Wednesday, August 31, 2011

අල්ලන්නට ආස ඇති... කඳුළු වලට දෙන්නෙ නැති...

මෙයට වසරකට හමාරකට පෙර මා පදිංචි ප්‍රදේශය ආසන්නයේ අටවා තිබූ වෙසක් තොරණක් බැලීමට ගියා මතකය. ප්‍රාථමික ගණයේ චිත්‍ර කීපයක් වටා වොට් පහේ බල්බ හාර පන්සීයක් දැල්වෙනු නිවෙනු බලා සිටීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවිණි. එහෙත් එවක මගේ දියණියගේ මොන්ටිසෝරි ගජයින් තොරණේ විස්තරය සෙන්ටර්ෆෲට් චුයින්ගමයක් පරිද්දෙන් ඇය අබියස හපමින් සිටි බැවින් මටද විසුමක් නොවීය. අවසානයේ දෙමාපියන්ගේ යුතුකම් පිළිබඳ ඇගේ ආඩපාලියකින්ද පසු තොරණ බැලීමට යාමට මමද හිත හදා ගතිමි.

තොරණේ ජාතකය අද මට මතක නැත. ආලෝක රටා තිබුනේද වත් මතක නැත. එම පන්සල් භූමියේ කුමන පැත්තේ එය අටවා තිබුණේද යන්න ගැන පවා ඇත්තේ සුළු මතකයකි. එහෙත් අදද එක් දෙයක් පමණක් හොඳින්ම මතක ඇත.

වෛයිවාරන්න සෙල්ලම් බඩු පිරි කඩවීදිය.

රාත්‍රී අඳුරු පසුබිමේ දැල්වෙන සිය ගණන් ටංස්ටන් විදුලි බුබුළු. කුඩා අට්ටාල වහල පුරා එල්ලෙන නෙක වර්ණ බැලූන. දුහුවිලි ගඳ. ඝෝෂාකාරී උත්සවශ්‍රීය. විවිධ කැවිලි වලින් නගින සුවඳ. සුදු පොලිතීන් මත පිළිවෙලකට අසුරා ඇති වෛවර්ණ (බාල) චීන සෙල්ලම්බඩු. සෙල්ලම්බඩු වලට පිස්සු වැටුන පොඩි එවුන්.... වෙළෙන්දන් සමඟ හෙට්ටු කරන ගැහැණුන්.....

මෙම කඩවීදිය නැවත කිහිප වරක් සිහිපත්වන්නට තරම් දෙයක් එදින මම කලෙමි. පසුදින ඉතා වැදගත් කටයුත්තකට වෙන්කොට තිබූ සීමිත මුදල් ප්‍රමාණයද අමතක කොට මගේ දියණිය එම කඩ වීදියට මුදා හළෙමි.

"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"

අවසානයේදී බැලූනයක්, කොණ්ඩයට පළඳින යමක් ඇතුළු රුපියල් දෙසිය ගණනක ලට්ට ලොට්ට වගයක් තෝරා ගැනීම මගින්, එම ගණනය නොකල අවදානමෙන් ඇය මා මුදාගත් බව මතකය. එහෙත් විචාර බුද්ධියට පිටුපා එවන් අවදානමක් ඒ මොහොතේ ගැනීම? ප්‍රමාණයෙන් විශාල සහ අඩු වටිනාකමකින් යුත් යමක් රැගෙන දී ඇය පහසුවෙන් තෘප්තිමත් කල හැකිව තිබියදීත්.

පසුකාලීනව බොහෝ වරක් නැවත නැවතද කල්පනා කිරීමෙන් පසු මා එය හඳුනාගත් බව සිතමි.

ඒ මගේ කඩවීදියයි.

මුන්නේෂ්වරම දේවාලය පෙනෙන ඉසව්වේ කොට කලිසමකින් සැරසී පියාගේ ඇඟිල්ලක එල්ලී ගාටන්නේ මමයි. නේක වර්ණ විචිත්‍ර සෙල්ලම්බඩු මාළිගයන් දෙස මහ සෙනඟ අතරින් කෑදරකමින් එබී බලන්නේ මමයි. සෙල්ලම් බඩු වල, නැවුම් මැටි භාණ්ඩ වල තීන්ත සුවඳ මහත් කෑදරකමින් උරා බොන මට, මගේ දෙසවන් වලින් අහගන්නට ඉතාමත් ආශාවූ, එහෙත් කවරදාකවත් අසන්නට නොලැබුණූ එක් වාක්‍යයක් ඇත.

