Tuesday, August 21, 2012

මල කෙලියයි.... අලි ඇවිත්...!


යන්තම් මීට පැය එකහමාරකට විතර කලින් අපේ ගමට අලි ආවෝය.

මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍ය සමයට (හෙවත් අගෝස්තු නියඟයට :D) අලි රංචුවක් දැදුරු ඔය නිම්නය දිගේ පහලට (හෙවත් දේවාලය දෙසට) පල්ලම් බැසීම සෑම වර්ෂයකම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ගිය වසරේද, ඊට කලින් වසරේද, ඊටත් කලින් සෑම වර්ෂයකම මෙය අනිවා සිදුවෙමින් ආ දෙයකි. පසුගිය වසරේද අප ගම ආසන්නයේ නිවෙස් කිහිපයක වී බීමෙන්ද, නාඹර පොල්ගස් සෑහෙන තොගයකට වග කියමින්ද, කෙසෙල් වැනි වගාවන් විනාශ කරමින්ද මුන් සෑහෙන තොයිලයක් නැටුවෝය.

මෙවර පැමිණ ඇත්තේ අලි තුන්දෙනෙකි. ආරංචි විදිහට තුන්පත් රෑනකි. මුං පැමිණි බවට මුල්ම ආරංචිය ලැබුණේ මීට දින හතරකට පමණ කලිනි. තැනින් තැන ජල වක්කලම් සහිත ඔයක් දෑලේ වූ ලඳු කැලෑවක් සහ ඔය දෙපස පුරන් කුඹුරු ආශ්‍රිතව උන් සිටින බවට ආරංචිය ලැබුණි. ඊයේ දවස මුන් ගතකොට ඇත්තේ ඔයට මායිම් වන විශාල පොල් වත්තකය. මොකක් හෝ හුට්ටප්පරයක් නිසා මුන් කුලප්පු වී අද ගම් වැදී ඇත. (වන ජීවී කතාවක්ද එහෙන් මෙහෙන් ඇසේ)

පලමු ආරංචිය ලෙස ලැබුණේ අලි තුන්දෙනෙකු මා නිවසට නැගෙනහිර දෙසින් වූ බුලත් කොටුවක විශාල පොල්අතු පැලැල්ලක්ද, කම්බි වැටවල් දෙකක්ද කඩාගෙන උතුරු දිශාවට වන්නට තිබූ අසල පොල් වත්තකට ගිය බවය. එම පොල්වත්තේ මුරකරුට දුරකථන ඇමතුමක් දුන් විට 
“කොහෙද....? අලි...??... කීයටද..”
 කියමින් ඌ මොනවාදෝ පෙරලාගත් හඬක් ඇසුනු අතර දුරකථනය විසන්ධි විය. (වතු අයිතිකාරයා දන්නවානම් මූ හෙටම ගෙදරය. වත්තට අලි ආපු එක නොදන්නා එකා හොරු කොහොම අල්ලන්නද?) තවත් මිනිත්තු දෙකකින් මුර මඩුව අසල දැවැන්ත ගිනි ගොඩවල් තුනක් දැල්විණි. පහුගිය දවස් දෙකේ විතර වත්තේ වැඩකරන ගෑණුන් ලවා මොකද්දෝ වැඩකට එකතුකරවන ලද පොල් අතු ගොඩවල් ටිකට මූ ගිණිතබා ඇති හැඩය.

ඒ සමගම නිවසට දකුණු පසින් පිහිටි වැව දෙසින් රතිඥ්ඤා හඬ ඇසුනු අතර කීප දෙනෙක් කෑ ගසනුද ඇසිනි. විපරම් කොට බැලීමේදී වැවේ අලි දෙන්නෙක්ලු. ලැබුණු ඇමතුමකට අනුව මුන් මයියොක්කා ගස් වගයක්ද ගලවාගෙන ඇමතුම දෙන එකාගේ කණ ගාවින් ගිහින් ඇත. එත් කළුවර හින්දා පෙනී නැත. (මේ අර වත්තට ‘ගිය’ උන් නොවන බව සලකන්න. වත්තට ගිය උන් උතුරු දෙසට ගිය අතර නැවත ගම මැදින් ආවේ නැත.)

