Saturday, September 1, 2012

අපේ කුකුල් බිලිපූජාව...!

ශිෂ්ට මිනිහෙක්...!
මා කුඩාකල අසල ගමක දේවාරූඪයෙන් සාස්තර කියන තැනක් විය. ම‍ගේ මවද එහි ගොස් සාස්තර ඇසුවාය. ඇයට කියා තිබුණේ අප නිවසට බලගතු හූනියමක් කර ඇති බවකි. ඒ සඳහා කුමක්දෝ ශාන්තිකර්මයක් කල යුතු බව පවසා යම් දිනකදී නැවත පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුනි. එදිනට ගෙන යා යුතු ‘පූජා භාණ්ඩ’ ලැයිස්තුව මමද කියවීමි. දෙහි, අහු, පුහුල්, රතු රෙදි, කපුරු, පොල් ඇතුළු මහා ලැයිස්තුවක කුකුලෙක්ද විය.

අදාල දිනයේදී යම් පුද්ගලයෙකු උදෙන්ම කුකුලා ගෙනත් දුන්නේය. ගෙනෙන විට උගේ දෙපා බැඳ තිබුණි. මගේ මව උගේ දෙපා ලිහා එක් කකුලකින් පමණක් කුඩා පඳුරක ගැට ගැසුවාය. ඌ හොඳින් වැඩුනු හොඳ ලස්සන වෛවර්ණ ගම් කුකුලෙකි. මම ඌට ඇළුම් කලෙමි. දිනය පුරා කන්නට විවිධ දේ ගෙනගොස් දුනිමි. ඌ පහසුවෙන් මා සමග මිතුරු විය. ඌ හැමදාම අප නිවසේ තබා ගැනීමට මට උවමනා විය.

එහෙත් යන්තම් අඳුර වැටෙද්දී නැවත උගේ කකුල් දෙක බැඳුනි. විශාල පන් මල්ලකට ඌව දමාගත් අපි අනෙකුත් අඩුම කුඩුමද රැගෙන දේවාලයට ගියෙමු. ශාන්ති කර්මය ඇරඹුණි. රාත්‍රී මැදියමේදී පමණ මගේ මිත්‍ර කුකුළා ආරූඪයෙන් සිටි කපුවාගේ අතට ලැබුණි. මොනවාදෝ මහ හඬින් දෙඩවූ ඔහු එක්වරම කුකුලාගේ හිසෙන් අල්ලා වට හතඅටක් අහසේ කරකවා උඩින් යනලෙස විසිකලේය. වික්ෂිප්තව සිටි මගේ හිස උඩින් ඇදී ගිය ඌ ‘දොහ්’ යන හඬින් යමක වැදී බිම ඇද වැටෙනු මට ඇසුනි. ඒ මා දුටු පළමු බිළි පූජාවයි.

එම දේවාලය දැන් නැත. ඒ වෙනුවට වෙනත් දේවාල පහක් හයක්ම අලුතින් ඇරඹී ඇත. ඉන් දෙකතුනකම මෙවන් කුකුල් ශාන්තිකර්ම ඉඳහිට තවමත් පැවැත්වේ. ප්‍රදේශයේ ප්‍රධාන දේවාලය මුන්නේශ්වරමයි. එය හින්දු කෝවිලක් නොවේ. සිංහල, දෙමල, හින්දු, බෞද්ධ කාගේත් ප්‍රධාන දේවාලයයි. මා දන්න දා සිට එහි බිලිපූජා පැවැත්වුනි. මුන්නේෂ්වරම් මංගල්‍යයට බාරහාර ඔප්පු කිරීමට කුකුලන් උස්සාගෙන වැඩිපුරම එහි ගියේ සිංහල බෞද්ධයන් බව මා දනිමි. කුකුලෙක් නැතිනම් පොල් පැලයකි. ඒ ප්‍රාණයට ප්‍රාණයක් ඔප්පු කිරීමටය. සංකේතීයව ගතහොත් එයද බිලි පූජාවකි.

