Monday, June 4, 2012

මුවෝ මරණ එක ඇත්තටම පව් ද?


දේවානම්පියතිස්ස මුව දඩයමේ ගිය කාලෙ මුවෝ මරණ එක පව් නෑ. ඒ කාලෙ සිංහලයො හිටියෙත් නෑ. දෙමලු හිටියෙත් නෑ. (බැරිවෙලාවත් හිටියනං දෙමලු මරන එකත් පව් නෑ.)

මිහිඳු හාමුදුරුවො ඇවිත් තියෙන්නෙ පොසොන් පෝය දවසක. එදා පොසොන් පෝය කියල මිහිඳු මහ රහතන් වහන්සෙ දැනගෙන උන්නෙ නෑ. මුවා දැනගෙන උන්නෙත් නෑ. ඒකනෙ දිව්වෙ. තිස්ස දැනගෙන උන්නෙත් නෑ. දැනගෙන උන්නනං කීයටවත් ඔය දවසෙ මුව දඩයමේ යන්නෙ නෑතුව රජ වාසලේ හොඳ කී‍රොටි දන්සැලක් දෙන්න තිබ්බා. ඒ කාලෙ කීරොටී තිබිලත් නෑ මං හිතන්නෙ.

තිස්සට මුවා මරාගන්ඩ බැරිවුනේ මිහිඳු හාමුදුරුවො හින්දා. මුවෙක් වගේද අල්ලපු රටේ අධිරාජ්‍යයගෙ පුතා? එදා ඉඳං තමයි මේ රටේ මුව අයිතිවාසිකම් ඇතිවුනේ. බුද්ධාගම දැන කියාගෙන මිනිස්සු වැඩිදෙනෙක් මුවෝ මරන එක නැවැත්තුවට මුවෝ ඒ වගක් දැනගෙන උන්නෙ නෑ. අද දන්නෙත් නෑ. ඒ හින්දයි කැලේ ඉන්න මුවෝ වැඩිහරියක් මිනිස්සු එනකොට දුවන්නෙ.

ඒ කාලෙ බුදුපිළිම තිබුණේ නෑ. ඒක නිසා ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ කියලා ශිලා ලේඛනයක්වත් ලියවෙන්න පුලුවන් කමක් නෑ. ඒකෙන් තේරුම්ගන්න ඕනෙ ‘ගුණදාස අමරසේකර’ වගේ හාදයෙක් ඔයකාලෙ ඉන්න කොහොමවත්ම විදිහක් නැති බව. කොටින්ම නාථ දෙවියො හිටිය උනත් ‘නලින් ද සිල්වා’ කියන්නෙ උන්නාන්සෙගෙ හිතේ හීනියට තිබ්බ සංකල්පයක් විතරයි. ඉතිං ඔය දෙන්න නැතුව කොහෙද ජාතික චින්තනයක්?

ඒ විතරක්යැ....

දේවානම්පියතිස්ස සිංහලයෙක් නෙමෙයි. මොකද සිංහල ජාතිය කියල එකක් ඒ කාලෙ නොතිබිච්චි හින්දා. ඒ මදිවට ඔය දවස වෙනකං එයා බෞද්ධයෙකුත් නෙමෙයි. (බෞද්ධ රජෙක්නං ඔය වගේ ආතල් එකට මුවෝ මරයිද නේද? කෝටි දහ පහලොවක් දාල ප්‍රීති සින්ටව ගෙන්නල  ෆන් එකක් ගන්නව මිසක්)

ඉතිං රටේ රජා සිංහල බෞද්ධ නොවිච්චි එකේ රට සිංහල බෞද්ධ වෙන්ඩ පිස්සුවක් ඇතැයි? ඔන්න ඔය හින්දම තමයි ඒ කාලෙ ජාතික හෙල උරුමය, සිහල උරුමය, චින්තන පර්ශදය, සිංහල වීර විදහන, සිංහල රාවය වගේ අටෝ රාසියක් දේශප්‍රේමී  සංවිධාන නොතිබ්බෙ. ඒකත් හොඳට ගියා. නැත්තං කිසිදාක මිහිඳු හාමුදුරුවන්ට මේ රටේ පස් (කළුගල්) පාගන්නවත් ලැබෙන්නෙ නෑ.