තවත් මිනිත්තුවකින් විතර කියවුනේ වැවට තවත් කිලෝමීටරයක් විතර දකුණට වන්නට වෙල්යායක තවත් අලි දෙන්නෙක් ඉන්න බවය. උන්ව ටෝච් එක ගැහුවත් පේන බව ඇමතුම දුන් එකා දිවුරා කිව්වේය. ඇමතුම දෙන විටත් ඌ සිටියේ ගෙදර ගෑනි බනින නිසා ටෝච් එක ගහන්ඩ යන්ඩ බැරි විස්සෝපයෙනි.

ඒ  එක්කම වගේ ගමේ බටහිර පැත්තෙන් බල්ලන් බුරන්නටද, රතිඥ්ඤා දමන්නටද වූ අතර යම් ඝෝෂාවක්ද ඇසුනි. අනිවා ඒ පැත්තෙත් අලියෙක් හමාරක් ඉන්නවා වෙන්නට පුළුවන. මෙ ලියන මොහොතේදී අලි කොහේ ඉන්නවාදැයි නිශ්චිත ආරංචියක් නැති අතර හතර පැත්තෙන්ම වරින් වර රතිඥ්ඤා හඬ ඇසෙයි.

දැන් ඔබට වටිනා අලියා ලකුණ සහිත කැප් තොප්පියක් දිනාගත හැකි දවසේ පැණය මෙයයි.

(ගමට ආපු) තුන්පත් රෑනේ අලි කී දෙනෙක් ඉන්නවාද?

--------------------------------------------------------------
මීට කලින් ලියපු අලි කතා -

72 comments:

  1. Replies
    1. වැරදියි. ඔබ අලියා ලකුණ සහිත කැප් තොප්පිය පළඳින්නට තරමි වාසනාවන්ත නැත.

      Delete
  2. උත්තරය: මට කැමති ගාණක්!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් වැරදියි. මොකද තොප්පිය දෙන්නෙ මම.

      Delete
  3. අලි ආවට කිසි කරදරයක් වෙලා නෑනේ.

    අලි පවු.හැංගි හැංගි ඇවිත්.හැංගි හැංගිම යන්න යනවා.

    ජන්දෙ ඉල්ලන්න ආව ද දන්නෑ....මේ සැරේ ඔය පළාතෙත් ජන්දෙ නේද?

    ReplyDelete
    Replies
    1. අපොයිි තාම ඒ කරුමෙ ආවෙ නෑ

      Delete
  4. ඔබතුමාට කැමති ගානක් :ඩී

    ReplyDelete
    Replies
    1. ඒකනං ළඟින් ගියා... :)

      Delete
    2. ඔබතුමාගේ වයිපරේ කැමැති ගාණක්. ඒක කලින් උත්තරේට වඩා කිට්ටුයි නේද?

      Delete
    3. හ්ම්... හ්ම්..

      Delete
  5. මේක මේ හුදෙක් අලි ගම්වැදීමක් ගැන විතරක්ම වෙන්ඩ බෑ. හැබෑට මොකක් ගැනද මේ .....

    අර වරත්තු අලියගෙ කතා වස්තුව මම ඒ කාලෙම කියෙව්ව. ඒත් දැන් වගේ ක්‍රමිකව කියවිල්ලක් නැති නිසා ඒ කතාව තිබුණෙ කොහෙද කියල මට හොයාගන්ඩ බැරුව හිටියෙ, ආයෙ කියවන්න ආස හිතිල. බැලින්නම් මේ මෙයානේ ලියල තියෙන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ...
      මේක ඇත්තටම අද වෙච්චි දෙයක් :)
      සාමාන්‍යයෙන් මෙ පළාතෙ වල්අලි නැති නිසා අලියෙක් ගමකට වදිනව කියන්නෙ හෙනම සීන්නෙකක්.

      හරියට ඇ ග්‍රීස්යක්කු සීසන් එකේදි වගේ.

