Thursday, June 5, 2014

ඩොලර් කාක්කෙක් ඔබ අමතයි....!!

මේ ලියන්නේ පොඩි හදිස්සියකට. මගේ යාළුවෙක් ලැජ්ජාව හින්දා දිවි නහගන්න යනවා. මිනිහගේ අන්තිම කැමැත්ත මිනිහා ලියන මේ අවසන් පාපොච්චරණය මිනිස්සු අතරට ගෙනියන එකලු. මැරෙන්නෙ මිනිහගේ කැමැත්තෙන් හින්දා මට ඒකට කරන්න දෙයක් නෑ. ඒත් යාළු ෆිට් එක හින්දා මිනිහගේ ඉල්ලීම ඉෂ්ඨ කරලා දානවා.  ඇත්තටම මිනිහා උනත් ඒ දවස්වලනං මේ වගේ බ්ලොග් පඩංගු සතේකට ගණන් ගත්තෙ නෑ. ඒ දවස්වල මෑන්ස්ට ජාතික පත්තරවල ෆුල් පේජ් ලැබුනා. යා ටීවී එකේ පැයේ හමාරේ පෝග්‍රෑම්. දිනපතා සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශණ, සත්‍යග්‍රහ අරවා මේවා. දැන් ඒවා නෑ. දැන් කාටහරි කෝල් එකක් ගත්තත් ‘පොඩි වැඩක මචං... ටිකකින් ගන්නං’ කියලා කට් කරලා ෆෝන් ඕෆ් කරගන්නවලු.  එක අතකට ඉතින් ලෝක ස්වභාවේ තමා නේද?

කියන්න බැරිවුනානේ. මිනිහා මේ රටේ තිබ්බ හෙන ලොකූ එන්.ජී.ඕ. වක ලොක්කෙක්. දැන්නං ඒක ඇති නැති ගානයි. මොනව උනත් හිත හොඳ එකා. ඒ දවස්වල මේ බ්ලොගේ ලියනවටත් එහෙං මෙහෙං ඩොලර් ටිකක් නොදුන්නම නෙමේ.  විපුලයට හෙම ගෙව්වේ ෆේස්බුක් කමෙන්ටු ගානට. හප්පා එහෙම කාලයක්.

ඒ අනවශ්‍ය කතා ඇති. මෙතන ඉඳන් තියෙන්නේ සිය දිවි නසාගන්න කලින් මිනිහා කරන පාපොච්චාරණය. මේ ලිපිය කියවලා මෙයාට නිවන් සැප ලැබේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න.

“සියළු ලංකාවාසීන් වෙත ලියමි. ඉමහත් ලැජ්ජාවෙන් පෙළෙමින් මේ ලියන්නේ කිසිදා ලියන්නට වෙතැයි නොසිතූ ලියුමකි.
මම එන්.ජී.ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධානයක ලොක්කෙක්මි.  හුඟ දෙනෙක් මට කියන්නෙ ඩොලර් කාක්කා කියලා. මගේ සංවිධානය මේ රටේ තිබුණු ලොකුම එන්.ජී.ඕ. සංවිධාන වලින් එකකි. අපේ සංවිධානයට ඒ දවස්වල අධිරාජ්‍යවාදී රටවලින් ඩොලර් ලක්ෂ ගණන් කුට්ටි පිටින් ලැබුනු බව පිළිගනිමි. ඒවා දුන්නේ නිකම් නොවේ. ආධාර දුන් ඒජන්තයන්ගේ කූට අරමුණු අප ලවා ඉටුකරවා ගැනීම පිණිසය. අපිද ඒ සඳහා සැදී පැහැදී සිටියෙමු. විවිධ ඒජන්තයන් මුදල් එව්වේ විවිධ අරමුණු වෙනුවෙනි. තවදුරටත් ජීවත්වීමේ අදහසක් නැති නිසා ඒවා පහත හෙළිදරව් කරමි.

