Tuesday, September 25, 2012

තෙමෙන මිනිසුන්....


වසර ගණනාවක ඉඩෝරය නිමා විය.

මහ වැසි ඇදහැලීම ඇරඹුනි.
මෙම පින්තූරයේ සිටින්නේ තෙමෙන මිනිසුන්ය.

කොළඹට වහින බව තාම මහවිලච්චියේ මිනිසුන් දන්නේ නැත. ඒ කාලගුණ පණිවිඩ ගමන් කරන්නේ පයින් බැවිණි.

මෙතෙක් ගැටළුව වූයේ එම පයින් ගමන කිසිවෙකුත් ආරම්භ ‍නොකිරීමයි.

දැන් එය ඇරඹී ඇත. දේශපාලනය යනු පොත්වලින් පාඩම් කරගත් වචන ගොන්නක් නොව, අවංක භාවිතය බව ප්‍රභාකරන්ගෙන් පසු දකුණට පෙන්වාදුන් තෙමෙන මිනිසුනි,

ජය ගමන්....!!!

(පින්තූරය අන්තර්ජාලයේ ජයට පැතිරෙමින් තිබියදී උස්සන ලද්දකි. FUTA සමස්ත අරගලයම නාභිගත වූ අතිශය ප්‍රබල ප්‍රකාශනයකි. මෙහි අයිතිකරුවා කවුරුන්දැයි දැනගැනීමට කැමැත්තෙන් සිටිමි)

90 comments:

  1. තෙමි තෙමී පයින් යන මිනිසුන්ට ජයවේවා!

    ReplyDelete
  2. තෙමි තෙමි එකෙක් පයින් යද්දි - කි දාහක් කුඩේ යටින් පයින් යනව ද
    කුඩේ යටින් කිහිපදෙනෙක් පයින් යද්දි - ඒ දිහා කී දාහක් හෙවනකට වෙලා බලා ඉන්නව ද
    ප්‍රශ්ණය විසඳෙන්න නම්
    එක්කෝ
    මේ හැමෝමො වැස්සෙ තෙමි තෙමි එක වගේ පයින් යන්නෝනි ,හෙවනට වෙලා බලා ඉන්න අයත් ඒ ගමනට එකතු වෙන්නෝනි
    එහෙම නැතිනම්
    කවුරුත් එක්ක වැස්සෙන් නොතෙමි හෙවනකට වෙලා තමන්ගෙ වැඩක් බලාන ඉන්නෝනි

    ReplyDelete
    Replies
    1. මෙතන වැදගත් කාරණේ කුඩේවත් තෙමෙන එකවත් පයින් යන එකවත් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ නොසැලෙන අධිශ්ඨානය.

      මේ මිනිස්සු සමාජයේ යම් මට්ටමක් තියන් හිටපු අය. ශිෂ්‍යයෝ ඉදිරියේ පපුව ඉස්සරහට දාන් හිටපු අය. මහින්ද මාමි බලයට ගේන්න පත්තර ගණන් ඇඩ් දාපු අය. ඒත් අද..? කොල්ලගෙනුයි බල්ලගෙනුයි එක එක දේ අහගෙන තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් මාස තුනක් පඩි නැතුව එකම ඉලක්කයක් හඹා යනවා.

      මේ අය මේ ඔට්ටු තියන්නේ තමන්ගේ ගෞරවය.

      ඔවුන් මෝඩ වෙන්න පුළුවන්, කුඩ තියන් තෙමෙනව වෙන්න පුළුවන්, ඒත් ඒ අය තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. නිර්මාල් කිව්වා වගේ, "මේ සටන පරදින්න පුළුවන් හැබැයි ඒ පරදින්නේ අපි නෙමෙයි. සමස්ත ජනතාව"

      Delete
    2. අයියෝ...මම කීවෙත් නියම වැස්ස සහ නියම කුඩ ගැන නෙමෙයි. මම අදහස් කරේ...බපා සිටිනා අයත් එකම අරමුනෙන් මේකට එකතු වුනොත් ප්‍රශ්ණය ඉක්මනින්ම අවසන් වෙයි කියලා.

      කුඩ ඉහලන් යන අය අතරත් අරමුණේ පිහිටා නැති අය ඉන්න පුලුවන්...

      කොහොම වුනත් ශිෂ්‍ය ජීවිත ගැන දුකයි. අනාගතයක් වෙනුවෙන් වර්තමානයට නැහෙන්න වෙනවා.ඒත් අනාගතය ගැන යමක් කියන්නටත් කලියෙන් වර්තමානය වයසට යමින සිටිනවා.

      කාගේ අවාසනාවද මම නම් දන්නෑ....

      Delete
    3. කිසිදාක විප්ලව ජය ගත්තේ ඒ විප්ලව ගැන පූර්ණ අවබෝධය තියන මිනිස්සු විතරක් ඒවට සම්බන්ධ වෙලා නෙමෙයි. ඒකයි තෙමෙන එක වැදගත්... සමහරු ආතල් එකට තෙමෙයි... සමහරු නොතෙමී බැරිකමට තෙමෙයි..., සමහරු අනිකා තෙමෙන නිසා තෙමෙයි... මුලින්ම තෙමෙන්න එලියට බහින එක තමයි වැදගත්... ඌ ඇති තරම් වෙලා තෙමි තෙමි හිටියොත්, මූ තෙමෙන නිසා අපිත් පොඩ්ඩක් තෙමිලා බලමු කියලා තැනට මිනිස්සු එයි... හැබයි අද අපේ රටේ ඉන්නේ මිනිහෙක් තමන්ට විරුද්ධව තෙමෙනවා නම් වැසසත් නවත්තන්න පුලුවන් දේශපාලකයෝ....

      Delete
    4. අද: සරසවි ආචාර්යවරුන් = ප්‍රගතිශීලී කම්කරු පන්තිය
      විප්ලවේ දිනපු දවසට: ඒ සරසවි ආචාර්යවරුන්ම = ප්‍රතිගාමී සුළු ධනේශ්වරය

      අපි නොදන්න විප්ලවේ! කවුරු හරු අපිව බලයට ගේන්න කඩේ යනවා නම් අපටත් ඕනැ එච්චරයි. නේද?

      Delete
  3. මාලන් කියන්න මමද අනුමත කරමි.

    මෙලෙසකම පාගමන් ගිය යුගයක් 1994 පෙර රටේ තිබුනු බව මතක තබාගත යුතුය. නැවත එවන් ගමන නොයන්නට සිදුවන යුගයක් මිස එකම වරද කීපසැරයක් වන්නට කටයුතු යෙදීම මෙවන් අධිෂ්ඨානශීලී මිනිසුනගේ ශ්‍රමයට කරන නිඟාවක් බවද නොකියාම නොහැකිය. කෙසේ හෝ මේ මිනිසුන් අරඹන ගමන අනාගත පරම්පරාව වෙත පිදෙන මහත් මෙහෙවරක මූලාරම්භය වේවා!!!!

    ReplyDelete
  4. මගෙත් ගෞරවය. හැබැයි ඉතින් මේ ගිරයේ දඬු දෙක මැද්දේ පුවක් ගෙඩිත් තියෙනවා කියන එක තමා කස්ටියගේ තියෙන වරද? ජාත්‍යන්තර පාසල් වලට අලවන්ස් ඉල්ලලා නිදහස් අධ්‍යාපනය උකස් කරලා අරගල කරනවා. ඉතින් ඕකට කාගේ පැත්තට කතා කරන්නද? අවසාන නිගමනය මේකයි "තමන් කරගන්න දෙයක් තමන්ට තමා"

    ReplyDelete
  5. මෙතැන පරිස්සමින් බැළුවොත් පෙනෙයි චාර්මි කියන්නෙ එකක්. මාලන් කියන්නේ තව එකක්.

    චාමි කියන එක අහලා මට කාලකණ්ණි සතුටක් ගන්න පුළුවන්. ඔය මෝඩ මහරජා හිටිය ඇති. දැන් ඌ වෙනුවට පොල්පිත්තක් හරි පත්කර ගන්න කාලේ ඇවිත්. මේ ඒ ගමනේ ආරම්භය නම් මට අනේක වාරයක් සතුටුයි. (හැබැයි ඔය තෙමෙන මිනිස්සු කීදෙනෙක් හෙම්බිරිස්සාව හැදුණා කියලා හෙට අනිද්දා ගමනින් ඉවත් වෙයිද කියල නම් මට සැකයි.)

    මාලන් දකින් සිහිනය ගැන නම් මට ඇත්තටම දුකයි. බලන් ඉන්න මහ රජතුමා කට්ටියට රජ මාළිගේට කැඳවලා, පා දෝවනය කරලා සුව ආසන වල වාඩි කරලා ඉල්ලීම් දෙනකල්. හැබැයි එහෙම නොවුණය කියල ජනතාවට පාඩුවකුත් නෑ. (අර අති උත්තම ජනතාව නෙවෙයි, රුපියල් 2,500කට මාසයක් කාලා, ටකරමක් දුන්නාම මහරජාටම ඡන්දෙ දෙන බත්කන හරක්) මොකද ආචාර්යවරුන්ට වැඩි පඩි ලැබුණේ නෑ කියලා උන්ට 2.500ට කණ්ඩ බැරි වෙනෙවද? නෑ, රෑට රූපවාහිනියේ මෙගා ඩ්‍රාමා එකක් බලන්ඩ බැරි වෙනවද? නෑ. ඉතින් කෝමද උන්ට පාඩු වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔවු මායි චාමියි කියන්නේ දෙකෙක්.

      සමහර අය ෆුටා එකේ නැට්ටේ එල්ලිලා සුරලොව යන්න හදනවා. ඒත් ෆුටා එකේ අරමුණ ආණ්ඩු පෙරලන එක නෙමෙයි.

      මේ අය යන්නේ ආණ්ඩු පෙරළන්න කියන ෆැන්ටසි එක හදාගත්තේ මේක බලන් ඉන්න අය [ඒ අයම තමයි ෆොන්සේකාගේ කරේ එල්ලිලාත් සුර ලොකේ යන්න හැදුවේ, ඒ අයම තමයි හිරුණිකාගේ සාරිය කොණේ එල්ලෙන්න හැදුවෙත්].

      Delete
    2. @ මාලන්
      +++++++++++++++++

      Delete
    3. @ මාලන්,
      උඹයි මායි කියන්නෙ දෙකක් තමයි. හැබැයි මම කියනවයි කියල උඹ හිතන එක නෙමේ.

