Saturday, September 22, 2012

මාලකට බනින ඉරිසියාකාරයින්ට....


මම මේ කියන්ඩ යන්නේ මාලක සිල්වාට බනින උන්ගෙන් සීයට අනූහයයි දශම තුනක් ඌට බනින්නෙ ඉරිසියාව හින්ද කියලා. (හරි හරි... ඔයා අයිති අර ඉතුරු සීයට තුනයි දශම හතට)

මාලක සිල්වා අවුරුදු විස්සක විසිඑකක කොල්ලෙකි. අවශ්‍ය තරම් මුදල් ඇත. මුදල් ඇති නිසා කෙල්ලෝ ඇත. ඇති තරම් ෆන් ගන්නට වේලාව ඇත. ඒ සඳහා ගෙදරින් කිසිදු බාධාවක් නැත. අනාගතය ගැන වදවෙන්නට දෙයක් නැත. වැඩිපුර විභාග පාස් කිරීමේ හෝ රස්සාවල් හෙවීමේ / රස්සාවල් කිරීමේ කරුමයෙන් නිදහස්ය. හැඩකාරය. ශක්තිමත්ය. තමුන්ටම හරියන නසරාණි යාලුවො සෙට් එකක්ද ඇත. ලක්ෂ හාරසීයක වාහනයක් ඇති අතර අවශ්‍ය ඕනෑම වාහනයක් සතු කර ගැනීමේ හැකියාව ඇත. කැමති ඕනෑම වර්ගයක ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සහ අවශ්‍යනම් පරිහරණය කිරීමේ හැකියාව ඇත. ජනතා නියෝජිතයෙකු හෝ රජයේ තනතුරක් නොදරන්නෙකු බැවින් මේ කිසිදු කටයුත්තකදී එකෙකුටවත් වගඋත්තර දීමට බැඳී නැත.

එකෙකුටවත් පාච්චල් නොවී ජීවත්වීමේ හැකියාව සහිතය. ඕනෑම තැනකට රැස්පොට් එකේ බහින්නට පුළුවන් දේශපාලන පසුබිමක්ද ඇත. රටේ කිසිදු නීතියක් ඔහුට වලංගු නැත. ඕනෑම එකෙකුට ඕනෑම තැනකදී හිතෙන විදිහකට නෙලන්නට හැකියාව ඇත. හොඳම තත්වයේ ශරිරාරක්ෂකයින් හත් අට දෙනෙක් සිටින නිසා ජීවිත අවදානමක් නැත. එකෙකුටවත් බය නැති අතර කටින් ගේම ඉල්ලන කොයිකවුරුත් හැබෑවට ඔහුට බයය. ඔය මොනවා තිබ්බත් වැරදිලාවත් ක්‍රිමිනල්ම කේස්සෙකක් ආවොත්..... කිසි ගේමක් නැතුව වැඩේ ෂේප් කරල දාන්ඩ පුළුවන් සියළු විධායක බලතල භාවිතාකල හැකි ගින්දර වගේ තාත්තෙක් ඇත. එල කොල්ලෙක් ඕයි.
යකෝ මේ ඉන්නෙ අපේ චිත්‍රපටිවල චණ්ඩියා. අනික් උං මන්දා. මගේ හිරිමල් ඉලන්දාරි කාලෙදි මටත් ඕනෙ උනේ මාලක වගේ එකෙක් වෙන්ඩ. හන්දියෙදි අතදාන පොලිස් කාරයට හොම්බ රිවට් වෙන්ඩ නෙලලා පුතය වගේ ගෙදර එන්ඩ. නඩු මොකුත් නෑ.
විභාග රෙද්දවල් එකක්වත් නෑ. ජොබ් ප්‍රස්නෙකුත් නෑ. සල්ලි තියේනං අහවල් මගුලටද ජොබ්? මොකෙක්හරි පාට් එකක් දැම්මොත් ඇදල ගන්නෙ පිස්තෝලෙ. (හැබෑවට වෙඩිතියන්නෑ පව් සිද්දවෙන හින්දා. ටිකක් බය කරල එලෝනවා) නයිට් රයිඩර් කාර් එකක්ම ගන්ඩ තමා හිතං උන්නේ. එතකොට හැප්පෙන්නෙත් නෑනෙ. කෙල්ලන්ගෙන් තමා කරදරේ.

ඉතිං මං කියන්නෑ හැම හිරිමල් කොල්ලම ඔහොම හීන දකින්න ඇති කියලා. මොකද එහෙම විකෘතිතා තියෙන අය ඉඳහිට ඉන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙක් එහෙමයි. සිනමාවේ, රූපවාහිනියේ, රෙස්ලින්වල වීරයො නැගල යන්නෙ ඒක හින්දනෙ.

