Sunday, July 17, 2011

රත්නවල්ලිය බැසයයි - අනුරපුරයට සාමයේ අරුණළු......

ගිය බදාදා පාන්දර තුනට විතර මම හිටියේ අයි.ටී.එන් නිව්ස් බලබලා. නිව්ස් කියන කෙලිපොඩ්ඩි ඇඳං උන්නෙ බාගෙට නිරිවස්තරෙන් හින්ද මට තේරුණා කොහේ හරි වයර් එකක් පැටලිලා කියලා. පස්සෙ මම තේරුම් ගත්ත විදිහට මේක ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශයක්. මෙන්න මෙහෙම නිව්ස් එකක් ගියේ.

අනුරපුර නගරයේ සංවර්ධනය උදෙසා ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය

අතිගරු දුටුගැමුණු මහ රජතුමා විසින් කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත් අනුරපුර නගරයේ සංවර්ධන කටයුතු සඳහා එහි වෙසෙන ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය පළවී ඇති බව අප වෙත වාර්තා වේ.
මේ අතර ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින එම ප්‍රදේශවල පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අතිගරු රජතුමා විසින් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ඉදිකෙරෙන අඩි 300 ක් උසැති ‍චෛත්‍ය රාජයා ඉදිකෙරෙන භූමියද නිරීක්ෂණය කරන ලදී.
එම භූමියේ මෙම අගනා නිර්මාණය සිදු කිරීම පිළිබඳව ගාඩි වංශික ජනයා වත්මන් රජය වෙත සිය ප්‍රසාදය පළකර සිටී. එමෙන්ම එම භූමියේ පිහිටි තෙළඹු ගසක තාවකාලිකව වැඩසිටි ස්වර්ණමාලි නම් ගාඩි වංශික ප්‍රජාවගේ ඇදහීමට ලක්ව සිටින දේවතාවියද මෙම උතුම් කාර්යයට ආශීර්වාද කොට ගසෙන් බැස ගොස් ඇති අතර, එයට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම සෑය ඇගේ නමින් නම් කිරීමටද අතිගරු රජතුමා විසින් තම නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
මෙම තෙළඹු ගස කපා දැමීමේ මහෝත්සවය මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී අනුරපුරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇති අතර එය නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව සඳහා සියළු පහසුකම් සපයා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. මෙම තෙළඹුව කපා දැමීමේ උත්සවය අප නාලිකාව ඔස්සේද සජීවීව විකාශය කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.
රැඳී සිටින්න අප සමගම....

කතා දෙකක් නෑ. ඒක හීනයක්...!

ස්වර්ණමාලි ආවේ පාන්දර ජාමේ. හොඳටම අඬලා එයාගෙ ඇස් තඩිස්සි වෙලා තිබුණෙ. මහාථූපය හදන්න ඉඩදීල එයාගෙ විමානෙන් බැහැල ආපු නිව්ස් එක ඇත්ත කියලා මට එවෙලේ තේරුණා. ඒත් මං එක්ක කිව්වෙ මෙහෙම කතාවක්.

හා කිව්වා තමයි.
බෑ කිව්වත් වෙනසක් නොවෙන හින්දා....
විමානෙ අපේ උනාට
පොළොව දුටුගැමුණුගෙලු.....

දිග් විජය කොට අනුරපුර....
මහ පිරිවරින් එන සඳ
හෙලූ එක බැල්මෙන්ම මම දැනගත්තා
අපත් අයත් වග
අධි ආරක්ෂිත කලාපෙට.....

කප් සුවහස් කලක්....
වරිගත්තැන්ගේ දුක් කඳුළු උරාබිව්
පණ ගැහෙන තෙළඹුව කපාදමා
තනන්නටලු යන්නේ අජීවී සෑයක්.....
කාගෙදෝ ඇටකටු නිධන්කොට.....

මොනව කරන්නද?
රාජ්‍ය ප්‍රතිපත්ති නෙව...?

