Thursday, August 18, 2011

ග්‍රීස් යකෙක් ඇල්ලුවෙමු.....!

ඇත්තටම මේ වගේ ඕපාදූපයක් ලිව්වට කවුරුවත් කියවන්නෙ නැතිවෙයි. ඒත් මේ ග්‍රීස් යකා සීසන් එක ඉවර වෙන්ඩ කලින් මේක ලිව්වෙ නැත්තං මේ කතන්දරේ වැඩක් නැති වෙනවා.

ඇත්තම කියනවනං අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. හැට හැත්තෑවක විතර පිරිසක් ග්‍රීස් යකා හෙව්වත් අපි දෙන්නට තමා අහුවුනේ. අපි කිව්වෙ මමයි ප්‍රේමෙ අයියයි. ප්‍රේමෙ අයියා උගෙ බෙල්ලෙන් ඇල්ලුවා. මම අතින් ඇල්ලුවා. දැනට අවුරුදු තුනකට විතර උඩදී.

මතක විදිහට අයි.ටී.එන්. නිව්ස් වල ක්‍රීඩා පුවත් යන වෙලාව. ගේ ඉස්සරහා බරාස් ගාල බයිසිකලයක් බ්‍රේක් කලා. ඒකෙ ඉඳං කෑ ගැහුවේ ප්‍රේමෙ අයියා.

"මලේ..... ටක් ගාල ටෝච් එකත් අරං වරෙංකො.... අරහෙ ග්‍රීස් යකෙක් ඇවිල්ලලු.... ගුණසීලි නැන්දලයෙ අහ......"

මම පුටුවෙන් පැන්නෙ බයිසිකලේට.

"මට විපුලය දැං කෝල් එක දුන්නේ......"

කටින් හති දාන ගමන් ප්‍රේමෙ අයියා කියනවා. විනාඩි හතරකින් අපි ග්‍රීස් යකාගෙ ඉසව්වෙ.

ගුණසීලි නැන්දා ප්‍රේමෙ අයියගෙ තාත්තගෙ පැත්තෙ ඥාතියෙක්. උන්දැගෙ මනුස්සයා කොහෙද මන්දා කොහුමෝලක වැඩ. හම්බකරන එක එදාම බීල මිනිහා එහෙටම වෙලා ඉන්නවා. ගෙදර උන්නෙ ගුණසීලිගෙ දුවෙක් වන දේවිකායි, රට ගිහින් ඉන්න ලොකු දුවගෙ ඇරිච්ච දීගෙ දරුවො දෙන්නයි. හැමදේටම බලන්න හදන්න හිටියේ ප්‍රේමෙ අයියා තමයි.

අපි යනකොටත් තිහ හතළිහක විතර සේනාවක් ඇවිත්. බයිසිකලෙන් බැස්ස ගමන් මං කලේ එරඬු පොල්ලක් කඩාගන්න එක. කියන්ඩ බෑනෙ මූ කොච්චර දරුණුද කියලා. දේවිකා ලිඳ ලඟ කළුවරේම ඇඟ හෝද හෝද ඉඳල තියෙන්නෙ. කෙල්ල පරක්කු මොකද බලන්ඩ ගුණසීලි නැන්දා ඇහැ දානකොට තමයි කළුපාට හේයාවක් රට දෙහි පඳුරට එහායින් ඉන්නවා දැකලා තියෙන්නෙ. නැන්දගෙ හූවට බයවෙච්චි පාර තමා දේවිකා බෙරිහන් දීල තියෙන්නේ...... ඒත් වැඩිදෙනෙකුට ඇහිලා තිබුනේ දේවිකාගෙ හූව.

නැන්දා කිව්ව විදිහට මූ අමු නිරිවස්තරෙන් ඉඳලා තියෙන්නෙ. දෙල් ගහ යටින් පැනලා පාර පැත්තට දුවලා..... කාගෙත් අදහස උනේ ඌ තාමත් ඒ අක්කර දෙකක විතර ඉඩම ඇතුලේ ඉන්නවා කියන එක. මොකද ඉඩමේ දෙපැත්තකින්ම පාරවල්. කපිලයලගෙ නිදහස් බේබදු සමාජයෙ සෙට් එක ඉඳලා තියෙන්නෙ තුන්මං හන්දියෙ. පාර පැත්තට ආවත් පාරෙන්නං පැන්නෙ නෑ කියලා උං දහ අතේ දිවුරනවා. අපි යනකොටත් මුං පාරවල් දෙකට සාමාජිකයෝ දෙන්නා ගානෙ දාලා. යකා පාරට පනිනවද කියලා බලන්න.

