Saturday, April 26, 2014

ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද?




ඒ මානූශීය මෙහෙයුමේ අන්තිම සටනයි.
ඔබේ සුරතාන්ත සමය වන්නට ඇත. බිම්මල් මුලින් උදුරා පුළුස්සද්දී අවුලක් ඇතිබව අපිට නොදැනුනා නොවේ...
"ඇයි නිරායුධ උනුත් එක්කම නන්දිකඩාල් කරන්නේ..?"
අපි ඇසීමු...
"මිනිස්සු මැරෙන්නෙ නැතුව යුද්ධ කරන්නේ කොහොමද?" පෙරලා ඔබ අසන්නට ඇත...

ඒ නිදහස් රටක් පිසගෙන එන සුළඟත් සැපක් යැයි හිතුණු දිනයයි. තුවක්කු ඇත්තෝ අහසට වෙඩි තබද්දී තුවක්කු නැත්තෝ රතිඥ්ඥා පිපිරවූහ.. උදේ ඉතුරුවුන කිරිබත් ඔබ දවල්ටත් කන්නට ඇත...
"ඇයි සුදුකොඩි අරන් ආව උන්ට වෙඩි තියන්නේ..?"
අපි ඇසීමු... "කෝ කවුද කියන්නේ..? වෙඩි තියනවා ඔයා දැක්කද..?" පෙරලා ඔබ අසන්නට ඇත...

ඒ මොහොතකට පෙර බිස්කට් කමින් හිටි කොටි පැටියෙකු පපුව හිල්කරගෙන වැතිර සිටි දිනයයි.. ඔබත් සූම් කරමින් පිංතූර ඇනලයිස් කරන්නට ඇත..
"ඇයි හයක් හතරක් නොතේරෙන දරුවෙකුට වෙඩි තියන්නේ..?"
 අපි ඇසීමු... "වඳ කෙහෙල් මොටයි එක්කම ගලවන්නැතුව මොනවා කරන්නද...?" පෙරලා ඔබ අසන්නට ඇත...

ඒ වැලිකඩ කැරලිගැසූ හිරකරුවන් වහළයට නැංග දිනයයි... සිද්ධිය දිගඇරුන හැටි බ්‍රේකින් නිවුස් චැනල් කීපයකම ඔබත් බලන්නට ඇත...
"ඇයි එතනට එස්.ටී.එෆ්. එකෙන් යැව්වේ..?"
අපි ඇසීමු... "කුඩුකාරයෝ එක්ක මොන මොත්තෙද..?" පෙරලා ඔබ අසන්නට ඇත..

ඒ ගිහින් එන්නම් කියා උදේ ගෙදරින් පිටවුනු කටුණාක රොශේනුත් හලාවත ඇන්ටනීත් වැලිවේරියේ අකිලත් හවස ආපසු ගෙදර නොපැමිණි දිනයයි... ඔබ එදා ගුටි නොකා ගෙදර යන්නට ඇත...
"එහෙම වෙඩිතියන්න පුළුවන්ද මිනිස්සුන්ට..?"

අපි ඇසීමු... "කඩාකප්පල්කාරී කට්ටියක් උසිගන්වලා කියනවා නේද..?" පෙරලා ඔබ අසන්නට ඇත...

මේ ඊයේ පෙරේදා හවස්වරුවක දුම්රිය සේවා වෘත්තීය සමිතියක් ගැන අන්දෝ සංසාරයක නිච්චියක් නැතිව කෝච්චියේ ගෙදර යන්නට ගිය දුමින්ද හපුආරච්චි ඔළුව පුපුරන්නට වැදුනු බැටන් පොලු පහරින් එළඹි සිහියට පැමිණි දිනයයි...
"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"
පුදුම වුනු ඔහු කාගෙන්දෝ අසයි... ඒ වුනාට එය ඇසෙන්නේ කැමරාවකටයි. 

-------------------------------------------------------

"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"
පුදුම වුනු ඔහු කාගෙන්දෝ අසයි... ඒ වුනාට එය ඇසෙන්නේ කැමරාවකටයි. 

ඒ කැමරාව එදා රෑම ඕක හැම ගේකම සාලේ මැද්දේ වමාරලා තිබ්බා.

