Saturday, January 28, 2012

අති නවීන යුද(War) උපකරණ එල්.ටී.ටී.ඊ(LTTE) රැඳවියන් අතට ආ හැටි....

මෙම උපකරණයක සංකීර්ණ අභ්‍යන්තර සැලසුම බුද්ධී අංශ විමර්ශනයකට ලක්ව ඇති අයුරු
(ලබන ඉරිදා දිව-ඉන නමැති පුවත්පතක ආරක්ෂක පිටුවේ පලවීමට නියමිත ලිපියක් යම් ක්‍රමයකින් අපේ පූසාට ලැබී ඇති අතර ඌ එය මට ගෙනැවිත් දෙන ලදී. පහත පලවන්නේ එම ලිපියයි.)

අතිශය කුරිරු(Cruel) මිනීමරු පාදඩ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ(LTTE) ත්‍රස්තවාදීන්ගේ මිනීමරු ත්‍රස්ත ක්‍රියාකාරකම් තාමත් නවතා(Stopped) නැති බවට අති ප්‍රබල සාක්ෂි(Evidence) මේ වන විට අනාවරණය වෙමින් පවතී. මේ පිළීබඳව ආරක්ෂක(Security)  බුද්ධි අංශයන්ගේ ඇහැ(Eye) ඇරුණේ පසුගිය දිනෙක දිනමින(Dinamina) පුවත්පතේ ප්‍රවීණ යුද(War) විශ්ලේෂක මාධ්‍යවේදිනියක් විසින් කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක් නිසාය. ඇය(She)  වාර්තා(Report) කරන අන්දමට මොවුන්ගේ කුරිරු වැඩ බන්ධනාගාර තුලද ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට උන් උපායශීලීව සමත් වී ඇත.
 
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සතුව තිබූ 3G තාක්ෂණ යුද ජංගම දුරකථන 2ක් සොයාගැනේ
පසුගිය 24දා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ ප්රකෝපකාරී හැසිරීම් නිසා උද්ගත වූ ගැටුම් අවස්ථාවේදී බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට ගෙන ගිය එල්.ටී.ටී.. සැකකරුවන් සතුව තිබූ 3G  තාක්ෂණයෙන් යුත් යුද ජංගම දුරකතන 02 ක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
මේ එල්.ටී.ටී.. රැඳවියන් රඳවා සිටි කාමරයක සඟවා තිබී එම ජංගම දුරකථන හමුවී ඇති අතර ඇතිවූ කලබලය මධ්යයේ ඔවුනට ඒවා අදාල ස්ථානයෙන් රැගෙන යාමට නොහැකි වී ඇත. ජාත්යන්තරයට පවා ඇමැතුම් ලබාගත හැකි සබඳතා පහසුකම් ඇති මේ ජංගම දුරකථන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට.............
ඒ අනුව ඊයේ(Yesterday) බන්ධනාගාර නිලධාරී රණවිරුවන්  විසින් බන්ධනාගාරගතව සිටින රුදුරු එල්.ටී.ටී.ඊ(LTTE) සැකකරුවන් (ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්) විසින් භාවිත කොට ඇති අති ප්‍රබල සූක්ෂම යුද(War) ජංගම දුරකථන දෙකක්(02) අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මෙම උපකරණයට යොදන අධිබල බැටරියකි. ත්‍රස්තවාදියෙකුට අවශ්‍යනම් වැඩි ඩෝල්ටීයතාවයක් යොදා මෙය ආරෝපණයෙන් පහසුවෙන් පුපුරුවා දැමීමටද හැකි ලෙස නිර්මාණය කොට ඇත.
බුද්ධි අංශ විසින් වාර්තා කරන  අන්දමට මෙම දරුණූ යුද උපකරණයන් නිපදවා(Made) ඇත්තේ බටහිර යුරෝපා ක්‍රිස්තියානි රාජ්‍යයක් වන පින්ලන්තයේ(Finland) පිහිටා ඇති කුප්‍රකට සමාගමක් විසිනි. එම සමාගමේ ශ්‍රී ලංකා(Sri Lanka) නියෝජිතයා වශයෙන් මෙරට කටයුතු  කරන බටහිරගැති විජාතික කූට ඊනියා ව්‍යාපාරික සමාගමක් විසින් මෙම උපකරණ රහසිගතව මෙරටට ආනයනය(Import) කරන්නට ඇතැයි සැක කෙරේ.

