Thursday, August 2, 2012

‘රාවණා’ - සුපිරි සතුරෙක් වෙනුවට සුපිරි වීරයෙක්....


මා ‘රාවණා’ යනුවෙන් යමෙක් සිටියා යයි විශ්වාස නොකරමි. එහෙත් රාවණාට අතිශය කැමැත්තෙමි. ‘මී ජයා’ කරන වැඩේට කැමැත්තෙමි. වෙනත් අර්ථයකින් ඒ තරමටම අකමැත්තෙමි.

------------------------------------

මා දන්නා එක්තරා පවුලක් සිටී. එකල එහි බොහෝ අඬදබර විය. අඬදබර වලට හේතුව සොයන්නට ගෙහිමියාගේ බිරිඳ පේන කියන්නෙක් වෙත ගියාය. පේනය හරියටම කිව්වේය. හූනියමකි. එම පවුල ක්‍රමයෙන් සාර්ථකවීම උහුලාගන්නට බැරිව කරන ලද්දකි. එය කර ඇත්තේ නිවසට බටහිර පැත්තට වන්නට පදිංචි අයෙකි. තවත් රූප ලක්ෂණද කියා ඇත. ඇය තත්පර කීපයක් තුල හූනියම්කාරයා හඳුනාගත්තාය.

ඊළඟ දිනයේ සිට පවුලේ අඬදබර සියල්ල නැවතිනි. අනතුරුව ගෙවුනු වසර දෙකක පමණ කාලය පවුලේ සියල්ලෝ එකාවන්ව හූනියම කැප්පවීය. වරක් දෙකක් නිවස ආරක්ෂා කරවූහ. අර හූනියම් කාරයා සමග පොඩි පොඩි වලිද දාගත්හ. හූනියම කැපී ආපසු හූනියම්කාරයා වෙත ගොස් ඇද්දැයි සලකුණු පරීක්ෂා කලහ. එම වකවානුව තුල එම පවුල තුල වෙනත් කිසිදාක නොවූ සමගියක් මම දුටුවෙමි.

වසර දෙකකින් පමණ හූනියම්කාරයා පදිංචිව සිටි ඉඩමද විකුණා දමා යන්නට ගියේය. හූනියම ආපිට පලදී නොවේ. නගරාසන්නයේ වඩා පහසුකම් ඇති කුඩා ඉඩමක් මිලදී ගැනීම නිසාය. සති කිහිපයක් තුල පැරණි ආරවුල් නැවත මතුවිය. ඒවා පෙර කවරදාටවත් වඩා දරුණුවී තිබුණි. මෑතකදී එම පවුලේ එක්තරා පුද්ගලයෙක් කෘමිනාශක පානය කොට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලැබීය.

------------------------------

පැවති යුද්ධය සමයේ උග්‍ර රාජපක්ෂවාදීන් වූ මගේ මිතුරන් බොහෝ දෙනෙකු අද වන විට අංශක එකසිය විසි තිස් ගණන්වලින් ආපසු හැරෙමින් පවතී. යූ.ඇන්.පී ය දිශාවට හෝ ජ.වි.පෙ දිශාවට නොවේ. කිසිවෙකුත් නැති අරාජික පෙදෙසකටය. මුහුණු පොතේ ගතහොත්.....  ..?.. ඔව් ඔව්... ඔයයි... අරයයි.. අරයයි... තව.... :)

හේතුව හූනියම්කාරයා පදිංචිය හැරයාම බව සිතමි.

එකල ලංකාවාසී අපට සුපිරි සතුරෙකු සිටියේය. වචනයේ සැම අර්ථයකින්ම සතුරෙකි. කිසිදු අනුකම්පාවක් නැති, තොග ගණනේ අහිංසකයින් මරාදාන, කිරි සප්පයින්ව පොලොවෙ ගහන, කඨෝර උඩු රැවුලක් සහ මරුමුස් මූණක්..... ඒ වගේම ඇත්තටම බලසම්පන්න. (එහෙම හතුරෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕනෙ)

ඇත්තටම ඒ දවස්වල එහෙමටම කියා වෙනත් ප්‍රශ්න තිබුණේ නැත. එබැවින් හැමෝම එකතුවී හූනියම කපා හූනියම්කාරයා එලවා කිරිබත් කා වැඩේ ක්ලෝස් කලෙමු. බාහිර ප්‍රශ්නය අහවර විය. දැන් ගෙදර ප්‍රශ්න පෙනේ. අන්තිමේ බලද්දි ගෙදර ලොක්කා අරූටත් හපන්.

රට පුරා කුඩු කාරයින් පාතාලයින් ආන්ඩුවේ ලයිෂන් පිටම වැඩ අරඹා ඇත. රටේ සියළු සම්පත් ඉතා සුළු පිරිසක් අත ශීඝ්‍රයෙන් සංකේන්ද්‍රණය වෙමින් පවතී. රට දිනෙන් දිනම දැවැන්ත ණය උගුලකට ඇදගෙන යනු ලබයි. ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු ඕනෑම මොහොතක අතුරුදන්වීමේ අවදානමක් ඇත. ඕනෑම අයෙකුගේ අවසන් විශ්වාසය වී තිබූ නීතියේ ආධිපත්‍යය මහ දවල් කුඩුපට්ටම් කොට ඇත. මේ සියල්ල නොසලකන්නෙකුට වුවද දිනෙන් දින උග්‍රවන අධික ජීවන බර මනාව දැනෙමින් පවතී. වඩාත් භයානක දෙය නම් ඉඟුරු දීලා ගන්නට වන්නේ මිරිස් වීමයි.

මේ මෝදුවන්නේ අසහනයයි. අපේක්ෂා භංගත්වයයි. අරාජිකත්වයයි. ඔද්දල් සමාජ දේහය පුපුරා හැලෙන්නට පෙර වහා පිළියමක් අවශ්‍යය. දන්නා පිළියම් ඇත්තේ එකකි.

තවත් සුපිරි සතුරෙක්.......!

විමල් වීරවංශ ඇමති සහෝදරයා, හෙල උරුමය, ගරු කෙහෙලිය ඇමතිතුමා ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා විවිධ අහිංසක උත්සාහයන් දැරූ බව ඔවුනට ගෞරවයක් වශයෙන් කිව යුතුය. වරෙක බැන්-කී-මූණා ගෙනාවේය. තවත් වරෙක පාන්පිටිය. ඉස්ලාම් අන්තවාදය, ආසනික්, ග්‍රීස් යක්කු, ඇමෙරිකාව, ජන අරගල...... (දැං මතකත් නෑ අප්පා ඕවා....කීයක් නං ගෙනාවද? අනික අර කීර්තියා නං මේ ලියන වෙලාවෙත් එකෙක් හදනව ඇති)

මේ සිල්ලර සතුරන් හැරෙන තැපෑලෙන් පරාජය වීම කිව යුත්තක් නොවේ. අපට අවශ්‍ය ප්‍රභාකරන් වැනි දරුණු සතුරෙකි. නෑ.... දැන්නං ඌත් මදි. ප්‍රභාකරන්ටත් වඩා සුපිරි එකෙක්....!