ඊට පස්සෙ වෙන්නේ තරමක් විකාරරූපී වැඩක්. හැමෝම හැමෝගෙන්ම තර‍ඟෙට වගේ එකපාර අහන්න ගන්නවා “එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද?” කියලා.  කවුරුහරි ප්‍රශ්නේ අහපුවාම උත්තරේ විදිහට එන්නෙත් ඒ ප්‍රශ්නෙමයි. පහුවදා දවසේ බස් කෝච්චි ඇතුලේ ඒක ගුමු ගුමුවක් තරම් සද්දෙට ඇහෙන්න ගත්තා. මිනිස්සු අල්ලපු සීට් එකේ ඉන්න එකා එක්ක කතාව පටන් අරං තියෙන්නෙ ‘මාර රස්නයක් නේද’ කියලා නෙමෙයි. ඔය කතාව කියලා. පිටකොටුවේ පේමන්ට් බිස්නස් කාරයෝ එදා බඩු විකුණලා තියෙන්නෙත් එහෙම කෑ ගහලා. මිනිස්සු බඩු ගනං වෙනුවට වෙලෙන්දන්ගෙන් අහලා තියෙන්නෙත් ඕක. එදා කොටස් වෙළඳපොලත් දර්ශක එකසිය ගානකිං කඩා වැටුනා. ලොතරැයි කූඩුවල කියවිලා තිබ්බේ “ආ.. ගන්න වාසනාව.....
එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?... පුංචි රුපියල් විස්සකට....” ඕකෙන් මේකෙන් එක ටිකට් එකක්වත් විකිණිලා නැති නිසා එදා ටිකට් දිනුම් ඇදලත් නෑ.

කොටුවේ ඕ.අයි.සී ඔය ගහන වෙලාවේ ඉඳලා තියෙන්නේ මීටිමක. එයා සීට් එකට ආපු ගමන් වාඩි වෙලා තියෙන්නේ "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියාගෙන. පොලිසියේ හැමෝමත් හැමෝගෙන්ම අහලා තියෙන්නෙ ඒක. එදා ස්ටේයින් මැදිරියෙදි රෙකෝඩ් කරපු “ඔබද ලක්ෂපති-මමද ලක්ෂපති” එකත් ඔහොම අලකලංචියක් වෙලා නවත්තලා දාලා.

කොළඹ පළාත බාර ඩී.අයි.ජී, කෙහෙල්වත්ත ඕ.අයි.සී ට කතා කරලා ඕකම අහලා. ඕ.අයි.සී. මහත්තයත් හිටගන්න ගමන් ඒකම කිව්වලු. පොලිස්පති තුමා ඩී.අයි.ජීට කතා කරලා බනින්න කලින් ඉස්සෙල්ලාම අහලා තියෙන්නෙත්
"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියලලු. වැඩේ ආරංචි වුනු ගෝඨාභය මහත්තයා වහාම කතා කරලා පොලිස්පතිගෙන් අහලා තියෙන්නෙ "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියලලු. ඕක ආරංචි වුනු ප්‍රදීපා ගොඩක් කලබල වෙලා. එක පාරටම ඩලස්ට කෝල් එකක් අරන් අහලා "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?" කියලා. ඩලස් ඒක ජනාධිපතිතුමාගෙන්  අහන්න කෝල් එකක් ගත්තත් වැරදිලා කෝල් එක ගිහින් තියෙන්නෙ විමල්ට. විමල් ෆෝන් එක ගත්තු ගමන් ඩලස්ගෙන් අහලා තියෙන්නෙත් ඒක. දෙන්න ඕක කීප සැරයක් කියාගත්තලු.

මිනිස්සු ඕක කොච්චර එකිනෙකාගෙන් අහගත්තද කියනවනං එදා රෑ සේරම සන්සුන් උනාට පස්සේ ඒ සද්දේ ඝෝෂාවක් වගේ අහසේ තිබිලා. ජනාධිපතිතුමාට ඇහිලා තියෙන්නේ එහෙම. ජනාධිපතිතුමා මහ රෑ 2ට විතර ඒක අහන්න ගෝඨාභය මහත්තයට කෝල් එකක් අරන්.  නිදිමතේ ඩයල් කරද්දි නොම්මරයක් එහේ මෙහේ වෙලා කෝල් එක ගිහින් තියෙන්නේ වෙන කෙනෙකුට.

