Thursday, June 28, 2012

දෙකයි.....!!


මේක ලියන්නෙ පොඩි හදිස්සියකට. ඊයෙ පෙරේදා පොඩි විමර්ශනයක් දාල බලද්දි මේ බ්ලොග් එක අවුරුදු දෙකක් විතර ඇදගෙන ඇවිල්ලා. ඇත්තටම මට ඒක අමතක වුනා. ඇනිවසරි පෝස්ට් දාන්ඩ හිතේ නොතිබ්බත් දුකාගෙ තුන්වෙනි ඇනිවසරේ කියවද්දි මටත් පොඩිවට එකක් දාන්ඩ හිතුනා. එකම එක කාරණේකට.

කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙ බ්ලොග් විතරක් ස්ථිර වෙන්ඩ විදිහක් නැනෙ. ඉතින් කොයිවෙලේක හරි මේක අල්ලල දාන්ඩ වෙයි. එතකොට මට කරන්ඩ තියෙන අත්‍යවශ්‍ය ස්තුති ටිකක් කරගන්ඩ බැරිවෙනවා.  ඕක තමයි හේතුව. ආයෙ කොච්චරකල් බ්ලොගේ කලත් ‘වන් ඇන්ඩ් ඔන්ලි’ ඇනිවසරි පෝස්ට් එක මේක.

බ්ලොග් ගැන දැනගත්තෙ ලොකු අහම්බයකින්. වෙන ලියකියවිලි වගයක් ගෙනා සීඩී එකක වැරදීමකින් රයිට් වෙලා තිබ්බ ටැබූගෙ ලිපියක් මගින්. ඒ වකවානුවේ විකල්ප අදහස් අහේනියකින් හිටපු මට මේක මහා අරුමයක් වුනා. වාරණයකින් තොරව අදහස් බෙදාගන්න පුලුවන් තැනක්............

මගේ ආර්ථිකයට කොහෙත්ම නොගැලපෙන අන්තර්ජාල සබඳතාවක් ගන්න තීරණය කලේ බ්ලොග් කියවන්නමයි. ඒ පටන් ගත්තු ගමන තමා මේ..........


මම හිතන්නෙ මේක තමයි අනාගත සන්නිවේදන මාධ්‍යය. ඒ මොකක් උනත් අධිපතිවාදී ජනමාධ්‍ය (බුදු අම්මෝ මාධ්‍යවේදියො) හතර මායිමකට වැද්ද නොගන්න, ලොකු සම්බන්ධකම් නැති, ව්‍යාකරණ හරියකට නොදන්න අපි වගේ අවශේෂ මිනිස්සුන්ට හිතේ තියෙන දෙයක්, කැමති විදිහකට කියන්න ඉඩකඩ ලැබුණෙ මේකෙන්. බ්ලොග් නොතිබ්බනං අද මමත් නෑ. මාරයත් නෑ. කතන්දරත් නෑ. දුකාත් නෑ. සඳරූත් නෑ. අවුට්සයිඩරයත් නෑ. අමිලයත් නෑ. නලිනිත් නෑ. සොසියත් නෑ........... ඔය කී නොකී එකෙක්වත් නෑ. අපි ඔක්කොටම ගෙවල් වලට වෙලා පල් පජාති පත්තර ආටිකල් කියවලා, මෙගා ටෙලියක් දෙකක් බලාගෙන දත්මිටි කකා ඉන්න තිබ්බා.

මම ලියන ඒවා කියවන්න කැමතියි කියල ගොඩක් දෙනෙක් කියල තියෙනවා.  ඒ උනාට ඇත්ත කතාව තමයි මම ලියපු එකක් මගෙ ගමේ සාමාන්‍ය මනුස්සයෙකුට කියවන්න දුන්නොත් වැඩිම උනොත් “ආහ්... උඹ ඒකත් ලිව්වද” කියල අහයි. ඇත්තටම කියනවනං මම ලියන ගොඩක් දේවල් මගේ පරිසරයේ සාමාන්‍ය සංසිද්ධි. මෙතෙක් උනේ මේවා සන්නිවේදනය නොවුනු එක. අන්තර්ජාලය වගේ මෙවලමක් මේ පරිසරයට ‘ඇතුලට’ නොපැමිණුන එක.  ඒ ගැන හිතද්දි මට සතුටක් දැනෙනවා. ඒසතුටට මාරයත් අවුට්සයිඩරයත් සඳරූත් තවත් පිරිසකුත් සාක්ෂි ඇති.

පලමු ස්තුතිය කතන්දරට. මගේ පෝස්ට් තුනහතරක් කියවලා, ඒක අගය කරලා කතන්දර මේල් එකක් එවලා තිබුණා. මම කීයටවත් බලාපොරොත්තු නොවුන එකක්. මම එයාට ඇරිය උත්තරෙත් එච්චරම පොසිටිව් එකක් නෙමේ. ‘අගය කිරීමට ස්තුතියි. නැතිනම් මේකත් ඔහේ කම්මැලිකමට යටවෙලා යන්න තිබුණා’ වගේ එකක්. පස්සෙ කතන්දර මගේ බ්ලොග් එක ගැනම පෝස්ට් එකක් දාල තිබුණා. ඒ වෙනකොට තිබ්බ ජනප්‍රියම බ්ලොග් එකක ෆුල් පේජ් ඇඩ් එකක්. ඒ වාසනාව ලබපු එකම බ්ලොග් කරුවා මමද මන්දා. (ආ.. නලිනි චන්දිමාත්)

ඊළඟට ටැබූ/බියෝන්ඩ් ෆ්‍රේම්/ලංකා නිව්ස් වෙබ්  වගේ අය දුන්නු සහයෝගයටත් ස්තුතියි. ලාංකීය, සිංහල, කොත්තු ඇතුළු සින්ඩි ටික‍ටත් ස්තුතියි.

ඊළඟට මෙතෙක් කල් මේක ලියන්න හිතුනෙ කියවන්න පිරිසක් ඉන්නවා කියන එක දැනුනු නිසා. කියවපු හැමෝටමත් ස්තුතියි. කමෙන්ට් කල හැමෝටමත් ස්තුතියි. තමුන්ගෙ බ්ලොග් රෝල් වල ඉඩක් දීල, ෆේස්බුකියෙ ෂෙයාර් කරල උදව් කල හැමෝටමත් ස්තුතියි.

ලියන්න තිබුණ ධෛර්යය බිංදුවට වැටුන දවස්වල කතාකරල දිරිගන්වපු හැමෝටම ස්තුතියි. දැනට මාත් එක්ක තරහාවෙලා ඉන්න ගස්ගෙම්බ, තොටත් ස්තුතියි. ජාල සබඳතා ඩිස්කනෙක්ට් කරපු  කීප වතාවකම බිල ගෙවල දාපු සත්ගුණවත් මහා ව්‍යාපාරික J සුජියාටත් ස්තුතියි.

තව එකක්. අවුරුදු දෙකක මේ පිස්සුව ඇතුලේ ලියපු කියපු දේකින් හෝ වෙන විදිහකින් මා නිසා සිත් රිදුන කවුරුහරි ඉන්නවනං සමාවෙන්න.


ලියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මොනව උනත් යමක් ලිව්වාම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.

