Saturday, February 11, 2012

වැද්දන් (නො)බැලීම....

පින්තූරය -http://kataragama.org/
 ඔන්න සති කීපෙකට කලින් මම සේවය කරන ආයතනයෙන් දඹානට ට්‍රිප් එකක් ගියා. වැද්දො 'බලන්න'. ඕක තමා නිධාන කතාව.

'වැද්දන් බැලීම' කියන්නෙත් හරි ෂෝක් වැඩක්. සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතය තුල හැමෝටම ලොකු අවුලක් තියෙනවනෙ. මොකද කවුරුවත් විශේෂ නෑ. ඉතින් විශේෂ කෙනෙක් වෙන්න මාර ගේමක් දෙන්ඩ වෙනවා. ඕකට විවිධ දේවල් කරනවා. සමිති සමාගම් වල නිලතල දරනවා, ෆැෂන් කරනවා, කාර් එකක් ගන්නවා, දේශපාලනය කරනවා, භාවනා පන්ති යනවා, දරුවව ලොකුම ලොකු ඉස්කෝලෙට දානවා, බ්ලොග් ලියනවා,......:). කොටින්ම පිරිසක් ඉන්න තැන කවුරුහරි "ඔයාට කියන්ඩ ඊයෙ අපේ බබා......." කියල කවුරු හරි පටන් ගත්තොත්, එයාගෙ කතාව ඉවර කරන්ඩ කලින් තව දහ දෙනෙක් විතර තම තමන්ගෙ බබාල ගැන කතා පටන් ගන්නවා.

හැබැයි ඇත්තම කතාව නම් අන්තිමේදි හැමෝම ෆේල්. මොකද සාමාන්‍යයෙන් කවුරුවත් එහෙමටම කාවවත් ගනන් ගන්නෙ නෑ. ඉතින් ඉතුරු වෙන්නෙ වැද්දො බලන්න යන එක තමයි. 
බොරුනම් දඹානට ගිහින් වැද්දෙකුට කීයක්හරි දීල පොටෝ එකක් ගහල, ගෙදර ඇවිත් ඒක බලන්නකො ඔබ කොච්චර විශේෂද කියලා.

ඔන්න දැන් ට්‍රිප් එකට. මොකා ආවත් නැතත් හරියටම උදේ හයට පිටත් වෙනවා කියපු හින්දා හතයි දහය වෙද්දි හලාවතින් පිටත් වෙන්න ලැබුනා. දැන් ඉතින් යනවා.  පළමු නැවතුම උදේ කෑම සඳහා මාවතගම පැත්තෙ හිතවතෙකුගේ ගෙදර. ගතකල කාලය පැය එකහමාරයි. ඔන්න උදේ එකොලහට ආපහු පිටත්වුනා. 

දැන් බස්එක කඳු දිගේ බඩගානවා. නුවර කිට්ටුව කීප පොලක නවත්තලා මත්පැන් අරං, තවත් දෙතුන් පොලකින් හපන්ඩ ඒවා අරං, හිතවතෙක් සූදානම් කරල තිබුන දවල් කෑම පාර්සල් ටික ගන්න රන්ටැඹේට එනකොට දවල් එකහමාරයි. ඔය අතරෙ හොඳට වහිනවා. ලොකුම ප්‍රශ්නෙ මේ වැස්සෙ බොන්ඩ තැනක් හොයාගන්න බෑ :). සමහරු බස්එකේම වැඩේ පටන් අරං. කොහොම හරි මහියංගනේ පන්සල ලඟට එද්දි දෙකහමාරයි. තවත් විනාඩි විස්සක් විතර කන්ඩ(බොන්ඩ) තැනක් හොයලා, නැති තැන පන්සල අයිනෙ බස් එක නැවැත්තුවා. 

නොබොන අය කෑම පාර්සල් අරං පන්සලේම ගොඩනැගිල්ලකට ගියා. බොන අය බස්එක ඇතුලෙම පටන් ගත්තා. කාල(බීල) ඉවරවෙලා ආපහු ගමන පටන් ගත්තා. දැන් දඹානෙ ගියත් වැඩක් නැති නිසා සොර බොර වැවට යන්ඩ කතාව. කොහොමින් හරි සොර බොර වැවට යද්දි හතර හමාරයි. ඒ මදිවට වැස්ස.

