Wednesday, March 6, 2013

හතර දෙනෙක් (ෆේස්බුක්) සිංහලයෝ....


මේ කතාව මම දන්නා එක්තරා පොඩි පහේ ටවුමක් ගැනය. මේ ටවුමේ එතරම් ජනාකීර්ණ නොවන පාරක කඩ පේලියක් ඇත. මේ කඩ පේලියේ කඩවල් හතඅටක් ඇත. ඒවායින් එකට යාව පිහිටි කඩවල් හතරක් කරන්නේ කොල්ලන් හතර දෙනෙකි.

කෙළවරේ පිහිටි කඩය ෆාම් ෂොප් එකකි.  (මස් කඩයක් හෙම නොවේ).  බිස්නස් නැත්තේද නැත.

ඊළඟට ඇත්තේ ෆෝන් ෂොප් එකකි. ෆෝන් ෂොප් කෙරුවාව යනු පොඩි කොල්ලන් ගෙනත්දෙන මෙමරි චිප් වලට උන් ඉල්ලන ඕනෑම ජරාවක් ලෝස් නැතුව දමා දී රුපියල් පනහක් හැටක් ගැනීමය. මීට අමතරව ෆෝන් කවර කීපයක්, චාජර්, බැටරි, ඩේටා කේබල් වැනි අනංමනං හත අට බැගින් තැන් තැන්වල එල්ලා ඇති අතර බිත්ති පුරා ඩීවීඩී අසුරා ඇත. ළඟපාත ඉස්කෝලේ කස්ටමර්ලා ඇරුණුවිට වෙන මහලොකු බිස්නස් එකක් නැත.

ඊළඟ එක ස්පෙයාර් පාට්ස් කඩයකි. ඇත්තේ බයික් ස්පෙයාර්පාට්ස් ය. කිට්ටුව ඇති බයික් වැඩපල නිසා ජාම බේරා ගනී.

ඊළඟට ඇත්තේ බේකරි ෂොප් එකකි.  කස්ටමර්ස්ලා වැඩිපුර එන්නේ උදේ වරුවේය.  වැඩිපුර ඉන්නේ නිකංය.

කලින් කියූ පරිදි මේ කඩවල් හතර කරන්නේ කොල්ලන් හතර දෙනෙකි.  මුං උදේ අටට අටහමාරට විතර කඩවල් ඇරිය පසු දවසම ඉන්නේ එකටය. හුඟක් වෙලාවට කරන්නේ කඩපේලිය ඉදිරිපිට කොටටම්බා හෙවණේ පුටු හතරක් තියාගෙන කයිය ගහන එකය.  නැතිනං හන්දියේ ලගා ගහන මැන්ටල් පොරවල් කීපදෙනාගෙන් එකෙක් අල්ලාගෙන බයිට් කරන එකය.

එකෙකුටවත් එහෙමටම කියා බිස්නස් නැති නිසා  ඕපාදූප කතාකරන්නට, පත්තර බලන්නට, කතා කරන්නට මුන්ට ඕනෑතරම් වෙලාව ඇත. සාමාන්‍යයෙන් සෙනඟ අඩු සතිඅන්තයේ මුං කරන්නේ කඩපේලිය ඉස්සරහා කැරම් ගහන එකය. හුඟක් වෙලාවට එක කඩයක් ඉතිරි තුන්දෙනාට බලාගන්න යැයි කියා එකෙක් ගෙදර යයි. කොටින්ම මුං හතරදෙනා එක බඩවැල කඩාගෙන ආපු උන්ටත් වඩා සමීපය.

කොහොම උනත් රෑ අට විතර වෙනවිට මුං හතර දෙනාම ෆේස්බුකියට එති. එතන ඉඳන් පැය දෙකතුනක් ෆේස්බුකියේ ගත කරති. පස්සේ ‘ගුඩ් නයිට් මචං’ කියා නින්දට යති. පහුවදා නැවත උදේ අටහමාරට කඩවල් අරිති.