ප්‍රේමෙ අයියත් පොල් පිත්තක් අතට ගත්තා. දැන් ගෑණු පිරිමි බේදයක් නැතිව කට්ටිය තවත් වැඩි වෙනවා. හැමෝම අතේ පොලු. එක කටුපිල පඳුර අස්සෙ දහ පාලොස් දෙනා ටෝච් ගහල බලනවා. තව පිරිසක් ගස් උඩ බලනවා. ග්‍රීස් යක්කු සාමාන්‍යයෙං කරන්නෙ කට්ටිය එද්දි ගහකට නගින එකලු. ඔය අතරෙ තමා කපිලය අපි ළඟට ආවෙ.

"ප්‍රේමෙ අයියා.... ඔය වගේ පාහර බල්ලො තුන්දෙනයි ගමටම ඉන්නෙ.... අපි ගිහිං උං ගෙවල්වල ඉන්නවද බලලා එන්නං...."

හා කියන්ඩත් කලිං උං තුන්දෙනෙක් කැලිබර් බයික් එකක නැගලා රුං ගාල ගියා.

අපිත් ටිකක් හෙව්වා. මොන මල යකෙක්වත් නෑ.

"මලේ වරෙංකො අර පැත්ත ටිකක් බලන්ඩ...... අපේ නැන්දටත් උන්හිටි ගමං උතුර දකුණ මාරුවෙනවනෙ බං..... මෙහාටවත් පැන්නද බලන්ඩ......."

අපි යන කොටත් කීප දෙනෙක් ඒ පැත්තත් විපරම් කොරලා තිබුණා. ඒත් වැඩි දෙනෙක් බැලුවේ ඌ දුවපු පැත්ත. ටික දුරක් සෝදිසියෙන් ගිය ප්‍රේමෙ අයිය ඉද්ද ගැහුවා වගේ නැවතුනා. ඊට පස්සෙ එක පාරටම ටෝච් එක හැරෙව්වෙ ළඟ තිබුණු කැප්පෙටියා ගාලට.

මෙන්න යකා තුන්කුදු ගැහිලා බිම ගුලිවෙලා ඉන්නවා.

මගෙ හිතේ තිබුණු ගැස්ම නං එකපාරම නැති උනා. මූට බය හිතෙන්නෙ කාටද? ඌ ඔලුව පොඩ්ඩක් උස්සලා යාන්තමට ඇස් ඇරලා ටෝච් එක දිහා බැලුවා.

"සමනා........?!?"

ප්‍රේමෙ අයියා ටෝච් එක නිවුවා.

"තෝ මොන හු******........................................"

ඌ ඇඳල හිටියේ කොට කලිසමක් විතරයි. ටී ෂර්ට් එක අතේ ගුලි වෙලා. ඌ හරි. සුදුපාට ඉරි දෙකක් තිබුණ ඒක ඇඳං උන්නනං ඌ මෙලහකටත් ගමකට කාල.

"හ්ම්.... වර එළියට......."

ප්‍රේමෙ අයියා කිව්වෙ රහසින් වගේ. කොහොමත් වත්තෙ තිබුණු ගාලගෝට්ටියට හයියෙන් කිව්වත් කාටවත් ඇහෙන්නෙ නෑ. ඌ එන්නෙ නැති තැන ප්‍රේමෙ අයියා ගොල්ලට රිංගලා ඌව බෙල්ලෙන් අල්ලලා එළියට තල්ලු කලා. කළුවරේ උනත් මූ තෙලියා වගේ ගැහෙනවා කියලා මට තේරුණ හින්දා මම අතකින් අල්ල ගත්තා.

"ඕක ඇඳගනින්........"

ටී ෂර්ට් එකේ පැටළුම් ඇරලා කළුවරේම ඒකෙ අත්දෙක ඌට හොයලා දුන්නෙත් මම මයි.

"හ්ම්හ්...... ගනිං ඔය පොලු කෑල්ලක්......."

අපරාදෙ කියන්ඩ බෑ. ඊළඟ විනාඩි තිහ හතළිහේ සමනා පුදුම කැපවීමකින් ග්‍රීස් යකාව හෙව්වා. ඔය ගස් උඩ විපරම් කරන්ඩ කීප දෙනෙකුටම උදව් කලා. ප්‍රේමෙ අයියනං අපිට හොයාගන්ඩ දීල ගිහිං බුලත් විටක් කන්ඩ ගත්තා. අපි දෙන්නා දිගටම හෙව්වා. අන්තිමේදි යකා නැති තැන නැන්දලගෙ මිදුලෙම තිහ හතළිහක් එකතුවෙලා පශ්චාත් විමර්ශණෙත් තිබ්බා. සමනා දිහා සැරින් සැරේ බලන දේවිකාගෙ මූණෙ තිබ්බ කොම්බු ඇලපිළි කවුරු නැතත් මම නං කියෝ ගත්තා.