ඔන්න බේබදු සෙට් එකයි තව කීප දෙනෙකුයි නාන්ඩ ගියා. නාල එනකම් අනික් අය බස්එකේ හිටියා. අන්තිමට නනා හිටපු එවුන් බලෙන් ගොඩට අරන් බස් එකට පටෝලා ඉවර වෙද්දි හයට දහයයි. ඊට පස්සෙ ආපහු එන්ඩ පිටත්වුනා. අතරමග දෙතුන් පොලක විතර නවත්තලා තේබීලා එලවළු කාරිය අරන් හලාවතට එද්දි රෑ එකොලහමාරයි.

සාරාංශය මෙච්චරයි. හතලිස් තුන්දෙනෙක් බස් එකක නැගලා, පැය හතක් තිස්සෙ මහියංගනේට ගිහින්, කීපදෙනෙක් සොරබොර වැවෙන් නාල ආපහු ආවා. (ඇත්තටම මේකත් සියඹලා කැටගරියෙ එකක්)

මගේ කතාව පටන් ගන්නෙ දැන්. අපේ ආයතනයේ සේවය කරන චමිලාත් ට්‍රිප් එක ගියා. වෙන ආයතනයක වැඩ කරන එයාගෙ මහත්තයයි, වයස අවුරුදු  හතරක් විතර වෙන පුතයි, අවුරුදු දෙකක් විතර වෙන දුවයි අරන්. ට්‍රිප් එක පුරා දරුවෙක් චමිලාගෙ අතේ. අනික් දරුවා එයාගෙ මහත්තය අතේ. මම දන්න විදිහට දරුවන්ට වැසිකිළි යන්න වගේ ප්‍රශ්න කීපයක් නිසා මහියංගනය පන්සල බලන්නවත් චමිලාට යන්න බැරිවුනා. වැස්ස නිසා වැවේදිත් බස් එකේමයි උන්නෙ. එයා පැය හතක් විතර බස් එකක මහියංගනේ ගිහින් බස්එකේම ඉඳලා ආපහු ආවා.

පහුගියදාක මම චමිලාගෙන් ට්‍රිප් එක ගැන ඇහුවා.

"ට්‍රිප් එකද? ම්....හොඳයි නේද?"
"මොකක්...?!?"
"නෑ හොඳයි.... අපේ මහත්තයටනං එපාවෙලා..... මටනං හොඳයි"
"යකෝ...... ඒ කොහොමද බං? දරුවොත් උස්සගෙන... දවසක් බස් එකක?"
"ම්... මෙහෙමනේ. කොහොමත් මම පාන්දර හතරට නැගිටින්නෙ. එතන ඉඳං උයනවා, රෙදි හෝදනවා, අතුගානවා, දරුවන්ට කවනවා, ඔෆිස් දුවනවා, ඔෆිස් එකෙත් කෙළවරක් නෑ..... ආපහු ගෙදර දුවනවා, උයනවා, කවනවා, රෙදි හෝදනවා, අයන් කරනවා..... නිදාගනිද්දි රෑ එකොලහ පහුවෙනවා....
මං හිතන්නෙ ඔය අවුරුදු දෙකකට විතර පස්සෙ මම පැය හත අටක්වත් බස්එකක හරි නිස්කාන්සුවේ එකතැන ඉඳගෙන හිටියේ......"

"ම්..... ඒකත් එහෙමද?"
"ඒ උනාට අපරාදෙ නේද? අපිට වැද්දෙක් බලාගන්ඩ බැරිවුනානෙ......"

චමිලා හරි. වැද්දෙක් බලාගන්න බැරිවුන එක හරි අපරාදයක් තමයි.

20 comments:

  1. මහියංගනේ පන්සලේ ඉන්නවා වැද්දෝ සමහර වෙලාවට. එයාල සත්තුන්ගේ ඇටකටු වලින් එක එක එව්වා හදං ඇවිත් විකුණනවා. ඒක දැකපු එක අංකල් කෙනෙක්නම් කිව්වේ ඒකා වැද්දෙක් වගේ ඇඳං ආවට බිස්නස් කාරයෙක්ලු.
    මට මතක විදිහට මහියංගන පන්සලේ වෙන්න ඕනේ.....වැසිකිලියට ගිහිං එළියට ආවාම එළියේ එකෙක් රුපියක් 10 ගානේ ගන්නවා. මහියංගනේ උනාට මොකද වැසිකිලියනම් කොළඹ ගණං! :D

    ReplyDelete
    Replies
    1. මහියංගනේ උනාට මොකද වැසිකිලියනම් කොළඹ ගණං! :D

      Delete
  2. අකිල ශ්‍රීනාත්February 11, 2012 at 2:33 PM

    අර කිව්වත් වගේම සියඹලා කැටගරියෙ එකක්! සියඹලා ට්‍රිප් එකක්. කොහොම උනත් කතාවට කළින් වැද්දන් බැලීම කියන කාරණේ ගැන දාලා තියන විවරණය නම් පට්ට...