සමාන්‍යයෙන් හතරැස්(Square) හැඩැති මෙම විශේෂිත උපකරණ රහසිගතව(Secret) භාවිත කල හැකි පරිදි නිපදවා ඇත. ඕනෑම මොහොතක සාක්කුවක(Pocket) වුව සඟවාගත හැකි මෙය බරින්ද ග්‍රෑම්(g) අසූවකට(80) වැඩි නොවන බව වාර්තා වේ. මෙම උපකරණ අභ්‍යන්තරය ඇසට පවා පෙනෙන නොපෙනෙන ප්‍රමාණයේ(Size) ඉලෙක්ට්‍රොනික කොටස් අධි නූතන තාක්ෂණය(Technology) මගින්
අතිශය සියුම් ලෙස එකලස් කිරීමෙන් නිමවා ඇත.

ජාත්‍යන්තර(International) යුද විශේෂඥයින් පවසන පරිදි මෙම උපකරණ වල ප්‍රධානතම ප්‍රයෝජනය වනනේ කිලෝමීටර්(km) දහස් ගණනක් දුර සිට වුව ත්‍රස්ත නායකයාට තම කේඩරයන්ට සෘජුව අණ දීමට(Order) හැකිවීමයි. එමෙන්ම යුදබිමේ නවතම(Latest) තොරතුරු වාචිකව හෝ ජායාරූප/වීඩියෝ(Video) මගින් හෝ නායකයන්ට දැනුම්දීමේ උපරිම පහසුව ත්‍රස්තවාදීන්ට ඇත. එමෙන්ම මෙහි පවතින 3rd Generation(3G) නමැති අති නවීන තාක්ෂණය හේතුවෙන් ඕනෑම ත්‍රස්තවාදියෙකුට අන්තර්ජාලය(Internet) ඔස්සේ නවතම යුද උපක්‍රම සහ සැලසුම් අධ්‍යයනය කිරීමටද, ඒවා තම කණ්ඩායමේ ත්‍රස්තවාදීන් අතර බෙදාහැරීමටද(Share) හැකිය.

මෙම උපකරණ සඳහා ත්‍රස්තයන්ට සංඥා ලබාදෙන කුළුණක් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රහසේ ඉදිකර ඇති අයුරු
විශේෂයෙන් රාත්‍රීකාලයේ ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීන් යන අවස්ථාවලදී ප්‍රයෝජනය පිණීස ඉතා කුඩා(Small) විදුලි පන්දමක්ද(Torch) මේවායේ අන්තර්ගත කොට ඇත. එමෙන්ම ඉලක්කගත ප්‍රහාර සඳහා රාත්‍රීකාලයේ ස්ථානගතවී සිටින විට හදිසියේ නින්ද ගියහොත් නියමිත වේලාවට අවදිවීම සඳහා විශේෂිත යුද එලාම්(Alarm) පද්ධතියක්ද මේවායේ ඇත. එමෙන්ම සමූලඝාතක බර අවි ප්‍රහාර(Attack) සඳහා යොදවා ඇති ත්‍රස්තවාදීන්ට රොකට් ලෝන්චර් වැනි උපකරණ ඉලක්ක කිරීමේදී අදාල කෝණ නිවැරදිව ගණනය(Calculate) කල හැකි වන සේ කුඩා ගණක යන්ත්‍රයකින්ද මේවා සමන්විතය. ගරිල්ලා ප්‍රහාර සඳහා ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනයා අතර ගැවසෙද්දී  නායක  උපදෙස් වාචිකව ලබා ගැනීම අනතුරුදායක වන අවස්ථාවන්හිදී, එම උපදෙස් හඬ(Sound) නොනැගෙන සේ කෙටි(Short) පණිවිඩ ලෙසද ලබා ගැනීමට මේව‍ායේ හැකියාව පවතී.
ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙකු මෙම උපකරණයෙන් තම සාමාජිකයන්ට නියෝග නිකුත් කරමින්.....

