tag:blogger.com,1999:blog-8032928981302866204.post5057029203566808869..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: තෙමෙන මිනිසුන්....charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-8032928981302866204.post-91490136904783650382012-10-13T14:01:21.567+05:302012-10-13T14:01:21.567+05:30"ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නො..."ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49019599708866451282012-10-13T07:11:38.966+05:302012-10-13T07:11:38.966+05:30මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා...මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-44356573378772513382012-09-29T16:17:41.421+05:302012-09-29T16:17:41.421+05:30පිස්සුවක් ඕයි මේක.
ජෙප්පන්ටත්, යූඑන්පිකාරයන්ටත් එල...පිස්සුවක් ඕයි මේක.
ජෙප්පන්ටත්, යූඑන්පිකාරයන්ටත් එල්ලෙන්න වැලක් ලැබී ඇත. සංවේදීනායකයා පත් කරන්න ජනතාවට ආයාචනය කල පිරිසක් ප්‍රතිවාදී ඉණිම පටන් ගෙන ඇත. මේකත් ක්‍රිකට් තරඟයක් වගේ තමයි. දිනන පිළටත්, පරදින පිලටත් ප්රතිලාභ ලැබේ. ප්‍රේක්ෂකයන්ගේ අතේ ඇති තුට්ටු දෙකටත් කෙළවේ. එච්චරයි.
ඒත් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ හැරුණු කොට සාමාන්‍ය ජනතාවට මේ තරඟය ගැන කිසිම හැඟීමක් නැත. මේ තරඟ වලින් උන්ට සිදුවී ඇති සෙතක් නැති නිසා විය යුතුය.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-75281570306066046962012-09-27T14:38:06.621+05:302012-09-27T14:38:06.621+05:30වෙලාවක් තිබුණොත් මේකත් කියවන්න. ආචාර්ය ලලිතසිරි ගු...වෙලාවක් තිබුණොත් මේකත් කියවන්න. ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ආර්ථික විද්‍යාව ගැන FUTA හි පළමුපෙළ සිටින කිසිම කෙනකුට වඩා දැනුමක් තියෙන කෙනෙක්. ඔහුටද නැචුරල් බයස් එකක් තියෙන බව ඇත්ත. නමුත් FUTA එකේ සාමාජිකයොත් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයනෙ.

http://www.sundayobserver.lk/2012/08/26/fea01.aspAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-50056740446775185502012-09-27T14:27:36.995+05:302012-09-27T14:27:36.995+05:30/රටේ උගත්ම ආචාර්යයවරුන් මෙහෙයවන මෙවැනි විරෝධතාවයක.../රටේ උගත්ම ආචාර්යයවරුන් මෙහෙයවන මෙවැනි විරෝධතාවයකට/

මේ ආචාර්යවරුනේගේ විෂය දැනුම ප්‍රශ්න නොකරමි. එහෙත් ඉතිහාස මහාචාර්යවරයකු හෝ ඉංජිනේරු මහාචාර්යවරයකු ආර්ථික විද්‍යාවේදී සාමාන්‍ය මිනිසකු පමණක් වෙයි. එසේම මෙහිදී ඔවුන්ට නැචුරල් බයස් එකක් තියෙන බව අමතක කළ යුතු නොවේ. එනිසා ඔවුන් කියන දෙයක් ප්‍රශ්න නොනඟා බාර ගැනීම එස්. බී. කියන දෙයක් ප්‍රශ්න නොකර භාර ගැනීමට සමානය.

