Saturday, July 17, 2010

බ්ලොග් කියවන හැමෝටම කාර් එකක් බැගින් (නැත්තේ ඇයි?)

කොප්පරා හන්දියේ මහ පාරට රතු එලිය වැටිල. වාහන ගංගාවක් කහ එලිය වැටෙනකං කුරුමානම් අල්ලනවා. පොඩි කොලුපැටියෙකුත් පස්සෙන් එල්ලගෙන ඔහු පේමන්ට් එක දිගේ එනවා මං දැක්කෙ අහම්බෙන් වගේ. දූවිලි වැකුණු රබර් සෙරෙප්පු දෙක, පැත්තකින් පොඩ්ඩක් උස්සගත්තු පිජාමා සරම, අතකින් ගත්තු පොලිතීන් බෑග්එක, අවුල්උනු කොණ්ඩෙ... ඔහු ගැන කිවයුතු දේ කිව්වා. කොට කලිසමක් සහ පොඩිඋනු ටී ෂර්ට් පොඩියක් ඇඳගත්තු පොඩ්ඩට ඕනවෙලා තිබ්බෙ ඔහුත් එක්ක දුවනවට වඩා වටපිට බලාගන්ඩ.

මං ආසන්නයෙදි පොඩ්ඩා කට ඇරියා.

"තාත්තෙ.. අර බලන්ඩකෝ කාර් ගොඩ......"

ඔහුට ඒක ඇහුනේ නෑ. එකත් එකටම ඔහුගේ ඔලුවේ තිබුනේ රංජනියගේ(?) ඔපරේෂන් එක වෙන්ඩ ඕනෙ. පොඩ්ඩා අඩිය ඉක්මන් කරලා ඔහුගේ අතක් අල්ලගත්තා.

"ඇයි තාත්තෙ අපිට කාර් එකක් නැත්තෙ..?"

සමහරවිට එතනින් එහාට කතාබහක් නොවෙන්නත් ඇති. කොහොමත් මට ඇහුනේ එච්චරයි. ඒක හොඳයි. මොකද ඒ සංවාදය මම අහන්න කැමති මේ විදිහට.


"ඇයි තාත්තෙ අපිට කාර් එකක් නැත්තෙ..?"

"කොහෙ තියෙන කාර්ද බං?"

"ඇයි ඔය ඕන තරං තියෙන්නෙ.... ගමුකො.."

"ඕවට කොහෙන්ද සල්ලි...?"

"සල්ලි නැත්තෙ මොකද? ඔය ඕනතරං අය කාර් අරං තියෙන්නෙ...?"

"යකෝ.. උන්ට තිබ්බට අපිට තියෙනවයැ....?"

"ඇයි ඒ...?"

"අපේ කරුමෙ තමා......" (සමාවෙන්න. ඒක නොදානෙ මේ වට රවුමක් යන්නෙ)

"අපිට කවුද ඔච්චර සල්ලි දෙන්නෙ?"

"කවුරුවත් දෙන්නෙ මොකටද? තාත්තට හම්බකරන්ඩ බැරිද?"

"@@@@" (කුණුහරුපයක් බැවින් ඉවත් කරන ලදී)

"අපිට කවුද එහෙම රස්සා දෙන්නෙ..... අයින් වෙලා වරෙන්.."

"කවුද තාත්තෙ රස්සා 'දෙන්නෙ'..?"

"සල්ලි තියෙන උන් තමයි... ඔන්න වලක්...."

"කවුද තාත්තෙ පාරෙ වලවල්...." (සංවාදයට අදාල නොවේ)

"ඒ අයට කොහෙන්ද සල්ලි...?"

"ඔය බිස්නස්..... ඉඩකඩං..... තව තව....."

"එතකොට ඒව පටන් ගන්න සල්ලි?"

"හුඟක් එවුන් උපතින් ගෙනාපුවා බං...."

"උපදිනකොට කවුද දෙන්නෙ....?"