ජීවත්වීම එන්න එන්නම අසීරුයි. එදිනෙදා ආහාර/දරුවන්ගේ අධ්‍යාපනය/සෞඛ්‍යය වගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දේවල් අතහරින්න වෙලා තියෙන වකවානුවක්. මම දන්න අති බහුතරයකට එහෙමයි. මේ වනවිට අත්‍යාවශ්‍ය නොවන දෙයකට මම ගෙනියන්නෙ මේ බ්ලොග් එක විතරයි මම හිතන්නෙ. මේක ජීවිතයක් නෙමෙයි තමා. නමුත් දරුවන්ගේ අනාගතය ගැන බියක් සහ ඔවුනගේ අවශ්‍යතා සිතූ පරිදි ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳ දුකක් මිස, අල්පේශාඛ්‍ය ජීවිතය ගැන පෞද්ගලිකව ලොකු පසුතැවීමක් නෑ.

බොහෝ දෙනෙක් අකමැති, මෙහි ලියවෙන දේශපාලන පෝස්ට් වල මූලය ඒක වෙන්න ඇති. ඒවා ලිව්වා කියලත් රටේ මොකුත් වෙනසක් වෙන්නෙ නැති බව මම දන්නවා. නමුත් හිතට එන ආවේගය පිරිසක් එක්ක බෙදාගත්තාම පොඩි සැහැල්ලුවක් දැනෙනවා. මේ බ්ලොගයේ මෙතෙක් ලියැවී ඇති සියළු ලිපි ඒ මොහොතේ ලිවිය යුතුම යැයි තදින්ම සිතුනු ඒවා. ඇතැම්විට මාස ගණන් නොලියා උන්නත් මකුළු දැල් කැඩීමේ අරමුණින් හෝ බලෙන් ලියා දැමූ එකදු ලිපියක්  මෙහි නැහැ.

ඉතින් ඔහොම තමා. මොනව උනත් එදිනෙදා මගතොට හමුවෙන මුහුණෙන් පමණක් කතා කරන බොහෝ මිනිසුන්ට වඩා, මුහුණු නැති - ඇතුලතින් අදහස් බෙදාගන්න මිනිසුන් හමුවන මෙතැනට මම ආදරෙයි.

ඇනිවසරි ඉවරයි.

63 comments:

  1. සුභ පැතුම් මචෝ පුළුවන් හැම වෙලේකම මාත් මේක කියවනවා... හිතුන ගමන් කොමෙන්ටුවකුත් අතාරිනවා... ඉඳ හිට ලිපි දාන එක ඇර වෙන කිසි වරදක් නැහැ...:D

    ReplyDelete
  2. හැපීඇනිවසරි..කොමෙන්ට්නොකලත් ඔක්කොමලිපි කියවනව...

    ReplyDelete
  3. ම් ම් ම් . . . හිතේ තියෙන දේවල් කියලා සැනසුමක් ගන්න මිසක් අපේ රටේ කිසි කෙනෙක්ගේ ආක්ල්පමය වෙනසක් කරන්න මේ බ්ලොග් වලට බෑ කියන දේ මම මේ අවුරුදු තුනේ කාලෙදි මුල් කාලේම තේරුම් ගත් දෙයක් චාමි . . . මොකුත් නැතුවට අහල ගියත් මදෑ කිව්ව වගේ මොකුත් වෙනසක් කොරන්න බැරි උනත් කියලා දාන්න (ලියලා දාන්න ) ලැබෙන එකම මදෑ බන් . . ජය වේවා . .. නවත්වන්නේ නැතුව දිගටම ලියපන් . . .

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් වේවා......!!! එහෙම කිව්වොත් හරිද මන්ද

    ReplyDelete
  5. කමෙන්ට් එකක් දාන්නෙ යලට-මහට වුනාට මාත් මුල ඉදන් හැමදාම එන තැනක් මේක.. quality is better than quantity කියලා ලියමු චාමි‍යෝ, උඹ මාස ගානකට එකක් හරි දාන පෝස්ට් එකක කියවන්න යමක් තියෙනවා.. ජය වේවා.!!

    ReplyDelete
  6. ආකල්පීය වෙනසක් සංකල්පිය වෙනසක් කරන්න බැ කියන එකට මං නං ඇග්‍රි වෙන්නෙ නෑ..වැඩේ තියෙන්නෙ මේක බලන මිනිස්සු කෙසේ මනස වෙනස් කරගනීද කියල අපිට පේන්නෙ නැති එක...

    වර්ගපූර්ණිකාව බ්ලොග් එක එන්න කලිං මගේ වෝල් එකේ තිබුන රාවනා සහ ආගමික පෝස්ට් සහ පේජස් ගාන දැන් බෝම අඩු වෙලා... කිසිම කමකට නැති හිස් ඔහේ සෙයා වෙන්නං වාලේ සෙයා වෙන ලෝකෙට බ්ලොග් කියන්නෙ තාමත් ප්‍රබල දෙයක්...

    මිනිසුන් වෙතට යාමේ යම් යම් ගැටලු තියෙනවා..හබැයි ඒ ගැටලුත් එන්නෙ දේශපාලනික වේශයකින්...මුස්ලිම් විරෝධය, ආගම් සම්බන්ධය, පුරාණ කතා, ආදර්ශ වැනි තමුන්ට සෘජුව අදාල වෙන දේවලට මිනිසුන් ආශා කරනවා...එසේ නොමැතිව වෙනත් දේශපාලනික ගැඹුරකට මිනිස්සු ආස නෑ...

    ඒ නිසා අපේ පෝස්ට් එකක් අපිම හැර සෙයා කරගන්න අය අඩුයි... මොකද තමුංගෙ ආතල් එක අපි කඩන නිසා...
    සතුට ඇති තැන මෙතනය ආතල් ඇත්තේ මූ ගාවය, දේශපාලනය දන්නේ උන්ම පමණකි, කියල පෙන්නන පොෂ් සහ මවාගත් සමාජයට බ්ලොග් විසින් දැඩි ලෙස අතුල් පහර දෙනවා සහ දෙමින් ඉන්නවා කියලයි මමනම් හිතන්නෙ....

    බලපෑම සුලුයි..ඒත් පසුකාලිනව හරි මේ බ්ලොග් වලට අන්තර්ජාලයීය ලිප් සහ නිර්මාණවලට තැනක් ලැබෙයි...
    ලෝකයේ ජනප්‍රිය ලේඛකයින් බෝමයක් විද්‍යාඥයින් බෝමයක් ජනප්‍රිය උනේ ඔවුන්ගේ ස්වර්ණමය යුගේදි නෙමෙයි නාකිවෙලා ලහුටං වෙලා හැරමිට්ට ගහද්දි සහ සමාරවිට ඒ අය මලාටත් පස්සෙ.කාලෙකදි...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ලයික්

      Delete
    2. මමත් ලයික්

      Delete
  7. ආසාවෙන් කියවන බ්ලොග් එකක්. වැඩිය කමෙන්ට් නොදැම්මත් ඔබව මම අදුනනවා. ඒ බ්ලොග් එක මගින්. ජයම පතනවා.

    ReplyDelete
  8. බොහෝ දේ ගැන එකඟයි.
    මම ලියන දේ කියවන මා ළඟින්ම ඉන්න අයටත් , මම ලියන දේවල් බොහොම සාමාන්‍ය වචන ටිකක් විතරයි...

