Sunday, February 17, 2013

පොල් කෙල්ලේ ඔයයි මමයි......


මේක යුද්දේ දරුණුවටම ගිය 2009 මුලදී වගේ වෙච්චි පොඩි සිද්දියක්. මම දන්න හොඳ දේශප්‍රේමී මුදලාලි කෙනෙක් ඉන්නවා. ධර්මෙ අයියා කියමුකො. පලාතෙ හැටියට ටිකක් ලොකු සිල්ලර කඩයක් තමා කලේ. පළාතෙ කවුරුත් පෙට්‍රල් ගත්තෙ මිනිහගෙ කඩෙන්. මොකද ෂෙඩ් එකේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවංකරන නිසා මිනිහා පෙට්‍රල් ගෙන්නුවෙ හැඳල පැත්තෙ ෂෙඩ් එකකින්. ෂෙඩ් එකට වඩා ගණං වැඩි වුනත් බඩු සුපර්. ඉතිං මිනිහා ඔය ඉන්ධන ප්‍රශ්න ගැන කොහොමත් හරි උනන්දුයි.

දවසක් හවසක මං කොහෙහරි යනගමං කඩේට ගොඩවෙලා පොඩි චැටක් දාගෙන ඉන්න වෙලාවක්.

“අන්න මාදම්පෙත් එකක් අල්ලලාලු...... දවල් නිවුස් වලට ගියේ.......”
“මොකද්ද?”
“කොටින්ට පෙට්‍රල් ඇදපු මුස්ලිම් ලොරියක්.... ලොරිය පුරෝලා තිබිලා තියෙන්නෙ පෙට්‍රල් ඩීසල් බැරල්.... ඔහොම ගිහින් පුත්තලමෙන් වනාතවිල්ලුවෙන් ඕවා කොටින්ට පාස්කරනවා ඇති. කාලකන්ණි.... එක ලොරියක් පාස් කරගත්තොත් ඕකුන්ට අවුරුද්දකට ඇති..... කොටි ඕවට අම්මටසිරිවෙන්ඩ ගෙවනවලුනේ....”
“මාදම්පෙදි...?”
“ඔව්... චෙක්පොයින්ට් එකේදි අල්ලලා තියෙන්නෙ.... ඔය කොළඹ පැත්තට යන ලොරි චෙක් කලාට ආපහු එන ඒවා එච්චර බැලෙන්නෑනෙ.... ඒක මුන් දන්නවා..... ලොරිය මුස්ලිම් එකෙක්ගෙලු. ඩ්‍රයිවරුයි ගෝලයයි දෙන්නත් මුස්ලිම්ලු....
මං අද කිව්වා කියලා හිතාගන්ඩ..... දෙමෙල්ලු ඉවර වුනාට පස්සෙ ඔය @*&%^ තමයි මේ රටට හෙනයක් වෙන්නෙ..... උන්ට උපන්න රට කියල එකක් නෑනෙ... සල්ලි හම්බ වෙනවනං.......
මේ දෙමෙල්ලු ඉවරකලාට පස්සෙ මෙහෙ ඉන්න ඔය @$%$ හැතිකරෙත් අරාබියටම එලවලා දාන්ඩ ඕනෙ..... ඕකුං ඔය ලොරියටම දාල ගිනිතියන්ඩ තිබ්බෙ........ කාලකන්ණි.......”

මම එතනින් පිටත්වෙද්දිත් ධර්මෙයා කඩේට ආපු උන්ට ලෙසටම දේශනාව දෙනවා.
මම මගෙ ගමන ගිහින් හවස හයට විතර එනගමං ආපහු කඩේට ගොඩවුනා. ධර්මේ මූණ දෙක කරගෙන ඉඳගෙන ඉන්නවා.

“මොකද ධර්මෙ අයියෙ?”
“හරි වැඩේනෙ..... අර මාදම්පෙදි අල්ලලා තියෙන්නෙ මගෙ පැට්රෝල්නෙ......”
“ඒ කොහොමද?”
“තාහීර් මුදලාලිගෙ ලොරිය ඊයෙ අඟුරු අරං කොළඹ යනව කිව්ව නිසා හැන්දෑවෙ මගෙ බැරල් තුනක් ලොරියට දාල සල්ලිත් දුන්නා හැඳලින් පෙට්‍රලුයි ඩීසලුයි ගහගෙන එන්ඩ.... අල්ලලා තියෙන්නෙ ඒක.... ලොරිය පොලිසියෙ.... ඩ්‍රයිවරුයි ගෝලයයි ඇතුලෙලු.... මේ.... මට මොකුත් වෙන එකක් නැතිවෙයි නේද?”