මට කීමට ඇති කතාව මෙපමණය. මෙතැන් සිට උපුටා දමා ඇත්තේ මුං හතරදෙනාගේ ෆේස්බුක් ස්ටේටස් එකකි.  


ප/ලි - වැඩේ කියන්නෙ මුං දවස පුරාම වෙන වල්පල් කියෝල කියෝල රෑට එෆ්.බී ආපුගමන් හලාල් වර්ජනේ පටන් ගන්නවා.
මං කියන්නෙ  රෑට අමාරුවෙන් අකුරු කොට කොටා  ෆේස්බුකියෙ ඔට්ටුවෙන්නැතුව ඕක පුරුදු විදිහට අර කොට්ටම්බා ගහ යටදිම කතාකරගනිල්ලකො.

ඇත්තටම ෆේස්බුක් කියන්නෙ මොකද්ද?  :)

39 comments:

  1. ෆේස්බුක් එකවුන්ට්ස් ටික පට්ට ඕයි!!!

    ReplyDelete
  2. හිකි.
    ඔන්න ඇත්ත තත්වේ.
    මම දැක්ක අද ෆොටෝ එකක් ශෙයා වෙනවා හලාල් මාක් එක තියෙන කොන්ඩම් පැකට් වගේක.
    (ෆොටෝ ෂොප් වෙන්න ඇති)
    දැන් බලමු අපේ අයියලා ඕවා පාවිච්චි කරන්නේ නැතුව ජාතිය ගොඩ නංවන හැටි :D

    ReplyDelete
    Replies
    1. දරුවෝ 7ක් 8ක් විතර හැදුවට පස්සේ ඉතින් කොන්ඩම් දානවා තමයි.

      Delete
  3. දක්කේ නැද්ද බුකියේ හලාල් සොමිය අමතකයි අපිට . .

    ඒ ඉතරක්ද දුමින්ද ආපු එකත් අමතකයි යකෝ . .

    මේ සති දෙකේ කස්ටිය ආතල් ගන්නේ ලසිත් මාලිංගගෙන් . . හිකිස් . ..

    ReplyDelete
    Replies
    1. මාලිංග මලා. දැන් ඉන්නේ වැඩි පඩි ඉල්ලන, මාධ්‍යයවෙදීන්ට බනින චාවේස්.

      Delete
  4. යකෝ මිනිස්සු ගොඩ යන්ඩ එක එක ඒවා කරනවා. ඒවට මුකුත් කියන්න එපා. ඔය ස්පෙයා පාට්ස් ෂොපා තව අවුරුදු කීපෙකිං උඹ වගේම ලියන්නෙ නැද්ද කියල බලපං :D

    ReplyDelete
  5. හරියට හරි...මම හිතන්නේ මේ වගේ ස්ටේටස් හතර පහකින් පස්සේ එන, ස්ටේටස් එකත් දැම්ම නම් තමා මරු.

    සිංහල මල යකා - හලාල්...
    ෆෝන් ෂොපා - හම්බයින් ඉවරයක් කරමු
    ස්පෙයා පාට් ෂොපා - අල්ලගෙ අම්මට එන්න කියාපිය
    බේකරි ෂොපා - කොන්ද රැක ගමු සිංහලේ
    ෆාම් ෂොපා - ඉන්න බැරි නම් පලයව් පකිස්තානෙට

    හතර දෙනෙක්....

    ReplyDelete
    Replies
    1. අනිවා.

      මෙතන මගෙ ලොකුම කොක්ක මේකයි. මුං දවස පුරාම වෙන වල්පල් කියෝල කියෝල රෑට එෆ්.බී ආපුගමන් හලාල් වර්ජනේ පටන් ගන්නවා.
      මං කියන්නෙ ඕව රෑට ස්ටේටස් වල දාන්නැතුව දවල්ටම කතාකරගනිල්ලකො

      ඇත්තටම ෆේස්බුක් කියන්නෙ මොකද්ද?  :)

      Delete
    2. ඇත්තටම ෆේස්බුක් කියන්නෙ මොකද්ද?

