Tuesday, July 10, 2012

වෙන්ඩ ත්‍රස්තවාදියා - සුනිල් සාන්ත


එවෙලේ මම හිටියෙ හෙට්ටිපොල නගරයේ බස් නැවතුම අසල පුංචි හෝටලයක් තුල. ඇය හෝටලය තුලට ආව. ඇගේ නම රංජනී හෝ ජයන්ති වගේ එකක් විය යුතුයි. බොහෝ කෙට්ටුයි. කළුයි. බොහොම කටුක පරිසරයක වෙසෙන සිරුරක්. කිසිදු සැලකිල්ලකින් තොරව ඇඟ ලා ගත් පොඩිවුන දුඹුරුපාට බ්ලවුස් එකක් සහ ඇයට කිසිසේත් නොගැලපෙන පොඩිවුන දිග ස්කර්ට් එකක්. ඇගේ පයේ ප්‍රමාණයට වඩා අඟල් එකහමාරක් විතර විශාල පැරණි පාවහන් යුවලක්.

ඇගේ අතේ එල්ලී ආ කෙලි පොඩිත්තිත් ඇයට දෙවෙනි නෑ. ඇය ඇඟලාගෙන හිටියෙ තරමක් දිග රතුපැහැති ටීෂර්ට් එකක්. ඒකෙත් තැන් තැන්වල පැල්ලම්. හුඟක් කෙට්ටුයි. ටිකක් උසයි. වයස අවුරුදු අටක් විතර ඇති. පොඩිත්ති සෙරෙප්පු දාල හිටියෙ නෑ.
දෙන්නා තරමක චකිතයකින් වගේ කඩය තුලට ආවෙ. පස්සෙ ගියේ පේස්ට්‍රි දාල තිබ්බ ෂෝකේස් එක ළඟට. පොඩිත්තිගෙ ඇස් නානාප්‍රකාර පේස්ට්‍රී අතර අතරමංවෙලා තිබ්බෙ.

“පාං ගෙඩියක් කීයද...?”

කැෂියර් කොලුව නිකමටවත් උං දිහා බැලුවෙ නෑ.

“පනස් අටයි!”

පරණ අත්බෑගයකින් පසුම්බියක් එළියට ආව. ඒකෙන් පණහෙ කොලේකුයි සිල්ලර කාසි වගයකුයි කැෂියර් එක උඩට වැටුනා. කොල්ලා ෂොපින් බෑගයකට පාන් ගෙඩියක් දාල දුන්නා. අම්ම ඒකත් අරං එලියට ගියා. කෙලි පොඩිත්ති ෂෝකේස් වීදුරුවට පිටින් අර පේස්ට්‍රීස් දිගේ ඇඟිල්ලෙන් ඉරක් ඇඳගෙනම අම්ම පස්සෙන් ගියා. මම උන්නෙ සෝස් පොඩ්ඩක් තවරගත්තු ඔම්ලට් බන් එකක් ගිලිමින්.

මට නැවත මේ දෙන්න හමුවුනේ බස් නැවතුමේදි. හලාවත බස්එක එනකං මම උන්නෙ. එලියෙ තරමක වැස්සක් තිබුණා. මට ඇයත් සමග මොනවහරි කතාකරන්න ඕනෙ වෙලා තිබුණා.

“වහින එකනං හොඳයි...”
“හ්ම්.....”
“කොහෙ යන ගමන්ද...?”
“උසාවි ආවා....!”
ඒක මට කලින්ම හිතාගන්න තිබුණා. ඕකට නැතුව මේ කෙහෙම්මල් ටවුමට මොකට මනුස්සයො එන්නද?
“අද නඩුවක් තිබුණද?”
“හ්ම්.... අපේ එක්කෙනා....”
“මොකද්ද කේස්එක?”
“කසිප්පු නඩුවක්..... (අහවල්) පොලිසියෙ බල්ලො.....”
.............
“විකුණලද....?”
“එහෙමනං දුක නෑ..... අපේ එක්කෙනා බොනව තමයි.... ඒත් එදා බීලවත් නෙමෙයි.....”
“කෝ දැං....?”
“ඔය ළඟට ගිහිං එන්නං කියල ගියේ.....”

ඒක කිව්වෙ කට කොණක පොඩි හිනාවක් එක්ක. කොහෙන්හරි පොඩ්ඩක් සප්පායම් වෙන්න යන්නැති.

ඇය කතාකරන්න ගත්තා. පොඩ්ඩි අතේ එල්ලීගෙන මාරුවෙන් මාරුවට මං දිහාත්, වට පිට මිනිස්සුන්ගෙ අරුමෝසම් දිහාත් බල බලා උන්නා. වැස්ස දිගටම වැස්සා.

“අපේ එක්කෙනා කුලිවැඩ කරන්නෙ.... එකක් කියල නෑ... හුඟක් කොප්පරා මැහි වල.... දවසක් එයාම කිව්ව හැමදාම අනුංගෙ කොප්පරා වේලන එකේ අපිම වේලුවනං මොකද කියල.... ඒගමන මං ඉන්න ඇග්රෝ සමිතියෙන් රුපියල් පාලොස්දාහක ණයක් ගත්තා. ඒකෙන් තමයි ඔය වතුවල තේරෙන පොලුයි... රෑට මුරකාරයො විකුණන පොලුයි බයිසිකලේ ඇදල ගොඩගහගත්තෙ.....