ගියොත් කලබල නොකර
සාමයෙන්....
දානවලු මගේ නම ඔය සෑයට.....
අපි ඉතිං ගෑණු වෙච්චි.....

ඉතින් මේ ලෑස්තිය
නික්ම යන්නයි....
සරණාගත ආරණ්‍ය කඳවුරට...

පොරෝ පහරින් පහර
වැදී හද දැදුරුව
මියෙන්නට තිබුණනම්
යටව ඇද වැටෙන තෙළඹුවටම...?

එහෙත් ඇත රකින්නට වරිගයක්.....
කෙදින හෝ උන් වැඩී වනමැදම
සදාවි සත්තයි මහ තෙළඹුවක්....
ගැමුණුගේ දොරකඩම....

හඬනවා නෙමෙයි මේ....
සුළුපටු සතුටක්ද?
සාමයේ අරුණැල්ල පැමිණිකොට
අනුරපුරයටත්...!

කතා දෙකක් නෑ. ඒකත් හීනයක්...!!

27 comments:

  1. රත්නවල්ලියට උසාවි යන්න එහෙම සල්ලිය බාගෙ නැතිව ඇති නේ....

    ReplyDelete
  2. මාර හීනනෙ චාමි අයියට පේන්නෙ... :)

    ReplyDelete
  3. මූ උදේ තුනටත් නැගිටල අයිටීඑන් බලන්නෙ එහෙනම්...

    කොහොම වුණත් ස්වර්ණමාලිට තිබ්බෙ අඩුම ගාණෙ උපවාසයක්වත් කරන්න තමන්ගේ ගාඩි වංශිකයො වෙනුවෙන්. ඔය බටහිර රටවලින්, රාජ්‍ය නොවන සංවිධාන වලින් පෝස්ටර් ටිකට හරි ගාණක් ලැබෙන්න ඉඩ තිබුණ. එහෙම නොකලෙ ඇයි? පගාවක් විදියට තමන්ගෙ නම මහසෑයට දානව කියපු නිසාද. අන්තිමයි වරිගය පාවාදීමක් ඒක.

    ReplyDelete
  4. උපවාස කරන්න ඒකාලෙ ලෙමන් පෆ් තිබුනය?

    ReplyDelete
  5. දෙයියෝ සාක්කි මේ වගේ හීන වලට නම්..

    ReplyDelete
  6. ආපහු ගෙයි බිත්ති බඳින්න පටන් අරන් වගේ... :D

    ReplyDelete
  7. එළකිරි! අපි කවුරුත් දන්න සිද්දියක් ගැන වෙනස්ම විශ්ලේෂණයක්. දැන් වෙන දේවල් එක්ක මටත් හිතෙන්නෙ ඕක තමයි වෙන්න ඇත්තෙ.

    ReplyDelete
  8. තවත් ගෙඩි පිටින් දෙමළුන්ට කඩේ යාමක්. මූට නින්ද යන්නෙ ඊළම දීපු දාටද මන්ද

    ReplyDelete
  9. තෙළෙඹුව තිබෙන්ට පළමුවෙන් එතැන තිබූ නිවෙස්, ස්වර්ණමාලියගේ සීයා විසින් කඩා දමනු ලැබීමෙන් පසු, අනාථ වූ වැසියන් ගැන කවියෙන් කියවුණු කතාව දාන්න චාමිට අමතක වුණාවත්ද?

    ReplyDelete
  10. අපි යන්නෙ රවුමක කියල හඳගම උන්නැහේ කිව්වලු. ඔය රවුමෙ තව අවුරුදු ගාණකින් හම්බවෙයි කියල හිතෙන එකකුත් ලිව්වනම් බලන්න... ඔබතුමා නැතිව ඒක ලියන්නත් වෙන කවුරුත් ඉදිරිපත් වෙන එකක් නෑ මයෙ හිතේ...

    ReplyDelete
  11. නින්දට පෙර තුණුරුවන් සිහිකරන්න. එතකොට ඔය වගේ භූත හීන පේන එකක් නෑ.

