Saturday, July 14, 2012

සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි....!



ඔබගේ ප්‍රියතම "Rear Gate" බ්ලොග් අඩවිය, නව නීති ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය සඳහා සියළු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු. ඒ සඳහා වන රුපියල් ලක්ෂයක ලියාපදිංචි ගාස්තුව මේ වනවිටත් දිග ලියුම් කවරයක බහා පැත්තකින් තබා ඇති අතර, වාර්ෂික ගාස්තුව වන රුපියල් පනස්දාහ මේ මොහොතේ මගේ ප්‍රිය බිරිඳ ගණන් කරමින් සිටී. එය පොඩි ලියුම් කවරයක දැමීමට නියමිතය. මීටද අමතරව ගරු කෙහෙලිය ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කරන සේවය වෙනුවෙන්ද, යුද්ධය පැවති කාලයේ එතුමාගේ කේසර සිංහ නාදයෙන් කොටි හොඳටම බයකිරීමෙන් කල සේවය වෙනුවෙන්ද, තවත් චුට්ටං කවරයක් සූදානං කරන්නේද යන්න පිලිබඳව අප දෙදෙනා අතර සාකච්ඡාවක් තවත් පැය බාගයකින් පැවැත්වේ.

ඇත්ත වශයෙන්ම අපි රටේ නීතියට යටත් විය යුතුය. බොරු හේතු පෙන්වා නීතියෙන් මගහැරයාම ඉතා වැරදි ක්‍රියාවකි. උදාහරණයක් විදිහට W3 Lanka ලියන 'පැරා' ඒ 'වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවට' මහා බොරුවක් ඊයේ ඇද බා තිබුණි. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදිය. බ්ලොග් අඩවි යනුත් එක්තරා වෙබ් අඩවි ජාතියක් බව අප පිලිගත යුතුය. අනික එය ආඩම්බරයටද කරුණකි. 'පැරා' කියා තිබූ අනික් බොරුව නම් එය ප්‍රවෘත්ති සපයන අඩවියක් නොවේය යන්නයි. ඒකත් පල් බොරුවකි. ඉතා සංවේදී හදවතක් ඇති මා වෛද්‍ය උපදෙස් මත "දිනමිණ" පුවත්පත නොබලන අතර එහි පළවූ වැදගත් ප්‍රවෘත්ති රැසක් අප දැනගත්තේ W3 Lanka අඩවියෙනි. එය ප්‍රවෘත්ති සැපයිමක් නොවන්නේ කෙසේද? ඕක බ්ලොක් කරන එකමයි හොඳ.

මේ අතර තවත් පානියක් ඇද බා තිබුනේ ත්‍රිමාණ වෙබ් එකය. ඒගොල්ලෝ සල්ලි නැති බවට නාහෙන් අඬා තිබුනි. මේකත් පල් බොරුවකි. සල්ලි නැත්තං පාර්ට් ටයිම් ජොබ් එකක් නොකර අතින් කයිට් කරන් වෙබ් එකක් පටන් ගත්තේ ඇයිද කියා ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ඒගොල්ලෝ වහාම අපට දිය යුතුය. (සොරි. අපට නොවේ. ගරු ඇමතිතුමාටය).

පනතේ හැටියට ලියාපදිංචි කල යුත්තේ ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි පමණක් බැවින් බ්ලොග් අඩවි ලියාපදිංචි කරන්නේ අහවල් මගුලකටදැයි අපේ බ්ලොග් බුද්ධිමතුන් අතර මහත් සංවාදයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව මගේ සහ මා බිරිඳගේ සාමූහික අදහස මෙහි බහාලමි.