මෙම මංගල්‍ය සමයේදීද දේවාල භූමියේ පිරී ඉතිරී ඇති ජනයාගෙන් මේ මොහොතේද සීයට හැත්තෑවක් වත් සිටින්නේ සිංහල බෞද්ධයන් බව ස්ථිරව කියමි. මෙවර දේවාලයට එන්නන්ට අතිරේක වාසියක්ද ඇත. දේවාලයට පඬුරක් දමා කාලි මෑණියන්ගේ ආශීර්වාදයද රැගෙන, පැමිණි වාහනයෙන්ම වාරියපොල ධාතු ප්‍රදර්ශණයටද යා හැකිය.
අයියෝ හෙල උරුමයේ සල්ලි...!

බිලිපූජා විරෝධය එලියට එන්නේ ශිෂ්ටකමේ අරගලයක් වශයෙනි. එහෙත් එහි යථාර්තය එලියට ආවේ කවුදෝ හාමුදුරුනමක් ගිනිතබාගෙන මිය යන බවට අභියෝග කිරීමත් සමගය. බිලිපූජාව අශිෂ්ටය. සිවුරට ගිනිතබාගෙන මියයාම ඊටත් වඩා අශිෂ්ටය. එකෙකුට එකෙක් දෙවෙනි නැත.

මගේ මව මේ ලියන මොහොතේ වාරියපොල ප්‍රදේශයේ ධාතු ප්‍රදර්ශන පෝලිමේ හිඳී. මෙයට ටික වේලාවකට පෙර දුරකථන ඇමතුමක් දුන් ඈ තදින් වහින බවද, තවත් කිලෝමීටර් තුනක් පමණ පෝලිමේ යාමට ඇති බවද කියා සිටියාය. මා කියා සිටියේ ධාතු බැලිල්ල කෙසේ වෙතත් තෙරපීමට ලක්වන්නට සිදුවන්නේ නම්  ආපසු හැරී එන ලෙසයි. නමුත් ඒ උපදෙස් පලක් නැති බව දනිමි. කපිල වස්තු පුර ධාතූන් සියැසින් දැක ගැනීම ඇගේ ජීවිතයේ පරම අවස්ථාවකි. වැස්සත්, තෙරපුනත් ඇය එම අවස්ථාව අතහරිනු නැත. ඈ මෙන්ම ඔය පෝලිමේ සිටින බහුතරයක් එසේය.

මිනිසුන්ට ආගම අවශ්‍ය වන්නේ පවතින යථාර්තය සමග ඇති නොගැලපීමක් පුරවා ගැනීම පිණිසය. සොෆී ට ඇති ප්‍රස්න ලෝකයේ වෙන කාටවත් නැත්තේ ඒ නිසාය. අප පවුලේ අය විසින් මෙයට කලකට පෙර ඉහත සඳහන් කල කුකුල් බිලිපූජාව කලෙමු. ඒ ලෞකික ජීවිතයේ අපට විසඳාගත නොහැකියයි අප සිතූ ගැටළු රැසක් විසඳාගැනීම වෙනුවෙනි. ඒ මොහොතේ එය බිඳක්වත් අශිෂ්ට වූයේ නැත. මේ මොහොතේ මගේ මව ධාතු ප්‍රදර්ශන භූමියේ දුක් විඳින්නේ, ඇගේ මරණින් පසු ඇතිවනු ඇතැයි ඇය සිතන ගැටළු වලට විසඳුම් පිණිස වන්නට පුළුවන. එයද අශිෂ්ට නැත. යම් හෙයකින් පිටසක්වල ජීවියෙක් පැමිණ උඹලා ඔය පෝලිමේ තෙරපිලා, වෙන එවුන් පාගගෙන, මරාගෙන නොදන්න මිනිහෙකුගේ ඇටකටු බලන්ඩ පොරකන එක කොච්චර අශිෂ්ටද කියා ඇසුවොත් අපි ඌට ගසා පන්නමු.  ශිෂ්ටත්වය සාපේක්ෂය.