--------------------------------      

මේ සිද්දිය මතක්වුනේ පොල් කෙල්ල ගැන අපේ මාධ්‍ය පින්වතුන් අද කියන කතාව කියවද්දි. දැන් ඕනෙනං අපිට බණින්න පුළුවන් සති දෙකක් තිස්සෙ පොල් කෙල්ල තුන්වේල කාපුවත් රිපෝට් කරපු මුං එකෙක්වත් නිකමටවත් කෙල්ලගෙ ගමට ගෙදරට ගිහින් බැලුවෙ නැද්ද කියලා. ඒ බැනිල්ලත් අපි මෙච්චරකල් පොල් කෙල්ලගෙ ප්‍රින්සිපල්ට බැන්නට දෙවෙනි නෑ.

මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නෙ ප්‍රවෘත්ති වාර්තා කරන එක නෙමෙයි. අපිට ආතල් දෙන එක.

නයි කෙල්ලගෙ මීඩියා ලණුව වමාරලා සතියක් යන්ඩත් කලින් අපි පොල් කෙල්ලගෙ මීඩියා ලණුව කනවා. ඊටපස්සෙ ඔෆිස්වල, කඩපිලේ, නානලිං ගාව පවා කොහෙවත් ඉන්න ප්‍රින්සිපල් කෙනෙක් පළු අරිනවා. ඊට ඉහල මට්ටමට එද්දි ෆේස්බුකියෙ අධ්‍යාපනයට 6% ක් වෙන් නොකිරීම ගානට කතාව ගිහින්. ඊටත් ඉහල තැන්වල මේක ධනේෂ්වර ආර්ථික ක්‍රමයේ මොකක්හරි එකක් කියලත් කතාවෙන්ඩ ඇති. අන්තිමේ ජනාධිපතිතුමත් ‘සංවේදී වෙලා’ ඔය මොකද්ද චක්‍රලේඛ වගයකුත් ගහන්ඩ කිව්වලුනේ.

-------------------------------------------

ධර්මෙ අයියගෙ කතාව ඉවරයි කියල හිතුවට තව ඉවර නෑ. ධර්මෙ අයියගෙ පෙට්‍රල් අල්ලපු එකෙන් ධර්මෙ අයියම දවල් දවසේ මාර දේශප්‍රේමී ආතල් එකක් ගත්තනෙ. හැබැයි හැන්දෑවෙ තමයි වැඩේ පත්තුවුනේ. කොහොමහරි දවසකින් හමාරකින් ලොරිය එලියට දැම්මා.  ඊට පස්සෙ තමයි ඉතිරි හරිය පටන් ගත්තේ. ධර්මෙයා ඊළඟ ආතල්එක ගත්තෙ වෙච්චි සීන්එක තාර බර දාල හැමෝටම කියලා. හමුදාවෙ දන්න ලොක්කෙක් අල්ලගෙන නූලෙන් බේරිච්චි හැටි, ඇමතිතුමාට කිව්වාම ඇමතිතුමා හතර අතට කෝල් කරපු හැටි, තව පොඩ්ඩෙන් දේශද්‍රෝහියෙක් වෙන හැටි........ දවස් කීපයක්ම ඔය ආතල්එක ගත්තා.

“ඇයි යකෝ ස්වර්ණවාහිනියෙ පෙන්නුවේ.....? ඒ මගෙ පැට්රෝල් බැරල්.....!!”

-----------------------------------------  

මේ දවස්වල අපි ගන්නෙත් ඔය දෙවෙනි ආතල් එකම තමයි.
“බලන්ඩකො අනේ... අර පොල් කෙල්ල මහ හෙරක්ලුනේ....... අපිත් රැවටුනානෙ....”
පොල් කෙල්ල ගැන කලින් ගහපු නිවුස් එක බොරුවක් කියලා දැන් අපි දන්නවනේ. එතකොට නිවුස් කියන්නෙ මොනවද?  වෙන මොකුත් නෑ. ප්‍රබන්ධ. නිකම්ම ප්‍රබන්ධ නෙමේ. අපේ ආතල්එක උපරිම කරන ප්‍රබන්ධ. හරියට හින්දි ෆිල්ම් වගේ. ඉගෙනගන්න ආස අහිංසක කෙල්ලෙක්. අමානුෂික විදුහල්පති කෙනෙක්, තණ්හාධික පොල්වතු හිමියෙක්, පොඩි මිනිස්සු විතරක් දඬුක‍ඳේ ගහන පොලිසියක්, හිතක් පපුවක් නැති නඩුකාරයෙක්........... ලාස්ස්සන ප්ලොට් එකක් නෙහ්?