ඒ සිද්දිය මෙහෙමයි.
කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක ඔළුවේ මැහුම් තුවාල වේදනාවෙන් නිදි නැතිව හිටපු දුමින්ද හපුආරච්චි කියලා හාදයෙකුගේ ෆෝන් එක එකපාරටම රින්ග් වෙන්න ගත්තලු. මිනිහා අතපත ගලා ෆෝන් එක අරං “හලෝ....?” කිව්වලු. (එදා දවසේ ‘හලෝ’ කියලා ෆෝන් එකකට ඉස්සෙල්ලාම ආන්සර් කරලා තියෙන්නේ එයා තමයි). ඒ ගමන එහා පැත්තෙන් බරසාර හඬකින් ඇහෙනවලු...
"එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"
කියලා. මිනිහා ටිකක් වෙලා කල්පනා කලාලු මේ කතාව මීට කලින් කොහෙන් හරි අහලා පුරුදුයි නේද කියලා. කොහොමටත් ඒ වෙනකොට මිනිහගේ ඔළුව පෑදිලා පැය හතලිස් අටක් විතර ගිහින් තිබ්බේ. මිනිහා ගත් කටටම කිව්වලු....
“මං පහුගිය කාලේ ලංකාවෙ නෙමේ ඕයි උන්නේ....!!”
ඒ කතාවට වෙනස් පිළිතුරක් ලැබුනු පළමු වතාව තමයිලු ඒක.

-----------------------------------------
ප/ලි -
(මේ කතන්දරේ කලවම් මැල්ලුමකි. පළමු කොටස ‘නිර්නාමික පාඨකතුමෙක්’  විසින් එවන ලද්දකි. දෙවන කොටස සාමූහික අල කිරීමකි. :) )


36 comments:

  1. අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ඔළුවත් කැරකෙනවා දැන්. මේ උඹලාට බැරිද නිකම් මොකක් හරි විහිළුවක් කියලා ඉන්න අපේ හාට්බීට් අවුල් කරන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. කොටුව දුම්රිය පොලේදී පොලිසියෙන් පහර කෑ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන බ්ලොග් පිටුවල පලවූ විවිධ අදහස් පහත පරිදි වේ . නමුත් අද වන විට අනාවරණය වී තොරතුරු වලට අනුව අදාළ පුද්ගලයා නොබියව තමාගේ මුලික මිනිස් අයතිවාසිකම් කඩවීම සම්බන්දයෙන් පොලිසියට සහ රජයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත . අදාළ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන ඔබගේ එදා තිබු තක්සේරුව නිවැරදිද ? ඔබේ පහත කමෙන්ට්ස් ගැන නැවත සිතා බලන්න ..

      අනික ඒ සාමාන්‍ය දුම්රිය මගියා ලංකාවේ ග්‍රාම නිලදාරීන් මෙන් තමන් විසින්ම ගස් බද ගත්තා යැයි නොකියා , හමුදා මේජර් ලා මෙන් තමා විසින්ම ගහගත්තා යැයි නොකියා ... තමා විසින්ම පොලිසියේ බැටන් පොල්ලක් උදුරාගෙන ඔලුවට ගහගත්තා යැයි නොකියා නොබියව පොලිසියට සහ රජයට එරෙහිව කිසිම දේශපාලන පක්ෂයක ඉත්තෙකු නොවී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ලංකාවේ අසාධාරණයට ලක්ව නිහඩ වන ජනතාවට ආදර්ශයක් වෙමින් ඉදිරියට යාම අගය කලයුතු නොවේද ?

      Delete
  2. අපේ මාලන් මලයා දුමින්ද හපුආරච්චිගේ ෆේස්බුක් පීටුවේ ලින්ක් එක දැම්මනේ "සාමාන්‍ය මිනිස්සුන්ට ඇයි එහෙම ගහන්නේ කියලා පොලිසියෙන් අහන මූ නම් මට වීරයෙක්" කියලා. . .

    මාත් නිකමට ගිහින් බැලුවා. එක සැරේටම රික්වෙස්ට් එකකුත් දැම්මා . . .