අපි දන්න විස්තර අනුව මාලක සිල්වා සැබෑවට ගතකරන්නෙ ඔහුගෙ වයසෙ වෙනත් කොල්ලෙකුගේ සිහිනමය ජීවිතය. ඉතිං මූ එල කොල්ලෙක් නෙමේද?
 මාලකට කලින් ඔය විදිහෙ පවර්ස් තිබ්බ පොරකට හිටියෙ දමින්ද සිල්වා. මිනිහට මිනිහවත් අමතක උනාට පස්සෙ ආපු හිස්තැනට මාලක සිල්වා මැනල කැපුව වගේ සෙට් වෙනවා. අනික දුමින්ද වගේ චන්දෙන් ආපු එකෙක් නෙමේ හින්ද මූ සිරා පොරක්. දුමින්දට නැති තාත්තෙකුත් මූට ඉන්න නිසා තවත් අනර්ඝයි.

වැදගත්ම කෑල්ල මේකයි. මූ රන්ජන් වගේ සැලෝලයිඩ් හාල් කෑල්ලක් නෙමේ. රන්ජන්ට පුලුවන්ද අඩුගානෙ හමුදාකාරයෙකුට රවන්ඩවත්? යකෝ මූ හමුදාවෙ මේජර් කෙනෙකුට ඔලුවෙන් පැනි බේරෙන්ඩ නෙලුව නේ? දේශප්‍රේමී ආන්ඩුව, සංවේදී තාත්තා, රණවිරු ප්‍රණාම.... ඔක්කොම බයිලා මූට සයිලන්ට්. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අහවල් එක, බන්ධනාගාරෙ..... ඔය ඔක්කොම දන්නවනෙ මොකද උනේ කියලා. ඒත් වෙන මොකද්ද දෙයක් උනා කියලා ගුටිකාපු එකයි අනික් උනුයි සේරම එකතුවෙලා වැඩේ ෂේප් කරලා දැම්මා. අන්න කොල්ල ෂපාන් එකේ ගෙදර. කෝමද පවර්ස්? මෙන්න රියල් චණ්ඩි.

කට්ටිය හිතං ඉන්නවා ජනාධිපති රාජපක්ෂ පුටුවෙ ඉන්නකං තමා ඔය ඔක්කොම කියලා. හ‍ඳේ තමයි. මොලේ තියෙන ඕනෙ එකෙක් දන්නවා දුමින්දගෙ වටිනාකම වගේම මුගෙ වටිනාකමත්.

අපේ බුද්ධිමත් ජනතාව ගැන ජනාධිපතිතුමා තරම් වෙන කවුරුවත් දන්නෑ. ඔය ජනතාව පොඩි දරුවෙක් කාලෙ එයාට අවශ්‍ය හැම දේකදිම තමුන් ආරක්ෂා කරන තාත්තෙක්. ඉතිං ඒ දරුවා ලොකු දරුවෙක් උනාම හොයන්නෙ මේ කෲර මනුෂ්‍ය සමාජෙන් (අහෝ...!) තමුන් ආරක්ෂා කරගන්න/සුව පහසුව සලසගන්න  චණ්ඩියෙක් සහ, අමනුෂ්‍ය සමාජයෙන් බේරෙන්න දෙවියෙක්.
ඉතිං අවුරුදු තිහේ හතලිහේ පනහේ මේ දරුවො ටිකට සර්වජන චන්ද බලය ලැබුනාම වෙනදේ ජනාධිපතිතුමා දන්න හින්දා තව අවුරුදු දහයකට මොකුත් වෙන්නෑ. හැබැයි මේ දරුපැටව් නීතිගරුක, විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදී, බුද්ධිමත් සිවිල් ජනතාවක් කියලා සිරාවටම ඇඳගෙන ඉන්න මහත්තුරු, ඔය ජනතාව වෙනුවෙන් මොනතරම් හොඳ දේවල් කරන්න හැදුවත් හැමදාම පරදින්නෙ ඇයි කියල ටිකක් හිතුවොත් වැඩේ අහුවෙනවා.
 මාලකට ඉදිරියේදි කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. අපේ කට්ටිය ආසම විදිහට අයුක්තියට අසාධාරණයට එරෙහිව කොහෙහරි පොඩි තගක් දෙකක් දාන එක. මර්වින් ඒක ගානට සෙට් කරල දේවි. කවදහරි මූ කොළඹින් වැඩිම චන්ද ගන්නවා. හොර චන්ද මැර චන්ද නෙමේ. පෙරාපු එලකිරි වගේ නියම අව්‍යාජ චන්ද. මිනිස්සු බොක්කෙන් දෙන ඒවා.

මාලකට ජයවේවා....!!
--------------------------------
කමෙන්ට් වලට උත්තර දෙන්ඩ ටිකක් පරක්කුවෙන හින්දා ලැබීමට නියමිත කමෙන්ට් කීපයකට දැන්ම තියා උත්තර කිහිපයක් දෙමි.