    ආහ්: .......

    Rear - පිටිපස
    Rare - දුර්ලභ

    කියන වචන පැටලුනත් චාර්මි ගෙ බ්ලොග් එකේ පුංචි වුනත් වටිනා තීරුවක් මගේ පුංචි කවි පද 12 කට නවාතැන් ගන්න දීලා තිබ්බ දවසෙ මට දැනුනෙ මම ලියපු දේ ගැන සැබෑ වටිනාකමක් කෙනෙක් විසින් මට දීලා තියෙනව කියලයි.ස්තූතියි ඒකට...........

    ඉදල හිටල හරි...හිතේ ගැඹුරට වැදිලා දවස් ගානක් හිත හිත ඉන්න පුලුවන් දෙයක් ලියන්න කියල ඉල්ලීමක් කරන ගමන්ම....සුබ පතන්නත් අවස්ථාවක් කර ගන්නවා.

    ReplyDelete
  9. මෙන්න ඔය කියන ඊ-මේල් එක.

    ============================
    ---------- Forwarded message ----------
    From: samare c
    Date: 2010/7/25
    Subject: Re: ඔයා ගෙ කතා ටික මාරයි. කියල වැඩක් නෑ....!!!
    To: Kathandara Kaarayaa


    ස්තුතියි කතන්දර. මගේ මාධ්‍යය උනේ කෙටි නාට්‍ය. දැන් අවුරුදු 8 කින්
    විතර මොකුත්ම කරගන්න බැරි උනා. ඇඟට මාර අමාරුයි. ඒ ගමන තමා මේක අත්හදා
    බලන්න හිතුනේ. ලිවීමේ තාක්ෂණය ගැන තාම ප්‍රශ්ණ තියෙනවා. හැබැයි මාර
    සැහැල්ලුවක් දැනෙනවා.
    ඔයාගෙ දිරිගැන්වීමට පින්. කියවන්න කෙනෙක් ඉන්නවා කියල දැනුනහම ලියන එක
    වගකීමක් වෙනවා. නැත්නම් මේකත් මගේ ආවේණික කම්මැලිකමට යටවෙන්න තිබුනා.
    කමෙන්ට්ස් වලටත්, ලින්ක් එකක් දැම්මටත් ස්තුතියි.

    - Charmi

    On 7/24/10, Kathandara Kaarayaa wrote:
    > Samarebin / Charmi,
    >
    > ඔයා ගෙ කතා ටික මාරයි. කියල වැඩක් නෑ....!!!
    >
    >
    > --
    > Cheers,
    >
    > Kathandara Kaarayaa
    > http://kathandara.blogspot.com
    ============================

    ReplyDelete
  10. දිගටම ලියන්න! සුභ පැතුම්.

    ReplyDelete
  11. කියවන උන්ගෙන් එවෙලේම ප්‍රතිචාර ලැබෙන සහ ඒ ප්‍රතිචාරෙ මොකක් වුණත් ඊලඟට ලියන්න ඕන දේ වෙනස් කරන්න උවමනා නොවෙන මාධ්‍යයන් තියෙන්නෙ අන්තර්ජාලෙ විතරයි. පුළුවන් කාලයක් අදිමු... ඊට පස්සෙ ඕන එකක්!

    ReplyDelete
  12. සෑර්, මටත් ජීවත් වෙන්ඩ නං අමාරුයි!
    ගිහිල්ලා ඇඩ්වාන්ස් එකක් බැඳලා ආවා ක්‍රිස්මස් දූපතට බෝට්ටු චාරිකාවක් යන්ඩ.
    සෑර් ලියන්ඩ, අපි කොහේ හිටියත් මේක බලනවා.

    ReplyDelete
  13. ජය ෙව්වා දිගටම ලියමු

    ReplyDelete
  14. ලියමන් බැලුවම ටැබූ මතක්වෙන පෝස්ටු තියෙන්නෙ චාමිගෙ බ්ලොගේ විතරයි. සීග්‍රතාවය තව සුට්ටක් වැඩිකරන්න පුළුවන් උනානං........
    සුභපැතුම්.

    ආ... මේ දක්වා මගේ ෆේවරිට්එක තමයි "ගරු කතානායකතුමියනි"

    ReplyDelete
  15. මගෙනුත් උණුසුම් සුභ පැතුම්...........!!

    ReplyDelete
  16. තව කාලයක් ලියපන්. දැන් වෙද්දි මේ බ්ලොග් කෙරුවාවට උඹේ දායකත්වය අත්‍යාවශ්‍ය වෙලා තියෙනව. මොකද උඹ ලියන දේවල්ම කම්මැලි නැතිව දිනපතා වගේ ලියපු ඉත්තො දැන් බෝඩ් එකෙන් කැපිල ගිහින්. ඒක නිසා කම්මැලි කමෙන් ඉඳල හිටල හරි උඹ ලිවිය යුතුම වෙනව.

    අන්තර්ජාලෙ කෙරුවාව කරන්න අමාරුයි තමයි මේ ආර්ථිකෙත් එක්ක. මමත් බ්ලොග් ටිකක්, පුවත් අඩවි කිහිපයක් හරි කියවන්නෙ රුපියල් පනහක රීලෝඩ් එකක් දාල මෙගා බයිට් එකසිය පනහ අරපිරිමැස්මෙන් පාවිච්චි කරලයි. විහිඵවටවත් වීඩියෝ එකක් දිහා එහෙම බලන්නෙවත් නෑ එව්වගෙ ධාරිතාව වැඩි නිසා.

    දෙවසරක ගමනට සුබ පැතුම්!

    ReplyDelete
  17. ඔයා කියන එක හරි.මේක තමයි අනාගත සන්නිවේදන මාධ්‍යය.ඉදිරියේදී අධිපතිවාදී ජනමාධ්‍යවලට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්,සමාජයට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක් බවට පත්වෙන්නට බ්ලොග් මාධ්‍යයට හොඳ ඉඩක් තියෙනවා.
    ඔබ ගැන කිව්වොත්,මේක ඇත්තටම වටිනා බ්ලොග් එකක්. අර්ථවත්. ඒ වගේම නිර්මාණශීලීයි.පැහැදිලිවම quality is better than quantity. දිගටම ලියන්න සුබ පැතුම්...!

    ReplyDelete
  18. ලංකාවේ වඩාත් මධ්‍යස්ථම පුද්ගලයා වන,එන් ජී ඕ කාරයන්ගෙන් ඩොලර් හම්බවෙන,හීනෙන් අප්සරා දකින .........චාමිට වැඩි වැඩියෙන් පෝස්ට් දාන්නට ලැබේවා.