    පොඩ්ඩක් මනුස්සයා ෆලෝ කරන කස්ටිය කවුද කියලා මුට්ටිය දාපු වෙලාවේ දැක්කේ මිනිහත් නානසාර තෙරෝගේ ගෝලයෙක් කියලා . . .

    මේ යන විදිහට අර දමිත් කේතක කියනවා වගේ සිකුරාදාට පල්ලි නොගිය උන් හොයන්න සෞදියේ මුතව්වෝ ගෙවල් ගානේ යනවා වගේ නානසාරගෙ කහසිවුරු සෙට් එක අපේ ගේ ගාවට ඇවිත් "අඩෝ තෝ අද පන්සිල් ගත්තද? තෝ රතන සූත්‍රය දන්නවද? තෝ නිවන් යනවද? අපි යවන්නද?" කියලා අහනහක දවස වැඩි ඈතක නෙමෙයි කියලා නොතේරෙන කෙනෙක්නම් . . .

    ආන්ඩුවෙන් වත් නොමිලේ ඔලුව පලාගෙන සාමාන්‍ය මිනිහට සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්න දීපියව් කියන පාඩම ඉගෙන ගත්තු එක මදෑ කියලා දාපු රික්වෙස්ට් එක කැන්සල් කලා . .

    හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. @දුකා අයියා:

      කොටුව දුම් රිය පොළේදි පහර කෑමට ලක්වූ පුද්ගලයා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සිරි ලාංකික මධ්‍යම පාන්තික "සමාන්‍ය වැසියෙකි".

      සිරි ලාංකික මධ්‍යම පාන්තික "සමාන්‍ය වැසියා" යනු, උදේට පොදු ප්‍රවාහණ සේවයෙන් රැකියාවට යන, හවසට එයින්ම ගෙදර එන, දරු පවුල රකිනට අනුනට කඹුරන, රෑට අයිටීන් මෙගා නට්ටි ටික බලන, මහින්ද මාමිට ඡන්දය දෙන, ෆේස් බුකියෙන් බුද්ධාගම රකින්නන්ටය [මේ පහර කෑමට ලක්වූ පුද්ගලයා වතාවක් මහින්ද මාමිගේ පින්තූරයක් ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරය ලෙසද බාවිතා කර තිබූ බව පැවසූයේ රංග මස්සිනාය].

      රටේ අනෙකුත් මධ්‍යම පාන්තික "සමාන්‍ය වැසියන්" මෙන්ම ආයුධ පෙන්වීමට ගොස් අපරාධකාරයන් මිය යන විට සමහර විට ඔහු හුරේ දමන්නට ඇත, සමාජක්‍රියාකාරීන් අතුරුදහන් වන විට "රට පාව දුන් අයට හොඳ වැඩේ" කියා සිතන්නට ඇත, වැලිවේරියේ සහ රතු පස්වල නීතිය අතට ගත්තවුන්ට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගත් පොලිස් නිළධාරීන්ට ස්තූතී කරන්නට ඇත. මන්ද ඔහුගේ ලෝකය තුළ පොලීසිය යනු රටේ විනය රකින, අපරාධකාරීන් මඬින ආයතනයක් විනා සමාන්‍ය මිනිසුන්ට පහර දෙන ආයතනයක් නොවේ.

      පොලිසිය පහර දෙන්නේ එවැන්නෙකුටය. ඔහුට පහර දෙන්නේ ඔහු ආරක්ෂා කරන, ඔහු පත් කර ගත් ආණ්ඩුවේ මුර බල්ලන් විසිනි.

      "එහෙම ගහන්න පුළුවන්ද මිනිස්සුන්ට..?"
      "ඇයි එහෙම ගහන්නේ සමාන්‍ය මිනිස්සුන්ට"
      කියා ඔහු පුන පුනා විමසන්නේත්, ඔහු මෙතරම් ඒ පිළිබඳ පුදුමයට පත් වන්නේත් ඒ නිසා විය යුතුය.

      අවාසනාවට මුර බල්ලන් මෙවර ඔහු සොයා පැමිණ තිබේ..!

      හෙට ඔවුන් සොයා එන්නේ ඔබ විය හැකිය.

      එවිට ඔබ අපෙන් [කැමරාවෙන්] අසන්නේ මොනවාද..?