අසුබ පණිවිඩය මුලින් කියමි. එවන් සුපිරි සතුරෙකු නැවත කිසිදා අපට හමු නොවනු ඇත. අපේ කඩාවැටීම ස්ථිරය.

---------------------------------

සුබ පණිවිඩයක්ද තිබේ. සුපිරි සතුරෙකු වටා සංවිධානය වනවා වෙනුවට සුපිරි වීරයෙකු වටා සංවිධානය විය නොහැකිද?

ඒ සඳහා සුදුසුම වීරයා ‘රාවණා’ බව මගේ අදහසයි.

රාවණා නිකම්ම වීරයෙකු නොවේ. සදාකාලික සුපිරි වීරයෙකි. අසල්වැසි ඉන්දියාවටත් පාට් දැමූවෙකු බව ඉන්දියානුවෝම පිලිගනිති. සුද්දෝ හෙලුවැල්ලෙන් ගල්ගුහාවල ගැහි ගැහි ඉද්දී අහසින් ගිය අයෙකි. මේ සියවසේදීත් සිතාගත නොහැකි තරම් තාක්ෂණික දැනුමක් සහ අසහාය බලයක් දැරූවෙකි.

අනෙක ඔහු සදාකාලිකය. දැනට තිබෙන ජනප්‍රවාදවල එනවාට වඩා අතිරේක කිසිදු කරුණක් (මනමේන්ද්‍රගේ බේගල් හැර) ඔහු ගැන කිසිදා හෙළිවන්නේ නැත. එබැවින් එම වීරත්වය කිසිදා පළුදු නොවේ.   තවත් මොනවද?

සතුරෙකු වටා සංවිධානය වන්නේ වෛරයෙනි. වීරයෙකු වටා සංවිධානය වන්නේ භක්තියෙනි. රෞද්‍ර වෛරයට වඩා සෞම්‍ය භක්තිය කොහොමත් වටී.

මා ‘මී ජයාට’ අකමැති මේ සුපිරි වීරයා කුඩුකොට දමන හෙයිනි. මේ නැතිවෙන්නේ අපට ගැලවෙන්නට තිබූ මගකි.

මෙහෙම කිව්වාට මා ‘මී ජයාට’ කැමතිද ඒ හේතුව නිසාමය. මිත්‍යාමතික සතුරන් හෝ මිත්‍යාමතික වීරයන් නොමැති වූ විට අපේ විමුක්තිය අපටම සොයාගන්නට සිදුවනු ඇත. ඒ සඳහා ගෙවන්නට වන වන්දිය දැවැන්ත එකක් වන්නටද පුළුවන. එහෙත් මේ මගුල කුඩුපට්ටම් වී සෑදෙන ඕන මගුලක් මේකට වඩා නම් හොඳ වනු ඇතැයි සිතේ.

57 comments:

  1. What you are trying convince is damn true...

    ReplyDelete
  2. කාලෝ ෆොන්සේකාගේ අභියෝග මේ වන විටත් මහින්ද රාජපක්ෂයන් ඔප්පු කර හමාරයි.

    http://vargapurnikava.blogspot.com/2012/08/blog-post.html

    Lolz

    ReplyDelete
  3. ඔබ 100% හරි. ප්‍රභාකරන්ගේ මරණයෙන් ඇති වූ රික්තකය අපට තව බොහෝ කාලයක් ජාතියක් හැටියට මානසිකව වද දේවි. නලින් ද සිල්වලාට, පෙරමුණේ රාළලාට, මිගාරලාට ළඟදි විශ්‍රාම ගන්න බැරි හැඩයි.

    ReplyDelete
    Replies
    1. මිගාර අවජාතිකවාදීන්ට කොතරම් වදයක් වූවාද යන්න මේ කොමෙන්ට් වලින්ම පෙනේ. නික්ම ගොස් බොහෝ කලක් ගිය තැනත් තවමත් ඔහු ගැන කතා වෙන්නේ ඒ නිසා

      Delete
    2. ෆ්‍රෙඩී සිල්වා ගැනත් මිනිස්සු කතාවෙන්නෙ

      Delete
    3. ආ ඔව්! ටැබූ ගැනත් කතා වෙනවනෙ?

      Delete
    4. ෆ්‍රෙඩි සිල්වා ගැන කථා කරනකොට ඉතින් ශ්‍රේෂ්ට ගේය පද රචක, චතුර නිවේදක නැසීගිය ප්‍රේමකීර්ති ද අල්විස් ගැනත් කථාකරන්න වෙනවනේ. මොකද ප්‍රේමකීර්තිද අල්විස් නොවෙන්න ෆ්‍රේඩි සිල්වා කියන්නේ නිකන්ම නිකන් විහිළු කාරයෙක් විතරයි.

      සිංහල බ්ලොග් කිව්වොත් ටැබූ කියන්නේ එක් පරිච්ඡේදයක්. අද අපි මේ බ්ලොග් අවකාශයේ දකින කඩා වැටීමට එක හේතූවක් ටැබූගේ නික්මයාම බව බොහෝ දෙනෙක් පිළි ගන්නවා [අදටත් "ටැබූ" ටයිටල් එකට දැම්මම පෝස්ට් හිට් වෙන්නේ ඒ නිසානේ].

      ටැබූ හිටපු කාලේ ටැබූට මඩ ගහලා පොරවල් වෙන්න දඟලපු සමහරු, තමනුත් ටැබූ වගේය, තමන්ටත් ටැබූ වගේම පිළිගැනීමක් තිබේය කියලා හිතන් ඉන්නවනම් ඒක මහම මහ මෝඩ කමක්.

      මිගාර මහත්තයෝ.... මටනම් කියන්න තියෙන්නේ,
      "කති වෙණ මීයන
      සුසු යැයි අත ගැසූ සැකයෙන" කියලා තමයි.

      Delete
  4. සියල්ලටම එකඟයි. 100%කටත් වැඩිය ඩිංගක් එකඟයි. උඹ, කියන්න ඕන තැනට, සිද්ධීන් ටික ගලපගෙන එන්නෙ හරියට පොඩි පොඩි ගනන් හදල අමාරු ගනන් හදන්න යනව වගේ.

    //මා ‘මී ජයාට’ අකමැති මේ සුපිරි වීරයා කුඩුකොට දමන හෙයිනි. මේ නැතිවෙන්නේ අපට ගැලවෙන්නට තිබූ මගකි.
    මෙහෙම කිව්වාට මා ‘මී ජයාට’ කැමතිද ඒ හේතුව නිසාමය. මිත්‍යාමතික සතුරන් හෝ මිත්‍යාමතික වීරයන් නොමැති වූ විට අපේ විමුක්තිය අපටම සොයාගන්නට සිදුවනු ඇත.//

    විසංවාදයෙන් එකඟතාවයට!

    ReplyDelete
  5. කිරිබත් කෑවා මිස තුවක්කු ටික විසි කරලා දැම්මේ නෑනේ.

    යකෙක්ව හොයා ගන්න වෙනවා. රාමටවත් දෙමුද වැඩේ?