(ඒකාලෙ ජේ.වී.පී නං තිබ්බ කියල මං අහල තියෙනව. අර අඹ ප්‍රශ්නෙ අහං ඉඳල තමයි විමල් වීරවංශ ඒක කඩාගෙන ගිහින් ජා.නි.පෙ. හදල තියෙන්නෙ)

58 comments:

  1. මොකක් නමුත් අදහසක් දෙන්නට දරපු උත්සාහයක් .ඇත්ත කතාව නම් මට තාම ඒක මීටර් උනේ නැත.කොහොම උනත් ජයවේවා!

    ReplyDelete
  2. තුඃ නොදකින් විතරක්.......

    ReplyDelete
  3. මං දෙක
    මේ පෝස්ට් එකට නම් මාර ම මාර තේරුමක් තමයි තියෙන්නේ.මේක දෙවෙනි වෙනව නම් දෙවෙනි වෙන්නේ අර එක කාලෙක හිටපු රජ කෙනෙක් ඇන්දයි කියන සීතාම්බර සලුවට විතරමයි.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හදේ තමයි. ඔයා තුන.

      Delete
  4. මගේ පෝස්ටුවකට ආව කොමෙන්ටුවක් දානව මෙතෙන්ට ගැලපෙන නිසා.
    //"මහ රජ... ඔබට නෑයෝ සිටිත්ද...?"...

    මුවා : "හම්මට සිරි..!!....ඔබ වහන්සෙ ළඟදිද ලංකාවට ආවේ...?? මෙයාට නෑයො ඉන්නවද කියලත් අහන්නෙ...! "

    මේ අතර අනුරාධපුරයේ...

    "අම්මේ, තාත්තේ, නංගියේ, මල්ලියේ..!!.. මේ රට ඇවිත් තියෙන්නෙ ඓතිහාසික අවස්ථාවකට...!!.. මේ අශෝක, මහේන්ද්‍ර, සංඝමිත්‍රා මේ රට ඔවුන්ගේ කොළණියක් කරන ද්‍රෝහී කුමන්ත්‍රණයට අපි මුහුණ දෙන්න ඕන...!! .. අපි එකාවන්ව දහස් ගණනින් අනුරාධපුරයට රැස් වෙලා මේ සටන අතට ගන්න ඕන...!!... මගධයේ සියළු නිෂ්පාදන වර්ජනය කරමු...!"

    Modern Patriot//

    ReplyDelete
    Replies
    1. ඔය දමිත් කේතකගේ පොසොන් දින ප්‍රකාශය.

      Delete
  5. මම කල්පනා කලෙ තව අවුරුදු 2000කින් විතර මොනවගෙ කතාවක් තියෙයිද කියලා

    ReplyDelete
  6. මම ජාති වාදියෙක් වත් ආගම වාදියෙක් වත් නෙවි, ක්‍රිස්තියානින් ට ඔවුන්ටම වෙන්වුණු රටක් තියෙනවා (වතිකානුව) මුස්ලිම් මිනිස්සුන්ගේ සුද්ද වූ නගරය (මක්කම) ට වෙන ආගමිකයන්ට යන්නත් තහනම් ..... බවුද්දයෝ ?

    ReplyDelete
    Replies
    1. ඔබත් සමග මාත් එකඟ වෙනවා.

      Delete
    2. බවුද්දයෝ ? හෝ බවුද්ද ආගම කිය දෙයක් නැත.
      ඇත්තේ බවුද්ද දර්ශනයක් පමනයි.ඓතින් ඕකට මොකටැයි වෙනම රටක්.