@ ඇනෝ,
මම කියලා තියෙන්නෙ මාලක ගැන විතරයි. ඌට පවර්ස් එන විදිහ කුජීතයි තමයි. ඉතින් ඒකට ඌ මොනව කරන්නද? පොලිසිය/හමුදාව ලව්වා වැඩේ යටගැහුවේ මාලක නෙමේනෙ. උගෙ මහඑකා. ඒකට මහඑකාට බැනපං මාවයි මාලකවයි අතෑරලා.

@ The Modern Patriot,
ඔය ඕවා කුඩු සල්ලිද කප්පම් සල්ලිද, මහජන මුදල්ද අරව මේව මාලකට අදාල නෑනෙ බං. අනික මර්වින්ගෙ ගෙදර හැදුන එකෙකුට මහජන මුදල් ගැන මොනම අදහසක්වත් තියෙන්ඩ විදිහක් නෑනෙ.

@ මාලන්,
එකඟ නෑ මචං. ඒ වුනාට උඹ හරි..!

@ මීවනපලානේ ජයරත්න,
තමුන්නැහෙටත් ශ්‍රී රාවණ සිද්ධම්...!

@ කතන්දර,
මම ඒක කලින් කියවලා තියෙනවා. තැන්කූ ලින්ක් එකට.

@ ඇනෝ,
ඔය එක්ස්ටසි බිස්නස් කතාව ගැන නං මට සැකයි. මර්වින් කියන්නෙ සල්ලි ගහක්නෙ බං. අවාරෙට වැටුනත් මිලියනයක හමාරක කොලයක්. එහෙව් එකාගෙ පුතා සල්ලි හොයන්ඩ ඔච්චර මහන්සි වෙයිද? සමහරවිට ඌ බිස්නස් කරන උන්ට සපෝට් එකක් දෙනව ඇති. අනික කලාම කියපං. උගෙ ආතල් ගන්ඩ  මහජන මුදල් කාබාසිනියා කරනවට වඩා උගෙ දාඩිය මහන්සියෙන් එක්ස්ටසි පෙත්තක් හමාරක් විකුණල ගානක් හොයාගන්න එක නරකම නෑනෙ.

@ සිත්මණ්ඩියා,
සිරාවට කියන්නෙ.  මගෙත් වයස විස්සනං, මගෙ තාත්තා මර්වින් නං, දෙකක් දාගෙන ඉන්න වෙලාවක කවුරුහරි පාට් එකක් දැම්මොත් ඌ මොකා උනත් නෙලනවම තමා. ආචාර්ය මර්වින් ඕක පැහැදිලිකලානෙ.

@ මාතලන්,
ඔව්. උඹේ ස්ටයිල් එක කොපිකරන්ඩ ට්‍රයි කලා  තමයි. ඇයි මොනව කරන්ඩද? 

53 comments:

  1. මේකට දාන්න තියෙන්නේ එකම එක ලින්ක් එකයි. මේකත් ඔහේ කියෝලා ඇති, ඒත් ඔන්න ඔහේ දාලා දාන්නං!

    http://kathandara.blogspot.com/2010/07/blog-post_30.html

    !

    ReplyDelete
  2. මටනම් මාලක ගැන ඉරිසියා නැහැ දුකයි. දුමින්ද සිල්වා, නාමල්, යෝශිත, රෝහිත ඔය හැමෝගැනම දුකයි.

    මට මාලක වගේ වෙන්න ඕනේද කියල ඇහුවොත්; අනේ අම්මපා..!
    මමනම් කියනවා ඕනේ නැහැ කියලා.

    ප.ලි: මේකේ මම ආසම කෑල්ල තමයි අර වෙන්ට කමෙන්ට්ස් ටික. ඒකනම් පට්ට.

    ReplyDelete
    Replies
    1. මේක කියවද්දි "කැත දුමින්ද විතරද?" මතක් වුනා.

      Delete
    2. මෙන්න පිළිගන්න මේ වසරේ විශිෂ්ඨතම තරුණ ක්‍රීඩකයා.......

      පම් පම් පම් පපර පෑම්....................
      යෝෂිත රාජපක්ෂ....
      http://www.puvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=2008:yoshitha-rajapaksa-best-young-player&catid=32:sports&Itemid=58

      Delete
    3. හප්පා මේ අපේ අනාගත නාවික හමුදාපතිතුමා නේද..?

      Delete
  3. සජීව ධනුද්ධරSeptember 22, 2012 at 1:35 PM

    පෝස්ට් එක වගේම වෙන්ඩ කමෙන්ට්ස් වලට උත්තර ටිකත් සිරා මචං...
    //කවදහරි මූ කොළඹින් වැඩිම චන්ද ගන්නවා. හොර චන්ද මැර චන්ද නෙමේ. පෙරාපු එලකිරි වගේ නියම අව්‍යාජ චන්ද. මිනිස්සු බොක්කෙන් දෙන ඒවා.//
    මේකත් 100%ක්ම ඇත්ත ඔනැනං ඔය දිස්ත්‍රික්කෙ ගම්පහ වෙයි.

