tag:blogger.com,1999:blog-8032928981302866204.post8504726028026685110..comments2023-11-22T15:55:28.491+05:30Comments on RearGate: ‘රාවණා’ - සුපිරි සතුරෙක් වෙනුවට සුපිරි වීරයෙක්....charmihttp://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-8032928981302866204.post-41528105543883819122012-09-22T11:15:36.254+05:302012-09-22T11:15:36.254+05:30මචන් ඉතාම අහම්බෙකින් මේ සයිට් එකට ආවේ. ඉඳල හිටලා ස...මචන් ඉතාම අහම්බෙකින් මේ සයිට් එකට ආවේ. ඉඳල හිටලා සිංහල ලිපි බැලුවත් කොමෙන්ට් නොකරන්නේ වෙලාව මදි කමට. (ලොකු කමකට නෙමෙයි කිව්වේ!)
මේක කියෙව්වමනම් කොමෙන්ට් නොකර ගිහින් බැහැ. මී ජයාගේ එකත් මන අතල එකට බලනවා. නමුත් ආතල් එකට වඩා ගැඹුරක් එතන තියෙනවා. (ගොඩක් උන්ට නොතේරෙන). උඹේ ලිපියෙන් ඒ ගැන වගේම රටේ ප්‍රශ්නයත් හරියටම විග්රහ කරලා තියෙනවා. සුපිරි ලිපියක්! එච්චරයි කියන්න තියෙන්නේ.
හැබැයි බං උඹේ තෘප්තියට (වචනේ හරිද දන්නේ නැහැ) මිසක් මේ ලියන දේ වලින් අපේ උන්ට වැඩක් වෙනවද කියන එකනම් (මං අදහස් කලේ තේරෙනවද කියන එක) මේකට උඩින් තියෙන කොමෙන්ට් එක දැක්කම හිතෙනවා.
ඔබට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-57624984643439320802012-08-15T11:08:28.119+05:302012-08-15T11:08:28.119+05:30LikeLikeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-15129610550471421972012-08-10T16:58:11.689+05:302012-08-10T16:58:11.689+05:30චාමි මේ උත්සාහ කරන්නේ ප්‍රභාකරන්ව සුද්ධ කරලා, ඒ කරන...චාමි මේ උත්සාහ කරන්නේ ප්‍රභාකරන්ව සුද්ධ කරලා, ඒ කරන ගමන් මහින්දව නෝන්ඩි කරන්නනේ. දැන් ප්රභාකරන් හිටිය කාලෙට වඩා දරුණුයි කියන එකේ තේරුම වෙන මොකක්වත් නෙවෙයිනේ. මිනී මැරුම් , කුඩු , පාතාලය අද වගේම මහින්දට ඉස්සෙල්ලත් තිබුණා. ඒවා වෙන රටවලත් තියෙනවා. සමාජවාදී රටවලත් තියෙනවා. පුළුවන්නම් ඕවා මුකුත් නැති ෂෝයි රටක් පෙන්නන්නකෝ. හැබැයි ඔය හැම රටේම චාමිලා වගේ ප්‍රායෝගික නොවන චරිත ලංකාවේ තරම්ම නොවුනත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-36661234962760882542012-08-05T12:26:05.069+05:302012-08-05T12:26:05.069+05:30ඔව් උඹ කියන එකට එකඟයි. ඔය එක දැනුම් පද්ධතියකින් තව...ඔව් උඹ කියන එකට එකඟයි. ඔය එක දැනුම් පද්ධතියකින් තව දැනුම් පද්ධතියකට අභියෝග කරන්ඩ බෑ කියන එක නම් ඕනෑම විරුද්ධවාදියෙක් සරෙන්ඩර් කරන්න පුළුවන් මාර තියරියක්. උදාහරණයක් හැටියට අපේ රටේ ජෝතිෂකාරයො පහුගිය ඔක්තෝබර් කාලෙ කෑගහනව "සෙනසුරු තුලාවට ගියෝ" කියල. එතකොට ආධුනික තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පෙන්නල දෙනවා සෙනසුරු තාම තුලාවට ගිහින් නෑ, තාම ඉන්නෙ කන්යාවල. ඕනැ නම් රෑක දුර දක්නයකින් මේක බලන්න පුළුවන් කියල. මොකද්ද පියසේන රතුවිතාන කණේ මයිල්තුමා දෙන උත්තරේ? අභ්‍යවකාශ විද්‍යාවේ එහෙම වෙන්න ඇති. ඒ වුනාට ජ්‍යෝතිෂයේ මෙහෙමයි. මාරයි නේද? දුර දක්නයකින් පේන දේටත් වඩ පොතේ තියෙන දේ හරි. මොකද එක දැනුම් පද්ධතියකින් අනෙකට චැලේන්ජ් කරන්න බෑනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-91666112912775438822012-08-04T22:37:32.186+05:302012-08-04T22:37:32.186+05:30නෑ මචං. ඊට වඩා එහා ගිය හොඳ හේතුවක් රාවණාට තියෙනවා....නෑ මචං. ඊට වඩා එහා ගිය හොඳ හේතුවක් රාවණාට තියෙනවා. දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු, පණ්ඩුකාභය අර කිව්ව වගේ පොලොවෙ හිටපු මිනිස්සු. ඒනිසා අද නැත්තං හෙට, ඒ අයගෙ තව තවත් පියසටහන් මතුවේවි. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ගැන නව තොරතුරු/අර්ථකථන ඒවි. (දුටුගැමුණු වෘත්තාන්තය ගැන සුනිල් විජේසිරිවර්ධනගෙ වර්ෂන් එක බලන්නකො. ගම කෑවනෙ :P)