      Delete
    3. well said 'boo pale'

      Delete
    4. මෙතැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

      ඕනැම ආගමකට වගේ බුද්ධාගමටත් අනුගාමිකයො දෙපිරිසක් ඉන්නව.

      1. ආගමිකව බුද්ධාගම්කාරයෝ
      2. ගෝත්‍රිකව බුද්ධාගම්කාරයෝ

      ඔය පළමුවැනි පිරිසේ අවශ්‍යතා හුඟක් අඩුයි. යන්න එන්න පන්සලක්, ඒකට යන්න නිදහස, බණ භාවනාවක් කරගෙන ඉන්න වෙලාව වගේ සරල දේවල් කිහිපයක් තිබුණාම ඉහටත් උඩින්. අපේ ගැමි බෞද්ධයෝ යම් පිරිසක් වැටෙන්නෙ මේ ගණයට. සමහරු පන්සල් යන්නෙමත් නෑ. නමුත් ඇදහීම බෞද්ධ. ඉතාම හොඳට බුදු හාමුදුරුවො කියපු දේවල් පිළිපදිනවා. කූඹියෙක් කඩියෙන් මරන්න වුණත් අකැමැතියි. වංක කමකට නෙවෙයි. ඒ ඔවුන්ගේ හැටි.

      දෙවැනි පිරිසගෙ අවශ්‍යතා ඉතාම වැඩියි. මේ අයට නිකං පන්සලක් තිබුණට මදි. "අපි බෞද්ධයෝ" "මේ බුදුන්ගේ දේශය" කියල කෑගහගෙන ඉන්න පරිසරයක් තියෙන්න ඕනැ. වෙන කාටවත් තමන්ට චැලෙන්ජ් කරන්න බෑ. බළල්ලු මළ පහ කරල තමන්ගෙ වසම මාක් කරනව වගේ මේ අයට ඕනැ පාරවල් අයිනෙ බුදු පිළිම අටවගෙන තමන්ගෙ වැයික්කිය මාක් කර ගන්න. බුදු දහම පිළි පැදීම මේ අයට වැඩිය වැදගත්කමක් තියෙන දෙයක් නෙවෙයි. ඊට වඩා වැදගත් බුද්ධාගම අනෙක් ආගම් වලට උඩින් තියෙන එක. වැඩිය උදාහරණ අවශ්‍ය නෑනෙ. අද සමාජයේ මේ වගේ කීදෙනෙක් නම් ඉන්නවද?

      මෙතැන අවාසනාවන්තම කාරණය ගෝත්‍රිකව බුද්ධාගම අදහන පිරිස අතුරින් සැබෑ බුදු දහම ඈත්වීම. දැන් බලන්න කීදෙනෙකුට අවංකව නලින් ද සිල්වා බෞද්ධයෙක් හැටියට නම් කරන්න පුළුවන්ද? බෞද්ධයකුගේ සාමාන්‍ය ලක්ෂණද නලින් ද සිල්වාට තියෙන්නෙ? නෑ. මන්ද? නලින් ද සිල්වාගේ බුද්ධාගම වෙනස්. ඔහුගේ බුද්ධාගම තමයි ගෝත්‍රික බුද්ධාගම.

      ඉතින් ඔය ගෝත්‍රික බෞද්ධයෝ රටක් ඉල්ලන එකේ කොහොමටවත් පුදුමයක් නෑ.

      Delete
    5. හරි හොදය්... කට්ටියගේ කතාවල සරන්ශේ මෙකය් .... බුද්දාගම අව්හිනසවාදය උගන්වන ආගමක් .... මේක අදහන අයට රටක් , පොලිසියක් , හමුදාවක්, නීතියක්, දඩුවම් කරන්න උසාවියක් අවශ්‍ය නෑ මොකද ඔය හැම එකකින්ම අනික් අයට හිත රිදෙන්න පුළුවන් නිසා

      Delete
    6. /මේක අදහන අයට රටක් , පොලිසියක් , හමුදාවක්, නීතියක්, දඩුවම් කරන්න උසාවියක් අවශ්‍ය නෑ /

      කොතැනද, කවුද එහෙම කියල තියෙන්නෙ?