හොඳම වැඩේ මේකයි. මම සමනත් එක්ක යකාව හෙව්වෙ ඌව බේරගන්න ඕනෙ හින්දා තමා. ඒත් ටික වෙලාවක් හොයාගෙන හොයාගෙන යනකොට මටම තේරුණා මං සිරාවටම මොකක් හරි හොයනවා කියලා. ඇත්තටම මම සමනා එක්කත් යකාව හෙව්වා.

දැං අහන්ඩ එපා සමනා ග්‍රීස් ගාගෙනද උන්නෙ කියලා. වැලිතලප වල වැලි නෑ වගේම ග්‍රීස් යක්කුන්ගෙත් ග්‍රීස් නෑ.

53 comments:

  1. //වැලිතලප වල වැලි නෑ වගේම ග්‍රීස් යක්කුන්ගෙත් ග්‍රීස් නෑ.//

    හිත් මලකඩ කනවට ග්‍රීස් හොඳ පිළියමක් ලු .........

    “ මේ ග්‍රීස් යකෙක් හින්දා අහිංසකයන්ට කොටුවක් පනින්නවත් චාන්ස් එකක් නැති වෙනව කියල “ , කවුදෝ කියනව මට ඇහුනා...

    ReplyDelete
  2. සමනා. එක්ක උඹ හෙව්වේ මම හිතන දේනම් උඹට ඒ දේ හම්බවෙන්න ඇති. එතනින් උඹට දේවිකාගේ මුහුනේ තිබුන කොම්බු ඇලපිලිවල අකුරු ටික පුරවගන්න පුළුවන් වෙන්නත් ඇති..

    ReplyDelete
  3. හික් හික්..
    යකත් එක්ක යකාවම හොයල.. :D

    ReplyDelete
  4. හොරා ,මන්කොල්ල කාරයා කියනවට වඩා ග්‍රීස් යකා කියන එකේ පොඩි කික් එකක් තියනව වගේ.

    ReplyDelete
  5. මොනවා උනත් හොඳ වැඩක් කරලා තියෙන්නේ.. නැත්නම් මෙලහකට ඌට ඇඩ්‍රස් නැති වෙන්න දීලා.. දේවිකා කෙල්ලට තමයි පාඩුව වෙන්නේ..

    අර හෙව්වයි කිව්ව යකාව හම්බුනැයි?

    ReplyDelete
  6. හික් හික්.. මේක නන් සිරා. මාත් කියෙව්වා ඇ........

    ReplyDelete
  7. ආ... එහෙමය් මේ ග්‍රීස් යක්කු ඇති වෙන්නෙ එහෙනං, "සොඳුරු සිත" මතක් කළා වගෙ අහිංසකයෙකුට කොටුවක් පනින්න තියෙන චාන්ස් එකත් මේ ග්‍රීස් යක්කු කතාව නිසා නැතුව යනව නේන්නං.... හැබෑව....හැබෑව.....

    ReplyDelete
  8. ;-) බලාගෙන ගියාම අපි හැමදාම කරල තියෙන්නෙ යකා එක්ක යකාවම හොයන එකයි, එක යකෙක්ව පන්න ගන්න තව යක්කු පස්සෙ යන එකයි තමයි.

    ReplyDelete
  9. //වැලිතලප වල වැලි නෑ වගේම ග්‍රීස් යක්කුන්ගෙත් ග්‍රීස් නෑ.

    අර ලිඳගාව බැලුවනම් ග්‍රීස් ටිකක් හොයාගන්න තිබුනා බාගවිට!!!
    (වැරදියට හිතන්න කාරි නැතුවා. මං මේ කිව්වේ ලිඳේ බොලොක්කෙට දාපු ග්‍රීස්)

    මීට
    අග-සවු

    ReplyDelete
  10. සමනත් ටිකක් වෙලා යද්දී එකත් එකටම ඇත්තටම මොකෙක් හරි හොයන්න ඇති.ඕකට කියන්නේ තමුන් තමුන්ටම රැවටෙනවා කියලලු ඔන්න.(පහුගිය දොහේ පෙන්න නැතිකොට මමනම් ටක්කෙටම හිතුවේ චාමියා තමයි ග්‍රීස් යකා කියලා)

    ReplyDelete
  11. ආසනික් දෙවිවරු ඉන්නවානම් ග්‍රීස් යක්කුද සිටිය යුතුමය.

