Tuesday, June 11, 2013

‘දෙදෙනාටම සතුට’ - රාවණ බලය



මම මේ ලිවිල්ලත් අතහැරලා දාලා තිබ්බේ. මොකද දැන් අලුතෙන් ලියන්ඩ දේවල් නැති හින්දා. වෙන්නෙ කෙරෙන්නෙ මොනවද කියලා හැමෝම දන්නවනේ. ඒ උනාට ඊයෙ වෙච්චි දෙයක් මට එච්චර ඇල්ලුවේ නෑ. අර රාවණ බලයෙ කට්ටිය ගිහින් ක්‍රිකට් ආයතනය වැටලුවනේ.

රාවණ බලයේ නිර්මාතෘවරයාය කියන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියන  බෞද්ධ භික්ෂූව පහුගියදාක සිරසේ ‘සටන’ කියන ආතල් වැඩසටහනට ආවනේ. (අපරාදෙ කියන්ඩ බෑ බොදු බල සේනාවයි සිංහල රාවයයි කොටි සිරසට රේටින්ග්ස් දෙන්න අකමැති හින්දද මන්දා වැඩේ මගඇරියා)
එතන සද්ධාතිස්ස කියපුවා ඒ විදිහටම මතක නෑ. මෙන්න මේ වගේ සංවාදයක් වුනේ.

ඔන්න සද්ධාතිස්ස අමාරුවේ දාන්න කියල හිතාගෙන(ලොල්)  අර මාධ්‍යවේදී කියන කස්ටිය (ඒක ඒගොල්ලොම තමයි කියාගන්නෙ)  මෙන්න මේ වගේ  ප්‍රස්නයක් අහනවා...
“දැං ඔබවහන්සෙ හිතන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඒගොල්ලන්ගෙ දේශපාලන අයිතිවාසිකම් දිය යුතුද?”
සද්ධාතිස්සගෙ උත්තරේ.....
“අනිවාර්යෙන්ම දිය යුතුයි.... ඒගොල්ලො මේ රටේ පිරිසක්.....”
“එතකොට මුස්ලිම් ජනතාව....?”
“අනිවාර්යෙන්ම මුස්ලිම් ජනතාවට ඒ අයගේ අනන්‍යතාව රැකෙන විදිහට ජීවත්වෙන්න ලැබෙන්න ඕනෙ....”
“මේ රටේ පුද්ගල අතුරුදන්වීම්....?”
“අනිවාර්යෙන්ම ඒවා ගැන හොයලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ....”
ඔන්න ඔහොම.

හරි වැඩේ. පාක්‍යසෝති සරවනමුත්තු කියන ඒවම ඉත්තෑකන්දේ සද්ධාතිස්සත් කියනවා. කිරම විමලජෝතිත් කියනවා. මහින්ද රාජපක්ෂත් කියනවා. වික්‍රමබාහුත් කියනවා.රනිලුත් කියනවා. චන්ද්‍රිකාත් කියනවා. සොල්හයිමුත් කියනවා.  දැං ප්‍රස්නේ තමයි ඕක කියන්න වික්‍රමබාහු ඉඳිද්දි සද්ධාතිස්ස මොකටද වෙනම රාවණා බලයක් හදන්නෙ?

උත්තරේ තමයි බාහුලා, පාක්‍යසෝතිල, රනිල්ලා නොකරන දෙයක් කරන්න. ඒ තමයි ක්‍රිකට් ආයතනය වැටලීම. ඉස්සරහට මේගොල්ලො ජාතික රැඟුම් පාලක මණ්ඩලය, පෑලියගොඩ මාළු මාකට් එක, ලිබර්ටි ප්ලාසා එක, දෙහිවල සත්තුවත්ත, වෝටර් වර්ල්ඩ් එක, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව වගේ ආයතන විශාල ප්‍රමාණයක් වටලන්න නියමිතයි.