"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"

එකල මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය පැවැත්වෙන අගෝස්තු මාසය ආසන්න වන විට සෙල්ලම් බඩු සඳහා අවශ්‍ය මුදල් එක්රැස් කිරීම සිදු කරන ලද්දේ මා විසින්ම බව මතක ඇත. මගේ පාසල් මිතුරන් සියළු දෙනාද එසේ කලහ. පහසුම ආදායම් මාර්ගය වූයේ ඉරටු මැදීමයි. බොහෝ විට එමගින් රුපියල් හැට හැත්තෑවක් උපයා ගැනීමට අපි සමත් වීමු. ඉලක්කය වූයේ කලින් වසරේදී ප්‍රදර්ශනය වූ හොඳම සෙල්ලම් බඩුව මෙවර මිලදී ගැනීමයි. වරෙක එය කුඩා ඩොල්කියක් විය. නැතිනම් දුර බලන කණ්නාඩියකි. වරෙක තහඩු වලින් සෑදූ තරමක් විශාල බසයකි. එහෙත් මේ කිසිවක් කවරදාකවත් මා සතු නොවීය. හැම වසරකදීම මෙම බඩු එකට එකක් ගණන් ගොස් තිබීම එයට හේතුවයි. කිසිදා මේවා පියාගෙන් ඉල්ලූ බවක්ද මතක නැත. ඉල්ලුවාට ලැබෙන්නේද නැත. පියා සහ මවගේ ඉලක්කය වූයේ කාලි මෑණියන්ට වාර්ෂිකව බාර හාර වූ පූජා වට්ටිය මිලදී ගැනීම, කැවිලි කීපයක් සහ මුළුතැන්ගෙයි යමක් මිලදී ගැනීම පමණකි. ඉන් එහා වත්කමක් ඔවුනට නොවූ බව මම හොඳින් දැන සිටියෙමි. හැමදාමත් ලාබ නළාවක්, පුංචි ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් සහ ගඩුගුඩා මල්ලක්ද රැගෙන මෙම මනස්කාන්ත ලෝකයෙන් මිදී නිවසට පිය නැගීමට මට සිදුවිය. එහෙත් ඒ විචිත්‍ර දසුන ඊළඟ වසර මා ජීවත් කලේය. නැවුම් තීන්ත සුවඳ වසර පුරා වින්දෙමි. කදිම සෙල්ලම් බඩු සමඟ මනසින් සෙල්ලම් කලෙමි. ඊළඟ වසරේදී අර වැකිය කවුරුන් හෝ කියනු ඇතැයි තදින්ම විශ්වාස කළෙමි.

"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"

------------------------------------

අවසානයේදී මගේ දියණියට මා විසින් එම වරය දුනිමි. ඒ අවිඥාණිකව යම් සහනයක් උදෙසා විය හැකිය. එහෙත් මට දැන් වඩාත් වැඩි වේදනාවක් දැනේ. තම ඇඟිල්ලේ එල්ලී මහත් කෑදරකමින් සෙල්ලම්බඩු දෙස බලන තම කොළු ගැටයා පිළිබඳව මගේ පියාගේ හද තුළ කැකෑරුණු වේදනාව මටද දැන් වැටහෙන්නට පටන් ගෙන ඇත. මා ද දැන් පියෙක්මි.

අසන සෑම වරකදීම සැබෑවටම මා නෙත් කෙවෙණි තෙත්වන ගීත තුනක් තිබේ. මේ ඉන් එකකි.

16 Silin Bilin - Neela Wickramasinghe by user9371417

35 comments:

  1. ලොකු අයියේ... මේක කියෙව්වයින් පස්සේ ඔළුවේ පැත්තක තඩි කළු ගලක් තැන්පත් වුනා..

    ReplyDelete
  2. මේ සින්දුව කවදාවත් මේ තරම් දැනිල නැහැ...

    ReplyDelete
  3. මේකට කෙටියෙන් කමෙන්ට් කරන්න මට තේරෙන්නේ නෑ.
    මට කියන්න තියෙන්නේ පොඩි එවුන්ට කොහොමහරි උගන්නපන් කියලා තමයි.

    "අසන සෑම වරකදීම සැබෑවටම මා නෙත් කෙවෙණි තෙත්වන ගීත තුනක් තිබේ."
    අනිත් සින්දු දෙක මොනවද?

    ReplyDelete
  4. puluwan nam oya hithana widiyata hithanna daruwantath purudu karanna..
    oya kirayathmaka une oyage hitha yatha thiyana,
    " thamanta nolbena,nolabuna sathutak wena kenek hari widinawa dakala sathutu wenna puluwan kama"

    ReplyDelete
  5. @ පුතා/චමිල/මාලන්,
    තව සින්දුවක් ගැන කලින් ලිව්වා.
    --- අවසන් සටනේ වැනසුණූ බිම්මල් ---

    අනික... පස්සෙ බලමු.

    ReplyDelete
  6. @ ඇනෝ,
    මෙය තව පැත්තකින් ආත්මාර්ථයම වෙන්නත් පුළුවන් නේද?. තමන්ට අහිමි ආශාව දරුවනට ලබා දීමෙන් තෘප්ත වීම...