... සිමෙන්ති කොට්ටයක් ගෙනත් ගෙදර තිබ්බ පරණ ගඩොල් ටිකෙන් පොඩිවට කොප්පරා මැස්සකුත් අපි දෙන්නමයි හැදුවේ....... ගිය සතියෙ සඳුදා පොල්ටික ලෙලිගහලා බිඳින්න ගත්තෙ. එයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුත් ඇවිත් හිටියා. එහෙ සඳුදා නිවාඩුයිනෙ......”

නිවාඩු දවස කියන්නෙ සතියෙ පොල දවස. කුලිවැඩ කරන මිනිස්සුන්ට පඩි හම්බවෙන්නෙ එදා උදේට.

“ඉතිං කට්ටිය - එහෙ කසිප්පු විකුණන එකෙක් ඉන්නවා බොනී කියලා... අපේ එක්කෙනා එක්ක හිත හොඳ නෑ- උගෙං අරක්කු පැකට් දෙකකුත් ගෙනත් කලවං කරං බිබී හිටියෙ...... අපේ එක්කෙනා බිව්වෙත් නෑ.....”

“ඉතිං....?”

“ටික වෙලාවකිං පොලිසියෙං පැන්නා.... අපි කසිප්පු විකුණනවා කියලා අල්මාරි ඇතුලෙ හිට හෙව්වා.... අංතිමට ඔය ගෙනාපු හිස් කසිප්පු පැකට් දෙකයි... කලවං කරපු කෝප්පෙ අඩියෙ තිබිලා ඩිංගකුයි අල්ලගත්තා..... අරික්කාලක්වත් නෑ..... පස්සෙ හවස එකට පොලිසියට එන්ඩ කියලා අපේ එක්කෙනාගෙ අයිඩිංටියත් අරං උං ගියා......”

“මාර වැඩක්නෙ....!”

“පස්සෙ අපේ එක්කෙනා පොලිසි ගියා..... ගිහිං අර පොලිස්කාරයො එනකං බංකුවක් උඩ රෑ අට වෙනකං ඉඳලා.... රෑවෙච්චි හිංදා අදුනන මල්ලි කෙනෙක් එක්ක මාත් බලන්ඩ ගියා.... මුං රෑ අටහමාරට ඉතර ඇවිත් කටඋත්තරයක් අරං එයාව කූඩුවට දැම්මා..... පහුවදා උදේ නඩුදිනේ දන්නලා ආපහු එව්වා... මේ බල්ලො බෝතල් දෙහෙකට දාලා........”

ඇගේ ඇස් කෝපයෙන් දිළිසුනා.

“බෝතල් දෙකකට බර ගානක් ගහනවනේ.....”

“ඔව්... එකොලොස්දහක් විතර ගහනවලු..... ඒගමන අර කොප්පරා ටිකත් විකුනලා.. තව ගානක් ණයටත් හොයාගෙන මේ ආවෙ......”

“කීයක් දඩ ගැහුවද....?”

“පෙරකදෝරු මහත්තයා උසාවියෙදි කතාකරල එක බෝතලේකට දඩ ගැහුවා.... පන්දාස් පන්සීයක්......”

ඒක කිව්වෙ ලොකු සහනයක් ලැබුන ගානට. එක අතකට ඇත්ත. අර ණයට හොයාගත්තු ගානවත් ඉතිරි නැතෑ. වැස්ස පොඩ්ඩක් තුරල් වෙමින් තිබුණා. සුදු සරම එක අතකින් උස්සගෙන පොද වැස්සෙ තෙමීගෙනම ඔහු ආවෙ ඒ වෙලාවෙ.

“මෙයා තමා......”

කළු කෙසඟ මනුස්සයෙක්.

“මෙච්චරවෙලා වෙච්ච සිද්දිය තමා කිව්වෙ......”

ඔහුගෙ මුහුණෙ තිබුණෙ කෙන්තියත් එක්ක පොඩි ප්‍රබෝධමත් ගතියක්.

“ඕං පලවෙනි වතාවට පොලිසිත් ගියා... උසාවිත් ගියා...... කමක් නෑ.... ඕවා තියෙන්නෙ අපිට යන්ඩනේ.... නැද්ද....?”

කතාවෙ ඉතිරි ටිකකුත් තියෙනව කියල මට දැනුනා.

“දැන් මොකටද පොලිසියෙන් බෝතල් දෙකකට දැම්මෙ....?”

“ඕක කෙරුවෙ අර බොනිය කියල එකෙක්. ඌ තමා එහෙ....”

“මෙයා බොනිය ගැන මට කිව්වා.....”

“ආ...ං .. ඌ මාත් එක්ක හොඳ නෑ.... එදා උදේ ඔය පොලිස්කාරයො පගාව ගන්ඩ බොනියගෙ ගෙදර ගිහින් තියෙනවා.... ගිහින් කියල මේ පාරනං බෝතල් දෙකකවත් නඩුවක් ඕනෙමයි කියල..... අරුං කසිප්පු පැකට් දෙක අපේ අහ ගෙනාව කියල දන්න හින්දා බොනිය උංව මෙහෙ එව්වා..... බල්ලා....

