=pZ8nGTdTmkQ

      PS: Dude, we are not getting any where. I don't want to drag this to a personal level. And therefore this is my last comment to you.

      Delete
    14. /So as Somalians./

      Did I say anything against Somalia? I have nothing against Somalians.

      /And therefore this is my last comment to you./

      Yes, Obviously. You lost!

      Delete
    15. HA HA HA :D

      Sorry I couldn't stop replying to you after reading your comment. Yeah I LOST (sob sob) :(

      And the winner is (Drum roll) Mr. "Anonymous"..!
      Round of applause please.

      So Mr. "Anonymous", lets us know your thoughts after this great victory. Is this the first time you achieved something in your life..?

      PS: Hey just chilax machan. Nothing personal.

      Delete
  9. ලංංකාවේ මෙ වෙලාවේ වැඩියෙන්ම මාකට් වෙන්නේ දේශප්‍රේමය! ඒ නිසා බල්ලා ගැන රචනාව ලියන්න දුන්නම අන්තිමට ලියවෙන්නේ මැක්කා ගැන වගේ මොනා කොහෙන් පටන් ගත්තත් අන්තිමට ගිහින් නතර වෙන්නේ ඔතන තමයි! සරත් ගුණපාල සිංහල වීම නිසයි ඔහොම මාකට් වෙන්නේ! නිකං හරි තම්බියෙක් හරි දෙමලෙක් හරි උනා නම් ඔහොම ෂෙයා වෙයිද? Religion has nothing to with loving your country!

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හිතමු සරත් ගුණපාල වෙනුවට NASA එකේ ඒ පදවියේම හිටියේ මොහොමඩ් රාෆික් කියලා. (අහඹු නමක්) එතකොට අපේ 'දේශප්‍රේමී' අයියලා ලියන්නෙ මෙහෙම.

      "...තමන්ගේ රට ගැන නොහිතුවාට පිටරට ගිහින් අධිරාජ්‍යවාදී ඇමරිකන්කාරයේගේ ඩොලර් වලට කුලියට කහින මොහොමඩ් රාෆීක් වැන්නන් ලාංකිකයින් වීම ගැනද අපි කණගාටු වෙමු..."

      Delete
    2. @සබිත්,
      ++++++++++++++++++

      Delete
    3. බොහොම හරි තම්බි. මුරලිට මොකද උනේ. ආසාවට නායකත්වය දුන්නද...?

      Delete
    4. අන්න පොයින්ට් එක !

      Delete
  10. මට නං මානවයා අඟහරු වලට යානයක් යැවිල්ල වගේම සරත් ගුනපාල ඒ වැඩේට සැට්වීම කියන කාරණා දෙකම මාරයි. ඒ වගේම උඹේ මේ පෝස්ටුවයි සංවාදෙයිත් මාරයි :)

    මේ දෙකෙන් වඩා "මාර" මොකක්ද කියල තීරණය කිරීම තනිකරම පුද්ගලානුබද්ධයි. ඒ වගේම මිනිස්සු කැමතියි තමන්ට වඩාත් කිට්ටු කෙනා ගැන හිතන්න. අන්න ඒකයි සරත් ගුනපාල අපේ අයගෙ බුකියෙ ෂෙයා වෙන්නෙ. මොකද අපිට වඩාත් කිට්ටු සරත් මිසක් නාසා නොවන නිසා. ඕක මෙතන විතරක් දකින්න පුළුවන් සිද්ධියක් නෙවේ. හැම තැනකම තියනව තමන්ට කිට්ටු එකාට ඇදිල්ල. උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.

    ReplyDelete
  11. ආඩම්බරවෙන්න, සන්තෝසවෙන්න හේතුවක් නැතිව වේලෙන අපි වගේ ළිං ගෙම්බොන්ට සරත් ගුණපාල කියන්නෙ කාන්තාරයේ දියබිඳක් වගේ දෙයක්! අඩුගානෙ පඩත්තල සුද්දෙක්ට අන්න අපේ එකෙක් කියල පෙන්නන්න පුළුවන් ;-)

    අනාගතයෙදි ලෝකයේ ලාබාලතම ගගනගාමියා වගේ වාර්තා පිහිටුවනකම් අපිට මේවගේ දේවල් වල පිහිට තමයි.

    ReplyDelete
  12. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලංකාවේ කට්ට කමින් දේශපාලුවන්ගේද නොදැමුනු මිනිසුන්ගේද විවේචනයට ලක්වුවද සිය රටට නිහඬ සේවයක් කරමින් ලංකාවේම රැඳී සිටිනා ලාංකික උගතුන්ට මගේ ප්‍රනාමය !.

    ReplyDelete
  13. දැන්නේ මේක දැක්කේ... :)

    පුද්ගලිකව මට මේක මාරයි කියලා හිතුනේ ගෝත්‍රවාදී ළිංමැඩි, ඊනියා සිංහල බෞද්ධ, අරවා මේවා සංකීරණ දේවල් මතක්වෙලා නෙමෙයි... හොඳට බඩ පිරෙන්න පළතුරු කාලා රූස්ස ගහක් මුදුනටම වෙලා, ඉඳහිට කඩා වැටෙන තරු එළි දිහා බලන් හිටපු වඳුරු මොටෙක් අන්තිමට ගිය දුර කියලා... ගහෙන් බිමට බැහැපු අපි කොච්චර නම් දුර ගිහින්ද..?