    ReplyDelete
  4. මටත් මේකෙ හොඳම ටික ඔය වෙන්ඩ කමෙන්ට්ස්වලට දීපු උත්තර.

    අනිත් කතාව නම් මට දැන් අහල අහලම ඇතිවෙල.

    ReplyDelete
  5. @චාර්මි,

    මං උඹ ගැන දන්න නිසා මේ ලියලා තියෙන්නේ සිරාවටම මිසක් උපහාසෙට නෙවෙයි කියලා හිතනවා. මාත් ලියන්නෙ සිරාවටම මේ.

    උඹ කියලා තියෙන සියළුම දේවල් 100% ඇත්ත. මාලක සිල්වා පැත්තකින් තියමුකෝ. අපට ඉන්නේ ශිහාන් මිහිරංගටත් ඉරිසියා කරපු තරුණයින් පිරිසක් නේ. මොකද උන්ටත් එතැන්ට යන්න ඕනැ වුණා. බැරි වුණාම ඉරිසියා කළා. ඉතින් ඒ නිරීක්ෂණය හරි. මාලක විශේෂ කරගෙන බැනලා වැඩක් නැහැ. සංජීව බණ්ඩාරගේ තාත්තා ඇමැතියෙක් වුණා නම් ඌ හැසිරෙන්නෙත් මෙහෙමම තමයි. කවුරු හරි කියනවා නම් මම මාලක සිල්වා වගේ වෙන්න ඕනෑ නෑ කියලා ඒක අමු බොරුවක් නෙවෙයිනම් ඒ පුද්ගලයා නෂ්ඨ කාමයෙන් පෙළෙන බෙලහීන කෙනෙක්.

    මා නම් අවංකව කැමැතියි මට මාලක සිල්වා කෙනෙක් වෙන්න පුළුවන් නම්. නාමල් රාජපක්ෂ කෙනෙක් වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. මාලක සිල්වා වෙන්න පුළුවන් වුණත් වරදක් නෑ. හැබැයි මට මේනක රාජපක්ෂලා, සාරංග දිසාසේකරලා වගේ පීචං පොරවල් වෙන්න ඕනැ නැහැ. මට අවශ්‍ය විදියේ බලයක් උන්ට නැහැ.

    හැබැයි අපි ඉරිසියා කරන එක වැරදි නෑ කියලා ලියන්ඩ ඕනැ. ඒ ඉරිසියාව අවශ්‍යයි. ඒ ඉරිසියාව හින්ද තමයි මේ දේවල් වල මේ තරමටවත් කන්ට්‍රෝල් එකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. machan ubata theyenna heenamanaya.gehen baheth ganin.
      kuddanta kade yanna epa ban.mu thaaththa petepasse hangela enna hekanalek wetharai.

      Delete
    2. ඌ උගේ සල්ලි වලින් ආතල් ගත්තා නම් ගැටලුවක් නැහැ.එත් ඌ පිස්සු කෙලින්නේ මහජන මුදලින්

      Delete
  6. මේ ලිපිය ඉදිරි දිනකදී ‘ලංකා ඊ නිව්ස්‘ හි පළවිය හැක.

    ReplyDelete
  7. මොනව වුණත් මාලක කරපු දේට මම කැමැතියි. අපේ අයියලා රණ විරුවො කිව්වම උදේ හවා මල් තියලා හඳුන්කූරු පත්තු කරගෙනනෙ හිටියෙ. දැන් මාලක උන් නියම තැනට දාල මුන් කොච්චර පොන්සියෝ ටිකක්ද කියලා පෙන්නල දීල තියනව. අර ගුටිකාපු එකාට අරූ මට ගැහුව කියන්න වත් පිරිමි කමක් නෑනෙ. ඌ වගේම පොන්සියො වෙන්න ඇතිනෙ ඔය ආමි එකේ නේවි එකේ ඉන්න අනික් සෙට් එකත්. අන්න ඒක අපට පෙන්නල දීම ගැන අපි මාලක්ට ස්තූතිවන්ත විය යුතුයි. මේ රණවිරු ගොබිලන්ට උරුම නියම තැන පෙන්න දුන්නේ මාලකය විතරයි.

    ReplyDelete
    Replies
    1. පලයන් බං යන්න ඒ හමුදා නිලදාරියා වෙනුවෙන් පෙනී සිටින්න කවුරුවත් නැති තැන ගන්න වෙන තීරණය ඕක තමයි.අනිත් අතට අධිකරණය ඉදිරියට ගියාම තමන්ගේ රාජකාරී රහස් ඇතුළු බොහෝ දේවල් හෙළි කරන්න වෙනවා.ඊට වඩා අර අපතයගෙන් ගුටිකාලා නිහඩ වීම හොඳයි.ඔත්තු සේවා නිලදාරියෙකුගේ කටයුතු ගැන නොදැන නිකම් කට මැත දොඩවන්න එපා.ඔහෙත් මාලකට පොඩි පාට් එකක් දාල බලනවකො එතකොට ඌ ඔහේට උරුම තැනත් පෙන්නාවි.පාදඩයන්ට පු*** දෙන්න එපා.