    ReplyDelete
  19. මම මේ උ‍ෙඕ බ්ලොග් එකේ කමෙන්ට් කරන පලමු පාර මට මතක විදියට. ඒ බ්‍ලොග් වලට කමෙන්ට් කරන පුරැද්දක් මට නැති නිසා. ඒත් උඔගෙ හැම පෝස්ට් එකක්ම මම කියවල තියෙනව. මට මතකයි උඹේ බ්ලොග් එක මුලින්ම ඔෆිස් එකේදි කියවපු දවස. මට ඒ දවස්වල ඉන්ටර්නෙට් නොතිබුනු නිසා උඹේ බ්‍ලොග් එකේ සේරම පොස්ට් පෙන් එකට දාගෙන ගෙදර ඇවිත් කියෙව්ව. මම අදටත් කතන්දරගෙ, මාරයගෙ පෝස්ට් එකක් නොකිව්වත් උඹ දාන හැම පෝස්ට් එකක්ම කියවනව. ඒ උඹ ලස්සනට ලියන හින්දම නෙවේ. උඹ ලියන ඒව අපේ හදවතටම දැනෙන නිසා.
    ලංකාවෙ සාහිත්‍යයකරැවො නෑ. සාහිත්‍යයකරැවො විතරක් නෙවෙයි කලාකරැවො, දේශපාලකයො, ව්‍යයාපාරිකයො ඔය මොකෙක්වත් නෑ. ඉන්නෙ ජාවාරම් කාරයො ටිකක් විතරයි. සංස්කෘතියක් නැති නිකම්ම ශරීර විතරයි. අපි උඹල ඒවයෙ ගොදුරැ. හැබැයි උඹ විතර හොඳට ඒක කියන්න අපි දන්නෙ නෑ.
    කොහොම හරි ලියපන් කියල අපට කියන්න බෑ. පුලුවන් වෙලාවට ලියන්න බලපන්. නැත්නම් මේ සිංහල බ්ලොග් කියන අටමගලෙ බලන්න දෙයක් නැතිම වෙනව.

    ReplyDelete
  20. මාත් බොහොම ආසාවෙන් මේ බ්ලොගේ ලිපි ඔක්කොම කියවපු කෙනෙක්.
    ඒත් අර සර්ව සාධාරණ චාමිට වඩා සමාජය ගැන විග්හ්‍රහයක් ගේන චාමිට
    මම බොහොම කැමතියි.

    ReplyDelete
  21. මියෙම්වා රැකෙම්වා කියලා උඹ අර ඉල්ලපු ස්වයං පාලන ඒකකයක් ලැබුණ දවසට අපි ඒකෙදි සෙට් වෙමු... සිරාවටම... :)

    ReplyDelete
  22. චාමි;

    බ්ලොග් වලට අඩුවෙන් දායක වෙන්න තීරණය කරලත් මම මේක දිගටම කියෙව්වා. උඹ සිරා බ්ලොග් කාරයෙක්. නියම ලේඛකයෙක්. දිගටම ලියපන්. අහන්න එපා අයි කියලා. මම දන්නේ නැහැ අයි අපි මේ විදිහට ලියන්නේ කියලා. එහෙම ලියන්න හේතුවක් තියෙන්න ඕනේ කියලා හිතන්නෙත් නැහැ. ජයෙන් ජය.

    ඒ වගේම ජීවිතේ අනිකුත් ප්‍රශ්න වලදීත් උඹට ජයෙන් ජය.

    ReplyDelete
  23. අපි ඔක්කොටම ගෙවල් වලට වෙලා පල් පජාති පත්තර ආටිකල් කියවලා, මෙගා ටෙලියක් දෙකක් බලාගෙන දත්මිටි කකා ඉන්න තිබ්බා.


    මෙගා ටෙලි නේද? අනේ අප්පේ, අයි අයියෝ වෙච්චි දේ අර ළමයාට....... වගේ කථා කිය කියා ඕවා බලන පිරිසක් තාමත් ඉන්නවා අපේ රටේ.........

    ඇනිවර්සරියට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මම reargate ගැන දැන ගත්තේ "අවසන් සටනේ වැනසුනු බිම්මල්" කියන පෝස්ටුව ගැන කොතනක හෝ දැකපු සටහනක් හරහායි. (කාගේහෝ බ්ලොගයක කමෙන්ට් අතර සඳහනක් වගෙයි මතක) එදා පටන් මම නොවරදවා කියවපු බ්ලොග් වලින් එකක්. විශේෂයෙන්ම මෙය මේවන විට කියවන්නට ඉතුරුවී තිබෙන බ්ලොග් අතලොස්ස අතරිනුත් හොඳම ලිපි කියවන්නට ලැබෙන තැනක්.

      //මේ වනවිට අත්‍යාවශ්‍ය නොවන දෙයකට මම ගෙනියන්නෙ මේ බ්ලොග් එක විතරයි මම හිතන්නෙ.
      අත්‍යවශ්‍ය වැඩ අතපසු කරගෙන දිගටම අපි වෙනුවෙන් ලියන්න කියන ඉල්ලීම අසාධාරන ඉල්ලීමක් තමයි. නමුත් දවසක ඔබ බ්ලොග් ලිවීම නතර කලොත් ඇතිවන හිඩැස කිසිදා නොපිරවෙනු ඇත. (ටැබූ සහ කොලූගේ නික්මයාමෙන් ඇතිවූ රික්තය වසරකට පසුවත් එසේමය)

      Charmi, මෙතෙක් කලක් අපට කියවන්නට (විශේෂයෙන්ම හිතන්න යමක් ඉතුරු කරමින් කියවන්නට) ඔබේ වටිනා කාලය වැය කලාට ඔබට බොහොමත්ම ස්තුතියි. තවත් ඉතා දිගු කාලයක් ඔබට ලියන්නට අවස්ථාව ලැබේවා!

      Delete
  24. මීට කලින් කමෙන්ට් කලාද කියලනම් මතක නෑ. හැබැයි හැම ලිපියක්ම කියවල තියෙනව. සමහර ඒව තුන් හතර පාරක්ම! සමහර වෙලාවට සති ගණනකට පස්සෙ reading list එක ඔපෙන් කරනකොට නිකමට හිතනව, චාර්මිගෙ පෝස්ට් එකකුත් ඇති කියල!

    ReplyDelete
  25. එහෙන් මෙහෙන් ඇවිත් සුභ පතලා යන්න විතරක්ම එන මගෙනුත් සුභ පැතුම්.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හා පැටික්කි. මේකෙ පළමු කමෙන්ට්කාරියත් ඔයා.

      Delete
  26. සජීව ධනුද්ධරJune 29, 2012 at 12:16 PM

    චාමි,
    හැමෝම කියලා තියෙනවා වගේම මටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. දැනට ඉතිරිවෙලා ඉන්න වැඩකට ඇති යමක් ලියන බ්ලොග් රචකයන් අතලොස්ස අතුරිනුත් මටනම් උඹව සුවිෂේශයි. ඒ නිසා කම්මැලිකම අතහැරලා දිගමට ලියපන්.. ජයවේවා!

    ප.ලි. මම නිකන් ඉන්න වෙලාවක අන්තර්ජාලෙට ආවොත් කරන්නෙම උඹේ බ්ලොග් එකේ තියන “රැන්ඩම් පොස්ට්ස්“ වලින් අහුවෙච්ච එකකට ක්ලික් කරලා කියවන එක. ඒනිසා උඹ ලියපු සමහර ලිපි මම පහලොස් වතාව විතරත් කියවලා තියෙනවා. මමනම් කැමතිම “කඳුළු වලට ගන්නය බැරි“ කියන පෝස්ට් එකට.

    ReplyDelete
  27. මමත් නොවරදවාම කියවන බ්ලොග් එකක්.. ජය!

