Monday, May 5, 2014

තිත්ත කරවිල කතාවේ ඇත්ත කතාව


මගේ හොඳ දුවේ. අද තාත්ත හාල් ටිකක් හොයාගෙන එනවා කිව්වානේ... එතකොට මං මගේ පුතාට බත් උයලා දෙන්නම්කෝ... දැන් මේ කරවිල ටික කන්න...." අපේ අම්මලා හඳේ හාවා පෙන්නා ඩිංග ඩිංග බණ්ඩියට දාන්න නොවිඳිනා දුක් විඳින කරවිල පිඟානක්ම පුංචි දුවගේ අත්ල මත. ඒ ළපටි දෙතොල් අතරින් තිත්තම තිත්ත කරවිල කටක් ඇතුළු කරන්නේ කොහොමද....? දරිද්‍රතාවත්, මවුපියන්ගේ අසරණකමත්, නොතේරෙන පුංචි දියණියගේ මොළකැටි කම්මුල් දිගේ කඳුළු කඩන් වැටෙද්දී බෝලයක් වගේ ගුළිවුණු කරවිල කටක් උගුරේ පහළට ගියා. නංගියගේ කෑමත් නවතියි කියලා හිතුණ දහතුන් වියැති පුංචි අක්කා කිසි වෙනසක් නොපෙන්නාම කරවිල පිඟානම ගිල දැම්මා....”

ඉහත උපුටනය, පෙබරවාරි දෙවෙනිදා මව්බිම පත්තරේට වාසනා සුරංගිකා විතානගේ / පුබුදුපුර - රුචිර සේනාරත්න කියලා ‘මාධ්‍යවේදී’ ඩබලක් ලියාපු “දවස් පහක් කරවිල කාලා රෝහල්ගතවන්නට සිද්දවෙච්චි අම්මා” කියන හොටු කඳුළු නිවුස් කතාවෙන්. මේක පළවෙලා පැය කීපයක් ඇතුලත මේ ප්‍රවෘත්තිය රටම කැළඹුවා.  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් බොදු බල සේනාව දක්වා කලබල වෙලා ක්ෂණික පියවර ගන්න පටන් ගත්තා.  ඡන්දයක් අතළඟ තිබ්බ නිසා මේකේ ප්‍රවෘත්ති වටිනාකම හිතාගන්න බැරි තරම් ඉහළ ගියා. විපක්ෂ වේදිකාවල මේ තිත්ත කරවිල කතාව රසමසවුලක් වුනා. ආණ්ඩුව කරවිල ගිලපු ගොළුවො වුනා.

මේ නිවුස් එක අහපු ගමන් ගමක ජීවත්වෙන හාදයෙක් හැටියට මට මේක එච්චර ඇල්ලුවේ නෑ. සාමාන්‍යයෙන් මෙහෙම සිදුවීම් ගම්වල වෙන්න ඉඩක් නෑ. එනිසා මම හිතුවේ මේක ඇත්තක් නම්, මේ මිනිස්සු එක්කෝ ගම්මානයකින් දුරස්ව තනියම ජීවත්වෙන්න ඕනේ. එහෙම නැතිනම් ගමකට එපාම කරපු පිරිසක් වෙන්න ඕනේ. එනිසා මට ඕනෙ වුනා මේකෙ ඇත්ත නැත්ත හොයන්න.

මා විසින් සහ වෙනත් ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර කිහිපයකින් ලබාගත් තොරතුරු මත කතාව කෙටියෙන් මෙහෙමයි.
මේ කරවිල කතාවේ කතානායිකාව වන සීවලාපිටිය පදිංචි විනීතා මොකක්හරි හේතුවකට ගමනක් යනකොට බස් එකේදි දන්න කියන කාන්තාවක් හමුවෙනවා. ඒ කෙටි කාලය තුල දෙන්නා ජීවත්වීමේ අගහිගකම් සහ අළුත උපන් නිවුන් දරුවන් දෙදෙනා ගැන කතාවෙනවා. ඒ කතාවෙදි විනීතා ඇයට කියනවා ඇය සම්පූර්ණ දවසක් කරවිල කාපු එක ගැන. (ඒ කරවිල කාලා තියෙන්නේ ඇගේ ඥාති වැඩිහිටි කාන්තාවකගේ උපදෙස් මත කිරි එරෙන්න. ඒ හේතුව අර කාන්තාවට කිව්වද කියන එක පැහැදිලි නෑ. බොහෝවිට අදහස් සන්නිවේදනයේ පොඩි වයර් පැටලීමක් වෙන්න ඇති)
ඒ කාන්තාව කියනවා එයා දන්න පත්තර වාර්තාකාරයෙක් ඉන්නවා. එයාට මේ විස්තරේ කියන්න කියලා. ඒකට විනීතා එකඟ වෙනවා. ඒ අනුව පසු දවසක අර අදීන මාධ්‍යවේදීතුමා(ලා) විනීතාගේ ගෙදරට එනවා. ඇවිත් විස්තර අහගෙන යනවා.