    ReplyDelete
    Replies
    1. රාමා හරියන්නෑ. එයාගෙන් අපේ රටට ජාතියට ආගමට කිසි තර්ජනයක් නෑනෙ... නිකං පතෝල වගේ.
      ඔන්න යකා නං යකා ග්‍රීස්යකා. ප්‍රභාකරන්ගෙ අවුරුදු 30ක භීෂණයට වඩා එකක් ඌ සති දෙකකට ඇතිකලා.

      Delete
  6. ප්‍රභා හිටපු කාලේ හොඳයි වගේ බලන් යනකොට..
    දැන් තමා තේරෙන්නේ අපිට මෙහෙම සලකන ආණ්ඩු එහෙ මිනිස්සුන්ට කොහොම සලකන්න ඇද්ද?

    ReplyDelete
  7. රාවණා සංකල්පයට නම් ඉහලම තැන්වල මනාපයක් නැතුව ඇති.

    ReplyDelete
  8. වටිනා අදහස් පෙළගැස්සවීමකි. මාගේ මේ ව්‍යායාමය අන් කිසිවක් නොව රාවණා රජතුමාව ජීවමාන කිරීමමැයි.

    නමුත් චාමි මාව වරදවා වටහාගෙන ඇති සෙයක්ද පෙනී යයි.
    [[මා ‘මී ජයාට’ අකමැති මේ සුපිරි වීරයා කුඩුකොට දමන හෙයිනි. මේ නැතිවෙන්නේ අපට ගැලවෙන්නට තිබූ මගකි. ]]
    මා කොතනකදීවත් ඒ සුපිරි වීරයාව කුඩු කර දමා නැහැ. සුපිරි වීරයාට එරෙහි වන ඉන්දියානු බමුණන්, ශිව තාණ්ඩවය හැදූ සංගීතඥයින් ඇතුළු රාවණවිරෝධීන් ව කුඩු කළ බවනම් සැබැවි.

    චාමිගේ ලිපි ගැන තවත් බොහෝ දෑ කීමට ඇති නිසාත්, ඒ ගැන කීමටනම් වර්ගපූර්ණිකාවෙන් මෙතනට ලින්ක් දෑමීමට සිදුවීමෙන් අසෝබන වන නිසාත්, ලිපියකින්ම චාමිගේ පෑළ දොර ගැන මාගේ අදහස් දක්වන්නම්.

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. ගොනා ව‍ගේ පච කෙල කෙල මෝඩකම ප්‍රදර්ශනය නොකර හිටපන්

      Delete
  9. 100% ක් එකගයි, ඊටත් වඩා මේ භාෂා ප්‍රයෝගයට එකගයි....

    ReplyDelete
  10. 2012 දී බලයට පත්වන රාවණ රජතුමා අන් කිසිවකු නොව අප මිහිඳු රජහුද මැයි සැකයක් උපදී . ඔහු 2012 දී යු එන් පීයෙන් බලයට එන බව සැබවි. මන්දයත් ආණ්ඩුවේ වැඩි හරියක්ම යු එන් පී බැවිනි. රනිලුන් දැනටත් "(රාවණ) රජයේ නිල නියෝජිතයා " වේ. රාවණ රජහුට ද ඛර, දුෂණ , විභීෂණ හා කුම්භකර්ණ ලෙස සොයුරන් 4 ක් සිටි අතර අප මිහිඳු රජුන්ටද එසේමැයි. අභ්‍යාවකාශය ජයගත් ඉන්ද්‍රජිත් සේ රෝහිත කුමරුන්ද අජටාකාශ ගාමියෙකු වීමට සැරසේ ..

    ReplyDelete
    Replies
    1. හොද කියවීමක්..හොද නැද්ද නිකං ඉන්න ගමන් වර්ගපූර්ණිකාවට ලිපි ලිව්වොත්.

      Delete
  11. @චාර්මි,

    මේ වැඩිදුර සිටීමෙන් පසු මගේ මතය.

    කවුරුන් හෝ අවංකව විශ්වාස කරනවා නම් මීට වසර 5,000 කට පමණ පෙර මියැදුණු (හෝ අඩු තරමින් ජීවත් වූ) පුද්ගලයකු යම් නිශ්චිත කාලයක්ට පසු දීර්ඝ නිද්‍රාවෙන් අවදිවේය කියල හරි, ජනාකීර්ණ වූ ලංකාවේ එවැනි ශරීරයක් සඟවා තැබිය හැකි, මිනිසා විසින් සොයා ගනු නොලැබූ, ස්ථානයක් තවමත් පවතීය කියලා ඒ පුද්ගලයා යැවිය යුත්තේ මානසික ප්‍රතිකාර වලටයි. මේක සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂය නිවැරදියි, සෝමාවතියෙ දේවතා එළි තියෙනවා වගේ පොඩි (එනම් යම් පිරිසකට පිළිගත හැකි) මිථ්‍යාවක් නොව සීරියස් මිථ්‍යාවක්. අවංකව මා කල්පනා කරන්නේ නැහැ කවුරුත් මේ මිථ්‍යාව විශ්වාස කරනවා කියලා.

    නමුත් ඒ මිථ්‍යාව විශ්වාස කිරීම ඒක විශ්වාස නොකර සිටීමට වඩා කෙනෙකුට පහසුයි. (කාලයක් දියසේන එනවා කියා විශ්වාස කළා වගේ.) එතකොට හෙට දවස තෙක් ජීවත් වෙන්න අරමුණක් තියෙනවා. (නැත්නම් අපට හෙට වෙන තෙක් ජීවත් වෙන්න අරමුණු නෑනෙ.) ඒකට රාවණා එන්න ඕනැමත් නැහැ. ඔය කවුරුත් අවංකව විශ්වාස කරන්නෙ නැහැ රාවණා ඒවි කියලා. ඔය කතා කියන කවුරුන් හෝ තම නිවෙස් වල රාවණා දේවාල හදාගෙන නැහැ. තාමත් සිංහල බෞද්ධ නිවෙස් වල වැඳුම් පිදුම් ලබන්නේ බුදු හාමුදුරුවො, කතරගම දෙවියන් වගේ අය. රාවණා නෙවෙයි.

    මේක අපේ රටටම විශේෂ තත්ත්වයක්ද කියා තව හොයන්න ඕනැ. මොකද මට මතකයි දැනට වසර තුන හතරකඩ උඩදි මේ 2012 ලෝක විනාශය ගැන ලෝකයේ තිබුණු මේනියාව. සමහර විට මේ විශ්වීය මානව ලක්ෂණයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. දේව සංකල්පයේ තිඹිරිගෙය විය යුත්තේ බිය සහ අසරණකම. පුද්ගලයින් විදිහට ගත්තාම පහසුවෙන් කැඩී බිඳී යන ශරීරයක වෙසෙන අපි කවුරුත් අසරණයි. රටක් හැටියට ගත්තාමත්. ලෝකය විදිහට ගත්තාම අපට 'නොතේරෙන' අනන්ත විශ්වයක කැරකෙන පුංචි පස් ගුලියක ඉන්න දිලීර ගොන්නක් වගේ දුර්වල සහ අනාරක්ෂිත පිරිසක් මිනිස් වර්ගයා කියන්නෙ.(විශේෂයෙන් අපි නොදන්නා සහ නොවැටහෙන තැනක ජීවත්වෙන)

      ඉතින් අපි කැමතියි අපට නොවැටහෙන දෙය(විශ්වය) වටහාගත් අයෙක්වත් පිළිසරණට ඉන්නවා යයි සිතන්න. ඒ තමයි දෙවියන්.