ඇත්තම කියනවනං ඔයවගේ ප්‍රින්සිපල්ලා අපේ සමාජයේ ඉන්නවද? අති බහුතරයක් ඔය වගේ නෙමෙයි. පොල්ගෙඩි අටකට පොලිසි යන මිනිස්සු අපේ ගම්වල හරි අඩුයි. ඇරත් පොඩි කෙල්ලෙක් අල්ලං? මේ වගේ සිල්ලර කේස් හේතුවක් නැතුව ඉහලට යවන පොලිසිත් නෑ. මොන අඩුපාඩු තිබ්බත් මේවයෙ වැඩකරන්නෙ මිනිස්සු. කොටින්ම පොල් කෙල්ලගෙ නිවුස් එක අහපු ගමන් මට නං හිතුනේ මේක මේ විදිහට වෙන්න බැරි දෙයක් කියලා. (පැරා ඕක ඒ දවස්වලම ලිවුවා).

දැන් ඔය සැකය ඔය මීඩියා වල වැඩකරන අදීන මාධ්‍යවේදීන්ට එන්නෙ නැද්ද? එනවා පින්වතුනි.  ආව‍ට අදාල නෑ. ප්‍රබන්ධයක් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තියෙනවනං තව මොකටද ඇත්ත නැත්තක්?

අපිට වෙලා තියෙන්නෙ ධර්මෙයට වෙච්චි දේම තමයි. අපිට කෙළවෙන එකම අපි එන්ජෝයි කරනවා. පස්සෙ අපිට කෙළවුනා කියල තේරුණාම ඒකත් එන්ජෝයි කරනවා. නයි කෙල්ලගෙන්ගෙන්, පොල් කෙල්ලන්ගෙන් ආතල් අරං ඇණගන්නවා. පස්සෙ ඇණගත්තු එකෙනුත් ආතල් ගන්නවා. මාර ෆන් ලෝකයක්.

ප්‍රශ්නේ තමයි අපේ ආතල් වෙනුවෙන් මේ වසල මාධ්‍ය ප්‍රබන්ධවල ගොදුරු බවට පත්වෙන මිනිස්සු ඉන්න එක.
මාධ්‍යවේදී පින්වතුනි එන්න.......! අර ප්‍රින්සිපල්ගෙ වොයිස්කට් එකකුත් අපිට දෙන්න.....!!
-----------------------------
ප/ලි - යකෝ... නයි කෙල්ල දවසට 67000/- ත් හොයල තියෙනවලු

40 comments:

  1. මාධ්‍ය කඩකාරයෝ දන්නවා මිනිස්සු පොරකාල ගන්න බඩු ගැන ,ඉතිං
    ඒ බඩු හොදින් විකිනෙන හින්දා උනුත් ආතල් එකේ විකුනවා ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. 'බඩු' වලට 'නිවුස්' කියල රැවටෙන අපේ තමා වැරැද්ද.

      Delete
  2. සිරස සංස්කෘතිය! ඕන එකක් මාකට් කරතෑකි!

    ReplyDelete
    Replies
    1. අපේ හීන - අපිටම විකිණීම

      Delete
  3. හිට්වෙනවනං ඕන ගූ ගොඩක් නිව්ස් තමයි වර්තමානේ...
    ඒක ඉතිං මාධ්‍යෙව්දියාගේ වැරැද්ද නෙමේ...
    මාධ්‍ය ආයතනය අයිතිකාරයාගේ වැරැද්ද..
    මොකද අයිතිකාරයට ඕනේ හිටි වෙන ප්‍රවෘත්ති මිසක් වේලෙන එවුවා නෙමේනේ...

    ReplyDelete
    Replies
    1. :)
      අයිතිකාරයගෙන් ඇහුවොත් ඌ කියයි මිනිස්සුන්ගෙ වැරැද්ද කියලා. ඉල්ලුමට සැපයුම. හෙවත් බිස්නස්.

      Delete
  4. සමස්ථ ලාංකීය මාධ්‍ය භාවිතයට එක ප්‍රතිපත්තියක් නැතිකම තමා මේ. එය හදන්න වෙහෙසෙනකොට කියන්නේ රජය මාධ්‍ය නිදහස අහුරනවා කියලා..මේ පට්ට බේගලයක් මොන මාධ්‍ය වේවා පුවතක ප්‍රමිතියක් ඇති කරන්න නමි ජාතික ප්‍රතිපත්තියකට අනුගත වෙන්න වෙනවා එයට කාලයයි මේ.

    ReplyDelete
    Replies
    1. දැනට නං තියෙන එකම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ලාභය හෝ දේශපාලන වාසිය උපරිම කර ගැනීම.
      (මීටවෙනස් භාවිතයක යෙදෙන මාධ්‍ය නැතුවා නොවෙයි. රාවය වැනි පුවත්පතක් උදාහරණ විදිහට ගන්න පුළුවන්)

      Delete
    2. දිනමිණට ලියන නලින් කතාකරන්නෙ කටින්ද? පුකෙන්ද?