ඊට සාපේක්ෂව රාවණා ඉන්නෙ අහසෙ (ෆැන්ටසියක්). දැන් තියෙන ජනප්‍රවාද වලට අමතරව අනාගතයේදි ඔහු ගැන හමුවීමට නියමිත වෙන්නෙ තවත් හිතළු ගොන්නකට වඩා දෙයක් නෙමේ. ඒ නිසා ඔහුගේ වීරත්වය සර්වකාලීනයි. අභියෝග කල නොහැකියි. 'එක් දැනුම් පද්ධතියක් මගින් තවත් දැනුම් පද්ධතියක් අභියෝගයට ලක්කල නොහැකි' කියන නූතන තිසීසය නිසා මේ වීර ෆැන්ටසිය තවත් ආරක්ෂිතයි.

ඊට වඩා හොඳ වීරයෙක් ඉන්න පුලුවන්ද?charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-57364188613964920712012-08-04T20:30:58.297+05:302012-08-04T20:30:58.297+05:30ෆ්‍රෙඩි සිල්වා ගැන කථා කරනකොට ඉතින් ශ්‍රේෂ්ට ගේය ප...ෆ්‍රෙඩි සිල්වා ගැන කථා කරනකොට ඉතින් ශ්‍රේෂ්ට ගේය පද රචක, චතුර නිවේදක නැසීගිය ප්‍රේමකීර්ති ද අල්විස් ගැනත් කථාකරන්න වෙනවනේ. මොකද ප්‍රේමකීර්තිද අල්විස් නොවෙන්න ෆ්රේඩි සිල්වා කියන්නේ නිකන්ම නිකන් විහිළු කාරයෙක් විතරයි.

සිංහල බ්ලොග් කිව්වොත් ටැබූ කියන්නේ එක් පරිච්ඡේදයක්. අද අපි මේ බ්ලොග් අවකාශයේ දකින කඩා වැටීමට එක හේතූවක් ටැබූගේ නික්මයාම බව බොහෝ දෙනෙක් පිළි ගන්නවා [අදටත් "ටැබූ" ටයිටල් එකට දැම්මම පෝස්ට් හිට් වෙන්නේ ඒ නිසානේ].

ටැබූ හිටපු කාලේ ටැබූට මඩ ගහලා පොරවල් වෙන්න දඟලපු සමහරු, තමනුත් ටැබූ වගේය, තමන්ටත් ටැබූ වගේම පිළිගැනීමක් තිබේය කියලා හිතන් ඉන්නවනම් ඒක මහම මහ මෝඩ කමක්.