      චාර්මි අහන්නෙ හොඳ ප්‍රශ්නයක්.

      ඉන්ටනෙට්, ෆේස්බුක් එන්න කලින් අපේ ජීවිතේ රූපවාහිනී/ITN විතරක් තිබුණු දවස් වල ටී.වී. එක වගේ. අපට තිබුණේ එච්චරයි අපි දැන හිටියෙත් එච්චරයි. අපේ ජීවිතේ එතනින් ඉවරයි. ඒකවත් නොතිබුණු අපේ සීයා බුවාලා ගැන පව් කියලා හිතෙනවා...

      ඉන්ටනෙට් වලින් තව චැනල් කීපයක් දාල දුන්නා. ෆේස්බුක් වලින් දැම්මා තව චැනල් ටිකක්. දැන් රූපවාහිනි/ITN බලන්න ඕනෙම නෑ. රිමෝට් එක අතේ නම් බැලුවා ඕනෙම චැනල් එකක්.

      හැබැයි මොනවා ගැන වුණටහ් ෆේස් බුක් එකේ කෙළ ගැනීම පාරතොටේදී කෙළ ගැනීමට වඩා හොඳ බවයි මට නම් හිතෙන්නේ. මූණට හම්බවෙන හැම එකාම "අඩෝ හලාල් වර්ජනය කරපිය, මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා" කියන්න ගියොත් කොහොමට හිටීවිද?

      Delete
  6. ඇත්තට චාමිට වැඩ නැද්ද ලියන්න දෙයක් නැති උනාම ෆේස්බුක් එකවුන්ට් හදන් මේ වගේ වැඩ කරන්නේ? ;)

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකවුන්ට් හදන්න දෙයක් නෑ. මේ තියෙන්නෙ ඒකට ගැජට් එකක්.
      http://www.fakebookstatus.com/

      Delete
    2. මං යූස් කලේ මේක
      http://thewallmachine.com/

      Delete
    3. :)
      මේක ෆේක් කොන්වෝ එකක් වුනත් මුන්ගෙ ඇත්ත ප්‍රොෆයිල් වලින් සිරාවටම යන සීන්එකක් පූසො. මුං දවස පුරාම වෙන වල්පල් කියෝල කියෝල රෑට එෆ්.බී ආපුගමන් හලාල් වර්ජනේ පටන් ගන්නවා.
      මං කියන්නෙ ඕව රෑට ස්ටේටස් වල දාන්නැතුව දවල්ටම කතාකරගනිල්ලකො

      Delete
  7. බලපං කැප වෙලා රට වෙනුවෙන් වැඩ කරන උන්..

    පට්ට පෝස්ට් එක බං !

    ජය !

    ReplyDelete
  8. ඕවා.... විවේක පාඩු අවස්ථාවලදි කරන කියන දෙවල්නෙ....!

    ReplyDelete
  9. උඹ අහලා තියෙන්නේ ෆේස් බුක් කියන්නේ මොකක්ද කියලනේ. ඒ කියන්නෙ මූණූ පොත කියන එක නේ.. ඇත්තටම පෙන්නන්නේ කෙනෙකුගේ මූණ නෙමෙයි .. හෙළුව....

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් වලින් විතරක් නෙවෙයි බ්ලොග් එකෙන් පෙන්නන්නෙත් කෙනෙක්ගේ හෙළුව තමයි. විශේෂයෙන්ම මාතලන්ගේ බ්ලොග් එක වගේ.

      Delete
  10. අපේ අනාගතෙ තියෙන්නෙ ෆෙස්බුක් එකේ

    ReplyDelete
  11. ෆේස්බුක් එක දැං නිකං කක්කුස්සියක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තද? ෆේස් බුක් එකත් කකාගෙ බ්ලොග් එක වෙලාද?