ඇත්තෙන්ම අපි ලියන නානාප්‍රකාර දේවල් ලියන්නේද විවිධ ප්‍රවෘත්ති පදනම් කරගෙනය. මා ලියන ගමේ ගොඩේ පොඩි සිද්දියක් වුව ප්‍රවෘත්තියකි. ඇතැමෙක් ලියන විරහ කවියක වුව ඇත්තේ කෙල්ල බූට් එක තැබීම පිළිබඳ ප්‍රවෘත්තියක්ම නොවන්නේද? මී අමතරව කාපු බීපුවා, ආගිය ගමන්, කක්කා කතා, කෑම හදන හැටි යනාදී සියළු දේවල ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇත. ඇමතිතුමාගේ නිර්වචනයට අනුව දැනට නැගලා යන රාවණ කතාවලද දිනමිණ පරයන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇත.

අපි අපිට අවංක විය යුතුය. රටේ නීතියට අවනත විය යුතුය. අනික ලක්ෂ එකහමාරක් වැනි කාලයේ හැටියට සුළු මුදලක්වත් ගෙවා ගැනීමට නොහැකි හිඟන්නන් සිටීනම්, වහාම තම බ්ලොග් අඩවි නවත්වා හඳුන්කූරු නිෂ්පාදනය හෝ ඉඳිආප්ප සෑදීම වැනි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දෙලොවටම වැඩදායක වනු ඇත. මෙයට පිළියමක් ලෙස අප දෙදෙනා ගරු ඇමතිතුමාට යෝජනා කරන්නේ අන්තර්ජාල ගාස්තු මෙගා බයිට් එකක් රුපියල් අසූ පහක්වත් කරන ලෙසයි. එවිට ඔය හිඟන වෙබ්කාර හැත්ත දූරීභූත වෙලාම යනු ඇත.

ගරු ඇමතිතුමාගේ මේ නව විධිවිධානවල ගාස්තු තීරණය කොට ඇති ආකාරය ගැනද එක එකා අවලම් කතා කියනු මට ඇසුනි. එබැවින් ඒ පිළිබඳවද සත්‍යය හෙළිදරව් කිරීම මගේ යුතුකමකි. ඇත්තටම ඔය රුපියල් ලක්ෂය හිඟන්නන්ට මහා බක්කක් වුවද ගරු ඇමතිතුමාට මහා කජ්ජක් නොවේ. එය එතුමාගේ වරදක් නොවන අතර පූර්ව පින් මහිමය නිසා සිදුවූවකි.

ඔය ලියාපදිංචි ගාස්තුව කීයක් කරමුදැයි ලේකම් තුමා ඇසූ විට ගරු ඇමතිතුමාට එක්වරම සිහිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී එක් බැල්කනි කොටුවකින් තවත් කොටුවකට පනින්නට ගොස් එතුමාට වූ අකරතැබ්බයයි. එතුමාට එක්වරම එම හෝටලයේ දවස් දෙකක බිල කියවී ඇති අතර ලේකම් තුමා එය කෙටුම්පත් කර ඇත. වාර්ෂික ගාස්තුව ගැන ලේකම්තුමා විමසද්දී ඇමතිතුමා සිතමින් සිටියේ නවක නිළියන්ගේ රංගන කුසලතා තවත් පිරිමැද ඔප් නංවන ක්‍රමයක් ගැනය. එහිදී එක්වරම එතුමාට ටෙලිනාට්‍යයක් අටයි තිහේ බෙල්ට් එකට දාගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් නිෂ්පාදකයෝ බලෙන්ම  දෙන තුටුපඬුර සිහිවී 'පනස්දාහයි' කියා ඇත. මේ ගාස්තු තීරණය වී ඇත්තේ එලෙසය. ඒවා ගැන අහිතක් සිතා පලක් නැත.

ගරු ඇමතිතුමාට දොස් කියන හිඟන බ්ලොග් කාරයන් සහ වෙබ් කාරයන්ට තවත් හොඳවයින් දෙකක් කීමට හිතේ තිබුනද මේ එයට වෙලාව නොවේ. සල්ලි ගනන්කොට අවසන් වූ වහාම, ඒවා අමාත්‍යාංශයට ගිහින් දෙනවාද? ගෙදරටම ගිහින් දෙනවාද කියා තීරණය කිරීමටද තවත් ඉතිරිව ඇත.