මිගාර මහත්තයෝ.... මටනම් කියන්න තියෙන්නේ,
"කති වෙණ මීයන
සුසු යැයි අත ගැසූ සැකයෙන" කියලා තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4036761595984803022012-08-04T14:32:29.187+05:302012-08-04T14:32:29.187+05:30@චාර්මි,
මේක හරිද කියපන්. දැන් හැමෝම බලාගෙන ඉන්න...@චාර්මි,

මේක හරිද කියපන්. දැන් හැමෝම බලාගෙන ඉන්නෙ රාවණා එනකල්නෙ. ඇයි දුටුගැමුණු එනකල් බලාගෙන ඉන්නෙ නැත්තේ? ඇයි පරාක්‍රමබාහු එනකල් බලාගෙන ඉන්නෙ නැත්තේ? ඇයි විජයබාහු හරි පණ්ඩුකාභය හරි එනකල් බලාගෙන ඉන්නෙ නැත්තේ?

මෙන්න මට හිතෙන දේ!

දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු, පණ්ඩුකාභය ඔක්කෝම වගේ පොළොවෙ පය ගහලා හිටපු ලොජිකල් තීරණ ගත්තු මිනිස්සු.

යුද්ධෙදි සිංහල-දෙමළ හේවායන් දෙපිරිසම අනවශ්‍ය ලෙස මැරෙනවා දුටු දුටුගැමුණු එළාරට චැලේන්ජ් කරනවා චණ්ඩියා පුළුවන් නම් මාත් එක්ක තනියෙන් සටනට වරෙන් කියලා. එළාර දැන ඉන්න ඇති මිනිහ පරදින බව. මොකද පොර එතකොට අම්බානට වයසයි. නමුත් තනියෙන් මැරෙන එක විශාල සෙනඟක් එක්ක මැරෙනවට වඩා හොඳයි කියල හිතල සටනට යන්න ඇති. දුටුගැමුණු ඒකෙ ගෞරවය තියනව, එළාර මළායින් පසුව ස්මාරකයක් කරලා. අන්න ඥානවන්ත මිනිස්සු.

පරාක්රමබාහුත් ලොජිකල් මිනිහෙක්. තනියෙන් යුද්ද කරන්න බෑ කියල තේරුණාම දෙමළගෙනුත් (පාණ්ඩ්යයන්ගෙන්) උදව් ගන්නවා. ඒ වගේම උන්ටත් අවශ්‍ය වෙලාවට උදව් දෙනවා. සාධාරණ මනුස්සයෙක්.

පණ්ඩුකාභයත් සාධරණයි. කොච්චර හතුරුකම් කළත් මාමලාට මුලින් චාන්ස් එකක් දෙනවා සමථයකට. සමථයකට ආපු එකා ඉතුරු කරලා අනෙක් උං ටික විතරයි මරන්නේ.

මේ අය දිහා බලනකොට රාවණා මොකෙද්ද? ඕනැ වලියටයි එපා වලියටයි හැම එකටම සරම උස්සගෙන එන මෝඩ චණ්ඩියෙක්. කොක්කක් දා ගන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නෙ. පුංචි දේකට ගිහින් වෙන මිනිහෙක්ගේ ගෑනියෙක් උස්සගෙන එනවා. අන්තිමට වඳුරු හමුදාවකින් ගුටි කාල රාජධානියම නැති කර ගන්නවා!

ඒත් අපට ඕනැ රාවණා! අර මොළයක් ඇතුව වැඩ කළ රජවරු හෙම නෙවෙයි.

දැන් තේරෙනවද විසි එක් වැනි සියවසේ සිංහල බෞද්ධ චින්තනය! කිසිම ලොජික් එකක් නෑ. හැබැයි වලි නම් වලි. කවුද ඩෝ අපට ජාති දාන්නේ? අපි සරම උස්සගෙන තමයි එන්නේ. මළත් කමක් නෑ. වර සටනට ද්‍රෝහියා.

රාවණා නැතුව අපට වෙන කවුරු හරියයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-83129053742541995332012-08-04T13:38:44.544+05:302012-08-04T13:38:44.544+05:30මට නම් තේරුනා. රස්සාව කරන අතරේ ලන්ච් ඉන්ටවල් එකේ ද...මට නම් තේරුනා. රස්සාව කරන අතරේ ලන්ච් ඉන්ටවල් එකේ දියසේන ට සිංහලුන් මුණගැසී මැක්සිකෝවේ බොක්කේ තෙල් තිබෙන බව පවසා තිබේ. ඒත් මලයාලි හිඟන්නෙක් ඩේට් එක වරදවාගත් නිසා බල්ලෙක් ඉංග්‍රීසි කතා කිරීමට පටන්ගෙන ඇත. උපාධියක් සඳහා ගෝතම සහ රාවණා, චාමි ගේ අඩවියට පැමිණ ඇත.