      Delete
    7. අඩේ බුද්දාගමට මක්කටෙයි පොලිසියක් , හමුදාවක්, නීතියක්, දඩුවම් කරන්න උසාවියක් . බලෙන් නිවං අරින්ටෙයි. දැන්ටත් ඔය හන්දියක් හන්දියක් ගානෙ බලෙන් පන්සිල් අස්සල පිරිත් අස්සල නිවං අරින්ට ට්‍රයි කොරන්නෙ.....

      X-Porter

      Delete
  7. ඔයා ඔය කියන්න හදන අදහස මගේ හිතෙත් තිබුනා. අපි උපතින්ම හින්දු ආගමිකයෙක් වෙලා පසුව බුදු දහම ආවානම් අපි මොනවා නොකියයිද ?

    අනිත් එක මහලොකුවට දන්සැල් දෙන එකෙන් පිනක් සිද්ධ වෙනවද ? ලක්ෂ ගණක් වියදම් කරලා තොරණක් ගැහුවහම වෙන පින මොකක්ද ?
    මේවා ඔක්කොම බොරු වැඩ. බුදුන් වහන්සේගේ දර්ශනය අපිට කියල දෙන්න ඉන්න හාමුදුරුවෝ මොකක්ද කරන්නේ. මිනිස්සුන්ගේ සල්ලි එකතුකරලා තෝරන ගහන එකයි , පෙරහැරවල් යන එකයි. ඒවත් තියෙන්න ඕනේ , එත් ඒ වගේම මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා ගෙයක් නැති මනුස්සයෙක්ට ගෙයක් හදල දුන්න නම් හොඳ නැද්ද ?

    ReplyDelete
  8. රටක් කියන්නෙ මොකද්ද ඇයි එහෙම කක් තිබුන කියල ඇති වැඩේ..අනික මේ වගේ ප්‍රාථමික රටක ඉන්නව කියන්නෙ ලොකු වැඩක්ද??
    තව ටික දොහකින් අපි අප්‍රිකාවෙ රටක් වගේ වෙයි..
    ඇයි මේ රට හොදනං මිනිස්සු මේකෙන් එලියට යන්න හදන්නෙ..හිටපල්ලෙකා අපේ රට කියලා...

    ReplyDelete
  9. මම එක :)

    ReplyDelete
  10. හොඳ වෙලාවට අර ආගම් වෙනස් කරන එක වලක්වන පනත තාමත් නැත්තේ. හැබැයි තිබුණත් රජාට ඔන්නම් වෙනස් කරලා කබරගොයි මස් වුනත් කයි!
    http://kathandara.blogspot.com/2010/02/blog-post.html

    .

    ReplyDelete
  11. එතන ඇත්තම මුවෙක් ඉඳල නැහැ. රජාව රවට්ටපු විදේශීය කුමන්ත්‍රණයක්.

    ReplyDelete
  12. ලංකාවේ බුදුදහම ගොඩනගන්න කරපු උප්පරවැටිටයක්..

    ReplyDelete
  13. පස්සෙන් පහු කාලෙක රජුන් මුවාට මුවා වෙලා මිනිස්සු මැරුවා. එහෙම බැලුවම නම් මුවා මරණ එක පව් නෑ.

    ReplyDelete
    Replies
    1. මුවාට නෙමේ බුදු පිළමෙට!