      Delete
    2. අනේ පලයන් බං යන්න. ඌ දන්න ඔත්තු සේවය. අම්බානට බීලා ඉඳලා තියෙන්නේ. පොන්නයා වගේ වෙපන් එක උදුර ගන්න කල් ඌ හාල් ගැරුවද? පොන්න මේජර්. ඕකාට නම් ගහපු එකම තමයි හොඳ. ඔය මදි ගැහුවා.

      Delete
  8. මාලකය දිහා බැලුවම තමයි හිතෙන්නෙ නාමල් ලොකු බේබි මොන අතල්ද ගන්නෙ කියල.ඉඳල හිටල ගැහුවොත් ගහන්නෙ කැන්ඩි පැත්තෙ රගර් ටීම් එකකට චියර් කරන බයියන්ට.එහෙමද මාලකය කෙලියොත් කෙලින්නෙ කොළඹ ටොප් ක්ලාස් සෙට් එකට. ටොප් ක්ලාස් රණ විරුවන්ට.උගේ අප්පටවත් මෙච්චර දෙයක් කරන්න පුළුවන් උනාද තාම ඔය සිරස ගැරඬින්ට,සමුර්ධි නියාමක අහිංසකයෙකුට පුස් පාර්ට් දානව ඇරෙන්න.අනික අප්ප මේ කාලේදී උන්දම කියන විදිහට ජෝතිපාලට වතුර අදිනව.ඒකට පුතණ්ඩිය ලංකාවෙ ඉන්න නිලි කෑලි මුගේ වතුර අදිනව.එව්වත් මදිවෙලා ටොප් ක්ලාස් බඩු ඉම්පෝර්ට් කරනව.අර අරුණි නෝනා කියනව ඇමෙරිකාව ලෑන්ඩ් ඔෆ් ඔපර්චුනෙටීස් ලු.බම්බුව තමයි බලන්න බෙලිඅත්තේ සීනි කිර කිර හිටපු එකෙක් කොළඹ ඇවිත් කැලණියට යුව රජු වෙලා පුතණ්ඩියට මහරජ කුමාරවරුන්ටවත් නැති ආතල් ගන්න ඔපර්චුනෙටීස් හදල දීල.ඉතින් මේක ආශ්චර්ය නෙමේද ?

    ReplyDelete
    Replies
    1. අනික විහිලුවට වගේ මේ ආණ්ඩුව ගෙදර ගිහින් විපක්ෂෙ බලේට අවොත් ( මේක සීරියස් වෙන දෙයක් නොවන නිසා ) නාමල් ලොකු බේබිලට ලංකාවෙ ඇඩ්රස් නැති වෙනව.හැබැයි මාලක පුතාල ඒත් ගේමේ.රනිල් ආවත් ෆොනී ආවත් සජී ආවත් මර්වින් කෙනෙක් ඕනි වෙනව සිස්ටම් එක ගෙනියන්න.

      Delete
    2. ඔයා ගැන නම් කියන්න තියෙන්නේ අයියේ ඔයා ලොකු බේබි, මැද බේබි හා පුංචි බේබි ගන්නා සොමි ගැන අන්දෝ සංසාරයක් නොදන්නා බවයි. එකම දේ මාලකයා කුණු මාළු බෙල්ලේ එල්ලාගෙන කද්දි උන් ලස්සනට ඒක හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කනවා. හැබැයි වැඩිකල් නෙවෙයි. මාලකයාගේ කේස් වගේම ළඟදිම ඒවාත් එළියට එයි.

      Delete
  9. වෙන්ට කමෙන්ට්ස් වලටත් උත්තර දීලා තියෙන නිසා ඔන්න මම ආවා, කියෙව්වා, අනේ මාත් ඔය ඊරිසියාවෙන් පෙලෙන කෙනෙක් නිසානේ මූට බනින්නේ කියලා හිතාගත්තා... මෙන්න ගියා....

    හි හි... ( වෙන්ට කමෙන්ට්ස් ටික නම් මරු..)

    ReplyDelete
  10. උබ කිව්වට විස්වාස කරයිද මන්ද මට හිතුනු දේවල් එක අකුරක් නෑරම උඹ ගෙඩි පිටින් ලියලා තියෙනවා . . උඹත් මම වගේම හිතන එකෙක් කියලා ආයි පාරක් තහවුරු වුනා චාමි . . මට හරි සතුටුයි ඒ ගැන .. මාලකට ජය වේවා . . .!!

    ReplyDelete
  11. ලිපියේ තියෙන කරුණු 100% ක් ඇත්ත ...