    ReplyDelete
    Replies
    1. //හොඳට බඩ පිරෙන්න පළතුරු කාලා රූස්ස ගහක් මුදුනටම වෙලා, ඉඳහිට කඩා වැටෙන තරු එළි දිහා බලන් හිටපු වඳුරු මොටෙක් අන්තිමට ගිය දුර කියලා... ගහෙන් බිමට බැහැපු අපි කොච්චර නම් දුර ගිහින්ද..?//

      මම ලිව්වෙත් ඔච්චරයි. ඊට අමතරව ලිව්වෙ උඹට හිතුනු එක වැඩි දෙනෙකුට හිතෙන්නැත්තෙ ඇයි කියන එක :)

      Delete
    2. ++++++++++++++

      100%ක් එකගයි.

      Delete
    3. @Charmi,

      ""මම ලිව්වෙත් ඔච්චරයි. ඊට අමතරව ලිව්වෙ උඹට හිතුනු එක වැඩි දෙනෙකුට හිතෙන්නැත්තෙ ඇයි කියන එක :)""

      අනේ මන්දා චාමි මටනම් උඹේ ලිපිය කියවද්දි ආවේ ඔය බීට්ල් හිතපු අහිංසක සිතුවිල්ල නෙමෙයි. අනිත් එක ඔය අඟහරු තරණය හරිම අහිංසක ප්‍රයත්නයකුත් නෙමෙයි. ඔය අඟහරුට ගිය රොකට් එකේ ලේ තැවරුණ ඉතිහාසයක් තියනවා. ඒක අප්‍රිකාවේ මිනිස්සුන්ගේ, දකුණු ඇමරිකානුවන්ගේ, ආසියනුවන්ගේ ලේ, කදුළු සහ දහඳිය වලින් ලියවුන කතාවක්.

      සිංහලයා අතින් දෙමළට වුන අසාධාරණයක් ගැන කතා කරන අය මේ දේවල් ගැන නිකන්වත් වචනයක් නොලිය වෙන්නේ ඒ අයගේ ළ්ං මැඬි ගෝත්‍රිකත්වය නිසයි කියලයි මටනම් හිතෙන්නේ.

      Delete
    4. /ඒක අප්‍රිකාවේ මිනිස්සුන්ගේ, දකුණු ඇමරිකානුවන්ගේ, ආසියනුවන්ගේ ලේ, කදුළු සහ දහඳිය වලින් ලියවුන කතාවක්. /

      මට මතක හැටියට මීට සමාන මෝඩ චෝදනාවකට අරුණි ශපීරෝ වරක් බ්ලොග් පෝස්ට් එකකින් දීර්ඝ පිළිතුරක් දුන්නා. එනිසා නැවත ලියන්නට ඕනැ නැත.

      Delete
    5. මෙහෙම තර්ක කළොත් අඟහරු රොකට් එකට විතරක් නොව රාජපක්ෂ උන්නැහේගේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයටද ලේ තැවරුණු ඉතිහාසයක් තියේ.

      Delete
    6. ""මට මතක හැටියට මීට සමාන මෝඩ චෝදනාවකට අරුණි ශපීරෝ වරක් බ්ලොග් පෝස්ට් එකකින් දීර්ඝ පිළිතුරක් දුන්නා. එනිසා නැවත ලියන්නට ඕනැ නැත.""

      අනේ ඇනෝ මම ඔය බ්ලොග් එක කිය වන්නේ නෑ. ඒක නිසා ඒකේ මොනවා ගියාද කියන්න මම දන්නේ නෑ. :D

      Delete
  14. ඒත් අවංකවම කිව්වොත් අඟහරුවලට යානයක් ගොඩ බස්සපු එක මටනම් මාර දෙයක් නෙමෙයි - මාලන්

    මාලන් කිව්ව වගේ මටත් මේක මාරම වැඩක් නෙමෙයි... - සාතන්

    ඇත්තම කිව්වොත් මචං මටත් ඕකේ ඔච්චර ලොකු සීන් එකක් නෑ. - ආගන්තුකයා

    මචං උඹලා සේරටම මේ පිළිතුර... තනි සිද්ධියක් විදියට ඒක මාර දෙයක් නොවුනට ඒ පියවර අපිට හීනෙකින්වත් හිතන්න බැරි ගමනක පළමු පියවර වෙන්න පුළුවන්...

    හොදට කල්පනා කරපන්... ඔය මම කිව්ව වඳුරු මොටා ගහේම ලැගලා ඉන්නේ නැතුව බිමට බහිනවා... තනියම ගත්තොත් මාර දෙයක් නෙමෙයි...
    ඒකෙ ප්‍රථිපලය මොකද්ද ගස්වල වගේ නෙමෙයි බිම ගමන් කරන්න අත්දෙක පාවිච්චි කරන එක නතර වෙනවා... තනියම ගත්තොත් මාර දෙයක් නෙමෙයි...ගමන්කරන්න තවදුරත් අත්දෙක අවශ්‍ය නැති නිසා දඩයම් ආයුඬ හසුරවන්න ඒ අත්දෙක පාවිච්චි කරන්න ගන්නවා... මාර දෙයක් නෙමෙයි... ස්වභාවික ආයුඬ හැසිරවීම සාර්ථක නිසා ඒවා වැඩිදියුණු කරගෙන කෘතිම ආයුඬ අත්හදා බලන්න පටන් ගන්නවා...මාර දෙයක් නෙමෙයි... ඒක ගොඩක් සාර්ථකවෙලා අනිත් මාංශ භක්ශකයන්ට වැඩිය ගොඩක් සාර්ථකව දඩයම් කරන්න පුළුවන් වෙනවා... මාර දෙයක් නෙමෙයි... දඩයම් රංචු විදියට කරන්න පටන්ගන්නවා... අනිත් දඩයම් සත්තු ලොවෙත් නෑ... ගින්දර හොයා ගන්නවා... එස්ටේට් රා.. එස්ටේට් රා... :)එදා හතරගාතෙන් නැතුව, කකුල්දෙකෙන් ඇවිදින්න ගත්ත පුංචි පියවර අද වෙනකොට අඟහරු වලට යානාවක් යවල ඒකෙන් දත්ත ආපහු ගෙන්නගන්න තැනටත් ඇවිල්ලා...