53 comments:

  1. අැමති තුමා පව් !

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාත් කියන්නෙ.....

      Delete
  2. ඇමති තුමාට මල පැනලා කැන්ගරුලන්තයේ කොටුපැනිල්ල වෙබ් අඩවි වල දාපු එකට....

    ReplyDelete
    Replies
    1. අපි ඕව දැම්මෙ නෑ හරිය?
      (මේකෙ දාලත් නෑ)

      Delete
  3. Replies
    1. තැන්කූ ලින්ක්එකට. ඒක මරු.

      Delete
  4. අබ්බෝ..... අපෙනුත් සල්ලි ඉල්ලයි ද දන්නැ කෙහෙලිය මාමා........!
    -චුටි මහත්තයා.

    ReplyDelete
    Replies
    1. ඉතිං 'නොකා - නොබී' හම්බකරපුව නැතෑ .........

      Delete
    2. හෙහ් හේ.... මම මාත්තුකාව දැකලයි තකහනිය ආවේ...!:P

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඇත්ත වශයෙන්ම සියලු විදිහේ අන්තර්ජාල පහසුකම් නැති කිරීමට කෙහෙළිය තුමා සහ එතුමාගේ ලොක්කා තුමා ඇතුළු පිරිවර උත්සාහ ගනු ඇත.මේ රටේ ජනතාව එන්න එන්නම අන්තර්ජාල පාවිච්චියට යොමු වීම තුල මුන් මේ දුපතෙන් එලියට හිතන්න දකින්න ගියොත් වෙන්නේ මල කෙලියකි.දක්ෂිණ අධිවේගය රූපවාහිනියෙන් දැක චුන් වූ එකෙක් පිටරට අධිවේගී පාරක් ඉන්ටෙර්නෙට් එකෙන් දැක ආතල් කඩා ගත්තොත් මහම අපරාධයකි.ඒ නිසා දිනමිණෙන් රූපවාහිනියෙන් හඩ්සන් ලා සුරියප්පෙරුම ලා දෙන ආතල් අන්තර්ජාලය තුල ඉන්නා වසවර්තියන්ට බිඳ දමන්නට දිය යුතුද ?අනික් පැත්තෙන් ITN එකෙන් සුදු රෙදි අන්දවා දේශප්‍රේමියෙක් කල සුදර්මන් රදලියගොඩ වැනි ලක්පුතුන් හොරුන් තක්කඩියන් බවට පත් කල,හතර පෝයට සිල්ගන්නා අපිට යහපත් පවුල් ජීවිතයකට උපදෙස් දෙන අපේ නළු නිලි උපාසක උපාසිකාවන් වෙසඟනන් කල බ්ලොග් කඩමාලු තව දුරටත් පවත්වා ගත යුතුද ?වෙනකක් තබා ප්‍රභාකරන් පැරදවීමේ මානුෂික මෙහෙයුමට තම දිවි පරදුවට තබා දැත් සවිමත් කරන්නට ආ කන්ද උඩරට දේශප්‍රේමියා අපේ කෙහෙලියතුමා බඩු කාරයෙක් බවට පත් කල මුන්ගෙන් එතුමා වාඩුව ගත යුතු නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඩෙෆා.....
      මෙගාබයිට් එක 85/- කරනු...!
      එවිට ඔය සියළු ප්‍රස්න අහවරය

      Delete
    2. Ai ban apitama kellinnee.. balapan dan jiwana wiyadama kochchara ihala gihinda...kochchara amaruwenda minissu jiwath wenne ..bus ekatama mase padiyen 1/3 yanawa ..porawal nam yanne pardo benz walin duppath ekage badatamai kelinne,, ai ubala owa gana liyanne natte,,balapan A/L karapu podi unge future ekatath keliyaa..owa pattara karyo kata karanneth ne hariyata.. ubalaa wath puluwan taramin wewechanayak wath karapalla danena wedihata...dan mata nam terena wedihata ape oluwa ata gala toku aninne kastiya.. saralawa kiwoth man nam pasu tawenawa meyalata chande dunna eka gana..eddenko tawa chandayak :(

      Delete
    3. විවේචනය කරන්ඩ බයයි මචෝ. විවේචනය කරන උං හොය හොයා මන්දිරේට ගෙන්නල කන්ඩ දෙනව. තව කිති කවනවත් එක්කලු... මතක්වෙද්දිත් ඇඟ හීතල වෙනව බං....