      Delete
  12. ලංකාවේදී ෆේස් බුක් මූණුපුක් පොත වෙලා

    ReplyDelete
    Replies
    1. නිතරම ඇමෙරිකාව (හෝ තමන් ඉන්න මොකක් හෝ රට) හා ලංකාව සන්සදනය කරමින් ලංකාවට බනින ටිපිකල් ලාංකීය සංක්‍රමණිකයාගේ චරිතය රඟපානවා වෙනුවට ලෝකයේ මේ රටවල් දෙකට අමතරව තවත් බොහෝ රටවල් ඇති බවත් මේ එක එක රටවල මිනිසුන් එක එක ජාතියේ පිස්සු කෙළින බවත් අවබෝධ කර ගැනීමට පුළුවන් නම් උදිතට මීට වඩා ගැඹුරක් ඇති දේවල් කිව හැකි වනු ඇත.

      Delete
    2. @AnonymousMarch 7, 2013 at 8:51 AM, +++++++++++++++++++++++

      Delete
    3. අයියෝ මචං මම ලංකාවට බනින්නේ නෑ ලංකාව සංසන්දනය කරන්නේත් නෑ මෙහෙට. මේ මම ඉන්න රටෙත් ඕනෑ තරම් පිස්සෝ, නුගත් මිනිස්සු, හිඟන්නෝ ඕනෑ තරම් ඉන්නවා ඇත්තටම ඇමරිකාව කියල නෑ පිච්චු පුඋසෝ පිරිලා මෙහෙත්.
      එක එක රටවල මිනිසුන් එක එක ජාතියේ පිස්සු කෙළිනව ඇත්ත තමයි මචන් ඒ වුනාට පිස්සු කෙළින පිස්සෝ, නුගත් මිනිස්සු,චණ්ඩි තමන්ගේ පාලකයෝ කරගෙන ඉන්නේ කොහෙද?
      ඇමරිකාවේ ඇමරිකාවේ...එංගලන්තේ එංගලන්තේ ...
      මීට වඩා ගැඹුරක් ඇති දේවල් කියන්න....කාටද? තමන්ගේ ළමයින්ගේ තමන්ගේ රටේ අනාගතය තීරණය කරන්න රට මෙහෙයවන්න රත්තරන්,කුඩුමල්ලිලා,පබා පත් කරගෙන ඉන්න
      අයට උඹල ගැඹුරු දේවල් කියපල්ලා. මම සරල දේවල් කියන්නම්. සරල දේවල් කියන්නත් කවුරු හරි ඉන්නත් එපැයි
      උබලට වෙන රටවලින් ඉගෙන ගන්න ලජ්ජා නම් තමන්ගේ ඉතිහාසයෙන්වත් ඉගෙන ගන්න බලපන්.
      මම කරන්නේ ටිපිකල් ලාංකීය සංක්‍රමණිකයාගේ වැඩේ කියල ඔයාට හිතෙන්නේ මාව නොදන්නා කම හින්ද.ලංකාව හදන්න නොවෙයි මම ලියන්නේ බ්ලොග් කියවන්නේ මගේ විනෝදය පිණිසයි.

      Delete
    4. Elama...ela...Uditha!! :)

      Delete
  13. ෆේස්බුක් එක මාර ගති බං.... අවංක හදවතක අව්‍යාජ ආත්ම ප්‍රකාශනය වගේ

    ReplyDelete
    Replies
    1. ආ ඒක නෙමෙයි... ෂෙනානි හංසිකා ගුරුගේ ව ෆේස්බුක් එකේ හොයපු අය අත උස්සන්න....

      (හ්ම්ම්ම්.. බිම බලාගෙන ... ) එකයි...