      ෆූටා අරගලය ආණ්ඩු පෙරලන්න කියල මම හිතන්නෙත් නෑ. ඒ වගෙම උඹ හිතං ඉන්න තරං ලොකුවට අධ්‍යාපනයට ජයග්‍රහණ අරං දෙන්න ඒකට පුලුවන් වෙයිද කියන එකත් සැකයි. මූලිකවම මේක ලංකාව බව මතක තියාගනිං.

      මට වැදගත් මේවා.
      1. ෆූටා අරගලය නිශ්ක්‍රීය මිනිස්සු විශාල ප්‍රමාණයක් දේශපාලනයට කැඳවූවා. (මට නම් මේකම ඇති. ලංකාවේ දැනට තියෙන කිසිම දේශපාලන ව්‍යාපාරයකට කරනවා තියා හිතන්නවත් බැරුව තිබුණු දෙයක්)
      2. විවිධ න්‍යායික/ප්‍රායෝගික/මතවාදී වෙනස්කම් සහිත දේශපාලන ව්‍යාපාර සහ චරිත විශාල ප්‍රමාණයක් 'කොන්දේසි විරහිතව' එක පෙළපාලිකට කැඳවාගන්න සමත්වුනා.
      3. 'සැබෑ අරගලයක' ස්වරූපය ගැන හොඳ නිදර්ශනයක් දුන්නා.
      4. පැණි වරකාවට ගල් ගහන්න පුළුවන් බව පෙන්නුවා.

      Delete
    4. කොටින්ම උඹ කියන එක හරි. ඒත් මං එකඟ නෑ :)

      Delete
    5. @චාර්මි +++++++++++++++++++++++

      Delete
    6. අම්මප චාමියෝ...ඔය මටත් කම්පනාවට ආවේ නෑනෙ ඕව. ඔය මදෑ....කොච්චර බුව ටයිප් එකට හිටියත් ආණ්ඩුවේ ඇත්තෝ මේකෙන් නම් ටිකක් 'එබුවා' උන බව නම් පේනවා.

      රවි - සජිත්, ලාල් කාන්ත - ෆොන්සේකා, මේකත් මදෑ බං

      Delete
  6. කට්ටිය අද (සැප්තැම්බර් 25) ඩේලි මිරර් එක බැලුවොත් පෙනෙයි එක්තරා පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඇඩ් එකක්. ඒකෙම යටට වෙන්න ඒකෙ ආචාර්ය මණ්ඩලේ දාල තියෙනෙවා. එයින් එක් අයෙක් ආචාර්ය මහිම් මෙන්ඩිස්.

    කවුද බොලේ මේ ආචාර මහිම් මෙන්ඩිස්? ඔව් අර පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරලා නිදහස් අධ්‍යාපනේ රැක ගන්න ඕනැ කියල කියන FUTA එකේ මාධ්‍ය ප්‍රකාශකයාම තමයි. කොහොමද මෙයාගේ ටිකිරි මොළේ? එක කකුලක් එහේ. එක කකුලක් මෙහේ.

    මේ අයද අපි උසස් මිනිසුන් කියල හිතාගෙන ඉන්නේ?

    ReplyDelete
  7. ෂික් අද මං පෝස්ට් එකක් දැම්මා විතරයිනේ මේක දැක්කේ.. ඒක පබ්ලිස් කරන්න තත්පරේකට හරි කලින් මේක දැක්කනං මාත් මේකම කොපි කරලා මයේ බ්ලොග් එකේ දානවා...:D:D:D

    ReplyDelete
    Replies
    1. උඹට වැඩිය අඩුම ගානේ අවුරුදු දහයක් (උසස් පෙළ+සරසවිය+පශ්චාත් උපාධි) නිදිමරාගෙන පාඩම් කරලා, කට්ට කාලා ආචාර්ය පට්ටම් ගත්තු මේ පිරිසත් වැස්සෙ තෙමෙන හැටි දැකලා උඹට හරි ආතල් නේද?

      Delete
    2. ඇත්තටම ආතල්... ඇයි යාළුවා මොනවා හරි ප්‍රශ්නයක්ද..? හින්දි නිළියෝ වැස්සේ තෙමි තෙමි නටනකොටත් මට ආතල්... ඒකනං ප්‍රශ්නයක් නැතිව ඇති නේද..?

      මේ එක දවසක් වැස්සකට තෙමුණා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ... අනික එක වැස්සකට තෙමුණා කියලා ඒ අය වීරයෝ වෙන්නෙත් නැහැ... අඩුම ගානේ මේ වැස්සට මේ හැටි බය වෙලා කුඩ අස්සේ හැංගෙන්න හදන්නේ නැතිව ටිකක් තෙමි තෙමි වැස්ස ගණන් නොගෙන ගියානං මෙයිට වඩා මේක හොඳට පේන්න තිබුණා.. මෙතන මට පේන්නේ කුඩ තියෙන උන් කුඩ අස්සේ හැංගිලා වැස්සෙන් බේරෙන්න හදන කොට අනිත් උන් කුඩ නැති කම හින්දා කරන්න දෙයක් නැති කමට තෙමෙනවා වගේ... මෙච්චර ලොකු අරමුණක් වෙනුවෙන් යද්දී වැස්සක් වගේ දෙයක් ඔය තරමට ගණන් ගන්න ඕනද..? ඔහොම බය වෙන අයට දැන් කොළඹට ආවම අර කැරළි මර්ධන එකේ වතුර පොම්පේ ඇල්ලුවම කුඩ අල්ල අල්ල ඉඳිද හැරුන අතේ දුවයිද...? හැමදාම වතුර කන අන්තරේ කොල්ලෝ ටිකනං කාගෙන ඉඳි... (කොහොමටත් උන්ට තමා කොට අදින්න වෙන්නේ අර හාමුලා ටික පෙරහැරේ කඩින් කඩ යයි) හාමු මහත්තුරු ටික වතුරට ඔහොම බය නං පාරට බැහැලා මොකක්ද කරන්න හදන්නේ..?

      ඇත්ත ඉතිං මංනං එහෙමට ඉගෙන ගත්තේ නැහැ.. හැබැයි ඒ අවුරුදු දහයේ හොඳට අවුවට කර උනා.. වැස්සට තෙමුණා... හැබැයි ඒත් ජීවත් වෙන්න කරපු සටන හින්දා... අදටත් මං පාරේ තෙමෙනවා වැස්ස වෙලාවට..මොකද බයික් එකි කියන්නේ ඉහට වහළක් ඇති එකක් නොවෙන හින්දා... අපිට කොහේද වාහන පර්මිට්... අර දීමනා මේ දීමනා.. සීයට හයක් තියා දසම පහක්වත්... අපේ ළමයින්ට කොයිද ප්‍රයිවට් ස්කූල්වලට යවන්න දීමනා... මොකා කොතැනට ගියත් අපි පාරෙම තමා ලොක්කා...

      ඉතිං මෙහෙම මේ කස්ටිය තෙමෙනවා දැක්කම ආතල් තමා... ඒ මං වෙනුවෙන් නෙවෙයි මුංදලට ළමයි ප්‍රයිවට් ස්කූල් වලට යවන්න හරි සීයට හය වෙන් කරන්න කියද්දී.. ඒ සීයට හය උපද්දවන අවුවට කරවෙන..වැස්සට තෙමෙන මගේ පංතියේ මිනිස්සු වෙනුවෙන්... ඒ ආතල් එක ඔහේගේ ඇනෝ කමෙන්ට් එහෙකට නවත්තන්න තියා හිතන්නවත් බැහැ...:D:D:D

      Delete
    3. ලමය ලයිසියම් එකට දාල දෙන්නම්.
      ඉස්සෙල්ල ලමයෙක් හදා ගන්නකෝ.

      Delete
    4. @මාරෙ අයියා: නියම උත්තරේ :)

      Delete
    5. @මාරයාගේ හෝරාව:

      මමනම් ලංකාවේ බත්කන හරක් හිතන හැටි මැන ගන්නේ මාරයගේ පෝස්ට් සහ කමෙන්ට්ස් කියවලා. ඒකනිසා මාරයා උඹේ කමෙන්ට්ස් නවත්වන්න තියා හිතන්නවත් එපා. උඹ වගේ එකෙක් ඉන්න එක මටනම් මාර සම්පතක්.

      කීප් ඉට් අප්..!

      Delete
    6. අනිවාර්යයෙන්ම මාලන්...:D

      Delete
    7. @මාරයාගේ හෝරාව
      "මුංදලට ළමයි ප්‍රයිවට් ස්කූල් වලට යවන්න හරි සීයට හය වෙන් කරන්න කියද්දී.."

      දන්න දෙයක් කතා කරපන් බන්, නිකන් ඇස් බී ගෙ ලණු හිරකරගෙන දගලන්නෙ නැතුව

      Delete
    8. මංනං දන්න ලබ්බක් නැහැ ආයිබෝං උන් කියනවා මං අහනවා... හැබැයි කාලෙකින් මට ඇස් බියාගේ කතාවක් අහන්නනං උනේ නැහැ.. ඒත් මෙන්න මෙහෙම කොමෙන්ටුවක් නං මං දැක්කා මේ ලගකදී...