"උන්ගෙ මහඑවුන් මිසක්......."

"එතකොට ඔයත් මට දුන්නද?"

"මට කොහෙන්ද බං සල්ලි....?"

"ඇයි ඒ....?"

(සංවාදය කොහෙන් හෝ පිට පැන ඇති බව පෙනේ. එබැවින් පහත සංශෝධනය එකතු කරමි.)

"අර බලන්ඩකෝ තාප්පෙ............ කවුද තාත්තෙ බැංකිමූණා කියන්නෙ...?"

"ආං.... ඕකා තමා මේ සේරටම මුල..."

24 comments:

  1. ඇත්ත නේන්නම් .. :-(

    ReplyDelete
  2. තිත්ත ඇත්ත ඉතාමත් සරලව

    ReplyDelete
  3. ඇයි තාත්තෙ මම කාර් එකක් තියෙන තාත්ත කෙනෙක්ට ඉපදුනේ නැත්තේ...

    ReplyDelete
  4. Follow karanna behe ne...
    msg akak anawa
    The requested URL /accounts/SetSID... is too large to process.

    kiyala...

    ReplyDelete
  5. @ wath,
    දැං හරි මං හිතන්නෙ. ස්තුතියි.

    ReplyDelete
  6. මරු මචං මට මේ ප්‍රෂ්නෙට උත්තර දීලා හරි මහන්සියි.

    මීපැණි

    ReplyDelete
  7. ම්.........ම්.......වත්ගේ කොමෙන්තුව දැක්කහම මට මතක් වුනේ. අපේ නෑදෑ වෙන නංගී කෙනෙක් ඉන්නවා. එයා දැන් කැම්පස්. එයා මගේ චූටි නංගිට කියලා තියෙනවා එයා කවදා හරි බඳින්නේ ප්‍රාඩෝ එකක් තියෙන කෙනෙක් කියලා.

    මොන තරම් උගත් වෙන්න ඕනෙද කැම්පස් යන්න. හැබැයි බුද්ධිමත් වෙන්නම ඕනේ නැහැ වගේ නේද? :D

    ReplyDelete
  8. @ RanDil
    ඇත්ත RanDil .හැබැයි ඒක එයාගෙ වරදක් නෙමේ. මුළු සමාජ කතිකාවෙම (හැමදේම පව්/පින් වලට බැර කරන අපේ සංස්කෘතියත් ඇතුළුව) වරදක්.

    ReplyDelete
  9. නිදහසේ කමෙන්ට් කරන්න පුලුවන්නම් හොදයි. ඒක කමෙන්ට් කරන්නන්ට දිරියක්. පස්සේ කුණු හරුප තිබුනොත් අයිං කරන්න බැරියෑ. හොද කථාවක්. සංකල්පනාව ප්‍රබලයි නේ.

    ReplyDelete
  10. ඈත්තටම මේ සංවාදේ ඉවර වෙන්න ඕනා කොතනින්ද? කියලා මටත් හිතා ගන්න බෑ!

    ReplyDelete
  11. මචෝ අද තමා උඹේ බ්ලොග සෙට් වුනේ. එලතමා. මං මේ අග ඉඳන් මුලට කියවගෙන යන ගමන්. හටිපං ඉතුරු ටිකත් කියවන්න ඕනේ.

    ReplyDelete
  12. අපේ ගෙදරත් ගොඩක් ප්‍රශ්න වලට මුල ඔය බැංකියා

    ReplyDelete
  13. දැං ප්‍රභාකරනුත් නැති එකේ මූණා ඉන්න හින්දා හොඳට ගියා.

    ReplyDelete
  14. නියමයි මචන් නියමයි ..මාත් ඔය වගේ එකක් ලිව්වා..ඒත් නොදා ඉන්නේ
    දාන්න හිත දෙන්නේ නැහැ මචන්..නමුත් මේ නිර්මාණය නම් ඉතාම ඉහලයි
    අවංකවම ...

    ReplyDelete