      Delete
    2. පොලිසියෙන් කෙනෙකුට ගහපු සිද්ධියක් ගැන සියුම් සතුටක් ඇතිවුන පලවෙනි පාර මේක වෙන්න ඇති.

      Delete
    3. මට නම් එහෙම කාලකණ්ණි සතුටක් හෝ ඇතිවෙන්නේ නෑ.

      Delete
    4. "කාලකණ්ණි සතුට"
      අන්න ඒක තමයි හරි වචනය

      Delete
    5. හරි හමන් කාලකන්නි සතුටක් වත් එන්නේ නති තරම්ම ෆ්‍රීස් වෙලා තියෙන්නේ . . ඒත් එහෙම නොතේරෙන උන්ට තේරෙන විදිහකුත් තියෙන්න එපෑය කියලා අහක බලනවා එච්චරයි . . දුකක් වත් සතුටක් වත් නෑ

      Delete
    6. දුකා අයියා... මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.. ඒ ගුටි කාපු මිනිස්සු ලංකාවේ ඉඳගෙන ලංකාවේ ජීවත් වෙන්න අරුම වෑයමක් දරන මිනිස්සු... සෝමවංශ ලමයි පිටරට ඉස්කෝලවලට යවලා සැප දීල දේශානුරාගය ගැන කත කරනවා වගේ පොර ටෝක් දෙන්න එපා.. ඒ ගුටි කාපු මනුස්සයා ඉගෙන ගත්ත මනුස්සයෙක්.. උගේ ජොබ් එක ගැන හොයලා බලන්න, අධ්‍යාපනය ගැන හොයලා බලන්න.. උන් මේ රටේ ඉගෙන ගෙන මේ රටේ හැප්පිලා අපි වගේම ගැහැට විඳින මිනිස්සු... උන්ගේ වේදනාව දැනෙන හදවතක් තියෙන්නේ එහෙම මිනිස්සුන්ට විතරයි අයියේ.. ගුටි කාපු එකා නානසාරගෙද? මහින්දගෙද ෆොන්සේකගෙද කියලා හොයනවට වඩා ඌට මොකද උනේ කියලා හොයන එකයි වැදගත්...

      Delete
    7. මේක ගැලපෙනවා මම හිතන්නෙ ටිකක්... https://www.facebook.com/damith.kethaka/posts/664812656907234?comment_id=664915200230313&offset=0&total_comments=10&notif_t=feed_comment_reply

      Delete
    8. ඇයි බන් සල්ලි ඉල්ලගෙන ල පස්සසේ නොදි මාර වෙන උන් දැකලා නැද්ද? නේ බන්

      Delete
    9. //ඇයි බන් සල්ලි ඉල්ලගෙන පස්සෙ නොදී මාරු වෙන උන් දැකලා නැද්ද? නේ බන්...\\

      ඔයාගේ කමෙන්ට් එක ඔය මම ලියලා තියෙන විදිහට ලියලා තිබ්බානම් ටිකක් පැහැදිලියි නේද උදාර...

      Delete
  3. කලවමත් මරු... ජයවේවා !!

    ReplyDelete
  4. එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහලද ? එහෙමනම් අන්තිමට කියන එක හරි.. මොකද ලංකාවේ සාමාන්‍ය මිනිස්සු නෑ. ඉන්නේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය එවුන් විතරයි...

    ReplyDelete
    Replies
    1. කොටුව දුම්රිය පොලේදී පොලිසියෙන් පහර කෑ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන බ්ලොග් පිටුවල පලවූ විවිධ අදහස් පහත පරිදි වේ . නමුත් අද වන විට අනාවරණය වී තොරතුරු වලට අනුව අදාළ පුද්ගලයා නොබියව තමාගේ මුලික මිනිස් අයතිවාසිකම් කඩවීම සම්බන්දයෙන් පොලිසියට සහ රජයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇත . අදාළ දුමින්ද හපුආරච්චි නම් වූ දුම්රිය මගියා ගැන ඔබගේ එදා තිබු තක්සේරුව නිවැරදිද ? ඔබේ පහත කමෙන්ට්ස් ගැන නැවත සිතා බලන්න ..