      -------------------------------------

      //Anonymous has left a new comment on the post "අධ්‍යාපනයට 6% කුත් මදි.... 15% ක් වත් වහාම ලබාදෙන...":

      ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවයේ කොන්දේසි කුමක්‌ විය යුතුද යන්න ගැනත් ලියවිල්ලක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ලැයිස්‌තුවට එකතු කොට තිබිණි.

      http://www.colombotelegraph.com/index.php/futa-submitted-a-comprehensive-framework-for-discussion/

      3.5.2 Proposed to add the following Need Base Allowances to the salary
      3.5.2.1 House Rent Allowance for those not living in the university quarter or house
      owned by the member or spouse (25% to 30% of the basic salary).
      3.5.2.2 Transport Allowance to compensate the cost incurred by the members to travel to
      work station by their own vehicle or hiring a vehicle or utilizing the public
      transport.
      3.5.2.3 Children Education Allowance up to two children. The allowance could be varied
      depending on the category of school attended i.e. government school/private
      school/in hostel.
      3.5.2.4 Internet and broad band allowance to facilitate the members to maintain private
      access to internet and email

      මෙකී ලියවිල්ලේ ඇති කිරීමට නියමිත විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවා කොන්දේසි, එනම් බඳවා ගැනීම්, උසස්‌ වීම්, ස්‌ථාන මාරු කිරීම්, පුහුණු කිරීම්, වැටුප්, දිගුකාලීන සේවයත් සමග ලැබෙන වැටුප් සහිත නිවාඩු, විශ්‍රාම ගැනීම, විශ්‍රාම වැටුප්, අර්ථසාධක ගෙවීම්, පාරිතෝෂික ගෙවීම් හා ඉගැන්වීම් කටයුතුවලට පිටතින් උපදේශක තනතුරු ලබා ගැනීම් වැනි කාරණා ගණනාවක්‌ම මේ ලියවිල්ලේ සඳහන් විය. මෙම ලියවිල්ලේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ගෙවිය යුතු දීමනා ලැයිස්‌තුවක්‌ ද ඇත. ඉන් එක දීමනාවක්‌ වන්නේ විශ්වවිද්‍යාල නිවාස යෝජනා ක්‍රමයක හෝ තමන්ට හෝ තම බිරිඳට අයත් නිවසක පදිංචි නොවී සිටින ආචාර්යවරුන්ට තම වැටුපින් 25% ක හෝ 30% ක ගෙවල් කුලී දීමනාවක්‌ය. එයට අමතරව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාල දීමනාවක්‌ද ඇත. එයත් සමගම එම ලියවිල්ලේ 3.5.2.3 වගන්තිය යටතේ ඔවුන් ළමුන් දෙදෙනකු දක්‌වා "ළමයින්ගේ අධ්‍යාපන දීමනාවක්‌ද" ඉල්ලා තිබේ. මෙකී දීමනාව දරුවන් යන පාසල අනුව එනම් රජයේ පාසලක්‌ද පුද්ගලික පාසලක්‌ද නේවාසිකාගාරයේ සිටිනවාද යන කාරණාව මත වෙනස්‌ වනු ඇත. මෙකී දීමනාව සඳහා නිශ්චිත සීමාවක්‌ නියම කොට නැත. නමුත් එහි සුවිශේෂත්වයක්‌ වන්නේ පුද්ගලික පාසලක පාසල් ගාස්‌තු ද මෙයට ඇතුළත් වීමයි.

      මෙවැනි වරප්‍රසාද සහිත විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවාව පිහිටුවීම පිළිබඳ යෝජනාව ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ A කොටසේය. නමුත් එම ඉල්ලීම් ලැයිස්‌තුවේම B කොටසේ මාතෘකාව වන්නේ "රජයේ අධ්‍යාපනය සුරැකීමත් දියුණු කිරීමත්" යනුවෙනි. මෙකී මාතෘකාව යටතේ 1.1.8. වගන්තිsයෙන් කියවෙන්නේ රජයේ අනුග්‍රහය යටතේ පවතින අධ්‍යාපනය ගැන ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු බවත් එයට අවුරුදු 5 ක හෝ 10 ක සැලැස්‌මක්‌ ආණ්‌ඩුව ඉදිරිපත් කළ යුතු බවය. මෙහි ඇති නොගැළපීම වන්නේ එක්‌ පැත්තකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආණ්‌ඩුව රජයේ අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට සැලසුම් ඉල්ලා සිටින අතරම ඒ හුස්‌මටම තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට යැවීමට ආණ්‌ඩුවෙන්ම දීමනා සැපයිය යුතු බව කියා සිටීමයි. ඔවුන්ගේ දරුවන් රජයේ පාසල් වලට යවන්නේ නම් ඒවායේ පාසල් ගාස්‌තු නැති නිසා මෙවැනි දීමනාවක්‌ කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. සෙසු රජයේ නිලධාරීනුත් තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට දැමීමට ආණ්‌ඩුවෙන් අධ්‍යාපන දීමනා ඉල්ලා සිටියහොත් මේ වැඩිදියුණු කරන්නැයි කියා ඉල්ලන රජයේ පාසල් වල ඉතිරිවන්නේ කවුදැයි යන ප්‍රශ්නය පැනනගී.

      මේ ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ධනේෂ්වර අපේක්‍ෂා, සමාජවාදී චින්තනයත් සමග ජුගුප්සාජනක ආකාරයට පටලවා ගෙන ඇති බව ඔවුන්ගේ ඉල්ලීම් මාලාවෙන් පැහැදිලි වෙයි. මේ ඉල්ලීම් දෙක එක සැරේ කළ නොහැක. දෙකෙන් එකක්‌ තෝරා ගත යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ ළමයින් පුද්ගලික පාසල් වලට දැමීමට දීමනාවක්‌ ඉල්ලා සිටීමේ කිසිදු වරදක්‌ නැත. ඔවුන්ටද තම ජීවන තත්ත්වය ගැන සිතීමට අනෙක්‌ අයට මෙන්ම අයිතියක්‌ ඇත. නමුත් ඒකට රජයේ අධ්‍යාපනය පටලවා ගත්තේ අනවශ්‍ය ලෙස බව මට සිතේ.//
      -------------------------------------------

      මේ මොකක්ද කියලා මට පැහැදිලි කොරලා දෙන්න බැරිද සමා වෙලා... මොකද ඇත්තටම මට තේරෙන්නේ නැහැ... මේ කමෙන්ට් එක දාපු එකා මොකා උනත් ඌ මේ ටොම් පචයක්වද්ද කෙලින්නේ.. හපොයි මං ලනු කන තරමක්...

      Delete
    9. මාරයාගේ හෝරාව:

      විශ්ව විද්‍යාල පිහිටලා තියෙන්නේ නඟර ආශ්‍රිතවම නෙමෙයි. සමහර විශ්ව විද්‍යාල තියෙන්නේ නඟර වලින් ඈත [උදා: සඹරගමුව, රජරට, ඌව වෙල්ලස්ස]. එතකොට මේවට ලෙක්චර්‍රස්ලා යන්න පැකිලෙනවා. අදටත් මේ දුර පළාත්වල විශ්ව විද්‍යාලවල සෑහෙන්න වේකන්සීස් තියෙනවා සුදුසුකම් ඇති ලෙක්චර්ස්ලා නැතුව. ඔය වගේ පළාතකට ලෙක්චරර් කෙනෙක් ගියොත් එයා ගොඩක් වෙලාවට ළමයිව නවත්වන්න ඉඩ තියෙනවා නඟර බඳව. මොකද එතකොට ළමයිව නඟර බඳව "හොඳ" පාසලකට දාගන්න ලේසි නිසා. ඔය ඉල්ලිම් දාල තියෙන්නේ ඒ අයට පහසුකම් සලස්සන්න.

      අනිත් කාරණේ ඕවා ඉල්ලිම් විතරයි. කැමතිනම් එකඟ වෙන්න පුළුවන් නැතිනම් ප්‍රතික්ශේප කරන්න පුළුවන්. මෙතන හිනා යන කාරණේ මේ වගේ ඉල්ලිම් දෙකක් තුනක් උලුප්පල, out of context අරගෙන ඒවා හෑල්ලුවට ලක් කරලා සමතයම හෑල්ලුවට ලක් කරන්න ගන්න කැත උත්සාහය.

      නෙට් එකේ ඇස්.බීගේ 360 සාකච්ඡාව තියෙනවා, හොයාගෙන බලන්න. ඒකේ ඇස්.බී කියන විදිහට ලංකාවේ අධ්‍යාපනයේ කිසිම අවුලක් නෑ. මේ ලෙක්චරර්ස්ල පා ගමන් යන්නේ කලොස්ට්‍රෝල් අඩුකරන්න.

      තව ඉස්සරහට සෑහෙන්න මඩ ප්‍රහාර ඒවී, තාම පටන් ගත්තා විතරයි.

      Delete
    10. ඔතන මාලන් ඔය කියපු දේවල් හරහාම ආයේ ගැටළුවක් මතු වෙනවා නේද..? දැන් සීයට හය වෙන් කරගන්නනේ මේ හදන්නේ.. අනිත් ඒවා සුළු සුළු දේවල් කියමුකෝ.. එතකොට ඔය සීයට හය වෙන් උනාම රජයේ කොයි පාසලටත් හොඳ තත්වයක් උදා වෙයිනේ... එහෙම වෙන්නේ නැත්තං ඒක ඉල්ලන්නවත් දෙන්නවත් ඕන නැහැනේ නේද..? එහෙම සීයට හයක්ම දීලාත් හදා ගන්න ඈත පාසල්වලට නැතිව ඇයි මේ උගත් මහත්වරුන් තමුන්ගේ ළමයින්ව තමන් ගොඩ නංවන අධ්‍යාපන ක්‍රමයෙන් පිටතට යවන්න හදන්නේ...? ඒක ප්‍රශ්නයක් නෙවෙයිද..? මං ඉතිං හුගක් දේවල් දන්න එකෙක් නෙවෙයි තමා.. ඒත් එහෙම පේනකොට මට උනත් හිතෙනවා මේක මේ කොලේ වහලා ගැහිල්ලක් නේද කියලා...

      ඉල්ලීම් තියෙන්නේ එකඟ වෙන්න හෝ නොවෙන්න තමා... ඒත් මේ වගේ වැදගත්..(එයාලම කියන විදියට) දේකදී එල්ලන්නං වාලේ ඉල්ලීම් එල්ලනවද.. ඒ එල්ලුවත් මෙහෙම අනිත් අයට ආයුධ වෙන දේවල් එල්ලන්නේ මොලේ නරක් වෙලාද..? මෙතන තියෙන්නේ කැත ආත්මාර්ථයක් කියලා අපිට හිතන්න ඇයි පොළඹවන්නේ මේ උගත් මහත්තුරු..?