    ReplyDelete
  7. මම ඔබගේ බ්ලොග් අඩවියට මුලින්ම ආවෙ ඔබ අද සඳහන් කරපු "අවසන් සටනේ වැනසුන බිම්මල්" සටහනේ සබැඳියක් වෙනත් බ්ලොග් අඩවියක දැකීමෙන් පසුවයි. (මතක විදිහට ටැබූගේ හෝ කතන්දරගේ සටහනක.)"අවසන් සටනේ.." සටහන වගේම මට වැඩියෙන්ම දැනුන තව දෙකක් තමයි "බ්ලොග් කියවන හැමෝටම කාර් එකක් බැගින් (නැත්තේ ඇයි?)..." සහ "ගරු කතානායකතුමියනි...!" සටහන් දෙක. මම හිතන්නේ මේ ලිපි සියල්ලෙන්ම ඔබ හෙළිකරන්නේ අප බොහෝ දෙනෙකුට අත්විඳින්න සිදුවන හරිම සංවේදී යථාර්තයක්. කියන්නට බොහෝදේ තිබුනත් කලින් සටහන් වලදි වගේම කුමක් සටහන් කරන්නදැයි සිතාගත නොහැකි ලිපියක්.

    ReplyDelete
  8. අපි හැමෝටම මේ වියදම් බර ලෝකයේ මේ වගේ අත්දැකීම් තියෙනවා නේද? චාර්මි........

    ReplyDelete
  9. කුඩාකල ඔබ විඳි අත්දැකීම මමද විඳ ඇත්තෙමි. ඒ සෙල්ලම් බඩු වලට නොව පොත් වලටය. සෙල්ලම් බඩු දෙස බලා සිටියේ මා නොව මල්ලීය.
    නමුත් අප දෙස බලන කළ කැකෑරෙන වේදනාවක් මා පියා හට ඇති වී යයි නොසිතමි. චොකලට්ටුවක් සමඟ තවත් කැවිලි කිහිපයක්, ලාභ සෙල්ලම් බඩුවක්,ළමා පුවත්පතක්/ කුඩා කතන්දර පොතක් රැගෙන දීමෙන් ඔබ ඔබේ දියනියගෙන් ලැබූ සහනයම ලැබුවේ යැයි සිතමි. ඒ ඔහුට කළ හැකි උපරිමයයි. එයින් කොපමණ ප්‍රතිශතයක් අප තෘප්තිමක් වුනිදැයි ඔහුට අදාල නොවීය, හෝ හිතාමතා අමතක කලේය. ඇත්තෙන්ම එයින් අප සතුටු උනියැයි ඔහු සිතුවේය.
    ඒ මන්දැයි මම දනිමි. ඔහු කුඩා කල චොක්ලට්ටුවක රස බලා ඇත්තේ වරක් හෝ දෙවරක් පමණි. පාසල් පෙල පොත්ද මිලයට ගත යුතු වූ එකල කිසිවකු අමතර කතන්දර පොතක් මිලදී ගෙන දී නැත.කඩෙන් සෙල්ලම් බඩු මිලදී ගැනීම පිළිබඳ කිසිවකු සිතාවත් නැත. සත පහක කඩල ගොට්ටක්, නාරං බිකක් විනා වෙනත් කඩචෝරුවක් අවශ්‍ය වී නම් එය ගත හැක්කේ සීයාගේ පොකැට්ටුවට විදීමෙනි. වරක් පංසලේ පිංකමකට සහභාගි වීමට ඔහුට මුදල් ලැබී නැත. අවසානයේ පිරිකර පිණිස භාජනයකට මුදල් එකතු කර ඇත. සියල්ලෝම 'ටක් ටක්' හඬ නගමින් කැටයට කාසි දමන කල මගේ පියා බිමින් අහුලා ගත් ගල් කැටයක් එයට දමා ඇත. එවන් අවස්තාවකට යන විට ඔහු අපට කාසි නොව සල්ලි කොලයක්ම දෙයි!
    "ඔයාට ඕන දෙයක් ගන්න" කියූ විට එවන් දෙයක් ඇසීමට ඔබේ දියනිය ආසාවෙන් බලා සිටියාද? මමත් වර ඔවැනි දෙයක් කලෙමි. ඥාති දියණියක් සුපිරි පොත් සංකීර්ණයකට රැගෙන ගොස් 'ඕන පොතක් ගන්නැයි' කීමි. ඇය යමක් නොගත්තා නොවේ. එයින් යම් තෘප්තියක් නොලැබුවාද නොවේ. නමුත් මා තරම් නම් නොවේ. ඇයට පොත් අරුමයක් නොවීය. සමහර විට ඇය ආශාවෙන් බලාපොරොත්තු වන්නේ වෙනත් දෙයක් විය හැක.
    මෙවන් දිග කමෙන්ටුව්ක් ලිවුයේ ඔබේ ලිපියෙන් සිතට දැනුනු සංවේදී බව නිසාම බව සලකන්න.

    ReplyDelete
  10. @ මහෝදර,
    ස්තුතියි ඔබට. ලිවිල්ල එපාම වෙන සීසන් එකේදි මේ දිරිගැන්වීම් හරි වටිනවා.

    @ RanDil,
    ඔබ නියම තැනකින් මේක ගත්තා. මේ පෝස්ට් එකට යෙදූ පින්තූරය ඇතැම්විට ඒ ගැන යමක් කියාවි....