රාවණ බලයේ කට්ටිය කියන්නෙ පොඩි දෙයක්. සිංහලයන්ගේ (= ලාංකිකයන්ගේ) ආතල් එක කඩන්න එපා. (මේ අදහසට විරුද්ද කවුරුහරි ඉන්නවනම් ‘රාවණ බලය’ ක්‍රිකට් ආයතනය වටලපු එක ගැන වෙන පැහැදිලි කිරීමක් තියේනම් කියන්නකො)
වික්‍රමබාහු කියන්නෙ දෙමලා මනුස්සයෙක් කියලනේ. එයා ආතල් කඩනවා. (ඒක වෙනම ආතල් එකක් හරිය?) සද්ධාතිස්ස දෙමලා ගැන එහෙමටම මොකුත් කියන්නෙ නෑ. එයා කියන්නෙ ආතල් කඩන්න එපා කියල විතරයි.

දැන් මහවිලච්චිය ගත්තොත්, එහෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණේ බොන්න වතුර නැති කමනේ. ලිංවල වතුර බිව්වොත් වකුගඩු වලට අනිවා ඩෙෆා කෙලවෙනවා. දැන දැන බොනවා. වෙන මොනවා කරන්නද? පිළියන්දල පැත්තෙ ඉන්න කෙනෙකුට මේක කල්පනා වෙද්දි ටිකක් අමාරුයි. මේවා ඉස්සරහට දාගෙන දේශපාලනේ කරන එකත් ගොඩක් අමාරුයි. මොකද වකුගඩු කියන්නෙ ඇඟ ඇතුලේ ඇත්තටම තියෙන දෙයක්නේ. ඒක නිසා දේශපාලනය කියලා හිතුනු හිතුනු දේ කරන්න බෑ. ඉතිං ඒ වැඩේ කාටවත්ම ආතල් නෑ.

හැබැයි ඒ වගේ නෙමේ ‘සිංහල ජාතිය’ කිව්වාම. ඒක වකුගඩුවක් වගේ නිශ්චිතවම අහවල් තැන තියෙන අහවල් හැඩයේ එකක්ය කියලා කියන්න කාටවත්ම බැරි නිසා ඕනෙම කෙනෙකුට තමුන්ට කැමති හැඩයකට ඒක ඇඳගෙන වැඩේට බහින්න පුළුවන්. මේක බොරුයි කියන කවුරුහරි ඉන්නවනම් සද්ධාතිස්සගෙන් ගිහින් අහන්නකො වම්බොට්ටා සිංහලයෙක්ද කියලා. එයා ගත් කටටම කියනවා ජාතකේ සිංහල වුනාට උගෙ කෙරුවාව සිංහල නෙමේ කියලා. බස්වල ජැක් ගහන උන් සිංහල කමට නිගා කරන අහිගුණ්ටිකයො පිරිසක්. සුනාමි වෙලාවෙ මූදු වතුර දැක්කෙවත් නැති උන් පැරෑලියට ඇවිත් ආධාර හිඟාකෑවෙ? උනුත් නියම සිංහලයො නෙමේ. ආයතන වල හොරකම් කරන උන්? උනුත් සිංහල කමට නිගා කරන උන්. කෙල්ලො අමාරුවෙ දාලා මාරුවෙන උන්? උනුත් නෑ. මුස්ලිම් දෙමල කඩ වලින් කන උන්? හලාල් ගැන නොබලා බඩු ගන්න උන්?


ඔහොම එක එකා ගත්තාම මේ රටේ සිංහලයො දෙතුන් සීයකට වඩා නෑ. ඒ උනාට අයි.සී.සී කප් එකේදි සිංහල සින්දු කෑල්ලක් වෙනුවට හින්දි කෑල්ලක් ගහපු ගමන් ඔන්න මහවිලච්චියේ වකුගඩු නරක් වෙලා ඇ‍ඳේ ඉන්න එකාගෙ ඉඳන් මුළු රටටම තදවෙනවා. තම තමුන්ගේ සිංහල ජාතියට කෙළවීම නිසා ආතල් කැඩිලා.

ඉතින් සද්ධාතිස්ස ක්‍රිකට් ආයතනය වැටලීම කියන්නෙ නිකම්ම නිකම් සිංහල ගොන්පාට් එකක් නෙමේ. ජීවත්වීමේ විලාසිතාවක්. රටෙන් කාලක වකුගඩු කුණූවෙද්දිත්, රටේ සීයට හැට හැත්තෑවකට හරියකට තුන්වේල කන්න නැතුව බොකු බඩවැල්වලට කෙලවෙද්දිත්, ආතල් එකේ ඉන්න පුළුවන් තරම් දියුණූ ජීවන මාදිලියක්. බොදු බල සේනාවෙ, සිංහල රාවයේ, රාවණ බලයේ  බැනර් ෂෙයාර් කරන උන් ගැන වෙලාවකට ඉරිසියත් හිතෙනවා.