      ඇස් බීගේ පිස්සු කතා අහන්න මට උවමනාවක් නැහැ මාලන්.. මේ මං කතා කරන්නේ ඒ යෝධයා ගොඩ දාන්න නෙවෙයි... ඔය සීයට හය අනිවාර්ය දෙයක් විදියට අනුමත උනොත් ඒ සීයට හයෙන් ඔය උගත් මහත්තුරු ටික තමුන්ගේ කුට්ටිය වැඩි කරගන්න එකට විරුද්ධව සහ ප්‍රධාන වශයෙන්ම එතැනට වැඩි වෙනකොට ඒ අඩුවෙන කොටස කැපෙන්නේ කාගෙන්ද කියන ප්‍රශ්නය උඩ... (දේශපාලඥයින්ගේ වියදම් හා රටේ තියෙන නාස්තිය දූෂණය වංචා නැති කරලා ඒ කොටස ගොඩ දාතෑකි වගේ සුරංගනා කතා වැඩක් නැහැ.. ඒවා සිද්ධ වෙනවට වඩා හොදයි දිය සේන හරි රාවණා හරි එනකල් හීන දකිනවා) අනිවාර්යයෙන්ම ඒ කෑල්ල කැපෙන්නේ ඔය වගේවත් සද්දයක් දාගන්න බැරි පහත ඉන්න අසරණයින්ගේ ගොඩින්... එතකොට ඒ ගොඩේ පැත්තක අපිත් ඉන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් කම තියෙන හින්දයි මේ ටික කිව්වේ...

      මඩ ප්‍රහාර එන එක කාටද නවත්තන්න පුළුවන්...

      Delete
    11. නගර වලින් ඈත පිහිටලා තියෙන්නේ විශ්ව විද්‍යාල විතරද ? එතොකොට ඒ පළාත් වල ඉස්පිරිතාල , ඉස්කෝල සහ අනෙකුත් රජයේ ආයතන වල වැඩ කරන්නේ ඔටුවොද ? උන්ගේ ළමයිව නඟර බඳව "හොඳ" පාසලකට දාගන්න එපාද ? out of context අරගෙන හෑල්ලුවට ලක් කරන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ විහින් හැල්ලුවට ලක් වෙලා.

      Delete
    12. තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියනවනේ අපේ මේ මාරෙ ගොයියා තමුන්ට තේරෙන විදිහට රටේ පොලිටික් ගැන කතා කොරනව.එව්වා බ්ලොග් පොස්ට් විදිහටත් ලියනව.තමුන්ට තේරෙන විදිහට තම තම නැණ පමණින් නේ! කවුරුත් බලල ආතල් එකක් ගන්නයි තියෙන්නේ.මර්වින් සිල්වත් ආචාර්ය කෙනෙක් උන රටේ මාරයට දේශපාල විචාරකයෙක් වෙන්න බැරිද ?

      Delete
    13. මාරයාගේ හොරාව:

      මම කලිනුත් කියලා තියෙනවාවගේ මෙතන 6% කියන නොම්බරය නෙමෙයි සාකච්ඡා කරන්න ඕන. දැන් ක්‍රමාණුකූලව කප්පාදු වෙමින් යන ප්‍රතිපාදන නැවත් අධ්‍යාපනය සඳහා වෙන්කර ගැනීම. සරලවම දැන් වෙන්කරනවට වඩා මුදලක් ප්‍රතිශතයක් වෙනකරවා ගැනීම.

      ඇස්බී ගේ මෙතන යන්නේ වෙනමම ගේමක්. එයාට ඕන මේ නිදස් අධ්‍යාපනයට කෙළින්න. එයාට ඕන ප්‍රයිවට් උනිවර්සිටීස් මෙහෙ ගෙනත් ඒකෙන් කුට්ටියක් ගහ ගන්න සහ දැනට හතු පිපෙන්නා වගේ හැදෙන ඉන්ටර් නැශනල් ස්කූල් වලින් පිටවෙන ලන්ඩන් ඒලේවල් කරන ළමයින්ට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න බැරිනිසා ඒ අයට යන්න ප්‍රයිවට් උනිවර්සිටිසීස් හදන්න [මගේනම් පුද්ගලිකව විරුද්ධත්වයක් නැහැ පුද්ගලික විශ්ව විද්‍යාල ගැන, ඒත් ඒක විදිමත් යාන්ත්‍රණයක් යටතේ, රජයේ විශවිද්‍යාල සුරක්ශිත කෙරෙන ගමන් කෙරෙන්න ඕන දෙයක්].

      කොහොමහරි මට මේ ලඟදි මුණ ගැහුනු, ලංකාවේ ලෙක්චරර් කෙනෙක් විදිහට සේවය කරපු දැනට විදේශ රටක ලෙක්චරර් කෙනෙක් විදිහට සේවය කරන අයියා කෙනෙක් කියපු විදිහට මේ ආචාර්යවරු ඉන්ඩිරෙක්ට්ලි කරන්නේ ඇස්බීගේ වැඩේ ලේසි සහ ඉක්මන් කරන එක. මොකද ඇස්.බී සහ කණ්ඩායමට ඕන ජනතාවගේ විශ්වාසය රජයේ විශ්ව විද්‍යාල කෙරෙහි බිදවන්න. දැන් ඉබේම වෙන්නේ ඒක. මේ ප්‍රශ්නෙට ඉක්මනින් විසදුමක් නොලැබෙන්නෙත් ඒකයි.

      මරයා, ප්‍රායෝගිකව හිතන්න. ලෙකචරර් කෙනෙක් විදිහට සේවය කරන්න බොහෝ දුරට ආචාර්යය උපාධිය අනිවාර්යයි. එතකොට ඒ අයට සදුවෙනවා ශිෂ්‍ය්ත්වයක් අරන් විදේශ ගත වෙන්න [මේක පුද්ගලිකව කරන්න පුළුවන් ඒ කියන්නේ වෙනත් විශ්ව විද්‍යාල වලට පුද්ගලිකව අයදුම් කරලා, එහෙමත් නැතිනම් රජයන් අතර පවතින ගිවිසුම් නිසා සමහර රට වලින් අපේ රටට ශිෂ්‍යත්ව ලැබෙනව, එවා ලබාගන්නත් පුළුවන්]. කොහොමහරි මෙහෙම විදේශ ගත වුන කෙනෙක්ට අනිවාර්යෙන්ම ලංකාවට වඩා පහසුකම් ඒ රටවල ලැබෙනවා. තම්න්ට නැතත් දරුවෝ ගැන හිතල පෘතජනයෝ විදිහට මේ අය ඒ රටවල නවතින්න තියෙන අවස්තාවන් වැඩියි. අනිත් කරණේ අපේ මිනිස්සු වෙනත් රටවලට ගියහම ඉත හොඳින් ඒ ඒ රටවල සිස්ටම් එක අල්ලගන්න නිසා අපේ අයව එහෙ නවත්ව ගන්න ඒ රටවලිනුත් කැමතියි. හොඳ රස්සවක් ලැබුනේ නැතත් දියුණු රටක සුපර් මාකට් එකෙක වැඩ කළත් ලංකාවේ විදායක මට්ටමක පඩියට වඩා හොයන්න පුළුවන්. එහෙම බැළුවම එහෙම ගිය කෙනෙක් ආයේ එන්නේ 1. තමන් සිරාවටම රටට ආදරේ නිසා 2. අම්මා සහ තත්තා තාමත් ඉන්නේ ලංකාවේ නිසා 3. විශ්ව විද්‍යාල එක්ක තියෙන ගිවිසුම් නිසා.

      මම දන්න ගොඩක් අය වැට උඩ ඉන්නවා යන්දෝ නොයම්දෝ කියලා හිත හිත. මොකද 1 සහ 2 යන කාරණා වලට වඩා ඒ අයට තමන්ගේ දරුවන්ගේ සුරක්ශිත බාවය වටින නිසා. ඒකනිසා ඒ අය අකමැත්තෙන් වුනත් ඒ රටවල නවතිනවා.

      මේ වගේ බැළු බැල්මට "කුහක" ඉල්ලිම් දාලා තියෙන්නේ ඒ වගේ අයව ආයේ ලංකාවට ගෙන්න ගන්න. එතකොට උඹ කියන්න පුළුවන් ඒ වගේ එවුන් ඕනේ නැහැ ගිය එකා ගියාවේ කියලා. ඒත් අවුල මෙතනයි දැනුත් අපි කතා වෙනවනේ විශ්ව විද්‍යාල වලින් පිට වෙන අයගේ ගුණාත්මක බාවය ගැන. ඉස්සරහට ඕක තව තවත් අඩුවෙයි. ඒ වගේම මේ දැන්ට සිද්ධ වේගෙන යන දේ නිසා ඉන්න ලෙක්චරර්ස්ලත් වෙනත් රටවලට යන්න ට්‍රයි කරනව මිසක් ලංකාවේ ඉන්න හදන්නේ නෑ. එහෙම යන්න බලන් ඉන්න මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම තරුණ වයසේ ඉන්න අයට යන්නත් ලොකු චන්ස් එකකුත් තියෙනව. විදේශ්ගත්ව විශ්ව විද්‍යාලවල සේවය කරන ලාන්කිකයෝ මේ අයට නිතරම බල කරනවා රැකියා අවස්තා හොයලා දෙන්නම් එන්න කියලා. මගේ බැච් එකෙන් දැනට ලංකාවේ ඉන්නේ 1/3ක් විතරයි ගොඩක් උන් පිට වෙලා ගිහින් සහ පිට වෙමින් ඉන්නවා.

      ලියන්න ගියොත් මේක තව දිග වෙනවා. මම මේ ලිව්වේ කිසිම දෙයක් හංගන්නේ නැතුව මේකේ තියෙන "කැත" ඇත්ත. උනුත් මිනිස්සු. කවුරුත් බලන්නේ ආලොකය අඩු තැන ඉදන් වැඩි තැනට යන්න. ඒකේ අනිත් පැත්ත වෙනවනම් ඒ පට්ටම සිරා පොරක් [සිදුහත් වගේ] නැතිනම් පට්ටම පට්ට මෝඩයෙක්.

      ප.ලි: මේ ටික මම ලිව්වේ උඹ අවංක මිනිහෙක් හින්දා, ඒත් කොන්ද පණ නැති ඇනෝලා කියන දේවල් වලටනම් මම උත්තර දෙන්නේ නෑ මචන්.

      Delete
    14. මාලන් කියන විදිහට එතකොට ඕන කරන ඒවා හංගල වෙන ඒවද ඉල්ලල තියෙන්නෙ?... 6% ප්‍රධාන සටන් පාඨය කරගෙන තියෙන්නෙ විහිළුවට වගේද?... නැත්තන් 6% නොම්මරය නෙමෙයි සාඛච්චා කරන්න ඕන කියන එක උඹේ අදහසක්ද?...