    ReplyDelete
  11. @ කලිකාල,
    මට මගහැරුණු හෝ මා අතිශයෝක්තියෙන් ගත් කලාපයක් ඔබ නියමිත බරින් සටහන් කලා යයි සිතමි.
    //"ඔයාට ඕන දෙයක් ගන්න" කියූ විට එවන් දෙයක් ඇසීමට ඔබේ දියනිය ආසාවෙන් බලා සිටියාද? //
    මේක තමයි ඇත්ත. මෙතන ප්‍රශ්නය ඇත්තේ ඇයට නොව මටයි.

    මේ ඇගේ ප්‍රශ්න. මෙයට මාස දෙකකට පමණ පෙර ඇය සැබවින්ම මගෙන් මෙහෙම ඇහුවා.
    "අපි කවදාවත් කාර් එකක් ගන්නෙ නැද්ද තාත්තියො?"

    ReplyDelete
  12. දෙපාරක්ම කියවලත් ලියන්න දෙයක් අකුරු වලට හරව ගන්න බැරිව කල්පනා කලා...

    පැරණි අත්දැකීම් ගැන කියනවනං කලිකාල කිව්ව පොත් ලෙඩේත් ඇතුළුව හිතිං විඳවපු පරණ මතකයන් පෙළක්ම ඉස්සරහට ඇදිලා ආවා උනත් අද විතරක් නෙවෙයි ඉස්සරත් මං තේරුම් අරං හිටියේ හැම දේම ලබා ගන්න අපහසු බව..ඒ හින්දා මට මතක ඇති කාලෙක මං ඉල්ලලා නැහැ කිසිම දෙයක්. ඒ වගේම බලාපොරොත්තු උනෙත් නැහැ අර වගේ වචන ටිකක්..මං දන්නවා එහෙම වචන පිට කරන්න මගේ අම්මට තාත්තට හැකියාවක් නැති විත්තිය.

    ඒත් අදටත් ඔබ ඔය කිව්ව ආකාරයේ දෝණිට කිව්වා වගේ දේවල්නං දන්න අඳුරන ළමුන් වෙනුවෙන් මං ඉඩක් ලැබුනු හැටියේ කරනවා.. ඒ ඇත්තටම මට නොලැබුන අවස්ථාවක් කෙනෙකුට ලබා දීමට සිතීමමද කියලා මං දන්නේ නැහැ. ඒත් මොනවා හරි නමුත් හේතුවක් හින්දා මං ආසයි උවමනාවක් තියෙන කෙනෙකුට නොහිතන මට්ටමකින් ඒ උවමනාව ඉස්ට කර ගන්න අවස්ථාවක් දෙන්න.

    ඔබ කිව්ව විදියටම මටත් නොදැනිම මගෙත් හිත යට අර පොඩි එකා ඉඳලා තියෙනවදෝ කියලා හිතෙන්නේ මේ සටහන කියවන්න ලැබුනට පස්සේ තමා..ස්තූතියි චාමි...

    ReplyDelete
  13. සාපේක්ෂයි මචං සාපේක්ෂයි හැමදේම..

    උඹේ තාත්තට ඒ සෙල්ලම් බඩුව අරන් දෙන්න බැරි උණා තවත් තාත්ත කෙනෙක් ඒ සෙල්ලම් බඩුව අරන් දුන්නත් තමුන්ගෙ පුතාට බයිසිකලයක් අරන් දෙන්න බැරුව ලතැවෙනවා. අසාවල් වලින් පිරිච්ච සමාජෙ අපි අතරමං වෙලා. තමුන් නොලබපු දේ තමුන්ගෙ අනුයාත්‍රිකයන්ට ලබල දෙන්න අපි නහින දේ අර කතන්දර කිව්ව චක්කරේ වගේමයි.

    සීයගෙන් තාත්තට තාත්තගෙන් අපිට අපෙන් පුතාලට චක්කරේ චක්කරේ

    ReplyDelete
  14. පොඩි කාලෙදි දෙමවුපියන්ගෙ බැරි පුළුවන්කම් තේරුම් අරගෙන ඉන්න දරුවෙක්, තමන් වෙනුවෙන් යමක් ඉල්ලන්න කට අරින්නෙ නැහැ. නමුත් හැකියාව ලද විට අනෙකෙකුට අපි සළකන්නෙ, අර අපිට අහිමි වුණු දේවල් වෙනුවෙන් වෙන්නට ඕනෙ. ප්‍රශ්නෙ අනෙක් පැත්ත, පොඩි කාලෙ අපට එතරම් නොවැදගත්යයි හිතුණු දේවල්, අපේ දෙමවුපියන්ට මොන තරම් වැදගත් වෙන්නට ඇද්ද?
    නොනවතින ගමනක හැටි.

    ReplyDelete
  15. එතකොට උබ කියන්නෙ මේ ආන්ඩුව යටතේ උබේ දරුවට සෙල්ලම් බඩුවක් අරං දෙන්ඩ වත්කමක් නෑ කියලා? කොටින්ට කඩේ යන්ඩ එපා යකෝ

    ReplyDelete
  16. මටත් කිසිම දවසක "ඔයාට ඕනැම දෙයක් ගන්න" කියන අතිශය මිහිරි වචන පෙල අහන්න ලැබුනේ නෑ.ඒත් මාලන් කියන විදියටම,ලබාදෙන්න පුලුවන්වුන උපරිම විදියට දැනුම ලබාදුන්න එක මම අද තේරුම් ගන්නේ "ඔයාට ඕනැම දෙයක් ගන්න" කියපු වෙනත් ආකාරයක් විදියට.