වැඩේ ඒක නෙමෙයි.... ඔය පොලිස්කාරයො අපිටත් වඩා දන්නව විකුනන්නෙ මොකාද නැත්තෙ මොකාද කියල.... අනික බොනියලගෙ කසිප්පු බෝතල් විස්ස තිහ ඇල්ලුවත් මුං දාන්නෙ වැඩිම උනොත් බෝතල් දෙකයි.... මගෙ ගෙදර තිබ්බ අරික්කාලක්වත් නැති එකට මුං දෙකක්ම දැම්මා..... හෙන ගහනව ඕකුංට..... අනික බොනිය පහුවදා උදේ ඇවිත් මට පාට්ටෙකකුත් දැම්ම කසිප්පු ගත්තෙ උගෙං කියල කට උත්තර දුන්න කියල.... පොලිසියෙ එවුං ඒකත් මූට කෝල් කරල කියල.... පර බල්ලො.......

මොකද අපි කියල පොලිසියත්තෙක්ක නඩු කියංඩද?.... කියන ගානක් දෙන්ඩ බලං තමා ආවෙ..... අම්මප මට තුවක්කුවක් තිබ්බනං බාවනව ඔය පොලීසියම.......”

“නම මොකද්ද...?”

“සුනිල් සාන්ත...!”

වැස්ස පෑව්වා. බස් එක ආවා. ඒගොල්ලොත් මාත් එක්කම හලාවත බස් එකේම නැග්ගා. කොහෙන් බැස්සද කියලනං දැක්කෙ නෑ.

පොලිසියම බාවන්ඩ කතා කලත් සුනිල් සාන්තගෙ මූණෙ එච්චර මැරෑටි ගතියක් මෝරල තිබ්බෙ නෑ. අඩුගානෙ ඌ ගල්කැටයකින්වත් ගහන එකක් නෑ. ඒත් පොලිස් දෙපාර්තමේන්තුවම ගිනිතියන්ඩ තරම් ගින්නක් ඒ ඇස් දෙකේ තිබුණා.

හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. කවදහරි ඔයවගේ නූගත් සුනිල් ශාන්තල පනහක් හැටක් එකතුවුනොත් නම් මොනවහරි වෙන්නත් ඉඩ තියෙනවා.
අන්න එදාට ඔය වගේ නූගත් මිනිමරුවන්ගෙන් අර කැහැටු කෙලිපොඩිත්තිගෙ අනාගතේ බේරල දෙන්ඩ, අපිටත්  ‘රට’ වෙනුවෙන් යුතුකොමක් ඉටු කරන්ඩ වාසනාව සක්තිය ලැබේවි.

නොදකින් විතරක්!

53 comments:

  1. නොදකින් විතරක් නේන්නං....

    හැම පොලීසියකම වගේ ඔය කාලකන්නි වැඩේ කරනවා. සමහර වෙලාවට කසිප්පු වෙළදාම හොද නැහැයි කියලා හිතාගත්තු උන් ගොව්තැනක් බතක් කරගෙන ඉන්නකොට පණිවිඩයක් යවලා පොලීසියට ගෙන්නගෙන පොලීසියේ කසිප්පුයි කැන්ටි‍මෙන් වීදුරුවකුයි දාලා නඩුවක් පටලවනවා කොහොමහරි.

    සුනිල් සාන්තලා විසිරිලා ඉන්න හින්දා මුන්ට හැමදාම මේ සෙල්ලම කරගෙන ගියහැකි.

    ReplyDelete
  2. නොදකින් විතරක් සාමාන්‍ය ජනතාව වෙච්චි අපට කරන්න තියෙන්නෙ ඔය වගේ පාහ්ගර වැඩ කරන පොලිස් බල්ලන්ට හෙණ පාත් වේවා කියල පාර්ථනා කරන එක තමා! අහිංසක මිනිස්සුන් ටමයි මුන් බලු පාර්ට් දාන්නෙ

    ReplyDelete
  3. Rear Gate මේ පලාතේ වගේ.... ටිකක් ලග නිසා එහෙම අහන්න හිතුනේ.... නියර මිටි තෑනින්ලු වතුර බහින්නේ... කොහොමත් හෑම හෙනේම පාත් වෙන්නේ පොඩි මිනිහගේ ඔලුවටම තමා

    ReplyDelete
  4. මේ ලක්ෂ ගානක් මෙහෙම කතා අතරින් එකකි.මේවා එදත් සිදු විය අදත් සිදු වේ.හෙටත් සිදු වන බව ඒකාන්තය.හිඟන පඩියක් ගන්නා ලංකාවේ පොලිස්කාරයෝ උන්ගේ අයවැය හිඟය පිරිමසා ගන්නේ සුනිල් ශාන්තල වැනි අන්ත අසරණයන්ගෙනි.පහත් තැනින් ජලය ගලා යන ලෝක දහම මේ ලොව පවතිනතුරු තියේවි.

    ReplyDelete
  5. ""මම උන්නෙ සෝස් පොඩ්ඩක් තවරගත්තු ඔම්ලට් බන් එකක් ගිලිමින්.""

    මට අල්ලනේම නැති වැඩක් තමයි මේ බ්ලොග් පෝස්ට් අස්සේ හිමීට නයි අරින එක. මුන් හිතන් ඉන්නේ හිමීට නයෙක් ඇරියම උන්ට ඉහල පැලැන්තියකට පැන ගන්න පුළුවන් කියලා.