..... ප්‍රධාන පණිවිඩේ මේක තමයි. අනික් ටික ඉතින් ඕනෙ කෙනෙකුට තේරෙනවනෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-85673695954742428632012-08-04T10:19:42.388+05:302012-08-04T10:19:42.388+05:30ආ ඔව්! ටැබූ ගැනත් කතා වෙනවනෙ?ආ ඔව්! ටැබූ ගැනත් කතා වෙනවනෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-46396272930830599432012-08-04T08:15:49.718+05:302012-08-04T08:15:49.718+05:30කතා නොකලාට , නිරතුරු ඇවිත් ගියෙමිකතා නොකලාට , නිරතුරු ඇවිත් ගියෙමිJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-19326092475689727302012-08-04T06:48:10.630+05:302012-08-04T06:48:10.630+05:30මචං මේ දවස්වල සිද්දවෙන දේවල් යුද්ධ කාලෙදි වුණා වගේ...මචං මේ දවස්වල සිද්දවෙන දේවල් යුද්ධ කාලෙදි වුණා වගේ සරල නැහැ. යුද්දෙ කාලෙදි නම් යුද්දෙට හරි කියන එකා වීරයා. එරෙහි වෙන එකා ද්‍රෝහියා. අද එහෙම නෑ. ලෝකය සංකීර්ණ වෙලා. හැමදෙනාම දීර්ඝකාලීන අරමුණු වෙනුවට කෙටි කාලීන අරමුණු දිහා බලන්න පටන් අරගෙන. ලොකු ඇජෙන්ඩා වෙනුවට පොඩි පොඩි ඇජෙන්ඩා එළියට එන්න පටන් අරගෙන. මේ තත්ත්වය අන්තිම භයානකයි. මොකද ඒක අන්තිමට පාර කපන්නෙ අරාජකත්වයට නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-85628148210883849222012-08-03T20:19:36.965+05:302012-08-03T20:19:36.965+05:30සිරාවට කියන්නෙ. මට මේක තේරෙන්නෙ නෑ.සිරාවට කියන්නෙ. මට මේක තේරෙන්නෙ නෑ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53232906888573724212012-08-03T20:18:19.361+05:302012-08-03T20:18:19.361+05:30මේක මරු. අර කිවවත් වගේ පොඩි පොඩි වීරයො ගොඩක් ඉන්න ...මේක මරු. අර කිවවත් වගේ පොඩි පොඩි වීරයො ගොඩක් ඉන්න එකත් නියම වැඩක්. එතකොට කවුරුහරි ගත්තොත් එක වීරයයි. සතුරො ගොඩයි. ඌට මැරෙනකං උනත් හැප්පෙන්න ඉඩු තියෙනවා. ෂෙහ්.... හදන්නෝනෙ 'සංකල්පයක්' :)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-4364108638000418582012-08-03T16:52:39.592+05:302012-08-03T16:52:39.592+05:30ෆ්‍රෙඩී සිල්වා ගැනත් මිනිස්සු කතාවෙන්නෙෆ්රෙඩී සිල්වා ගැනත් මිනිස්සු කතාවෙන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-74398854361481959562012-08-03T16:47:52.715+05:302012-08-03T16:47:52.715+05:30@charmi, මම තමුසෙගෙ අඩවියට ආවේ අද. ඇත්තම කියනවා නම...@charmi, මම තමුසෙගෙ අඩවියට ආවේ අද. ඇත්තම කියනවා නම් සිංහලෙන් ලියපු අඩවි කියවීමටත් සිංහලෙන් ප්‍රතිචාර දැමීමටත් උත්සාහ කලේ බොහොම මෑතකදී. ඒ LCN වල තමුසෙලා වගෙ සිංහලෙන් සිංහලයන්ගෙ උරුමය වනසන අවලමුන්ගෙ නීච දීන කතා වලට පිළිතුරු දීමටයි. ඊට කලින් ඒ අවලන් වැඩේ ඉංග්‍රීසියෙන් කල සුනඛයන්ට මම හොඳට උත්තර දුන්නා. අද වෙනකොට උන් එවැනි කිසි කතාවක් කියන්නෙ නෑ. ඒ වගේ දෙයක් කලොත් මම උන්ට ගැලපෙන භාෂාවෙන් උත්තර දෙනවා.