      Delete
  7. එළස්....මචං උඹලා සල්ලි ගණිනවද....? මම නම් වැඩේ පටන් ගත්තෙම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගාණ ගෙවලා. තාම ලි.ප. සැටිපිකේට් එක හම්බවුනේ නෑ. ආරංචි විදියටනම් ඒක රජයේ මුද්‍රණාලයේ අච්චු ගහනවලු. ළගදිම ලියාපදිචි තැපෑලෙන් එයි.

    ඇමතිතුමාගේ ඔය නීතිය ගැන දැනගත්තුවෙලේම තමයි මටත් බ්ලොග් එකක් කරන්න උන හැදුනෙ. ඒකයි කඩිමුඩියෙම වැඩේ පටන්ගත්තෙ.
    දැන් අපේ බ්ලොග් ලියා පදිංචි කළාම හැමෝම දන්නවනෙ අපි ලක්ෂපතියො කියලා, ඒකම කොච්චර දෙයක් ද...? ‍

    ReplyDelete
    Replies
    1. මෙවන් ඇමතියෝ ලද අප"නිවුණෝ"නොවෙත්ද?

      Delete
  8. මම බ්ලොගය වසා දමමි.ඔහොම ගඟේ මූදේ දාන්න ලක්ෂ ගනන් සල්ලි කොහෙද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇමතිතුමා ගාවනං තියෙනව මචෝ.... :)

      Delete
  9. මම නම් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවක් නැත. ඒ මම හිඟන්නෙක් බැවිනි. හිඟන්නන්ට කොහේද උණු බත් ඒ නිසා බ්ලොග් අඩවිය වසා දමමි.

    ReplyDelete
    Replies
    1. වහන්ඩ එපා. මෙහෙම කරමු. ඔය තියෙන මොනාහරි විකුණල මදි පාඩුවට කොම්පීතරෙත් විකුණල දාල කෝමහරි ඕක රෙජිස්ටර් කරගමු. අර සුමිත් කිව්ව වගේ අඩුගානෙ ලක්සපතියෙක් වත් වෙයිනෙ :)

      Delete
    2. මීවනපලානේ රාජපක්ෂJuly 15, 2012 at 9:26 AM

      @වෙද දරුව,

      බටහිර කසිකබල් පඬියන්ව තඹයකට නොතකමින් දේශීය ආයුර්වේදයේ අගය දක්වමින් ඔබ ගෙන යන මහඟු මෙහෙය මේ කෙහෙළියා බඳු ඇමෙරිකන් ගැත්තෙකුට නැවැත්විය හැකිද? ඔබ ගෙන යන අනුපමේය මෙහෙය රුපියල් ලක්ෂයක් බදු ගැහුවාට නැවැත්විය හැකිද? නැත දරුව නැත. එසේ සිදුවිය යුතු නොවේ. මානිවත්ත අභික්කම්ම. නොනැවත ඉදිරියටම යන්න. දේශීය ආයුර්වේදයේ බල පරාක්‍රමය ලොවටම පෙන්වන්න.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
  10. http://emailkavikaari.blogspot.com/2012/07/blog-post_14.html

    දැං ඉතිං මොකේද දං වළඳන්නෙ කිව්වලු

    ReplyDelete
    Replies
    1. තැන්කූ මේ ලින්ක් එකට.
      බලං යද්දි කවුරුත් ටිකක් බයවෙලා :)

      Delete
  11. Replies
    1. අනේ අම්මපා සුබ අනාගතේ...:)

      Delete
  12. ඒ කියන්නේ මේ බ්ලොග් ලියල හම්බ කරන සොච්චමට ගහන්න හදනවා කියල ද? :-p

    ReplyDelete
    Replies
    1. සොච්චම යුරෝ වලින් නේද?