දවස් කීපයක් යනවා. ඔන්න එකදවසක් උදේ 10 ට විතර (නිවුස් එක පළවුනු දා) අනුරාධපුර අතිරේක දිස්ත්‍රීක් ලේකම්තුමියක් කඩිමුඩියේ සීවලාපිටියට එනවා. ඇවිත් ගම්මුන්ගෙන් මෙහෙම අහනවා.
“අර දවස් පහක් කරවිල කාලා ඉස්පිරිතාලේ හිටපු ගෑනු කෙනාගේ ගේ කොහෙද?”
ගම්මු මූණෙන් මූණ බලනවා.
“විනීතා කියන්නේ? එයාගෙ මහත්තයා ලසන්ත..... එයාලට නිවුන් දරුවො දෙන්නෙක් ඉන්නවා....? ......”
ගම්මු විනීතාගේ ගේ පෙන්නනවා.
එදා තමයි විනීතා හා පුරා දැනගත්තේ තමුන් දවස් පහක් කරවිල තම්බලා කාලා දවස් දොලහක් ඉස්පිරිතාලේ හිටපු බව.
----------------------

විනීතලට රුපියල් එක්දාස් පන්සීයක සමෘද්ධි මුද්දරයක් තියෙනවා. ගොඩ ඉඩම් අක්කර දෙකකුයි කුඹුරු අක්කර තුනකුයි තියෙනවා. ඒ කියන්නෙ සීවලාපිටියෙ අනික් ගම්මුන්ට වඩා අඩු දේපලක් නෙමේ. හැමෝටම ඔය වගේ තියෙනවා. ඒ වගේම හැමෝටම ජීවත්වෙන්න එක වගේ අමාරුයි. විශේෂයෙන් ඔය කියන වකවා‍නුවේ පැවති නියඟය මුළු ගමටම තදින් බලපෑවා. ගොවිතැන් කටයුතු නැති නිසා මිනිස්සුන්ට කුලි වැඩ හොයං යන්න වුනා. කුලි වැඩත් හිඟ වුනා. දරුවො හතර දෙනෙක් නිසා විනීතලට අනික් අයට වඩා සෑහෙන්න අමාරු වෙන්න ඇති. විනීතගේ මහත්තයා මීඩියා වලට ඇඬුවට  ඇත්ත සතා නම් පවුලේ බර එච්චර ඇඟට නොගත්ත අමුතු පහේ හාදයෙක් කියලයි ආරංචි. මිනිහා උන්හිටි ගමන් සති දෙක තුන කොහෙහරි ගිහින් හම්බකරගත්තු දේකුත් නැතුව නිකම්ම ආපහු කඩාපාත්වෙන ජාතියේ චරිතයක්. කොටින්ම මිනිහා ගැන ගම්මුන්ගේ චරිත සහතිකේ එච්චර හොඳ එකක් නෙමේ. හැබැයි විනීතා හොඳ ධෛර්යවන්ත ගෑණි කියලා පළාතේ කවුරුත් කට ඇරල කියනවා.