      අනික ඒ සාමාන්‍ය දුම්රිය මගියා ලංකාවේ ග්‍රාම නිලදාරීන් මෙන් තමන් විසින්ම ගස් බද ගත්තා යැයි නොකියා , හමුදා මේජර් ලා මෙන් තමා විසින්ම ගහගත්තා යැයි නොකියා ... තමා විසින්ම පොලිසියේ බැටන් පොල්ලක් උදුරාගෙන ඔලුවට ගහගත්තා යැයි නොකියා නොබියව පොලිසියට සහ රජයට එරෙහිව කිසිම දේශපාලන පක්ෂයක ඉත්තෙකු නොවී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ලංකාවේ අසාධාරණයට ලක්ව නිහඩ වන ජනතාවට ආදර්ශයක් වෙමින් ඉදිරියට යාම අගය කලයුතු නොවේද ?

      Delete
  5. I love my police.
    https://www.facebook.com/photo.php?fbid=726879627343244&set=a.388206767877200.95374.100000636393347&type=1&theater

    ReplyDelete
  6. සිරි ලංකා නිදහස් පාක්ෂිකයින් කියන්නෙ මේ රට හැමදාම බේරගත් අය. රටේ විකල්ප මතයක් ඇතිකරපු වැදගත් පාක්ෂිකයින්. මට දුක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ටම කොටුව දුම්රිය පොල ඇතුලෙදි බැස්ටිය ලැබුන එක ගැනයි..
    අනියම් සේවකයින් වුනත් මොන වැඩේ කලත් ඔවුන් අපේ රට වෙනුවෙන් කැපවීම් කරපු නිදහස් පාක්ෂික නිල්පාට ලේ. ගහන්න පැය තුනක් ප්‍රමාද වුනත් පැය ගානක් ප්‍රමාද වෙලා මිනිස්සු එර්දියෙන් හරි ගෙවල්වල ගියත් නිදහස් පාක්ෂික බහුතර කළුතර දිස්ත්‍රික් ඒ අහිංසකයින්ට ගැහුව එක වැරදියි..

    ReplyDelete
  7. කව්ද එහෙම ගැහුවේ.. පොලීසිය කිව්වේ සාමාන්‍ය මිනිස්සුම නේ ගහල තියෙන්නේ ඔළු පැලෙන්න.. ඒකට පොලිසිය මොනව කරන්නද? 

    පොලිස් පති තුමත් පුටුවේ ඉදන් අහන්නේ, ජනාධිපතිත් අහන්නේ “එහෙම කොහොමද මිනිස්සුන්ට ගහන්නේ “ කියල තමා.. හැක්.. එළ ටෝක් එක..

    ReplyDelete
    Replies
    1. මචන් මතකද ඒ දවස්වල (uncle pushmakumarage කාලේ) නිතරම news වල කියැවුන සිරස්තලයක් ...."ප්‍රකෝප වූ මගී ජනතාව උද්ඝෝෂකයින්ට පහර දෙයි. අද උදෑසන කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිරදී ....". මතකද? මම හිතන්නෙ ලඟදීම නැවතත් මේවා අසන්ට ලැබෙයි වගේ.

      Delete
  8. ඇත්තටම උඹලා වගේ කෙළින් කතා කරන උන්ට මන් කැමතියි. ජේවීපී එකේ මතවාද වලට කොටි මතවාදත් ඔබ්බලා දැම්මාම නිකම්ම අන්තර්ජාල ජන විඥාණයට ජේවීපී යනු කොටි හිතවාදීන් කියලා මිනිස්සුන්ට තේරෙනවා. අපි මේ දේ නොකීවට උඹලාම මේ දේ කියනකොට මිනිස්සු වටහා ගන්නවා. එල.

    ReplyDelete
  9. "එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?"

    ReplyDelete
  10. ෆේස්බුක් සහ බ්ලොග් වෙනස් නේද...