    අපි මේ වැටි වැටි දඟලන්නේ පෲථිවියෙන් එලියේ ජනාවාස හදන්න නේද... ඉතින් කවදා හරි ඒ උත්සාහය සැබෑකරලා දෙන්නේ මේවගේ පුංචි පියවරල් නෙමෙයිද..? හරියට අර වඳුරුමොටා කකුල්දෙකෙන් ඇවිදින්න ගත්තා වගේ..? ඉතින් ඒ අර්ථයෙන් ගත්තම මේ තියන පියවර මාරම මාර දෙයක් නෙමෙයිද..? සමහරවිට තුනපහ ගඳගහනවා යැයි සුද්දෝ හිතන සරත් ගුනපාල මහත්තයා නාසා ආයතනයේ ප්‍රොජෙක්ට් එකකට සම්බන්ඬ වීමටත් වඩා..?

    @මාලන්
    කවදාහරි පෲතුවිය විනාශවෙන දවසක මේ ජලග්‍රහයාගෙන් එලියට මිනිස්සු ගෙනිච්චොත් ලෝක මානවයා කියන සිලෙක්ටඩ් කොට්ටාශයේ සිංහල බෞද්ධ ගොවිගම අයට දෙන කෝටා එකට සමරවික්‍රම පරම්පරාවේ එකෙක්වත් ඔබාගන්න බැරිවෙයි කියලා උඹ දුක් වෙනවාද..? නැත්තම් ඌ මේ රොකට් එකේ ලේ තැවරුණ ඉතිහාසයක් තියෙනවා කියලා නගින්නැතුව ඉඳීද..? :D (ජෝක්)

    ReplyDelete
    Replies
    1. මචන් බීටලේ,

      මට උබෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. මහින්ද මාමිගේ පොඩි පුතා රෝහිත මල්ලි හඳට යන්නනේ ඉන්නේ; එයා හඳට ගීයොත් ඒක ගැන අපිට සමස්ත ලාංකීය වාසීන් ලෙස අපට සතුටු වෙන්න පුළුවන්ද..?

      සරලවම ඒක සමස්ත ලාංකීය වාසීන්ගේම ඉදිරි පිම්මක් ලෙස හඳුන්වන්න පුළුවන්ද..?

      Delete
    2. මහින්ද මාමගෙ පුතා විතරක් නෙවෙයි ප්‍රභාකරන්ගෙ ඥාති පුත්‍රයා ඉතුරු වෙලා ඉඳලා හඳට ගියත් මට නම් සන්තෝසයි. අපට බැරි වුණත් ඉන්දියන් කාරයෝ වර්ල්ඩ් කප් එක දිනන එක ගැනත් සන්තෝසයි, සුද්දෝ දිනනවාට වැඩිය.

      සුසන්තිකා බ්‍රොන්ස් මෙඩ්ල් එක දිනන එක මම බැලුවෙ මුස්ලිම් කඩයක් ඇතුළෙ ඉඳගෙන. ඒ වෙලාවෙ විවිධ වයස් කණ්ඩායම් වල, විවිධ ජාතීන්ට ආගම්වලට අයත් මිනිස්සු දැක්වූ ප්‍රතිචාර ගැන මතක් වෙනකොට දැනුත් ඇහැට කඳුළු එනවා. ඒ කාටවත් වැදගත් වුණේ නෑ සුසන්තිකා සිංහල, එයාගෙ ගම කොහෙද කියන කාරණා. සුසන්තිකා දිනපු එකෙනුත් අපට හම්බ වෙච්චි ලබ්බක් නෑ. ඒත් අපි ජාතියක් හැටියට සන්තෝස වුණා.එච්චරයි.

      Delete
    3. ""අපට බැරි වුණත් ඉන්දියන් කාරයෝ වර්ල්ඩ් කප් එක දිනන එක ගැනත් සන්තෝසයි, සුද්දෝ දිනනවාට වැඩිය.""

      :)

      අනේ මන්දා, චාමි ලානම් කියන්නේ සුසන්තිකා දිනපු එක ගැන නැතුව ඔලිම්පික් ගැන සතුටු වෙන්න කියලා. මුළු ලෝකෙම එකම ජාතියක් හැටියට හිතන්න කියලා. සුද්දෝ කියලා වෙනසක් නෑ, අපි හැමෝම එකයි කියලා.