රජයේ විශ්වවිද්‍යාල වලම ආර්ථික විද්‍යා ආචාර්යවරුන් ගැන කියන්නේ නම් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය ගුණරුවන් හා කැළණිය විශ්ව විද්‍යාලයේ එක් අයකු හැරුණු විට සමස්ත ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවම සිටින්නේ මේ 'සටනට' විරුද්ධ ස්ථාවරයක බව සටහන් විය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-5463931215198572502012-09-27T14:20:36.646+05:302012-09-27T14:20:36.646+05:30කවුරු භාවිතා කළත් නැතත් අප දර්ශකයක් තෝරා ගත යුත්තේ...කවුරු භාවිතා කළත් නැතත් අප දර්ශකයක් තෝරා ගත යුත්තේ තර්කාණුකූලව. ඇයිද කියා ඉහත පැහැදිළි කොට ඇති. ඒ නිසා තවත් පැහැදිළි කිරීම් අවශ්‍ය නැහැ.

දැන් ඔබ දුන්නු වගුවම ගනිමු. මේ තෝරා ගත් රටවල් කිහිපයක දත්ත.

ජපානය: 9.4%
ඇමෙරිකාව: 13.1%
බ්‍රිතාන්‍යය: 11.3%

ඉතින් අප (8.1%) ඉන්නේ එතරම් පසුපසින් නෙවෙයිනේ. අප පසුපසින් නෙවෙයි කියා මා කොතැනක වත් කියා නැහැ. අප ඉන්නේ පසුපසින් තමයි. වසර 30ක සිවිල් යුද්ධයක් අවසාන කළ රටක් පසුපසින් සිටීමේ කිසිම පුදුමයක් නැහැ. යුද්ධය අවසන් වුණාය කියලා රජයේ ආදායම් එකවර වැඩි වන්නේ නැහැ. එක පැත්තකින් යුද්ධය පිණිස ගත් මහා ණය අප ගෙවනවා. අනෙක් පැත්තෙන් එදා යුද්ධය පිණිස කළ වියදම අද උතුරු නැඟෙනහිර සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට වැයවෙනවා. මේ නිසා අමුතුවෙන් ආදායමක් එකතු වන්නේ නැහැ.

සමහර රටවල් අපට වඩා ඉතාම ඉහළ ප්‍රතිශතයක් පෙන්වන හේතූන් තුනක් තියෙනවා.

1. ඌණ සංවර්ධිත (විශේෂයෙන් අප්‍රිකානු) රටවල් : මොවුන්ට මේ පිණිස ජාත්‍යන්තර ආධාර ලැබෙනවා. වියදම් කරන්නේ ඒවා මිස රටේ සල්ලි නෙවෙයි. මධ්‍යම ආදායම් රටක් හැටියට අපට එවැනි ආධාර ලැබෙන්නේ නැහැ.

2. කැනඩාව හා ස්කැන්ඩිනේවියානු රටවල්: දියුණු ධනවාදී රටවල් ගණනක් අපේ රටට සමාන මොඩල පවත්වාගෙන යනවා. නමුත් ඒ පිණිස රටේ පොදු ජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් බදු අය කරනවා. අපට එසේ බදු අය කරන්නට හැකියාවක් නැහැ.

3. සමාජවාදී රටවල්: මොවුන්ගේ දත්ත සන්සන්දනය කරන්න බැහැ, මොකද ගණනය කිරීමේ ක්‍රම වෙනස්.

නමුත් මා කියන්නට ගියේ ඒක නෙවෙයි ඔය ලැයිස්තුවේම බලන්න රටවල් කීයක් රජයේ වියදමින් 28.5%ක් (ඒ කියන්නේ අපේ ආචාර්යවරුන්ගේ 6% සමානතාව) ලඟා කර ගෙන තියෙනවද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-63028571320851586702012-09-27T13:17:04.697+05:302012-09-27T13:17:04.697+05:30@ ඇනෝ...
මට උත්තර දෙන්න ඔයා ඉඩ දීලා නෑනේ. බලන්න ඔ...@ ඇනෝ...

මට උත්තර දෙන්න ඔයා ඉඩ දීලා නෑනේ. බලන්න ඔයාගෙ ඉල්ලිමෙම උත්තරය තියනවා.