මම මේකෙ ප්‍රතිචාරත් කියවලයි මේක ලියන්නෙ. උඹලා සිංහල භාෂාව යන්තම් තටමන්නෙ ඒ මිනිසුන් අතරට රිංඟ ගෙන උන්ගෙන් යැපුන මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන්නන් නිසා බව මම සහතිකව දනිමි. කෑ පතේ පහරන උඹලාට විහිළුවක් ලෙස පෙනෙන සිංහල අතීතය ඇත්තටම සැබෑ ඉතිහාසයෙන් සුළු කොටසකි.

මම ගැන නොදන්නවා වුනත් මෙය ලියමි. අළුත්ම විෂයන් ගෙන් සැකසුනු තාක්ෂණ උපාධියක් සඳහා මා ලියූ සුළු රචනාවක් විෂයක් ලෙස උගත යුතුය. එසේම ලොව සුපිරි තාක්ෂණයක් ගැන බයිල කියා රඟපෑ අමනයන් ලොවට අත පෑ විට තාක්ෂණය කොටසක් දී ගල්ඵ් මැක්සිකෝ බොක්කේ තෙල් කාන්දුව නැවතුවේ මමය. මෙය කීවේ නමක් නැතිව ලියන මම උඹලට ඉඟියක් දීමට මිස සිංහලුන්ට නිගා කරන උඹලා සමඟ ගණුදෙනු කිරීමට නොවේ. උඹලා වැන්නවුන් චුත කිරීමට ප්‍රිය මම, සිංහලයන්ගේ අතීතය මැනවින් දනිමි. එය මා සොයා ගත්තෙ මගෙ වැඩ කටයුතු කරන අතර වාරයේදීය. සිංහලයන් බොරු නොකියන ජාතියකි. උන් සතු අතීත කතා සැබෑය. බොරුකාර වසලයන් වන්නෙ සිංහල වෙස් ගත් මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන උඹලාය. හිඟමන් යදිනවුන්ට ඇති උරුමය, වැදගත්කම කුමක්ද? නොදන්නා දේ ගැන සිංහල බසින්ම විකාර කියවමින් උඹලා රෙදි නැතිව තම උරුමය කියනු දැක සිහලුන් වෙනුවෙන් කණගාටු වෙමි.

මෝඩ අමනයනි, වත්මන් රජය යනු ඉංග්රීසින්ගේ කටු කෑ මලයාලි හිඟනුන්ට භාර දුන් සුද්දාගේ උරුමයයි. එය සිංහලයන්ගේ යයි කියන එවුන් හරකුන්ය. අද මලයාලි රජා උන්ගෙ මළගමට සියකැමැත්තෙන් යනවිට එය සිංහලයාගේ අවසානය යයි කියන අමනයනි, එය සිංහලයන්ගේ නැගිටීම බව මම කියමි.

සිංහලයන් බොරු කියා නැත. දියසේන යයි අයෙකු ඉපදුන බව සැබෑය. මම ඔහු සොයා ගතිමි. සිහලුන් බොරු කියන ජාතියක් නොවේ. උඹලා වැනි අමනයන්ට වැරදුනේ සිංහලුන් පන්නා දැමූ තේමිය (ගෝතම හෙවත් ගිය තෙමෙ) ගෙන් බිහි වූ ඉංග්‍රීසි පරයන්ට දීන වූ නිසාය. එසේම පර වහරින් රාවන යයි කියන්නේද, හිරු යයි කියන්නේද ඔහුමය. උඹලා දිනය වරදවාගෙන වසරකට කලින් සෙව්වේ සිංහල වසර අප්‍රේල් මැදත් බටහිර වසර ජනවාරි පලමු දිනත් යෙදෙන බව නොදැන අනාගත් නිසාය. එහෙත් සිංහලෙන් සිංහලයන්ම ගරහන උඹලාගේ ඉරණමද එහි කොටසකි. මලයාලි රජා උඹලා වඳ කරනු ඇත. අද ඌ උඹලා වනසන විට නගන අදෝනාව උඹලා ලියන දෙයින් මට ඇසේ.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-32895362908307703262012-08-03T16:47:30.866+05:302012-08-03T16:47:30.866+05:30ආණ්ඩු විරොධී? එහෙම නැති එවුනුත් ඉන්නවද? අපේ ගමේ නම...ආණ්ඩු විරොධී? එහෙම නැති එවුනුත් ඉන්නවද? අපේ ගමේ නම් දැන් එහෙම එවුන් ඇත්තේම නෑ...The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-2343311098595754122012-08-03T11:14:02.597+05:302012-08-03T11:14:02.597+05:30දවසක් බෝතල් පත්තර කාරයෙක් කියපු කතාවක් මේක... ගැලප...දවසක් බෝතල් පත්තර කාරයෙක් කියපු කතාවක් මේක... ගැලපෙනවා කියලා හිතුන නිසා දාන්නම්.