      සරලවම කිව්වොත්, ඔය කියුරියෝසිටි අඟහරුට ගිය වෙලාවේ පට්ට ඩොටේ ගමක හේනක වතුර දමදම හිටපු එකයි, නිව්යෝර්ක්වල වෝල් ස්ට්‍රීට් ස්ටොක් මාර්කට් එකේ ෆ්ලුක්චුඑශන්ස් බල බල හිටපු එකයි එක ලෙස සතුටු විය යුතුයි කියලා.

      Delete
    4. ///

      මචන් බීටලේ,

      මට උබෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. මහින්ද මාමිගේ පොඩි පුතා රෝහිත මල්ලි හඳට යන්නනේ ඉන්නේ; එයා හඳට ගීයොත් ඒක ගැන අපිට සමස්ත ලාංකීය වාසීන් ලෙස අපට සතුටු වෙන්න පුළුවන්ද..?

      ///

      සතුටු වෙන්න බෑ... ඒත් උඹ බලාපොරොත්තු වෙන අදහසින් නෙමෙයි... ලාංකිය වාසීන් හඳට යන්න ඕනේ... ඉන්දියන් කාරයෝ හඳට යන්න ඕනේ... ඇමෙරිකන් කාරයෝ හඳට යන්න ඕනේ කියලා හිතන එක වැරදි කියලා මම විශ්වාස කරන නිසා...

      ///

      අනේ මන්දා, චාමි ලානම් කියන්නේ සුසන්තිකා දිනපු එක ගැන නැතුව ඔලිම්පික් ගැන සතුටු වෙන්න කියලා. මුළු ලෝකෙම එකම ජාතියක් හැටියට හිතන්න කියලා. සුද්දෝ කියලා වෙනසක් නෑ, අපි හැමෝම එකයි කියලා.

      ///

      මේකට කියන්න තියෙන්නේ අර කොෆී අන්නන් කියපු ජනප්‍රිය කතාවම තමයි...

      The greatest Olympic moment happens before the start of any competition, when no nation is greater or stronger than any other.

      උඹ කියන එක නොතේරෙනවා නෙමෙයි... ඔහොම හිතන එකේ ප්‍රායෝගික අවුලක් ඇති... ඒත් මම කැමති දිගටම එහෙම හිතන්න... මැරෙනකොටත් එහෙමම හිතමින් මැරිලා යන්න...

      මාත් කැපුණා... ආයේ පැත්ත පලාතේ එන්නෑ :D

      Delete
  15. ඒ මාලන් සමරවික්‍රමත්, මේ මාලන් සමරවික්‍රමත් හැර තවත් මාලන් සමරවික්‍රමලා වෙත්ද?

    (නිකමට හිතුණා!)

    ReplyDelete
  16. බොටම් ලයින් එක මේකයි.

    අපි සියළුම දෙනා ගෝත්‍රිකයෝ වෙමු. මන්ද මානවයා ගෝත්‍රික සත්ත්වයෙක් බැවිනි. එහෙයින් පුදුමය අප ගෝත්‍රික නොවුණොත්ය.

    ඇත්තටම වන්නේ අප ඉහළට යන විට නොවැදගත් ගෝත්‍ර අතහැර ඊට වඩා වැදගත් ගෝත්‍ර වල සාමාජිකයින් වීමට වඩා උනන්දු වීමයි.

    උදාහරණයක් හැටියට ගලහිටියාව සෙන්ට්‍රල් එකෙන් ශිෂ්‍යත්වය පාස් වී රෝයල් එකට යන එකා ඉන්පසු රෝයලිස්ට් කෙනෙක් වෙනවා මිස ගලහිටියාව සෙන්ට්‍රල් එක ගැන වචනයක් වත් කතා නොකරයි. ඒ රෝයලිස්ට්ම හාවඩ් ගියොත් CV එකේ රෝයල් එක ගැන සඳහන් නොකරනු ඇත. අමරදේව මාස්ටර්ට "මගේ ගම පානදුරේ" කියා සද්දයක් දාන්න ඕනැ කමක් නැත. එහෙත් ඒ මට්ටමට ළඟා නොවූවන්ට තමන්ගේ ගම මාරය.

    සිංහල බෞද්ධ ගෝත්‍රය ගැන කිව යුත්තේද ඒ ටිකය. මට නම් ඕකේ සාමාජිකයකු වුණාය නැතිය කියා වෙනසක් නොවේ. නමුත් ඒ මට්ටමට ළඟා වී නැති බොහෝ දෙනාට සිංහල බෞද්ධයකු වීමද මාරය.

    ReplyDelete
    Replies
    1. /උදාහරණයක් හැටියට ගලහිටියාව සෙන්ට්‍රල් එකෙන් ශිෂ්‍යත්වය පාස් වී රෝයල් එකට යන එකා ඉන්පසු රෝයලිස්ට් කෙනෙක් වෙනවා මිස ගලහිටියාව සෙන්ට්‍රල් එක ගැන වචනයක් වත් කතා නොකරයි. ඒ රෝයලිස්ට්ම හාවඩ් ගියොත් CV එකේ රෝයල් එක ගැන සඳහන් නොකරනු ඇත. අමරදේව මාස්ටර්ට "මගේ ගම පානදුරේ" කියා සද්දයක් දාන්න ඕනැ කමක් නැත. එහෙත් ඒ මට්ටමට ළඟා නොවූවන්ට තමන්ගේ ගම මාරය.