දරුවන් හතර දෙනෙක් එක්ක සැමියගේත් නිසි සහයෝගයක් නැතිව විනීතා මහ දුකක් විඳින්න ඇති.  (යකෝ හාල් කිලෝවක් හොයාගන්න බැරි එකා පිරිමියෙක්ද නැත්තං ****ක්ද? ) හැබැයි ඉතින් මොන අහේනිය තිබ්බත් දවස් ගණන් කරවිල ගිලින්න තරම් තත්වයක් සීවලාපිටියේ කාටවත්ම තිබ්බෙ නැති බව කියන්න ඕනේ. ලංකාවේ වැඩියෙන්ම වට්ටක්කා සහ පුහුල් වගා කරන ප්‍රදේශයක් මහ විලච්චිය.  කතාවක් තියෙනවා වට්ටක්කා වාරයට මහවිලච්චියේ ගොවියෝ විකුණගන්න බැරුව විසිකරන වට්ටක්කා තොගය විතරක් ගත්තොත් උතුරු මැද පලාතටම උනත් වේල් දෙකතුනක් දෙන්න හැකියි කියලා. දඹුල්ලේ වට්ටක්කා මිල තීරණය වෙන්නේ මහවිලච්චිය මත. ඒ වගේමයි බඩඉරිඟු. මහවිලච්චියේ වැව නිසා කුඹුරු ගොවිතැන් වුනත් තද නියගයකදී හැර පාළු වෙන්නෙ නෑ.

ඔය කරවිල කෑවයි කියන වකවානුවේ සීවලාපිටියේ ඕනෙතරම් වට්ටක්කා බඩඉරිඟු තිබුණයි කියන එක කියන්නේ සීවලාපිටියේ මිනිස්සු.  ගම්වල මිනිස්සු ගමේ එකාට වට්ටක්කා ගෙඩිය විකුණන් කන්නෑ. කවුරුහරි ඉල්ලුවොත් සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් නොදී ඉන්නෙත් නෑ.  විනීතාගේ ගේ වටේ ඉන්න වැඩිදෙනෙක් ඇගේම ඥාතින්. මේ මනුස්සයා දරුපැටව් ටිකත් එක්ක දවස් පහක් කරවිල කනකං ඒ කවුරුවත් බැලුවෙ නෑ කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද?

විනීතා රෝහල්ගත වෙලා හිටියේ නෑ කියන එක කියන්නේ විනීතාමයි. ඇය රෝහලකට ගිහින් තියෙන්නෙ ඊට මාසෙකට විතර කලින්. ඒ ළදරුවො දෙන්නගේ ක්ලිනික් එකට. ඒ කියන්නෙ රෝහල් කතාවත් පට්ටපල් බොරුවක්. විනීතාගේ වචන වලින් ම මෙහෙමයි.
“මං එයාලට (මාධ්‍යවේදීන්ට) ඉස්පිරිතාල කතා මොකුත් කිව්වෙ නෑ.... ඒවා ලියලා තියෙන්නෙ එයාලමයි... ඒත් ඉතිං එයාල හින්දනේ මේ සේරම ලැබුනේ....”

නිවුස් එක ගියත් එක්කම හිත උණුවුනු සංවේදී මිනිස්සු දුර බැහැර ඉඳන් විනීතා හොයාගෙන එන්න ගත්තා. මේක ගමේ මිනිස්සුන්ට ලොකු අවුලක් වුනා. සමහරු ආධාර අරන් ආපු මිනිස්සු වෙන පාරවල්වල පවා යවලා තිබ්බා. ඇතැම්විට ඉරිසියාව වෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන් කියන කතාවේ ගත යුත්තක් තියෙනවා.
“අපේ ගම්මැද්දේ ගෑනියෙක් කන්න නැතුව දවස් ගනං කරවිල තම්බලා කෑවයි කිව්වම අපි ගම්මු නිකං තිරිසන්නු ගානට වැටෙනවනේ...?  මේ ගංගොඩේ ඕන එකෙක් කන්න නැති එකෙක් දැක්කොත් කන්න ගත්තු පතෙන් කොටහක් හරි දෙනවා. ඒක සිංහල සිරිත..... මේ **න පත්තරකාරයෝ සීවලාපිටිය ගම කෑවා......”