පොළොවේ ඇවිදිනකොට ගල් වැදිලා, උල් ඇනිලා කකුල තුවාලවෙන නිසා, සුද්දෙක් හැදුවලු 'හම්' වලින් මේකට ආවරණයක්.. අපි ඒකට කියනවා "ෂූස්" කියලා.

"ෂූස්" දාගෙන ටිකක් දුර ඇවිදිනකොට "ෂූස්" ගැලවිලා විසික්වෙනවලු. තව සුද්දෙක් කල්පනා කරලා බලලා මේක කකුලට හිර කරගන්න එකතු කලාලු නූලක්.... ඒක තමයි "ලේස්".

"ෂූස්" දාගෙන "ලේස්" ගැටගහලා ඇවිදිනකොට "ෂූස්" වලට කකුල් කැපෙන්න ගත්තලු. තව සුද්දෙක් හැදුවලු කකුලට දාගන්න රෙදි වලින් ආවරණයක්. අපි ඒකට කියනවා "මේස්" කියලා.

දැන් "මේස්" දාල, "ෂූස්" දාල, "ලේස්" ගැටගහලා ඇවිදිනකොට මේ "ෂූස්" ටික ටික ජරා වෙන්න ගත්තලු. ඉතින් තව සුද්දෙක් හැදුවලු මේකට ගාන්න ආලේපයක්. ඒක තමයි "පොලිෂ්".

දැන් "මේස්" දාල, "පොලිෂ්" කරපු "ෂූස්" දාල, "ලේස්" ගැටගහලා ඇවිද ඇවිද ඉන්නකොට මේ සුද්දො හතර දෙන දැකපු තව සුද්දෙක්, "ෂූස්", "ලේස්", "මේස්" සහ "පොලිෂ්" හදන්න පටන් අරන් ඒවා "කේස්" වල දාල විකුණන්න ගත්තලු.

බලන්න අම්මේ තාත්තේ අය්යේ අක්කේ නංගියේ මල්ලියේ. සුද්දො පස් දෙනෙක් එකතු වෙලා එහෙම කරනකොට, අපේ එකෙක් ඉඳිකට්ටක් හැදුවොත් අනිකා හදනවද ඒකට දාන්න නූලක්? නෑ ඌ හදනවා ඊට වඩා ලොකු ඉඳිකට්ටක්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-53853371136438274812012-08-03T11:06:35.773+05:302012-08-03T11:06:35.773+05:30මිගාර අවජාතිකවාදීන්ට කොතරම් වදයක් වූවාද යන්න මේ කො...මිගාර අවජාතිකවාදීන්ට කොතරම් වදයක් වූවාද යන්න මේ කොමෙන්ට් වලින්ම පෙනේ. නික්ම ගොස් බොහෝ කලක් ගිය තැනත් තවමත් ඔහු ගැන කතා වෙන්නේ ඒ නිසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-25602958273661585992012-08-03T10:49:04.234+05:302012-08-03T10:49:04.234+05:30මං හිතන්නේ දැන් ඉන්න ඕනෙ පොදු සතුරෙක් නෙවෙයි, වීරය...මං හිතන්නේ දැන් ඉන්න ඕනෙ පොදු සතුරෙක් නෙවෙයි, වීරයෝ ගොඩක්. පොදු සතුරා නිසා සමාජය යම් තරමක් හරි ඒකාත්මික වෙනවා. පොදු සතුරා වෙනුවෙන් පෙළගැහෙනවා. දැන් පොදු සතුරෙක් නැහැ. පොදු සතුරෙක් නිර්මාණය කරන්න වීරයෝ නිර්මාණය කරනවට වඩා අමාරුයි. අමාරුම වැඩේ සතුරාව 'පොදු' කරන එක තමයි. අනික දැන් පොදු සතුරා විනාශකල නිසා වෙනසකටත් එක්ක ඕනේ වීරයෝ. වීරයන්ට පුලුවන් සමාජය කෑලි කෑලි වලට කඩන්න. ඒක නෙමේද දැන් අපිට ඕනෙ? උඹේ වීරයා, මට අල්ලන්නේ නැති නිසා මම වෙන වීරයෙක්ව හදා ගන්නවා. ඔය දෙන්නම අල්ලන්නේ නැති අල්ලපු ගෙදර එකාට ඕනේ වෙන එකෙක්. ඒට පස්සේ අපිට පුලුවන් කොයි වීරයද වඩා හොඳ කියලා මරාගන්න.