      Delete
  6. චාමියෝ - උඹේ ක්‍රියේටිවිටි දන්න නිසා මේක ඇත්තම කතාවක්ද කියල ෂුවර් නැතිව ආයෙත් කියෙව්වා. උඹ ඔය කියන්නේ අලි පචයක් හෙම නෙවේ නේද?

    මේ ඇත්තටම තාමත් ලංකාවේ අලි ඉතුරු වෙලා ඉන්නවද? පහුගිය ටිකේ වතුරට ගහගෙන ගිය කකුල් හතරේ අලියි, ආණ්ඩුවට පැන්න කකුල් දෙකේ අලි ටිකයි ඇරෙන්න තව අලි හිටියද කියලත් සැකයි.

    කොහොම හරි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න - තුන්පත් රෑනේ අලි එකයි. (සෙනෙර එකයි සහ පැටව් එකයි )

    සැ.‍යු. මුන් හෝමෝ සෙක්ෂුවල් අලිනම් (අර කකුල් දෙකේ මහ අලියා වගේ) මේ ගණන වෙනස් විය හැක.

    ReplyDelete
    Replies
    1. 1. කතාව ඇත්ත එකක්
      2. එතකොට ඔය එක අලියද අර වත්තෙයි කුඹුරෙයි වැවෙයි එකවෙලාවෙම හිටියෙ? උත්තරේ වැරදියි.

      Delete
    2. නෑ නෑ බන්. අලි එකයි කිව්වේ මහ අලි එකයි, සෙනෙර එකයි, පැටව් එකයි...එතකොට තුනයි නේ. දැන් අහපන් සෙනෙර කියන්නෙ මොකාද කියල.

      Delete
    3. උත්තරේ තේරුණා. හැබැයි මම අහල තියන්නෙ ප්‍රස්නෙ නිවැරදිම විදිහට නෙමෙයි. එතනයි අවුල.
      ඔන්න ප්‍රස්නෙ හැදුවා.

      (ගමට ආපු) තුන්පත් රෑනේ අලි කී දෙනෙක් ඉන්නවාද? :)

      Delete
    4. අන්න එහම වරෙන්..ඔන්න අපි කියන්න ඕන නෑ..ගනේෂ්, රාජ් උත්තර දීලා. ඇත්තටම උඹ ගාව සැනසිලි තෑගි එහෙම නැත්ද?

      Delete
  7. අලි හින්දා හරි කරදරයි වගේ......;)

    තුන්පත් රෑනෙ ඉන්නෙ කෙනෙරයි වාර දෙකක පැටවි දෙන්නයි. ඒ අනුව තුන්පත් රෑනක සිටිය හැකි අලි ගණන උපරිම 2යි. අවමය 0යි.
    (හරිනම් තොප්පිය උඹම දාගනින්)...... :)

    ReplyDelete
    Replies
    1. හුටා එතකොට හරි නම් කෙනෙර ද? මම හිතුවෙ සෙනෙර කියල. සොරි හොදේ...චාටර්ද මන්ද...

      Delete
  8. ඔහෙලට තිබුනේ ගමට වල් අලි ආපුවහම ත්‍රී ක්වාර්ටර් එකක් ඇඳන් සන්ග්ලාස් කුට්ටමක් දාල ඒකට උඩින් සන් හැට් එකකුත් දාගෙන ( මහ රෑ උනාට එච්චර අවුලක් නැහැ ) කැමරාවක් මානල පොටෝ කැලි ටිකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්, අපේ මාරය අයිය නම් එහෙමයි. ප්ලේන් එකක් ගෙදර වහල උඩට කඩා වැටුනත් ගිහින් පොටෝ අමුනල බ්ලොග් එකේ දානව. අන්න නියම බ්ලොග්කරුවෝ!

