Thursday, April 25, 2013

ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !!



ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ  දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි)

ඒක පෙන්නන ගමන් මෙන්න මේ වගේ දෙයක් තමයි කිව්වේ....

“එම්.ඩී. වීරරත්නගේ කාටූනය............ ගෙදර ස්වාමිපුරුෂයා පුටුවකට නැගලා විදුලි මීටරේ දිහා බලාගෙන...... බිරිඳට කියනවා...හරි බයවෙන්න එපා...  තාම අනූව උනේ නෑ කියලා.... හැහ්..හිහ්.. හා....ඒක තමයි.... අනූව පැන්නොත් ඉතින්... හැහ්..හැහ්..හහ්...හිහ්...හිහ්......”

ඇත්තටම මේක මාර වැඩක්නේ.  ටීවී නොබලන හින්දම මං හිතං හිටියේ ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. එක, ලේක්හවුස් එහෙම මේදවස්වල විදුලිය ගැන මුක පූට්ටුවෙලා විරවගෙන ඇති කියලා. බලං යද්දි ලොවෙත් නෑ. 

එකට එකක් විදුලි බිල වැඩිකලාට පස්සෙත්, ඒ වැඩිවෙච්චි විදුලියෙම්ම ටීවී බලන/අන්තර්ජාලයේ සැරිසරණ ගමන්, විදුලි බිල ගැනම අපිට බඩ පැලෙනකං වුනත් හිනාවෙන්න පුළුවන්.

මේ බලන්නකෝ කොච්චර ආතල්ද කියලා? 







හැහ්..හැහ්..හහ්...හහ්...හිහ්...හිහ්.....හූ...........!!
-----------------------------
මේ දවස්වල විදුලි බිල ඉලක්ක කරගෙන ක්‍රියාත්මක පොඩි පහේ ව්‍යාපාරයකට මමත් සපෝට්. කැමතිනම් ගිහින් බලන්න......
“අපි ගෙවන්නෙ නෑ”

15 comments:

  1. මෙච්චර අපි මහන්සි වෙන්නේ විදුලි බිල වැඩි වුණ එක ගැන හොඳටම රිදීම නිසා නොවේ.

    ReplyDelete
  2. භාන්ඩ හා සේවාවල මිල වැඩිකිරීම දුප්පත්කම තුරන් කිරීමේ එක්තරා ක්‍රමයක්. දුප්පත් උන්ට කන්න නැතුව මැරුනම ඉතිරි වෙන්නෙ පෝසත් අය.

    ~Ra

    ReplyDelete
  3. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි)
    ඔන්න බලන්න මෙච්චර වැදගත් ලිපියක මට වැදගත්ම කොටස තමයි ඒ ටික. බලාන ගියහම කම්මලේ බල්ල ටත් වඩා එහා. කටු ගහේ නගින මිනිහටත් වඩා එහා. දුක විදලම විදලම විදලමද කොහෙදෝ ලංකාවෙ මිනිස්සුන්ට දුක විඳින එක ආතල් වේලා.

    පවු අපේ රට මිනිස්සු කාටත් පිස්සු ඩබල් වෙලා.

    ReplyDelete
  4. ගෙවන්න බැරි අය නිකං ඉන්න. ඒ අයගේ ලයිට් කැපිලා, කැපිලා ජල විදුලියෙන් දෙන්න පුළුවන් තරමට විතරක් ඉතිරි උනා නං හරි. අපිට ලාබෙට ලයිට්.

    ReplyDelete
  5. මොනවා කියන්නද මන්දා සිරාවටම ..
    චමුදිත නම් අංක එකේ පාවාදෙන්නෙක් .
    ශාන් මහත්තයගේ ළඟ ඉද්දි හැසිරුණ හැටි ,
    දැන් හැසිරෙන හැටි පරස්පරයි ..මීළඟ ආණ්ඩුව
    එක්ක හැසිරෙන හැටි ගැනත් හිතාගන්න පුළුවන් ..