    දෙකයි පනහේ පඩියකට කොහේ හරි යන තක්කඩියෙකුට හරි ගිගන ආණ්ඩුවට හරි කඹුරලා කෝච්චියේ නගින ලපයි සිපයි කොහොමද ඩෝ 'සාමාන්‍ය මිනිස්සු' වෙන්නේ? සෙටර්ස් ක්ලබ් එකේ කවදාවත් මූව දැකලා නෑ. අඩුම තරමේ ඉන්ඩිපෙන්ඩස් ස්ක්වෙයාර් එකේ මූ වෝක් එකටවත් එන්නේ නෑ. කොටින්ම මූ බැරිස්ටා එකේ කෝපි කෝප්පයක්වත් බීලා තියනවද දන්නෑ..එහෙව් දෙකයි පනහේ ඩයල්, ගද ගහන කෝච්චියේ යනවට නෙලන්න ඕන මුන්ට දෙකේ දෙකේ පොලුවලින්.

    අනිත් එක දුමින්ද හපුආරච්චි පොලිසිය දැනුවත් කරලානේ එදා කොටුවේ ස්ටේසමට ගිහින් තියෙන්නේ. ඒකයි එදා මත්තලදී පොලිසිය දැනුවත් නොකර ගිය යූඇන්පී කාරයින්ට වෙච්ච නස්පැත්තිය වගේ නැතුව පොලිසිය දුමින්ද වෙනුවෙන් වගකීම ඉටු කලේ.

    ඇත්තටම එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට....

    ReplyDelete
  11. "දුමින්ද හපුආරච්චි" වෙනුවට "චතුෂ තුෂර කුමාර" ආදේශ කර ගන්න. එකම වෙනස එකෙක් මේ වන විට ආදරණීය දේශප්‍රේමී පොලිස් මාමලාගෙන් කණ හරහට පහර කා තිබීමත් අනෙකා පූර්වයේ කළ යම් සුළු කුසල කර්මයක් නිසා තවම එවැනි ඉරණමකට ලක්ව නොසිටීමත් පමණෙකි.

    ReplyDelete
    Replies
    1. දුමින්ද කියන්නේ රස්සාවක්වත් කරන එකෙක්.. කඩේ යන එකෙක් නෙවෙයි... ඌට ගැහුවේ නැත්නම් ඌව දන්නෙවත් නෑ මිනිස්සු... මාරයා නිකන්ම මරාට පුක දෙන එකෙක්.. හැබැයි ඒ කම්පියුටරේ ඉස්සරහ විතරයි....

      Delete
  12. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  13. එළ නියමෙට ලියලා තියෙනවා.... කියෙව්වත් හිතේ දුක යනවා..................

    ReplyDelete
  14. පුදුම වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට ගහන එක සාමන්‍ය දෙයක්නේ අපේ රටේ. අසාමන්‍ය කෙනෙකුට ගැහුවානම් තමයි පුදුම වෙන්න ඕන.

    නියම ලිවීමක්!!

    ReplyDelete
  15. අගුලානෙදි අහින්සක කොල්ලො දෙන්නෙක් මැරුන කියල මතකනම් මෙ ක්‍රමෙ හොදයි කියන්නෙ නැ කවුරුවත්

    ReplyDelete
  16. එයාලා ඇත්තටම එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහනවද බං. උඹ නිකං බොරු නොකියා හිටින්. ඌ ඔතනට වෙස් වලාගෙන ආපු ඇන් ජී ඕ කාරයෙක් වෙන්න බැරිද. අත් දිග ෂර්ට් එකක් නේද ඇඳලා හිටියේ. මධ්‍යම පන්තියේ නම් වෙන්න බෑ. මොකෝ එහෙම නම් ටයි එක සාක්කුවේ හරි තියෙනවා.

    ReplyDelete
  17. මාලන්.... හැබෑටම මිනිස්සු එහෙම ඇහුවද?
    ///එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..?///

    ReplyDelete
  18. තව ටික දවසකින්,
    මට මතක නෑනේ එහෙම දෙයක්

    ReplyDelete
  19. කොටින්ට මුල් ටිකේ පුක දීල තියෙන්නේ

    ReplyDelete
  20. කවුරුත් මූට කිව්වේ නැද්ද බං පුළුවං කියලා.... අනේ කවුරු හරි ඌට පුලුවන් නම් පණිවිඩයක් ඇරලා හරි කියපල්ලා.. එහෙම පුළුවන්....

    ReplyDelete
  21. ඔව් පුළුවන්.

    උඩ සිට යටටම.

    නිර්මානාත්මක අතින් සිරා පෝස්ට් එකක්.

    ReplyDelete