ඇයි ඔච්චර නූතන ආර්ථික විද්‍යාව දියුණු රටවල් 'රාජ්‍යය වියදමට සාපේක්ෂව අධ්‍යාපන සදහා වියදම' ගැන එච්චරම අවධානය යොමු කර නැත්තේ. අඩුම තරමේ අපේ මහ බැංකුවවත්? හේතුව ඔබ ඔබගේ තර්කය සපථ කිරීමට, ආණ්ඩුව සාධාරණීයකරණය කිරීමටත්, මේ පොදු මහජන අරගලය කඩා කප්පල් කිරීමටත් කිසිම රාජ්‍යයක් හෝ ප්රමුඛ මූල්‍යය ආයතනයක් බර තැබීමක් නොකරණ 'රාජ්‍යය වියදමට සාපේක්ෂව අධ්‍යාපන සදහා වියදම' යන නිර්ණායකය මත පදනම්ව පමණක් තර්ක කිරීම.

නමුත් ඔබට 'Educational Expenditure Over GDP' යන්න ගූගල් කිරීමෙන් පමණක් ඉතා පහසුවෙන් මේ අරගලය පදනම් කරගත්ත නිර්ණායකය වෙනත් රටවල හැසිරී ඇති ආකාරය පැහැදිලි කර ගන්න හැකියාව ලැබේවි.

කෙසේ වෙතත් ඔබෙගේ ඉල්ලිම ඉටි කිරීම සදහා පමණක් පහත දැක්වෙන 'ලෝක බැංකු දත්ත' ඉදිරිපත් කරන්නම්. මෙය දුටු විටම ඔබට මේ නිර්ණායකය ගැන තියන අඩු අවධානය ගැන වැටහේවි.

රටේ උගත්ම ආචාර්යයවරුන් මෙහෙයවන මෙවැනි විරෝධතාවයකට මෙවැනි බාල තර්ක ගෙනෙන්නේ කාගෙවත් ලණුවක් කෑ නිසාද, නැත්නම් කුහක කමටදැයි නොදනිමි.

මෙන්න සබැදුම

(කෙසේ වෙතත් මේ දුර්වල නිර්ණායකය තුළත් ශ්‍රී ලංකාව අන් දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂව කොපමණ පසුගාමීද යන්න පැහැදිලිය, මතක තබා ගන්න 2009 යනු යුද්ධය අවසන් වූ වසර වුවද, යුද්ධයෙන් පසු අධ්‍යාපනය සදහා රජයෙන් දැක්වූවේ පෙර තිබූ සැලකිල්ලම හෝ ඊටත් අඩුවෙනි) The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-68163589165995972022012-09-27T11:51:48.711+05:302012-09-27T11:51:48.711+05:30ස්තුතියි . මම හිතන්නේ කව්හරි ජනතාවට සැබැ සත්‍ය පැව...ස්තුතියි . මම හිතන්නේ කව්හරි ජනතාවට සැබැ සත්‍ය පැවසිය යුතුයි. ආචාර්ය වරුත් දේශපාලකයෝ වගේම ජනතාව ගොනාට අන්දවනවා වගේ නටනම් පේන්නේ