බිලි පූජාවට මා විරුද්ධය. මට අනුව එය අශිෂ්ට බැවිනි. එහෙත් බිලිපූජා වලට එරෙහිව අද දවසේ එලියට බහින්නන් සමග සිට ගැනීම මා ප්‍රතික්ෂේප කරමි. මේ විරෝධය වෙන එකකි. මුන්නේෂ්වරම් බිලිපූජා කාටත් පෙනෙන්නට ගන්නේ ඊනියා යුද ජයග්‍රහණයත් සමගය. හලාවත මිනිසුන්ට මැජික් නොවූ මෙය, මැජික් වන්නේ වාරියපොල මිනිස්සු පාගා මරාදමමින් ධාතු බලන බෞද්ධයින්ගේ ඡන්ද වලින් බලයට එන හෙල උරුමයටය. ඊළඟට පාපයට බිය නිසාම නොව, සතුන්ට බිය නිසා සර්පයෙකුට කෝටුවකින් ගසන්නට වත් පණ නැති සයිබර් වීරයින්ටය.

මා සිතන පරිදි ඔවුන්ට අනුව මුන්නේෂ්වරමේ සිදුවන්නේ බිලිපූජාවකට වඩා දෙයකි. යුද සමයේදී සිංහල රුධිරයෙන් අපි නොදන්න විනෝදයක් ලැබූ දෙමළු, දැන් මුන්නේෂ්වරමේ සත්ව රුධිරයෙන් තවදුරටත් එම විනෝදයම ලබමින් සිටිති. ගිනිතියාගෙන මැරෙන්නට යන්නේ ඒ විනෝදයට එරෙහිවය.

පසුගිය දිනවල මෙම ප්‍රදේශයේද මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් පළමුවෙනිදා මර්වින් පැමිණ මුන්නේෂ්වරමේ දෙමළුන්ට ගේම දෙන හැටි බලන්නට සැදී පැහැදී සිටියහ. ඔවුන් වැඩි දෙනෙක් ‘බිලි පූජාව නෑලු නේද බං?’ කියා අද ඇසුවේ මැලවුනු මුහුණිනි. මේ පොළොවේ යතාර්ථයයි.

පෝලිමක පිළිවෙලකට හිඳ ආගමික වස්තුවක් වන්දනාමාන කරගන්නට තරම්වත් විනයක් නැති අශිෂ්ටයන් රැලක්, තවත් ජාතියක ආගමික වතාවතක් අශිෂ්ට යැයි කියා හංවඩු ගැසීම තේරුම්ගත හැකි වෙන ක්‍රමයක් මා දන්නේ නැත.

පින්තූරය - sinhala24news.com

41 comments:

  1. අද පත්තරේක මෙහෙම කතාවක් තිබුන " මේක මහ පිස්සු රටක් මළ මිනියක් දවස් තුනක් ගේ ඇතුලේ තියන් බුරුව ගහන දාම් කැරම් සෙල්ලම් කරන රටක්". සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම අනිත් එකාගේ ගෝත්රිකභාවය ප්‍රශ්න කරනව මිසක් අපි කොච්චර ගොත්රිකද කියල හිතුව නම් ලෝකය ඉස්සහරට යද්දි අපි මෙහෙම පස්සට යන එකක් නැහැ.

    ReplyDelete
  2. ගෝත්‍රික ලක්ෂණ පෙන්නීම අතින් අපේ රටේ විවිධ ආගමිකයින් ඉන්නෙ මේ අනු පිළිවෙළට. (සාමාන්‍ය වශයෙන්)

    1. නිරාගමිකයින් (අඩුවෙන්ම ගෝත්‍රික ලක්ෂණ පෙන්වයි.)
    2. මාක්ස්වාදීන්
    3. සිංහල බෞද්ධයින්
    4. සිංහල දෙමළ කිතුණුවන්
    5. හින්දූන්
    6. ඉස්ලාම් භක්තිකයින් (වැඩියෙන්ම ගෝත්‍රික ලක්ෂණ පෙන්වයි.)