      නමුත් බෞද්ධයින් විදිහට දෙවියන් 'ඇදහීම' වරදකාරිත්වයක් ජනිත කරන්නේ නම් 'රාවණා' හොඳ ඔප්ෂන් එකක් නේද?

      [ඔය මගෙ සුට්ටං මොලේට කම්පනා වෙන විදිහ. 'රැඩිකල් අදහස්' මොනවහරි කියනවද මේ ගැන?}

      Delete
    2. නිරය, අපාය, සාතන්,... ප්‍රභාකරන් --> නිවන, දිව්‍ය ලෝකය, ස්වර්ගය,,..., මහින්ද

      රාවණා ඉදිරිපත් කිරීම සමතුලිතතාවය නැති කිරීමක්.

      Delete
  12. me lipiye agaya bala coment damimen aduwanabawa karunawen salakanna

    ReplyDelete
  13. me lipiye agaya bala coment damimen aduwanabawa karunawen salakanna

    ReplyDelete
  14. මමත් මේ දවස්වල පොදු සතුරෙක් හොයනවා. අපේ ඔපිස් එකේ උන්ටික සෙට් වුනාම කරන වැඩක් මම මෙතන අතාරින්නම්. මේකට කියන්නේ Crashing 'අදාල පුද්ගලයා කියලා' පුද්ගලයා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැබැයි ඒකා හැමෝගෙම පොදු සතුරෙක්. ඔය වීරයා සංකල්පය නම් හොඳයි මචං හැබැයි ඔය සර්වආගමික හරි ජාතියක් ජන්මයක් නැති එවුන් ඉන්නකම් ඒකත් හරියන්නේ නෑ. අපි වගේ නියම ශුද්ධ සමාජයක් අපේක්ෂා කරගෙන ඉන්න වෙනවා. :P

    ReplyDelete
    Replies
    1. උබ නම් සර්වආගමික මෝඩයනෙ බං

      Delete
    2. uba eka agamika moodayak ban

      Delete
  15. අනේ මන්ද....ඔය කොයි කවුරුත් හැමදාම අතීතේ හාර හාර ඉන්නවා විතරයි....

    ReplyDelete
  16. මහින්ද රාජපක්ෂ කියන්නෙ අපිට ඉන්න හොඳම නියෝජනය කියලයි මට හිතෙන්නෙ....
    අපි හැමෝම ලොකෙට රටට යමක් කරනවාට වඩා තමුන්ට තමුන්ගෙ පවුලට නෑයින්ට යාලුවන්ට හොඳක් වෙන දෙයක් කරන්න ආසයි...

    මොන බාදාව තිබුනත් අපේ වැඩේ විතරක් කෙරෙනවාට ආසයි....
    මේ වගේ ලාංකිකයන් බහුතරයකට ඇති කුහකත්වය සහ අනෙකුත් ගෝත්‍රික ලක්ෂනවල නියම නියෝජනයක් තමයි මහින්ද කියන්නෙ...

    මහින්ද කිසිවිටෙකත් සුද්දෙක් නෙමෙයි..ඔහු උපතින් වගේම සිතන විදියෙනුත් ලාංකිකයි...

    අනික් දෙන්නම ඒ කිව්වෙ රනිල් සහ පොනී දෙන්නම යම් යම් විදේශීය ගතිගුණ වලින් හෙබි අය..නමුත් මහින්ද කෙලින්ම අපේ තිෙයන කැත යථාර්ථය නිරෑපනය කරනවා....

    හෙට තියෙන චන්දෙදිත් මිනිස්සු...පාර ඉස්සිලා මග නැගෙනවනම්....බිල්ඩින් හැදිල ගම නැගෙනවනම්,,.ගේ ඉස්සරහට ලයිට් එකක් දමාගැන්ම,..දරුවාට ජොබක් ගැන්ම.... පෝර ටික අඩුවට ගන්නට ඇහැකි වීම වගේ කාරණා තමන්ට වාසි වෙනවනම් ආන්ඩුව දිනයි....

    මා නම් මේ ආන්ඩුව දිනනවාට ආසයි...මේ මිනිස්සුන් හිතන යථාර්ථවාදී පුරුෂයා තමයි දැන් ඉන්නෙ.....

    ReplyDelete
    Replies
    1. උඹට එකඟයි.. මහින්ද රාජපක්ශ කියන්නෙ ලංකාවට සුදුසුම නායකයෙක්.. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ.. එතනදි බහුතරය තමයි වැදගත්.. ඒ බහුතරය සාපේක්ශව මධ්‍යස්ථ බුද්දිමත් පිරිසක්.ඉතින් ඊට වඩා දැනුමෙන් වැඩි වෙන දේ මොකද්ද කියල තේරෙන පිරිසක් ඉන්න එක වැරද්දක් නෙවෙයි. ඒත් ඒක බහුතරය නෙවේ.. තව දෙයක් කිව්වොත් හොදයි අවුරුදු 18ක් තිස්සෙ රට පාලනය කරන්නෙ එකම පක්ශයක් ඉතින් එපා වෙන එක අහන්නත් දෙයක්ද... මේ වෙන දේවල් දිහා බැලුවම නිකමට හිතෙනව ලංකාවෙ remort එක වෙන කොහෙ හරි තියනවද කියලත්..

      Delete
    2. සජිත් උන්නැහේ බිම්මට්ටමට යන්න දඟලන්නෙත් ඕක දන්න හින්ද තමයි.

      Delete
  17. චාමි
    මේක නම් මරු. කතාවට එකඟයි .
    මිනිසුන්ගේ හිත් වල ඒ රික්තකය පිරවෙන්න , ටිකක් කල් යයි.
    දැන් කට්ටියට දෙකක් දා ගත්තම විසදන්න ප්‍රශ්නයකුත් නෑ.
    කාලයක් තිබ්බනේ පත්තර වල හෙඩිම ටයිප් සෙට් , සෙට් කරලම තිබ්බ..."කොටි xx හමුදාවේ YY " නොම්බරේ විතරයි මාරු වෙන්නේ ....ඊට පස්සේ කාලයක් ආවේ "තව කිලෝ මීටර් ..xxx ".
    කොහොමෙන් කොහොම හරි ඒ සාපය ඉවර උනා. කකුලේ වණය හොඳ උනාම , අනික් සීරීම් වල සංවේදනා දැනෙන්න ගන්නවා කියලයි මට හිතෙන්නේ .
    නමුත් ඔබ අවසානයේ කියන දේ ගැන නම් සැක සිතේ. කුඹි ගුලක් කඩා දැමුවද , උන් නැවතත් හදන්නේ කුඹි ගුලක් මය . අපේ හිත් වල ඉන්න කුඹීයා වෙනස් වෙන තෙක් ......