      සිංහල බෞද්ධ ගෝත්‍රය ගැන කිව යුත්තේද ඒ ටිකය. මට නම් ඕකේ සාමාජිකයකු වුණාය නැතිය කියා වෙනසක් නොවේ. නමුත් ඒ මට්ටමට ළඟා වී නැති බොහෝ දෙනාට සිංහල බෞද්ධයකු වීමද මාරය./
      well said.... race, religion, ethnicity are important to only those who dont have achivements in life

      Delete
  17. ඔය 'සිංහල බෞද්ධ' මානසිකත්වයේ තරම ප්‍රකාශ කෙරෙන හොඳම උදාහරණයක් බෙදා ගන්නයි යන්නේ.

    පහුගිය දවසක 'පෙරමුණේ රාළ' පෝස්ට් එකක් දානවා ලංකාවේ මුස්ලිම් ජනතාව ලේ දෙන්නේ නෑ, මන්ද ඔවුන්ට ලේ දෙන්න එපා කියලා කුරාණයේ කියලා තියෙනවා කියලා. මේකත් අර පෙරමුණේ රාළලා, මිගාරලා, මාරයලා, මහවෙදනලා වැනි සිංහල බෞද්ධ වර්ගවාදීන් සාමාන්‍යයෙන් කියන ජාතියේ 'අපි ඇත්ත කියලා හිතන්නේ මොකද්ද, ඒක තමයි ඇත්ත.' ජාතියේ පෝස්ට් එකක්.

    මේකට උත්තර දෙන අන්වර් මනතුංග (ඔහු එක්ක අපේ කිසිම මතවාදී එකඟ වීමක් නැති බව කිව යුතුයි.) ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් සංවිධානය කළ ලේ දන් දීමේ අවස්ථා කිහිපයක් විස්තර දානවා ඡායාරූපත් එක්ක. මෙන්න මේ පෝස්ට් එකේ. http://www.anvermanatunga.com/2012/09/04/le-dan-deema-saha-islam

    දැන් මොකද්ද 'පෙරමුණේ රාළ'ගේ ප්‍රතිචාරය?

    "ඕවා සංවිධානය කළේ මුස්ලිම් මිනිස්සු වුණාට ඕවයෙ ලේ දුන්නෙත් මුස්ලිම් මිනිස්සුද කියලා අපි හරියටම කොහොමද දන්නෙ?"

    දැන් මනතුංගට මෙහෙම අහන්න පුළුවන්: "ඇයි බැරි, අර පින්තූර වල (තම්බි) තොප්පි දාගෙන රැවුල් වවාගෙන ඉන්න මිනිස්සුනෙ ඉන්නෙ."

    එතකොට පෙරෙමුණේ රාළ කියයි: "ඉතින් සිංහල මිනිස්සුන්ටත් ඒ වගේ වෙස් වළාගෙන එන්න පුළුවන්නෙ!"

    ඔය සිංහල බෞද්ධ වර්ගවාදීන් එක්ක හැප්පෙන්න බැරි ඒකයි. තමන් හිතන දේ ඇත්ත කියන්න ඕනැම අන්තයකට යනවා. ඊට පෙර විරුද්ධ මතධරයා වෙහෙසව නිහඬ වෙන නිස ජය ඔවුන්ටම තමයි.

    ReplyDelete
  18. අවසාන වශයෙන් මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි,

    මහරජ පුත් රෝහිතයානෝ හඳට ගියා කියන එක සමස්ත ලාංකීය වාසීන්ගේ ඉදිරි පිම්මක් ලෙස මමනම් කොයිම වෙලාවකවත් හිතන්නේ නෑ. ඒ වගේම තමයි මේකත්.

    කලින් ලිව්වා වගේම ඇමරිකාවෙන අඟහරුට හඳට ගියපු එක හරිම අහිංසක, විද්‍යාඥඥයෝ කිහිප දෙනෙක්ගේ ප්‍රයතනයක් නෙමෙයි. ඒක හරිම තක්කඩි ගමනක්. ඒ රොකට් එක හඳන්න අප්‍රිකාවෙන් වහල්ලු විදිහට ගෙනාපු කළු මිනිසුන්ගේ ලේ දහඳිය සහ කඳුළු. යටත් විජිත කරණයෙන් වනසන ලද රටවලින් සූරාගත් මුතු, මැණික්, තේ, කෝපි වල සල්ලි. දියුණුවෙමින් පවතින රටවලින් සොරා ගත් බුද්ධිය.

    කවුරුන් හරි කියනවනම් ඒක සමස්ත මිනිස් ප්‍රජාවගේම එකතුවක් කියලා. උත්තරේ ඔවු.

    හැබැයි ඒ එකතුව හරිම කැතයි. රෝහිත හඳට ගියා වගේම කැතයි..!

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි. කුන්ටා කින්ටෙව ගැම්බියාවෙන් ගෙනල්ල තියෙන්නෙ මේ රොකට් එක හදන්න නෙවැ. දැන ගත්තෙ අදයි. ස්තූතියි තොරතුරට.

      Delete
    2. බැරක් හුසේන් ඔබාමවත් කෙන්යාවෙන් උස්සන් ආවෙත් ඕක යවන්න තමයි.

      ප.ලි: ඉස්තූති එපා තොරතුරට

      Delete
    3. දැන් එතකොට අර තේ කෝපි කොල්ලකාගෙන ගියේ ඔය රොකට් එක හදපු සයන්ටිස්ට්ලට ටී-බ්‍රේක් එකක් දෙන්ට වෙන්න ඇති නේද?