නරකද අර කලින් ලිපියේ අදහසුත් එකතු කරලා, රාවණාටයි තව වීරයෝ ටිකකටයි පුනරුප්පත්ති ලබා දුන්නොත්? වීරයෝ උනත් සදාකාලික උනාම බෝරිං. පුනරුප්පත්තියෙන් ඒ ප්‍රශ්නෙත් විසඳෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-6002055616944646842012-08-03T06:13:23.621+05:302012-08-03T06:13:23.621+05:30/මහින්ද රාජපක්ෂ කියන්නෙ අපිට ඉන්න හොඳම නියෝජනය කිය.../මහින්ද රාජපක්ෂ කියන්නෙ අපිට ඉන්න හොඳම නියෝජනය කියලයි මට හිතෙන්නෙ....
අපි හැමෝම ලොකෙට රටට යමක් කරනවාට වඩා තමුන්ට තමුන්ගෙ පවුලට නෑයින්ට යාලුවන්ට හොඳක් වෙන දෙයක් කරන්න ආසයි...

මොන බාදාව තිබුනත් අපේ වැඩේ විතරක් කෙරෙනවාට ආසයි....
මේ වගේ ලාංකිකයන් බහුතරයකට ඇති කුහකත්වය සහ අනෙකුත් ගෝත්‍රික ලක්ෂනවල නියම නියෝජනයක් තමයි මහින්ද කියන්නෙ.../

ඉතාම හොඳ නිරීක්ෂණයක්. මේකෙන් මට මෙතක් ගැටළුවක් වෙච්චි දෙයක් අවබෝධ වුණා.

අපි ජාතියක් හැටියට "නිරපේක්ෂ දියුණුව" වෙනුවට "සාපේක්ෂ දියුණුව" තෝරා ගෙන තියෙනවා.

නිරපේක්ෂ දියුණුව කියන්නේ අපට ඉන්නා කාමර දෙකේ ගෙදර වෙනුවට වඩා ලොකු ගෙදරක් ගොඩ නඟා ගන්න පුළුවන් වීම. මෝටර් බයිසිකලේ වෙනුවට කාර් එකක් ගන්න පුළුවන් වීම. වඩා හොඳ අධ්‍යාපන පහසුකම්. වඩා හොඳ සෞඛ්‍ය පහසුකම්.

"සාපේක්ෂ දියුණුව" කියන්නේ අපේ ගෙදර කාමර ගාණෙන් වැඩක් නෑ. නමුත් ඒක අල්ලපුගෙදර මනුස්සයගෙ ගෙදර කාමර ගාණට වැඩිය වැඩි වෙන්න ඕනැ. අපට බයිසිකලෙන් ගියත් කමක් නෑ, අල්ලපු ගෙදර මිනිහ යන්නෙ පයින් නම්.

රනිල්ලා, සෝමවංසලා, ෆොනීලා ඔක්කොටම කතා කරන්නෙ ඔය පළවැනි එක ගැනයි. දෙවැනි එක දෙන්න පුළුවන් මහින්දට විතරයි. ඉතින් අපි මහින්ද පස්සෙ යනවා.