    ඔය හොයන වෙලේ ගහකට වෙලා නිදං හිටපු අහිංසක රුක් දෙවියෙක්වවත් අහු වුණානම් තමයි වැඩේ

    ReplyDelete
  12. ඔය මයියංගණේ පැත්තෙන් ඕක මතුවුණෙත් ඔය වගේ ටිකක් ඇඩ්වාන්ස් සීන් එකකින් කියලනෙ කියන්නෙ. ප්‍රේමයට කොතැනද නැත්තෙ බාධා... :D

    ReplyDelete
  13. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය, අභව්‍යය, අතාත්වික ප්‍රබන්ධයකි.ඒබව පැහැදිලි වන්නේ එකම එක කරුණකිනි.
    චාර්මි ITN News බලන්නට කිසිම ඉඩක් නැත. lol

    ReplyDelete
  14. බෙර හඬ නාට්‍යයේ මෙහෙට වරෙව් කොල්ලනේ සින්දුව කියන්නේත් ග්‍රීස් යකෙක්ද?

    ReplyDelete
  15. මොනවා උනත් අයියලා කරපු දේ හරි නැත්නම් සමනයි දේවිකයි දෙන්නම ගමේ වසලා හමාරයි........... සමහරවිට වෙන එකෙක් නම් අල්ලන් තඩිබාන්නත් තිබ්බා සමනට.

    ReplyDelete
  16. කරන්න පුලුවන් බුද්ධිමත්ම වැඩේ කරලා තියෙනවා. නැත්තං සමනාවත් ලයිව් @ 8 එකේ පෙන්නන්න ඉඩ තිබුනා

    ReplyDelete
  17. අපි පොඩි කාලේ (හතර වසරෙ විතර ) ඒ පළාතේ මේ වගේ ග්‍රීස් යකෙක් ගැන කතාවක් තිබ්බා (ඒ කාලේ ස්වර්ණවාහිනිය තිබ්බෙ නෑනෙ ). අපි කිව්වෙ ග්‍රීස්පියා කියලා. රෑට ග්‍රීස් ගාගෙන ගෙවල් වලට එන මේ යකා මට වීරයෙක් වුනා. 'කාටවත් අල්ලන්ඩ බැරි ග්‍රීස්පියා' හරියට නින්ජා කෙනෙක් ගැන හිතනව වගේ මම ඒ ගැන හිතුවෙ...
    දැන් මෙන්න චාර්මි කියනව ග්‍රීස් යකා කියන්නෙ 'සමනා' කියල. අපි අහුවෙයි ඕවට...

    ReplyDelete
  18. \\ඇත්තටම මම සමනා එක්කත් යකාව හෙව්වා.\\
    අපරාදේ චාමි.. සමනගෙන් ඇහුවෙ නැද්ද උඹ මොකාවද හොයන්නේ කියලා.. විනාඩි තිහ හතලිහක් හෙව්වා කියන්නේ සමනත් ඇත්තටම ග්‍රීස් යකාව හෙව්වද කව්ද දන්නේ.. නේ..

    ReplyDelete
  19. හුරේ...
    මෙන්න අපේ පරණ චාමි නැවතත්.

    මචන් සිරාම සිරා.

    ""ඒත් ටික වෙලාවක් හොයාගෙන හොයාගෙන යනකොට මටම තේරුණා මං සිරාවටම මොකක් හරි හොයනවා කියලා."" :)

    ReplyDelete
  20. @ සොඳුරු සිත,
    හිත් මලකඩ කනවට විතරක් නෙමේ....... බ්ලොග් මලකඩ කතවටත් හොඳයි :D

    @ ආගන්තුකයා | Stranger,
    ඔව් සහෝ . එවෙලෙ එහෙම වෙන්නැති. ඒත් මට මෑතකදි තේරුණේ... මම තාමත් ඌව හොයනවා කියලා.

    @ හිම කුමාරි,
    යක්කු ටිකක් යකත් එක්කම යකාවම හොයලා :D

    @ පබලු,
    කික් එක වගේම තමා අනිත් පැත්තත්. හොරු මංකොල්ලකාරයො කනකොට වගේ නෙමේ ග්‍රීස් යකෙක් කනකොට. එලොව යන්ඩම අපේ අය කන්ඩ දෙනවනේ.

    ReplyDelete
  21. @ sameerausa,
    යක්කු නං කීයක් හම්බ උනාද? ඒත් හොයන එකා නෙමේ. තාම ට්‍රයි....
    (තැන්කූ පරණ කමෙන්ටුවකටත්. සිරාවටම කී බෝඩ් එකේ W එකයි R Shift එකයි වදින්නෑ... :D )

    @ Pasan,
    තැන්කූ පසන්.
    දැන්නං සිරාවටම ඔයාගෙ අර මගුල් කතා ටයිප් එකක් කියවන්න ආසයි.