සිද්දිය පත්තරේ ගිහින් සතියකට පස්සේ විනීතගේ ලොකු කෙලී ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. ඔයාලා කන්නේ කරවිල තම්බලද කියලා ඉස්කෝලෙ ලමයි ඔච්චම් කරන්න අරන් තිබුණා. පස්සෙ විදුහල්පතිතුමා ගෙදරට ඇවිත් ඒ දරුවා නැවත ඉස්කෝලෙට එක්ක ගිහින් තියෙන්නේ. ඔය වගේ ප්‍රස්න ගොඩක් වුනා.

ගම්මු කියන කතාවල අපූරු කෑල්ලක් අහුවුනා.

“ඔය පවුල හරි අමාරුවෙන් තමා ජීවත්වෙන්නේ.... ඒක ඇත්ත. ඒ වුනත් එයාල වගේ කීප ගුණයක් අන්ත අමාරුවෙන් ජීවත්වෙන පවුල් මේ ගමේ අනන්ත ඉන්නවා. මිනිස්සු නැති.... දරු කැලතක් එක්ක තනිවුනු... ලෙඩවුනු... ගෑනු.....මේ ආසනෙත් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙත් ඉන්නවා..... ඉතින් රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව් කලා කියලා ඒවා විස‍ඳෙනවද? එතකොට ඒ හැමෝටම තියෙන විසඳුම  ඔය වේස පත්තරකාරයෝ ගෙන්නලා අපි කව්පි කොල තම්බලා කෑවා.... අපි බඩඉරිඟු නටු කෑවා කිය කියා පත්තරේ දාන එකද.....?”

ඉතින් මූලික සිද්ධිය ඕකයි. විනීතා දරු පැටවුනුත් එක්ක  දැඩි අගහිඟකම් මැද අන්ත අසරණ ජීවිතයක් ගතකල බව අමූලික ඇත්ත. නමුත් නිවුස් එකේ ලොකුම කතාව වන දවස් පහක් කරවිල තම්බලා කාලා අසනීප වෙලා රෝහල්ගත කරලා දවස් දොලහක් හිටියයි කියන එකයි, දරුවන්ට බ‍ලෙන් කරවිල ගිල්ලුවයි කියන එකයි  හෙනගහන පට්ටපල් බොරු.
----------------------------

ආහ්... පොඩි රස කතාවක් තියෙනවා. ඒකත් කියලම අහවර කරන්නම්.
අපේ බොදු බල සේනාව ඉන්නවනේ. ඒ අයත් විනීතලට පිහිට වෙන්න වහාම ක්‍රියාකාරී වුනා. ඒ අතින් ඇත්තෙන්ම හොඳයි. ඒ ගොල්ලො ඇවිත් දවසක් හමාරක් ඇතුලත මුළු නිවසම වයරින් කලා. ඒ කරලා සප්ලයි ගන්න අනුරාධපුර විදුලි අධිකාරිට කතා කලා. එයා කිව්වා සල්ලි බැන්දොත් සප්ලයි දෙන්නං කියලා. (කතාව හරිනේ?)
ඔන්න පහුවදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට මෙන්න මේ වගේ දුරකථන ඇමතුමක් එනවලු.
“මේ කතාකරන්නේ බොදුබල සේනාවෙන්.... අහවල් හාමුදුරුවෝ... අර කරවිල තම්බලා කාපු පවුලට විදුලිය දෙන්න ඕනේ... අපිට ඉක්මනට සමෘද්ධියෙන් ණයක් අවශ්‍යයි....”
මොනව උනත් මොලේ තියෙන නිලධාරියෙක් ඉඳලා කියලා තියෙනවා විනීතා මීට කලින් පනස්දාහක ස්වයං රැකියා ණයක් සමෘද්ධියෙන් අරන් තවම ගෙවලා ඉවර නැති නිසා, ඒක ඉවරවෙනකං කොහොමවත්ම  නැවත ණය දෙන්න බැහැයි කියලා.
තව පොඩ්ඩෙන් කොරේ පිටට මරේ තමයි. බොදු බල සේනාවෙන් ලොකුවට විදුලිය විවෘත කරලා සෙත් පිරිත් කියලා හෙම යයි. අර කරවිල කෑවයි කියන මනුස්සයට තව රුපියල් තිස් හතලිස්දහක ණයකුත් පටවලා.
කෝමද ටිකිරි මොලේ?
:)
 -----------------------------------

කතාව ඉවරයි. දැන් උඩ සේරම හොඳට මතක තියාගෙන මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒකෙ තියෙන සම්පූර්ණ ලිපිය හොඳින් කියවන්න.  (ඇති විමට නියමිත මාන්දමික හැඟීම් ගැන වග කියනු නොලැබේ)

----------------------------------
මේ අදාල සිද්ධිය ගැන ‘දිනමිණ’ කල හෙළිදරව්ව.