      Delete
    4. ඔවු. තව හවානා වලින් සිගාර්ස් ගෙනිච්චා රෙස්ට් කරන වෙලාවට උරන්න.

      Delete
    5. මං හිතුවෙ ෆිඩෙල් කැස්ත්‍රෝ සීයා විප්ලවේ දිනපු අළුත ලින්ඩන් බී. ජොන්සන් හම්බ වෙන්න යන කොට ඒවා ගිහින් දුන්නා කියලා.

      Delete
    6. ඔවු ඔවු දුන්නා දුන්නා.

      ඇයි අපේ ඔනරබල් ජූනියස්ටත් දුන්නේ. තව ඇමරිකාවේ ඉන්න කොණ්ඩේ කපපු කළු නෝනා කෙනෙක් අපේ බ්ලොග් ලියන මාරයා අයියටත් එවලා තිබ්බා හවානා සිගාර්ස්.

      ඇයි මොකක් හරි අවුලක් තියෙනවද ඒකේ..?

      Delete
    7. ඒක ඉතින් අවුලක් කර ගත්තෙ ඔයාමනෙ.

      Delete
    8. මමනම් කිසිම අවුලක් කර ගත්තේ නෑ.

      Delete
    9. එහෙනම් අවුලක් නෑනෙ.

      Delete
  19. සරත් ගුණපාල මම පෞද්ගලිකව කථා කරල තියන විශ්වීය මනුස්සයෙක්. නාසා කියන්නෙත් දැනුම ගබඩාවක්. ඒ අයත් විශ්මිතයි. හැබැයි මේ විශ්මිත්භාවයයි, විශ්වීයභාවයයි දෙකම මම කිව්වේ තාක්ෂණික භාවිතය ගැන හිතල විතරයි.

    හැබැයි අමු ඇත්ත තමා නාසා එක පටන් අරන් පහුගිය අවුරුදු 54ටම කරපු විය පැහැදම් කිරීම්වලින් මේ ලෝකයේ (මිනිසා, සත්වයා සහ ස්වභාවදහම ) යහ පැවැත්මට කරපු දේවල් වල වටිනාකම මොකක්ද කියන එක. දැනට අවුරුද්දක ඇස්තමේන්තුගත වියදම විතරක් ඇ.එ.ජ. ඩොලර් බ්ලියන 17.8.

    බලතුලනයද, සමාජ සංතුලිතභාවයද දන්නේ නෑ...හැබැයි තාම සෝමාලියාවේ කන්න නැතුව මිනිස්සු මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. සෝමාලියාව කියන්නෙත් ඇමෙරිකාවෙ කොටසක් කියලා දැන ගත්තෙ අදයි. ස්තූතියි තොරතුරට.

      Delete
    2. @Anonymous,

      ඇමරිකාව අගහරුට රොකට් යවන කොට පෘතුවි වාසීන් ලෙස සතුටු විය යුතුනම්, සෝමාලියාවේ ළමයි කන්න නැතුව මැරෙන කොට ඒ ගැන දුක් වෙන්නත් පෘතුවි වාසීන් ලෙස අපිට හැකි විය යුතුයි.

      Delete
    3. දුක් වෙනව කියන්නෙ එකක්. ඒ වෙනුවෙන් වගකීම ගන්නවා කියන්නෙ තව එකක්. ඊයේ කියෙව්වා වෛද්‍යවරියකගේ අත් වරදින් ජීවිතය අහිමි වූ කුඩා දරුවකු ගැන. ඒ ගැන මට දුකයි. නමුත් ඒ මා විසින් වගකීම ගත යුතු දෙයක් යැයි මා මොහොතකටවත් සිතන්නෙ නෑ.

      Delete
    4. ඇයි කවුරුන් හරි කිව්වද ඔයාට වගකීම ගන්න කියලා..?

      Delete
    5. උදාහරණයක් දුන්නේ. සෝමාලියාවේ සිද්ද වෙන දේවල් ගැන වගකීම ගත යුත්තේ සෝමාලියාව. වෙනත් රටවල් නෙවෙයි.

      Delete
    6. ඒකත් එහෙමද..? අපි නොදන්න ගන්ස් ජර්ම්ස් ඇන්ඩ් ස්ටීල් කිව්වලු.

      මෙතන වගකීමක් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මාතෘකාව ලෝක වාසීන් වීම ගැන. ලෝකයක් විදිහට සතුටු වීමක් ගැන. සතුටු වෙනවා වගේම දුක් වීම ගැන තමයි මොඩර් පෙට්‍රියට් උදාහරණය දීලා තියෙන්නේ.

      Delete
    7. එහෙනම් ඉතින් ගැටළුවක් නෑනෙ. ඇමෙරිකාව කොහේවත් කියල නෑනෙ සෝමාලියාව ගැන දුක් වෙන්නෙ නෑ කියලා.

      Delete
    8. අනා ඩාලින්. ඇයි මේ මලිත්ට ගහද්දි චන්චලා අඩන්නේ..?

      මම මේ කතා කරන්නේ චාමි ලියපු පෝස්ට් එක ගැන. ඔයාගේ අදරණිය ඇමරිකාව ගැන නෙමෙයි. ආදරීණිය ඇමරිකාව ගැනනම් ඔය ඕන තරම් පම්පෝරි කොණ්ඩේ කපපු කළු නෝනා කෙනෙක් ලියනවා. යන්න ගිහින් ඒක කියවන්න.