AnonymousSeptember 26, 2012 10:17 AMAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-28832840855133833332012-09-26T22:57:26.888+05:302012-09-26T22:57:26.888+05:30එකඟ නැති එක හොඳයි මචන්. එතකොට අපි ගැටෙනවා. සංවාදයේ...එකඟ නැති එක හොඳයි මචන්. එතකොට අපි ගැටෙනවා. සංවාදයේ යෙදෙනවා. එකිනෙකාගේ මතවලට ගරු කරනවා. විරුද්ධ වෙනවා. පිළිගන්නවා. ගැටෙනවා. ඒක සිරා..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-87728375048890175822012-09-26T21:31:39.663+05:302012-09-26T21:31:39.663+05:30ලිපිය හා අදහස් සියල්ලම කියවූවා. මෑත කාළයේ වැදගත් ස...ලිපිය හා අදහස් සියල්ලම කියවූවා. මෑත කාළයේ වැදගත් සංවාදයක් ඇති කිරීම ගැන ඔබටත්. අදහස් දැක්වූ සියළු දෙනාටත් මගේ ආචාරය. මගේ අදහස් තැන තැන ලියවිලා තියෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-51868492237790243802012-09-26T21:11:25.054+05:302012-09-26T21:11:25.054+05:30කරුණාරත්න පරණවිතානටත්.කරුණාරත්න පරණවිතානටත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-14370206947940202412012-09-26T20:58:44.607+05:302012-09-26T20:58:44.607+05:30දැන් මම ඔබේ ඉල්ලීමක් ඉටු කළානේ මහන්සිවෙලා. ඔබත් මග...දැන් මම ඔබේ ඉල්ලීමක් ඉටු කළානේ මහන්සිවෙලා. ඔබත් මගේ එකම ඉල්ලීමක් ඉටු කරන්නකෝ. මේක අමාරු වැඩක් නෙවෙයි. මට දෙන්න ලින්ක් එකක් අධ්‍යාපනයට විවිධ රටවල රාජ්‍ය වියදම රජයේ වියදමේ ප්‍රතිශතයක් ලෙස තියෙන තැනක්. (State expenditure to education/Total state expenditure) මොකද මෙතැනට GDP හෝ GNP ගාවා ගැනීමේ තේරුමක් නැහැ. මොකද ඔබ කියන මේ අනුපාතයට වෙනත් දේවල් බලපානවා. (උදාහරණයක් හැටියට ආර්ථිකය දුර්වල වෙන අවුරුද්දක, ආණ්ඩුව එකම ගාන අධ්‍යාපනයට වියදම් කළත් ඔබ කියන ප්‍රතිශතය ඉහළ යනවා.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-2597159295656633002012-09-26T16:23:02.400+05:302012-09-26T16:23:02.400+05:30උඹල දෙන්නම හරි ඒත් දෙන්නගෙම කමෙන්ට් එකකටවත් මාත් එ...උඹල දෙන්නම හරි ඒත් දෙන්නගෙම කමෙන්ට් එකකටවත් මාත් එකග නෑ..ඇයි අප්පා...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-59271357988394991152012-09-26T16:19:43.539+05:302012-09-26T16:19:43.539+05:30@ ඇනෝ..
අනිවා....ඇත්ත....
ඡන්දය දීම තම තමන්ගේ අය...@ ඇනෝ..

අනිවා....ඇත්ත....

ඡන්දය දීම තම තමන්ගේ අයිතිය. යමක් ප්‍රාර්ථනා කිරීම මගේ අයිතිය.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-47543539459276856432012-09-26T16:15:56.312+05:302012-09-26T16:15:56.312+05:30@ ඇනෝ..
නැවතත් ස්තුතියි!
අපි ජීවත් වෙන්නේ දකුණු ...@ ඇනෝ..

නැවතත් ස්තුතියි!

අපි ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ වැඩිම මොලයක් තියන පාලකයන් ඉන්නා රටේයි. (කපටි කම නම් ඇත්තේම නැත )

මේ ලින්ක් දෙක බල්ලකෝ. වෙන මුකුත් කියන්න ඕන නෑ.