38 comments:

  1. කරන්න ඕන ඔය අම්මන්ඩිව අල්ලගෙන ගිහින් බලෙන් හරි එල් ආර් ටී කරන එකයි. නැත්නම් අරයකා ඇවිත් කෝල්පාඩු කරලා ආයෙත් දෙකක් ලෝඩ් කරලා පනියි. උන්දැට ඇත්තටම කරවිල කන්න වෙන්නෙ එතකොටයි.

    ReplyDelete
    Replies
    1. මව්බිම දිණමින ලින්ක් දෙකම අප්පිරියයි.

      Delete
    2. දිනමිණ නං අප්පිරියාවෙන් උනත් බලන්න පුවවන්. මව්බිම කියවගෙන යද්දි වමනෙට එනව.

      Delete
    3. හෑ.....+++++++++++++++++++++++ රාජ්

      Delete
    4. නලියා අනපේක්ෂිත උපරිම සතුටකින්

      Delete
    5. ඔවු රාජ් මවුබිම නම් කොහෙත්ම කියවන්න පුළුවන් පත්තරයක් නොවෙයි.ඒකෙ තියෙන විකාර කතා විස්වාස කරන මිනිස්සු ඉන්නව කියල හිතෙන කොටත් නිකම් කැරකිල්ල වගෙ

      Delete
    6. නලින්,
      ආතල් කියන්නෙ ‍මේ තියන ‍මේ කැ‍ඩෙන ‍දෙයක්. :-)

      ඇ‍නෝ
      මව්බි‍මේ ඔය ප්‍රවනතාවය සෑ‍හෙන්න ‍වේග‍යෙන් ‍බෝ‍වෙන එකක්. මම ගිය ඉරිද ලංකාදීපයක් බැලුව. දැං ඒ‍‍කෙත් සම්පූර්ණ ‍කොටසක් තියනව මිත්‍යාවන්ට ‍වෙන්වුන

      Delete
    7. පත්තරකරයොද? කියල වැඩක් නැ :D

      Delete
    8. චැහ් !! මටත් දැං " පත්තර මල්ලි " කියන්න ලැජ්ජයි.. නම වෙනස් කරගන්ඩෝනැ !!

      Delete
    9. ඔය පත්තරේට මව්බිම කියන එක අයින් කරන්න කියලා මව්බිමේ මොක්කු හරි කියලා සංවිධානයක් පටන් ගන්න තියෙන්නේ. හිරිකිත මාධ්‍ය භාවිතාවක්. ටිරාන් අලස් ප්‍රසිද්ධියේ තුෂාර ගුණරත්නට කටට දෙනවා. ( වචන කටට දෙනවා )
      http://sinhala.lankanewsweb.net/features/12304-2014-05-05-11-45-45

      http://sinhala.lankanewsweb.net/art-news/12318-2014-05-07-08-11-40

      Delete
  2. පුදුම මීඩියාකාරයෝනේ මුන්ව උස්සලා පොලොවේ ගහලා මරන්න එපැයි.
    ඒත් මේ ගම්මානේ කෙසේ වෙතත් කෑම බීම නැති මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන ලොකුම අවුල තියෙන්නේ වැරදි නිවුස් ලියන මීඩියාකාරයාගේද, ඌ එහෙම ලිව්වා කියලා උස්සලා පොලවේ ගහලා මරන්න හදන එකාගෙද.? බ්ලොග්ලෝකේනම් මම බලලා තියෙනවා 99.9% මෙහෙම තමයි. අවිහිංසාව කොච්චර වැඩිද කිව්වොත් අසාධාරණයක් දැක්ක ගමන් ඒක කරපු එකාව පණපිටින් හමගහන්න රෙඩි වෙන්නේ.