    ReplyDelete
    Replies
    1. //කුඹි ගුලක් කඩා දැමුවද , උන් නැවතත් හදන්නේ කුඹි ගුලක් මය .// :)

      (JP සෑහෙන කාලෙකින් දැක්කෙ........)

      Delete
    2. කතා නොකලාට , නිරතුරු ඇවිත් ගියෙමි

      Delete
  18. වීරයො කියල ආදරේ වුණ කට්ටිය දැන් වෙස් මාරුකරගෙන ඉන්න විධිය දැක්කම රාවණත් ෂුවර් කරන්ඩ බෑ ;-)

    ReplyDelete
  19. Apuru liyamanak... Aththama aththai kathawe lankawe bahuthara minissunta hariyana anduwak thamai den thiyenne... moko thama thamunge atuwa genama misa anith minihage kusa poththa gena hithana minissu lankawe harima aduine...

    ReplyDelete
  20. වීරය දුෂ්ටය වෙලා දුෂ්ටය වීරය වෙන්නත් බැරි නැහැ කලක් යනකොට..මොනවා උනත් අපි ෆැන්ටසි වලට හරි ආස නෙව.දන්නා බෙහෙත් ටික කාලයක් තිස්සේ අමාරුවෙන් බීල ලෙඩ හොඳ කර ගන්නවට වඩා නොදන්නා බලවේගයක් ලව්වා සුටුස් ගාල ලෙඩේ සනීප කොරගන්න නේ අපි ආස.

    ReplyDelete
  21. කවුදෝ කිව්ව වගේ අපේ අය අතීතෙ හාර හාර ඉන්නව විතරයි අනාගතයක් නෑ. දුකයි.

    ReplyDelete
  22. අදමයි ආවෙ....ආන්ඩු විරෝදියෙක්ද...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු විරොධී? එහෙම නැති එවුනුත් ඉන්නවද? අපේ ගමේ නම් දැන් එහෙම එවුන් ඇත්තේම නෑ...

      Delete
  23. රාජපක්ෂවාදීන් විතරක් නෙමේය. මේ වෙනකොට අලිවාදීන් ද සමහර රතුවාදීන්ද මේ වෙනකොර ආරාජික පැත්තකට හැරෙනවෝය. මේ තත්වය භයානකය. දැන් පවතින ක්‍රමයේ කුණු නොවූ කෙනෙකුට එන්නට කාලයය. ඒ අප දන්නා ෆොනී නම් නොවේය. ඒත් ඉන්නා එවුන් මරා දමා අළුත් එවුන් හොයනවා කියන්නේ විහිළුවක්ය. කරන්නට ඕනෑ මුන් ගේ න්‍යයය වෙනස් කරණ එකය. ඒත් න්‍යාය වෙනස් කරන්නට ඕනෑකම තියන එවුන් නැතිය. ඉතින් අපි ආයෙත් පරණ තැනය.



    මහවැලියේ ඉඩමක් ගන්න කොල්ලෙක් ගියේය. ප්‍රශ්ණ ගාණකට උත්තර දෙන්න සිද්ධ විය.

    'තමුසේ බැදලද'

    'නෑ සර්'

    'බැදපු නැති එවුන්ට ඉඩම් නෑ..යනව යන්න'

    කොල්ලා කෙල්ලෙක් සොයා ගත්තේය. වෙන්න මාමණ්ඩි බලන්න ගියේය.

    'තමුසෙට ඉඩමක් වත් තියනවද'

    'නෑ මාමා'

    'ඉඩම් නැති එවුන්ට ගෑනු මෙහෙ නෑ...යනව යන්න'

    පැනල ගියානම් ඉවරනේ...කවුද කියනවා ඇහුනේය...

    අපිටත් මොකියෙක් (මොකා ගේ ගෑනු සතා) එක්ක හෝ පැනලා යන්න කාලය ඇවිත්ය. මොකියෙක් කිව්වට පැනල යන එකී අපිට ඉඩමක් අරන් දෙන්නට පුළුවන් එකියෙක් වෙන්න ඕනෑය. හොර ගෑනු දැන් අපිට එපා වෙලාය.

    රාවණා ෆැන්ටසිය ජොලිය. මි ජයා ගේ අරමුණ හරිය. හැමදේම වගේ කාලයකින් වලපල්ලට යන්න පුළුවන. නොතේරෙන් (මනසින්) චූ කොල්ලෝ මගහැර දැන්වත් මී ජයා ව බුකියෙන්, සයිබරයෙන් එළියට ගෙනි යා යුතුය. එළියේ උන් තාමත් හීනෙන්ය. ෆැන්ටසියේ ඇති ඔලු වලට චාමි කියන විදිහේ වීරයෝ එන්නේ නැත. ඒ වෙනුවට අපිට කොහෙන හෝ එකෙක් සොයා ගත යුතුය.

    ReplyDelete
  24. සුපිරි වීරයෙක් සහ සුපිරි සතුරෙක් ඕනෑ කර තිබේ!!!!!!

    ReplyDelete
  25. /මහින්ද රාජපක්ෂ කියන්නෙ අපිට ඉන්න හොඳම නියෝජනය කියලයි මට හිතෙන්නෙ....
    අපි හැමෝම ලොකෙට රටට යමක් කරනවාට වඩා තමුන්ට තමුන්ගෙ පවුලට නෑයින්ට යාලුවන්ට හොඳක් වෙන දෙයක් කරන්න ආසයි...

    මොන බාදාව තිබුනත් අපේ වැඩේ විතරක් කෙරෙනවාට ආසයි....
    මේ වගේ ලාංකිකයන් බහුතරයකට ඇති කුහකත්වය සහ අනෙකුත් ගෝත්‍රික ලක්ෂනවල නියම නියෝජනයක් තමයි මහින්ද කියන්නෙ.../

    ඉතාම හොඳ නිරීක්ෂණයක්. මේකෙන් මට මෙතක් ගැටළුවක් වෙච්චි දෙයක් අවබෝධ වුණා.

    අපි ජාතියක් හැටියට "නිරපේක්ෂ දියුණුව" වෙනුවට "සාපේක්ෂ දියුණුව" තෝරා ගෙන තියෙනවා.

    නිරපේක්ෂ දියුණුව කියන්නේ අපට ඉන්නා කාමර දෙකේ ගෙදර වෙනුවට වඩා ලොකු ගෙදරක් ගොඩ නඟා ගන්න පුළුවන් වීම. මෝටර් බයිසිකලේ වෙනුවට කාර් එකක් ගන්න පුළුවන් වීම. වඩා හොඳ අධ්‍යාපන පහසුකම්. වඩා හොඳ සෞඛ්‍ය පහසුකම්.

    "සාපේක්ෂ දියුණුව" කියන්නේ අපේ ගෙදර කාමර ගාණෙන් වැඩක් නෑ. නමුත් ඒක අල්ලපුගෙදර මනුස්සයගෙ ගෙදර කාමර ගාණට වැඩිය වැඩි වෙන්න ඕනැ. අපට බයිසිකලෙන් ගියත් කමක් නෑ, අල්ලපු ගෙදර මිනිහ යන්නෙ පයින් නම්.