සිංහලෙන් පින්තූරයක්

ඉංග්‍රීසියෙන් වෙබ් එකක්The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-49183968989331836622012-09-26T16:03:26.201+05:302012-09-26T16:03:26.201+05:30දීප්තිට වගේම අර ධම්ම දිසානායක, චරිත හේරත් කියන නාම...දීප්තිට වගේම අර ධම්ම දිසානායක, චරිත හේරත් කියන නාම්බන් දෙන්නාට කෙළ වෙනවාටත් මා කැමැතියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-1020043502917482662012-09-26T15:49:30.030+05:302012-09-26T15:49:30.030+05:30:):)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-88789826919746456262012-09-26T15:48:32.516+05:302012-09-26T15:48:32.516+05:30OK.OK.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-41185668449907646962012-09-26T15:17:44.914+05:302012-09-26T15:17:44.914+05:30මේකට උත්තර දෙනවා නම් දෙන්න වෙන්නෙ IF..., IF..., IF...මේකට උත්තර දෙනවා නම් දෙන්න වෙන්නෙ IF..., IF..., IF... කියලා ගොඩාක් දාගෙන.

ඊට වැඩිය මා කැමැතියි විවෘත මනසකින් ඉන්න. එන හැටියට බලමු.

සාධනීය වෙනසක්. - හිරුණිකා ගැනත් කීදෙනෙක් නම් මෙහෙම හිතුවද?

අපි පොඩියක් බලා ඉඳිමුකො මොකද වෙන්නෙ කියලා. වැඩිම වුණොත් තව මාස දෙකකදි පෙනෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-18218735741464390182012-09-26T14:11:12.714+05:302012-09-26T14:11:12.714+05:307. දීප්තිට කෙලවීම......................7. දීප්තිට කෙලවීම......................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-39818492324393682722012-09-26T14:05:19.144+05:302012-09-26T14:05:19.144+05:30හ්ම්... හ්ම්....
උඹ හරි. ඒත් මං ඒකටත් එකඟ නෑ. :)හ්ම්... හ්ම්....
උඹ හරි. ඒත් මං ඒකටත් එකඟ නෑ. :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-5999199831011428662012-09-26T14:02:39.592+05:302012-09-26T14:02:39.592+05:30**ඔය බත්කන හරක් තමා බං උඹලට සීයට විසි තිස් ගණන් වල...**ඔය බත්කන හරක් තමා බං උඹලට සීයට විසි තිස් ගණන් වලින් බදු ගෙවාගෙන ඉගැන්නුවේ. අසික්කිත කතා කියන්ඩ එපා.**

ඒක දන්න නිසා තමයි බන් මෙච්චර නහින්නේ. නැතිනම් මොන මඟුලක් ලැබෙනවටද වෙන වැඩත් පාඩු කරන් මේකේ හෑලි වගේ කමෙන්ට් කොටන්නේ.

මාරයා කියන්නේ අවංක මිනිහෙක්. තමන්ගේ කකුල් දෙකෙන් හිටන් ඉන්නපොළවට බර නති මිනිහෙක්. මම ඒක ඕන තැනක කියනවා. ඒත් කලින් කතාවත් ඕන තැනක කියනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-36105316692321608342012-09-26T13:58:18.524+05:302012-09-26T13:58:18.524+05:30//මමනම් ලංකාවේ බත්කන හරක් හිතන හැටි මැන ගන්නේ මාරය...//මමනම් ලංකාවේ බත්කන හරක් හිතන හැටි මැන ගන්නේ මාරයගේ පෝස්ට් සහ කමෙන්ට්ස් කියවලා. ඒකනිසා මාරයා උඹේ කමෙන්ට්ස් නවත්වන්න තියා හිතන්නවත් එපා. උඹ වගේ එකෙක් ඉන්න එක මටනම් මාර සම්පතක්.//