මෙම උපකරණ හරහා හුවමාරු කෙරෙන තොරතුරු වල ආරක්ෂිත බව ඉතා ඉහලය. මේ සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම(Team) විසින් තම සාමාජිකයන්ට එකිනෙකට වෙනස් වූ Subscriber Identity Module (SIM)  නම් කුඩා උපාංගයක් මෙම යන්ත්‍ර වලට ඇතුලත් කරනු ලබන අතර එමගින් එක් එක් සාමාජිකයාට(Member) වෙන වෙනම ඇමතීමට හැකිවේ. එමෙන්ම තොරතුරු ලබාදෙන උපකරණයේ අනන්‍යතාව(Identity) සොයාගත හැකි Caller Line Identification (CLI) නම් විශේෂිත පහසුකමක්ද මේවායේ අන්තර්ගතය.

ත්‍රස්තවාදීන්ගේ සියළු තොරතුරු ඇතුලත් වන Subscriber Identity Module නම් විශේෂිත උපාංග දෙකක්. මෙම උපාංග සවි කිරීමෙන් තොරව මෙම යුද උපකරණ ක්‍රියාත්මක කල නොහැතිය.
මෙවන් නූතන යුද උපකරණ ත්‍රස්තවාදීන් අත පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තම මව්බිම වෙනුවට ඩොලර්(Dollar) ලෝභයෙන් කටයුතු කරන කූට ජාවාරම්කරුවන්ය. මේ වන විට ජන අරගල කණ්ඩායමේ කැරළිකරුවන් අතරද මෙම උපකරණ කිහිපයක් හෝ තිබෙන්නට ඉඩ ඇති බව බුද්ධී අංශ විශ්වාස කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින(Island) පුරා ආරක්ෂක විමර්ශණයක් පවත්වා මෙම යුද උපකරණ භාවිත කරන ත්‍රස්තවාදින් සියළුදෙනා අත්අඩංගුවට(Arrest) නොගතහොත්, මහත් විනාශකාරී ඛේදවාචකයක් නුදුරෙදීම සිදුවීමට ඉඩකඩ ඇති බව අවසන්(Last) වශයෙන් සටහන් කොට තබමු.

- පචකීර්තිනේකවර්ණමාරකුලසූරිය

79 comments:

  1. mona bambuwakda ban me???

    ReplyDelete
    Replies
    1. ඒකම තමා බං මාත් කල්පනා කරන්නෙ :)

      Delete
    2. මොන විකාරයක් ද බන් මේ ලියල තියෙන්නේ ... මුට අමු කැවිලද කොහේදෝ .... කීර්ති කියන්නේ LTTE එක යුද්දයෙන් පරාජය කරන්න බෑ කිව්වා දවස් වල (මීට අවුරුදු 10 කට විතර කලින් ) ඉදල එක යුද්දයෙන් පරාජය කරන්න පුළුවන් කියපු අතලොස්සක් වන (NGO සල්ලි මට යැපෙන්නේ නැති ) මාද්‍ය වේදීන්ගෙන් කෙනෙක් ...... මේ යුද්දේ කරන්න කලින් ඉදල මිනිස්සුන්ගේ මානසිකත්වය හදන්න (අපි වෙනුවෙන් අපි .. වගේ ) අපි කරපු කැම්පේන් එකේ හිටිය කෙනෙක් .... කොටින්ම කොන්දක් තියෙන තම මතය වෙනස් නොකරපු (අර යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන් කිව්ව එවුන් කර වගේ ) කෙනෙක්.... ඒ වගේ කෙනෙක් විවේචනය කරන්න මේ බ්ලොග් එක ලියපු එකා ලංකාවට කරපු සේවය මොකක් ද ?
      --මීට අතීතය අමතක නැති එකා

      Delete
    3. ඇයි? කීර්තිගෙ අසූචිත් සඳුන් සුවඳයි කියලද ඔය කියන්න හදන්නේ? හඃ හඃ හා