    එක අතකින් ඒ මිනිස්සු හරි ..අපියි වැරදි ..

    ReplyDelete
  6. චාර්මි මේ මතුකරන කාරණය වැදගත්ය. ආණ්ඩුවේ නිල හා නොනිල මාධ්‍ය වලින් අප මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන ලොජිකල් ප්‍රතිචාරය නිහඬතාවයයි. (ආණ්ඩුවට අවාසි නිවුස් එකකදී ආණ්ඩුව සාමාන්‍යයෙන් කරන්නේ කාට හෝ බැණ අත හෝදා ගැනීමය. උදා: ජිනීවා පැරදුණු විට ඇමෙරිකාවට බැනීම. නැත්නම් නිවුස් එක ප්‍රතික්ෂේප කිරීමය. උදා: ප්‍රභාකරන්ගේ පොඩි පුතාගේ කේස් එක. නමුත් මෙහිදී ඒ දෙකම කළ නොහැකිය.) මේ නිහඬතාවය නොදක්වා ආණ්ඩුවද අප සමඟ හිනා වෙන්නේ ඇයි?

    මීට සම්බන්ධ තවත් කතාවක් නම් ජනාධිපතිතුමාම මත්තල ඒයා පෝර්ට් එක ගැන පයිලට්ලා තුන් දෙනකුගේ කතාවක් කියා හිනා වීමය. මේ ඇයි?

    මේ ප්‍රතිචාරය, මේ සියල්ලක් ඉතාම ඉක්මණින් අමතක කරන ජනතාවක් අපට ඉන්නා බව ආණ්ඩුව සහසුද්දයෙන් දන්නා නිසා නොවේද? මේ පළ වන්නේ ජනතාව පිළිබඳව ආණ්ඩුවේ ඇස්තමේන්තුව නේද?

    ReplyDelete
  7. ""(දන්නවනේ... සමරවික්‍රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි)""
    බොල මටනේද මේ හිමින් සැරේ හින්ට් පාස් කරන්නේ..?

    ReplyDelete
    Replies
    1. ආහ්... උඹ ඉන්නවද? මළා කියල හිතලා පොඩි මෙමෝරියල් පාරක් දැම්මේ :)

      Delete
    2. “අපි ගෙවන්නෙ නෑ”

      ආණ්ඩුව: ගෙවන්නෙ නෑ..? ගෙවන්නේ නැතිනම් බම්බු ගහපිය..!

      Delete
  8. විදුලි බිල වැඩි කලේ ඉන්ධන මිල ඉහල යාම නිසා. මේක තාවකලික වැඩිකිරීමක් කියලා ඉතා පැහැදිලිව කියා තිබෙනවා. අනික නම් ඉදිරියේදී ගල්අගුරු බලාගාර සක්‍රිය වූ පසු මිල අඩු වෙනවා.

    අනික නම් ලංකාවේ පැය විසිහතරම නොකඩවා විදුලිය ලබා දෙනවා. ඒ සදහා ඉන්ධන, ජලය යොදා ගන්නවා. ආසියාවේ ඇතැම් රටවල් වල දවසට විදුලිය සපයන්නේ පැය කිහිපයක් පමණයි.

    ඉතින් ජනතාව තීරණය කල යුතුයි මෙසේ නොකඩවා විදුලිය අවශ්‍යද නැතිනම් දිනකට පැය කිහිපයක් විදුලිය ලබා සැහීමකට පත්වෙනවාද කියා.

    රටේ විශාල වශයෙන් සංවර්ධන වැඩකටයුතු නොකඩවා සිදුවෙනවා. අධිවේගී මාර්ග, ගුවන්තොටුපල, අතිදැවැන්ත වරාය. මෙව්වට මුදල් අවශ්‍යයි. මේ සදහා බදුමුදල් අවශ්‍යයි. පැහැදිලිව කිවයුතුයි, ආණ්ඩුව බදු මුදල් හා විදේශවලින් ණයට ගන්නා මුදල් වැයකරන්නේ පසුගිය ආණ්ඩු මෙන් කෑමට බිමට නොවේ. සංවර්ධන කටයුතු ආයෝජන සදහායි.