      Delete
  14. දේවානම්පියතිස්ස රජතුමා ආගම වෙනස් කලා නම් වෙස් කරන්න කලින් අදහපු ආගමක් තියෙන්න එපැයි.ඒ ආගම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දේවානම්පියතිස්ස රජතුමා සෙකියුලර් වෙන්න බැරිද? :)

      Delete
    2. සමහරවිට වෙන්න පුලුවන්,

      චාර්මි, මේකයි ඇත්තම සීන් එක.වෙන පෝස්ට් එකකට (කතන්දර ගේ පරණ පෝස්ට් එකකට) කොටපු කොමෙන්ට් එකක් තමයි වැරදිල මෙතන පබ්ලිෂ් කරල තියෙන්නේ.ඒ වුනාට බලං ගියාම ඒක මෙතනටත් ගැලපෙනව වගේ.

      Delete
    3. මේ සේකුලර් කියන්නේ ආගමක් නොවේ. අපි වගේ "නිරාගමික" කියලා "නිර්භීතව" කියාපියකෝ.

      Delete
    4. අනේ සුජීව උඹේ පුකේ සෙකියුලර්. ඔය දෙන එවුන්ටම දීගෙන හිටපන් වංකයෙක් නොවී.

      Delete
  15. /බැරිවෙලාවත් හිටියනං දෙමලු මරන එකත් පව් නෑ./

    සුජීව කොකාවල තාම මේක දැක්කෙ නෑ. දැක්ක නං "සාදු සාදු සා.....දු" කියලා පින් අනුමෝදන් වෙලා මෙලහකට.

    ReplyDelete
    Replies
    1. ඔන්න මට ආයිත් පොඩි සෙලිබ්‍රිටි හැගීමක් ආවා. චාර්මියෝ ඇනෝ බ්ලොක් කරන්න එපා වැරදිලාවත්. මේකේ මා ගැන හිතන මා වෙනුවෙන් වෙහෙසෙන ඇනොවෙක්ඉන්නවා. ඌට රිදෙයි.

      Delete
    2. මේ රටේ ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ඉඩ නොදෙමින් වර්ගවාදය අවුස්සන උඹ වගේ එවුන් දැකීමෙන් අපට කොහොමටත් රිදෙනවා තමයි සුජීව. එකම වෙනස චම්පික රණවකලා, උදය ගම්මන්පිළලා එළිපිට කරන දෙයක් උඹ සෙකියුලර් බැටළු හමට මුවා වෙලා කරන්නට උත්සාහ කිරීම. ඒත් ඒ සෙකියුලර් බැටළුහම එහා මෙහා වෙද්දි උඹේ නිල් ජංගිය පේනවා. තාමත් උඹට රැවටී ඉන්න චාමි වගේ "මිතුරන්" ඉක්මණින්ම උඹ ගැන අවබෝධය ලබා ගන්නේ නම් හොඳයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. චාර්මි ඔන්න ඉගෙන ගනින්. මේ කියන්නේ මම ගැන ම අධ්‍යනය කරන මා ගැනම හිතන කෙනෙක්.

      සැදැහැවතුනි මෙන්න තව කියවන්න මා ගැන: http://free-unbound.blogspot.com/2012/01/blog-post.html

      [මෙහෙම එකෙක් හැම බ්ලොග් එකටම දා ගත්ත නම් මෙලෝ පෝස්ට් එකක් නොලියා හිට්ස් ගන්න තිබ්බා. චාර්මි සමාවෙයන් තැටිය රත් වුනු වෙලාවේ රොටි පුච්ච ගන්න එකට]

      බ.ද.වේ. මේ "රටේ ජාතින් අතර සමගිය උදෙසා" රට දෙකට බෙදමු කියා කියන එකාලා ඇරෙන්න අනික් එවුන්ට තේරෙන්න ඕනෙ අද වෙනකම් මම නියෝජනය කලේ ශ්‍රී ලාංකිකත්වය විනා සිංහල බෞද්ධ අටමගල නොවන බව. අර රට බෙදන මතය දරන එවුන්ට නම් මා ගැන මොන තරම් රිදුනත් කමක් නැහැ. බෙදුම්වාදීන්ට රිදෙන එක හොඳයි.