      Delete
  2. Ela Ela Media porawala mehemathama. Danna magulak nehe. dannawa wage pennannai yanne

    ReplyDelete
  3. තූ නොදකින්, මෙව්වා හොඳයි නවීන තාක්‍ෂණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති පොන්නයන්ට. මේවා ලියන්නේ ඔය ලඳ බොළඳ බඩුව නෙවෙයි. අර කීර්ති වර්ණකුලසූරිය කියන අං හතරේ ගොනා. ඕකා හිතාගෙන ඉන්නේ ඌ 'සී අයි ඒ' එකටත් උගන්නන්ඩ පුළුවන් ආරක්ෂක කටයුතු විශේෂඥයෙක් කියලා. ඌ මේ සාමාන්‍ය 3 G ෆෝන් එකක් දැකලා නැති නිසා හිතන්නේ මේක යුද අවියක් කියලා. මේකා GPS, Global Tacker, Ultimeter, Barometer, තියන අත් ඔරලෝසුවක් දැක්කොත්, චූ ගිහිල්ලා මැරෙනවා. අනිත් අයට වඩා මම දන්නවා කියලා පෙන්නන්ඩ මූ පුදුම ඇම්මකින් පෙළෙනවා. හරකා.

    ReplyDelete
    Replies
    1. අනේ බං දැන් උඹ කරලා තියෙන්නෙත් එහෙම අනිත් උන්ට වඩා වචන මම දන්නවා වගේ වඩක්නේ. දුකයි බං උඹ වගේ උන් ගැන.

      Delete
  4. උඹ(U) පචකීර්තියාට වඩා හොඳයිනේ(Good) බං.දිවයින මුදලාලි මේක දැක්කොත් බොට රස්සාව(Job) ෂුවර්.

    ReplyDelete
    Replies
    1. දිවයින කාරයාගේ රස්සාව මට අවශ්‍ය නැහැ මචෝ. රේන්ජ් ෆයින්ඩර් එක සහිත නයිට් විෂන් එකෙන් බලාගෙන, කොටි ඔලු කුඩු වෙන්න ගහපු එකෙක් මම. අදටත් නිල ඇඳුම් අඳින නිසයි ඇනෝ කෙනෙක් හැටියට ආවේ.

      Delete
    2. නොදකින් ඔය NGO කාලකන්නි පවුල් පිටින් හැදිගෑවිල යන්න ඕනි අපේ රටට කරපු ද්‍රෝහිකම් වලට ........

      Delete
  5. This is look like a 1999 paper article. This things are in $20 phone

    ReplyDelete
  6. මැරෙන්න හිනා ඕයි . . ..

    සිරාවට බස්සා කිව්ව වගේ ඌ ලියනවට වඩා පාඨකයාට මාර ලොකු සීන් එකක් වගේ දැනෙන විදිහට උඹ ලියලා තියනවා මචෝ . .

    මේක ඇට නැති දිව ඉන මොකද්ද එකෙන් දැක්කනම් පච කීර්තිය ව අයින් කරලා උඹව ගන්නවා ඒ තනතුරට . . . සිරාවටම . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. සිරාවටම හිනා යනවා නේද?
      දුකයි බං උඹ ගැනත්.

      Delete
    2. මාර ලොකු සීන් එකක් නේ .... අනේ හුකේ !!

      Delete
    3. ඉතින් මැරියන් කෝ ....

      Delete
  7. අහ් බස්සා නෙමේ සිතුවිලි මන්ඩිය කියලා වෙනස් වෙන්ට ඕනා . .

    ReplyDelete
  8. මේ කියන පච කීර්ති කරන්නේ Janes Defence Magazine
    එක කියවලා ඒක පරිවර්තනය කරලා ලියන එක.මූ හිතගෙන ඉන්නෙ නම් මේ කියලා තියනවා වගෙ පෙන්ටගන් එකටත් උපදෙස් දෙන්න පුලුවන් එකෙක් කියලා තමයි.අපේ ඉන්න හරකුත් මේවා පිලිගන්නවනෙ.මේ ගැන W3Lanaka එකෙත් ලස්සනට ලියලා තිබුනා

    ReplyDelete
  9. Meka mee Keerthi Warnakulasuriya ta mada gahanna liyapu article ekak. Keerthi kiyanne LTTE eka udden paraddanna puluwan kiyala hemadama kiyapu ekek. Multibarrel wala power eka gena, udde dinanna bara avi wala thiyena wedagath kama nithara katha karapu ekek.