    @ Observer,
    ස්තුතියි කමෙන්ටුවට.
    කොටු පැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට සම්මත උනොත් නරකද?

    ReplyDelete
  22. @ මහෝදර,
    ඒක ඇත්ත. අපේ උනුත් පොලු අරං එලවන්නෙ අපි වගේම හිඟන ග්‍රීස් යක්කු පස්සෙ.

    @ අග-සවු ,
    අපොයි මං හරියට තේරුම් ගත්තා. බොලොක්කෙනං කළුතෙල්. ග්‍රීසුත් අහල පහල තියෙන්න බැරි නෑ.

    ReplyDelete
  23. @ sithuwilimandiya,
    මළා... උඹ හෙව්වෙ මාවද? මම හෙව්වෙ උඹව..... ඔය වගේ සමනත් මොකෙක් හරි හොයන්න ඇති.

    @ Chanaka Aruna Munasinghe,
    දෙවියො කියලා වෙනසක් නෑ. බාවලා ඉවරවෙලා තමා දෙවියද, පැදුරු වෙලෙන්දද කියලා හොයන්නෙ.
    ග්‍රීස් මකරු නැද්ද ?

    @ nuwan,
    ස්තුතියි.

    ReplyDelete
  24. ඇත්ත කතාව...අපේ ගම් පලතෙත් යකෙක්‌ ඇල්ලුව...ගමේ එකෙක්‌ නොවෙන නිසා..ග්‍රීස්‌ කොහොම උනත මසෙකට පට්‌තු බදින්න වැඩ සැලැස්‌සුවා....

    ReplyDelete
  25. @ hare :-) ,
    සාමාන්‍යයෙන් ඔය බාධා හෙවත් ඝර්ෂණය අවම කරගන්නනේ ග්‍රීස් යොදන්නේ..... හැබැයි මේ වැඩේට නං ගැලපෙන්නෙ නෑ වගේ නේද? :D

    @ ජයශ්‍රී,
    අපොයි අවුරුදු දෙක තුනකට කලින් අපි බැලුවෙම අයි.ටී.එන්/ජාතික දෙකනෙ. යුද්දෙ බලන්න....
    ඒත් ‍දැන් කල්පනා කොලේ කොහොමද අයි.ටී.එන් කෑල්ලක් මේකට වැටුනේ කියලා. හිතලා ලියපු එකකුත් නෙමේ. ජාන වලින් එන එව්වද මන්දා....

    @ කතන්දර Kathandara,
    අපොයි මිනිහා වැඩේට කොට වැඩියි. එයා යනවනං ග්‍රීස් ගාපු ඉනිමගකුත් ගෙනියන්ඩ වෙනවා.
    ඒක නෙමේ.... අර පහුගිය කාලෙ ග්‍රීස් ප්ලේන් වගයකුත් ආවා නේද?

    @ හා පැටික්කි (MS),
    වෙන එකෙක් උනානං අපිත් මොනවා කරයිද දන්නෙ නෑ. මූ ඉතිං අඳුනන එකා වෙච්චි.

    ReplyDelete
  26. @ blog gadol,
    ඒක ඇත්ත. ඒකෙනුත් බඩේ පාර සෝමා ඇන්ටිට නේ?

    @ චමිල,
    මරු පොයින්ට් එක. ඇත්තටම මම හෙව්වෙ ග්‍රීස් පියෙක්ව වෙන්නත් පුළුවන් නේද? මොකද හොයපු එකා නෙමේනෙ හම්බඋනේ......

    @ පුතා,
    දැන්නම් මට එහෙමත් හිතෙනවා. ඌ කලේ රඟපෑමක් තමා. ඒත් අනවශ්‍ය තරමේ එකක්. අර නස්රුදින්ගෙ සීනිබෝල බෙදපු කතාවෙ වගේ....?

    @ malansamarawickrama,
    මම හිතන්නෙ ඔයාටත් මේ හෙවිල්ලෙ සමීප අත්දැකීම් තියෙනවා නේද? යමක් හොයාගෙන හොයාගෙන යනකොට තේරෙනවා මේ හොයන්නෙ අවශ්‍ය දේ නෙමෙයි නේද කියලා............ :D

    ReplyDelete
  27. @ සොදුරු මිනිසා,
    ඇති ඔයින් ගියා..... හැබැයි මේ ආන්දෝලනෙන් ග්‍රීස් කාරයින්ගේ ව්‍යාප්තිය වගේ දේවල් ගොඩක් එළීදරව් උනා නේද? බලාගෙන යද්දි හැම ගමකම එකෙක් දෙන්නෙක් ඉඳලා තියෙනවා. මේක දැන් සැලකිය යුතු ගැටළුවක්.