    ReplyDelete
  12. මාලකට ක‍‍ඩේ යන්න ලැජ්ජ නැද්ද අයි‍සේ ?

    ඒ ව‍ගේ ක ‍මෙ න්ට් එකකට උත්තර දී ලා නැ ත් ‍තේ ඇයි ?

    ReplyDelete
  13. මටනං ඔය කිසිම අවුලක් නෑ... එකම අවුල මෙන්න මෙච්චරයි... මම ගෑල්ලමයා එක්ක යනවා... මාලක එනවා සෙට් එකත් එක්ක ඉස්සරහට... අපිව පහුවෙද්දිම මාලක "what a sexy arse baby.." කියලා ගෑල්ලමයගේ පස්සට තට්ටුවක් දානවා... හා දැං මම මොකද්ද කරන්නේ කියපන්කෝ..?

    ReplyDelete
    Replies
    1. ඌට දෙකක් නෙලල පොර වෙන්න පවර් එකක් නැති හින්ද උඹට ඊරිසියාව :)

      Delete
    2. උඹ මොකටද මහාරාජා වගේ ඩබල් දාල යන්නෙ පාරේ? පාර උඹේයැ? අනික ඔය ප්‍රශ්නෙට උඹට කලින් ලක්ෂ, කෝටි ගණන් මිනිස්සු මුහුණ දීලා තියෙනවා. කොල්ලන්ටත් වැඩිය තාත්තලා. ඉස්ස්සර කාලෙ ලස්සන ගෑණු ළමයෙක් ඉන්න හැම තාත්තා කෙනෙක්ම කළේ ඒ අයව හංගන එක. නැත්නම් ඉතින් ඔවුන් නතර වුණේ රජ්ජුරුවන්ගේ නැත්නම් රදළයකුගේ අන්තඃපුරේ. උඹත් ඒ වගේ මොකක් හරි කරපන්. ගල් ගුහාවක වත් හංගපන් ගෑණු ළමයව. එහෙම නැත්නම් ගෑණු ළමයත් එක්ක ජේ.වී. පී. එකට බැඳිලා අසාධාරණේට විරුද්ධව සටන් කරලා ටයර් එකේ මැරිලා පලයන්.

      Delete
    3. meka leyapu eka pimpeyek.

      Delete
    4. @සාතන්
      ඔය ඉතින් ආයේ ඉරිසියා කතාවක් කියනවා... මොකද්ද කරන්නේ කියපන්? :D

      @First Ano
      ඔව් උඹ කියන එක ඇත්ත... හැබැයි අසාධාරණේට විරුද්ධව සටන් කරන්න හිතාගෙන ජේ.වී.පී. එකට බැඳෙනවට වඩා හොඳයි මාලකයගෙන් ගුටිකාලා මැරිලා යනවා... :)

      තවදෙයක් තියෙනවා ඈතතියාම "ආ... මාලක අයියා... බොක්ක තමයි..." කියලා මාරුවෙන එක... :)

      Delete
  14. මටත් චාමිට තියෙන විකෘතිතා තියෙනව... මං හීනෙන් හරි ලබාගන්න කැමති දේවල් ඔක්කොම මාලකට තියෙනව... ඌ එල කොල්ලෙක්...

    කිව්වට විස්වාස කරපන් අයියෙ මාලකයා කෙල්ලො වටකරන් ඉන්න පොටෝ වලට "මූ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ෆන් ගන්නව" කියල කමෙන්ට් කරන උන්ව මරන්න කේන්තියි බන්...

    (වෙන්ඩ කමෙන්ට් එල ඈ.. )

    ReplyDelete
  15. වෙන්ඩ කමෙන්ට් රිප්ලයි ටික නං මරු ඕයි... අනිත් ටික ගැනනං මං මුනුත් කියන්න ඕන නැහැ... මම ගේ පපුවට තට්ටුවක් දාලා බැළුවා.. බැලින්නං මාත් අර සීයට අනූ හයයි ගානේ එකෙක්...

    උඹ මට රිප්ලයි එකක් දුන්නේ නැහැනේ බං.. හා හා අවුලක් නැහැ ඒක ඇනෝලා කර ගනී...:D:D:D

    ReplyDelete
  16. වෙන්ට කමෙන්ට් ටිකට පිළිතුරු ටික නම් මගේත් හිත් ගත්තා. මාත් දැනට දශක කීපෙකට කලින් එහෙම හිතුවා. මක් කොරන්නද බැරි වුනා නොවැ. ඒකට මාලක කොලුවා ඌට වාසනාව තිබ්බා.

    ReplyDelete
  17. චාමියො, මට නම් මාලක කොලුවා ගැන දුක හිතුනේ එකම කාරණාවකට විතරයි. ඒ උගේ ලිංගය (ප**) ගැන. අපේ එවුන් නම් ඔය දවස තිස්සේම ඇකිලිලා නිදා ගන්න එකම නෙවැ වැඩේ. දවාලෙත් බුදි. රෑත් බුදි. කම්මැලියො. උගේ එකාට එහෙමද? කොයිතරම් නම් වැඩ කරන්න ඇතිද? අනේ අසරණයා!