    Fun ekata mee wage eewa liwwata kamak nehe.. But Keerthi ta mada gahanna liwwanam eeka "Ke__" wedak.
    Meewa liyanna ona gonekuta puluwan bawath mathaka thiya gaththoth hodai.

    ReplyDelete
  10. නියමෙට ලියල තියෙනව....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. සිරාවට මචන් ඔය වගේ එවුන්ට ඇවිල්ල ෆන් ගන්න ලංකාව තිබ්බම ඇති ... මෙහෙ මොන උනත් උන්ට ගානක් නෑ හෙහ්...හෙහ් තමා

      Delete
    2. තොපි ඕන එකෙක්ට ඕන දෙයක් කියපල්ල ඔබාට මුත් කියන්න එපා, මරාගෙන කනවා තොපිව..
      ඉඳල හිටල හරි රට අරක්කු ටිකක්වත් දෙන්නෙ උන්දැ.
      මොකො තොපි කසිප්පු බෝතලයජ්වත් ගේනවද....

      Delete
  11. Ayemath niyama lipiyak Charmi, ethakota 3G thaksanaya athi yuda jangama durakathana dekak hoyagena thiyenne neda?
    Aniwaryenma Hoda anagathayak thiyenawa e madyawediniyata. Amathiyek oka dakkanan ekka gihin job ekak dei pawthgalika upadesaka wage...

    Nelan

    ReplyDelete
  12. ලිපියේ රචනාත්මක ස්වරූපය ඉතාමත් ඉහළීන් තියෙනවා..ඒකේ දෙකක් නැහැ..විශේෂයෙන්ම කීර්ති වර්ණකුලසූරියගේ ලිපි කියවපු කෙනෙක්ට තමයි මේක ඇතිතටම හුගක් රස විඳින්න පුළුවන්...ඒත්...

    අරමුණ හුඳු විනෝදය සැපයීමනම් එහි ගැටළුවක් නැහැ. එහෙත් කීර්ති වැනි යුද්ධය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටිය මාධ්‍යවේදියකුගේ කාර්යභාරය හෑල්ලුවට ලක් කිරීම නම් එහි ලොකු ගැටළුවක් තියෙනවා.. අවසන් යුද්ධය දිනන්න ලොකු මෙහෙවරක් කරපු හුගාක් දෙනෙක් අතරින් කීර්ති කයන්නෙත් එක් අයෙක්.. මං එක පාරක් ලංකාදීපේ ලිපි පෙලක් දැක්කා වන් ෆෝ බේස් කරඳුවුරත් එහි ප්‍රභල උමං පද්ධතියත් ගැන ලියවුන..ඒවා දැක්කම කොටි එක්ක යුද්ද කරනවා තියා හිතන්නත් බැහැ..

    කිලිනොච්චියේ සිට මුලතිව්වලටත් පොළව යටින් වාහන ගෙනියන්න පුළුවන් හැටියටයි එම ලිපි ලියඋනේ..එහෙම ලියනකොට මොක්කුද හිතන්නේ කොටි එක්ක යුද්ධයකට යන එක හරි තීරණයක් කියලා..ආන්න එහෙම ජඩ මාධ්‍ය මෙහෙවරක සමහරු නියැලෙන විට කීර්ති වගේ අතලොස්සක් විතරයි ඒ වෙලාවේ හරි දේ වෙනුවෙන් පෙනී හිටියේ.

    ආරක්ෂක අංශ එක පැත්තකිනුත්.. දේශපාලන නායකත්වය අනිත් පැත්තෙනුත් යුද්ධය හරියට කරන කොට..එම යුද්ධයට රටේ ජනතාවගේ ආශිර්වාදයත් ශක්තියත් එකතු කරලා දුන්නේ කීර්තිලා වගේ මිනිස්සු... ඒ හින්දා මෙම ලිපිය ඔවුන් වැන්නවුන්ට අපහාසයක් ලෙස භාවිතා වෙනවනම් එය ඇත්තටම කණගාටුවට කරුණක්..