1 මේ රටේ පමණක් සුරක්ෂිතව තිබෙන උතුම් ථේරවාදී බුද්ධාගම විනාශ කොට දැමීම
2 ලංකාවේ පවතින අති උතුම් අවිහිංසාවාදී සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන සුද්දන්ට හෙන ජෙලස්ය. ඒක කම්බස් කර දමන්නට
3 ලංකාවට ආවේනික සත්ව සහ ශාක වල ජාන සම්පත් සොරකම් කර ගැනීමට සහ සිංහරාජය වැනි උරුමයන් විනාශ කර දැමීමට.
4 ලංකාවේ ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලෝක මට්ටමින් වසං කිරීම සඳහා ඉතිරිව ඇති පෞරාණික නටඹුන් ස්මාරක හීන්සීරුවේ වනසා දැමීමට.
5 ලංකාවේ සිංහලයන්ගේ ඇති මිත්‍රශීලී සහ ත්‍යාගවන්තභාවය ගැන ලෝක මට්ටමින් ඇති කීර්තිනාමය විනාශ කර දැමීමට.
6 සිංහලයන් උපතින්ම ඉහළ බුද්ධි මට්ටමකින් යුක්ත නිසා ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබා ලෝක මට්ටමේ බලවත් වීම වැලැක්වීමට.
7 ලංකාවේ භෞමික අඛණ්ඩතාව විනාශ කොට මේ රට දෙකට හෝ තුන හතරකට කඩා අස්ථාවර කිරීමට.
8 ලංකාවේ ශක්තිය රැඳී ඇති රහස වන රජරට ගොවි ජනයා අඩපණ කොට දැමීම.
9 ලංකාවේ ස්වභාවික සම්පත් හීන් සීරුවේ අධිරාජ්‍යවාදීන් යටතට ගැනීම.

ඇත්තම කියනවානං ඔය අරමුණු  ඉෂ්ටකරදීම වෙනුවෙන් මම ඇතුළු අපේ කණ්ඩායම මුළු ආත්මයෙන්ම කැපවෙලා ඒ දවස්වල වැඩ කලා. සුද්දොත් අපිට මදි නොකියන්න ගෙව්වා. සල්ලි තියෙන නිසා මිනිස්සුන්ගෙන් අඩුවක් තිබ්බෙත් නෑ. මාධ්‍ය වල හෙම හොඳට ඉඩකඩ ලැබුනා. අපි යම් සාර්ථකත්වයක්  ලැබුව බවත් කියන්න ඕනේ.

අපිට ලොකුම අබග්ගය උනේ විමල් වීරවංස මහත්තයා අපේ හොර වැඩ අල්ලාගැනීම. ඒ එක්කම උදය ගම්මන්පිල, චම්පික රණවක මහත්තේලා, ගුණදාස අමරසේකර... නලින්ද සිල්වා යුවල... රතන හාමුදුරුවෝ හෙම අපේ වැඩ ගැන දැනගෙන අපේ පළු අරින්න ගත්තා. අපි ලොකු අමාරුවක වැටුනත් සල්ලි තිබ්බ නිසා ඒවා ඔක්කොම යට කරගෙන අපේ වැඩ හීන් සීරුවේ කරගෙන යන්න අපිට ඇහැක් වුනා.

ඇත්තම කියනවානං අපේ පාත්තරේට හෙණහුරා වැටුනේ මහින්ද රාජපක්ෂ මහත්තයා තනියම යුද්දේ ඉවරකලාට පස්සේ. ඊට පස්සේ අපිට වැඩ නැතුව යන්න ගත්තා. එච්චර කාලයක් අරුන් ඩොලර්,යුරෝ දසලක්ෂ ගානක් එවලත්, අපි දවල් රෑ නැතුව ඒ සල්ලිවලින් දුවලත් කරගන්න බැරිවුනු දේවල් රාජපක්ෂ මහත්තුරු එක රැයෙන් දෙකෙන් කරන්ඩ ගත්තා. මේවා ලියද්දිත් ඇ‍ඬෙනවා.