      Delete
  9. තුංපත් රෑනේ හරියටම අලි 3ක් ඉන්නවා..
    සජිත්,රනිල්,සහ මම

    ReplyDelete
    Replies
    1. තුංපත් රෑනෙ නරි? :)

      Delete
    2. සොරි ඈ... නරි නෙමේ තරි !
      මෙච්චරකල් මං තමුන්නැහෙගෙ නම කියෙව්වෙ 'නරියා අබේ' කියල...
      හැබැයි ඒකත් නරකම නෑ.. :)

      Delete
  10. අට හමාරයි
    මම හරි නේද.

    ReplyDelete
  11. අනේ චාමියෝ......අලි තොප්පිය ඔයාම තියා ගන්න. අපිට එපා.

    දැන් දාන් ඉන්න තොප්පි හොඳටෝම ඇති....රජ තොප්පි

    ReplyDelete
    Replies
    1. අපි ඒ දවස්වලම කිව්වා...

      Delete
  12. ආපු අලියෙක් මේකගෙ ඔළුවට පත බාලද කොහෙද?
    මඤ්ඤං ප්‍රශ්ණ හාන්නෙ?

    ReplyDelete
    Replies
    1. මඤ්ඤං ප්‍රශ්ණ...?

      ඒ වෙලාවෙ මෙහෙ හිටියනං ඔහොම කියන්නෑ. රතිඥ්ඤා දානවා... බල්ලො බුරනවා...කෑ ගහනවා... බයික් වලින් රූං ගාල එහෙට මෙහෙට යනවා අලි කොහෙද දැනගන්ඩ. අල්ලපු ගෙදරට කෝල් කරල අහනවා අලි කොහෙද කියල... අල්ලපු ගෙදර කෙනා එයාගෙ අල්ලපු ගෙදරින් හානවා...
      කොටින්ම අද රෑ තිබ්බ බර්ත්ඩේ පාටියකුත් කැන්සල් අලි තර්ජන නිසා. :)

      Delete
    2. // කොටින්ම අද රෑ තිබ්බ බර්ත්ඩේ පාටියකුත් කැන්සල් අලි තර්ජන නිසා. //

      ඒකනම් ටිකක් සැලකිය යුතු ප්‍රශ්නයක්. :)

      ඕක හරියට මේ පැත්තෙ සුනාමි එනව කියල රාවයක් ගියාම වෙන සිස්ටම් එක වගේ. බලන්ඩෙපෑය ඒ වෙලාවට. ගෙවල්වල නිවී හැනහිල්ලෙ ඉන්න මිනිස්සු නිකන් කුලප්පු වෙනව ඔය හෝන් ගැහිල්ලටයි, අනවශ්‍ය කෑ ගැහිල්ලටයි.

      Delete
    3. ඔතන වෙන්නෙ මේකයි. අලි ඉව හොඳටම දැනෙන්නෙ බල්ලන්ට කියනවනෙ. මිනිස්සු කලබල වෙලා එහෙ මෙහෙ දුවනකොට බල්ලො කලබල වෙලා බුරනවා. බල්ලො බුරනකොට අලි ඇවිත් කියල මිනිස්සු තවත් විකාර කරනවා....

      Delete
  13. නිකන් ගොන් පාට් දාන්න එපා ඕයි... අලිත් මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනේ. තමුන්ලා උන්ගේ කැලේ අල්ල ගත්තට උන් සිය දිවි හානිකර ගන්නද? අර තමුසෙව ඉස් මුදුනින් අදහන ,පිටකෝට්ටේ, යාළුවගෙ ගෙදරින් වත් නවාතැන් ඉල්ලගෙන අලින්ගෙ නිජ බූමි පලකො දෙන්වත්...

    ReplyDelete
  14. කැප්තොප්පියට, බත් මුලට කඩේ ගිහින් උඹලෑ ප්‍රශ්නවලට උත්තර හොයලා දුන්නු කාලේ ගියා.

    ඔබේ ප්‍රශ්නය උඹම තියා ගනිං!

    අපට වෙන ප්‍රශ්න පත්තර තිබේ.