      Delete
  13. ආහ්.. මේං මෙයා කෝප වෙලැයි.. හැකිස්.. අපිත් එතකොට ජනමාධ්‍යවෝදියෝ වෙනවද දන්නෑනේ.. මොකෑ ප්‍රවෘත්ති‍නේ සපයන්නේ..... සැහ්.. ඒක මරුනේ අප්පා......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බ්ලොග්කරුවන්ගේ සැබෑ කාර්යභාරය අඳුනගත්තොත් ඉතිං අපෙ ඇමතිතුමාම තමයි.

      Delete
  14. Web register kalama ewa liyana aya janamaadyawediyo wenwa etakota hama chandayakadima temple trees eke fried rice dansalata sahabagi wee botalayakda ine gasa gena awith awurudu keepayakata pasu permit vehcle ekak da laba gatha hakiya....

    ReplyDelete
    Replies
    1. අනිවා... අනිවා...
      මෙන්න මේව තමයි පොසිටිව් තින්කින් කියන්නෙ.
      එල ඈ...

      Delete
  15. මම මේ කල්පනා කරන්නේ ගහෙන් වැටුනු මිනිහට ගොනාත් ඇනලා තව කොහෙට හරි ඇරලත් යයිද කියලා අප්පා.....

    ReplyDelete
  16. අද උදේ ඉඳන් ට්‍රයි කරනවා ලංකාවේ නිව්ස් සයිට් ටික බලන්න.... තියන නිව්ස් (ඕප දූප) වෙබ් සයිට් කන්දරාව....තාම ඉවර කරන්න බැරි උනා...
    ආණ්ඩුව සෑහෙන්න පෝසත් වෙයි මේ වැඩෙන්......

    ReplyDelete
  17. හය හත් දෙනෙක් කියවන ඒව ලියාපදිංචි කරන්න ඕනි නැතුව ඇති ඝන පූර්ණයක් නැති නිසා. ඒක නිසා අපි ගොඩ.

    ReplyDelete
  18. අපිටත් ඕන නැති වැඩනේ! තියන දෙයක් කාලා බීලා වෙන දෙයක් බලං ඉන්නේ නැතුව මහ ලොකුවට බ්ලොග් ලියන්නේ!

    ReplyDelete
  19. thawa salli hoyana kramayak higana anduwa kiwwanam narakada

    ReplyDelete
  20. අප්පා... මෙච්චර දේවල් වෙනවා කියලා දන්නෙත් නෑ. අපිට කොහෙන්ද අප්ඩේට් වෙන්න වෙලාවක්...
    රාජ්ගේ බ්ලොග් එකයි චාර්මිගේ බ්ලොග් එකයි කියවලා ටිකක් මඥ්ඥඥ් වෙලා හිටියේ උදේ. පස්සේ ආයේ හවසත් දෙපාරක්ම කියවලා වටේ පිටේ ලින්ක් ටිකත් කියවලා තමයි තේරුනේ.
    මටත් නම් ගෙවන්න සල්ලි නෑ. ඇමති තුමා ලස්සන කොල්ලෙක්වත් වුනා නම් ඔය මොනා හරි එකකින් බේර ගන්න තිබ්බා.. කොහෙද මේ යකා ඇවිදගන්නත් බැරි නාකි පප්පෙක්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ රංගි නැන්දේ ඔයාටනං ඒ මාමා ගැලපෙනවා

      Delete
    2. ඇවිදගන්න බැරිවුනාට කරන වැඩ ගැන අහල නෑ වගේ.... නැත්තං ඔහොම කියන්නෙ නෑ.