    සෝ ඉතින්. ලුණු මිරිස් එක්ක පොල් රොටියක් කාපු උඹ මෙතන ඇවිත් ලියනවා, සෝස් එක්ක ඔම්ලට් බන් කෑවලු..!

    මහ ලොකු සමාජ විශ්ලේෂකයා, හරිහමන් ඇකඩමික් බැක්ග්‍රරවුන්ඩ් එකක් නැති උඹලට පුළුවන්ද බන් සමාජ විශ්ලේෂණය කරන්න. උඹලා මොනවද සයිකොලොජි ගැන දන්නේ..? බිහේවියරල් සටුඩීස් ගැන..? අඩුම ගාණේ මාස්ලොව් ගේ පිරමිඩ් එක ගැනවත් දන්නවද..?

    දන්නේ ඉතින් බල්ලො ගොඩගත් කෙල්ලොයි වරෙත්තු අලියොයි තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. *
      සෝස් + ඔම්ලට් හයි ෆයි වෙන්නේ නම ඉංග්‍රීසියෙන් කියවෙන හින්දද? ඕනෙම පුංචි පෙට්ටි හෝටලේක උනත් ඕක අනිත් කෑම වල ගානටම තියෙනවා. මූ කිව්වනම් "මම මාළු පාන් එකක් කකා ඉද්දි " කියල ඒක පොෂ් නෑ.

      අනේ බන් උඹේ මනෝ විද්‍යාව. දුප්පත් මිනිස්සු යන දුප්පත් කඩේකට ගිහිල්ල දෙකයි පනහේ කෑමක් කෑව කිව්වම නයෙක් දකින උන් තමයි මනෝ වෛද්‍ය වරු ලඟට යවන්න ඕන.

      Delete
    2. දරදඬු වෙන තරමටම
      සීතල.....
      හිම දිය වෙන
      අපූරුව.

      ඇත්තටම කෑවෙ ඔම්ලට් බන් එකක්නම් මං මොනව කරන්නද බං?

      Delete
    3. මෙන්න ඈකඩමික් බෑක් ග්‍රව්න්ඩ් එකක් තියෙන උන්දගෙ දෑනුමෙ තරම.
      ඔම්ලට් බන් එකත් පොෂ් උනා එහෙනම් . :D

      Delete
    4. මාලන් කියන එකේ පොඩි ඇත්තක් නැත්මෙත් නෑ නේද? මොකද මෙයා සෝස්+ඔම්ලට් බනිස් ගැන ස්පෙෂලි කිව්වට ඒ වගේ වෙන මුකුත් කියල නෑනෙ. මෙයා ඇදන් හිටියෙ මොනවද අතේ සල්ලි කීයක් තිබ්බද කියල වගේ. අනික ඔය බනිස් ගෙඩිය කෑව කියල ඔතන ලිවුවෙ නැතත් මේකෙ මොකුත් අඩු වෙනවද? පොඩි නයි පැටියෙක් තමා

      Delete
    5. මේ උත්තරේ අන්තිම ඇනෝට පමණි.

      ඔබ අන්තිමට කියන එකේ ඇත්තක් නැත්තෙ නෑ තමා. නමුත් ඒක මේ කතාවට අදාල වුනත් නැතත් මට අදාලයි. ඒ කෙලිපොඩිත්තිගෙ බැල්ම දැක්කාම මට කකා හිටපු එක වමාරන්න හිතුනා. ඒ වයසෙ මගෙ කෙල්ලත් මතක්වුනා. සාමාන්‍යයෙන් කාපු බීපුව මට මතක තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒත් ඒක මතක හිටියා. ලියාගෙන යද්දි ඒකත් ලියවුනා. එච්චරයි.

      හැබැයි දැන් හිතෙනව පොල් රොටියක් දැම්මනං හොඳයි කියලා :)

      Delete
    6. මං නම් හිතුවේ මාලන් කියල තියෙන්නේ මේ දවස්වල බ්ලොග් ලියන කල්ලි වලට පොඩි උපහාසයක් කියල.(නයා , සෝ ඉතින්)

      Delete
    7. මම හිතන්නෙත් මාලන් පොඩි හින්ට් එකක් පාස් කලේ.

      Delete
    8. අඩේ ඇත්තටම ඔම්ලට් බන් කියන්නේ පොෂ් කෑමක් නෙමෙයි මචෝ.අද ගමේ ගොඩේ හැම කඩේකම ගන්න තියෙන්නේ ඔම්ලට් බන්, බිත්තර පාන් වගේ ඒවා තමයි. කුරක්කන් හැලප, කිතුල් හකුරුත් එක්ක කහට තේ ඕව කන්න බොන්න තියෙන්නේ ITN එකේ කෝපි කඩේ විතරයි.....

      Delete
    9. ඕකා මෙතැන පොල් රොටියක් කියා කිව්වා නම් ඒත් තව එකෙක් මොනවා හරි ලියයි. ඇත්තටම චාමි එතනින් කියන්න හදන්නේ පොඩි එකීට ඒ කෑම එක දෙන්න බැරි එකේ ගිල්ට නේද? අර මාලන් කියන නම යොදා ගත්තු කොමෙන්ට් කරුවාට ඕක නොතෙරෙනේවා නොවේ.