      Delete
    2. අවංක හදවතක අව්‍යාජ ආත්ම ප්‍රකාශනය වගේ +++++++

      Delete
  14. ෆේස් බුක් කියන්නේ මොකක්ද//
    මටත් ඔය ප්‍රශ්නෙ මතුවුනා දවසක් දෙකක්.
    අපේ එකෙක් ඉස්සෙල්ලම බුකියට ඇවිල්ල මාත් එක්ක චැට් එකට සෙට්වුනා. වැඩේ කියන්නෙ ඌටයි මටයි දෙන්නටම "උපහාර" කනෙක්ෂන් එකක් තියෙන්නෙ. කෝල් එකක් දුන්න කියල සත පහක් වියදං වෙන්නෙ නෑ.

    තවත් දවසක් එකෙකුගෙ රික්වෙස්ට් එකක් කන්ෆර්ම් කරන්න බැරිවුනා. මූ ඒකට මට බැන්න. මම ඇහුව ඔය මගුල නැතුවට උඹයි මමයි යාළුවො නෙවෙයිද කියල.

    ReplyDelete
  15. මේ දවස් වල ඕකෙම මාලිංග වර්ශන් එක යන්නෙ. තව ටික දවසකින් ආපහු දුමින්ද සිල්වා එයි. ඊට පස්සෙ කව්ද????

    ReplyDelete
  16. ඇත්තටම ෆේස්බුක් කියන්නෙ මොකද්ද? :)

    මට නම් කුණු ගොඩක් හැබැයි කුණු ගොඩේ උනත් වැඩක් තියෙන දේවල් තියෙන්න පුළුවන්.

    ReplyDelete
  17. ඉන්ද්‍රජිත්March 8, 2013 at 2:22 PM

    ඇත්තටම ෆේස්බුක් කියන්නේ මොකක්ද..?

    වෙන රටවල් වලත් මෙහෙමද කියන්න දන්නෙ නෑ, ලංකාවේ නම් බොහොමයක් දේවල් පාවිච්චි කරන්නෙ ඒ දේ මුලින් නිපදවනකොට ඒකෙන් ඉටුකරගන්න බලාපොරොත්තු වෙච්ච දේට වෙනස් අරමුණකට.

    මිනිහෙක් ගෙයක් හදන්නේ ඒකෙ හෙවන යට ජීවත් වෙන්න කියලා, ඒත් අපේ සාමාන්‍යයෙන් වෙන්නේ පුළුවන් තරම් විසාලෙට සැලැස්මේ ඉඳන් වියදම් දරලා අනුන්ට පෙන්න හැදුවට පස්සේ ඒක වහලා දාලා දරුවන් හින්දය කියලා කොළඹට වෙලා බදු ගේක ඉන්න එක.
    වාහනයක් ගන්න එකේ අරමුණ ගමන් බිමන් පහසුව. අපි කරන්නේ තිබුණු 1000cc වාහනේ දීලා ටෙරියොස් වගේ ඒවා අරගෙන අන්තිමට රක්ෂණ වාරිකේ ගෙවාගන්න බැරුව තර්ඩ් පාටි දාගෙන, හීරුනොත් කියලා ඒක වෙඩින් වලට යන්න විතරක් තියාගෙන බස්/ත්‍රීවීල් වල යන එක.
    දුරකථනය හදපු උදවිය ඒකෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ සන්නිවේදනය. ඒත් අපි ඒක පාවිච්චි කරන්නේ මෙන්න මාත් අප් ටු ඩේට් පොරක් කියලා පෙන්නන්නයි සින්දු අහන්නයි වැල බලන්නයි වගේ දේවල් වලට. මේවා කනේ ගහගෙනම ඉන්න අය තරම් එකිනෙකා අතර අනවබෝධයෙන් ඉන්න පිරිසක් තවත් නෑ.. පොත් ගැනිල්ලත් එහෙමයි. මිනිසා සම්පූර්ණ කරන්නේ කියවීමෙන් කියලනේ කියන්නේ. ඒත් මානව සබඳතා අතින් ඉතාම පහල වැටිලා ඉන්න අය හැටියට මම දන්නා කීප දෙනෙක් ඉන්නවා හැම බුක් ෆෙයා එකෙන්ම අවුරුද්ද පුරා එකතු කරපු සල්ලි වලින් පොත් ගේන.

