Thursday, March 10, 2011

ඔබේ මනාපයක් ලසන්තට දෙන්න....!

මෙය මගේ මිතුරෙකු විසින්, අප පළාතේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු පිළිබඳව ඊයේ මා සමඟ කියූ ඕපාදූපයකි. මැතිවරණ පනත අනුව කටකතා පැතිරවීම තහනම් බැවින් මෙය කියවා අමතක කොට ඔහුගේ අංක 14 ට මනාපයක් දෙන ලෙස ඉල්ලමි.

" ලසන්තට මේ සැරේ සෑහෙන්ඩ තියෙනව වගේ නේද බං? ඌ බරට වියදම් කරනවා.... ඒ හින්දම තමා ඌට කාඩ් එක දෙන්ඩත් ඇත්තේ.... නැත්තං ඕකා මොන දේසපාලනයක් කොරපු එකෙක්ද? අඩුගානේ ගමේ සමිතියකටවත් ඉන්නවද දන්නෙ නෑ...... අච්චර අර දේසපාලනේ කොරන්ඩ ගිහින් ගුටිකාල අඬුකඩාගත්තු යූ.ඇන්.පී. කාරයෝ වේලෙද්දි මුං තමා ලැයිස්තුවල ඉන්නේ..............

උඔට කියන්නෙ ලසන්තයා යූ.ඇන්.පී. කාරයෙක් කියලවත් මං දන්නෙ ගිය ජනාධිපතිවරණෙ දවසේ. ඒක මාර සීන් එක......

එදා මං කොහෙ හරි ගිහින් උගේ සර්විස් එක ගාවින් එද්දි බයිසිකලේ ඒකට දැම්මා හෝදගන්ඩ කියලා. ගෝලයෙක් විතරයි හිටියේ. තව උගේ වයිෆ් මං එනවා දැකලා ඇතුලට ගියා. ඒකි අඬලා වගේ.......

ටිකකින් ලසන්තයා කඩාගෙන ආවා.... මූ කෙලින්ම ඇතුලට ගිහින් උගේ ගෑනිට බැනගෙන බැනගෙන ගියා.

"තොට කන්ඩ දෙන්නේ මමනේ........? තෝ මං කියන විදිහට කරපිය..... හැබැයි තෝ ගිහිං බුලත් කොලේට දීලා ඇවිත් තිබුනොත් තොගේ හතර හන්දි කඩලා දානවා බැල්ලි......."

ගෑනිගෙත් කට උඹ දන්නවනේ........

"මම දෙන්නේ මට ඕනෙ එකට.... කෝ මගේ අයිඩින්ටිය...?"

"තොට කන්ඩ දෙන්නේ අයිඩින්ටියද මමද....? තෝ යන්නෑ ඡන්දෙ දාන්ඩ....."

"ඒව කොහෙද...?"

"හරී...... පුළුවන්නං අයිඩින්ටිය නැතුව දාපංකෝ......."

"මගේ අයිඩින්ටිය දෙනවා..........."

ඇතුලේ එක සීරුවට වලිය.

මගේ වැඩේ කරගෙන මම ආවා..... හැබැයි මම එදා ඉඳං උගේ සර්විස් එකටවත් යන්නෙ නෑ...... ඒත් ඉතිං අපි නොදුන්නට මිනිස්සු දෙනවනේ බං.... ඕකා එනවා..."

--------------------------------------

මෙවන් නොවැදගත් ඕපාදූප මත ඔබේ වටිනා ඡන්දය පිළිබඳව ඔබ තීන්දු නොගන්නා බව දන්නා බැවින්, ඔබගේ වැඩිදුර දේශපාලන දැනුවත්භාවය වෙනුවෙන් ඔහුගේ ප්‍රචාරක අත් පත්‍රිකාවක් පහත පළකොට ඇත.

------------------------------------------------------------------------------------------------------------

ඉසුරුබර අනාගතයක් සඳහා, නැවුම් දේශපාලන ගමනකට, නිවැරදි තීන්දුව.........