    දැන් මෙතැන උඩ ඉන්න එවුන්ට යට ඉන්න එවුන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්නලා ආතල් එකක් ගන්න පුළුවන්. අවාසනාව යට ඉන්න එවුන්ට උඩ ඉන්න එවුන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්නන්න බැරි වීමයි. මොකද උඩ ඉන්න එකාගෙ අමුඩෙ හිල් පෙන්නන්න යනකොට තමන්ගේ නිරුවත ඉබේම එළි වෙනවා.
    (අර පෙරමුණේ රාළට, අන්වර් මනතුංගට හා නලින් ද සිල්වාට වෙනවා වගේ.)

    නැතිනම් එකිනෙකා අනුන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්නන්න යාම හොඳ දෙයක් වෙන්නත් තිබුණා. මොකද එතකොට හැම දෙනාම අනුන්ගේ විවේචනයෙන් ගැළවෙන්න වත් තමන්ගේ නිරුවත වසා ගන්න උනන්දු වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොටම හරියන්න දේශපාලන නායකත්වයත් ගෝත්‍රික උනාම තකට තක...ඒකනෙ මේ තියෙන දේශපාලන නායකත්වය මේ රටට හරියටම සෙට් වෙලා තියෙන්නේ.ඒකනෙ අපිට ස්වාසිලන්තය වගේ ලෝකෙ සහෝදර රටවල් සෙට් වෙන්නෙ.

      Delete
    2. රැඩිකල් අදහසක් !

      Delete
  3. මොකක් හරි ආගමකින් ලංකාව බිල්ලට‍ දුන්නනම් හරි

    ReplyDelete
  4. පෝලිමක පිළිවෙලකට හිඳ ආගමික වස්තුවක් වන්දනාමාන කරගන්නට තරම්වත් විනයක් නැති අශිෂ්ටයන් රැලක් ...

    වෙන වචන ඕනෑ නැත, ඔක්කොම කියන්න ඔනෑ හරිය මෙ වාක්කියෙන් කියා ඇත. අහෝ දුකකි.. ඉරකි තිතකි ...

    ReplyDelete
  5. එක එකාට චෝදනා කර ගැනීම කොතරම් ශිෂ්ටද?

    ReplyDelete
  6. මිනිසුන් ඕනැ තරම් වැරදි කරනවා. බිලි පූජාවද සමාජගත වු සුවිශාල වැරැද්දක්.එය නිවැරදි කිරීමට ගන්නා උත්සාහයත් නිශ්ඵලයි.තමන්ද වැරදි කරමින් අනුන්ට එම වැරැද්ද නොකරන ලෙස කීම මාත් දැඩි ලෙස හෙලා දකිනවා.හොද පෝස්ට් එකක්..

    ReplyDelete
  7. මැරවින්ගේ අරමුන තම නම ප්‍රකට කර ගැනීම වුවද, මේ සත් ක්‍රියාවට පමනක් සෑමා එකගය !

    ReplyDelete
    Replies
    1. සුද්දියෙක්ගේ බ්‍රා එකේ පටිය දැක්කම ඒකෙන් නෂ්ටකාමය වෙලා බ්ලොග් පොස්ට් ලියන එක, සිංහල හමුදාවට වැඩි වැඩියෙන් මිනී මරන්න ලැබෙන්න කියල බෝධි පුජා තියෙන එකත් ගෝත්‍රිකයි.හැබැයි අපේ ගෝත්‍රිකකම සුදු රෙද්දකින් වහල අපි මුන්නේස්සරම් වල ගෝත්‍රික කම ගැන චිකේ ..චිකේ කියන්න හරි ආසයි..මතක තියාගන්න ඔය මුන්නේස්සරම් වල බිලි පුජා තියෙන වැඩි හරියක් පෝයට කැළණි පන්සල් යන අය.ඔයා වගේම ධාතු වැඳපු අය....පෝයට පන්සල් ගිහින් ගෙදර යන ගමන් කේ එෆ් සී යන බොදුනුවන් !