      අනිත් අතට ඇමරිකාව චීනෙට බිලියන කීයක් ණයද..? බලාගෙන ගියහම ඇමරිකාව කියන්නේ ලෝකෙටම ණයකාරයෙක්නේ.

      කිම් කාර්ඩෑශියන් ඉන්නෙත් ඔය රටේ නේද..?

      Delete
    9. පීලි පනින්නේ නැතුව ඉඳිමු නේද? ඇමෙරිකාව චීනෙට කොච්චර ණයද කියන කාරණාව මෙතැනට වැදගත් නැහැනෙ. (හරියට ලංකාව චීනෙට ණය නැතිවා වගේ.)

      Delete
    10. කොහොමත් ඔයා දාපු කිසිම කමෙන්ට් එකක් මේ ලිපියට අදාල නැහැ. ඒකනිසා පිළි පැන්නවීමේ සම්පූර්ණ වගකීම ඔබතුමාගේ/තුමියගේ.

      ලංකාව අඟහරුට රොකට් යැව්වද..? ඇමරිකාව ණයටද මඟුල් කන්නේ..?

      ලැජ්ජයි ලැජ්ජයි.

      Delete
    11. ඔයාට අද පෙත්ත ගන්න මතක නැති වෙලා වගේ. නේද?

      Delete
    12. ඔය අඟහරුට යවපු රොකට් එකේ සල්ලි වලින් වලින් චීනෙට ණය වාරිකයක් පියව්වනම් ඉපදින්න ඉන්න ඇමරිකන් ළමයිගේ ණය බරවත් අඩුවෙනවා.

      බලන් ගියහම ඇමරිකාවත් ලංකාව වගේනේ. ඇමරිකාවත් චීනෙට ණයයි, ලංකාවත් චීනෙට ණයයි.

      Delete
    13. ඇමරිකන් ළමයින්ගෙ ණය බර අඩු කරන එකද දැන් ඔයාගෙ මෙහෙයුම?

      Delete
    14. ඔවු පෘතුවි වාසීන් හැටියට ඒක අපේ යුතුකමක්නේ. ඇමරිකාව මොකද, සෝමාලියාව මොකද..?

      Delete
    15. අනේ හොඳයි.

      Delete
    16. @ චාමී....උඹ පෝස්ට් එක ලිව්වේ විශ්වීය මනුස්සයෙක් වීම ගැන නම්, මාලන් ලියපු දේත් මම ලියපු දේත් මාතෘකාවට අදාල බව උඹට තේරෙන බව මම දන්නවා. හැබැයි අහවල් එක පණ නැති ඇනෝලට උඹේ කොන්දක් තියන බ්ලොග් එක ඇතුලේ තැන තැන රෙන්න දෙනවද කියන එක උඹේ තීරණයක්. ඇනෝල නරකයි කියනව නෙමේ. හැබැයි උඹ පැහැදිලි කරන්න හදන දේ කොමිටල් කරන එවුන් නිසා චාටර් වෙන්නේ උඹේ බ්ලොග් එක නේද?

      Delete
    17. මතවාදීව තමන් පැරදී ඇතැයි හැඟුණු විට තමන්ගේ ප්‍රතිවාදියාගේ ජාතකය සෙවීම හා කුණුහරුප ඇද බෑම බ්ලොග් අවකාශයේ කැත චාරිත්‍රයකි.

      Delete
  20. මම මේ කතාවට පස්සත් නෑ විපස්සත් නෑ

    ReplyDelete
  21. අවුරුදු පන්සීයකට ඉස්සර කොලොම්බස් යාත්‍රා කරන කොටත් ඒ කාලෙ මිනිස්සු මෙහෙම කියන්න ඇති.

    "මේ මෝඩ මිනිහ මොනව කරනවද කියල මට තේරෙන්නෙ නෑ. කිසිම වැඩකට ඇති දෙයක්ද මේ කරන්නෙ? අපරාදෙ සල්ලි. ස්පාඤ්ඤ රැජිනත් නිකං තිබුනට සල්ලි නාස්ති කරනවා. මෙහේ මිනිස්සු මැරනෙවා බඩගින්නෙ, රැජින මූට රෝන්දෙ යන්න සල්ලි දෙනවා"

    "කොලොම්බස්ගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයක් කියන්නෙ කවුද? ඌ ගිහින් හිටෙව්වෙ ස්පාඤ්ඤ කොඩියනෙ. අපේ කොඩියක්යැ"

    "ඔන්න කොලොම්බස් වසූරියට බෙහෙතක් හොයා ගත්තා නම් කියතෑකි ජයග්‍රහණයක් කියල. ඔය මූදෙ යනව කියන්නෙත් වැඩද හැබෑටම?"

    හැම සමාජෙකම ඔහොම පසුගාමී අදහස් තියෙන මිනිස්සු හිටියා. ඒ නිසා මෙහි කමන්ට් ගණන් ගත යුතු නෑ. හුඟාක් දේවල් වල වර්තමානයේ නොපෙනෙන අගය පෙනෙන්නේ අනාගතයේදි.

    ReplyDelete
    Replies
    1. කොලනයිසෙශන් ගැන අහලා තියෙනවද..?