    ReplyDelete
  17. චාමි නිතරම ලියනවා නම් කියලා හිතුන වාර අනන්තයි. ( ඒත් බ්ලොග් ලීවට කන්න බොන්න හම්බ වෙන්නේ නෑ කියලා දන්නවා.)

    මේ වගේ මතක මටත් ගොඩාක් තියෙනවා. සමහර වෙලාවට ඒවා නම් සෙල්ලම් බඩුවකට එහා ගිය දේවල්. සල්ලි නැතිකමට අරන් දුන්නා කියලා මම අදටත් නොහිතන ඒවා. ජීවිතය පුදුමයි.
    මගේ පොඩි බෝයි දවසක් මට කියනවා ආන්ටි මම ඔයාට ගෙයක් අරන් දෙන්නම් යොට් එකකුත් අරන් දෙන්නම්. අපි දෙන්නා ලෝකේ වටේ යමු කියලා.කොටින්ම මේ කතාව මට මගේ අතීතය ඔස්සේ ගොඩාක් දුර ගියා.
    එදා තමයි මට හිතුනේ අපිත් තව කාට කාට මොනා කියලා ඇතිද කියලා?

    ReplyDelete
  18. @ මාරයාගේ හෝරාව,
    අපි කවුරුත් ඇතුළේ ඔය පොඩිඑකා ඉන්නවා බං. ඔය කියපු හොඳ විතරක් නෙමේ. ඌ නරක වැඩත් කරනවා.
    //උවමනාවක් තියෙන කෙනෙකුට නොහිතන මට්ටමකින් ඒ උවමනාව ඉස්ට කර ගන්න අවස්ථාවක් දෙන්න.//
    මේක නම් පොඩි එකා හිටපු පමණීන් වෙන්නෙ නෑ. හොඳ හෘද සාක්ෂියකුත් තිබිය යුතුයි. ස්තුතියි මචං.

    @ අලුත් කොල්ලා,
    ඔයා කියන එක හරි. මේක වත් පොහොසත්කම හෝ සමාජ තත්වය මත වෙනස් වන දෙයක් නොවෙයි. අපි කුඩාකල අපිට හානිකර දේවල් පවා කොච්චර ඉල්ලලා ඇතිද?

    @ නලිනි චන්දිමා,
    //පොඩි කාලෙ අපට එතරම් නොවැදගත්යයි හිතුණු දේවල්, අපේ දෙමවුපියන්ට මොන තරම් වැදගත් වෙන්නට ඇද්ද?//
    ඔබ හරි. සරළම උදාහරණය - මගේ දෙමාපියන්ට අපට සෙල්ලම් බඩු අරන් දීමට වඩා අපේ ආරක්ෂෘව වෙනුවෙන් දෙවියන්ට වූ බාර හාර කොච්චර වැදගත් වන්නට ඇතිද?

    ReplyDelete
  19. @ Anonymous,
    මේ පාරත් මාව අහුවුනා නේ? :D

    @ sithuwilimandiya,
    නලිනි චන්දිමා කිව්ව විදිහටම අපිට වැදගත් නොහැඟුනු, නමුත් සැබෑවටම වැදගත් දේ හැකි ප්‍රමාණයෙන් අපට දීල තියෙනවා.

    @ Il mondo di una povera pazza,
    //අපිත් තව කාට කාට මොනා කියලා ඇතිද කියලා? //
    අපොයි... දාහක් දේවල් ඔලුවට එනවා...

    ReplyDelete
  20. ඔබ විස්තර කරන්නෙ අපි හැමෝගෙම යතාර්ථය..

    ලස්සන සෙල්ලම් බඩු නොතිබුන තාත්තලා දරුවන්ට පුංචි සෙල්ලම් කාර් අරගන දෙනකොට ,පුංචි කාලෙ ලස්සන සෙල්ලම් කාර් තිබුන තාත්තලා තමන්ගෙ දරුවන්ට බෙන්ස්, ඇස්ටින් මාටින් අරගන දෙනවා..හැමෝම හදන්නෙ තමන්ට නොලැබුන දේ දරුවන්ට දෙන්න...

    අපේ දෙමව්පියෝ එයාලගෙ නැති බැරිකම් අපෙන් සැඟවුවෙ නැහැ..අත දිග මානෙ තිබුන දේවල් විතරක් ගන්න එයාලා අපට නිතැතින්ම ඉගැන්නුවා..ඒත් අපි අපේ දරුවන් ආස දේවල් දෙන්න අපිට අත පොවන්න බැරි සීමාවකට යනවද කියලා මට හිතෙනවා..