      Delete
    2. Eliyata awith kiyanna Medusa :P

      Delete
    3. ඒකනෙ. අල වගේද ගෝවා? දෙමළු වගේද එළුවො?

      Delete
  8. ඔය සංදර්ශන සියල්ලම ව්‍යාපාරික අවශ්‍යතා මිස අනිකක් නොවේ.සැදැහැති මර්වින් උපාසක මහතා ගිය වසරේත් එලුවන් බේරා ගත් අතර උන්ට වෙච්චි දෙයක් නැත.

    ReplyDelete
  9. මිනිස් සංහතිය තියෙනකම් 'බිලි පූජාවල්' නවතින්නෑ. බිලි පූජාවල් කිව්වාම මිනිස් සහ සත්ත්ව දෙකම ...

    ReplyDelete
  10. ඔය මුන්නේශ්වරමට පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරෙන් බාගෙකට වැඩිය යනවා,ගියා. අනික ඔය දේවාලෙට දෙමළ මිනිස්සුන්ට වඩා යන්නේ සිංහල මිනිස්සු,බිලි පූජා දෙන්නෙත් ඒ මිනිස්සු,බිලි පූජාව දවසට ඒවා බෙදා ගන්නෙත් සිංහල මිනිස්සු,පොලිසියට යනවා සෑහෙන පංගුවක්,අනේ මන්දා මේ සයිබර් වීරයන්ට තමා ඕක ගැන ගොඩක්ම අමාරුව තියෙන්නේ.

    ReplyDelete
  11. අද සැප්තැම්බර් පළමුවෙනිදාය. ලාංකිකයන් අතර ජාතික සංහිඳියාවට අද දිනයේදී එකතුවීමට තිබූ අඳුරු පැල්ලමක් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් නැවතුනු දිනයකි.
    http://janasenaa.blogspot.com/2012/08/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. විනාසයි. මෙතෙන්ටත් ආවද? කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු.

      Delete
  12. මුරුගසං වරුසාව ඇද වැටී තෙමුණු කල,
    මිනිසුන් එකිනෙකා කා කොටා ගනිති.
    ඒ තමන් හැර අනෙක් සියළු දෙන දිස් වනුයේ,
    තිරිසනුන් ලෙස බැවිති.

    මුරුගසං වරුසාවට තෙමුණු මිනිසුනේ,
    මෝහයෙන් වැසුණු නෙත් හැර බලපියව්,
    අත රැඳුනු අවි එල්ල කලයුත්තන්,
    සිටිනුයේ තොප ඉදිරියේ නොව පසුපසිනි.

    ReplyDelete
  13. කෝ මේ මුන්නෙස්සරමෙ ගිහින් මැරෙන්ඩ හදපු සයිබර් දේසප්‍රේමියො රොත්ත?

    ReplyDelete
    Replies
    1. මිගාර මහත්තැන්ට නම් අද ඉස්පිටිතාලෙ වැඩලු. මොකුත් කරන්ඩ බැරිලු ඒ හන්දා.

      Delete
  14. මේ මාතෘකාවට අදාලව වෙනත් බ්ලොගයකට දැමූ කොමන්ටුවකින් කොටසක් මෙතැනටද කොපි කරමි.

    “හැමදාම මසට සත්තු මරණ රටේ එක දවසක් විශේෂ ලේබල් එකක් යටතේ සත්තු මරණවා. අපි විරුද්ධ ඒ ලේබල් එකට නේද? නමුත් හැබැවටම විරුද්ධ වෙන්න ඕනෙ ප්‍රාණඝාතයට නෙවෙයිද? ප්‍රාණඝාතයට විරුද්ධ නොවී ‘බිලි පූජාව‘ ට විරුද්ධ වීම මට නම් විහිළුවක්!