    ඒ වගේම වර්ථමානයේදීත් කීර්ති ලියන කාරණා අහක දැමිය යුතු දේ නෙවෙයි..ඔහු ලියන ලිපි වලට සම්බන්ධ කරුණූ සමාජයේ සාකච්ඡාවට භාජනය වෙන්නේ එයින් මාස කිහිපයක් ගත උනාට පස්සේ..සමහර විදේශ නියෝජිතයින් රටට එන්න කලින් කීර්තිගේ ලිපි හරහා යම් යම් හෝඩුවාවල් දෙනවා උනත් අන්තිමට අපි දැනගන්නේ ඒකා ඇවිත් ගිහිං කරන මාධ්‍ය ප්‍රකාශ දැක්කම..කීර්ති සමහර විට කොහෙන් හරි උපුටලා කියනවා වෙන්නත් පුළුවන්..ඒත් එහෙම කරන්න තහනමක් නැහැනේ..තොරතුර අපට වැදගත් නම් ‍කොහෙන් ගත්තත් මොකද..?

    අර ලිපිය අතර මැද ඇති සමහර වචන ඉංග්‍රීසියෙන්ම යෙදීම සමහර කෙනෙකුට ගැටළුවක් වෙන්න පුළුවන්..ඒත් මං වගේ දුර්වල ඉංග්‍රීසි දැනුමක් සහිත කෙනෙකුට ඒ වචන එසේ යෙදීම බොහෝ අවස්ථාවලදී ඒ පිළීබඳ වැඩිදුර විස්තර සොයා බැලීමේදී පහසුවක් වෙන්න පුළුවන් කියලත් කියන්න ඕන..උදාහරණයක් හැටියට සමහර දෙයක් ගැන ගූගල් කරලා හරි තොරතුරු ටිකක් බලන්න ඕන උනාම සිංහලෙන් තියෙන වචනය ඉංග්‍රීසියට පෙරලගෙන එය හරියටම ලියන ආකාරය ඩික් එහෙකින් බල බල හොයලා මේකේ කොටන වෙලාවේ මට අතනින්ම වචනය අරං ගූගල් කරගන්න පුළුවන් වීම මගේ පැත්තෙන් නම් වාසියක්.. ඒත් ඉංග්‍රීසි දන්න අයටනම් ඕක විහිළුවක් තමයි..ඕනම දේක දෙපැත්තක් තියෙනවා නෙව..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රචකයකු හැටියට මේ ලිපියේ ඇති උපහාසය හොදයි..බොහෝම නිර්මාණාත්මකයි...ඒත් එය අපහාසයක් නම්..එය දරුණු අපරාධයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට හරිම දුකය් බන් මේවගේ අතීතය අමතක කරන අමන හැත්ත ගැන ..... ෆන් එකට ගන්න ඕනි නම් ගනින්කෝ තමන්ගේ අම්ම තාත්ත .... රටට වැඩක් කරපු එකෙක් ගන්නේ නැතුව

      Delete
    2. මුන්ටත් තියෙන්නේ අර ඉ නිව්වුස් කාරයට තියෙන agenda එකමද කොහේදෝ .....
      තු නොදකින් ...........

      Delete
    3. ඇත්ත බං... අද සමහරුන්ට මායිම් ගම්වල විතරක් නෙමෙයි මහ දවාලේ කොළඹ පිපිරුණ බෝම්බ වල වේදනාව අමතක වෙලා.... කොටි 10 දෙනෙක් විතර කොළඹටම ඇවිත් මුළු කොළඹමම උන්ගේ අණසකට ගත්තා වෙලාවල් තිබුණා කියල අමතකයි... පාලකයොන්ගේ වැරදි තියෙනවා තමයි... ඒත් ඒව කියලා කාටවත් මුල අමතක කරන්න බැහැ... ඔය කියල වාර්තාකරුවා කවුරු වුනත්, එයා හමුදාවට ධෛර්යයක් වුණා, සිවිල් මිනිස්සු තවතවත් රට ගැන හිතන්න පෙළඹෙව්වා... එදා අනේ අපේ මුර දේවතාවො කියපු, ඇඟ ඉස් මස් රට වෙනුවෙන් දන් දීපු හමුදාවෙ කොල්ලන් අමතක කරපු මිනිස්සුන්ට මේකත් කජ්ජක්ද?