    දැන් මේ විදුලි බිලක්‌ අල්ලාගෙන බොරුවට් කෑ ගහන්නේ වෙනත් වැරදි පෙන්නන්න නැති නිසා. රටේ තොටේ ඇවිදින ඕනෑම කෙනෙක්ට පේනවා යුද්ධෙන් පසු ජනතාව නිවිසැනසිල්ලේ සිටිනා අයුරු හා රටේ සිදුවන ඇති දැවැන්ත සංවර්ධන කටයුතු.

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නේ... මිනිස්සු ජීවත් වෙන්න විදින දුක දන්නෙ නැතුව වගේ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සංවර්ධනය යනු යටිතල පහසුකම් නඩත්තුව හා වැඩි දියුණු කිරීමත්, අලුතින් යටිතල පහසුකම් ඇති කිරීමත් පමණක් නොවන බව නොදන්නා මෝඩයන් අතර ඉපදීමට සිදුවීම ගැන කම්පා වෙමි.

      රටේ පවතින අර්බුද වන අධික වෙමින් පවතින බේබදුකම, ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ, පොදු දේපල අවකළමනාකරණය සහ නාස්තිය, බල්ලට යන නීතිය(කහවත්ත , අකුරැස්සේ සභාපති, රතු කුරුස සාමාජිකයාගේ ඝාතනය සහ ඔහුගේ පෙම්වතිය දූෂණය කල පිරිස ... ), යට ඉඳන් උඩ වෙනකම් ගෙවන්න වෙන රාජ්‍ය සේවකයන්ගේ කප්පම, පත්කරපු දේශපාලුවෝ මහාපරිමනයෙන් සිදුකරන මහජන මුදල් කොල්ල කෑම, බඩගෝස්තරය විනා ඔවුන්ගේ ප්‍රතිපත්තියක් නොමැති කම නිසා ඇතිව තිබෙන විරැකියාව,නිෂ්පාදනයක් නොමැතිකම, උද්දමනය සහ ඉහල යන දරිද්‍රතාව දකින්නට, විවේචනය කරන්නට හැකියාවත්, ඒ සඳහා මනසකුත්, නිදහසත්, සංවර්ධන නාටකයෙන් අන්ධ වූ ඔබට ලැබේවා!

      Delete
    4. මේ සමන් කියන කතාවට හිනා වෙනවද අඬනවද කියලා හිතා ගන්න බෑ.

      ඔයා සමහරවිට ජීවත් වෙන්නේ වොන්ඩර්ලෑන්ඩ් එකක වෙන්න ඇති. ලංකාවේ නම් මෙහෙම කියන ඒවා වෙන්නේ නෑ....

      Delete
  9. රනිල්ගෙ කටු කන බල්ලාMay 8, 2013 at 9:59 PM

    පහුගිය කාලෙ දේශපාලඥයින් පොලීසියට ගහපු එක ගැන විපස්සෙ අපි ගොඩක් දුක් වුණා. දැන් තේරෙනව ඒ ඇයි කියල. පොලීසිය වෙනුවෙන් අඬාපු විපස්සෙ අපි දේශපාලන අතින් මොන තරම් ළදරුවොද නේද?

    http://lankacnews.com/sinhala/news/94049/

    පොලීසිය වෙනුවෙන් අඬාපු අපි මීට පස්සේ පොලීසියට විරුද්ධව වචනයක් කිව්වත් බල්ලෙකුට වගේ වෙඩි කන්න වේවි. ශිහ් අපි වගේ තක තීරු බල්ලො වගයක්.

    ReplyDelete