    ReplyDelete
    Replies
    1. ඒවට උත්තර දුන්නාම මීට වඩා වටින තොප්පි හම්බෙනව ඇති

      Delete
    2. කතන්දර කාරයාගේ තොප්පිය දෙනවලු (දාල දෙන්න)

      Delete
  15. තුන්පත් රෑනෙ -3
    මයියොක්කා ගස් ගලවාගෙන ගිය අලි-2
    වැවට කිලෝමීටරයක් දකුණට වෙල්යායක අලි-2
    ඒ පැත්තෙත් අලියෙක් හමාරක් ඉන්නවා- 1 1/2
    ඔක්කොම අලි = 8 1/2 //

    කැප්එක නොදුන්නොත් බලාගමු හරිය! මම කොයි කාලෙ ඉඳලද අලියගහපු කැප්එකක් හෙව්වෙ. අපි පොඩිකාලෙ නං තිබුන. දැං පොඩි එකෙකුට ආසාවට පෙන්නන්න කැප් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. //මම කොයි කාලෙ ඉඳලද අලියගහපු කැප්එකක් හෙව්වෙ.

      මම හිතන්නෙ රෝස පාට අලියෙක් ඉන්න කැප් නං තියෙනවා ;-)

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්..... එහෙනං මට රෝසපාට එකක් මාතරින් ගත්තෑකි. සා-ගල මහත්තයගෙන්.

      Delete
    3. මදි උනොත් කියන්ඩ. මෙහෙ අකිල මහත්තයගෙනුත් අහල බැලුවෑකි.

      Delete
  16. අලි එකෙක් වත් ඇවිත් නැත. කට්ටිය අලි එනතෙක් බලා සිටි බව පෙනේ. මුරකාරයා කලබල කලේ චාර්මිගේ ඇමතුමටය. අලියෙක් දැක්ක එකෙක්වත් කතාවේ නැත.

    වඩා විශ්වාසවන්තව කියනවානම් ඔබ ප්‍රදේශයට අලි පැමිණිය යුත්තේ අපේ ගම හරහාය. කට්ටිය අලි ඩොං ලෑස්ති කර සිටියත් තවම අලි ආවේ නැත. ආවානම් රතිඤ්ඤා, බල්ලො බිරීම්, පණිවිඩ වැහි වැහැලාය. එමනිසා ඉන්තේරුවෙන්ම අලි ඇවිත් නැත.
    අලි මෝස්තර කැප් අවුට් ඔෆ් ෆැෂන්ය.

    ReplyDelete
    Replies
    1. අලි දැක්ක එකෙක්වත් නැති බව හැබෑය. ඒත් ඉන්තේරුවෙන්ම ඊයේ අලි ආවෝය. ඒක අපේ ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. ඒක බොරු කොරන්ඩ කලිකාලට බැරිය.

      Delete
  17. පොඩ්ඩක් සීරියස් කතා කරන්නේ නම් 'වන මිනිසුන්' (wild people - එනම් වැද්දන්) සේම 'වන අලි' (wild elephants) පවත්වා ගැනීමද දවසින් දවස අප්‍රායෝගික වන බව පෙනේ.

    කැලෑ කොළවල ඇත්තේ කාබොහයිඩ්‍රේට් අල්ප වශයෙනි. තමන්ට අවශ්‍ය පෝෂණය පිණිස අලියකු කැලෑ කොළ ටොන් ගණන් කෑ යුතුය. කාබොහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි බත්, කෙසෙල් (කැලේට වඩා ඉතා පහසුවෙන් කෙසෙල් වත්තකදී සොයා ගත හැකිය.) හා මිනිසාගේ අනෙකුත් වගාවන් මුන්ට ඊට වඩා ඉතාම ආකර්ෂණීයයි. එසේම අලින්ට වතුර හා ලුණුද අවශ්‍යය. කැලේට වඩා මිනිස් වාසස්ථාන වල මේවා සොයා ගැනීම පහසුය.

    ඉතින් අප කැමැති වුණත් නැතත් තව දුරටත් අලි කැලේ නොරඳති. උන්ට එහෙම ඉන්ට කියා බල කළද නොහැක. හැකි හැම අවස්ථාවකදීම උන් ගම් වැදෙනු ඇත.