    කෙටියෙන් කිව්වොත් ඔය බිලි පූජාවට විරුද්ධ වෙන්න අපිට අයිතියක් නෑ. අපි නිර්මාංශ නොවන නිසා. අපි සත්තු මරනවා නම් උන් මැරුවම මොකෝ? ඒ මිනිස්සු, ඒ මිනිස්සුන්ට කැමති විදියකට දෙවියන් පුදා ගත්තාවෙ. අපි ඊට විශාල ප්‍රචාරයක් නොදි, ප්‍රාණඝාතයෙන් හැකිතරම් වැළකී අපේ පාඩුවෙ ඉමු. අපි වපුරන දේ අපිට අස්වැන්නට ලැබේවි!“

    ReplyDelete
  15. මරන්න ඕනෑ, අපිට ඕනෑ විදියට, අපිට ඕනෑ එවුන්ව, අපිට ඕනෑ වෙලාවටයි.
    එක එකාට ඕනෑ විදියට නොවේ.

    මේ ටික තේරෙන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  16. ඕව ගැන කතාකරල නිකන් ලේ රත්කරගන්නෙ මොටද, මුන් ඔක්කොටම පිස්සු. ලංකාව දැන් අමුතුම රටක් වීගෙන එන්නෙ.

    මැරෙන්න හිටපු එළුවොන්ට, කුකුල්ලුන්ට සුභ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. //මැරෙන්න හිටපු එළුවොන්ට, කුකුල්ලුන්ට සුභ අනාගතයක් !//
      මෙන්න දවසේ කියමන ! :)

      Delete
  17. //දේවාලයට පඬුරක් දමා කාලි මෑණියන්ගේ ආශීර්වාදයද රැගෙන, පැමිණි වාහනයෙන්ම වාරියපොල ධාතු ප්‍රදර්ශණයටද යා හැකිය.
    අයියෝ හෙල උරුමයේ සල්ලි...!//.............සිනා බෝ වේවා‍‍‍‍....!!!

    ReplyDelete
    Replies
    1. හෙළ උරුමය විතරක් නෙවෙයි ඔය අන්කල් අර ගල්කටස් එකක් අරන් යන කාලෙ වැඳගෙන හඳුන් කූරු අල්ලගෙන පස්සෙන් ගිය රෝහණ විජේවීර සහෝදරයත් ඒ වගේම තමයි. 1971දි 'විප්ලවය' ජය ගන්නවද කියල දැන ගන්න එයත් ගියා අංජනම් බලන්න. අංජනම් කාරයා 'විප්ලවේ' ජයගන්නවා, ඒත් නායකයා වෙන්නෙ මේ මේ ගති ලක්ෂණ තියෙන කෙනෙක් කිව්වාම ඒ ගති ලක්ෂණ වලින් සමහරක් තිබුණු (මතක හැටියට දත් බොල්ලෑවක් ගැන කියැවුණා වගේ.) ලොකු අතුල නායකත්වයෙන් කපා දමන්නත් කටයුතු කළේ ඔය MKR විජේවීර සහෝදරයා තමයි, අන්කල්.

      Delete
    2. ඇනෝ...අංජනම් වලයි බිලි පූජාවෙයි තියන සමානකම් වලට චාමි කොහෙවත් පහර ගහල නෑ. ඒක නිසා උඹේ කමෙන්ට් එක මෙතනට ගූ ගොඩක්.

      දෙවෙනි කාරණය මාක්ස්වාදියෙක් කියල මම හිතන සුමිත් අයියත් මේක නොපිළිගත්තත් පාරභෞතික බලවේග කියල දේවල් මේ ලෝකෙ ඇති බව උඹල ඇතුළු ගොඩක් කට්ටියක් නොපිළිගන්නේ අර 'මිරැන්ඩෝ' ආරේ විග්‍රහ මිනිස්සුන්ට ඒ බලවේග විහිළු බවට පත් කළ හින්ද මිස ඒවයේ තියන උදාසීන් බව නිසා නෙමේ.