ගරුතර ස්වාමීන් වහන්ස/ පූජකතුමනි,

මව්වරුණි, පියවරුනි,

සහෝදර සහෝදරියනි,

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතානන් ආරම්භ කල එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් මෙවර පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ***** ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට මට අවස්ථාවක් උදාවීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ගමේ ඉපදුන, ගමේ හැදී වැඩුන, ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ මට ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව හරි හැටි අවබෝධයක් ඇත. දේශපාලනයෙන් හරිහම්බ කිරීමේ උවමනාවක්ද නැත. මට අවශ්‍යව ඇත්තේ දූෂණයෙන්, භීෂණයෙන් තොර ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩ නැගීම සඳහා පළමුව ගම හදා දෙවනුව රට හැදීමේ දේශපාලන ගමන ඇරඹීමයි.

අප ගම්පළාතේ වෙසෙන අහිංසක අසරණ ජනතාවගේ හඬ ප්‍රාදේශීය සභාව තුල නියෝජනය කිරීම මගේ පළමු වගකීම ලෙස මම දකිමි. වත්මන් ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැරකමින් ගෙනයන මෙම දූෂිත පාලනය පෙරළා දැමිය හැක්කේ ඔබගේ වටිනා ඡන්දයෙන් පමණක් බව සිහිතබා ගන්න. ඒ සඳහා පෙරමුණ ගන්නට මා සූදානමින් සිටිමි.

***** මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක ***** **** මැතිතුමාහට ශක්තියක් වෙමින්, එතුමාගේ පූර්ණ ආශීර්වාදය මත මෙවර තරඟ වදින මම මෙම මැතිවරණයේදී ලබන ජයග්‍රහණය තුළින් මට හැකි අයුරින් ඔබ වෙනුවෙන්, ගම වෙනුවෙන් වැඩ කිරීමට අදිටන් කර ඇත්තෙමි.

ඒ සඳහා ආදරණීය ඔබ සැම මා සමඟ එක්සිත්ව පෙළ ගැසී ***** ප්‍රදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට පෙරමුණ ගෙන කටයුතු කරන ලෙසද,

අලියා ලකුණින් අංක 14 වන මාගේ අංකයට ඔබේ මනාපය පළකරන ලෙසද මෙයින් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මා ඔබේ විශ්වාසී,

ලසන්ත දේශප්‍රිය

19 comments:

  1. නියමයි නියමයි..................

    ReplyDelete
  2. සුදුසුකම් ඇත.

    ReplyDelete
  3. ගෑනිගෙ චන්දෙවත් නැත්නම් මුට අනිත් අයගේ චන්දෙ ගන්නෙ කොහොමද?.කියන්න තියෙන්නෙ ජයවේවා කියලා තමයි.

    ReplyDelete
  4. බලමු මචන් ...... මම හිතන්නෙ ලසන්ත දිනයි.... ජය වේවා !!!!

    ReplyDelete
  5. නියමයි නියමයි ලසන්තයා දිනනව උඩින්ම ඒකෙ දෙකක් නෑ. ප

    ReplyDelete
  6. උගේ ගෑනි දෙන්නෙ නැත්නම් ,අල්ලපු ගෙදර ගෑනි වත් දෙයි .ඕකටත් ඉතින් අන්තිමට දොස් අහන්න වෙන්නෙ අහින්සක ලසන්තට තමයි..ඒත් ඉතින් අල්ලපු ගෙදර ගෑනි දෙන්නෙ, ගෙදර ගෑනි දෙන්නෙ නැති නිසානෙ..

    ReplyDelete
  7. ප්‍රසිද්ෂ ස්ථාන වල ඇලවීම තහනම්.... බලාගෙන පරිස්සමින්...

    ReplyDelete
  8. මුන් අපිට සේවය කරන්න පුදුම උනන්දුවක්නේ තියෙන්නේ.මිනිස්සුනට වෑඩ කරන්න මෙහෙමත් උනන්දුවක්...

    ReplyDelete
  9. Fonsekata Jaya Wewa.....Sir we salute u for ever.... we are indebted to u.... Soon the bastards who sold out this country will be punished....