    ReplyDelete
  28. උඹ තමා කොටින්ට කඩේ යන ග්‍රීස් යකා

    ReplyDelete
  29. @ අන්තිම ඇනෝ:

    ""උඹ තමා කොටින්ට කඩේ යන ග්‍රීස් යකා ""

    පොළුවලින් ගහලා මේ ග්‍රීස් යකාවත් මරලා දාමුද?
    ඇනෝ මොකෝ කියන්නේ සෙට්ද වැඩේට?

    මටනම් මතක් වෙන්නේ මැක්කගේ කේස් එක :D

    ReplyDelete
  30. @ චාමි:

    මේ මේ අහක යන කේස් වලට මාව අල්ලගන්න එපා.
    මම නෑ ඕවට ;)

    ReplyDelete
  31. ප්‍රේමේ අයියා එල කොල්ලෙක්නේ...අයි.ටී.එන් නිව්ස් බලන උඹලා වගෙ එවුන්ව ආශ්‍රය කරනවා කිව්වමත් පුදුමයි :D

    මේක කියවද්දි ග්‍රිස් යකෙක් ගැන මට තිබුණු මතකෙකුත් අලුත් වුණා...

    මේක වුණෙ ඉස්සර, ග්‍රිස් යක්කුන්ට දැන්වගෙ මීඩියා සපෝර්ට් නැති කාලේ... අපේ ගමේ අල්ල ගත්ත ග්‍රීස් යකා ගමේ හිටපු කොල්ලගෙනුයි බල්ලගෙනුයි හැම එකාගෙන්ම ගුටි කෑවට පස්සේ පොලිසියෙන් එනකල් බැඳලා තිබුනේ පාරේ ලයිට් කණුවක...

    පොඩ්ඩක් පරක්කු වෙලා සීන් එක ආරංචි වුණ කුපිත වූ මහජනයෙක් දුවගෙන ඇවිල්ලා බැඳලා ඉන්න ග්‍රීස් යකා ගාවට ගියේ මෙහෙම කියාගෙන...

    "තෝ මොන &#*@$* ද යකෝ අපේ ගමේ ගැණුන්ට @#%^&..?"

    ඊට පස්සේ අත දිග ඇරලා මූ ගහපු පාරෙන් බේරෙන්ඩ ග්‍රීස් යකා නැමුණා... මෙ යකා දෝයි ගාලා ඇදලා ඇරියා කොන්ක්‍රීට ලයිට් කණුවට...

    අන්තිමට පොලිසියෙන් එද්දි ග්‍රීස් යකාට වැඩිය අමාරු මූට... :D :D

    ReplyDelete
  32. මම පොඩි කාලෙත් ග්‍රීස් පියෙක් හිටියා නුවර එළියෙ

    ReplyDelete
  33. @මාලන්

    පොලු වලින් ගහල මේ ලොන්තයව වීරයෙක් කරන්න? හහ්! හිතේ ඇති වීරයෙක් වෙන්න එහෙමවත්

    ReplyDelete
  34. නැන්දා කි໵ව ໶ຩහට මූ අමු නි໱වස්ත‍ෙරන් ඉඳලා ති‍ෙයන්‍ෙන

    nandamma paw ban... greese yaka hamba une nathuwahama nandata hithata amaru athi...

    ReplyDelete
  35. @Anonymous - 6:33AM:

    ""පොලු වලින් ගහල මේ ලොන්තයව වීරයෙක් කරන්න?""

    මමනම් කියන්නේ "වචන" වලින් ගහලවත් මේ ලොන්තයව වීරයෙක් කරන්න එපා කියලා. මොකද මේ ලොන්තය බලන් ඉන්නේ එහෙම හරි වීරයෙක් වෙන්න.

    ප.ලි: වචන වලිනුත් මිනිස්සු මරන්න පුළුවන් කියලා ඔයාට මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    වචන වලින් මිනිස්සු මරන්න පුළුවන් කියලා දන්නේ නැතිනම් අහගන්න මගේ යාළුවෙක්ට වෙච්ච වැඩක්.

    මගේ යාළුවෙක් සහ තවත් යාළුවෙක් අතර පොඩි වචන හුවමාරුවක් වෙලා. එතෙන්දි එක යාළුවෙක් අනිකාට,
    "කැ88" කියලා. කිව්වට විශ්වාස කරන්න, ඔය "කැ" යන්න උගුරේ හිර වෙලා මගේ යාළුවා හොස්පිටල් හිටියානේ එක දිගට දවස් හතක්. නුලෙන් ගොඩගියේ තව පොඩ්ඩෙන් මැරෙනවා. මම මේ බොරුනම් කියන්නේ ඔය දියවන්නාවේ ඉන්න ඕනම එකෙක්ට හෙණයක් ගහන්න ඕන.
    අපේ ගෙදර ටොමියාපා, සහතික ඇත්ත..!