අපි අවුරුදු ගානක් තිස්සේ බුද්ධාගමට අනින්න හදලත් කරගන්න බැරිවෙච්චි දේවල් අහවලාගේ බොදු බල සේනාවෙන් එක රැයින් කලා ඕයි. අපි කරන්න හැදුවේ හීන් සීරුවේ හාමුදුරු නමක් දෙන්නෙක් අල්ලගෙන බොන්න පුරුදු කරලා.... ඔහොම එකක්. ඒ වුනාට අරුං එක සතියෙං හාමුදුරුවරු කියන්නේ අංක එකේ කුණුහරුප කියන මැරයො ටිකක් බවට පත්කොලා. ඊට පස්සේ ඒකට ආපු සල්ලි නැවතුනා.

අර සිංහරාජෙට කෙලින්න කියල ආපු සල්ලි ටිකට නාමලයා කෙළියා. නිකං කොරගන්න පුළුවන් දේට අපිට සල්ලි එවන්ඩ සුද්දන්ට පිස්සුයැ? අර ස්වභාවික සම්පත් ටිකට කෙලින්න ආපු සල්ලි අහවලා හින්දා නැතුව ගියා. පොඩි ඩීල් එකකින් ඕන මගුලක් සින්නක්කරේට ලියාගන්න පුලුවන්කම තියෙද්දි මොකට කුමන්ත්‍රණ කරනවද?

ඉතිහාසේ/නටඹුන් සබ්ජෙක්ට් එකටත් දැන් සල්ලි එන්නේ නෑ. සල්ලි ඉල්ලුවාම සුද්දෝ අහනවා පහුගිය අවුරුදු හත අටේ හමුදා පොලිස් ගාඩ් දාගෙන කඩපුවාට අමතරව තවත් කොහෙද ඕයි නටඹුන් තියෙන්නෙ කියලා.  උන්ට බොරු කරන්න අමාරුයි.  ඒ ගමන ඉතිහාස පෙළපොත් වල පොඩි පොඩි ජිල්මාට් ටිකක් දාලා ඉතිහාසේ ටිකක් අවුල් කරලා දාමුද ඇහුවාම උන් කිව්වනෙ ‘තමුසෙලා පැහෙන්නැතුව ඉන්නවලා... සනත් අබේසේකරලා... ජයන්තලා ජැක්සන්ලා ඒ ටික කරලා දායි’ කියලා. අපේම කරුමේ.

මොනව උනත් අපි සැලුනේ නෑ. ඔය මොක නැතත් සිංහලයාගේ අර සුහදශීලී සාමකාමී මෙව්ව එක තියෙනවනේ. ඒකටවත් සල්ලි ටිකක් ගන්න ඇහැක්නේ. ඔන්න ඔය අතරේ තමයි අර ගොං තංගල්ලේ සබාපතියා ගේම දුන්නේ. අපිට ඩොලර් ලක්ෂ ගානක් වියදම් කරලා වත් කරන්ඩ බැරි දෙයක් මූ විනාඩි පහෙන් කෙරුවනේ ඕයි? අපි මෙහෙන් සල්ලි ඉල්ලද්දී එහෙ සුද්දෝ ලංකාවට යන්න එපා කියලා බැනරුත් දාලා. හද්ද කුජීතයි. ඒ මදිවට ලෝකේ පුරා දාලා ඉන්න තානාපති නෑදෑයෝ ටික ඉතුරු හරිය ගානට දෙනවා. අපිට ඇඩ්‍රසුත් නෑ.

ඕම එකින් එක කෙළවෙන්න ගත්තා. අපිට අධ්‍යාපනය කියාගන්නවත් නොදී එස්.බී යයි බන්දුලයයි වැඩේ දුන්නා. ගොවි ජනතාව කියලා එවුන් ජාතියක් දැන් ඇත්තෙත් නෑ. ඉන්නෙ වකුගඩු ලෙඩ්ඩු. ගොයිතැන් නොකරන උන්ටත් එහෙමට ඇති ශක්තියක් නෑ. තුන්වේල හරියකට කන්ඩවත් නැති උංගේ අහවල් රෙද්දද අඩපණ කොරන්ඩ තියෙන්නේ? කාලයක් වතුර විකුණන්ඩ කියලා අපි ගාන කපාගත්තා.  දැන් සුද්දෝ ඒවට අහුවෙන්නෙ නෑ. උන් අහනවා කොහොමත් විකුණන එහෙකට අපි මොකටද ඕයි පෙට්‍රල් පුච්චන්නේ කියලා.