      මෙතෙන සීන් එක වෙන්නේ තමන් මෙහෙම ආවේශ වුනාම තමන්ටම තමන්ව පේන්නැති එකයි. ඔයත් එහෙමයි මාත් එහෙමයි. එහෙම අවුලක් වෙද්දිම අවුට් යනවා නේද කියලා තමන්ටම එලාම් එකක් වදිනවානම් අන්න එයා බුද්ධිමතෙක්.

      Delete
  3. ඕක හොයා ගත්තනං කටවහගෙන හිටුකො... දැන් කොහොමද යකෝ අපි ආණ්ඩුවට බනින්නේ?

    ReplyDelete
  4. හැම සිංහල පත්තරේකම පට්ට පල් බොරු තමයි දාන්නෙ.හැම ලිපියක්ම වෙන වෙනම විශ්ලේෂනය කළොත් 75% ක් විතර බොරු අතින් දාපුව තමයි.හැබැයි ලංකාදීපෙ බොරු දාන අතරතුර සමහර බොරු ලිපි එක්ක විද්‍යාත්මක විග්‍රහයක්ද දමනව.ගස් කතා කරපුව බල්ලො උඩින් ගියපුව ,භූත කතා,පිටසක්වල ජීවීන් ගැන කීවත් ඉංග්‍රීසි පත්තරවල ඒ මොකුත් නෑ.පත්තරකාරයො හිතන්නෙ සිංහල පාඨකයා මීහරකෙක් කියලයි.දේශපාලකයොත් ඒ මතය දරන බව පේනව.ඒක බොරුත් නොවන බව චන්ද වලදි පෙනවන නිසා ඉල්ලුමට සැපයුම දෙන බව සිතිය හැකියි.

    හැබැයි අනික් පත්තරවලට වඩා මවුබිම වෙනස්.ඒකෙ 100% ක්ම බොරු .ඒ බව කියවන කොට ඕනම කෙනෙකුට තේරෙනව.ඒ අතින් ඒ අය අදක්ෂයි.මේ අනුව පත්තරකාරයො ගවේශන කරල සොයා ගත්ත කියන දේවල් වුනත් කොයි තරම් ඇත්තද බොරුද දන්න කෙනෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇ‍නෝ
      කියල කට ගත්ත විතරයි ‍මේ ක‍මෙන්ටුව දැක්‍‍කෙ පස්‍සෙ. ලංකාදී‍පෙත් දැං මව්බිම ගානට වැටිල. බොරුනං බලන්න ගිය ඉරිද පත්ත‍රේ.

      Delete
    2. ඇනෝ බොස් !! පත්තරයගේ සැලියුට් එක ..

      රාජ් බොස්., උඹ අර මව්බිම ගැන ලියපු ලින්ක් එක දාපංකො බං.තව එකෙක්ගෙ හරි ඇස් ඇරෙයිනේ !!

      Delete
    3. http://raj1st.blogspot.com/2012/07/blog-post_07.html

      Delete
    4. මේ වැඩෙන් වුනේ මවුබිමට තවත් එක් පාඨකයෙක් එක් වුන එකයි.මම රාජ්ගෙ අඩවියට ගියා ස්වර්ණදත්ත යක්ෂයා ගුවනින් ආපු කතා මෛත්‍රිය බෝසතුන් ඉංග්‍රීසියෙන් ආනන්ද මෛත්‍රිය හිමියන් එක්ක කරපු කතා එහෙම යනව කියන්නෙ පත්තරේ සල්ලි වලට ගත්තොත් හොඳට හිනා වෙන්න පුළුවන්නෙ. දවසක් දෙකක් ඔය පත්තරේ බලල වමනෙට ආපු නිසා අත ඇරිය.දැන් බලපුවම මේකෙ හොඳ පැත්තකුත් තිබෙනවානෙ.

      Delete
  5. මේ ගැන අව්‍යාජ මාරයා අයියාගේ අවංක විශ්ලේෂණය බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  6. අප්සැට් එකක් වේ යැයි සිතා මා මෙය නොකිවිවෙමි..

    ReplyDelete
  7. ලියා ගන්න මොනවා හරි තියෙන්නත් එපා බන්. ඕක ඉතින් අද ඊයේ ඉදලා වෙච්ච දෙයක් නෙමෙනේ.