    ReplyDelete
  21. @ Luckey,
    ඒක හැබෑව. අපේ දරුවො ඉල්ලන දේ විතරක් නෙමෙයි, අපි එයාලට දෙන්න හදන දේවලුත් සමහරවිට අපට ගොඩක් දුරයි.

    ReplyDelete
  22. මමනම් ජීවිතේට සෙල්ලම් බඩුවක් අල්ලල නෑ පුංචි කාලෙ. ඒත් මටත් ඒ කාලෙ ආශාවක් තිබුණ. ඉතින් සෙල්ලම් බඩු බවට පත් කරගත්තෙ කඩෙන් ගන්නෙ නැති දේවල්.
    ඒත් දරුවන්ට සෙල්ලම් බඩු අවශ්‍යයි කියන එක හොඳින් වැටහෙනව. ඔයාගෙ සිහිනය දරුවා තුළ සැබෑ වීම කොයිතරම් දෙයක්ද?

    ReplyDelete
  23. පුංචි කා‍ලේ නම් එ‍හෙම ඉල්ලුවා කියලා මතකයක් නැහැ. අරන් දීපු ‍දෙයක් ගත්තා මිසක්. කිසිම දවසක අයියට අරක අරන් දුන්නා මටත් ඕනි කියලා නැහැ. එයා ඒ‍කෙන් කරන වැඩ දිහා බලාන දුකින් නම් හිටියා මතකයි මට අල්ලන්නවත් තහනම් නිසා එයා‍ගේ බඩු. ‍ලොකු උනත් ‍වෙනසක් නැහැ. අපි 8 දී විතර අර පාට පාට පෑන් ‍සෙට් ආවා. ඉල්ලුවා නම් අම්මා අරන් ‍දෙනවා. ඒත් මං කවදාවත් ඉල්ලු‍වේ නැ අම්ම‍ගෙන්වත් තාත්ත‍ගෙන්වත්. රතුයි කළුයි නිලුයි මට ‍හොඳටම ඇති උනා අනිත් අය ‍වෛවර්ණ වැඩ දමද්දි. හැබැයි හි‍තේ තිබ්බා අ‍පේ අම්මත් මට අරන් දුන්නනම් කියලා. ඒත් ඉල්ලු‍වේ නෑ. අ‍නේ මංදා..... ඇයි මං ඉල්ලන්නැත්‍තේ කියලා. දැනටත් ඔය ‍පොඩි ‍දෙයක්, හිනා ‍වෙන්න එපා චුයිංගම්,ටිපිටිප්,ගල්සියඹලා ‍ගොට්ටක්,‍ ව‍ගේ ‍පොඩි ‍දේවල් හැරුනම ඉල්ලනවා අඩුයි. දීලා තියන ‍දේවල් නිසා ‍වෙන්නත් ඇති. සමහර ‍වෙලාවට ආසා හි‍තෙන එක ඇස් ‍දෙ‍කෙන් විඳලා එනවා. ඔය ‍පෙරහැර කඩ බලන්න ගියාම ‍ඕනි තරම් එ‍හෙම කරලා තියනවා......

    ReplyDelete
  24. මාතෘකාවට අදාල නැති යමක්, නමුත් වැදගත් වේවි- ඔබේ දරුවා නිර්මාණාත්මක මිනිසකු බවට පත්කළ යුතු යැයි ඔබ සිතන්නේ නම්, දරුවා අවට පරිසරයේ හමුවන දේ වළින් ඔහුගේ/ඇයගේ මනෝ ලෝකය තුළ මැවෙන සිහින වලට අදාල සෙල්ලම් බඩු ඔහුටම/ ඇයටම තනා ගන්නට අවිඥ්ඥාණිකව පොළඹවන්න. Thnx

    ReplyDelete
  25. හිතට ගොඩාක් දැනෙන ලිපියක්. මේ ඇත්ත මා විසින් හොඳින් අත්දැක තිබේ. රජයේ සේවකයින් ( ගුරු ) දෙපළක් වෙච්චි මගේ දෙමව්පියො ඉස්සර සෑහෙන අසරණ වෙන්න ඇති. ඒ අතින් මම ඊට වඩා චුට්ටක් ඉදිරියෙන්. ඇත්තටම සාප්පුවකට ගිහින් " ඔයාට ඕනෙ දෙයක් ගන්න " කියලා කියවෙන හැම වෙලාවකම දෙමව්පියො ගැන මට දුකයි ඇත්තටම

    ReplyDelete
  26. මම මේ ගීය දකින්නේ මෙහෙම

    http://geerasavinisa.blogspot.com/2009/05/blog-post.html

    ReplyDelete
  27. මාත් කරන්නේ මේකම තමයි. හැමදාම වයිෆ් ඒකට ගෙරෙව්වත් මට කිසි වරදක් පෙනෙන්නේ නැත්තෙත් ඒකම තමා. අදයි මට හේතුව වැටහුනේ.