ඒ දවස්වල සුද්දන්ගේ ඒකායන අරමුණ වුනේ ලංකාව කිසිම චාරයක් නීතියක් නැති, ලෝකෙටම පරාධීන, රුපියල් දාහ හමාරටත් මිනි මරාගන්න අන්ත කුජීත රටක් කරන්න. උන් කියනවා දැන් ඒක වෙලාලු. ඒක හින්දා සියළු ප්‍රොජෙක්ට් කැන්සල්ලු.

අම්මපා කියන්නේ.... දැන් කැඳ වතුර උගුරක් බොන්න සල්ලි නෑ. ඒත් කමක් නෑ කිව්වෑකි. අපි ටැප් වතුර බිබී හරි මෙච්චරකල් හිටියා. මේ ගිය සුමානේ වෙනකං.  ඒත් තවත්නං ඉවසන්න බෑ. මෙච්චර හරියක් වෙලා තියෙද්දිත්, විමල් මාත්තයලා, චම්පික, වාසු,ඩලස් මහත්තේලා කට ඇරපු ගමන් කියන්නේ අධිරාජ්‍යවාදී විදේශ බලවේග මේ රට විනාස කොරන්ඩ කුරුමානම් අල්ලනවලු. ඔය කතා තේරුම්ගන්න බැරුව පිස්සු හැදිලා අපේ දෙන්නෙක් ගිය සුමානේ එල්ලිලා මලා. මටනං උහුලගන්ඩ බැරි මේ ලැජ්ජාව. එහෙං සුද්දන්ට මූණ දෙන්ඩ බෑ. මෙහෙන් මුං කියනවා අපිට තාම සුද්දො ඩොලර් දෙනවලු. රෙදිත් ඇඳගෙන මෙව්වා තවත් අහං ඉන්න බැරිනිසා මමත් තව පැයකින් එල්ලිලා මැරෙනවා. 

රාජපක්ෂ ආන්ඩුව බංගවේවා....!!
මීට ඩොලර් කාක්කා.”

26 comments:

  1. හුකෑස්...

    ReplyDelete
    Replies
    1. මිගාර ට ඉතින් හුකෑස් තමයි

      Delete
  2. //මෙච්චර හරියක් වෙලා තියෙද්දිත්, විමල් මාත්තයලා, චම්පික, වාසු,ඩලස් මහත්තේලා කට ඇරපු ගමන් කියන්නේ අධිරාජ්‍යවාදී විදේශ බලවේග මේ රට විනාස කොරන්ඩ කුරුමානම් අල්ලනවලු. //
    ඇයි බන් ඔය කියන සුද්දො ටික දැන් ඔය ඩොලර් කාක්කලා කපා හැරදා ගණුදෙනු කරනවා ඇතිතෙ ඔය කියන මහත්තැන්ලා එක්ක. ඉතින් ඒක දන්න නිසානෙ ඒ ගොල්ල පුන පුනා ඔය කතාවම තියෙන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ සුද්දන්ට තව කුමන්ත්‍රණ කරලා මෙහේ විනාස කොරන්ඩ තියෙන්නෙ අහවල් තෙං ගෙඩියක්ද කියන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඇනෝ! සුද්දෝ මේ පැත්ත පළාතේ ආයේ එන්නේ නැහැ. මොකද අපි ඔක්කොම විනාස කර ගත්තනේ! දැන් ඉතින් සුද්දන්ට බය වෙන්න දෙයක් නැහැ. නේද අනේ!

      Delete
    2. හරියට හරි ඇනෝ! සුද්දෝ මේ පැත්ත පළාතේ ආයේ එන්නේ නැහැ. මොකද අපි ඔක්කොම විනාස කර ගත්තනේ! දැන් ඉතින් සුද්දන්ට බය වෙන්න දෙයක් නැහැ. නේද අනේ!

      Delete
  3. හොඳ වැඩේ ඕකුන්ට.. මම කිව්වේ ඇන් ජී ඕ කාරයන්ට.

    ReplyDelete
    Replies
    1. Mathalan, umbath oya NGO nadayata ayath. Umbatath salli labenabawa thamay kattiya kiyanne Sinhala bauddha kamata garahanna.