      Delete
    3. ඇනෝ, පෝද්දල ජයන්ත වැඩ කලෙත් ලේක් හවුසියේ නේද?

      Delete
    4. මහින්ද අබේසුන්දර අද ‘විමසුම’ ලියන්නේ ITN එකටය. කෑල්ල රුපියල් 1,000කටය.
      විනී හෙට්ටිගොඩද (කාලයකට පෙර) හෝල්ට් ලිව්වේත් ITN එකටය. දවසට රුපියල් 1,000ටය.

      ඒ දාහේත් මේ දාහේත් වෙනසක් මට නම් නොපෙණේ.

      - ලේඛක @ සමනළ විප්ලවය

      Delete
  5. ඉස්සර නම් දෙපැත්තෙන්ම කතාව අහලා අඩු ගානේ අසවලා සම්බන්ධ කරගන්න අපි දැරූ උත්සහය ව්‍යර්ථ උනා කියලා හරි කියනවා. මාද්‍ය සදාචාර සහ ලියන දෙයට වග වෙන මාධ්‍යකරුවො ටික ලංකාවෙන් ගිහින් ඉවරයි. දැන් ඉන්නේ ඉල්ලුමට සැපයුම දෙන තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මාධ්‍යකාරයො ටිකක් විතරයි. ඒ තත්ත්වෙම තමයි සිංහල බ්ලොග් වලටත් පොඩ්ඩ පොඩ්ඩ ඇවිත් තියෙන්නේ. තමන් ලියන්නේ මොනවද කියන දේ ලියන එක්කෙනා දන්නෙත් නෑ. ලියන කරුණු පොඩ්ඩක් හරිද වැරදිද කියලා චෙක් කරන්න මහන්සි වෙන්නෙත් නෑ. තමන්ට හරි කියලා හිත දේ ලියනවා.කියනවා.අදහස් ප්‍රකාශ කිරීම සහ වැරදි මත සමාජගත කිරීම කියන්නේ දෙකක්!

    ReplyDelete
    Replies
    1. ඔව් සබිත්. ගොඩක් වෙබ්අඩවිවල නිවුස්වලට මාතෘකාව දාන්නෙ නිවුස් එකේ පොඩි කොනක් උලුප්පලා. පස්සෙ ඒව බුකියෙ/බ්ලොග්වල සංවාද කරන උන් කතා කරන්නෙ මාතෘකාව විතරක් කියවලා. අන්තිමේ වෙලා තියෙන්නෙ එකක්. යන්නෙ තව එකක්.
      උදාහරණ ඕනෙතරං.

      Delete
  6. තව එකක්

    "දොස්තරට ගහපු බර්ටි - ඇත්ත කතාව සහ නින්දිත මාධ්‍ය හෙළුවැල්ල"
    http://janasenaa.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. හොඳ උදාහරණයක්

      Delete
  7. ------ප්‍රරචාරක දැන්වීමකි-------

    මම ද මේ ගැන ලීවෙමි. වෙලාව ඇත් නම් කියවා බලන්න.

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක හරියට වැටිල නෑ වගේ.
      http://meeghaya.wordpress.com/2013/01/27/%E0%B6%B1%E0%B6%BA%E0%B7%92-%E0%B6%B1%E0%B7%85%E0%B6%9F%E0%B6%B1-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%85%E0%B6%B4/

      ස්තුතියි ලින්කුවට.

      Delete
  8. සුභාවිත මාධ්‍ය කලාවක් ගැන කතා කරන්නේ නම් මෙන්න මේ වගේ ඒවාත් කියවන්න: http://www.divaina.com/2013/01/13/feature04.html