    ඒක නිසා මීට පස්සේ වචන වලිනුත් මිනිස්සු මරන්න පුළුවන් කියලා මතක තියා ගන්න හොඳේ.

    අනේ ස්වීට්... පුන්චි අපිට දැන් තේරේ.

    ReplyDelete
  36. අපේ පැත්තේ නම් ග්‍රීස් යකා කියන වචනේ නැහැ
    කියන්නේ බූලා කියලා
    එකම එක පාරක් බූලෙක් අහු වෙලා තිබ්බා ඌට නිකන් එතනින් යන උනුත් ගහලා තිබුනා

    ReplyDelete
  37. මේක කියවල ඊයෙ රෑ පුරාම මාත් ග්‍රීස් යකෙක් හෙව්ව බං තවම නිදිමතයි....

    ReplyDelete
  38. @මාලන්: චූචි පැචිය, මොකුත් දන්නෙ නැති චූචි පැචිය නේද?

    බලා ගෙන කැ8 උගුරෙ හිරවෙයි. මොකද ලොන්තයන්ව වීරයන් කරන්න යනකොට ඔහොම වෙනව. අර පොන්සේක උන්නැහෙට උනේ. ලසන්තට "ඩිෂුම්!" ගාල දීල මිනිහව වීරයෙක් කලා, දැන් දීපු පොර හිරේ.

    @``` Outsider``` : අර උටෝපියානු, අම්බානකට සමාජවාදී, පරම සාධාරණ, අතිමානුෂවාදී සමාජෙ නේද ඔය ග්‍රීස් යකා?

    ReplyDelete
  39. මාලන් හරි, ඔබට කාරණය වැටහේ. වචන වලින් ගසා හෝ ලොන්තයන් වීරයන් නොකළ යුතුය. නමුත් මාලන්, අර පහු ගිය දිනෙකදී විමල් වීරවංශට පහර පිට පහර දෙමින් කළේත් ඕකමදැයි අහන්නට කට කහන්නට පටන් ගත් නිසා අසා දැමීමි.

    ReplyDelete
  40. නෝ පේමෙගෙ කතාව ඇත්ත. ලොංතයො වීරයො කරනඩ නරකයි. දැං බලන්ඩ රටේ හිටපු පට්ටම ලොංතයෙකුයි උගෙ සනුහරෙයි වීරයො කරලා අපි කන කෑම

    ReplyDelete
  41. Reargate ආපහු ආව එකට බය සෑහෙන දෙනෙක් ඉන්නව වගේ නේද?

    අග-සවු

    ReplyDelete
  42. මේ අවුරුදු තුනකට කලින් එකක් කියලනෙ තියෙන්නෙ. දැං ඉන්න ග්‍රීස් යකා ඔයිට වඩා වෙනස් ඇති.

    ReplyDelete
  43. මොනවා ලිව්වත් මේ මනුස්සයා කොටියට කඩේ යනවා කියලා අහුවෙනවනේ.ඊලඟ පාර ලියද්දි වත්තට කඹේ කඩන් පැන්න හරකෙක් ගැන ලියන්න.

    ReplyDelete
  44. // ඇත්තටම මම සමනා එක්කත් යකාව හෙව්වා.//

    හි හී... නියම කතාව. හොඳ ට ලියලා තියෙනවා. ඇත්තට ම ඔයාලා කරල තියෙන්නේ ඒ වෙලාවේ කරන්න තිබුණු බුද්ධිමත් ම වැඩේ. පව් අසරණයා....... :P

    ReplyDelete
  45. @ No Frames:

    ""මාලන් හරි, ඔබට කාරණය වැටහේ""

    ඔව් අනේ මම පට්ට මීටරේනේ. :D

    ""මාලන්, අර පහු ගිය දිනෙකදී විමල් වීරවංශට පහර පිට පහර දෙමින් ""

    ඇහ්... දැන් ඕගොල්ලෙත් පිළිගන්නවද විමල් කියන්නේ ලොන්තයෙක් කියලා..? හරියට හරි, හරියට හරි ඕකා ලොන්තයෙක් තමයි.

    කල් ගිහිල්ලා හරි මොලේ පෑදුනානම් ඒ ඇති. දැන් බලන්න ඔය ලොන්තයට කඩුවෙල තමන්ගේ ආසනෙන්වත් මිනිහා කැමති එකෙක් පත් කර ගන්න බැහැනේ. මහින්ද ලොක්කා නැතිනම් ඉතින් හුළං ගිය බැළුම වගේ තමයි.