      Delete
    3. ජෙප්පෙකුට රිදිල වගේ. සුමිත් නිරිඇල්ල හෝ හිටපු හෝ දැන් ඉන්න ජෙප්පො කවුරුත් දන්න මාක්ස්වාදයක් නෑ. උන් මාක්ස් කළුද සුද්දා කියලවත් දන්නෙ නැතුව ඇති. විහිළු කතා කියන්න එපා.

      Delete
    4. මම ජෙප්පෙක් නෙමේ. මාක්ස්වාදියෙකුත් නෙමේ. ඇවිත් බලන්න බ්ලොග් එක දිහා. උඹට තේරෙයි. අනිත් එක මාක්ස්වාදය කියන්නේ හේතුවාදී සංකල්පයක් කියන එක උඹ දන්නවා ඇතිනේ. ඉතින් හේතුවාදය ප්‍රතික්ෂේප කරණ මම මොකෝ බන් මාක්ස්වාදය ගැන වපුරන්නේ.

      ඔක්කෝටම කලින් කියැවීම හදා ගනින්. ඊට පස්සේ ලිවීම ගැන හිතන්න පුළුවන්.

      සම්මා සතිය පහළ වේවා!!!

      Delete
    5. අනී...ඇනෝ..... මාක්ස් සුදූ..දූ..දූ....ද ? නැත්නම් //කළුද සුද්දා //.

      මාක්ස් ගැන කතාකරන්න කලින් හරියට ටයිප් කරන්නවත් ඉගෙනගෙන ඉඳපන් බූරුවෝ.

      Delete
    6. සුමිත් නිරිඇල්ල මොකද ඇනෝ එන්නේ?

      Delete
  18. //පෝලිමක පිළිවෙලකට හිඳ ආගමික වස්තුවක් වන්දනාමාන කරගන්නට තරම්වත් විනයක් නැති අශිෂ්ටයන් රැලක්, තවත් ජාතියක ආගමික වතාවතක් අශිෂ්ට යැයි කියා හංවඩු ගැසීම තේරුම්ගත හැකි වෙන ක්‍රමයක් මා දන්නේ නැත.//

    PATTA LIKE!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  19. උඹව මට පෙන්නන බැරි එකෙක් වුනත් මරු පොස්ට් 1 බං.

    ReplyDelete
  20. සියලු ආගම් එක විදියකට ගෝත්‍රවාදී සංකල්ප නොවේද ?

    ReplyDelete
    Replies
    1. සියළුම ආගම් ගෝත්‍රවාදී තමයි. (ආගම් විතරක් නෙවෙයි, කුල, දේශපාලන පක්ෂ පමණක් නොව බ්ලොග් හමු පවා ගෝත්‍රවාදීයි!) නමුත් අප මේ ඇත්ත සලකා බැලිය යුත්තේ අදට නොව ලෝකයේ අද ඇති සියළුම සංවිධානාත්මක ආගම් බිහිවූ මීට වසර 3,000 - 1,000 අතර කෙටි කාලයට සාපේක්ෂවයි.

      ගෝත්‍රවාදය කොයිතරම් නරක වුණත්, පසුගිය සියවසේ මැද භාගය වනතුරුම ඊට විකල්පයක් හොයා ගන්ට මානවයාට නොහැකි වුණා. මේ නිසා මේ යුගයේදී කෙනෙක් ගෝත්‍රවාදියකු වීම අනිවාර්ය වුණා. උදාහරණයක් විදියට දුටුගැමුණු-එළාර යුද්ධය කාලේ වැසියන්ට තිබුණේ වරණ දෙකයි. එක්කෝ ඔබ දුටුගැමුණුගේ පාර්ශ්වයට ගත යුතුයි. නැතිනම් එළාරගේ පාර්ශ්වය ගතයුතුයි. මේ වරණ දෙකම ගෝත්‍රවාදියි. නමුත් ගෝත්‍රවාදී නොවන තෙවන වරණයක් තිබුණේ නැහැ. ඒ තෙවන වරණය අපට ලැබුණේ දෙවන ලෝක යුද්ධයෙනුත් පසුව අප තවත් එවැනි ගැටුම් ඇති නොවීමට මාර්ග හොයද්දී. එය පළමුවතාවට පැහැදිළිව ප්‍රකාශ වුණේ 1960-70 ගණන් වල වියට්නාම් යුද්ධයේදී යම් ඇමෙරිකානුවන් පිරිසක් ගෝත්‍රවාදී නොවී ප්‍රතිපත්තිමය තීරණයක් මත යුද්ධයට් එරෙහිවීම තුළින් හා එය සමස්ත ඇමෙරිකන් සමාජය ඉවසීම යන කාරණා දෙක තුළිනුයි.