    ReplyDelete
  28. I have been following this from the beginning. what a nice writing style. keep it up !!!!!!!!!!
    A reader from Brisbane

    ReplyDelete
  29. මගෙනුත් සුභපැතුම්!

    ReplyDelete
  30. මම අනිත් අය තරමට මේකෙ පෝස්ට් කියවලා නැති හින්දා වැඩිමනත් යමක් කියන්න බැරි වුනත්....කිවයපු පෝස්ට් කීපයෙන් මට හරියන political බ්ලොග් එක මේකයි කියලා දැනුන නිසා නොවරදවාම මෙතනට එනවා.

    ......//ජීවත්වීම එන්න එන්නම අසීරුයි. එදිනෙදා ආහාර/දරුවන්ගේ අධ්‍යාපනය/සෞඛ්‍යය වගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දේවල් අතහරින්න වෙලා තියෙන වකවානුවක්. මම දන්න අති බහුතරයකට එහෙමයි//.....

    මටත් එහෙමයි, ඒත් එහෙමයි කියලා මේකත් අතහැරලා යන්නනම් හිතන්න එපා. කොහොමහරි අල්ලගෙන යමු.

    .......සුබ පැතුම්....!!

    ReplyDelete
  31. අඩේ මම හිතුවේ මේකත් අර දැන් පඳුරක් ගානේ තියෙනා තවත් බ්ලොග් කඩ මල්ලක් කියල...පරණ පොස්ට් ටිකක් කියෙව්වමයි තේරුනේ....කියවන්න දෙයක් තියෙන තැනක්.....දෙවසරට සුබ පැතුම්..මේ කාලෙ ලංකාව වගේ රටක බ්ලොග් කෙරුවාව වගේ නන් ප්රෝෆිට් වැඩක් කරන එක හරිම සාටර්....ඒ උනාට ඔයාට ඒ දුෂ්කර ක්‍රියාව කරන්න ලැබේව කියල පතනවා සහෝ.......

    ReplyDelete
  32. @චාර්මි,

    බූදල්මි. බැලු බැලූ බොහෝ දන ගී කවි ලියූවෙන් නොලීමි. :-)

    ඒ වෙනුවට බ්ලොග් කලාව ගැන ඔබේත් පොදුවේ බොහෝ දෙනකුගේත් ඇති දුර්මත කිහිපයක් පමණක් නිෂේධනයට සිතීමි.

    1. බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. උදාහරණයක් හැටියට අධ්‍යාපනය, ආර්ථිකය හා ලිංගික ජීවතය යන තුනින්ම තත්‍ය ලෝකයේදී සාර්ථකත්වයක් නොලැබූ කොම්පැණියක සුළු සේවකයෙක් සලකන්න. මේ පුද්ගලයාට පොරක් විය හැක්කේ අතත්‍ය අවකාශයේදී පමණෙකි. ඔහු එතැන "පොරක්" වී අහිංසක ලෙස තම අවශ්‍යතාව සපුරා ගනී. කුමක් හෝ වහන්තරාවක් අකුරු කොට මැට්ටියන් "මං එක" කියා කමෙන්ට් දමන්නට පොරකනු බලා ස්වයං වින්දනයක් ලබයි. ඒ හැරුණු විට මහා ලොකු දෙයක් එතැන නැත.

    2. අප කැමැති වුවද නැතද, අනෙකුත් ජන මාධ්‍ය වලට සාපේක්ෂව බ්ලොග් වලට ඇත්තේ අවම පාඨක පිරිසකි. එයින්ද හතරින් තුනක් වත් තමන්ද මොකක් හෝ බ්ලොග්කටුවක් ලියා ඊට හිට්ස් බලාපොරොත්තුවෙන් ඉන්නා පිරිසකි. එබැවින් ඔබේ සාර්ථකත්වය ඔබ ලබන හිට්ස් හෝ කමෙන්ට් ගණනින් නොමනින්න. සාර්ථක කමෙන්ට් ලබන/ලැබූ බ්ලොග් ගණන ඇඟිලි ගණනටත් වඩා අඩුය.

    3. බ්ලොග් ලිවීමේදී ඔබට රැවුළත් කැඳත් දෙකම බේරා ගැනීමට අවශ්‍ය නම් (කතන්දර මෙන් - ඔහුද සියයට සියයක් සාර්ථක නැත.) ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා පමණක් ලියා සෑහීමකට පත්වන්න. ඒ හැරුණු විට ඇත්තක් ලිවීමේදී අනිවාර්යයෙන්ම යම් පිරිසකගේ සිත රිදේ. ජ්‍යොතිෂය මිථ්‍යාවකි. එහෙත් ඒ ප්‍රකාශය අනිවාර්යයෙන්ම ඒ මිථ්‍යාව බඩ-රස්සාව කර ගෙන ඉන්නා පිරිසගේ සිත් රිදවයි. ඉන්පසු ඔවුහු සරම් උස්සාගෙන ඇති. මේ නිසා එකක් තෝරා ගන්න. එක්කෝ විපාක ගැන නොසිතා ඇත්ත ලියන්න. නැතිනම් සුන්දර කතා ලියා ජනප්‍රිය වන්න. ඔය මාර්ග දෙකේම ගියෝ වෙති.

    4. වෙනත් බොහෝ දේ සේම බ්ලොග් ලිවීමද ආර්ථික වාසි ලබන මාර්ගයක් කර ගත්තෝ වෙති. "අපි පොඩිකාලෙ හිටියෙ මෙහෙමයි; බස් හෝල්ට් වලත් නිදා ගත්තා" වැනි සූක්ෂ්ම ලෙස අනුන්ගේ අනුකම්පාව දිනා ගන්නා කතා ලියූ විට අව්‍යාජව කඳුළු උණන පිරිසක් මොවුන්ට මුදල්, විස්කි බෝතල්, කැමරා, ඉලෙක්ට්‍රොනික් ආම්පන්න තෑගි දෙති. (ගලා යන දොළින් දිය දෝතක් ගත්තත් මදෑ!) මෑතකදී අප අතරින් වියෝ වූ "ඔබා මාමා" මෙසේ අනුන්ගේ දුකේදී හිත උණු වූ පුද්ගලයෙකි. නමුත් තමා ඇඳෙගෙන සිටි ඇන්දීම ඔහු මියෙන තුරා දැන නොසිටියේය. ඒ බ්ලොග් කලාවේ ස්වරූපයයි.

    5. අවසාන වශයෙන්, ඔවුන් ලියන කියන දේ කවරක් වුවද බ්ලොග් අවකාශය යනු සුපිරිසිදු මිනිසුන් ගැහැණුන් වෙසෙන තැනක් නොවේ. එහි ඇත්තේද සමාජයේ පැති කඩක්ම පමණෙකි. එබැවින් සමාජයේ ඇති සියළු දුර්ගුණ බ්ලොග් අවකාශයේද වෙයි. අද ටැබූ නැතැයි කියමින් විස්සෝප වන පිරිස විශාලය. එහෙත් ටැබූ ඉන්නා කාලයේ ඔහුට පහර ගසමින් ලියැවුණු බ්ලොග් පෝස්ට් සංඛ්‍යාව ගැන කිසිවකු කතාවක් වත් නැත.