    ReplyDelete
  3. අපි නම් දැනට අවුරුදු දෙකකට විතර උඩදි නිවාඩු ආපු වෙලාවක වැද්දෝ බලන්න ගියා. ඒකත් නිකන් අර සුපර් මාකට් එකක බඩු ගන්න ගියා වගේ ට්‍රිප් එකක්. වැදි ගමට ගිය වෙලේ ඉඳන් පර්ස් එක හිස් වෙන එක තමයි උනේ.....!

    අඩි දයෙන් දහයට වැදි පැටව් ඇවිල්ලා "හූරෝ, හූරෝ, කීයක් හරි දියන්කෝ බං" කිය කිය ගාණ කඩා ගන්නවා...

    වන්නියලා ඇත්තන්වත් බැහැ දකලා ෆොටෝ ටිකක් ගන්න චෑන්ස් එකක් ලැබුනා...! බුවත් කොහොමෙන් කොහොම හරි පාරම්පරික වැදි වට්ටෝරුවකින් හිඳපු තෙලක් කියලා ගල් බෝතල් කාලකට තෙල් ටිකක් දීලා රුපියල් තුන්දාස් ගාණක් කඩා ගත්තා....!

    ReplyDelete
  4. වැද්දන්ටත් චමිලලව බලාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලා තියෙන්නේ... අලි කෙඳි මුද්දක්වත් ඩීල් කරන්න තිවුණා...

    ReplyDelete
  5. මේක නම් සුපිරි.
    කොටින්ම මා හැමවෙලේම පුදුම වෙන්නේ ලංකාවේ මිනිසුන් විනෝද ගමන් යන තරමට ඒ අයට ඔය කියන විනෝද වීම ලැබෙනවද කියලයි. දවසින් ඔච්චර දුරක් ගිහින් ආපහු එන්න ගියාමමපන එපාවෙයිනේ.
    මට කොළඹ ඉඳන් හලාවතට ගියාම, ගහක්, මුහුද දැක්කම විතරක් කොළඹ එන්න ඔය කියාපු වෙලාවම යනවා. ඒත් මම මැරිලා වගේ. ඒ තව මම විතරක් වාහනේ ගිහින්.

    ReplyDelete
  6. පොඩි මෑන්ස් ගෙ ලට්ට ලොට්ටෙට මන් දාපු කොමෙන්ට් එක
    w = washing machine
    i = ironing person
    f = f##king machine
    e = etc

    පොඩි මෑන්ස් ගෙ පිළිතුරු කොමෙන්ට් එක
    w = wonderful
    i = Item
    f = for
    e = every night

    මගෙ නං පුද්ගලික මතේ නෙමේ, දශක හයකට කිට්ටු ජීවිත කාලෙදි අහපු එකක් විතරයි, පොඩි මෑන්ස් තාම පොඩි එකා වෙච්චි උගෙ මතේ මොකද්ද කියන්න නං හරියටම දන්නෑ

    ReplyDelete
  7. ගම්පහ පැත්තෙ එවුංට කියන්නම ඕනෙ එකක් [මාත් ගම්පහ] සොරබොර වැවෙන් එහා පැත්තෙ තියෙනව ' වැව් ගම්පහ ' කියල පොඩි වද්දන්ටම අයිති ප්‍රදේශයක්...හෙහ්..හෙහ්..

    ReplyDelete
  8. මහියංගනේට වන් ඩේ ට්‍රිපක්... OMG! ට්‍රිප් යන්නෙ කට්ට කන්න
    නෙමේ ආතල් ගන්න බව නොදන්න ඔහොම අය ලංකාවෙ වැඩියි.

    ඔයිට හොඳයි මහවැව අයිනෙ බස් එක නවත්තල ඒක ඇතුලට වෙලා බීල පොඩ්ඩක් වැවේ නාල හවස ගෙදර ආවනං.

    ReplyDelete
  9. හරි පුදුමයි.... මම ලීව බ්ලොග් පෝස්ට් එක,ටිකක් විතර මේකට සම්බන්ධයි වගේ..