    ඒත් චාමි පොඩි එවුන්ව බිමින් තියන්න කාලේ ඇවිත්. අපි හැමදාම ඉන්නෙ නැහැ උන්ට මේ නිදහස දෙන්න. අනික අපි කෝටිපතියෝ නොවේ අපේ ඇබ්සන්ස් ඒකටත් එක්ක සල්ලි පුරවන්න. වෙලාවට අපේ දෙමව්පියන්ට සල්ලි තිබ්බෙම නැහැ. තිබ්බ නම් අපි මේ ඉන්න තැනවත් නැහැ. එදා ඔබේ දුවගේ වයසේ ඉන්න අපේ පොඩිත්තිය වෙනුවෙන් මං මේ දවස් වල බිම පය ගැස්වීමේ සටනක.

    මේ සින්දුව මගේ මෙන්ම අපේ කෙල්ලගේත් ප්‍රියතම ගීයක්. වචන වගේම එහි තේරුමත් එයා දන්නවා. "අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නේ නැති" මිනිසුන්ගේ ලෝකය ඇයට වැටහෙන බවයි මගේ අදහස.

    ReplyDelete
  28. mama palaweni Ano..
    Athmarthayama nemeii..
    oyata puluwan thamanta nolabuna de.. thamange daruwata.. elangata allapu gedara daruwata..
    ethath passee meloke kothana hari inna daruwekta labadila sathutu wenna.

    oya nodannawata mea loke godak minissu innawa, thamange daruwatawath,thaman nolabu sathutak labena eka dara ganna barii...

    samahara wita wachanayen prakasha nokalath.. anun sathutu wena de dara ganna bari aya one tharan innawa.
    :)

    ReplyDelete
  29. හ්ම්.. මටත් මතකයි මම තාත්තගෙන් ලෙගෝ සෙට් එකක් ඔනේ කියල හැපිල, අඬල අන්තිමට තාත්ත ඊශ්වරං බ්‍රදර්ස් එකෙන් ලෙගෝ සෙට් එකක් ගෙනත් දුන්න. පස්සෙ දවසක අම්ම කීව ඕක ගන්න තාත්තගෙ පඩියෙන් බාගයකටත් වඩා ගියා, මේ පාර රෙන්ට් එක ගෙව්වෙත් අමාරුවෙන් කියල. මම ගල් ගැහිල වගේ අම්ම දිහා බලං හිටිය මට අද වගේ මතකයි. මේකෙ මේන් තීම් එක වෙන එකක් වුනත් සෑර්, තාත්තල කියන්නෙ කවුද කියල දැනගන්න නං තාත්ත කෙනෙක් වෙන්ඩම ඔනේ, මයෙ හිතේ. අර "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියන්නෙ ඕක වෙන්ඩ ඇති. - සූස්ති.

    ප.ලි.
    සෑර් දිගටම ලියන්ඩ, කමෙන්ට් දැම්මේ නැතුවට අපි නං මේ පැත්තේ එනව.

    ReplyDelete
  30. හොඳ වෙලාවට නොමැරි (unmarry) ඉන්නෙ.

    ReplyDelete
  31. චාමි, මේ උඹ ලිව්වේ මගේත් කතාව.

    මගේ තාත්තට අපිට සෙල්ලම් බඩු අරන් දෙන්න සල්ලි නැති උනාට දේශපාලනේට වියදම් කරන්න ඕන තරම් සල්ලි තිබ්බා. ..

    අපි දෙයක් ඉල්ලුවාම තාත්තා කිව්වේ අපේ පුංචි කාලේ අපිට ඕවා තිබ්බේ නෑ කියලා . .

    විස්වාස කරපන් උඹේ ලිපියේ අවසන් හරිය කියෙව්වේ කඳුලින් බොඳවුනු ඇස් දෙකෙන්.

    මමත් මගේ දරුවාට මට මගේ ළමා කාලයේ නොලැබුනු හොඳම දේ දෙන්න ඕනෑම කැප කිරීමක් කරන්න ලෑස්ති පියෙක් බන් . . .

    පුතාගේ හතරවෙනි උපන් දිනේ දා ම පිය සෙනෙහස නිසා ඇහැට කඳුලක් ගෙනාවට උඹට පිං . . .

    ReplyDelete
  32. ඔබගේ ඔය සිතුවිල්ලි මමද විඳ ඇත්තෙමි. මුන්නේශ්වරම වෙනුවට අප නිවස ආසන්නයේ ඇති ඉපැරණි මරිය මාතා දෙව් මැදුරේ වාර්ශික මංගල්‍යය හා සබැඳුනු සල්පිල ඔබ සිත තුල ඇතිකල අවිහිංසක ආශාවන් මා සිත තුලද සැමදා ඇතිකලේය.

    මගේ මවු පියන්හටද එකල "ඕනෑ දෙයක් ගන්ඩ.." යන වැකිය කියන්නට වත්කමක් නොවීය. ඔවුන් ඉතා සකසුරුවමෙන් ජීවත් වුනු, මට උගන්වන්නට වැර වීරිය වැඩූ දිරිය දෙමවිපියන්ය.

    එකල මට තේරුම් නොගියද ඔබට මෙන්ම මටද අද ඔවුන් තුල ඇතිවුනු වේදනාව තේරුම් යයඉ.