    ReplyDelete
  12. අර දෙයියෝ දොයියන මෙට්ටටයක් ගත්තනම් නපුරු හීන පේන්නේ නෑ :D

    ReplyDelete
  13. පුක් ගේට්ටුවෝ, කඩේ යන එක තාම ඉවර නැද්ද?

    ReplyDelete
  14. තනි වචනයයි ලොකු අයියේ... එක්සලන්ට්..

    ReplyDelete
  15. අවුට්සයිඩරයා කියන්නැහේ සුවර්ණමාලිත් එහෙනම් වරිගෙ පාවල දුන්නා ඈ.

    ReplyDelete
  16. ඇත්තට අර ගම්පහ ස්වර්ණමාලි වගේ පස් මාරැකලානම් මේ ස්වර්ණමාලිට තව හොද ගහක් හොයාගන්න තිබ්බා. එතකොට එයාටත් වීරවරියක් වෙන්න පොඩි චාන්ස් එකක් එක්ක ගානක් අතටත් අරගෙන තව.... ගන්න තිබ්බා.

    ReplyDelete
  17. පණ ගැහෙන තෙළඹුව කපාදමා
    තනන්නටලු යන්නේ අජීවී සෑයක්.....
    කාගෙදෝ ඇටකටු නිධන්කොට.....
    මේ කොටස නම් වෙනස් උනොත් අගෙයි..

    ReplyDelete
  18. කෝකටත් කොලුවො නින්දට පෙර හීනියට දෙකක් දා ගන්න එක තම්යි හොඳම විදිහ.....
    කිව්වත් වගේ බොට හීනෙන් පේන්නෙත් අයි.ටී.එන්. එහෙනන් ඈ...

    ReplyDelete
  19. ස්වර්ණමාළියගෙ සිත වර්තමාන කෝණයකින්.

    "පොරෝ පහරින් පහර
    වැදී හද දැදුරුව
    මියෙන්නට තිබුණනම්
    යටව ඇද වැටෙන තෙළඹුවටම...?"

    තමන් හිඳි තැනින් අකමැත්තෙන් ඉවත් වීමට සිදු වෙන ඕනෙම කෙනෙකුට, (ඒ තැන මුලදී අයිති කරගත්තේ කෙසේ වුවත්) මෙලෙසින් හිතෙනවා ඇති.

    ReplyDelete
  20. http://rmpmcreation.blogspot.com/

    ReplyDelete
  21. සුවර්නමාලිය ගහෙං බහිංට කාරිණාවනං පැහැදිලි නොවැ ඉතිහාසෙංම.ඒ වුනාට සුවර්නමාලි ගහේ නැංගෙ අහවල් දේකටද බොලව්. සුවර්නමාලියව ගහෙං බිමට ගංට යොදාපු උප්පරවැට්ටියක් වෙංට බැරිද බොලව් මේක. ‍

    ඇස් වහක් කටවහක් නෑ බොළ තොගෙ පරිකල්පනේනං මසුරං.

    ReplyDelete
  22. අර බබා දැරිවි ගෙ නමටත් ස්වර්ණමාලි කෑල්ලක් තියනවා නේද ? එයා නම් බැස්සෙ අලියා පිටේ ඉඳලනෙ..කිව්වත් වගේ මේක නම් රවුමක්ම තමයි..

    ReplyDelete
  23. මාර හීනේ අර පද ටිකනම් අපූරුවට ගළපලා තියෙනවා

    ReplyDelete
  24. අර කිව්වත් වගේ දියුණුවක් නෑ.. හැමදේකම වර්ෂන් එක මාරුවෙලා අළුතෙන් එනවා. පොඩි පොත්තක් එක්ක ආවට හැමඑකේම මදේ එකයි කියලා තේරෙන්නේ එතකොට. මේක ඒකමයි. වෙනස පොත්ත විතරයි..

    ReplyDelete
  25. max....!!! [ hope you've read Sunil Wijesiriwardhana's "Rathnawalli"

    ReplyDelete