    ReplyDelete
  18. උඹටයි, මලකටයි, මටයි, ඔය දුකාටයි, ඔක්කොටම ඕක තියනව. ok චාමිය. හැබැයි මචෝ, ඔය ආතල් එක හැමෝටම ගන්න හිතුනම අවුලක් එනව සමහර වෙලාවට අපේසෙට් එකත් එක්කම. එහෙම උනාම අවුල් නේද. එක නිසා ලාවට ආතල් එකෙක් ගන්න එක තමයි කාටත් සනීප බං.

    ReplyDelete
  19. කොහොමින් හරි වුනේ බොහෝ අය වැඩි විස්තරයක් නොදැන හිටිය මාලක සිල්වා උවමනා වෙලාවට කරලියට ආපු එක. (ඒකත් සැලැස්මක්ද දන්නෙත් නෑ)

    ලැබීමට නියමිත කමෙන්ට්ස් තමයි නියම ගැලපීම

    මාලකට ජයවේවා ! තමයි ඉතින්.

    ReplyDelete
  20. අඩෝ අපිට චාන්ස් එකක් දීලම නෑනේ. පට්ටයි හොඳේ, දෙන්න හිතෙනවා පිස්තෝලෙන් බිම දාගෙන... මැහුම් දාන්න..
    තනි ඇහට නෙමෙයි බන් ඇස් දෙකටම ඇඬෙනවා.
    අද අපිට ඕන උඹ වගේ ඒවුන් මිසක් ඔක්කෝම දන්න කොම්පියුටර් ගැජට් කියල දෙන උනුයි. ලව් අඬෝවැඩියා ලියන උනුයි නෙමේ.
    ජය වේවා පුතේ...

    ReplyDelete
  21. මාලක කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්. ඔහු මෙම හැසිරීම තවදුරටත් වැඩිදියුණු කරගෙන හමුදාවටත්, පොලිසියටත්, රජයේ සේවකයන්ටත් නෙලනවානම් යහපති.

    ReplyDelete
  22. මාතලන් මහත්මයා තමයි පාර කියුවේ. අපුරූ කතාව මහත්තයෝ. මමත් ඔය වගේම එකක් ලිව්වා. හැකිනම් ඇවිත් බලා යන්ට.
    http://ithihaasaya.blogspot.com/2012/09/blog-post_1144.html

    ReplyDelete
  23. මෙහෙම ලිපියක් කියෙව්වමයි . අපේ ගෙදර එක්කෙනා තමයි මේ ගැන කිව්වේ . කවුද කියල තිබුන ඉන්දියාවේ අච්චර ජනගහනයක් ඉදිද්දී බඩගින්නේ මැරෙන එවුන් කෝටිපතියන්ට ඉරිසියා නොකරන්නේ තම තමන්ගේ කර්මය ගැන හිතන නිසාලු. ඒකට අපි ....පුදුමාකාර ඉරිසියාවක්නේ . මේකට තාම විසි එකද .. .

    ReplyDelete
  24. මට සැක මුගෙ වයස! දැන් 20නම් 2006දී මූ පොලිසියට ගහලා තියෙන්නෙ 14දිනෙ අප්පා! චන්ද්‍රපේමයනම් කියලා තිබ්බා මුගෙ වයස 30ට වඩා 40ට ලඟයි කියලා. අනේමන්දා මටත් ඉරිසියාවට හිතෙන දේවල්.

    ReplyDelete
  25. මමත් හිතන් හිටියෙ මාලක කියන්නෙ සිරා පොරක් කියල,
    ඒත් උපතිම්ම අංගවිකලයෙක් කියල දැන ගත්තහම නම් දුකත් හිතෙනව
    පව් අසරණය

    ReplyDelete
  26. වෙන්න කමෙන්ට් තමා සිරාම...
    කියන්න හිතං හිටපු ටිකත් අමතක උනා....

    ReplyDelete
  27. මේ ගැන කවදා ලියයිද කියලා බල බල හිටියෙ ?

    ReplyDelete
  28. ශික්. මන් දැන් කියන්නේ මොකක්ද? මේ යකා අහන්න ඉස්සෙල්ලම ඒකට උත්තරයක් දීලනේ.

    මාලකට ජයවේවා! (ඉරිසියාවටද මන්දා කියවුනේ)

    ReplyDelete
  29. නිවී හැනහිල්ලෙ හිතා බැලුවහම කින්ඩියට ලිව්ව උනත් කතාව ඇත්ත.
    කෝ රෝල් මොඩල්, ......
    ඒ ලමය ආවේස වෙලා තිබෙන්නෙ කැමති රෝල් මොඩල් එකකට..
    මං කල්පනා කලේ කවුරු වෙන්න ඇත්ත මේ මොඩල් එක?