    මාධ්‍යවේදියා ඔන්න ඔවැනි චරිතයකි. දරුවන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයින් කරවන්නට වෙහෙසෙන රටක මාධ්‍යවේදියෙකු යනු එම ෆිල්ටර කිසිවකට හසු නොවුවෙකු වීමේ ඉඩ බෙහෙවින් වැඩිය. එමෙන්ම මාධ්‍යකාරයෙකු වී කන්න වෙන කට්ටට වඩා අඩු කට්ටකට ඊට වඩා ආදායමක් උපයීමට හැකි "නෝමල් ජොබ්ස්" ඕන තරම් ඇත. ඒ නිසා දේශපාලන ඇම්මක් හෝ කාගේ හෝ කුට්ටියක් නැතුව "අවංකවම මාධ්‍යවේදී" රස්සාව කරන එවුන්ගෙන් විදග්ධ බවක් බලාපොරොත්තු වීම අමු විහිළුවකි. එමෙන්ම ඒ අසරනයින්ව මීට දශක කීපයකට පෙර මාධ්‍යවේදියා සුපිරි රස්සාවක් වූ කාලේ හිටි පතාක යෝධයින්ට සංසන්දනය කර වැඩක් නැත. කොටින්ම මේ "ඉල්ලුම්-සැපයුම්" විවාදය ඉල්ලුම අඩු සිංහල මාධ්‍යවේදීන් හා සැපයුම අඩු ඉංග්‍රීසි මාධ්‍ය වේදීන අතර පවා දැකිය හැක. තත්වයෙන් ඉංග්‍රීසි බුවාලා උසස් වන්නේ වඩාත් ඉහල සමාජ මට්ටමක සුරැකෙන බැවිනි.

    ඒ නිසා කෙටියෙන් කිව්වොත්, රස්සාවට කරන මාධ්‍යවේදියෙකුගෙන් විදග්ධ සුභාවිත මාධ්‍යකරණයක් ඉල්ලීම පුද්ගලික බස් කොන්දොස්තර කෙනෙකුගෙන් ගුවන් යානයක ස්ටුවට් කෙනෙකුගේ සේවය ඉල්ලීමක් වැනිය.

    ලිපියේ ප්‍රස්තුතය දෙස බැලුවොත්; දෙමව්පියන්ගේ ද අනුදැනුම ඇතුව හොරකමේ ගිය පළමු ළමයා නෙවෙයිනේ. අනික හොරකමේ ගිය කෙනෙක් ඇහැව්වොත් කියන්නේ සමාජයට යහපතක් කරන්න කියා තමයි. සාමාන්‍යයෙන් පුරුදු හොරෙකුට ඒ වගේ ලයින් එකක් කටේ පවතින්නකි.

    මෙතන ඔය කතාව අස්සේ පෙන්නන විශේෂිත හා වැදගත් මාතෘකාව තමා විදුහල්පති ගැන කියවෙන කතාව. නැවතත් මේ කොටසත් මාධ්‍ය මවන බයිලයක් වෙන්න පුලුවන්. හැබැයි පුතාගේ කොම්පැනියෙන් නඩුවට ලෝයර් ගත්තොත් ඒ නඩුව දිනවන්න කියා කීවා කියා ළඟදීම ඇහෙන්න ඉඩ තියෙන රටක පහත සඳහන් හැසිරීම පැහැදිලිව විය හැක්කක්.

    ----------

    "මේ විදුහල්පතිතුමා පාසලේ ළමයින්ට මරු නීති තමයි දාලා තියෙන්නෙ. එයා කියන පොත් සාප්පුවලින් තමයි ළමයි පොත් ගන්න ඕනා. ඊට අමතරව ඉස්‌කෝලෙ ළමයින්ට විදුහල්පතිතුමා නියම කරපු බෑග් එකක්‌ තියෙනවා ඒ බෑග් එක අනිවාර්යෙන්ම පාසලේ සෑම ළමයෙක්‌ම ගන්න ඕනා. ඒ බෑග් එක හදවලා විකුණන්නේ විදුහල්පතිතුමාගේ පුතා. බෑග් එක ගත්තෙ නැත්නම් ළමයින්ට පාසලට එන්න දෙන්නෙ නැහැ. ළමයි වෙනත් බෑග් එකක පොත් දාගෙන ආවොත් හවසට ළමයට ගෙදර යන්න වෙන්න පොත් ටික අතේ අරගෙන. ප්‍රින්සිපල් බෑග් එක තියාගන්නවා. අපි අධ්‍යාපන සේවා ඇමැතිතුමාගෙන් ඇහුවා පාසල්වලට බෑග් එකක්‌ නියම කරලා තියෙනවද කියලා. එතුමා ගත් කටටම කිව්වා එහෙම දෙයක්‌ නියම කරලා නැහැ, කිසිම පාසලකට වෙන වෙනම බෑග් වෙන් කරලත් නැහැ කිව්වා.