    ReplyDelete
    Replies
    1. "අපි නොදන්න ඇනෝ"
      'පොරක්' යනු කවරෙක්ද? විග්‍රහ කරලා තියනවා මදි....තවදුරටත් විග්‍රහ කරන්න බැරිද???? පොරක් අඳුනා ගන්නා ක්‍රම වේදය කුමක්ද???
      'පොරවල්' හා 'නොපොරවල්' ලියන බ්ලොග් කීපයක නම් සඳහන් කරන්න බැරිද???

      Delete
    2. බ්ලොග් කලාව මහා ලොකු දෙයක් කියල බ්ලොග් ලියන කවුරුවත් කියනව මං දැකල නෑ. ඇනෝගෙ කමෙන්ට් එක මෙතනට අදාළ නෑ කොහෙත්ම. බ්ලොග් ලියන අය ලියනවා, කියවන අය කියවනවා, කමෙන්ට් දාන අය කමෙන්ට් දානවා, කාටවත් නීතියක් දාල නෑ කොහෙවත්. (සමහර එවුන් අමු කුනුහරුපත් ලියන්නෙ).

      ඇත්තටම කිව්වොත් බ්ලොග් ලියන්නෙත්, කමෙන්ට් දාන්නෙත්, ස්වයං තෘප්තියකට තමයි.

      කවුරුහරි ළමයෙක් මිදුලෙ ඉඳන් රබර් බෝලයක් උඩ දාල අල්ලනකොට ඇනෝ ගිහින් කියයි “බෝලයක් උඩ දාල අල්ලන එක මහා ලොකු දෙයක් නෙවෙයි, ඔය ළමයටත් අනිත් ළමයින්ටත් දැනගන්නයි මං මේ කියන්නෙ“ කියල.

      Delete
    3. ඇනෝ හඳුනා ගන්න එක ලෙහෙසියි. මේ ඇනෝ ඇනෝලෙස ආවාට එයාට පූර්වාත්ම තියෙනවා, අනික මෙයා ඉන්නේ ඇනෝලෙස උනාට හරිම ආසයි අපි එයාව හොයා ගන්නවට.

      කොහොම වුනත් මේ ඇනෝ ගැන මට කියන්න තියෙන්නේ අපරාදේ කියලා තමා.

      අපි අදහස් සලකා බලමු. එයාගෙම අංක වලින් උත්තර.

      1. 70-77 ආණ්ඩුව වගේ මෙයාගේ ලෝකය ඉතාම සීමිත පටු කළු සුදු එකක්. ඔක්කොම බ්ලොග් ලියන්නේ පොරවෙන්න. එතකොට අර වර්ගපූර්නිකාව ලියන මී ජයරත්නයා නිකම් පොර වෙන්න වෙන්නැති පන කඩාගෙන ලියන්නේ. එතකොට ඩිෆෙන්ස් වයර් කාරයා යුද්ධේ කාලේ ලිව්වේ පොර වෙන්න වෙන්නැති [ලාංකිකයෙක් ලියු ජනප්‍රියම බ්ලෝග කියන කඩ ඉම මේ කට්ටියට හිතා ගන්න බැරි ගානට කඩපු - දවසට හිට්ස් ලක්ස ගානට - පොර ව අපි අදටත් දන්නෙවත් නැහැ]

      ඇත්තෙන්ම බ්ලොග් ලියන බහුතරය ජීවිතේ මහා ලොකු දේවල් ලබාගත්තු අය නොවේ රස්සාවක් කරගෙන ජීවත් වෙන අය. මේක ඇත්ත, හැබැයි ඊට හේතුව අර වගේ ලොකු මිනිසුන්ට බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම විනා වෙන දෙයක් නොවේ.

      2. බ්ලොග් කියන්නේ පත්තර නොවේ. පොත් ද නොවේ. බ්ලොග් කියන්නේ බ්ලොග් ය. බ්ලොග් හරහා නිව්ස් සර්වර්ස් දුවන්න පුළුවන් බව ඇත්ත. එහෙත් එසේ නොවන පුද්ගලික බ්ලොග් ලියන්නන්ගේ අරමුණ දිවයින, ලංකාදීප, ලක්බිම පත්තරවල සේල් එක පසු කිරීම නොවේ. මේක පත්තරකාරයාගේ මානසිකත්වයට ඔක්සිලියරි පාත් එකකි. මේ ලියන්නේ පත්තරේට ලියන්න බැරි අය නොවේ. එහෙත් පත්තරේට මේ කරුණු ලියන්නට උනන්දුවක් නොදෙන අයයි. ඇතැම් බ්ලොග්කාරයින් අතර පත්තරකාරයෝ සිටින අතර ඒ අය වෙනත් දේවල් පත්තරේට ලියති. ඒවා බ්ලොග් වල නොලියති.

      3. බ්ලොග් ලිවීමේ රැවුල හා කැඳ මොනවාද? දහ දෙනෙකුගෙන් ඇහුවොත් දහයක් අහන්නට ලැබේ.එක එක බ්ලොග් කරුවා තමන්ට ආවේනික දේවල් ගැන ලියති. ඔක්කොම කතන්දරකාරයා ලියන ඒවාම ලියන්නේ නම් බ්ලොග් අවකාශය ඒකාකාරී වනු ඇත. නැවත වරක් මී ජයරත්නයා ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා මොකුත් නොලිය මාසෙකින් ජනප්‍රිය විය. එමෙන්ම ටැබූ ද [ජොකා කතා, කක්කා කතා, චූ කතා, පරණ ලව් කතා, බූට් කතා ගැන පවා] මීට වඩා හරබර කතා ලියමින් ජනප්‍රිය විය.

      ඔය අතර මා ඉතාමත් කැමති සුන්දරම ලේඛන ශයිලියක් හිමි [මගේ රේටින් වල ටොප්] රසවතිය ලියන හෂිත අබේවර්ධන අවාරෙට පෝස්ට් එක දෙකක් දමයි. කී දෙනෙක් කියවනාවාදැයි ඔහු වෝරි වන බවක් මටනම් පෙනෙන්නේ නැත.

      ඔබ කතන්දර ලියන ඒවාට අකමැති නම් නොකියවා ඉන්න, නැතිනම් කෙලින්ම මෙහි ඇවිත් කියන්න. ඔබට බ්ලොග් අවකාශය කොලිටි කොන්ට්‍රෝල් කල නොහැක. අනික ඔබ දකින යම් විදග්ධ අංශයක අඩුවක් වේ නම් ඒ අළලා ඔබ ලියන්න. අතන මෙතන හඬා වැටීමේ පලය කුමක්ද? ටික කලකට පෙර [නලිනි එන්න පෙර] සම්මත ගනයේ කෙටිකතා නොමැති නිසා එවැන්නක් කිරීම ආසාවක් මට තිබුණි. අද නලිනි ඒ අඩුව පුරවා තිබේ.

      මම අද වෙනකම් ලිව්වේ සීරියස්. කියන්න නොස්ටා කතා ලොරි ගානට තිබ්බට අද වෙනකම් මම එකක් ලියා නැහැ. විපාක ගැන නොසිතා මම ඕනතරං අදහස කෙලින්ම ලියා ඇත්තෙමි, කොමෙන්ට් කර ඇත්තෙමි. මට ඒවාට මා දරන කුඩා ජනප්‍රියත්ව අවකාශය තුල ප්‍රතිචාර ලැබී තිබේ. ආණ්ඩු විරෝධියෙක් වැනි ජීවිත තර්ජනයක් නොවන තුරු අපේ මතය [ඔබ "ඇත්ත" කියන්නේ ඔබේ මතය] කෙලින් ලිවීම ඔතරං මහා කජ්ජක් නොවේ.