    මේ නිසා අප ඔය 'වන අලි' කියන රෝමෑන්තික සංකල්ප වලින් මිදී එක්කෝ අලින්ට කෑම වතුර ලුණු ආදිය උන් ඉන්නා තැන් වලට ගෙන ගොස් භාර දිය යුතුය. නැත්නම් මේ සියළු අලි හීලෑ කොට සත්වෝද්‍යානවල හෝ පන්සල් ආදී තැන් වල රඳවා ගත යුතුය. එසේ නැතිව විකල්ප නැත.

    ReplyDelete
    Replies
    1. // ලි හීලෑ කොට සත්වෝද්‍යානවල හෝ පන්සල් ආදී තැන් වල රඳවා ගත යුතුය. //

      අපෝ ඇනෝ, කෂ්ටිය අකමැතිවෙයි. ඕක ඇහුනනම් සමහරුන්ගෙ කට දෙපැත්තෙන් කෙළ බේරෙන හැටි බලන්න තිබුණ. දැක්කනේ පහුගිය කාලෙ වෙච්චි දේවල්.

      Delete
    2. ඒ කියන්නෙ අලින්ටත් වෙලා තියෙන්නෙ මග හිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී ජාතියෙ වැඩක්........

      Delete
  18. ආවෙ අලියෙක් නෙමෙයි නයෙක් ;)

    ReplyDelete
    Replies
    1. නයින්ට අපි රතිඥඤා දානවද බං? හෙන අලි තුන්දෙනෙක් :)

      Delete
  19. /එම පොල්වත්තේ මුරකරුට දුරකථන ඇමතුමක් දුන් විට
    “කොහෙද....? අලි...??... කීයටද..”
    කියමින් ඌ මොනවාදෝ පෙරලාගත් හඬක් ඇසුනු අතර දුරකථනය විසන්ධි විය. (වතු අයිතිකාරයා දන්නවානම් මූ හෙටම ගෙදරය. වත්තට අලි ආපු එක නොදන්නා එකා හොරු කොහොම අල්ලන්නද?) තවත් මිනිත්තු දෙකකින් මුර මඩුව අසල දැවැන්ත ගිනි ගොඩවල් තුනක් දැල්විණි. පහුගිය දවස් දෙකේ විතර වත්තේ වැඩකරන ගෑණුන් ලවා මොකද්දෝ වැඩකට එකතුකරවන ලද පොල් අතු ගොඩවල් ටිකට මූ ගිණිතබා ඇති හැඩය./

    මේ මුරකරුට ලංකාවේ මැතිවරණ කොමසාරිස් හෝ විභාග කොමසාරිස් කෙනකු වීමට අවශ්‍ය සියළුම සුදුසුකම් තිබේ.

    ReplyDelete
    Replies
    1. හැබෑව, හැබෑව. ඔය පොල්වත්තෙ අයිතිකාරයටත් ලංකාවෙ රාජ්‍ය නායක තනතුරට අවශ්‍ය සියළු සුදුසුකම් තිබෙන බව එයින් ගම්‍යය නොවන්නේ ද?

      Delete
    2. හැබෑව නේන්නං.

      Delete
    3. ඌට කියන්ඩෝනෙ

      Delete
  20. අලි දහයක් ආවා!

    නෑ කියලද කියන්නෙ?

    සමාන්තර විශ්වයේදි!

    ReplyDelete
    Replies
    1. සමාන්තර විශ්වයෙ නං මරු. දළ තියෙන උන් පස්දෙනයි... උංගෙත් ගජමුතු තියෙන උන් තුන්දෙනයි.....