      චාමි මේ දිනවල කිසියම් "බලවේගයක' ඉලක්කයක්. සුදු වෑන් කල්ලියක්ම නොවේ. ඇත්තෙන්ම කිව්වොත් ට්‍රයිසිකල් කල්ලියක්. මට තේරෙන හේතුව තමා අර සමහර එවුන පිරිසක් චාමි පට්ට පොරකි කියා තැන නොතැන පැවසීම. තෝ කවුද ඩො මේ බ්ලොග් අවකාසේ හුහ්.

      මේ හැසිරීමෙයි, උගේ වැයික්කියේ අලුතින් එන චණ්ඩියට කෙලින බොනිගේ හැසිරීමයි අතර වෙනසක් නැහැ.

      අනික තමා මේ මාලන් කියන නම. මේක තමා දැන් ඕනෑම කුප්ප වදෙකට යොදා ගන්නේ. අර මාලන් කියලා බ්ලොග් ලිය ලිය හිටපු එකා හම්බු උනොත් කියපල්ලා නම වෙනස් කර ගන්න කියලා. අන්තිමට බ්ලොග් අවකාසේ උගෙන් ඉතුරු උනේ මේ ඇනෝ තත්වෙනුත් පහත නමක් විතරයි.

      අනේ ඉතින් උඹල තව කතා කරපල්ලකෝ ඔම්ලට් එකේ පොෂ ගැන.

      Delete
    10. නයි අරින බ්ලොග්කාරයොත් ඉන්නවා තමයි, ඒත් මෙතැන චාර්මි කරන්නේ ඒක කියල මට නම් හිතෙන්නේ නැහැ. "නිරීක්ෂකයා" ඔම්ලට් බන් එකක කමින් සිටීම මෙතැන කතාවට අදාළ වැදගත් කාරණයක්. ඒ තනි වාක්‍යය මඟින් "නිරීක්ෂකයා" මේ කතාවේ චරිත වලින් වෙන් කරනවා. කතාවක නිරීක්ෂකයා සිටිය යුත්තේ චරිත වලින් ඈත්ව. නිරීක්ෂකයාත් කතාවේ කොටසක් වෙන්න ගියාම ඒක පටලැවෙනවා වැඩියි. චාර්මි ඉතාම සූක්ෂ්ම ලෙස මේ තනි වාක්‍යයෙන් ඒ වෙනස නිර්මාණය කරනවා.

      අංගුලිමාල දමනය වරණනා කරන ලේඛකයාත් මීට සමාන උපක්‍රමයක් භාවිතා කරනවා ගෞතමයන් හා අංගුලිමාල අතර වෙනස මවන්න.

      පසෙක අල්මාරියේ පේස්ට්‍රි වලට ඉව අල්ලන පොඩි එකීය. පසෙක (මධ්‍යම පංතියේ ආහරයකැයි ගිණිය හැකි) ඔම්ලට් බන් එකක් බුදින නිරීක්ෂකයාය...මේක තමයි ඇති විය යුතු වෙනස.

      මේ වගේම කතාවට වැදගත්, හැම දෙනෙකුටම මිස් වෙච්චි තවක් කොටසක් මේ.

      [උපුටනය]

      “පාං ගෙඩියක් කීයද...?”

      කැෂියර් කොලුව නිකමටවත් උං දිහා බැලුවෙ නෑ.

      “පනස් අටයි!”

      [නුපුටනය]

      ඇයි මේ කොටස වැදගත්? කැෂියර් කොලුවා කියන්නෙත් මොවුන්ගේම පන්තියට අයත් පුද්ගලයෙක්. නමුත් මෙතැනදී ඔහු පැහැදිළිවම ඒ පන්ති විඥානය මතු වීම වළක්වනවා. ඇයි ඒ?

      හිතන්න!

      Delete
    11. මාලන්, උබ පොස්ට් එක අල කරා ( සංවාද කරන්න ඕනනම් ඔරිගිනල්ස් කියවල එන්න කියල කියපු සහ ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එක ප්‍රශ්න කරපු කට්ටියක් හිටපු නිසා මටනම් උබේ කොමෙන්ට් එක හින්ට් එකක් වගේ තමා පෙන්නේ). උබට පස්සේ කොමෙන් කරපු උන් අල හොදි හදල, කාල පොස්ට් එක උඩ රීල පොස්ට් එක ගූ කලා. සරලව කියනවනම් වටින කියන පොස්ට් එකක් ඔම්ලට් බන් එකකට ලගුකලා. දැන් සංවාදේ ඔම්ලට් බන් ගැන! නොදකින් විතරක්!

      Delete
  6. අපේ ගමෙත් තියෙනවා. පොලීසියෙන් එනවා. එතන කසිප්පු බීලා වෙරි වෙලාඉන්න කීප දෙනෙක්ව කුදලං යනවා. පොලීසිය ගියාට පස්සේ අරුං ආයෙත් විකුණනවා!