      4. ඔබා රැවටීම ගැන නොදනිමි. මුදල්, විස්කි බෝතල්, කැමරා, ඉලෙක්ට්‍රොනික් ආම්පන්න තෑගි ලද අය ගැන නොදනිමි. ඒ නිසා මේ ගැන මට කතා කරන්නට බැරිය. එහෙත් මෙය අප කවුරුත් දන්නා සරල න්‍යායකි. දෙන්නට කැමති නම් ලබා ගන්නට කැමති නම්, දීම්-ගැනුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය නොවේ. ලෝකයේ බහුතරයක් ගනුදෙනු අවංකව සිදු වන ඒවා ද නොවේ.

      5. බ්ලොග් අවකාශය යනු සුපිරිසිදු මිනිසුන් ගැහැණුන් වෙසෙන තැනක් බව හෝ එහි ඇත්තේද සමාජයේ පැති කඩක් නොවන බව කියන කෙනෙක් වේ නම් ඒ බොරු කාරයෙකි.

      මම ටැබූ කියවුවෙක්මි. කොමෙන්ට් කල අයෙක්මි. කැමැත්තෙන් හුන්නෙක්මි එහෙත් එකඟ නොවූ තැන් බොහෝ ඇත. ටැබූ වහපු/වහගත්තු දවසේ මම ඔහු ගැන සාධාරණ කතාවක් කලේ යයි හිතන්නේ ඉන්නකම් එකඟ වූවාට වඩා නොවූ නිසාවෙනි.

      ටැබූ කියවන අයගෙන් සමහරු ඔහුට මඩ ගසා ලියන්නට ඇත. එහි කල කොමෙන්ටුවක මතවාදී එදිරිවීමක් විනා මා කලානම් කලේ ඔහුගේ පොස්ටුවක් [නමත් සමග] කාට හෝ මේල් කිරීම පමණි. ටබුට කැමති අය ඔහු නැතියෙන් විස්සෝප වෙනවා ඇති.

      ටැබූ අදත් සිටිය යුතු කෙනෙකු බවත් සුපිරි ලිවීමේ හැකියාවක් හා වැදගත් මාතෘකා තේරීමේ හැකියාවක් ඇති බව අදටත් සිතමි. හැබැයි ඔහු නැතියෙන් විස්සෝප වන්නෙක් නොවන්නෙමි. වෙසෙසින් පොරවල් නැති බ්ලොග් අවකාශයේ ටැබූ තවත් එකෙක් පමණි.

      Delete
    4. පළමුවෙන්ම මෙතන පටලා ගත් තැන නම් බ්ලොග් කියන්නේ පත්තර වලට විකල්පයක් කියා සිතීමයි. ගොසිප් ලංකා මෙසේ වීමට පිළිවන. එහෙත් පුද්ගලික බ්ලොග් යනු ඒ මිනිසුන්ගේ අදහස් ලියන තැන වේ. රියලිටි ෂෝ එකක දක්ෂම ගායකයා නොතේරීම හෝ වෙනත් දක්ෂ නළුවන් සිටියදී ජනප්‍රය නළු සම්මානය රන්ජන් [අයියාට] ලැබීම වැනි විකාර කොම්ප්ලේන් එකක් මේ ඇනෝ කරයි.

      දෙවනුව ඔහු මේ නරාවල සුද්ධ කරන ආකාරයේ අදහස් පල කරයි. සමාජ ජාල හෝ මිනිස් හැසිරීම් වලට හරි වැරැද්ද කියා දෙන ආගමික නායකයෙක් වනවාට වඩා මිනිස් ක්‍රියාකාරකම් එලෙසින් බාර ගැනීම නුසුදුසු ද?

      මට මේ ඇනෝ ගේ තිසීසය නොපෙනේ. ඔබට කීමට අවැසි චාර්මියා මහා පොරක් නොවන බවද? නැතිනම් ඌ හිඟන නෂ්ටකාමි පරාජිතයෙක් බවද? චාර්මියා මහා පොරක් කියා මම හිතන්නේ නැත. උගේ මතවාදත් එක්ක මගේ 100% පෑහීමක් ද නැත. එහෙත් මම ඌ ලියන ඒවා කියවන්නට කැමතියි. මගේ අදහසට එකඟ නොවන එකම එකා ඌ පමණක් නොවේ, එහෙත් උගේ අදහසත් මට වැදගත්ය. එපමණකි.

      මූ මට නම් පොරක් නොවේ. හොඳ ලියන්නෙක් පමණි. එයින් එහා මොන මගුලක් වත් මට අදාළ වන්නේ නැත.

      Delete
  33. චාමි, මුලින්ම සුබ පතනවා.මේ බ්ලොග් එකට මම ගොඩක් සෙට් වුනේ අර ඔබ කියන දේශපාලන මූලය නිසා වෙන්න ඇති.නමුත් ඒකටත් වඩා යම් යම් දේවල් ඉදිරිපත් කරපු ශෛලිය මට සෙට් වුනේ ඒවයේ තිබුනු නිර්මානාත්මකභාවය නිසා.උදාහනරයක් විදිහට කීර්ති වර්නකුලසූරිය ගැන පෝස්ට් එක මා කියවා තිබෙන සිංහල බ්ලොග් පෝස්ට් වලින් මතකයේ රැදෙන දුර්ලභ ගනයේ සටහනක්.නිකම් විවේචනයකින් කරගන්න බැරි දේ ඉතාමත් ඉහලින් ඒකෙන් වෙලා තිබුනු විදිහ එහෙම මරු.මේක දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

    - රාමචන්ද්‍ර

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ රාමා, කීර්ති වර්ණකුලසූරිය ගැන පෝස්ට් එක කියෙව්වෙ අදයි.

      හැමදාමත් රාජපක්ෂ උන්නැහේට දෙක පුන මාර බ්ලොග්කාරයෙක් එතනත් කක්කා කරල තියෙනව දැක්කා.

      Delete
    2. කීර්ති වර්නකුලසූරිය ගැන පෝස්ට් එක:
      http://reargate.blogspot.com.au/2012/01/war-ltte.html

      Delete
  34. දිවි මගේ දෙවන සැතපුම් කණුව පසුකරන, මිතුරු චාර්මි ගේ රෙයර් ගේට් පුංචි පුතුට සතුට සාමය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතන්නේ මේඝය ලියන ජයශ්‍රී.

    ReplyDelete
  35. ආසාවෙන් කියවන බ්ලොග් එකක්.
    තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න වාසනාව සහ ශක්තිය ලෑබෙවා!
    ඔබට ජය!

    ReplyDelete
  36. මමත් අනිවාර්යෙන්ම කියවන බ්ලොග් එකක්.

    ReplyDelete
  37. මං මොකුත් නොකියන එක වඩා හොඳයි මගෙ හිතේ....!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙං :)

      Delete
  38. සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  39. වෙන වෙනම ස්තුති නොකලට අහිතක් හිතන්නෙපා.
    ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  40. පමා වුණාට සමාවෙන්ඩ .. ඔන්න මගෙනුත් සුබපැතුම් .!!