ඔය බත්කන හරක් තමා බං උඹලට සීයට විසි තිස් ගණන් වලින් බදු ගෙවාගෙන ඉගැන්නුවේ. අසික්කිත කතා කියන්ඩ එපා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-35779456485140456622012-09-26T13:51:14.089+05:302012-09-26T13:51:14.089+05:30ඔබ අංක 2 ට සඳහන්කල අදහස ගැන මම හිතන්නෙ මෙහෙම. දැන්...ඔබ අංක 2 ට සඳහන්කල අදහස ගැන මම හිතන්නෙ මෙහෙම. දැන් ආචාර්යවරුන්ම කියනවනේ අවුරුදු විස්සකට පස්සෙයි ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන මේ කතා කරන්නෙ කියලා. ඒක ඇත්තක්. අයිතිවාසිකම් වගේම ඔය කාලය තුල නිදහස් අධ්‍යාපනයට එල්ලවන තර්ජන ගැනත් ඔවුන්ගෙන් සුළු පිරිසක් මාධ්‍යවල අදහස් දැක්වූවා හැර වෙනත් කැපී පෙනෙන මැදිහත්වීමක් කරලා නැහැ මං දන්න තරමින්. කොටින්ම පසුගිය කාලයේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක පරිහානිය/ඇකඩමියාව බිඳවැටීම ගැන ඔවුන් කල සංවිධානාත්මක මැදිහත්වීමක් වත් මටනම් මතක නෑ.

අඩුමගානේ ශිෂ්‍යයො මේව ගැන කෑගහද්දිත් ඔවුන් අනුගමනය කලේ නිහඬ පිළිවෙතක්. මේ නිසාම ආචාර්යවරයාගේ භූමිකාව ගැන සමාජයේ සාකච්ඡා වුනේ නැහැ. ඒ නිසා අවශ්‍ය කෙනෙකුට මොනවා හෝ කරගෙන තමුන්ගෙ ජීවිතය පාඩුවේ ගෙනියන්න ලැබුනා. (මතක්වෙනවා ටැබූ ලියපු 'සිසුවිය' පෝස්ට් එක)

නමුත් දැන් තත්වය වෙනස්. මේ කමෙන්ට්ස් පුරාමත් කතා වෙන්නෙ ආචාර්යවරුන්ගේ භූමිකාව. ඔවුන් ඉල්ලනදේට සාපේක්ෂව වගකීම ඉටුකරනවාද යන කාරණය. අධ්‍යාපනයට සීයට හයක් වෙන්කලාට පස්සෙත් බිහිවෙන්නෙ දැන් බිහිවෙන උපාධිධාරියමද කියන එක. මේක අලුත් තත්වයක්.

සාධනීය වෙනසක්.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-70816760932840055442012-09-26T12:39:40.315+05:302012-09-26T12:39:40.315+05:30හැබැයි, ඉහත කී දේවල් සමඟම මේ 'අරගලයේ' සාධන...හැබැයි, ඉහත කී දේවල් සමඟම මේ 'අරගලයේ' සාධනීය ලක්ෂණ මා දකිනවා, චාර්මි කිව්වා වගේම. ඒවා ලැයිස්තු ගත කළොත්:

1. පැණි වරකාවටත් හෙණ ගහන්න පුළුවන් බව පෙන්වීම
2. තමන්ට එරෙහි සියළු බලවේග පාගා දමන රජයකට එරෙහිව හොඳ ප්රජාතන්ත්රවාදී විරෝධයක් (ඒක හරිද වැරදිද කියන එක අදාළ නැහැ)
3. විවිධ අදහස් ඇති පාර්ශ්වයන් එක කුඩයක් යටට ගන්නට පුළුවන් වීම
4. විමලයාගේ හා ජාතික හෙළු උරුමයේ හැකර කටවල් වැසීම
5. සිංහල-දෙමළ ජාතික සමඟියට රුකුලක් වීම (යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පේදුරු තුඩුවේ සිට යාපනය විශ්ව විද්‍යාලයට අද පා ගමනක නිරත වෙනවා.)
6 පශ්චාත් යුද්ධ සමයේ බිහි වූ ඒක-ධ්‍රැවීය සමාජය බිඳ වැටීම

හැබැයි ඉතින් පැරදුණොත් නම් බෝටියාට වෙච්චි එකේ අනික තමා වෙන්නේ. Anonymousnoreply@blogger.com