      අනිත් අතට උඹ කියන එක හරිනම් ආචාර්ය වරු කරන්න යන්නෙ ආණ්ඩුවටත් වඩා ලස්සන විදිහට පිටරටවලට වෙලා ඉන්න ලෙක්චර්ස්ලව අන්දන්න.. ඒ වගේම බැලු බැල්මට කුහක ඉල්ලීම් දාල මූණෙ මඩක් ගාගෙන මාර අරමුණකට යනව... විහිළුනෙ බන්...

      Delete
    15. මචන්, උඹ මම කියන දේ තේරුම් අරන් තියෙන්නේ වැරදියට.

      1. මට ෆුටා එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ
      2. මම කිව්වේ මට මේ සම්බන්ධයෙන් තියෙන කියවීම, බොහොම මධ්‍යස්තව කාගෙවත් පැත්තක් නොගෙන
      3. ඒ වගේම ලෙක්චරර්සලත් මිනිස්සු, ඒ අය වුනත් අනිත් හැමෝම වගේම මුලික තැන දෙන්නේ තමන්ට සහ තමන්ගේ පවුලට
      4. අන්තිමේදි කවුරු වුනත් පිළිගන්නේ තමන්ට ඕන දෙයක් මිසක් වෙන කෙනෙක් කියන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ලෙක්චරස්ලගේ ස්ට්‍රයික් එක චාටර් කියල හිතන උඹට මාරයට වගේ අයට ඒ මිනිස්සු මොනව කිව්වත් කළත් පේන්නේ වැරදි විදිහට.

      Delete
    16. අංක 3 විදිහට කියල තියෙන එකට මමත් එකඟයි... වැඩේ තියෙන්නෙ ඕක නෙමෙයිනෙ පෙන්නන්නෙ...

      ලෙක්චර්ස්ලගෙ ස්ට්‍රයික් එක චාටර් කියල මම නම් කියන්නෙ නෑ... මොකද මට මතක ඇති කාලෙක හරි හෝ වැරදි තමන්ගෙ අරමුණ වෙනුවෙන් එක අදහසක ඉන්න පිරිසක්, චාටර් කියල මම කියන්නෙ නෑ...

      වැඩට යන්න ලෑස්ති වෙන්න ඕන... මේක දික් කරන්න බෑ...

      Delete
    17. මම සාමාන්‍යයෙන් මාරයාගේ දේශපාලනය අනුමත කරන කෙනෙක් නෙවෙයි. නමුත් මෙතැන ඔහු කියන දේවල් සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියන්නේ සමාජයේ අනෙක් මිනිසුන් වගේම පිරිසක් තමයි. ඔවුන්ට කියලා වෙනම ඉන්ද්‍රියයන් නෑ. ඉතින් සමාජයේ අනෙක් මිනිස්සු දුක් විඳිද්දි ඔවුන්ට විතරක් සුඛ විහරණය කරන්න අයිතියක් තියේය මම හිතන්නෙ නැහැ.

      මාරයා වගේ පිරිස් සංවාදයට මැදිහත් වීම හොඳයි. ඔහුගේ දේශපාලනය මොනවා වුණත් ඔහු 100%ක් මේ රටේ වැඩ කරන පන්තියේ දරුවෙක්. බ්ලොග් අවකාශයේ ඒ වගේ පිරිස් අඩුයි. මේ ප්‍රශ්නයේදී ඔවුන්ගේ මතය නියෝජනය වීම වැදගත්.

      දීර්ඝ ලෙස කමෙන් කරන්නට මාරයා ගෙන ඇති උත්සාහය අගය කරනවා.

      Delete
    18. /මම කලිනුත් කියලා තියෙනවාවගේ මෙතන 6% කියන නොම්බරය නෙමෙයි සාකච්ඡා කරන්න ඕන./

      මාලන් දැන් මෙතැන 6% නෙවෙයි වැදගත් කියන එක අදාළ නැහැනෙ. සරසවි ආචාර්යවරුන්ට අනුව 6% වැදගත්. ඒකනෙ ඔවුන් ඒක තමන්ගේ ටී-ෂර්ට් වල පවා ගහගෙන ඉන්නේ. ඉතින් අපි උත්තර දෙන්න ඕනැ ඒකටයි.

      Delete
    19. සජීව ධනුද්ධරSeptember 26, 2012 at 12:24 PM

      //මමනම් ලංකාවේ බත්කන හරක් හිතන හැටි මැන ගන්නේ මාරයගේ පෝස්ට් සහ කමෙන්ට්ස් කියවලා. ඒකනිසා මාරයා උඹේ කමෙන්ට්ස් නවත්වන්න තියා හිතන්නවත් එපා. උඹ වගේ එකෙක් ඉන්න එක මටනම් මාර සම්පතක්.//

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    20. //මමනම් ලංකාවේ බත්කන හරක් හිතන හැටි මැන ගන්නේ මාරයගේ පෝස්ට් සහ කමෙන්ට්ස් කියවලා. ඒකනිසා මාරයා උඹේ කමෙන්ට්ස් නවත්වන්න තියා හිතන්නවත් එපා. උඹ වගේ එකෙක් ඉන්න එක මටනම් මාර සම්පතක්.//

      ඔය බත්කන හරක් තමා බං උඹලට සීයට විසි තිස් ගණන් වලින් බදු ගෙවාගෙන ඉගැන්නුවේ. අසික්කිත කතා කියන්ඩ එපා.

      Delete
    21. **ඔය බත්කන හරක් තමා බං උඹලට සීයට විසි තිස් ගණන් වලින් බදු ගෙවාගෙන ඉගැන්නුවේ. අසික්කිත කතා කියන්ඩ එපා.**

      ඒක දන්න නිසා තමයි බන් මෙච්චර නහින්නේ. නැතිනම් මොන මඟුලක් ලැබෙනවටද වෙන වැඩත් පාඩු කරන් මේකේ හෑලි වගේ කමෙන්ට් කොටන්නේ.

      මාරයා කියන්නේ අවංක මිනිහෙක්. තමන්ගේ කකුල් දෙකෙන් හිටන් ඉන්නපොළවට බර නති මිනිහෙක්. මම ඒක ඕන තැනක කියනවා. ඒත් කලින් කතාවත් ඕන තැනක කියනවා.

      Delete
    22. හ්ම්... හ්ම්....
      උඹ හරි. ඒත් මං ඒකටත් එකඟ නෑ. :)

      Delete
    23. උඹල දෙන්නම හරි ඒත් දෙන්නගෙම කමෙන්ට් එකකටවත් මාත් එකග නෑ..ඇයි අප්පා...

      Delete
    24. එකඟ නැති එක හොඳයි මචන්. එතකොට අපි ගැටෙනවා. සංවාදයේ යෙදෙනවා. එකිනෙකාගේ මතවලට ගරු කරනවා. විරුද්ධ වෙනවා. පිළිගන්නවා. ගැටෙනවා. ඒක සිරා..!

      Delete
  8. ෴දහයියා කඳු෴

    වී පොතු
    වී පොතු
    වී පොතු
    කම්මුතු වී නැති වී පොතු
    එකමුතු වී පොතු වී පොතු
    ඇට නැති පොතු-මද නැති පොතු

    ඇට අහිමිය - පොතු පමණිය

    ඇට උදුරා ගත් වී පොතු
    ඇට කුඩුකරගත් වී පොතු

    ඇට මල්ලට - පොතු පල්ලට

    තලා වී පොතු
    පෙලා වී පොතු
    පලා වී පොතු
    පොලා වී පොතු

    සුළං පහරට - ගොසින් අහකට

    බලව වැතිරෙන දහයියා කඳු
    පොලොව සිපගත් දහයියා කඳු
    තැලී හපවනු දූ පුතුන් බඳු
    තවම නොදිරූ දහයියා කඳු

    මහා ගිණි දළු නොනගිනා මුත්
    ඇවිළගත්විට දහයියා කඳු
    නොනැවතී ගිණි ගනී දිගටම
    බොහෝ උණුසුම් දහයියා කඳු

    ~~~කුමාර හෙට්ටිආරච්චි.

    මතකයේ තිබුණ විදියට ලිව්වෙ, අදාල විය නොහැකි ද ?

    ReplyDelete
    Replies
    1. අන්න සුළු ධනේෂ්වර සරසවි වැටුප් වැඩි කර ගැනීමේ අරගලය සැබෑ කම්කරු පාංතික දෘෂ්ටියෙන්! වී පොතු! ඇතිද අහගත්තා?

      Delete
  9. කවුරුත් නෝට් කරලා නෑනෙ. ඉස්සරහින්ම සිංහ කොඩියක් අරන් යන්නෙ. පස්සෙනුත් සිංහ කොඩි කීපයක්ම පෙනෙනවා. මේක දේශප්‍රේමී පා ගමනක්.

    ReplyDelete
    Replies
    1. මේ අරගලයේ සිංහ කොඩි තිබීම ගැන මම නම් සතුටුවෙනවා. සිංහකොඩි විමලයට සින්නක්කරේට ලියල දීපුවා නෙමේ. සිංහයා ඇතුළු මොන විච්චූර්ණ තිබ්බත් මේක රට නියෝජනය කරන සම්මත කොඩිය. විමලයාගෙන් කොඩි උදුරාගැනීමේ කාලය පැමිණ ඇත.

      Delete
  10. ඊනියා විප්ලවෙයන් ෙතාර නියම විප්ලවයකට ජය !

    ReplyDelete
  11. මොකුත් නොකියමි. තිස්සෙම ගෙදර තියෙන හමට තඩිබාන එකත් මහ කම්මැලි වැඩක්.

    ReplyDelete
  12. FUTA එකේ කවුරුන් හෝ මේක කියවනවා නම් පොඩි ඉල්ලීමක්,

    බැරිද ඔය පා ගමනේ පින්තූර ඒ වෙලේම හරි පැය කිහිපයක අන්තරයකින් හරි මූණු පොතට එකතු කරන්න? එතකොට අපට ප්‍රගතිය බලා ගන්න පුළුවන්. දැනට මම බලන එක නිව්ස් සයිට් එකක් වත් ඒක කරන්නෙ නෑ. FUTA මූණු පොතේත් තාම තියෙන්නෙ ඊයෙ පින්තූර ටික. ජන අරගලයක් නම් ඔයිට වඩා ඉක්මණට ජනතාව සහභාගි කරවා ගන්න ඕනැ. නැතිනම් අපිත් මඟදි හැලෙයි. මොකද ජන අරගලයක් කියන්නෙ සීතකාලෙක උදුණක් වගේ. ඒක හැම තිස්සෙම උණුසුම් වෙන්න ඕනැ.