    ReplyDelete
  41. කියවා තිබුනත් කමෙන්ට් කර නැහැ . ඒත් මේ වෙලාවේ සුබ නොපතා කොහොමද ...

    ReplyDelete
  42. නිතර කියවන තැනක් වුනත් කොහොමින් හරි සංවත්සරේ මඟ හැරුණා , සුභ පැතුම් සහ ඉදිරි ලේඛන කටයුතුවලට ශක්තිය ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  43. මමත් සුභ පතනව ! තව ටිකක් වැඩියෙන් ලියන්න.

    ReplyDelete
  44. මමත් ආවා.. සුභ පැතුම්

    ReplyDelete
  45. මිට කලින් නම් කියවලා නැ මොනවා උනත් කාකා මේ වගේ හොද වැඩත් කරනවා..... සෝ කියවන්න එන්න ඕනා කියලා හිතුනා... අපි පොඩි මිනිස්සු නිසා ඔයාට කැමති එකක් කරන්න

    ReplyDelete
  46. බ්ලොග් අවකාශේ ශතක ද්විත්ව ශතක ගහන සේරම බ්ලොග් "හොදයි නියමයි සුභ පැතුම්..." .කියන්න තරම් අපට ඇඟේ අමාරුවක් නෑ.ඒත් මේ බ්ලොග් එකනම් සුපිරි බ්ලොග් අතලොස්සෙන් එකක්.දිගටම ලියන්න...

    ReplyDelete
  47. චාමි.... මමත් මේ බ්ලොග් එකට ආවෙ අහම්බෙන්.... තවත් බ්ලොග් එකක මේ බ්ලොග් එකට ලින්ක් එකක් තිබ්බ නිසා.

    මේකෙ පලවෙන හැම අදහසකට එකඟවෙන්නවත්, ඒවට විරුද්ධ වෙන්නත් මට බැහැ. හැබැයි පොදුවේ මේකෙ පලවෙන අදහස් එක්ක මමත් එකඟයි. ඒ උනත් මේ බ්ලොග් එක මම වරින් වර හරි බලන්න එන්නේ.. යමක් කියවලා රසවිඳින්න මිසක් අපේ පාලන ක්‍රමය වෙනස් කරන්නවත්, මෙතන මහා ලොකු දේශපාලනයක් සිද්ධවෙනව කියල හිතලවත් නෙමේ.

    පිටරටකට වෙලා ආතල් එකේ ඉන්න අපිට තියා චාටර් කකා ලංකාවේ ඉන්න උඹලටවත් අපේ ජීවිත කාල ඇතුලත ලංකාව ගැන මොනවත් කරන්න බැරි වේවි. ඒ අපේ දේශපාලකයෝ නිසා නම් නෙමෙයි. උඹත් මාත් අයිති වෙන මහජනතාව නිසයි. කොටින්ම අපි මහ කාලකණ්නි රොත්තක්. මහජනතාවෙන් වැඩි කොටසක් තාම වැඩවසම් ක්‍රමයෙන් ගැලවිලා නෑ. මහරජතුමා අපිට මෙහෙම ඉන්න දීලා තියන එකවත් මදැයි කියල ඉන්නවා. අනිත් කොනේ උන්න උඹලා වගේ පිරිසගේ අවබෝධය වැඩියි, මේ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් මහජන බලවේගයකින් (මහජනයාගේ සහය ලැබෙන දේශපාලන බලවේගයකින් ) බවත් එහෙම බලවේගයක් මේ කපේදි ගොඩනගන්න අපේ මහජනතාව එක්ක බැරි බවත් උඹලට තේරෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් සක්‍රීයව දායක වෙන්න බරිකමක් දැනෙනවා. ඉතින් බ්ලොග් එකක් දාගෙන හිතට එන දේවල් ලිය ලිය ඉන්නවා. ඒත් උඹම දන්නව මේක කියවලා මෙතන ඉන්න කිසිම එකෙක් කිසි දෙයක් ඉගෙනගන්නේ නැතිබව. මොකද අර කියනව වගේ අපේ එකෙක් ඉඳිකට්ටක් හැදුවොත් තව එකෙක් ඒකට නූලක් හදනවද? නෑ ඌ හදනවා අරූට වඩා ලොකු ඉඳිකට්ටක්.

    ඒ උනාට උඹ කරන දේ වැදගත්කමක් තියනවා. මිනිස්සුන්ට කියවන්න ආස හිතෙන විදිහට ලියන එක. ලියන අදහස මොන බම්බුව උනත් ලස්සනට ලියලා තියෙද්දි හිතට පොඩි ආතල් එකක් එනවා. ආයේ ආයේ කියවන්න හිතෙනවා. උඹ ලියන අනිත් ඒවා කියවන්න හිතෙනවා. ඔතන පොඩියට හරි කොන්වසේෂන් එකක් හැදෙනවා. අනිකාව පතුරු ගහ ගහ හරි දිගටම මේක කියවනවා. අන්න එතනදි උඹ ලොකු වැඩක් කරනවා.

    උඹ අදහස් එක්ක හරි අවංකයි. උඹවම පතුරුගහගන්න පුලුවන් අවංක කමක් උඹේ ලඟ තියනවා. කෙනෙකුට තමන්ගේ ක්‍රියාකාරකම් දිහා පිටින් ඉඳලා බලන්න පුලුවන් හැකියාව තියෙන්නේ බොහොම අතලොස්සකට. ඒ අවංක කම නිසා උඹේ අදහස හරි කියන මෙන්ටලිටි එකේ නොඉඳ උඹ අනිත් දෙවලුත් යම් යම් සීමවන් ඇතුලේ ඇක්සෙප්ට් කරනවා.

    මේ බයිලා කොච්චර හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. ඒත් මම මේ බ්ලොග් එකට ආයෙ ආයෙ එන්නෙ උඹේ අදහස් නිසාම නෙමෙයි, උඹ ලියන විලාශය සහ අර කිව්ව අවංක කම නිසා කියලා කියන්න තම මට ඕනේ කලේ...

    මේක ලියන මමත් මාර අවංකයි. පිට රටක ඉන්න, දේශද්‍රෝහී සිතුවිලි තියන, සුද්දන්නට අරක දෙන එකෙක් නිසා, මාත් මාවම විවේචනය කරගන්නවා, එතකොට වෙන එවුන්ට මා ගැන විවේචනය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනෙ.

    ReplyDelete
  48. මමත් ලඟදි බ්ලොග් අවකාශෙට ආවෙ. අහම්බෙන් කියවන්න ලැබුන මේ බ්ලොග් එක මුල ඉඳල කියවගෙන එන ගමානෙ තමා මේ පෝස්ට් එක දැකල පහු වෙලා උනත් කමක් නෑ කමෙන්ට් එකක් දාන්න ඕන කියල හිතුනෙ. කලින් ඒවට කමෙන්ට් කරේ නෑ. මනුස්සයෙකුට දැනෙන්න ලියන්නෙ කොහොමද කියල උඹ දන්නවා. දිගටම ලියපන්. සදා ජය

    ReplyDelete

Follow by Email