      අනික මම සේකියුලර් කියන දේශපාලන දර්ශනය වර්තමානයට ප්‍රායෝගිකයි කියා හිතන කෙනෙක් නොවේ. පුදගලිකව නිරාගමිකයෙක් පමණයි. මේ දෙකේ වෙනස නොවැටහෙන්නේ නම්, ඔන්න ඔහේ ඕන එකක් හිතා ගන්න.

      Delete
  16. පහුගියදවසක මිහින්තලේ ගිය ගමනකදි පිරිසකට ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි මිහින්තලාවෙ මුදුනෙ ඉඳං පහල ඉන්න රජතුමාට ඇහෙන්න මිහිඳ හාමුදුරුවො කතා කලේ කොහොමද කියන එක. මොකද සෑහෙන දුරයිනෙ. එහෙම ඇහෙන්නනං බෙරිහන් දෙන්න වෙනවනෙ.

    හැබැයි ප්‍රශ්නෙ ආපු ගමන්ම අපේ උපාසක පිරිසගෙන් ටක් ගාල උත්තරයක් ආවා. මිහිඳු හාමුදුරුවො රහතන් වහන්සේ නමක් නිසා හිමිං කතා කලත් ඕනෙ දුරක් ඇහෙනවළු. මේ එවෙලෙ හදපු උත්තරයක් :)

    පස්සෙ මම මැදිහත් වෙලා පාංශුඛාදනය අරක මේක පිලිගතහැකි තියරි ටිකක් දාල වැඩේ ෂේප් කලා. පස්සෙ කියනව පාංශුඛාදනයත් වෙලා ඇතිලු. ඒ උනාට හරියටම හරි කලින් එයාලගෙ උත්තරේලු.

    ඔය තමයි 'කතන්දර' හැදෙන විදිහ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඕයි.. ලවුස්කීපර් තියෙන්න ඇතිනෙ ඒකාලෙත්.

      Delete
    2. ලවුස්කීපරේ තිබ්බට මොකේ ගහන්ඩද? ඒ කාලෙ කරන්ටෙක තිබ්බද? ඒක දුන්නෙ මේ මෑතකදිනෙ.

      Delete
    3. අර බැටරියෙං වැඩකරනඑක තියෙන්න ඇති :-)

      Delete
    4. ඉතිං බං බැස්ටි චාජ් කරන්ඩත් කරන්ට් එක තියෙන්ඩ එපැයි

      Delete
    5. පිස්සුද මචෝ? මිහිඳු හාමුදුරුවො ඉන්දියාවෙන් එනකොටම එයාටෙල් රෝමින් ඇක්ටිවේට් කරගෙන එන්න ඇති. මිහින්තලා ගල උඩ සිග්නල් එහෙම හොඳට තියෙන එකේ රජාට කෝල් එකක් දාන එක සිම්පල් ප්ලෑන් එකක්නෙ!!!

      ~Rx

      Delete
    6. බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට ඇහෙන්න බණ දේශනා කරලා තියෙනවා. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට මිහින්තලාව මුදුනේ ඉඳන් රජතුමාට කතා කරන්න බැ කියලා කියන්නෙ කොහොමද? මහ රහතන් වහන්සේ කෙනෙක්ගේ පින් බලය අපි වගේ මිනිස්සුන්ට 100%ක් වටහා ගන්න බෑ. නොදන්නා කමට හිස් වචන කියලා පවු පුරවා ගන්න එපා.

      Delete
  17. //බෞද්ධ රජෙක්නං ඔය වගේ ආතල් එකට මුවෝ මරයිද නේද? කෝටි දහ පහලොවක් දාල ප්‍රීති සින්ටව ගෙන්නල ෆන් එකක් ගන්නව මිසක්/

    ReplyDelete
  18. මුවන්ගේ අයිතිවාසිකම් වගේද මුහුදේ ඉන්න මාලුන්ගේ අයිතිවාසිකම්.