      මේ නිසා ආගම් ගෝත්‍රවාදීය කියන ප්‍රකාශය ලුණු ටිකක් එක්ක ආහාරයට ගත යුතු අදහසක්. කොටින්ම ආගමකට ගෝත්‍රවාදී නොවෙන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් එවැනි වාතාවරණයකදී පවා ගෞතම බුද්ධ හා ජේසුස් ක්‍රිස්තු සමහරවිට යා හැකි උපරිම දුර ගමන් කර තිබෙනෙ බව ගෞරවයෙන් කිව යුතුයි.

      Delete
  21. supermarket eke thiyenne aaagame naamayenda?. anika meat epai kiyala thiyenne thero ta witharai. ekath inna place eka hetiyata. buddha kiwwe sattu maranna hoda nehe, but thamange jeewath weema ta eka kalath karana paw passen enawai kiyala. eka ehemama unane (chunda suukarata). anika meat kana eka pin kiyala kohewath kiyala nehe . nikan mooda ewa kiyanna epa. buddha kothanakadi wath religion kiyala sattu marala thiyenwada? but ehema nokarapu anik propet kenek kiyanna (not for Jesus - he is removed from this). anika nabhi thumath mas kaala nehe. maranna kiyala thiyenne berima una welawaka witharai.(but he had).
    poolime inna danne nette tika pirisak witharai, ekath culture eka balen wenas karawapu nisa. kalin raja kale me wage thibbe nehe, anika man danna widiyata polim penaimak gena report une nehe. ooowa mada gahanna anith ewun kiyana dewal. makkama ehema poolimata minissu merenne shishta hindada. ane mage kata

    ReplyDelete
  22. ඇත්තටම මචන් ගොඩක් වෙලා තිස්සේ දාන්න කම්ට් එකක් කල්පන කලා. ඌණ පූර්ණ දෙන්න දෙයක්නම් උඹ ඉතුරු කරල නෑ කියල යි හිතෙන්නේ. නියමෙට ලියල.

    පහතින් තියන වාක්‍යය තුනට වඩා යමක් මගේ කියවීමට අහුවෙන්නේ නෑ. මේ වාක්‍යය යෙදවීම් ඒ තම් පරිපූර්ණයි

    1. බිලි පූජාවට මා විරුද්ධය. මට අනුව එය අශිෂ්ට බැවිනි. එහෙත් බිලිපූජා වලට එරෙහිව අද දවසේ එලියට බහින්නන් සමග සිට ගැනීම මා ප්‍රතික්ෂේප කරමි.

    2. මිනිසුන්ට ආගම අවශ්‍ය වන්නේ පවතින යථාර්තය සමග ඇති නොගැලපීමක් පුරවා ගැනීම පිණිසය.

    3. ශිෂ්ටත්වය සාපේක්ෂය.

    ReplyDelete
  23. පහුගිය අල්ලපනල්ලේ පුකේ-හිලෙත් බඩයන තරමට කියවන්න දෙයක් තිබ්බේ නැතය. මෙන්න මේක නම් ඇඟපුරා බඩ යන අරිෂ්ඨයක් බිව්වා වැනිය. අති උතුම් බිලි පූජාව ගැන කියවා වදාරා, බඩ හෑල්ලු වී ඇත... අම්මේ යකෙක් කන්න බඩගිනියෝ.... නැද්ද ඔය කුකුලෙක් එහෙම?

    ReplyDelete