    ReplyDelete
  7. ඕකට පොලීසියට විතරක්ම බැනල වැඩකුත් නෑ. උන්ට ලැබෙන්නෙ මාර ඕඩර්. මාසෙකට නඩු මෙච්චරක් ඕන කියල ටාගට් එකක් දුන්නට පස්සෙ කාවහරි කුදලගෙන එන්න ඕන. නැත්තං ලොක්කන්ගෙන් කැපිලි. නැත්තං ලොක්කට කපනව උගෙ ලොක්කො. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ වැරදි කාලයත් එක්ක අඩුවෙන්න බෑ. මොකද ටාගට් අවුල් වෙනවනේ. මේව කල්පනා කරනකොට පිස්සු හැදෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බෑ නේද මචන්. පොලීසියට නඩු ඕන නම් ඕන තරම් වැරදිකාරයො ඉන්නව මේ සිරි ලංකාවෙ. මේ කතාවම ගත්තත් බොනියව අල්ලනෙ නැති පොලිසිය ඒක බීල යන මිනිහව අල්ලනව. කුඩු ග්‍රෑම් 10 විකුනන පොලිසිය කවදාවත් උට කුඩු විකුන්න මහ එකා අල්ලන්නෙ නෑ.

      Delete
  8. මමත් ඒ කිට්ටුව පාතම තමයි.. මේ වගේ ලේ කෝප වන කතා, ඇඩෙන කතා ඇති පදම් මේ පළාත්වල තියෙනවා.. සුනිල් සාන්තල කොයි තරම් ඉන්නවද? දුක් විඳින මිනිස්සුන්ට ගොඩ එන්න පුළුවන් මගක් පේන තෙක් මානෙක නෑ.. පොලිසිය ගැන නම් කතා කරල වැඩක් නෑ...

    ReplyDelete
  9. සුනිල් සාන්ත සහ සන්ජනී යුවල ද, පොලිස් බල්ලෝ ද, බොනී ද එක පන්තියේය. උන් එකිනෙකාට කෙලවා ගනිති.

    මට මතක් වෙන්නේ දකුණේ කලබලය කාලේ මරාගත් හැටියි.

    ReplyDelete
    Replies
    1. දකුණේ කලබලය කාලේ ඔයා කොහෙද හිටියේ ??

      Delete
    2. ඇයි ඔයා උගත් පාඩම් පිලිබඳ කොමිසමෙන්ද .....

      Delete
    3. "සුනිල් සාන්ත සහ සන්ජනී යුවල ද, පොලිස් බල්ලෝ ද, බොනී ද එක පන්තියේය" මොවුන් කිසිම ලෙසක එකම පන්තියට අයත් අය නොවෙති. මොවුන් එකම පන්තියට අයත් ලෙස සලකා දේශපාලනය කිරීම බරපතල වරද්දා ගැනීමක් වන අතර කතන්දරයා දන්න දේශපාලනයක් සහ කොරන දේශපාලනයක් නොමැති නිසා ඌ වරද්දාගත්තට කම් නැත.

      Delete
    4. දකුණේ කලබලය කාලේ කොහෙද හලෝ උගත් පාඩම් පිලිබඳ කොමිසමක් තිබ්බේ

      Delete
    5. /කතන්දරයා දන්න දේශපාලනයක් සහ කොරන දේශපාලනයක් නොමැති නිසා ඌ වරද්දාගත්තට කම් නැත./

      මට හිතෙන හැටියට නම් කතන්දරයා දේශපාලනය දන්නවා ඔය තමන් දේශපාලනය දන්නවා කියලා හිතන අයියලාට වැඩිය!

      Delete
    6. ඔයාට කොහොමද එහෙම හිතුනේ, කතන්දරයා ඔයාට පන්ති තිබ්බද?? උගේ බ්ලොග් එක බලන කොටනම් දේශපානය ගැන කිසිම වැටහීමක් නැති බව තමා පෙන්නේ.

      Delete
    7. අදයි මේ දෙබස/තෙබස දැක්කේ.

      මේ වචනවලින් ගහ ගන්නා ඇනෝලා එක පන්තියේද?

      Delete
  10. බදු විතරක් හරි යන්නෙ නෑ. මේවයිනුත් ගාණක් හොයාගන්ඩ එපැයි. ආදායම් නැතිව තිබුණ සෞඛ්‍යත් දැන් ඩෙංගු වලට දඩ ගහල ගාණ හොයල දෙනව ;-)

    ReplyDelete
  11. අප්පිරියයි,කාලකන්නිම ජාතියක්

    ReplyDelete
  12. මොනවද ඔට්ටු සුනිල් ශාන්ත සහෝදරයා බෝනියගෙන්ම කසිප්පු බීලා ලබන චන්දෙදිත් මහින්ද රාජපක්සටම (උන්නැහේට නැතත් හෙන්චයියෙකුටවත්) කතිරේ ගහනවා!අපේ වාමාංශික සහෝදරවරු නගර ශාලාවේ හැමදාම දැනුවත් කරන උදවිය නැවත නැවත දැනුවත් කරනවා. සංසාර චක්‍රය වගේ! මොනවා වෙතත් සුබ අනාගතයක්!!

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත සහෝ දිලිදුකමේ ,නුගත්කමේ විෂම චක්‍රය සුනිල් ශාන්තලගේ බෝනීලගේ දරුවොත් ඕකෙම කැරකෙනවා.....

      Delete
  13. කොල්ලෝ මාලන් පුතේ මිනිහෙක් හඳ පෙන්නුවම එක දිහා බලපන් ඇඟිල්ල දිහා නැතුව ...............