    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  8. ආතල් කඩන්න එපා බං.

    ReplyDelete
  9. මටත් මේ නිව්ස් එක දැක්ක ගමන්ම පොඩි අමුත්තක් දැනුන. දියවැඩියාවට එහෙම හොඳයි කියන නිසා මාත් පොලට ගියාම කරවිල ටිකක් ගන්නව. සාමාන්‍යයෙන් බණ්ඩක්ක පතෝල වලට වඩා ටිකක් ගනන් එළවළුවක් තමයි කරවිල. මට නිකමට හිතුන මුන්ට ගෙදර කරවිල තියේනම් ඒකෙන් කිලෝ එකක් විකුනල හාල් කිලෝ එකහමාරක් විතර ගන්න තිබ්බ නේද කියල.

    ReplyDelete
  10. //එදා තමයි විනීතා හා පුරා දැනගත්තේ තමුන් දවස් පහක් කරවිල තම්බලා කාලා දවස් දොලහක් ඉස්පිරිතාලේ හිටපු බව.// .|:-D

    ReplyDelete
  11. සිරාවට චාමි උඹ නම් මිනිස්සුන්ගේ අතල් කඩනවා ඕයි එකසිය ගානට . . බොදු බල සෙට් එකටයි සපෝටර්ලටයි "දවස් පහක් කරවිල කාපු පවුලට අපි කරන්ට් එක අරන් දුන්නා" කියලා ආතල් ගන්න තිබ්බ චෑන්ස් එක නැති කලේ ඕයි . .

    දැන් අහපල්ලා පුලුවන්නම් කන්න නැති මිනිස්සුන්ට කරන්ට් එක කන්න පුලුවන්ද කියලා

    ReplyDelete
  12. මාත් ඔය xx එක කියවපු ගමන්ම හිතුවේ මේ වගේ දෙයක් ගමක වෙන්ට පුලුවන්ද කියල. ඊටත් මහවිලච්චියේ.යකෝ මොන ගමේද මින්හෙක් කන්ට නැතුව ඉන්නවා බලාගෙන ඉන්නේ. මව්බිම පත්තරේ නං ආයේ ඉතින් කියලා වැඩක් නෑ. ඕනම කුණුගොඩක් ලස්සනට හැඩකොරල ලියනව ආයෙ කියවන එකාගෙ බොක්කටම වැදිලා උන්ඩුකපුච්ඡේ බිමට වැටෙන්ට.

    ReplyDelete
  13. කරවිල වගේද මෙව්වා

    http://pappagecartoon.blogspot.com/

    ReplyDelete
  14. පත්තරවල දාන ඒව ගැන ආයි කියල වැඩක නෑ. දැන් පත්තර වල කතා අර ප්‍රෙම්ගෙයි ෆ්‍රෙඩීගෙයි ආරොන් මාමගෙ කතා වගේ තමා.

    මේ කතාව බලහන්.මේකත් ගිය ඉරිද මව්බිමේ ගිය එකක්.

    //මේ බහරේන් සිරි නැරඹීම ජනාධිපතිවරයාගේ හිතට කෙතරම් ඇල්ලුවේද කියතොත් සෞදි දේශ සීමාව ආසන්නය තෙක්ම ගමන් කළ ජනාධිපතිවරයා නැවැත සිය නවාතැන් ගෙන සිටි නවාතැන වෙත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියත් ඉක්ම ගොස් තිබිණි.//

    දැන් මේ කියනවිදියට ජනාධිපතිතුමා රට දිගේ බලගෙන ගිහින් අල්ලපු රටේ සීමාවටම ගිහිල්ල වගේ.

    ඒත් ඔතන උනේ වෙන දෙයක්. ඒ තමයි දූපතක් වෙන බහරේනය අල්ල්පු රට වන සෞදියට යා කරල තියෙන කලෙක ලෝකෙ දිගම මුහුද හරහ දපු පාර වෙච්චි බහරේන් සෞදි කෝස්වේ එක බලන්න මෙහෙ ආන්ඩුවෙන් එක්ක ගිය එක. මේ රටෙ බලන්න තීන දෙක තුනක් තැන් වලින් එකක් තමා ඔය. එක බලන්න යනව කියන්නෙ ඔය පාරෙ මැද තියෙන රටවල් දෙකට අයිති සීමා බෙදෙන පොඩි මෑන් මේඩ් දූපතට ගිහින් එන එක.