    බුකිය ගොඩනගපු එවුන් අපට ඇහෙන්න හරි ප්‍රකාශ කරන්නේ ඒක ගොඩනැගීමේ අරමුණ සමාජය තුල සබඳතා ප්‍රවර්ධනය කිරීම කියලා. මම අදත් දැක්කා අපේ යාලුවෙක් දාලා තියෙනවා "මෙන්න ලංකාවේ හොඳම හරිය!... දකුණේ සෙට් එක ෂෙයා කරන්න " කියලා දකුණු පළාතේ සිතියමක්. දැන් කොහොමද වෙන පලාත්වල යාලුවන්ට හිතෙනවා ඇත්තේ?

    ReplyDelete
  18. දැන් ඉන්න සමහර දේසපාලුවෝ අර එක තැනකට එන්නේ බොරුවට තප්පුලන්න. ආන් එහෙම තැනක් තමයි සමහරුන්ට ඔය ෆේස්බුක් එකත්. හිතේ කොනකවත් නැති දේවල් තමයි ඔතනට ඇවිත් උන් කරන්නේ කියන්නේ.

    ReplyDelete
  19. පෝස්ට් එකට අදාළ නැත. කාලීන වැදගත්කම සලකා පළ කරන මෙන් ඉල්ලමි.

    මේ වන විට බ්ලොග් අවකාශයේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ දෙන බ්ලොග් සංඛ්‍යාව අත් දෙකේ ඇඟිලි සංඛ්‍යාවට සමාන වී තිබේ. මත වාරණයක් නැතැයි පොර ටෝක් දුන් මාතලන් පවා මත වාරණයක් ආරම්භ කර තිබේ. ඉතාම අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් පවා මත වාරණයක් නැතිව ඇනෝ කමෙන්ට් පළ කිරීමේ අවසරය ලබා දී තිබෙන්නේ පහත බ්ලොග්කරුවන් පිරිස පමණකි. ඔවුන්ට අපේ උපහාරය පුද කරමු.

    1. කතන්දරකාරයා
    2. උදිත ‍ගේ අන්තර්ජාල සටහන
    3. Reargate
    4. බුවාගෙ සිතිවිලි
    5. W3Lanka
    6. ඇනෝනිමස් ආතල්
    7. රාමචන්ද්‍රගෙ අඩවිය
    8. දයල් බතී
    9. රාජ්ගෙ නවාතැන
    10. ලංකා ජ්‍යොතිෂ අරණ

    එසේම නිදහස් මත ගලනය අවහිර වන ආකාරයට ඉදිරියේදීද කමෙන්ට් වාරණය නොකරන්නැයි මේ බ්ලොග්කරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබද මත වාරණය කරන්නේ නම් අපේ හඬට කිසිම ඉඩක් නොලැබෙනු ඇත.

    අදහස් පළ කිරීමට බාධා කරන කිසිම බ්ලොග්කරුවකුට නිදහස් මත පළ කිරීම වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව අවධානය කරමු.

    ReplyDelete
  20. මම නම් කියන්නේ ෆේස්බුක් තියෙන්නේ ඒකට..
    ඒ කියන්නේ ඔය උන් කරන වැඩේ කරන්න..
    උත්තරේ පැහැදිලිනේ..

    ReplyDelete
  21. පුක කහ ගන්න ඇගිල්ල නැති ඔයා කරන්නෙත් ඒ ටිකමනෙ?

    ReplyDelete
  22. ෆේස්බුක් කියන්නේ කක්කුස්සියක්. මමත් ඇතුළුව අපි හැමෝම බර නිදහස් කරගෙන සැහැල්ලු වෙන තැනක්. එක එකාගේ බර එක එක විදියට. සරලයි.

    ReplyDelete