36 comments:

  1. ///මම මේ ලිවිල්ලත් අතහැරලා දාලා තිබ්බේ.///

    අපෝ එහෙම කරන්න එපා....සමනලයෝ ත‍ටු ගහනවා දැකලා නැද්ද.....


    වික්‍රමභානුලා, පක්‍යසෝතිලා, රාවණා බලය අර බලය මේ සේනා ඔක්කොම පඩි ගන්නේ එකම තැනෙන්නේ....ඒක අමතක උනාද?

    ReplyDelete
  2. වටෙන් ඇවිල්ල ගානට වදින්න ගහල.
    උඹ ගැන ඉරිසියයි බං!

    ReplyDelete
  3. සිංහල ජාතියේ වෛරය වෙනත් සුළු ජාතියක් වෙත එල්ල නොවී ක්‍රිකට් ආයතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත එල්ල වීම හොඳ දෙයක් නේද? මා නම් එය අගය කරමි.

    ReplyDelete
  4. අප්පටසිරි... අප්‍රේල් වලට පස්සෙ අද නේ ලියල තියෙන්නෙ. ඇයි මේ ලියන්න දේවල් නෑ කියන්නෙ? එහෙමනම් මේක සිරි ලංකාව නෙමෙයි

    ReplyDelete
  5. ඒකෙන් මේකෙන් වෙන්නේ චාර්මි " බෞද්ධ භික්ෂුව " කියන චරිතය හෑල්ලු වෙලා වෙලා ජෝක් එකක්ම වෙලා යන එක...මුන් ටික කනවා සාසනේ ගරුත්වය..

    ( මොනවා හරි නොකරත් බනින්නේ අපිමයි හාමුදුරුවරුන්ට "මුන් ටික පින් බත් කෙළ කෙළ ඉන්නවා විතරයි" කියලා ..ඇත්තටම භික්ෂුව යනු කවරෙක්ද , ඔහුගේ භූමිකාව කුමක්ද ? )

    ReplyDelete
    Replies
    1. කන්නෙ නෑ. පින්වත....
      වළඳනවා.... වළඳනවා....

      Delete
  6. මචෝ අපිත් පටන් ගමුද එකක් ටී ෂර්ට් එකක් එහෙම ගහගෙන "බොග බල සේනාව" කියලා..... මොකෑ කියන්නේ... හැමදාම ටී වී වල ඉන්න පුළුවන්. බොග දාන උනුත් ඉන්නවා ඕන නම් ගිනි තියාගන්න උනත් ලෑස්ති..

    ReplyDelete
    Replies
    1. ඒක නමෙයි ඉත්තෑපානේ බණ කියනවා උඹ අහලා තියෙනවද... බඩ කොරවෙනවා කෙලින කෙප්ප වලට...

      Delete
    2. මේවා කොහෙන් කෙලවර වෙයිද? ප්‍රභාකරන් නැති හින්දා තියන දුක තමයි මේ. බාහිර සතුරා නැතිවෙන කොට සතුරන් හොය හොයා ළඟ ඉන්න එකත් සතුරා කරගෙන මගේ ආතල් එක කඩන්නේ මු කියල ඌට ගහල ආතල් එක රැක ගන්න හදනවා ටික දවසකින් මුන්ට වෙන්නේ තමන්ගේම මුනේ තියන නාහේ හින්ද තමයි මගේ ආතල් එක නැතිවෙන්නේ කියල තමන්ගේම නාහේ කපාගන්න. එක්කෝ තමන්ගේ පුක හින්ද තමයි තමන්ගේ ආතල් එක නැතිවෙන්නේ කියල පුක නැතිකරගන්න. මුන්ගේ පුක් නැතිවෙනකන් ලියල වැඩක් නෑ තමයි මූ කියන කතාව ඇත්ත.