    රනිල්ලා, සෝමවංසලා, ෆොනීලා ඔක්කොටම කතා කරන්නෙ ඔය පළවැනි එක ගැනයි. දෙවැනි එක දෙන්න පුළුවන් මහින්දට විතරයි. ඉතින් අපි මහින්ද පස්සෙ යනවා.

    අද රටේ වෙන බොහෝ දේවල් මේ තියරිය මත පැහැදිළි කළ හැකියි. (උදා: පෞද්ගලික අධ්‍යාපනයට විරෝධය, මුස්ලිම් පල්ලි කැඩීම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පඩි මදිවීම...)

    ReplyDelete
    Replies
    1. දවසක් බෝතල් පත්තර කාරයෙක් කියපු කතාවක් මේක... ගැලපෙනවා කියලා හිතුන නිසා දාන්නම්.

      පොළොවේ ඇවිදිනකොට ගල් වැදිලා, උල් ඇනිලා කකුල තුවාලවෙන නිසා, සුද්දෙක් හැදුවලු 'හම්' වලින් මේකට ආවරණයක්.. අපි ඒකට කියනවා "ෂූස්" කියලා.

      "ෂූස්" දාගෙන ටිකක් දුර ඇවිදිනකොට "ෂූස්" ගැලවිලා විසික්වෙනවලු. තව සුද්දෙක් කල්පනා කරලා බලලා මේක කකුලට හිර කරගන්න එකතු කලාලු නූලක්.... ඒක තමයි "ලේස්".

      "ෂූස්" දාගෙන "ලේස්" ගැටගහලා ඇවිදිනකොට "ෂූස්" වලට කකුල් කැපෙන්න ගත්තලු. තව සුද්දෙක් හැදුවලු කකුලට දාගන්න රෙදි වලින් ආවරණයක්. අපි ඒකට කියනවා "මේස්" කියලා.

      දැන් "මේස්" දාල, "ෂූස්" දාල, "ලේස්" ගැටගහලා ඇවිදිනකොට මේ "ෂූස්" ටික ටික ජරා වෙන්න ගත්තලු. ඉතින් තව සුද්දෙක් හැදුවලු මේකට ගාන්න ආලේපයක්. ඒක තමයි "පොලිෂ්".

      දැන් "මේස්" දාල, "පොලිෂ්" කරපු "ෂූස්" දාල, "ලේස්" ගැටගහලා ඇවිද ඇවිද ඉන්නකොට මේ සුද්දො හතර දෙන දැකපු තව සුද්දෙක්, "ෂූස්", "ලේස්", "මේස්" සහ "පොලිෂ්" හදන්න පටන් අරන් ඒවා "කේස්" වල දාල විකුණන්න ගත්තලු.

      බලන්න අම්මේ තාත්තේ අය්යේ අක්කේ නංගියේ මල්ලියේ. සුද්දො පස් දෙනෙක් එකතු වෙලා එහෙම කරනකොට, අපේ එකෙක් ඉඳිකට්ටක් හැදුවොත් අනිකා හදනවද ඒකට දාන්න නූලක්? නෑ ඌ හදනවා ඊට වඩා ලොකු ඉඳිකට්ටක්.....

      Delete
  26. මං හිතන්නේ දැන් ඉන්න ඕනෙ පොදු සතුරෙක් නෙවෙයි, වීරයෝ ගොඩක්. පොදු සතුරා නිසා සමාජය යම් තරමක් හරි ඒකාත්මික වෙනවා. පොදු සතුරා වෙනුවෙන් පෙළගැහෙනවා. දැන් පොදු සතුරෙක් නැහැ. පොදු සතුරෙක් නිර්මාණය කරන්න වීරයෝ නිර්මාණය කරනවට වඩා අමාරුයි. අමාරුම වැඩේ සතුරාව 'පොදු' කරන එක තමයි. අනික දැන් පොදු සතුරා විනාශකල නිසා වෙනසකටත් එක්ක ඕනේ වීරයෝ. වීරයන්ට පුලුවන් සමාජය කෑලි කෑලි වලට කඩන්න. ඒක නෙමේද දැන් අපිට ඕනෙ? උඹේ වීරයා, මට අල්ලන්නේ නැති නිසා මම වෙන වීරයෙක්ව හදා ගන්නවා. ඔය දෙන්නම අල්ලන්නේ නැති අල්ලපු ගෙදර එකාට ඕනේ වෙන එකෙක්. ඒට පස්සේ අපිට පුලුවන් කොයි වීරයද වඩා හොඳ කියලා මරාගන්න.

    නරකද අර කලින් ලිපියේ අදහසුත් එකතු කරලා, රාවණාටයි තව වීරයෝ ටිකකටයි පුනරුප්පත්ති ලබා දුන්නොත්? වීරයෝ උනත් සදාකාලික උනාම බෝරිං. පුනරුප්පත්තියෙන් ඒ ප්‍රශ්නෙත් විසඳෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක මරු. අර කිවවත් වගේ පොඩි පොඩි වීරයො ගොඩක් ඉන්න එකත් නියම වැඩක්. එතකොට කවුරුහරි ගත්තොත් එක වීරයයි. සතුරො ගොඩයි. ඌට මැරෙනකං උනත් හැප්පෙන්න ඉඩු තියෙනවා. ෂෙහ්.... හදන්නෝනෙ 'සංකල්පයක්' :)

      Delete
  27. @charmi, මම තමුසෙගෙ අඩවියට ආවේ අද. ඇත්තම කියනවා නම් සිංහලෙන් ලියපු අඩවි කියවීමටත් සිංහලෙන් ප්‍රතිචාර දැමීමටත් උත්සාහ කලේ බොහොම මෑතකදී. ඒ LCN වල තමුසෙලා වගෙ සිංහලෙන් සිංහලයන්ගෙ උරුමය වනසන අවලමුන්ගෙ නීච දීන කතා වලට පිළිතුරු දීමටයි. ඊට කලින් ඒ අවලන් වැඩේ ඉංග්‍රීසියෙන් කල සුනඛයන්ට මම හොඳට උත්තර දුන්නා. අද වෙනකොට උන් එවැනි කිසි කතාවක් කියන්නෙ නෑ. ඒ වගේ දෙයක් කලොත් මම උන්ට ගැලපෙන භාෂාවෙන් උත්තර දෙනවා.

    මම මේකෙ ප්‍රතිචාරත් කියවලයි මේක ලියන්නෙ. උඹලා සිංහල භාෂාව යන්තම් තටමන්නෙ ඒ මිනිසුන් අතරට රිංඟ ගෙන උන්ගෙන් යැපුන මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන්නන් නිසා බව මම සහතිකව දනිමි. කෑ පතේ පහරන උඹලාට විහිළුවක් ලෙස පෙනෙන සිංහල අතීතය ඇත්තටම සැබෑ ඉතිහාසයෙන් සුළු කොටසකි.