    ReplyDelete
  14. //කවදහරි ඔයවගේ නූගත් සුනිල් ශාන්තල පනහක් හැටක් එකතුවුනොත් නම් මොනවහරි වෙන්නත් ඉඩ තියෙනවා.//

    මොනව වෙන්නද? පහ හය දෙනාම කුඩු පැකට් පහක් එක්කම ඉදී. පොඩි එකී, ගෑනී දෙන්නම ඉවරයි. බොනියගේ බෙට්ටෙන් කාකියෝ සොසෙජස් එක්ක ගල් බෝතල් දෙකක් ගහයි. නීතියේ ආධිපත්‍යය...නොදෝමකිං.

    ReplyDelete
  15. චාමි උඹේ අන්තිම සිහිනය හැරෙන්නට ඉතිරිය හරිම සංවේදී සටහනක්. ඒත් හිතේ වේදනාව නිවෙන්න අන්තිමට පේලියක් ලියන එක අර හාන්ස් ක්‍රිස්ටියන් වගේ උන්ගේ පුරුද්දක්. ඇයි අපි අපවම රවටා ගන්නේ?

    කනගාටුවට කාරණේ, සුනිල් සාන්තගෙන් බොනියෙකුත්, බෝනියාගෙන් සුනිල් සාන්තයෙකුත් කපා ගන්න පුළුවන් කුප්ප සමාජෙක ඉන්න එක. කතන්දර කිව්වා මේ දෙන්නම එකම පන්තියේ කියා, තව එකෙක් කියනවා නැහැ පන්ති දෙකක කියලා. [කාගේත් හිතේ මෙව්වෙකට මම සමාජය පන්ති කියන මානසික කොටු වලට බෙදන්න කැමති උනා කියමුකෝ] යකෝ අද බොනියා ඉන්න කොටුවේ හෙට සාන්තයා. ඕකයි ඇත්ත. ඕනෙනං අහගන්න පුළුවන් කොලොන්නාව දිහාවෙන්. හැබැයි එහෙං විතරක් නොවේ.

    අන්ධ භක්තිය හා පුද්ගල වන්දනාව මත දේශපාලනය කරන අයට මේ වෙලාවේ සාන්තයා පරමාදර්ශී චරිතයක් වීම තමා වැදගත්. බොනියා දුෂ්ට වෙන තරමට තමා වටිනාකම. අවාසනාවට මේවා තියෙන්නේ චිත්‍රපටි වලයි, ලොකු තෙල් කඩ වල දේශනා අස්සේ විතරයි. වචන පමණයි.

    හැදෙන්න අවශ්‍ය බොනියා වනසා පොලිස් කාරයාට කෙලවා සාන්තය රජවන යුගය නොවේ. සාන්තයාටත් බෝනියාටත් පොලිස් කාරයාටත් හැමෝටම මීට වඩා යහපත් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන එක. ඒකට පොලිසියට ගල් ගහල වැඩක් නැහැ චාමි.

    ReplyDelete
    Replies
    1. ඔව් චාමි, ඔය සුජීවයා කියන එක ඇත්ත. පොලීසියට ගල ගහලා වැඩක් නෑ. අපි දෙමළුන්ට ගල් ගහමු.

      Delete
    2. :))))
      (මේකනං පතාගෙනම ආපු සම්බන්දයක්)

      Delete
  16. උඹ දන්නවද?

    ඉස්සර මට පුදුම දුකක් තිබුනා මේ පුංචි රටේ ජීවත්වෙන බහුතරයක් මිනිස්සු ලොකෙන් වඳවෙලා යෑමේ තර්ජනයකට ලක්වෙලා ඉන්න මිනිස් කොට්ටාශයක් කියලා ඇහුවාම.

    ඒත් අද වෙනකොට මට තේරෙනවා තමන්ගෙම පන්තියේ එකාව කපාගෙන, මරාගෙන ඊට පොඩ්ඩක් උඩට යන්න පුදුම පෙරේත කමක් තියෙන, තමන්ව තලන - පෙලන ඉහල පන්තියේ එකාව අන්ධ භක්තියෙන් වන්දනාමාන කරන මේ වගේ නූගත් කොට්ටාශයක් එහෙම වඳවීමේ තර්ජනයට ලක් කලේ ස්වභාවධර්මයාම වෙන්න ඇති කියලා . .

    ReplyDelete
    Replies
    1. අපේ රටේ කියලා වෙනසක් නෑ. ඉන්දියාවේ ඔය කියන "පීඩිත පන්තිය" ගන්න. අපේ වගේමයි. කවුද සමාජයේ දුප්පත් ගෑනුන්ව වැඩිපුරම පාගලා දාන්නෙ? පිරිමිද? නෑ. පොහොසත් ගෑනුද? නෑ. උන් වගේම දුප්පත් ගෑනු. ඉන්දියාවේ මධ්‍යම පන්තිය ගන්න. අපේ වගේමයි. අන්ත ජාතිවාදියි. ඉන්දියාවේ පොහොසතුන් ගන්න. අපේ එවුන් වගේමයි. ඉන්දියාවේ දෙශපාලකයන් ගන්න. අපේ එවුන් වගේමයි.