    ඔවුගේ වෙර වීරිය නිසා අද මා ඔවුනට වඩා ආර්ථික ශක්තියෙන් වැඩි, උගත් කමින් වැඩි මිනිසෙකි.

    ඒ ණය ගෙවීමට කිසිදා නොහැකි වනු ඇත....

    ReplyDelete
  33. මම තාත්තකෙනෙක් නොවුණට සමකාලීන තාත්තල දිහා දකිනව. ඒ එක්කම මගේ තාත්ත සහ මම අතර තිබුණ සම්බන්ධය ගැන හිතන්න අරන් සෑහෙන්න කල්. ඒක මට හරියටම තේරිලා නැතුව ඇති තවමත්. නමුත් තාත්තල එහෙමයි. කියන දේට වඩා නොකියන දේ වැඩියි.

    ReplyDelete
  34. අපිට ගොඩක් සල්ලි තිබුනේ නැතත් පොඩි කාලේ ඉඳලම අපේ තාත්ත මට කැමති දෙයක් අරගන්න කියල දුන්න. එහෙමත් නැත්නම් මාසෙට පාරක් මට පඩි දවසට සෙල්ලම් බඩුවක් අරන් එන්නේ.

    මම සෙල්ලම් කරන වෙලාවල් වල තාත්ත කියපු දෙයක් තමයි , අපිට ඒ කාලේ ඕවා තිබුනේ නැහැ සෙල්ලම් කරන්න. අපේ තාත්තා කුඩා කාලයේ බොහෝ දුප්පත්ව සිටි කෙනෙක්. චාමි කිව්වා වගේ තාත්තා ලබන්න ඇත්තේ තාත්තා කුඩා කාලයේ ලබා ගන්න බැරිවූ දේවල් මා හට ලබා දීමෙන් ඔහු ඒ ප්‍රීතිය ලබන්න ඇති . එත් මා ඒ ප්‍රීතියම ලැබුවාද ?

    මා කඩා කාලයේ දැඩිව ආශා කල බොහෝ දේ මාගේ පියා මාහට ලබාදී ඇත . මව මා කොතරම් අකමැති උනත් බෝනික්කන් මිලදී ගෙන දී ඇත . ඒ ඇයගේ කුඩා කල ආශාවක් විය හැක.

    කෙසේ නමුත් මාගේ අදහස නම් charmi මෙන් අපී පියා මෙන් , බොහෝ ළමයින් තවමත් ලස්සන සෙල්ලම් බඩු , බඩ පිරෙන්න කෑමක් කන්න ආසාවෙන් පසුවෙයි. ඔවුනට උදව් කල හැකි නම්. ළමා කාලයේ නොලැබූ සතුට ඒ අකාරයෙන්ම තවත් ළමයෙකුට ලබා දීමෙන් සතුටු විය හැකිවේ.

    හිරු fm විසින් ගිය නත්තලට අනාථ නිවාසයකට ගොස් එහි ළමයින්ගෙන් නත්තලට අවශ්‍ය කුමක්දැයි විමසු විට බොහෝ ළමයින් ප්‍රකාශ කලේ තමන්ට අවශ්‍ය සෙල්ලම්බඩු වර්ග පිළිබඳවය . එක් කුඩා දරුවෙක් කල ප්‍රකාශයෙන් බොහෝ දෙනාගේ හදවත සසල විය " මට නත්තලට එළවලු රොටියක් ඕනේ "

    දවසක් බස් එකට කුඩා දරුවන් දෙදෙනෙකු නැග සිඟමන් යදින්නට විය. දෙමාව්පියන් විසින් සිඟමනේ යැවු මේ අසරණ අයියා හා නංගි ගේ වයස අවුරුදු 8 - 10 අතර වෙන්නට ඇත. එක් වරම නංගි ආසනයක් ලඟට ගොස් ඇත පෙන්වා ඉල්ලිය . ඒ ආසනයේ සිටි පෙම් යුවලෙන් තරුණයා ඇයට මුදල් නෝට්ටුවක් දුන් අතර එහෙත් ඇය නොසෙල්වී තරුණිය දෙසට ඇත දිගු කොට කිසිවක් ඉල්ලිය. ටික වෙලාවක් යනතුරු කුඩා දැරිය ඉල්ලන්නේ කුමක්දැයි ඇයට වටහා ගන්නට නොහැකි විය. එහෙත් පසුව කුඩා දැරිය අත දිගු කොට ඉල්ලන්නේ තරුණිය අත තිබු
    බඩ ඉරිඟු කරලට බව පසුව ඔවුනට වැටහිණි. කෙසේ නමුත් කාරුණික වූ එම යුවල ඔවුන් ළඟ තිබු අලුත් ඉරිඟු කරල් 2 කක් අයියාට සහ නංගිට ලබා දුනි. ඒ ආසනය ළඟ සිටගෙන හිටි මා මොහොතකට සිහින ලෝකයෙන් ගොස් මේ අසරණ ළමයින්ගේ දෙමව්පියන් මරා දැම්මෙමි .

    ReplyDelete
  35. ඇස් වලට කඳුළු ආව

    ReplyDelete

Follow by Email