    මම ගැන නොදන්නවා වුනත් මෙය ලියමි. අළුත්ම විෂයන් ගෙන් සැකසුනු තාක්ෂණ උපාධියක් සඳහා මා ලියූ සුළු රචනාවක් විෂයක් ලෙස උගත යුතුය. එසේම ලොව සුපිරි තාක්ෂණයක් ගැන බයිල කියා රඟපෑ අමනයන් ලොවට අත පෑ විට තාක්ෂණය කොටසක් දී ගල්ඵ් මැක්සිකෝ බොක්කේ තෙල් කාන්දුව නැවතුවේ මමය. මෙය කීවේ නමක් නැතිව ලියන මම උඹලට ඉඟියක් දීමට මිස සිංහලුන්ට නිගා කරන උඹලා සමඟ ගණුදෙනු කිරීමට නොවේ. උඹලා වැන්නවුන් චුත කිරීමට ප්‍රිය මම, සිංහලයන්ගේ අතීතය මැනවින් දනිමි. එය මා සොයා ගත්තෙ මගෙ වැඩ කටයුතු කරන අතර වාරයේදීය. සිංහලයන් බොරු නොකියන ජාතියකි. උන් සතු අතීත කතා සැබෑය. බොරුකාර වසලයන් වන්නෙ සිංහල වෙස් ගත් මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන උඹලාය. හිඟමන් යදිනවුන්ට ඇති උරුමය, වැදගත්කම කුමක්ද? නොදන්නා දේ ගැන සිංහල බසින්ම විකාර කියවමින් උඹලා රෙදි නැතිව තම උරුමය කියනු දැක සිහලුන් වෙනුවෙන් කණගාටු වෙමි.

    මෝඩ අමනයනි, වත්මන් රජය යනු ඉංග්‍රීසින්ගේ කටු කෑ මලයාලි හිඟනුන්ට භාර දුන් සුද්දාගේ උරුමයයි. එය සිංහලයන්ගේ යයි කියන එවුන් හරකුන්ය. අද මලයාලි රජා උන්ගෙ මළගමට සියකැමැත්තෙන් යනවිට එය සිංහලයාගේ අවසානය යයි කියන අමනයනි, එය සිංහලයන්ගේ නැගිටීම බව මම කියමි.

    සිංහලයන් බොරු කියා නැත. දියසේන යයි අයෙකු ඉපදුන බව සැබෑය. මම ඔහු සොයා ගතිමි. සිහලුන් බොරු කියන ජාතියක් නොවේ. උඹලා වැනි අමනයන්ට වැරදුනේ සිංහලුන් පන්නා දැමූ තේමිය (ගෝතම හෙවත් ගිය තෙමෙ) ගෙන් බිහි වූ ඉංග්‍රීසි පරයන්ට දීන වූ නිසාය. එසේම පර වහරින් රාවන යයි කියන්නේද, හිරු යයි කියන්නේද ඔහුමය. උඹලා දිනය වරදවාගෙන වසරකට කලින් සෙව්වේ සිංහල වසර අප්‍රේල් මැදත් බටහිර වසර ජනවාරි පලමු දිනත් යෙදෙන බව නොදැන අනාගත් නිසාය. එහෙත් සිංහලෙන් සිංහලයන්ම ගරහන උඹලාගේ ඉරණමද එහි කොටසකි. මලයාලි රජා උඹලා වඳ කරනු ඇත. අද ඌ උඹලා වනසන විට නගන අදෝනාව උඹලා ලියන දෙයින් මට ඇසේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට කියන්නෙ. මට මේක තේරෙන්නෙ නෑ.

      Delete
    2. මචං මේ දවස්වල සිද්දවෙන දේවල් යුද්ධ කාලෙදි වුණා වගේ සරල නැහැ. යුද්දෙ කාලෙදි නම් යුද්දෙට හරි කියන එකා වීරයා. එරෙහි වෙන එකා ද්‍රෝහියා. අද එහෙම නෑ. ලෝකය සංකීර්‍ණ වෙලා. හැමදෙනාම දීර්ඝකාලීන අරමුණු වෙනුවට කෙටි කාලීන අරමුණු දිහා බලන්න පටන් අරගෙන. ලොකු ඇජෙන්ඩා වෙනුවට පොඩි පොඩි ඇජෙන්ඩා එළියට එන්න පටන් අරගෙන. මේ තත්ත්වය අන්තිම භයානකයි. මොකද ඒක අන්තිමට පාර කපන්නෙ අරාජකත්වයට නිසා.

      Delete
    3. මට නම් තේරුනා. රස්සාව කරන අතරේ ලන්ච් ඉන්ටවල් එකේ දියසේන ට සිංහලුන් මුණගැසී මැක්සිකෝවේ බොක්කේ තෙල් තිබෙන බව පවසා තිබේ. ඒත් මලයාලි හිඟන්නෙක් ඩේට් එක වරදවාගත් නිසා බල්ලෙක් ඉංග්‍රීසි කතා කිරීමට පටන්ගෙන ඇත. උපාධියක් සඳහා ගෝතම සහ රාවණා, චාමි ගේ අඩවියට පැමිණ ඇත.

      ..... ප්‍රධාන පණිවිඩේ මේක තමයි. අනික් ටික ඉතින් ඕනෙ කෙනෙකුට තේරෙනවනෙ....

      Delete
  28. @චාර්මි,

    මේක හරිද කියපන්. දැන් හැමෝම බලාගෙන ඉන්නෙ රාවණා එනකල්නෙ. ඇයි දුටුගැමුණු එනකල් බලාගෙන ඉන්නෙ නැත්තේ? ඇයි පරාක්‍රමබාහු එනකල් බලාගෙන ඉන්නෙ නැත්තේ? ඇයි විජයබාහු හරි පණ්ඩුකාභය හරි එනකල් බලාගෙන ඉන්නෙ නැත්තේ?

    මෙන්න මට හිතෙන දේ!

    දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු, පණ්ඩුකාභය ඔක්කෝම වගේ පොළොවෙ පය ගහලා හිටපු ලොජිකල් තීරණ ගත්තු මිනිස්සු.

    යුද්ධෙදි සිංහල-දෙමළ හේවායන් දෙපිරිසම අනවශ්‍ය ලෙස මැරෙනවා දුටු දුටුගැමුණු එළාරට චැලේන්ජ් කරනවා චණ්ඩියා පුළුවන් නම් මාත් එක්ක තනියෙන් සටනට වරෙන් කියලා. එළාර දැන ඉන්න ඇති මිනිහ පරදින බව. මොකද පොර එතකොට අම්බානට වයසයි. නමුත් තනියෙන් මැරෙන එක විශාල සෙනඟක් එක්ක මැරෙනවට වඩා හොඳයි කියල හිතල සටනට යන්න ඇති. දුටුගැමුණු ඒකෙ ගෞරවය තියනව, එළාර මළායින් පසුව ස්මාරකයක් කරලා. අන්න ඥානවන්ත මිනිස්සු.