    ReplyDelete
  13. සහෝදර සහෝදරියනි කුඩයක් අරං යන්න...

    ReplyDelete
    Replies
    1. :D

      ඇයි වතුර බෝතලයක්... බඩගිනි වෙනකොට කන්න දෙයක්...

      Delete
    2. සිකුරුටි කාරයෙකුගේ හීන මානය! ඕකම තමයි වෙලා තීන්නේ කැම්පස් එකක ඒගෙන ගන්න කොල්ලෙක් දැක්කම ඇඟේ මාලු නටනව.ඇයි තමන්ට යන්න බැරි උන තැනකට එකෙක් ගිහින් නේ.

      Delete
    3. විකාර කියවන්ඩ එපා බං. කැම්පස් මාරයි කියල හිතං ඉන්න උඹල වගේ බයියො දක්කාම හිනා යනවා. ඔය ඩිග්රි ගන්න බුද්දිමතුන්ගෙන් සියට අසූවකට තමුන්ට කියලා තනියම රස්සාවක් ‍හොයාගන්ඩ පුලුවන්ද? ලෙඩ්ඩු ටිකක්. පව් උඹලා.

      Delete
    4. මාරයාට ඩිග්‍රියක් නැත්ත් තමන්ගේ දක්ෂතා අනුව ඕනෑම වෙලාවක රැකියාවක් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය ඩිග්‍රි තියෙන කී දෙනෙකුට ආණ්ඩුවෙ රස්සාවක් නැත්නම් රස්සාවක් හොයා ගන්න පුළුවන්ද කියලා කරුණාකරලා කියන්න.

      Delete
  14. හිතට මොකක්ද එකක් වුනා..

    ReplyDelete
  15. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වලු!

    ReplyDelete
  16. මේගොල්ලෝ තෙමිලා මදි. එකෙකුට දෙන්නෙකුට උණ සන්නිපාතයත් හැදෙන්න ඕන මං කියන්නේ. අච්චර ෆොරීන් යුනිවලින් ස්කොල් ලැබෙනකොට ඒව ගන්නෙ නැතුව ඊටවඩා 10 ගුණයකින් විතර අඩු බෙනිෆිට් (මාරයියාගෙ දැනුවත් කිරීම් අනුව ) ඉල්ලලා චාටර් වෙනවට ඔහොම වෙලා මදි.

    මේක පැරදුනොත් අපි ඈ පාඩු...අනේ අපේ මොකෝ...

    6% නම් කොහොමත් දෙන්න හොද නෑ. අඩුම තරමේ බැසිලා කරන ප්‍රොජෙක්ට් වලින් 10% දුන්නහම ඇති. ඉතුරු 80%ව වැඩට යොදවන්න පුළුවන්නේ.

    ඇමති වරුන්ගේ දූෂණ ගැන කථා කරල හෙම සිගිති ආතල් ගන්නව නෙමේ. මොකෝ ඒ අපේ සල්ලි ඈ...

    ReplyDelete
  17. අනාවැකිය: සරසවි ඇදුරු අරගලය නිමා විය හැකි ආකාරය

    1. නොවැම්බර් මාසයේ අයවැය වන තුරු කිසිම දෙයක් කරන්නට ආණ්ඩුවේ සූදානමක් නැත. FUTA හි ප්‍රතිචාරය මම නොදනිමි.

    2. (දැනට දැනගන්නට ඇති විදියට) අයවැයෙන් සියළුම රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් තියේ. සරසවි ආචාර්යවරුන්ටද මෙය බලපායි. නමුත් ඒ ඔවුන් ඉල්ලා ඇති මට්ටමට ටිකක් අඩුවෙනි.

    3. 6% ගැන කතා කිරීමම කාලය නාස්ති කිරීමකි.

    4. නොවැම්බරයේ තමන් නැවත සේවයට යන්නේද නොයන්නේද තීරණය කිරීමට ආචාර්යවරුන්ට සිදුවනු ඇත. එසේ නැතහොත් මහජන විරෝධය ඔවුන් වෙත එල්ල වීම නොවැළක්විය හැකිය. (රජය වැටුප් වැඩිවීමක් කර ඇති නිසා) නමුත් ඔවුන්ට සේවයට යන්නට වන්නේ මාස 4-5ක වැටුප් අහිමි කර ගනිමිනි.

    5. ආරංචි හැටියට වර්ජනයට සම්බන්ධ ආචාර්යවරුන් යම් පිරිසක්ද තමන් වර්ජනයට සම්බන්ධ නැතැයි ලියුම් දී පඩි අර ගනිති. එස්. බී. කතා කරන්නේ මේ තුරුම්පුව අතේ තියාගෙනය. අවශ්‍ය වෙලාවට අදිනු ඇත.

    6. මහරජා දිනනු ඇත. ආචාර්යවරුන් පරදිනු ඇත.

    ReplyDelete
  18. ෆූටා අරගලය කුමන ප්‍රතිඵලයක් ලබා හෝ අවසන් වීමෙන් පසු......

    1. මීළඟ අයවැයේදී අධ්‍යාපනයට වෙන්කෙරෙන ප්‍රතිපාදන ගැන ආන්ඩුව මදක් සිතනු ඇත.
    2. සරසවි ඇඳුරන්ට තමුන්ගේ රාජකාරිය පෙරට වඩා වගකීමෙන් කිරීමට සිදුවනු ඇත.
    3. සිවිල් සමාජය උසස් අධ්‍යාපනය ගැන පෙරට වඩා අවධානය දක්වනු ඇත.
    4. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට රජයට තිබූ හැකියාව තරමක් අඩාල වනු ඇත.
    5. මාරයාට සහ මට තවත් අමතර පැයක් හමාරක් ඕ.ටී කිරීමට සිදුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. මෙහි 5 වන කරුණ හැර අනික් සියල්ල ජයග්‍රහණ ලෙස සලකමි.

      Delete
    2. 5 සම්බන්දව

      ඇයි චාමී අපි ඔටුවොද?... අපිටත් ඔය ආණ්ඩුවම තමා තියෙන්නෙ... දැනටත් පෙ.ව 9.00 - ප.ව 7.00 වෙනකම් වැඩ... ඒ කරල ගෙදර ඇවිල්ල අලුතෙන් දේවල් ඉගෙනගන්නත් පැයක් හමාරක් වියදම් කරන්න ඕන..

      Delete
    3. 1. ඔව්. සුළු වැඩිවීමක් තියේවි.

      2. නැහැ. එහෙම එකක් වේය මට හිතෙන්නෙ නෑ. සරසවි ආචාර්යවරුන් කියන්නෙ කාගෙවත් අධීක්ෂණයට ලක් වන පිරිසක් නෙවෙයි. (එහෙම විය යුතුය කියා මා හිතන්නෙත් නෑ.) ඉතින් ඇයි ඔවුන් වෙනස් වේය හිතන්නෙ? මේ විදියටම කරත්තෙ යයි.

      3. ඔව් සහ නැහැ. 'සිවිල් සමාජය" කියන්නෙ කවුද කියන එක උඩ. සිවිල් සමාජය මාලන්ලා නම් ඔව්. මාරයාලා නම් නැහැ. (හැබැයි ඉතින් මේ දෙපිරිස මේ ගැටළුවට පෙර හිටියෙත් ඒ තැන් වලම තමයි.)

      4. ඔව්. පැහැදිළිවම.

      5. විය හැකියි.

      Delete
    4. ඔබ අංක 2 ට සඳහන්කල අදහස ගැන මම හිතන්නෙ මෙහෙම. දැන් ආචාර්යවරුන්ම කියනවනේ අවුරුදු විස්සකට පස්සෙයි ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන මේ කතා කරන්නෙ කියලා. ඒක ඇත්තක්. අයිතිවාසිකම් වගේම ඔය කාලය තුල නිදහස් අධ්‍යාපනයට එල්ලවන තර්ජන ගැනත් ඔවුන්ගෙන් සුළු පිරිසක් මාධ්‍යවල අදහස් දැක්වූවා හැර වෙනත් කැපී පෙනෙන මැදිහත්වීමක් කරලා නැහැ මං දන්න තරමින්. කොටින්ම පසුගිය කාලයේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක පරිහානිය/ඇකඩමියාව බිඳවැටීම ගැන ඔවුන් කල සංවිධානාත්මක මැදිහත්වීමක් වත් මටනම් මතක නෑ.

      අඩුමගානේ ශිෂ්‍යයො මේව ගැන කෑගහද්දිත් ඔවුන් අනුගමනය කලේ නිහඬ පිළිවෙතක්. මේ නිසාම ආචාර්යවරයාගේ භූමිකාව ගැන සමාජයේ සාකච්ඡා වුනේ නැහැ. ඒ නිසා අවශ්‍ය කෙනෙකුට මොනවා හෝ කරගෙන තමුන්ගෙ ජීවිතය පාඩුවේ ගෙනියන්න ලැබුනා. (මතක්වෙනවා ටැබූ ලියපු 'සිසුවිය' පෝස්ට් එක)

      නමුත් දැන් තත්වය වෙනස්. මේ කමෙන්ට්ස් පුරාමත් කතා වෙන්නෙ ආචාර්යවරුන්ගේ භූමිකාව. ඔවුන් ඉල්ලනදේට සාපේක්ෂව වගකීම ඉටුකරනවාද යන කාරණය. අධ්‍යාපනයට සීයට හයක් වෙන්කලාට පස්සෙත් බිහිවෙන්නෙ දැන් බිහිවෙන උපාධිධාරියමද කියන එක. මේක අලුත් තත්වයක්.

      සාධනීය වෙනසක්.

      Delete
    5. මේකට උත්තර දෙනවා නම් දෙන්න වෙන්නෙ IF..., IF..., IF... කියලා ගොඩාක් දාගෙන.

      ඊට වැඩිය මා කැමැතියි විවෘත මනසකින් ඉන්න. එන හැටියට බලමු.

      සාධනීය වෙනසක්. - හිරුණිකා ගැනත් කීදෙනෙක් නම් මෙහෙම හිතුවද?

      අපි පොඩියක් බලා ඉඳිමුකො මොකද වෙන්නෙ කියලා. වැඩිම වුණොත් තව මාස දෙකකදි පෙනෙයි.