අද රටේ වෙන බොහෝ දේවල් මේ තියරිය මත පැහැදිළි කළ හැකියි. (උදා: පෞද්ගලික අධ්‍යාපනයට විරෝධය, මුස්ලිම් පල්ලි කැඩීම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පඩි මදිවීම...)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-79639449743706389212012-08-03T00:32:21.693+05:302012-08-03T00:32:21.693+05:30සුපිරි වීරයෙක් සහ සුපිරි සතුරෙක් ඕනෑ කර තිබේ!!!!!!...සුපිරි වීරයෙක් සහ සුපිරි සතුරෙක් ඕනෑ කර තිබේ!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-3399767646807207142012-08-02T23:56:21.689+05:302012-08-02T23:56:21.689+05:30රාජපක්ෂවාදීන් විතරක් නෙමේය. මේ වෙනකොට අලිවාදීන් ද ...රාජපක්ෂවාදීන් විතරක් නෙමේය. මේ වෙනකොට අලිවාදීන් ද සමහර රතුවාදීන්ද මේ වෙනකොර ආරාජික පැත්තකට හැරෙනවෝය. මේ තත්වය භයානකය. දැන් පවතින ක්රමයේ කුණු නොවූ කෙනෙකුට එන්නට කාලයය. ඒ අප දන්නා ෆොනී නම් නොවේය. ඒත් ඉන්නා එවුන් මරා දමා අළුත් එවුන් හොයනවා කියන්නේ විහිළුවක්ය. කරන්නට ඕනෑ මුන් ගේ න්‍යයය වෙනස් කරණ එකය. ඒත් න්‍යාය වෙනස් කරන්නට ඕනෑකම තියන එවුන් නැතිය. ඉතින් අපි ආයෙත් පරණ තැනය.

මහවැලියේ ඉඩමක් ගන්න කොල්ලෙක් ගියේය. ප්‍රශ්ණ ගාණකට උත්තර දෙන්න සිද්ධ විය.

'තමුසේ බැදලද'

'නෑ සර්'

'බැදපු නැති එවුන්ට ඉඩම් නෑ..යනව යන්න'

කොල්ලා කෙල්ලෙක් සොයා ගත්තේය. වෙන්න මාමණ්ඩි බලන්න ගියේය.

'තමුසෙට ඉඩමක් වත් තියනවද'

'නෑ මාමා'

'ඉඩම් නැති එවුන්ට ගෑනු මෙහෙ නෑ...යනව යන්න'

පැනල ගියානම් ඉවරනේ...කවුද කියනවා ඇහුනේය...

අපිටත් මොකියෙක් (මොකා ගේ ගෑනු සතා) එක්ක හෝ පැනලා යන්න කාලය ඇවිත්ය. මොකියෙක් කිව්වට පැනල යන එකී අපිට ඉඩමක් අරන් දෙන්නට පුළුවන් එකියෙක් වෙන්න ඕනෑය. හොර ගෑනු දැන් අපිට එපා වෙලාය.

රාවණා ෆැන්ටසිය ජොලිය. මි ජයා ගේ අරමුණ හරිය. හැමදේම වගේ කාලයකින් වලපල්ලට යන්න පුළුවන. නොතේරෙන් (මනසින්) චූ කොල්ලෝ මගහැර දැන්වත් මී ජයා ව බුකියෙන්, සයිබරයෙන් එළියට ගෙනි යා යුතුය. එළියේ උන් තාමත් හීනෙන්ය. ෆැන්ටසියේ ඇති ඔලු වලට චාමි කියන විදිහේ වීරයෝ එන්නේ නැත. ඒ වෙනුවට අපිට කොහෙන හෝ එකෙක් සොයා ගත යුතුය.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-69308582549303582212012-08-02T23:21:10.057+05:302012-08-02T23:21:10.057+05:30හොද කියවීමක්..හොද නැද්ද නිකං ඉන්න ගමන් වර්ගපූර්ණික...හොද කියවීමක්..හොද නැද්ද නිකං ඉන්න ගමන් වර්ගපූර්ණිකාවට ලිපි ලිව්වොත්.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-30420317860511878562012-08-02T22:57:15.928+05:302012-08-02T22:57:15.928+05:30එකඟයි මචන්...එකඟයි මචන්...පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-8032928981302866204.post-31337312603843896102012-08-02T22:46:30.209+05:302012-08-02T22:46:30.209+05:30uba eka agamika moodayak banuba eka agamika moodayak banAnonymousnoreply@blogger.com