      Delete
  21. බ්ලොග් කට්ටිය එකතු වෙලා උපවාසයක් කරමුද?
    බ්ලොග් ප්‍රොෆයිල් එකට දාල තියෙන ෆොටෝ එක අයින් කරන්න ඕනෙ ඊට කලින් :)

    ReplyDelete
  22. හි හි... අයියෝ සල්ලි!!!

    ReplyDelete
  23. මීවනපලානේ රාජපක්ෂJuly 15, 2012 at 9:06 AM

    @චාමි දරුව,

    අද උදෑසන චිත්ත සමාපත්තියට සම වැදුණු මොහොතේ දැනට ගන්ධබ්බයන් ලෙස දිවි ගෙවන කිහිප දෙනකු මේ සම්බන්ධයෙන් දරණ අදහස් මට දැන ගත හැකි විය. හුදී ජන පහන් සංවේගය පතා ඒවා මෙහි සටහන් කරමි.

    මාෂල් මැක්ලුහන්: ඇත්තටම ළමයෝ, මට වහ කාල ආයෙත් මැරෙන්න හිතුණ. මොකද මම 1960 ගණන් වල ලියල තියෙනව තාක්ෂණයේ දියුණුවත් එක්ක තොරතුරු ගලනය වැඩි වෙලා මොන ජගතෙකුටවත් ඒක පාලනය කරන්න බැරිය කියල. ඒකට තමයි මම "විශ්ව ගම්මානය" කිව්වෙ. බලාගෙන යන කොට මට විශ්ව ගම්මානෙ ගම්මුලාදෑනින් මඟ ඇරිල නෙවැ...

    අතිගරු ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් වහන්සේ: මල්ලි හරි මල්ලි, ඔහොම යමු...මට හරි ආඩම්බරයි මල්ලි ගැන.

    ඇටමැස්සා: ඕක දැනගෙන තමයි මං ගියේ...

    ඔබා මාමා: යකෝ මං මැරිච්ච එකමයි හොඳ. නැංහ්නං කීයකට කියල ගෙවන්නද? මගේ එකට ලස්සයයි. රාමයාගෙ එකට ලස්සයයි, අබේපාලයාගෙ එකට ලස්සයයි (මොකද උන් ගෙවන එකක්යැ, මටමනෙ ගෙවන්න වෙන්නෙ.) ... මාව විකිණෙයි නෙවැ බොල.

    (මේ මීරාගේ අදහස් නොවන බවත් මීරා මෙතැන හුදෙක් වාර්තාකරුවකු පමණක් බවත් කරුණාවෙන් සලකන්න.)

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
  24. මෙන්න කතන්දරයකුත්:

    "ඒ රටේ සියලු ඔටුවන් කප්පාදු කරන්න රජය තීරනයක් ගන්නවා. මේක දැනගත්තු හාවෙක් කැලේ කඩාගන දුවගන ගොස් දේශ සීමාව පනිනවා. එතනදී හිවලෙක් හාවා අමතනවා: "යාලුවේ මොකද මේ කලබලේ?"

    "ඇයි දන්නෙ නැද්ද අර රටේ වෙන දේවල්?"

    "මොනොවද?"

    "එහෙ ඔක්කොම ඔටුවො කප්පාදු කරනව!"

    "ඒත් ඔහෙ ඔටුවෙක්යැ. හාවෙක්නෙ!"

    "දන්නෙ නැද්ද එහෙ නිලමක්කාර උන්නැහෙලගෙ වැඩ? උං ඉස්සෙල්ලම කප්පාදු කරල ඊට පස්සෙයි බලන්නෙ මොකාද කියල!"

    (උපුටාගත්තේ අජිත් තිලකසේන ලියූ සිද්ධිය වෙනකොට අපි බාර් එකේ නමැති කෙටි කතාවෙන්. පස් වසරක්, සරසවි ප්‍රකාශකයෝ, 2010, 76-77 පිටු)

    උපුටනය ආනන්දවර්ධනගේ බ්ලොග් එකෙන් http://webalochana.blogspot.com/2012/05/blog-post_31.html

    ඒ නිසා ඔටුවන් කප්පාදු කිරීම ඇරඹූ වහා ම රටින් පැනගන්න.