      Delete
    2. Meka mathalange paapochchaaranaya kiyala topic damma nam hari.

      Delete
  4. මං හිතුවා කාක්කා ගේවාක්‍ය රචනාව නිකං මෙන්න ේ වගේ තියේවී කියලා.

    කාක්, කාක්කාක්කාක්, කාක්ක්, කකාක්, ක්කක්, ක්කා, කාක්...!

    අඩුවශයෙන් අර අන්තිමට තියෙන සිග්නේචර් එකවත් කාක් භාෂාවෙන් දාන්න තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. කකා එහෙම එකක් ලියන වෙලාවක ඒ විදිහේ සිග්නේචර්ස් දාන්න. කැමති නම් විතරක්. මේක චාමි කැමති විදිහනේ . අපි ඒකට ඉඩ දෙමු නේද කකා?

      Delete
  5. අම්මප හෙන ගහනවා ඕකුන්ට

    ReplyDelete
  6. හෙහ් හෙහ් හෙහ් ..... මැරෙන්ඩ වටිනව නේන්නං.

    ReplyDelete
  7. කියලා වැඩක් නැහැ......

    ReplyDelete
  8. මීට වඩා හොඳට මේක කියන්න විදියක් නෑ. සැලියුට් !

    ReplyDelete
  9. දැන් ඉතින් ලංකාවේ සංවේදී මිනිස්සුන්ගේ හිත රිදෙන්න උඹ මේ වගේ එකක් කිව්වම අර මාලං අන්කල් තොප්පිය ගලවල ආචාර කරයි. ශික් තොපි අවජාතකවාදියෝ. ගංජා ගහන්න පුරුදු කරේ නැද්ද

    ReplyDelete
  10. නිවන් සැප ලැබේවා! බ.කු.ස.

    ReplyDelete
  11. හුකෑස්
    පට්ට ඕයි

    ReplyDelete
  12. චාමියා ඔබ්ජෙක්ෂන් නැතිව බොක්කෙන්ම එකඟ වෙන කතාවක්. ලියන්න තියෙන උපරිමයෙන්ම ලියපු. ඒ මහත්තෙයා ට මැරෙන්න හාක්රෝස් පටාස් එකක් ගන්න මගෙත් ගානේ සම්මාදමක් දෙන්නම්.

    ආ මේක කියන්න එයාට. තව ඩිංගිත්තක් අල්ලාගෙන හිටියොත් මැරෙන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. දෙවැනි රාජපක්සයා බලයට ආවාම කරන කෙලි දැකලා හාට් ඇටැක් එකත් ආණ්ඩුව ගානේම ලැබෙයි කියලා.

    ReplyDelete
  13. මොක්කුද බං මේ එන් ජී ඕ කාරයෝ කියන්නේ?

    ReplyDelete
  14. මැරෙන එකේ ඔය ඩොලර් දෙන ඈයෝ කරන ආකාරයට මාස් සූසයිඩ් එකක් කොරානම් අඩුගානේ එලොවෙදිවත් උන්ව හම්බවෙයිනේ..

    ReplyDelete
  15. චාමි, මේක උඹේ පට්ට බොරුවක්! ඔය කියන වගේ මිනිස්සු ලංකාවේ නැහැ. ඉස්සර ඔය වගේ උන් ලංකාවේ නැහැ කියපු උන් දැන් කියනවා උන් ඉන්නවා කියලා. උඹ ඉස්සර කොහොම කිව්වද කියලා මම දන්නේ නැහැ. හැබැයි පුතෝ මෙහෙම උන් ඇත්තටම ලංකාවේ නැහැ කියලා උඹට කවදා හරි ඇත්ත පිළිගන්න හිතුනොත් .....උඹ එල්ලිලා මැරියන්... (එත් අපායේ ඉඳලා හරි බ්ලොග් එක ලියපන්)

    ReplyDelete
  16. why this blog stopped. I am a pan of your blog. Please write.

    ReplyDelete
  17. Charmie-please keep writing. Your posts got creativity, sarcasm, reality and above all a human face.

    ReplyDelete