    ""කට කහන්නට පටන් ගත් නිසා ""

    මම හිතුවා ඔය අනවශ්‍යය දේවල් කටේ දාගන්න කොට ඔය ටික කර ගනී කියලා. අපේ අර විරෝදාර මිගාර දොස්තර මහත්තයාට වත් පෙන්නුවේ නැත?

    මීට පස්සේවත් පරිස්සමින්. විශේෂයෙන් ඔය ලොන්තය එක්ක වැඩ කරද්දි.

    ප.ලි: බ්ලොග් එක නවත්තපු එක මෝඩ කමක් කියල හිතෙන්නේ මේවගේ වෙලාවට තමයි.

    ReplyDelete
  46. දේශප්‍රේමියා පොඩි කාලේ රචනා ලියු හැටි
    ----------------------------------------------

    ටීචර්: පුතා ගෙදර සුරතලා ගැන ලියන් එන්න
    නො.ෆේම්:
    අපේ ගෙදර සුරතලා බල්ලාය. උට නැට්ටක් ඇත. නැට්ටේ මැක්කෝ ඇත. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ටිචර්: අයියෝ පුතා මොනවද මේ ලියලා තියෙන්නේ? මම කිව්වේ සුරතලා ගැන ලියන්න කියලනේ. හ්ම්ම්ම් එහෙනම් හරකා ගැන ලියන් එන්න.

    නෝ.ෆේම්: හරකා ප්‍රයෝජනවත් සතෙකි. හරකාට කකුල් සතරකි. හරකාගේ ඇගෙ ඉන්නේ කිනිතුල්ලෝය. කිනිතුල්ලාද මැක්කා වැනිය. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ටිචර්: අනේ පුතා. ඔයා මොනවද මේ ලියන්නේ. එහෙනම් පොල් ගස ගැන ලියන්න.

    නෝ.ෆේම්: පොල් ගස තාල වර්ගයට අයත්ය. හරමානිස් සීයා පොල් ගසේ හරක් බදි. හර්කුන්ගේ ඇගේ කිනිතුල්ලෝ සිටිති. කිනිතුල්ලාද මැක්කා වැනිය. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ටිචර්: මොකක්ද ළමයො මේ වැඩේ. මම කිව්වේ මැක්කෝ ගැන ලියන්න නෙමෙයිනේ. මොකද මේ හැම එකටම මැක්කෙක් ගැන ලියන්නේ? එහෙනම් හෙට ලියන් එනව ඉබ්බා ගැන.

    නෝ.ෆේම්: ඉබ්බා ඉන්නේ වතුරේය. ඒනිසා ඉබ්බාගේ ඇගේ මැක්කෝ නැත. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ප.ලි: නෝ.ෆේම්, අපට ඔබ වැටහේ මිතුර.

    ReplyDelete
  47. අපි දන්නවා.

    චාර්මි - ප්‍රේමේ කියන්නේ කළගුණ මතක උං විත්තිය.

    ReplyDelete
  48. ස්තුතියි කිව්ව බොක්කෙන්ම ඕං.....

    වෙලාවට ග්‍රීස් ටික දේවිකා ගාව තියල පැන්නේ...නැත්තන් සමනට වැඩේ ටිකක් දෙල් වෙනව.....

    ReplyDelete
  49. @ ම said...

    http://ctkumara.blogspot.com/2011/08/03.html

    මේ බුලා ගෙන නෙවි නේ

    ReplyDelete
  50. ඇති යාන්තන් ඌ බේරුනා. නැතිනම් තවත් අවාසනාවන්ත මරණයක්

    ReplyDelete
  51. බොරුවක් බව දැන දැන වුණත්, හොයාගෙන යනකොට, හොයන්ඩම හිතෙන බවනම් ඇත්තයි.
    අපූරු රචනා ශෛලිය.

    ReplyDelete
  52. රුසියානු විප්ලවයේ කැඩපත "ලියෙෆ්" කියලා ලෙනින් කිව්වේ තොල්ස්තොයි මාක්ස්වාදය ලියල නෙවෙයි. ඔහු සැබෑ සංවේදනයකින් සමාජය විවරණය කළ බැවින් ඔහුගේ කෘතීන් සැබෑවටම දේශපාලනික වුණා. මට දැනෙන හැටියට ඔබත් සැබෑ සංවේදනයකින් සමාජය අත් දකින්නෙක්. ඔබ ලියන දේ [විශේෂයෙන් මේ ලිපිය] ඉතා ප්‍රබලව දේශපාලනිකයි. බොහෝ සංවේදී මිනිස්සුංගෙ සංවේදී කම දේශපාලනික නෑ. තවත් ලියන්නට ඔබට දිරි...........

    ReplyDelete