    ReplyDelete
    Replies
    1. රටින් පයින්න අපිත් කැමතියි... කෝ මගදි අල්ලගන්නවා නෙව...!

      Delete
  25. මෙහෙමනේ ...... ලොක්කා කැමති නෑ අපේ නාමල් බේබිට කවුරුත් වෙබ් සයිට් වලින් මඩ ගහනවට. ඩෙංගු නෙමෙයි ඩිංගි තිබුනත් හින්දි නළු නිලියෝ ටිකක් ගෙනල්ල පොඩි ආතල් එකක් ගත්තට මහින්දාගමනය කියන්නේ ලංකාවේ නව පෙරලියක් කරන පවුලක්. හරියට "රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක්‌ ආණ්ඩුව හම්බකරගත්තා වගේ ඩෙංගු වලින්. ඒ වගේම ඔය කොහේ කොහේ හරි මතුවෙන රත්තරන් කෑලි ටිකක් , ඒ වගේම මැණික් ගල ටිකක් හොයාගෙන අහිංසකව ජීවත්වෙන පවුලක් ඕක. ඒ වගේම ඔය පොඩි දැරිවියක් , ගැහැණු ළමයෙක දුෂණය කෙරුවට ඔය මහින්දාගමනය පක්ෂේ කියන්නේ සෑම පෝයකටම මන්දිරෙටම ගෙනල්ල පවුල පිටින් බණ අහන පවුලක්. අනිත් එක මහින්දාගමනය පවුල වගේ අනාගත රටේ දැනමුතු ළමයි හදන්න අධ්‍යාපනයට වැඩිම මුදලක් වය කරන්නෙත් ඔය අහිංසකයෝ ටිකයි. ඉතින් මම අහන්නේ ඔය විදියට මද ගහන වෙබ් සයිට් වලට රුපියල් ලක්ෂයක් නෙමයි ලක්ෂ පහක් විතර ගෙවන්න දැම්මනම් හරි. හරිනම් මේ වගේ මඩ ගහන බොලොග් , හෝ වෙබ් සයිට් තහනම්ම කරලා දාන්න ඕනේ

    ReplyDelete
  26. බය වෙන්න එපා. මේකත් අර 'දුම් සහතිකේ' වගේ තමා. දුම් සහතිකේ අනිවාර්‍යය කලේ තව ගාණක් ගරා ගන්න. ඒක අනිවාර්ය කලාට පට්ට ලදරම් තාමත් පාරේ දුවනවා. රු. 200 ක පගාවකින් ඕනම එකක් පාස් කරගන්න එක සුළු දෙයක්.

    වෙබ් සියිට් ලියාපදිංචියත් ඒ වගේම තමා. ලියාපදිංචි නැතුව මඩ වෙබ් සයිට් ඕන තරම් දුවයි. අහිංසක වෙබ් සයිට් කාරයොන්ට වැලෙ වැල් නැත. වෙබ් වලින් බ්ලොග් වලටද, එතනින් බුකියටද පැමිණිය නොහැකියැයි කාටනම් කිව හැකිද?

    ඒ වගේද යකෝ ගෑස් අඩු කරපු එක....

    ReplyDelete
  27. අනේ කාලේ වනේ වාසේ :D

    ReplyDelete
  28. ආශ්චර්ය...
    ඇමති තුමාට ජයවේවා!!!!!!

    ReplyDelete
  29. http://r4ng4.blogspot.com/2012/07/blog-post_18.html

    මමත් මේ ඔය ගැන පෝස්ට් එකක් දාල වෙබ් එකේ සැරිසරද්දි චාමිගෙ මේ පෝස්ට් එක දැක්කේ. දැන් ඉතිං ගැනපන්කො සල්ලි

    ReplyDelete