      Delete
  19. කව්රුහරි උගතෙක් මෙකට උත්තරයක් දෙන්න ?
    අධ්‍යාපනයට GDP එකෙන් 1 දශම ගනනක් නම් අනෙත් 98 දශම ගනන මොනවටද ? දන්නැති නිසයි අහන්නේ ?

    ReplyDelete
    Replies
    1. දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) අර්ථ දැක්වීම :

      GDP = private consumption + gross investment + government spending + (exports − imports)

      දළ දේශීය නිෂ්පාදිතය = පෞද්ගලික වියදම් කිරීම් + දළ ආයෝජනය+ රජයේ වියදම + අපනයන - ආනයන

      ලංකාවේ මෙයින් රජයේ වියදම හෙවත් government spending 25% ක් පමණ වේ. එයින් පසුගිය වසරේ 1.86%ක් අධ්‍යාපනය වෙනුවන් වෙන් කොට තිබේ. (25% න් 1.86%ක්)
      එනම් අධ්‍යාපනය සඳහා රජයේ වියදම 7.4% වේ. වෙනත් වචන වලින් කිව්වොත් ශ්‍රී ලංකා රජය දැනටමත් තම වියදම් වලින් 7.4% ක් අධ්‍යාපනයට වැය කරයි. (මෙයද කොතළාවල ආරක්ෂක ඇකැඩමිය ආදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නොගැනෙන ආයතන වලට කරන වියදම නොසළකා හැරය.)

      මේ හැරුණු විට ඉහත සමීකරණයේ හැම කොටසකම අධ්‍යාපනය සඳහා වන වියදම් වේ.

      1. පෞද්ගලික වියදම්: දෙමාපියන් දරුවන්ට පොත්පත් මිළට ගෙන දීම, ටියුෂන් ෆීස්, පෞද්ගලික අධ්‍යාපන ආයතනයන්හි (පාසල් හා විශ්ව විද්‍යාල) අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් දෙමාපියන් දරණ වියදම් යනාදිය මීට ඇතුළත්ය.

      2, ආයෝජන: සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා වන වියදම් මීට ඇතුළත්ය.

      3. ආනයන: විදේශයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දෙමාපියන් දරණ වියදම ඇතුළත්ය. (නමුත් සමීකරණයේ හැටියට ඍණ වියදමකි.)


      මේ අනුව රටක් වශයෙන් සළකතොත් අප දැනටමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩු වශයෙන් 4-5% වත් අධ්‍යාපනය වෙනුවෙන් වැයකරතැයි සිතමි. (හරියටම කිව නොහැක්කේ කිසිවකු මේ ගණනය කර නැති නිසාය. එසේම නිල ඇඳුම් වියදම්, සපත්තු, බෑග්, පාසල් වෑන්වටල වියදම් යනාදිය මීට ඇතුළු කළ යුතුද නැද්ද යන්න විවාදාපන්නය.)

      මෙහි 1.86% යනු අධ්‍යාපනය පිණිස රජයේ වියදම් පමණය. ඒද රජයේ මුළු වියදමින් නොව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසිනි.

      රජය තම වියදම් වලින් 7.4% ක් අධ්‍යාපනයට වැය කරයි. ආචාර්යවරුන්ගේ ඉල්ලීම මෙය 25% දක්වා ඉහළ නංවන ලෙසය.

      ඔබේ ප්‍රශ්නයට විසඳුම ඉතිරි 98% හැදෙන්නේ මෙහෙමයි.

      75% : ඉහත සමීකරණයේ රජේයේ වියදම් හැරුණු විට ඉතුරු කොටස්. (එක එක කොටස හරියටම කීයද කියා මතක නැත. අවශ්‍ය නම් සැපයිය හැක.)
      12%: අතීතයේ ගත් විදේශ ණය හා පොළී ගෙවීම්. (මීට යුද්ධය සඳහා විශාල වශයෙන් ගත් ණයද ඇතුළත්ය.)
      7%: රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් (මෙයින් වැඩි කොටසක් ආරක්ෂක හමුදා වැටුප්ය.)
      4%: රජයේ ඉතිරි සියළුම වියදම්

      98% හරි නේද?

      (ගණන් දක්වා ඇත්තේ ආසන්න වශයෙනි.)

      Delete
    2. //(එක එක කොටස හරියටම කීයද කියා මතක නැත. අවශ්‍ය නම් සැපයිය හැක.)//

      අවශ්‍යයි කරුණාකර සපයන්න. ස්තුතියි!

      //හරියටම කිව නොහැක්කේ කිසිවකු මේ ගණනය කර නැති නිසාය.//

      හරියට හරි...මේක තමා හොයාගන්න ඕන. මේ ගොං දෙමව්පියෝ ළමයි වෙනුවෙන් වියදම් කරනවා මදි...එහෙම කරල මේ අහිංසක ආණ්ඩුවට බනිනවා. බැනල බැනල ඡන්දෙත් දෙනවා. ශ්‍රී ලාංකීය දෙමව්පියන්ට කෙළ වේවා!

      Delete
    3. /අවශ්‍යයි කරුණාකර සපයන්න. ස්තුතියි!/

      හපොයි දෙන්නම්කෝ.

      2011 මහ බැංකු වාර්තාවට අනුව

      පෞද්ගලික අංශයේ වියදම: 69.8% (GDP වලින්)
      රජයේ වියදම : 14.8%
      පෞද්ගලික ආයෝජනය: 23.7%
      රජයේ ආයෝජනය: 6.3%
      අපනයන: 23.1%
      ආනයන: 37.6%

      මා කලින් කීවා වගේ මගේ දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. ඊට එක හේතුවක් FUTA එක GNP ගැන කතා කරන කොට මට දත්ත දෙන්න වෙලා තියෙන්නේ GDP එකට සාපේක්ෂව වීම. හැබැයි මේ දෙක අතර ලොකු වෙනසක් නෑ. ඒ වගේම මේ දත්ත වසරින් වසර වෙනස් වෙනවා.

      ඇත්තටම ගිය වසරේ රජයේ වියදම හා අයෝජනය මා හිතුවාටත් අඩුයි. ඒක 21%ක්. (14.8+6.3)

      දැන් මේ ගොල්ල හයක් ඉල්ලන්නේ විසි එකකින්. ඒ කියන්නේ රජයේ වියදමින් හා අයෝජනයෙන් (6/21 = 28.5%ක්)

      මොළයක් තියෙන කෙනකුට නම් තේරනවා කිසිම රජයකට බැහැ කියලා 28.5% අධ්‍යාපනයට පමණක් වෙන් කරන්න.

      Delete
    4. @ ඇනෝ..

      නැවතත් ස්තුතියි!

      අපි ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ වැඩිම මොලයක් තියන පාලකයන් ඉන්නා රටේයි. (කපටි කම නම් ඇත්තේම නැත )


      මේ ලින්ක් දෙක බල්ලකෝ. වෙන මුකුත් කියන්න ඕන නෑ.

      සිංහලෙන් පින්තූරයක්

      ඉංග්‍රීසියෙන් වෙබ් එකක්

      Delete
    5. දැන් මම ඔබේ ඉල්ලීමක් ඉටු කළානේ මහන්සිවෙලා. ඔබත් මගේ එකම ඉල්ලීමක් ඉටු කරන්නකෝ. මේක අමාරු වැඩක් නෙවෙයි. මට දෙන්න ලින්ක් එකක් අධ්‍යාපනයට විවිධ රටවල රාජ්‍ය වියදම රජයේ වියදමේ ප්‍රතිශතයක් ලෙස තියෙන තැනක්. (State expenditure to education/Total state expenditure) මොකද මෙතැනට GDP හෝ GNP ගාවා ගැනීමේ තේරුමක් නැහැ. මොකද ඔබ කියන මේ අනුපාතයට වෙනත් දේවල් බලපානවා. (උදාහරණයක් හැටියට ආර්ථිකය දුර්වල වෙන අවුරුද්දක, ආණ්ඩුව එකම ගාන අධ්‍යාපනයට වියදම් කළත් ඔබ කියන ප්‍රතිශතය ඉහළ යනවා.)

      Delete
    6. ස්තුතියි . මම හිතන්නේ කව්හරි ජනතාවට සැබැ සත්‍ය පැවසිය යුතුයි. ආචාර්ය වරුත් දේශපාලකයෝ වගේම ජනතාව ගොනාට අන්දවනවා වගේ නටනම් පේන්නේ

      AnonymousSeptember 26, 2012 10:17 AM

      Delete
    7. @ ඇනෝ...

      මට උත්තර දෙන්න ඔයා ඉඩ දීලා නෑනේ. බලන්න ඔයාගෙ ඉල්ලිමෙම උත්තරය තියනවා.

      ඇයි ඔච්චර නූතන ආර්ථික විද්‍යාව දියුණු රටවල් 'රාජ්‍යය වියදමට සාපේක්ෂව අධ්‍යාපන සදහා වියදම' ගැන එච්චරම අවධානය යොමු කර නැත්තේ. අඩුම තරමේ අපේ මහ බැංකුවවත්? හේතුව ඔබ ඔබගේ තර්කය සපථ කිරීමට, ආණ්ඩුව සාධාරණීයකරණය කිරීමටත්, මේ පොදු මහජන අරගලය කඩා කප්පල් කිරීමටත් කිසිම රාජ්‍යයක් හෝ ප්‍රමුඛ මූල්‍යය ආයතනයක් බර තැබීමක් නොකරණ 'රාජ්‍යය වියදමට සාපේක්ෂව අධ්‍යාපන සදහා වියදම' යන නිර්ණායකය මත පදනම්ව පමණක් තර්ක කිරීම.

      නමුත් ඔබට 'Educational Expenditure Over GDP' යන්න ගූගල් කිරීමෙන් පමණක් ඉතා පහසුවෙන් මේ අරගලය පදනම් කරගත්ත නිර්ණායකය වෙනත් රටවල හැසිරී ඇති ආකාරය පැහැදිලි කර ගන්න හැකියාව ලැබේවි.

      කෙසේ වෙතත් ඔබෙගේ ඉල්ලිම ඉටි කිරීම සදහා පමණක් පහත දැක්වෙන 'ලෝක බැංකු දත්ත' ඉදිරිපත් කරන්නම්. මෙය දුටු විටම ඔබට මේ නිර්ණායකය ගැන තියන අඩු අවධානය ගැන වැටහේවි.