    සර් ජෝන් කොතලාවල?

    තරුණ මර්වින් ?

    (නයිට් රයිඩර් කාර් එකක නැගී යන) රත්වත්ත තරුණයෙක්....?

    ReplyDelete
  30. ඇත්ත තමයි කතාව ...කියෙවනකම් මාලක මේ පරණ චරිතය ම රඟපාන අලුත් නළුවෙක් කියල මට හිතුනේ නෑ..

    ReplyDelete
  31. "කවදහරි මූ කොළඹින් වැඩිම චන්ද ගන්නවා. හොර චන්ද මැර චන්ද නෙමේ. පෙරාපු එලකිරි වගේ නියම අව්‍යාජ චන්ද. මිනිස්සු බොක්කෙන් දෙන ඒවා."

    උඹ කියපු කතාව ඇත්ත වෙලා ඉවරයි සහෝදරය. ඒ කාලෙ ආරක්ෂක ඇමති තාත්තගෙ පවර්ස් වලින් ජොයෙල් ප්‍රේරට දුන්න උඩතලවින්නෙ දහයක් බාපු බුවාල අද නුවරින් මන්ත්‍රීල වෙලා ඉන්නෙ යස අගේට. මිනිහත් ඒ කාලෙ අද මාලක වගේම තමයි. ඒත් කීයෙන් කීයකටද එව්ව අද මතක ( රනිය එක්ක පොඩි අවුලක් නිසා ඇතුලට ගියාට, කොල්ල ඔය අද යස අගේට ඉන්නෙ )

    ReplyDelete
    Replies
    1. දැන් ඔය උඩතලවින්නේ සෙට් එකත් මේජර් වගේම තමන්ම තමන්ට වෙඩි තියාගෙන වෑන් එක ගිනි තියාගත්තා කියන්නේ.

      Delete
  32. සියලුම ඇනෝ කමෙන්ට්ස් වල වගකීම මම බාරගන්නවා. මෙච්චර කලක් ඇනෝ විදිහට කමෙන්ට්ස් දැම්මෙ මමයි. දැන් දවස් දෙක තුනක ඉඳන් මම තීරනය කලා, අනෝ කියන එක වෙනුවට ඒ වගේම තේරුමක් නැති 'තිසර' කියන නම පාවිච්චි කරන්න.

    එක නෙවෙයි, මාලකලා වගේ එවුන් හිටියේ නැත්නම්, උඹලා අපි වගේ බ්ලොග් කාරයෝ (මගේ බ්ලොග් එක නම් තාම හිස්ය ) වේලෙනවා... ඉරිසියා කරන්න එපා බං... පිං දීපන්...

    ReplyDelete
  33. එක්ස් එකේ ගුණයත් ඔය වගේම කතාවක් කිව්ව කාලෙකට ඉස්සර.
    දැන් ඉතින් සෑර්ටත් සුවර් නං, ඉරිසියාවම තමයි, ආයේ දෙකක් නැහැ. ඔය යහපාලනය, නීතියේ සර්ව සාධාරණත්වය වගේ කෙප්ප ඉස්කෝලවල උගන්නන එක නැවත්තුව නම් අපි දැනගන්නව හයරාකියේ අපේ තැන.

    ReplyDelete
  34. කකා. කොහොම වෙතත් තව අවුරුදු කීපයකින් උඹ දානවා මේ පෝස්ට් එකේ ලින්ක් එකක් උඹේම අලුත් පෝස්ට් එකක. හරියටම කිව්වොත් ඊළග මහ මැතිවරණයට පහුවදා.

    කොල්ල ලස්සන නම්, තරුණ නම්, සල්ලි තියනවනම්, පට්ට වන්ඩියකින්නම් බහින්නේ, යකාටවත් බය නැත්නම්, කොලොන්නාවට ඌ ඇර මොන පුතයද බං ගැලපෙන්නේ. මර්වින්ට විමලයා දැන්ම ඉදලම බනින්නේ ඊළග සැරේ වැඩිම මනාප ගේමට ඌට චැලෙන්ජ් එකට ඉන්නේ 'මාලක මහත්තයා' බව දන්න නිසා.

    තව කියන්න තිබ්බ දේවල් කියන්නෙ නෑ. උඹ කලින්ම උත්තර දීලනේ.

    ශ්‍රී මාලක සිද්ධම් !!!

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. යකෝ මේ ලිපිය වයින් වගේ පරණ වෙන්න වෙන්න ඇගේ වැඩි වෙනවා. අන්න අද අලුත්ම පොර කරලියට ඇවිත්.
    මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක්‌ විසින් පෙරේදා (24 වැනිදා) සවස පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දී ඇත.
    දිවයින 2013 පෙබරවාරි 26

    ReplyDelete