    ReplyDelete
  19. මම දැකපු සුපිරිම අදහස් ටිකක්... කාලෙට ගැලපෙනවා...

    ReplyDelete
  20. "ඒ කාලෙ සිංහලයො හිටියෙත් නෑ"

    puka thama

    ReplyDelete
    Replies
    1. kokatath puka essarakaraganna ubanam neyama dashaprameyek .

      Delete
  21. සාහිත්‍යමය භාෂාවෙන් මුව දඩයම කියන්නේ වෙන කේස් එකක්.

    කරුණාසේන ජයලත් ගේ මුව දඩයම නවකතාව බලන්න.

    සුනිල් ලියූ නන්දා නැන්දා ගයන "මුව දඩයම අතැර දමා, අවි ආයුධ පසෙකට ලා..." සින්දුව මතකද?

    තැන තැන මුවෝ දඩයම් කරන්න ගිහිල්ලා තුවක්කු බටේට ලෙඩක් ආවොත් මලා!

    ReplyDelete
    Replies
    1. රජා කොටු පනින්න ගිය වෙලාවකද ඒ කියන්නෙ?

      Delete
  22. සෙල්ලම් නෙමේ. මිහිඳු හාමුදුරුවොත් අධිරාජ්‍යවාදී බලවේගයක් නිසා ලංකාවට ආපු ආගම් ව්‍යාප්ත කරපු කෙනෙක් :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බුදුදහම මහා සම්පතක්.
      නමුත් එය ලංකාවට ආවෙ ආක්‍රමණයක් විදිහට. හැබැයි සොඳුරු ආක්‍රමණයක්. මහා සේනා නැතුව. මිනී නොමරා.

      Delete
  23. අඩෝ චාමියා...දන්නේ නැත්නම් මගෙන් අහගනිං. බුද්ධ කාලේ වෙච්ච ලොකුම වැරැද්ද තමා අර චිංචි මානවිකාවට කිචි කවල මරන්නේ නැතුව අපායේ යනකම් හිටපු එක. ඇයි අර අංගුලිමාල...ආ සොරි අංගුලිමාල නෙමේ දේවදත්තය ගල් පෙරලපු වෙලේ උගේ අහවල් එක ගලක් උඩ තියල තලල නොදාපු එක. එහේම උනානම් මේ වෙනකොටත් ඔය සෞතාන්ත්‍රිකවාදී, සාර්වාස්ථවාදී විතරක් නෙමේ, හම්බවාදී එකෙක්වත් බිහි වෙන්නේ නෑ.

    කොටින්ම අර පාට් දාපු ආලවකයව කෑලි කපලා පෑලියගොඩ මාක්ට් එකට යවන්න තිබ්බා. කුණු හබ්බ කියපු ආකෝස භාරද්වාජයගේ ගෙවල් පිටිං ගිනි තියන්න තිබ්බා. පඩ ෂෝ දාපු සච්චකයව බුකියේ කමෙන්ට් දාල චා කරවන්න තිබ්බා. ආ...ඒ දවස්වල බුකිය තිබ්බේ නෑනේ...අඩුම තරමේ හෙළා දැකල උද්ඝෝෂණයක් හරි කරන්න තිබ්බා.

    මුන් ඔක්කොම දැනගන්න ඕන මේ අපේ 'බුද්ධ සාසනේ' කියල. උන්ට ඕන ඕන බ්‍රේක් ඩාන්ස් දාන්න බුදු හාමුදුරුවෝ උන්ගේ ඈ...

    ReplyDelete
    Replies
    1. ඔන්න කලිම්ම කිව්වා +The Modern Patriot මම මේක උස්සනවා!

      Delete
  24. අද තමයි මේ බ්ලොග් එකට ආවෙ. නියම පෝස්ට් ටික.

    ReplyDelete