      රටේ උගත්ම ආචාර්‍යයවරුන් මෙහෙයවන මෙවැනි විරෝධතාවයකට මෙවැනි බාල තර්ක ගෙනෙන්නේ කාගෙවත් ලණුවක් කෑ නිසාද, නැත්නම් කුහක කමටදැයි නොදනිමි.

      මෙන්න සබැදුම

      (කෙසේ වෙතත් මේ දුර්වල නිර්ණායකය තුළත් ශ්‍රී ලංකාව අන් දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂව කොපමණ පසුගාමීද යන්න පැහැදිලිය, මතක තබා ගන්න 2009 යනු යුද්ධය අවසන් වූ වසර වුවද, යුද්ධයෙන් පසු අධ්‍යාපනය සදහා රජයෙන් දැක්වූවේ පෙර තිබූ සැලකිල්ලම හෝ ඊටත් අඩුවෙනි)

      Delete
    8. කවුරු භාවිතා කළත් නැතත් අප දර්ශකයක් තෝරා ගත යුත්තේ තර්කාණුකූලව. ඇයිද කියා ඉහත පැහැදිළි කොට ඇති. ඒ නිසා තවත් පැහැදිළි කිරීම් අවශ්‍ය නැහැ.

      දැන් ඔබ දුන්නු වගුවම ගනිමු. මේ තෝරා ගත් රටවල් කිහිපයක දත්ත.

      ජපානය: 9.4%
      ඇමෙරිකාව: 13.1%
      බ්‍රිතාන්‍යය: 11.3%

      ඉතින් අප (8.1%) ඉන්නේ එතරම් පසුපසින් නෙවෙයිනේ. අප පසුපසින් නෙවෙයි කියා මා කොතැනක වත් කියා නැහැ. අප ඉන්නේ පසුපසින් තමයි. වසර 30ක සිවිල් යුද්ධයක් අවසාන කළ රටක් පසුපසින් සිටීමේ කිසිම පුදුමයක් නැහැ. යුද්ධය අවසන් වුණාය කියලා රජයේ ආදායම් එකවර වැඩි වන්නේ නැහැ. එක පැත්තකින් යුද්ධය පිණිස ගත් මහා ණය අප ගෙවනවා. අනෙක් පැත්තෙන් එදා යුද්ධය පිණිස කළ වියදම අද උතුරු නැඟෙනහිර සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට වැයවෙනවා. මේ නිසා අමුතුවෙන් ආදායමක් එකතු වන්නේ නැහැ.

      සමහර රටවල් අපට වඩා ඉතාම ඉහළ ප්‍රතිශතයක් පෙන්වන හේතූන් තුනක් තියෙනවා.

      1. ඌණ සංවර්ධිත (විශේෂයෙන් අප්‍රිකානු) රටවල් : මොවුන්ට මේ පිණිස ජාත්‍යන්තර ආධාර ලැබෙනවා. වියදම් කරන්නේ ඒවා මිස රටේ සල්ලි නෙවෙයි. මධ්‍යම ආදායම් රටක් හැටියට අපට එවැනි ආධාර ලැබෙන්නේ නැහැ.

      2. කැනඩාව හා ස්කැන්ඩිනේවියානු රටවල්: දියුණු ධනවාදී රටවල් ගණනක් අපේ රටට සමාන මොඩල පවත්වාගෙන යනවා. නමුත් ඒ පිණිස රටේ පොදු ජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් බදු අය කරනවා. අපට එසේ බදු අය කරන්නට හැකියාවක් නැහැ.

      3. සමාජවාදී රටවල්: මොවුන්ගේ දත්ත සන්සන්දනය කරන්න බැහැ, මොකද ගණනය කිරීමේ ක්‍රම වෙනස්.

      නමුත් මා කියන්නට ගියේ ඒක නෙවෙයි ඔය ලැයිස්තුවේම බලන්න රටවල් කීයක් රජයේ වියදමින් 28.5%ක් (ඒ කියන්නේ අපේ ආචාර්යවරුන්ගේ 6% සමානතාව) ලඟා කර ගෙන තියෙනවද කියලා.

      Delete
    9. /රටේ උගත්ම ආචාර්‍යයවරුන් මෙහෙයවන මෙවැනි විරෝධතාවයකට/

      මේ ආචාර්යවරුනේගේ විෂය දැනුම ප්‍රශ්න නොකරමි. එහෙත් ඉතිහාස මහාචාර්යවරයකු හෝ ඉංජිනේරු මහාචාර්යවරයකු ආර්ථික විද්‍යාවේදී සාමාන්‍ය මිනිසකු පමණක් වෙයි. එසේම මෙහිදී ඔවුන්ට නැචුරල් බයස් එකක් තියෙන බව අමතක කළ යුතු නොවේ. එනිසා ඔවුන් කියන දෙයක් ප්‍රශ්න නොනඟා බාර ගැනීම එස්. බී. කියන දෙයක් ප්‍රශ්න නොකර භාර ගැනීමට සමානය.

      රජයේ විශ්වවිද්‍යාල වලම ආර්ථික විද්‍යා ආචාර්යවරුන් ගැන කියන්නේ නම් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය ගුණරුවන් හා කැළණිය විශ්ව විද්‍යාලයේ එක් අයකු හැරුණු විට සමස්ත ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවම සිටින්නේ මේ 'සටනට' විරුද්ධ ස්ථාවරයක බව සටහන් විය යුතුය.

      Delete
    10. වෙලාවක් තිබුණොත් මේකත් කියවන්න. ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ආර්ථික විද්‍යාව ගැන FUTA හි පළමුපෙළ සිටින කිසිම කෙනකුට වඩා දැනුමක් තියෙන කෙනෙක්. ඔහුටද නැචුරල් බයස් එකක් තියෙන බව ඇත්ත. නමුත් FUTA එකේ සාමාජිකයොත් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයනෙ.

      http://www.sundayobserver.lk/2012/08/26/fea01.asp

      Delete
  20. /බැනල බැනල ඡන්දෙත් දෙනවා. ශ්‍රී ලාංකීය දෙමව්පියන්ට කෙළ වේවා!/

    ඡන්දය භාවිතා කිරීම කෙනකුගේ ප්‍රජාතන්ත්‍රවාදීය අයිතියක්. කවුරු හරි ආණ්ඩුවට බැණ බැණ ඡන්දෙ දෙනවද නැද්ද කියලා මම සමීක්ෂණයක් කරලා නැහැ. ඒ නිස ඒක ගැන කියන්න දන්නෙ නෑ. හැබැයි කවුරු හරි එහෙම කරනවට මට විරුද්ධ වෙන්න බෑ. ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය.

    දැන් ඔය මාරයා කරන්නේ තමන්ගේ අදහස් පළ කිරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් භාවිතා කිරීම. ඒක ඔහුගේ අයිතිය.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ..

      අනිවා....ඇත්ත....

      ඡන්දය දීම තම තමන්ගේ අයිතිය. යමක් ප්‍රාර්ථනා කිරීම මගේ අයිතිය.

      Delete
  21. හැබැයි, ඉහත කී දේවල් සමඟම මේ 'අරගලයේ' සාධනීය ලක්ෂණ මා දකිනවා, චාර්මි කිව්වා වගේම. ඒවා ලැයිස්තු ගත කළොත්:

    1. පැණි වරකාවටත් හෙණ ගහන්න පුළුවන් බව පෙන්වීම
    2. තමන්ට එරෙහි සියළු බලවේග පාගා දමන රජයකට එරෙහිව හොඳ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක් (ඒක හරිද වැරදිද කියන එක අදාළ නැහැ)
    3. විවිධ අදහස් ඇති පාර්ශ්වයන් එක කුඩයක් යටට ගන්නට පුළුවන් වීම
    4. විමලයාගේ හා ජාතික හෙළු උරුමයේ හැකර කටවල් වැසීම
    5. සිංහල-දෙමළ ජාතික සමඟියට රුකුලක් වීම (යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පේදුරු තුඩුවේ සිට යාපනය විශ්ව විද්‍යාලයට අද පා ගමනක නිරත වෙනවා.)
    6 පශ්චාත් යුද්ධ සමයේ බිහි වූ ඒක-ධ්‍රැවීය සමාජය බිඳ වැටීම

    හැබැයි ඉතින් පැරදුණොත් නම් බෝටියාට වෙච්චි එකේ අනික තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 7. දීප්තිට කෙලවීම......................

      Delete
    2. දීප්තිට වගේම අර ධම්ම දිසානායක, චරිත හේරත් කියන නාම්බන් දෙන්නාට කෙළ වෙනවාටත් මා කැමැතියි.

      Delete
    3. කරුණාරත්න පරණවිතානටත්.

      Delete
  22. ලිපිය හා අදහස් සියල්ලම කියවූවා. මෑත කාළයේ වැදගත් සංවාදයක් ඇති කිරීම ගැන ඔබටත්. අදහස් දැක්වූ සියළු දෙනාටත් මගේ ආචාරය. මගේ අදහස් තැන තැන ලියවිලා තියෙනවා.

    ReplyDelete
  23. පිස්සුවක් ඕයි මේක.
    ජෙප්පන්ටත්, යූඑන්පිකාරයන්ටත් එල්ලෙන්න වැලක් ලැබී ඇත. සංවේදීනායකයා පත් කරන්න ජනතාවට ආයාචනය කල පිරිසක් ප්‍රතිවාදී ඉණිම පටන් ගෙන ඇත. මේකත් ක්‍රිකට් තරඟයක් වගේ තමයි. දිනන පිළටත්, පරදින පිලටත් ප්‍රතිලාභ ලැබේ. ප්‍රේක්ෂකයන්ගේ අතේ ඇති තුට්ටු දෙකටත් කෙළවේ. එච්චරයි.
    ඒත් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ හැරුණු කොට සාමාන්‍ය ජනතාවට මේ තරඟය ගැන කිසිම හැඟීමක් නැත. මේ තරඟ වලින් උන්ට සිදුවී ඇති සෙතක් නැති නිසා විය යුතුය.

    ReplyDelete
  24. මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

    විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

    ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

    ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

    නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

    මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.

    ReplyDelete
  25. "ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

    එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

    අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

    ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

    තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

    එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!

    ReplyDelete

Follow by Email