      Delete
    3. මුං කොහෙද බං මෙච්චරකල් හිටියෙ...අපටත් බැරිද ඔය බලයෙ මෙම්බර්ෂිප් එක ගන්න...බලපන්කො ඕනැ පකීර් කෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න පුලුවන්නෙ පොලිස් ආරක්ෂාවත් ඇතුව.

      Delete
    4. Priyantha Hewage - Maathalan පිරිමියෙක් නම්

      ////මචෝ අපිත් පටන් ගමුද එකක් ටී ෂර්ට් එකක් එහෙම ගහගෙන "බොග බල සේනාව" කියලා..... මොකෑ කියන්නේ...////

      කරලා ඕක කොළඔ ඇදන් ගිහින් පෙන්නපන්.... සතියක් වැඩිය ඕනෙ නෑ සතියක්....

      උම්බ එක තාත්තගෙ පුතා නම්...

      Delete
  7. //රටේ සීයට හැට හැත්තෑවකට හරියකට තුන්වේල කන්න නැතුව බොකු බඩවැල්වලට කෙලවෙද්දිත්//


    මේ සඳහා විද්‍යාත්මක සාක්ෂි දිය හැකිද? නැත්නම් උඹගෙ කතාව වැලිඩ් නෑ. ආතල් කැඩුනද මන්දා.

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මක සාක්ෂි නැත. ඔය ලිපියේ තියෙන සේරම දේවල් මට හිතෙන දේවල් බැවින් ඔයිට වඩා වැලීඩ් නැති ඒවා තිබෙන්නට පුළුවන.
      ආතල් කැඩුනොත් තව පෝස්ට් එකක් ලියනවා බං.

      Delete
    2. That's the best answer to a stupid question from an idiot. Well done charmi.

      Delete
    3. 70% වැඩිය වෙච්ච සිංහල බෞද්ධයට පුකෙන් යන්න කෙළවෙන කොටත්, වෙන ලබ්බක් අල්ලගෙන ලෙවකන, කකුල පොළවේ නොවැදි ඉන්න පඩත්තලයින්ට නම් මේක නිර්ධන පංතියේ ආතල් කැඩීමක්. උඹ දුන්න උත්තරේ ගැන සතුටුයි චාමි. ඌරන්ට දෙන්න ඕන ගූ මිසක්, ඇපල් නෙමේ.

      Delete
  8. ආතල් නේ ...

    ReplyDelete
  9. අපි කොහොම හරි උත්සාහ කරලා මේ රට ශරියාව රජ කරන මුස්ලිම් රටක් කරමු. ඒ ටික කරන්න උබල වගේ කොල්ලෝ මට හරි වැදගත්. අපි එකතුවෙමු..

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අන්තවාදයට එරෙහිව මට අදහස් ආවේ මීට ටික කලකට කලින්.අපේ සයිබර් වීරයෝ චූන් වෙන්න කලින්.මුලු ලෝකෙ ගැනම.හැබැයි අවුල බො.බ.සේ වගේ පිස්සන් එක්ක(උඹලාද ඇතුලු)එකතු වෙන්න බැරි වීමයි

      Delete
    2. පට්ට දෙවෙනි ඇනෝ. මේ රටට ඇත්තටම ආදරය කරන, මොලේ කළදක් තියන මිනිස්සු බහුතරය හිතන්නේ ඔහොම තමා. මුන් කරන්නේ ශාසනයත් එක්ක කන එක. අවශ්‍යාතාව තාම එහෙමමයි.

      Delete
  10. ඒකත් එක්කම හීනියට ඊලමකුත් හදමු. උදවු කරපන් හොදේ..

    ReplyDelete
    Replies
    1. හිතේ ඇති. උඹල මොන ආතල් ගත්තත් ඔය ආතල්එක නං ගන්ඩ දෙන්නෙම නෑ. උතුරු පළෘත් සභාවට ඉඩම් පොලිස් බලතල දෙනවට මම 100% ක්ම විරුද්දයි. ඒ විතරක් නෙමේ. ඔය උලව් පලාත් සභාව කැන්සල්ම කරල දාන්න ඕනෙ.
      වැඩි විස්තර ඊළඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න..... ටිං...