    පාසල් සපත්තුවලටත් ඒ කතන්දරයම තමයි. විදුහල්පතිතුමා කියන සාප්පුවෙන් විතරයි සපත්තු ගන්න ඕනා. ඒ පාවහන් වෙළෙඳසලෙන් විදුහල්පතිතුමාට කොමිස්‌ එකක්‌ ගෙවනවා. විදුහල්පතිතුමා නම් කියන්නේ ඒ ලැබෙන කොමිස්‌ මුදලෙන් පාසලේ දුප්පත් ළමයින්ට සපත්තු අරන් දෙනවා කියලයි. ඒත් කවමදාකවත් පාසලේ ළමයෙකුට අරන් දීපු සපත්තුවක්‌ නැහැ. කොළඹ සුපිරි පාසලකවත් මේ වගේ නීති නැහැ. ළමයින් මේ පාසලට ඇවිත් ඉගෙනගන්නේ විදුහල්පතිතුමාගේ ඔය සේරම නීතිවලට යටත් වෙලා තමයි. මේවා හොයන්න කිසිම අධ්‍යාපන බලධාරියෙක්‌ නැහැ"

    -------

    කෙතරම් දූෂණ වංචා තිබුණද ගාල් තැන්නේ කපුවා උගේ පස්සේ ගාටන මෝඩ හරකුන්ට සලකන ආකාරයට විදුහල්පති වරයෙක් තම පාසලේ දරුවන්ට සලකු බවක් අසා නැත. මේ නව ආරම්භයකි. මෙම කතාවේ වැදගත්ම සාධකය මෙයයි. මෙහි ඇත්ත නැත්ත පරික්ෂා කල යුතුවේ.

    කෙල්ලව පසෙක තබා විදුහල්පති ගැන සොයා බලන්නට කාලයයි. මාධ්‍ය උන්ට තේරෙන හැටියට රටේ බුල් කෙළිමින් කොනක් පාදා දී ඇත.

    ReplyDelete
    Replies
    1. //කෙල්ලව පසෙක තබා විදුහල්පති ගැන සොයා බලන්නට කාලයයි//

      මීඩියා වලට කලින් සුජීව වැට පැන්නේය :)

      Delete
    2. දැන් මේ බ්ලොග් අවකාශයෙ සියල්ල දත්, මධ්‍යස්ථ, තමන් හැමවිටම නිවැරදි කිහිප දෙනක් ඉන්නවනෙ. ඒ අයගෙන් එක්කෙනක් තමයි සුජීව කොකාවල. තව කෙනෙක් තමයි මහ වෙදනා. හැබැයි ඉතින් සමහරවිට සාය පේනවා. ඒතරම් ගණන් ගන්න එපා.

      Delete
    3. "කෙතරම් දූෂණ වංචා තිබුණද ගාල් තැන්නේ කපුවා උගේ පස්සේ ගාටන මෝඩ හරකුන්ට සලකන ආකාරයට විදුහල්පති වරයෙක් තම පාසලේ දරුවන්ට සලකු බවක් අසා නැත. මේ නව ආරම්භයකි. මෙම කතාවේ වැදගත්ම සාධකය මෙයයි. මෙහි ඇත්ත නැත්ත පරික්ෂා කල යුතුවේ. "

      සුජීව,

      මගේ එහා පැත්තේ ඉන්නේ කුරුණෑගල ප්‍රාථමික පාසලක තම දියනිය ඉගෙන ගන්න පියෙකි. ඔහුගේ බිරිඳ පේරාදෙනිය රෝහලේ හෙදියකි. තාත්තා රට නිසාත් අම්මාට රෝහලේම තරම් කාලයක් මගට ගෙවන නිසාත් ගෙදර සේවිකාවක් සිටියි. එහෙත් අර දියනියගේ විදුහල්පති නියමය සතියට එක් වරක් සෑම දරුවෙකුගේම මාපිය පසින් කෙනෙකු පන්තියට පැමිණ ගුරුන් හමු වී පලාපල දැන ගත යුතුය. සේවිකාවට එයට වරම් නැත. එසේ නොවන්නේ නම් දැරියට නොයෙකුත් බැනුම් හා මා පියන්ට ලියුම්ය. පාසැල් බෑග, එක්සයිස් පොත් සහ වතුර බෝතලය පාසැලෙන්ම මිලට ගත යුතුය. මසකට වරක් තිබෙනා ශ්‍රමදානයට මුදලින් හෝ ශ්‍රමයෙන් දායක විය යුතුමය. වෙන කරන්නට දෙයක් නැතිකමට මමිතුරා දියණිය ඒ පාසලට යවයි. තිත්ත ඇත්ත ඕකයි.

      Delete
  9. පොල් කෙල්ලාගේ ඊලඟ චැප්ටර් එකත් ළඟදීම එයි මං හිතන්නේ... මම නම්ේකෙන් ආතල් එක ගන්න දැන්ම ඉඳං දත කට මැදං ඉන්නේ.... :-D

    ReplyDelete
    Replies
    1. මේකත් කන්ගැට්ටා වගේ සීන්නෙකක් වෙයි වගේ තමා. ඉස්සෙල්ලාම පොල්වතුකාරයයි නඩුකාරයයි එල්ලුවා. ඊළඟට ප්‍රින්සිපල් එල්ලුවා. දැන් කෙල්ල එල්ලලා. මට හිතෙන්නෙ ඊළඟට ප්‍රින්සිපල් බිමට බාලා ආපහු එල්ලයි වගේ.