    පරාක්‍රමබාහුත් ලොජිකල් මිනිහෙක්. තනියෙන් යුද්ද කරන්න බෑ කියල තේරුණාම දෙමළගෙනුත් (පාණ්ඩ්‍යයන්ගෙන්) උදව් ගන්නවා. ඒ වගේම උන්ටත් අවශ්‍ය වෙලාවට උදව් දෙනවා. සාධාරණ මනුස්සයෙක්.

    පණ්ඩුකාභයත් සාධරණයි. කොච්චර හතුරුකම් කළත් මාමලාට මුලින් චාන්ස් එකක් දෙනවා සමථයකට. සමථයකට ආපු එකා ඉතුරු කරලා අනෙක් උං ටික විතරයි මරන්නේ.

    මේ අය දිහා බලනකොට රාවණා මොකෙද්ද? ඕනැ වලියටයි එපා වලියටයි හැම එකටම සරම උස්සගෙන එන මෝඩ චණ්ඩියෙක්. කොක්කක් දා ගන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නෙ. පුංචි දේකට ගිහින් වෙන මිනිහෙක්ගේ ගෑනියෙක් උස්සගෙන එනවා. අන්තිමට වඳුරු හමුදාවකින් ගුටි කාල රාජධානියම නැති කර ගන්නවා!

    ඒත් අපට ඕනැ රාවණා! අර මොළයක් ඇතුව වැඩ කළ රජවරු හෙම නෙවෙයි.

    දැන් තේරෙනවද විසි එක් වැනි සියවසේ සිංහල බෞද්ධ චින්තනය! කිසිම ලොජික් එකක් නෑ. හැබැයි වලි නම් වලි. කවුද ඩෝ අපට ජාති දාන්නේ? අපි සරම උස්සගෙන තමයි එන්නේ. මළත් කමක් නෑ. වර සටනට ද්‍රෝහියා.

    රාවණා නැතුව අපට වෙන කවුරු හරියයිද?

    ReplyDelete
  29. නෑ මචං. ඊට වඩා එහා ගිය හොඳ හේතුවක් රාවණාට තියෙනවා. දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු, පණ්ඩුකාභය අර කිව්ව වගේ පොලොවෙ හිටපු මිනිස්සු. ඒනිසා අද නැත්තං හෙට, ඒ අයගෙ තව තවත් පියසටහන් මතුවේවි. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ගැන නව තොරතුරු/අර්ථකථන ඒවි. (දුටුගැමුණු වෘත්තාන්තය ගැන සුනිල් විජේසිරිවර්ධනගෙ වර්ෂන් එක බලන්නකො. ගම කෑවනෙ :P)

    ඊට සාපේක්ෂව රාවණා ඉන්නෙ අහසෙ (ෆැන්ටසියක්). දැන් තියෙන ජනප්‍රවාද වලට අමතරව අනාගතයේදි ඔහු ගැන හමුවීමට නියමිත වෙන්නෙ තවත් හිතළු ගොන්නකට වඩා දෙයක් නෙමේ. ඒ නිසා ඔහුගේ වීරත්වය සර්වකාලීනයි. අභියෝග කල නොහැකියි. 'එක් දැනුම් පද්ධතියක් මගින් තවත් දැනුම් පද්ධතියක් අභියෝගයට ලක්කල නොහැකි' කියන නූතන තිසීසය නිසා මේ වීර ෆැන්ටසිය තවත් ආරක්ෂිතයි.

    ඊට වඩා හොඳ වීරයෙක් ඉන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ කියන එකට එකඟයි. ඔය එක දැනුම් පද්ධතියකින් තව දැනුම් පද්ධතියකට අභියෝග කරන්ඩ බෑ කියන එක නම් ඕනෑම විරුද්ධවාදියෙක් සරෙන්ඩර් කරන්න පුළුවන් මාර තියරියක්. උදාහරණයක් හැටියට අපේ රටේ ජෝතිෂකාරයො පහුගිය ඔක්තෝබර් කාලෙ කෑගහනව "සෙනසුරු තුලාවට ගියෝ" කියල. එතකොට ආධුනික තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පෙන්නල දෙනවා සෙනසුරු තාම තුලාවට ගිහින් නෑ, තාම ඉන්නෙ කන්‍යාවල. ඕනැ නම් රෑක දුර දක්නයකින් මේක බලන්න පුළුවන් කියල. මොකද්ද පියසේන රතුවිතාන කණේ මයිල්තුමා දෙන උත්තරේ? අභ්‍යවකාශ විද්‍යාවේ එහෙම වෙන්න ඇති. ඒ වුනාට ජ්‍යෝතිෂයේ මෙහෙමයි. මාරයි නේද? දුර දක්නයකින් පේන දේටත් වඩ පොතේ තියෙන දේ හරි. මොකද එක දැනුම් පද්ධතියකින් අනෙකට චැලේන්ජ් කරන්න බෑනෙ.

      Delete
  30. චාමි මේ උත්සාහ කරන්නේ ප්රභාකරන්ව සුද්ධ කරලා, ඒ කරන ගමන් මහින්දව නෝන්ඩි කරන්නනේ. දැන් ප්රභාකරන් හිටිය කාලෙට වඩා දරුණුයි කියන එකේ තේරුම වෙන මොකක්වත් නෙවෙයිනේ. මිනී මැරුම් , කුඩු , පාතාලය අද වගේම මහින්දට ඉස්සෙල්ලත් තිබුණා. ඒවා වෙන රටවලත් තියෙනවා. සමාජවාදී රටවලත් තියෙනවා. පුළුවන්නම් ඕවා මුකුත් නැති ෂෝයි රටක් පෙන්නන්නකෝ. හැබැයි ඔය හැම රටේම චාමිලා වගේ ප්රායෝගික නොවන චරිත ලංකාවේ තරම්ම නොවුනත් සැලකිය යුතු ප්රමාණයක් ඉන්නවා.

    ReplyDelete
  31. මචන් ඉතාම අහම්බෙකින් මේ සයිට් එකට ආවේ. ඉඳල හිටලා සිංහල ලිපි බැලුවත් කොමෙන්ට් නොකරන්නේ වෙලාව මදි කමට. (ලොකු කමකට නෙමෙයි කිව්වේ!)
    මේක කියෙව්වමනම් කොමෙන්ට් නොකර ගිහින් බැහැ. මී ජයාගේ එකත් මන අතල එකට බලනවා. නමුත් ආතල් එකට වඩා ගැඹුරක් එතන තියෙනවා. (ගොඩක් උන්ට නොතේරෙන). උඹේ ලිපියෙන් ඒ ගැන වගේම රටේ ප්‍රශ්නයත් හරියටම විග්‍රහ කරලා තියෙනවා. සුපිරි ලිපියක්! එච්චරයි කියන්න තියෙන්නේ.
    හැබැයි බං උඹේ තෘප්තියට (වචනේ හරිද දන්නේ නැහැ) මිසක් මේ ලියන දේ වලින් අපේ උන්ට වැඩක් වෙනවද කියන එකනම් (මං අදහස් කලේ තේරෙනවද කියන එක) මේකට උඩින් තියෙන කොමෙන්ට් එක දැක්කම හිතෙනවා.
    ඔබට ජය!

    ReplyDelete