    ReplyDelete
  10. මෙන්න මේ වගේ පරමාදර්ශී පොරවල් වලට තමයි මචෝ චන්දේ දෙන්න ඕන . . හික්ස්

    ReplyDelete
  11. පබා මන්තිරිතුමිය පහුගිය දොහක පාර්ලිමේන්තුවේදී කිව්වා නොවැ,ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වෙන 60% ක් කාන්තාවො වෙනුවෙන් ඉදිරියෙදි පෙනී ඉන්නවා කියලා.ඉතින් ඔය ලසන්තගේ පවුල වගේ ඈයොන්ට සහනයක් තියෙයි නොවැ ඉදිරියෙදි.

    ReplyDelete
  12. මචං චාමි, උඹගෙ සයිඩ් බාර් එකේ තියෙන විරෝධය කියන එක මමත් එහෙමම මගේ බ්ලොග් එකේ දැම්මා. මම හිතනව අවුලක් නැතුව ඇති කියල. අවුල් නම් කියපන් ගලවන්නම්.

    ReplyDelete
  13. මොන අවුල්ද බං? උඔට අවුලක් උනොත් මිසක්....:D

    (මං හිතන්නේ රංග අපි වැඩිදෙනෙක් මේ විරෝධය ප්‍රකාශ කලොත් කවුරු උනත් නැවත ඔය වගේ අමන වැඩක් කරන්න කලින් අඩුගානේ දෙපාරක් හිතයි. ප්‍රචණ්ඩකාරී ලෙස යම් දේශපාලන මතවාදයක් මර්දනය කිරීම නිහඬව දරාගැනීම එම මර්දනය අනුමත කිරීමක් ලෙස ඔවුන් ගනීවි.
    ඕන්නං මේවටත් මොනවා හරි කරලා දායි. ඒත් ටැබූ වගේ පැරණි සහ සාරවත් සංවාද පිරි අඩවියක් එක්ක බලද්දි අපේ ඒවා මොනවද බං?)

    ReplyDelete
  14. ලසන්ත චන්දෙ ඉල්ලනවා, අරූ උගේ සර්විස් එකට යන්නෙ නෑ. hmmm

    ReplyDelete
  15. මේක පබා නෝනට දැනුම් දෙන්න ඕන. එයා ගෘහස්ත ප්‍රචන්ඩත්වයට එරෙහි වැඩපිලිවෙලක් සකස් කරනවලු. අඩුම ගානෙ මුට චන්දෙ දෙන්න එපා කියල කිව්වත් ඇති.

    ReplyDelete
  16. චාමි.
    මමත් මගේ අකමැත්ත ප්‍රකාශ කරන්න උඹේ විරෝධථා පාඨය උපුටා ගත්තා.
    රංගට ඕකේ එක දීලා තිබුනු නිසා ආපහු සැරයක් උබෙන් ඉල්ලන එක ඕන නෑ කියලා හිතුවා.

    ReplyDelete
  17. ලසන්තය ගොඩ යන්න හීන දකිනව.....මුගේ බැරි වැඩ දන්න නිසයිනෙ ගෑනිත් මග අරින්නේ.....

    පබාත් යාන්තන් ඇහෙන් ෂේප් වුනා, ගෘහස්ථ මොකක්ද එක කෙසේ වෙතත්....
    (මට හීනි කේන්තියක් එනව බO ගම්පහ එවුන් එක්ක.....)

    ReplyDelete
  18. ලසන්ත දිනුම් !!!
    මැතිවරණ කොට්ඨාශයේ පක්ෂය තුල දෙවැනි වැඩිම මනාප ලබා ලසන්ත ජයග්‍රහණය කොට ඇත.
    සහාය දුන් ඔබ සැමට ලසන්තගේ ප්‍රණාමය!

    ReplyDelete
  19. රජයේ ඉනව්න ලොකු ලොක්කෝ වැදගත් බ්ලොග් එකක් දෙකක් තුනක් කියෙව්වානම් කොච්චර දෙයක්?? උන් එක ඇහෙන් බලලා ගන්න එක තීරණයකට වඩා මේ පෝස්ට් බලලා නිවැරදි තීරණ ගන්න පුළුවන් ...

    ReplyDelete