      Delete
  10. විනෝදය.....තව වෙන මොනව ද..?

    ReplyDelete
  11. ජඩ මාද්දියවේදියෝ ගැන කතා කරලා වැඩක් නෑ චාමි. කටකතා ඕපදූප හොල්මන් බහුබූත ලියලා ආතල් දෙනවා ඇර වෙන දෙයක් උන් කරන්නෙම නෑ. ඔය ගොඩක් පත්තරවල තමත් කර්තෘ දූර දරන්නේ, ජේෂ්ඨ මාජ්ජියවේදියෝ කියන උන්. හැබෑටම මුන් ගවේශණශීලී මාධ්‍ය භාවිතාව කියන එක අහලවත් නැතිද..? ඔය නයි කෙල්ල ගැනයි පොල් කෙල්ල ගැනයි මක්කවත් නොලිව්වෙත් ඔය හේතුව උඩයි. අනික පොඩි තර්කයක් නේ බන් පොලිසියෙන් උනත් අහන්න තියෙන්නේ. මම දැක්කා එක නයි නටවන එකෙක් ගාව නයි 10ක් විතරයි. පිඹුරෝයි, මාපිල්ලුයි අරුනුයි මුනුයි 20 ක් විතර ඉන්නවා, මේ කියන් විදියට ඌව එල්ලලා මරන්න එපාය. අපේ උසාවිවලත් ඉන්නෙ මකුන්ද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි.

    නමුත් එක හොඳ දෙයක් උනා චාමි. ඉස්කෝල වල මුදල් මංකොල්ලෙ ගැන කතිකාවක් නම් ඇති උනා....

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මචං.
      6% වසන්තය කාලෙ ඔයිට වඩා කොච්චර දේවල් කතා කලාද? අද කෝ?
      ඔය කතිකාවතුත් මේ ආතල්එකේ කෑලිම තමයි බං.

      Delete
  12. උපරිමයි..

    අර පෙට්ට්‍රල් කතාව සුප්පා අයියා..

    ජය !

    ReplyDelete
  13. යකාගෙ හැටියට විමානෙ කිව්ව වගේ රටේ හැටියටනේ මාධ්‍යවේදියෝ. කිසිම දෙයක වගකීමක්, සම්මතයක් නැතිකොට ඕකේ විතරක් ඒව ඉතුරු වෙන්නෙ නෑ. මිනිස්සු ගැනත් ඔච්චර තමයි... අපිට කතා කරන්න තියන දේවල් බරපතල වැඩි උනාම මිනිස්සු කැමතියි මේ වගේ නිව්ස් එනවට. රටේ මැති ඇමති වරුන්ගේ බලපරාක්‍රමය දැක්කහම උන්ට හැමදාම දොස්කියන කොට ඒ ගැන තමන්ටම බයක්, වරදකාරී හැඟීමක් ඇතිවෙනවා. ඉතින් ඊට වඩා ලේසියි පොල් කෙල්ලෙකුට හරි නයි කෙල්ලෙකුට හරි දොස් කියන එක. රටේ තියන හැබෑ ප්‍රශ්න මිනිස්සුන්ට රස්සාව කරලා, කාලා බීලා ඉවර වෙලා ලැබෙන පොඩි හරි විවේකයෙදි කතා කරන්න තරම් බරපතල වැඩියි.

    මගේ විස්වාසයේ හැටියට නං දැන් ඡන්දයකින් වත් මිනිස්සුන්ට තමන්ට ඕනේ විදිහට ආණ්ඩුව වෙනස් කරන්න බැරිවෙන තැනට වැඩ යෙදිලා ඉවරයි. (රාජපක්ෂලා යන ගමනේ හැටියට ඡන්දය වගේ සුළු දෙයකින් පරම්පරාවේ අනාගතය වෙනස් වෙන්න ඉඩ තියයි කියලා හිතන්න අමාරුයි). 6% කතාව ගැන මට කියන්න තියෙන්නේ, වෙන රටකදි නං ජයග්‍රාහී අරගලයක්, මිනිසුන්ට 0.1% වත් කන් නොදෙන අපේ රටේ පරාජිත වුනාට. ඒ කියන්නේ අරගල, ඡන්ද කිසි දෙයකින් මේ රටේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. මේ සර්ව අසුභවාදී විදිහට බැලීමක්ද, ඇත්තම තත්වයද කියන එක මට තීරණය කරන්න බෑ.