      Delete
  22. බැරැක් ඔබාමාගේ ජයග්‍රහණය නිසා සතුටු වුන ලාංකිකයෝ හිටියා. ඇමරිකන් කාරයෙක් ජනාධිපති උනා කියලා අපි සතුටු වෙන්නෙ ඇයි? මට හිතෙන්නෙ ඔබාමාගේ හැසිරීමෙ, එහෙමත් නැත්නම් ප්‍රකාශයට පත්කල හැසිරීමෙ තිබ්බ ඇමරිකන් කාරයෙක් යන ලඝු කිරීමට වඩා මූත් අපි වගේ මනුස්සයෙක් යන හැඟීම.

    ලංකාවෙ ළමයි කට්ටියක් එකතු කරගෙන සංගමයක් හදාගෙන අපි කොන්සර්ට් එකක් තිබ්බා, මම ඉන්න මේ ලංකාවෙ නොවෙන රටේ. ලාංකිකයන්ගේ උත්සවයක් උනේ නැහැ ඒක. "...." සංගමේ වැඩක්නෙ... එහෙමයි ඒ ගැන මිනිස්සු කතා වුනේ.

    මට දැන් බනින්න පුලුවන් අපේ ගෝත්‍රික කමට... ඒත් ගෝත්‍ර ඇතුලෙත් විශ්ව සාධාරණ මනුෂ්‍යත්වට ඉඩ තියනවා. හැබැයි ඒ සාධාරණත්වය බලෙන් පටවන්න බැහැ. ලෝකෙ කොයි රටේ හරි දරුවෙක් අකාලේ මැරුනොත් ඕනෙම රටක අම්ම කෙනෙක් අනේ අපොයි කියනවා. දරු සෙනෙහස කියලා කියන්නේ මොන ගෝත්‍ර ඇතුලෙත් හිටිඅත් මනුෂ්‍යත්වයට පොදු දෙයක් නිසා. තම තමන්ගේ රටවල් නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩාවට ආවත්, උසේන් බෝල්ට් වගේ ක්‍රීඩකයන්ට ඕනෙම රටක මිනිස්සු ආදරය කරන්නෙ, ඔහුගේ හැකියාව, හැසිරීම එක රටකට, ජාතියකට ලඝු නොවී මුලු මානව වර්ගයාම නියෝජනය කරන බව අපිට ඉවෙන් වගෙ හරි දැනෙන නිසා. 2001 ඇමරිකාවට එල්ල උන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ, ලෝකෙ කොච්චර රටවල මිනිස්සු මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ඉටි පන්දන්, පහන් පත්තු කලාද?

    මම කියන්නේ... යම් කිසි සිද්ධියක් අරබයා, ගෝත්‍ර වලින් ඔබ්බට ගිහින් පොදු මනුෂ්‍යත්වය දකින්න නම්, ඒ සිද්ධියත් ගෝත්‍රිකත්වය ඉක්මවා ගිය පොදු මිනිස් වර්ගයා ගේ සිද්ධියක් වෙන්න ඕනේ. අපි තියපු කොන්සර්ට් එක අපි ඇඩ්වටයිස් කලේ ශ්‍රීලාංකිකයන්ගේ ජයග්‍රහණයක්, අපේ සංස්කෘතිය ඉදිරි පරම්පරාවට දායාද කිරීමක් විදිහට. ඒත් අපේ ඇටිටියුඩ් එකෙ මේ වගේ පැත්තකුත් තිබ්බා. මෙච්චර කල් මෙහෙ හිටපු සංගම් වල ඉඳලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරි හාල් කෑලි, අපි තමයි දැන් ඇවිත් මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරන්නේ කියලා. අපි මොනවා ඇඩ්වටයිස් කලත්, අපේ ඇටිටියුඩ් එක මිනිස්සුන්ට දැනෙනවා... ඒකයි අපේ කොන්සර්ට් එක සංගමයක වැඩක් කියන එකට ලඝු උනේ.

    ReplyDelete
  23. හෙළුවන් වන අපිත් මේ ගැන ආඩම්බර වන්නෙමු. පර සුද්දන් විසින් මර්කරි වෝටෙක්ස් තාක්ෂණය අපගේ හෙළු පුස්කොළපොත් වලින් සොරා නොගන්නට අද අඟහරු ලෝකය ජය ගන්නේ සිව් හෙළයයි.

    එසේ වෙලාත් සෑම් උපකරණයේ ලේසැර කොටස නිර්මාණය කිරීමට හෙළුවෙක් වන සරත් ගුණපාල මහතාව අවශ්‍ය වූයේ වෛමානික ශ්‍රාස්ත්‍රයේ ලියා නොමැති ලේසැර බෙහෙත් වට්ටෝරුව දන්නේ , පාරම්පරිකව එය වන පොත් කරගත් ගුණපාල පරම්පරාවේ අවසන් පුරුක වන සරත් ගුණපාල මහතා වීමයි.

    අඟහරු ලෝකයේ මධ්‍ය මණ්ඩලයේ ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ධජය ‍රැගත් දුම්රියපොළ දැකීමෙන් පර සුද්දන් විස්මයට පත් වෙන බව ඒකාන්තයි.

    හිසේ ඇති මවිල් කෙළින් වෙන ආකාරයේ මෙවන් ආඩම්බරයක් සහිතව මිය යාමත් සැපකි.

    ReplyDelete