      යුරෝපය, උතුරු ඇමෙරිකාව හා ජපානය වගේ රටවල් කිහිපයක මේ තත්ත්වය දකින්නට නැත්තේ උන් අපට වඩා සංස්කෘතිමය වශයෙන් අද ඉදිරියෙන් ඉන්නා නිසා. හැබැයි මේ සමාජත් එක්තරා කාලයක ඒ යුගය පහුකළා. අපට මේකට තියෙන එකම විසඳුම හැකි ඉක්මණින් මේ ප්‍රාථමික සමාජ සංස්කෘතිය වෙනස් කිරීම. ඒක කළ හැක්කේත් සුනිල් සාන්තලාට තමයි. ධනපතියන් පෙති ගහලා නෙවෙයි. තමන්ගේ වෙනස්වීම තුළින්.

      Delete
    2. [[අපට මේකට තියෙන එකම විසඳුම හැකි ඉක්මණින් මේ ප්‍රාථමික සමාජ සංස්කෘතිය වෙනස් කිරීම. ඒක කළ හැක්කේත් සුනිල් සාන්තලාට තමයි. ධනපතියන් පෙති ගහලා නෙවෙයි. තමන්ගේ වෙනස්වීම තුළින්.]]

      අනිවා.

      Delete
  17. මම හිතන්ාන් මාලන් කින්ඩියක් දුන්ෙන් චාර්මිට ෙනොව්. ෙකා්මත් ෙම්ක ඒල ෙපා්ස්ට් ඒකක්

    ReplyDelete
  18. // මහ ලොකු සමාජ විශ්ලේෂකයා, හරිහමන් ඇකඩමික් බැක්ග්‍රරවුන්ඩ් එකක් නැති උඹලට පුළුවන්ද බන් සමාජ විශ්ලේෂණය කරන්න. උඹලා මොනවද සයිකොලොජි ගැන දන්නේ..? බිහේවියරල් සටුඩීස් ගැන..? අඩුම ගාණේ මාස්ලොව් ගේ පිරමිඩ් එක ගැනවත් දන්නවද..?//

    ඔය මාලන් කොලුව කියල තියෙන දේ ඇත්ත. කලබලේට කියවන ඇත්තන්ට තේරුම් යනවා අඩුයි.

    ReplyDelete
  19. සිංහල බ්ලොග් අවකාශයේ වැඩි දෙනා ලියන්නේ ඇඳුම් ඇඳගෙන වුවත් සියළු ඇඳුම් ඉවත් කර නිරුවතින් බ්ලොග් කියන කීප දෙනක්ද වෙති. "පෙරමුණේ රාළ" සේ පෙනී සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ UCSC එකේ භාෂා පර්යේෂණ අංශයේ නාමල් අමරසිංහ (නාමල් උඩලමත්ත) හා අවස්ථාව අනුව "නිර්-රාමු", "පද්දා", "ලොම්බා", "පොඩි ගමයා" යන නම් ගණනාවකින් පෙනී සිටින කළුබෝවිල රෝහලේ විශේෂඥ වකගුඩු වෛද්‍යවරයකු වන රංග මිගාර වීරක්කොඩිද එවන් දෙදෙනෙකි. මොවුන්ගේ අවධානයට අළුතින්ම බඳුන් වී ඇත්තේ (ඔවුන්ගේ වචනයෙන්ම) "අධෝ ගේට්ටුව" ලියන චාර්මියාය. ප්‍රහාරය දැනටමත් ඇරැඹී තිබේ. ඉදිරියේදී හොඳ හිඳ ගිණිකෙළි අපට බලාගත හැකිවනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා එකත් එහෙමද? හුගකලකින් කාත් එක්කවත් කොක්කකට සෙට් උනේ නැතිනිසා නාමල් උඩලමත්තයයි , මිගරයයි, අධෝ ගේට්ටුවේ ප්‍රතිර්බුත වෙනකම් අපි පුල පුලා සිටින්නෙමු. අප ලග ලග නවන්න බකට් වගේනම සෝදන්න සබනුත් ඇත.

      Anonymousලා

      Delete
    2. නම් නෑ කිව්වට වලු එළියේ කිව්වලු. පොල් වලුද කොස් වලුද අතරින් තලගොයා පැන ගියේලු! ඇනොනිමසෝ, සෙස්ස අස්සට!

      Delete
  20. චාර්මි, ගොඩක් කල් බලන්න හිතා හිටියට මේ ෆිල්ම් එක ඉවර කළේ අද. වෙන රටක්. වෙන සමාජයක්. ඒත් උඹ ලියන ජාතියෙම මිනිස්සු වාගෙම අමුතු මිනිස් කොටසක්. එච්චරයි කියන්න තියෙන්නෙ. බලල හොඳ නම් කියාපන්.

    http://www.youtube.com/watch?v=xeVlAPXedJ0&feature=related

    ReplyDelete
  21. තුප් නොදකින්.

    ReplyDelete
  22. අපේ මිනිස්සුගේ යටත් විජිත මානසිකත්වය බලන්න . පොලිස්කාරයාට "සර්" කියන්නේ අහවල් එකටද ? . මේක Film, Teledrama, විතරක් නෙවේ TV add වල පවා දානවා . මුන්ට සර් කියන්න එපා මිනිසුනේ !

    ReplyDelete
  23. ලස්සනට ගහන්න ඕන තැනට ගහල තියනවා. එල කතාව

    ReplyDelete