      Delete
    2. ගල් පොන්නයින්ගේ ආතල් කඩන්න එපා චාමි. උන් පව් බන්. ඔන්න ඔහේ හා කියල දාන්න තිබ්බේ.

      Delete
  11. ඒත් එක්කම මට පුලුවන් උනොත් උබේ නෑයෙක්ගෙ බෙල්ල කපන්න අල්ලාගේ නාමයෙන්, නැත්නම් උබේ උනත් කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. ආතල් නේ?

      Delete
    2. අන්න සැදැහැවත් බෞද්ධ උපාසකයෙක්ට තද වෙලා. මොකො කහ රෙද්දක් දාගත්ත එකෙක්ගෙන් අතවරයක්වත් උනාද?

      Delete
  12. කාලගුණේ වටකරන පාටක් නෑනෙ බං. මැරිච්ච ධීවරයො සිංහලයො නෙවෙයිද මන්දා..

    ReplyDelete
  13. බෞද්ධ බික්සුව නැතිවුනා කියලා අපිට නැතිවෙන්නෙ මොනවද?
    මට හිතාගන්න බැහැ ලොකු දෙයක් අපිට නැතිවෙයි ිකයලා..බෞද්ධ බික්සුවයි අනික් ආගං කාරයොය් මේ රටට කරපු හොදට වැඩිය නරක වැඩියි...
    හොද නරක හොදට ඉවලුවේට් කරලා බැලුවොත්, ඔක්කොම මුල්ලාවරු, පාදිලියො සිවුරුහොරු ටික ඒ තැන්වලින් අයින් කරලා දාන එක සමාජයට වාසි දායක වෙයි.

    ReplyDelete
  14. උබ ඔය ලොල් ලොල් ගැන එකේ තේරුම දන්නවද.? අනේ පඩයෝ දන්නා සිංහලෙන් කතා කරපන්. උබ හරි ජාතිමාමක නේ. අයි මේ සුද්දගේ ඉංගිරිසි කැලි ?
    සිංහලෙන් කතා කරනවානම් සිංහලෙන්ම කතාකරපන්. ඉංග්‍රීසි කතා කරන්න ඕනනම් ඉංග්‍රීසියෙන් විතරක් කතා කරපන්.

    ReplyDelete
    Replies
    1. ලොල්ලට ලොල් දැක්කහම තද වෙලාද මන්දා...

      Delete
    2. ජන සේනා කියන දේට පුක ඉරිච්චි ලොල්ලෙක් fake ජන සේනා එකක් හදාන. කෙලින් කියන්න පුක් ද? තොපේ කටේ නරිවාදං රෙද්ද යටින් ‍බේරෙන්නෙ

      Delete
  15. මචන් ලා දන්න එකෙක් කියපල්ලකෝ මේ රාවනා කියන රජා ගෙයි ( හෝ දෙයියා ගෙයි ) බුද්දාගමේ යි තියෙන සම්බන්දේ ... එහෙම සම්බන්දයක් නැහැ කියල නම් කියන්න එපා ... නැත්නම් මේ ගරුතර සංගරත්නය මේ තරම් රාවනාට ආදරය කරයි යැ

    ReplyDelete
  16. රාවණා ඉලය දැන් මේ රටේ පොල් කටු උසාවිය. පොල්කටු උසාවි මතු වෙන්නේ රටක නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටුණ් විටයි. රාවණා බලය පොල්කටු උසාවි පැරණි කොමඩියක අලුත් පිටපතකි

    ReplyDelete
  17. " ‘සිංහල ජාතිය’ කිව්වාම. ඒක වකුගඩුවක් වගේ නිශ්චිතවම අහවල් තැන තියෙන අහවල් හැඩයේ එකක්ය කියලා කියන්න කාටවත්ම බැරි නිසා ඕනෙම කෙනෙකුට තමුන්ට කැමති හැඩයකට ඒක ඇඳගෙන වැඩේට බහින්න පුළුවන්" මෙන්න කැල්ල චාමි .

    එතනින් යට කෑල්ලත් සලකන කොට , අර සිංහල ජාතිය වඳ වෙනවා කියන කතාවත් ඇත්තනේ

    ReplyDelete