    ඇය සිනාසුනාය, ඔහුට අණ කලාය. මැෂිමක් සේ එක සීරුවට වැඩ කළාය. ඇය හොඳ ගෘහණියක බවත් , ඉතාම හොඳ මවක බවත් , තම දුක සැප සොයනා අගනා බිරිඳක බවත් ඔහු සිහි කළේ , දරුවන් හා ඇගේ ලෝකයෙන් තමන් පිටමන් වූයේ කවදාසිටදැයි කල්පනා කරන ගමන්ය.


    ප්‍රීතිමත් තරුණයා වෙනුවට , කැඩපතින් දකිනා මේ විවාහකයා කවුදැයි ඔහු සිතන්නට විය. මදක් හිසකේ ගිලිහී ගිය හිසක් , තරමක් තරබාරු දේහයක් , මදක් ඉදිරියට නෙරා ආ කුසක් සහිතව කැඩපත ඉදිරියේ සිටින්නේ ලෝකයා හමුවේ සාර්ථක මිනිසෙකි.හොඳ සැමියෙකි.දයාබර පියෙකි.


    සිහින් දැවිල්ලක් සමඟින් පැසුණු මුහුනේ එහා මෙහා ගිය රේසරය මදකට නැවතුන අතර , ඔහු තම හදවත අල්ලා බැලුවේ දැවිල්ල පැන නැගුනේ හදවතින් දැයි බැලීමට මෙනි.
    ----------------------------------------
    විවාහ වී ජීවිතය නැති කර ගන්නේ ඇයි.තනිව සිට විශේෂ පුද්ගලයෙක් වෙන්නට සමාජය ඉඩ නොදෙන නිසා ද?

    ReplyDelete
  10. ඒ දෙබස නම් බොක්කටම වැදුනා. ඒ පොඩි දෙබස ඇතුලේ ලොකු කතාවක් තියනවා.

    ReplyDelete
  11. ට්‍රිප් එකේ කතාව නම් සුපිරියි. හැබැයි ඉතින් ඕකෙ ආතල් එකක් නැත්තෙමත් නැහැ නේද ?

    ReplyDelete
  12. ලංකාවේ මිනිස්සුන්ගේ/ගෑනුන්ගෙ ජීවිතේ විඳීම ,දැක්ම හා විනෝදවීමේ කැමැත්ත නියමෙටම විවරණය කරලා තියේ . මෙයින් පිට හිතන සමහර අපි වගේ උදවියට පිස්සු , ෆූට් ලූස් පොරවල් කියල තමයි අනික් අය කාර් ගහන්නේ .මේ ඒ අයගෙ පිස්සුව . අර අපේ පිස්සුව . නියම පෝස්ට් එකක්.එක්සලන්ට් .තෑන්ක්ස් ෆොර් පොස්ටින්ග්

    ReplyDelete
  13. මුතියංගනේ පාමුල ඉඳන් බීල, අනේ අනේ.... අපරාදෙ ගියා නම් වන්නිල ඇත්තො එක්ක චාමිගෙ පින්තූරෙකුත් දාන්න තිබ්බ බ්ලොග් එකේ, ශිහ් අපෙත් වෙලාව :(

    ReplyDelete
  14. මේක දාන්න තිබුනෙ සියඹලා කතා අංක දෙක කියල.
    මම වැද්දො බලන්න මහියංගනේ ගිය වෙලාවෙ.......:)

    අදනං සියඹලා නොවී කොමෙන්ටුවක් දැම්ම.

    ReplyDelete
  15. ෆන් එකත් සාපේක්ෂ වෙන හැටි නේද??
    මහියංගනේ බලන්න තියෙන්නේ පන්සලයි, සොරබොරයි, දඹානයි විතරක් නෙවෙයි! වටිනා කියන තැන් බොහොමයක් තියෙනවා!

    ReplyDelete
  16. බලාන ගියාම මම අර නොනගතේ ගැන ලියාපු එකයි මේකයි සමාන නොවැ .බලන්න ඔය පෝයට සිල් ගන්න යන,හැමදාම හවසට අනුන්නේ වතුවල පිපෙන මල් සේරම හූරගෙන පන්සල් යන කාන්තාවෝ.ඔය වැඩිදෙනෙක් එහෙම කරන්නේ ගෙදරින් ගැලවිලා නිස්කාංසුවේ ඉන්න මිසක් නිර්වානෙට යන්න නෙමේ.

    ReplyDelete