    ජනාධිපතිතුමාගෙ හිතට ඇල්ලුවත් නැතත් එතනටම යන්න වෙනව කෝස් වේ එකට ඇතුල් උනාම, මොකද මග හැරෙන්න තැනක් නැති නිසා :D

    ReplyDelete
    Replies
    1. ඕක තව ‍හොඳයි. සමහර නිව්ස්වල ‍වෙන ‍කෙ‍නෙක් හිතන හැටි පවා දානව පියව‍රෙන් පියවර

      Delete
  15. මව්බිම ගන්න එකේ එකපාරම ' ඉරහඳ' ගත්තනං ඉවරයි චාමි.. මට ඔය #$@ දකිනකොට මල පනිනවා.. ඒ තරං අමූලික පට්ටපල් කෙබර තියෙන්නේ.. අර පාරදිගේ කියල මගුලක් තියනවා .. අනේ බං බඩුවක් නොගහපු කොල්ලො කීයද බං ඉන්නේ ඇත්ත කතා කරොත් ???
    ඒක ඇති උන්ට ෆුල් පේජ් එකකට.. චැහ්..
    පත්තරේ ගන්න 50 ට තව සීයක් දාල ගිහිං වැඩේ කරං එන එක හොඳ නැද්ද මං අහන්නේ ඔයිට වඩා :D

    ReplyDelete
    Replies
    1. එකසිය පනහට ??? මීයෙක් කුනු උනා වගේ ගදට තියෙයිද දන්නෑ ????

      Delete
  16. කරවිල තිත්තයි.ලියපු ටික ඊට වඩා තිත්තයි.හැබැයි ඒ අම්මා කියන හැටියට ඒ තිත්ත කතාවෙන් ලැබුණු දේ රසයි.බලන්නකො අම්මගෙ රසය.....දරුවන්ට කරවිල කතාව නිසා පාසල් යන්න බැ ළමයින්ගෙ සමච්චලේට ලක් වෙනවා.ගමේ මිනිස්සු ගමට අපහාස කළැයි කේන්තියෙන් ඉන්නවා.ඒ නිසා ඉදිරියෙදි අවුලක් වුණොත් කරවිලවත් වේලකට නොදෙන්න ඉඩ තියෙනවා.නොකිය දේ ලියපු එකවගේම නොකිය දේ නොකිව්වා නොකියා ඒ වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විදින එකත් මට නම් තිත්තයි

    ReplyDelete
  17. //එයාල වගේ කීප ගුණයක් අන්ත අමාරුවෙන් ජීවත්වෙන පවුල් මේ ගමේ අනන්ත ඉන්නවා. මිනිස්සු නැති.... දරු කැලතක් එක්ක තනිවුනු... ලෙඩවුනු... ගෑනු.....මේ ආසනෙත් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙත් ඉන්නවා..... ඉතින් රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව් කලා කියලා ඒවා විස‍ඳෙනවද? //

    රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව්කරේ හිත හොඳ නිසා. ඒ වගෙම ඒක සාමාන්‍ය දුප්පත් පවුලක කතාවකට එහා ගිය එකක් නිසා. එහෙම උදව් කරන එක නවතිනව මිනිස්සුන්ගෙ විස්වාසෙ නැතිවෙච්චි දාට. මේ පත්තර කාරයො කරන දෙයින්වෙන්නෙ අර වෙරලට ආපු සියගානක් බෙල්ලො අතරින් කීපදෙනෙක් හරි ආයි මූදට විසිකරපු පොඩි එකාටත් ඒක අතෑරල දාන්න හිතුන වගේ දෙයක්.

    ReplyDelete
  18. පුහ්............
    ඔන්න නිව්ස්...... කව්ද මේ රෙද්දෙ බ්ලොග් කියවන්නේ?

    ReplyDelete
  19. නිව්ස් වල අයිසිං අයින් කරාම ඇතිදෙයක් නෑ.

    ReplyDelete