      Delete
  21. ඕක අලියෙක්ගෙන්ම තමා අහන්න ඕනෙ... සාමාන්‍යයෙන් අලි ආසයි, අලියා ලකුණ තියන කැප් දාන්න. ඒ නිසා කියයි. හැබැයි ඉතිං අලි 25 ආවා කියලා ඌ කිව්වොත් නැහැ බොරුයි කියන්නද? ඌ කියන ගාන පිලිඅරගෙන කැප් එක අලියටම දාගන්න දීලා පාඩුවේ ඉන්න එක තමා හොඳම...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් අලි ආසයි - බයයි :)

      Delete
  22. අලි ආවේ අපේ ගමට නොවේය. අල්ලපු ගමටද නොවේය. හැතැම්ම බර ගානක් ඈත පලාතකටය. අපි ඒ ගමේ උන්ව දන්නෙත් නැතිය, උන්ගේ ගෙයක් දෙකක් හෝ ගමේ එකෙක්ගේ අතක් පයක් කැඩුනත් අපිට වෙන අලකලංචියක් නැතිය.

    අපේ ගමට (තවම) අලි ආවේ නැති නිසාත්, රෑට කරන්ට් කපන්නේ නැති නිසාත් SLPL, අටපට්ටම හෝ මෙගාටෙලියක් බලාගෙන දෙනදෙයක් කාගෙන සතුටින් සිටිමු.

    ~ Contemporary Sri Lankan Thought

    ReplyDelete
    Replies
    1. අපි ඈත ගමේ උන් වෙමු. අනේ දෙයියන් බුදුන් ඉන්නවනං බොලෑ ගමටත් අලි සීයක් විතර ගිහින් ගම තම්බස්කොරලම දාපිනං....
      (මේ් ඒකෙ අනික් එක)

      Delete
  23. දෙකහමාරයි.. මොකෝ පොඩි අයට භාගේ ටිකට්..

    ReplyDelete
    Replies
    1. අලින්ගෙ බාග අලි නෑ. බොරුනං ජයවික්‍රම පෙරේරගෙන් අහපං

      Delete
  24. දැන් මොකද තත්වේ..?

    ReplyDelete
    Replies
    1. අද තමා මචෝ හොඳම හරිය. අර වත්තෙ එකා අද උදෙන්ම ගිහින් රතිඥ්ඤා පෙට්ටි දෙක තුනක් ගෙනත්. අද අලි නෑ. ආරංචි විදිහට උන් දැදුරු ඔය දෑලේ තවත් පහලට ගිහින්.

      අරූ මචං හරකෙක් තප්පුලෑවත් රතිිඥ්ඤා දෙකතුනක් දානවා. ගමේ උං හොඳටම බයවෙලා වත්තෙ අලි ඉන්නවා කියල. එක විකාරයයි. :)

      Delete
    2. ඔන්න දැන් තමා ගොය්යෝ වෙලාව.කහවත්තේ වගේ උඹලයි ගමෙත් හදපන් ෆොබියා ඩ්‍රාමාවක්.අර පුනුරුප්පති කේස් එකටත් වඩා ගොඩයන්න පුළුවන් වැඩක්.කවුරුත් නුදුටු අලි බිය!

      Delete
    3. අර ග්‍රීස් යකා වගේ. ඇත්තට ඒකත් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ලදී.

      Delete
  25. උත්තර දන්නේ නැහැ අනේ....අලි නම් ෂෝයි :)

    ReplyDelete
    Replies
    1. අලියෙක් එවන්නං ෂෝයිද බලන්ඩ :)

      Delete
  26. ඔය පැත්තෙන් එන අලි සමහර අවුරුදුවල අපේ ගම් මැදිනුත් ගිහින් තියෙනවා... ( කුලියපිටියෙ ) ඒක නම් හරිම භයානක අත්දැකීමක්..

    ReplyDelete
    Replies
    1. ෂහ්... අපේ අකිලගෙ ඒරියල්ලෙකේ.... :)

      Delete
  27. චාමි , මේක නම් හරියටම තේරුනේ නැත ...තේරුනාද දන්නේ නැත ...අලි දිවුලක් වගේ බඩේ යන්තම් ගෑවී පිටවිය ....හරය උරා ගෙනදැයි බැලීමට දිවුල පැලිය යුතුය ...හැබැයි මේ කතාවෙන් පස්සේ අපිත් ලිව්වා අලි කතා

    ReplyDelete
  28. අම්මප තේරුන් නෑ බං..!

    ReplyDelete