    'සොර දෙටුවෙක්' සිංදුව මතක් වෙනවා. ඊලඟට කස්ටිය සෙට් වෙන දවසේ ඔය සිංදුව ගහන්න ඕනේ... රීමික්ස් එකකුත් තියනවනේ නැගලා යයි...

    ReplyDelete
  14. 6% මහ බොරුව ගැනත් ඒ බොරුව පසුපස හුන් පට්ට හොරුන් ගැනත් ඒ කාලයේදීම මේ බ්ලොග් එකේම කමෙන්ට් කර ඇත්තෙමි. මේවා පුනරුච්චාරනය අනවශ්‍යය. මාලන් සමරවික්‍රමට හෝ වෙන කෙනකුට අවශ්‍ය නම් නැවත අතීතයට ගොස් බැලිය හැකිය.

    මාධ්‍ය ගැනද කියන්නට ඇත්තේ මීට සමාන කතාවකි. අපේ රටේ පුවත්පත් කියවන රූපවාහිනී චැනල බලන එවුන් ඉඳහිට තමන්ගේ හිස පසුපස අත ගා බැලිය යුත්තේ අං එනවා නම් හැකි ඉක්මණින් ඔපරේට් කර ගන්නටය.

    ReplyDelete
  15. ලංකාවේ මාධ්‍යකාරයෝ තමන් ගේ වාර්තා ගැන ෆලෝ අපි (පසු විපරම්) කරන්නේත් නෑ කියලා ඉස්සර දවසක රෝහණ ලක්‍ෂ්මන් පියදාස කිව්වා.

    මේක ඇහුණ බොටල් ජර්නලිස්ට් ලා කළේ රෝහණ ලක්‍ෂ්මන් පියදාස ට (ක)රෝ.ල. පියදාස යැයි නමක් පට බැඳීම පමණයි.

    ReplyDelete
  16. දූෂිතයෙකු ගේ කතාවක් පෝසට් එක සමග සසදා බලන්න.
    http://reargate.blogspot.com/2012/09/blog-post_17.html

    ReplyDelete
  17. මෑණියන්ගේ වස්ත්‍රේ... :D

    ReplyDelete
  18. හැමදාමත් වගේ පට්ට පෝස්ට් එක

    ReplyDelete
  19. කාලෙකින් බ්ලොග් එකක් බැලුවා කියලා හිතුනා..
    ජය....

    ReplyDelete
  20. තාත්තා ඊයේ පරණ පත්තර මිටියක් හංදියේ සිල්ලර කඩේකට විකුණන්න කියල මට දුන්නා. කවද පත්තරද කියල මට නිච්චියක් නෑ. මට ඒක හොයන්න ඕන වුනෙත් නෑ. මං හිතන්නේ තාත්තා පොඩි කාලේ බලපු පත්තර වෙන්නැති. එහෙම හිතන්න හේතුව ඒවෑ අමුතු තොප්පියක් දා ගත්ත 'සිරානි' ද මොකක්ද කියල රවුම් මූණක් තියන ගෑනියෙක් ගැනයි, නයි නටවන ගෑණු කෙනෙක් ගැනයි, පොල් කඩන කෙල්ලෙක් ගැනයි, අතක් නැති කෙල්ලෙක් ගැනයි, මැශිමක් පිපුරණ ඉස්පිරිත්තාලයක් ගැනයි දාල තිබ්බා. අපි මේ හම්බයෝ පන්නන්න ගේම දෙන කාලේ මේ ගෑණු ගැන මොන කතාද හලෝ. මේක ෂුවර් එකට අවුරුදු බර ගාණක් පරන පත්තර සෙට් එකක්.

    ReplyDelete
  21. මේ පොල් කතාව දූෂිත ජනමාධ්ය වලින් වාර්තා කරල තිබුනේ සම්පූර්ණයෙන් සිද්ධියේ එක පැත්තක් වහල. නමුත් ඇත්ත කතාවනම් මේ පොල් කෙල්ල අර මනුස්සයගේ වත්තේ පුරුද්දක් හැටියට පොල් හොරකම කරල තියෙනව කියන එකයි. ඒ අයිතිකාරය ඉවසලා බැරිතැන තමයි නීතිය ඉස්සරහට හරි ගිහිල්ල තියෙන්නේ. මාධ්ය කාක්කො ටික අර මිනිහව පතුරුගහල නැති බොරුත් හදලා සිද්ධිය පළකළා උන්ට ප්‍රසිද්ධ වෙන්න.

    ReplyDelete
  22. ප්‍රවෘත්ති යනු ලොව පැරණිම රියලිටි ටීවී ෂෝ එක යැයි මට සිතේ

    ReplyDelete

Follow by Email