      Delete
    4. බිම වැටිලා තිබ්බ කපුටු පිහාට්ට කපුටෝ හත් දෙනෙක් මැරුනු ගානට ලියලා පාඨකයෝ රවට්ටන අය නියම මාධ්‍යවේදියෝද කියන දේ තේරුම් ගන්න පාඨකයා බුද්ධිමත් වෙන දවස වෙනකම් . . . .

      ඒ දේ ඒ විදිහට දකින අය දේශද්‍රෝහීන් විදිහටත් . . . රැවටුන් පාඨකයා ඒ දේ කලේ රට වෙනුවෙන් කියලා මවාගත්තු චිත්‍රය නිසා දේශප්‍රේමීන් විදිහටත් පෙනේවී . . .

      වෙන ඉතින් මක්කා කියන්නද ???

      Delete
    5. "එදා අනේ අපේ මුර දේවතාවො කියපු, ඇඟ ඉස් මස් රට වෙනුවෙන් දන් දීපු හමුදාවෙ කොල්ලන් අමතක කරපු මිනිස්සුන්ට මේකත් කජ්ජක්ද?"

      යුද්ධයට නායකත්වය දුන්නු ප්‍රධාන පුද්ගලයෙක් ප්‍රජාතාන්ත්‍රික රටක පවතින පාලනය එරෙහිව අපේක්ෂකයෙක් උනා කියලා සිර කරුවෙක් කරද්දී ඒ මුරදේවාතාවා ජේවීපී එකේ හෝ යූඑන්පී එකේ ලනු කාපු නිසා ඔහොම වෙලා මදි කියන අය ට එදා යුද්ධය වෙනුවෙන් ලියලා මිනිසුන් දිරිමත් කල අයෙක්ට ඊට වඩා වටිනාකමක් දෙන්න පුලුවන් වුනේ කොහොමද කියලා හිතුවාම හිනා යනවා අප්පා . . ..

      Delete
    6. මාරයා
      "එහෙත් කීර්ති වැනි යුද්ධය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටිය මාධ්‍යවේදියකුගේ කාර්යභාරය හෑල්ලුවට ලක් කිරීම නම් එහි ලොකු ගැටළුවක් තියෙනවා"

      එතකොට සරත් ෆොන්සේකා වැනි යුද්ධය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටිය කෙනෙක්ගේ කාර්යභාරය හෑල්ලුවට ලක් කිරීමේ පොඩි ගැටළුවක් වත් නැද්ද බන් . . .??

      hiks

      Delete
    7. අනේ දුකා දන්න මගුලක් කතාකරපන් බන් ... තෝ වගේ උන්ට නම් සදහටම දුකම තමා අත්වෙන්න ඕන .... අම්මෙක් අප්පෙක් ගේ වටිනාකම දන්නේ නැති කාලකන්නියා

      බිම වැටිලා තිබ්බ කපුටු පිහාට්ට කපුටෝ හත් දෙනෙක් මැරුනු ගානට ලියලා පාඨකයෝ රවට්ටන අය නියම මාධ්‍යවේදියෝද කියන දේ තේරුම් ගන්න පාඨකයා බුද්ධිමත් වෙන දවස වෙනකම් . . . .
      ---
      LTTE පරාජය කල නොහැකිය ... පරබකරන් දෙවියෙක් ගේ ගානට දාල කතාකරපු ජඩ මාද්‍ය ගැනද උබ ඔය කියන්නේ .... කිර්ති එදත් කිව්වේ එකම දෙයය් අද කියන්නේ ත් එකම දෙයය් ... රට වෙනුවෙන් කතා කරපු එකෙක් වෙනුවෙන් රෙදි නැතුව උනත් කඩේ යන්න මට පව් නෑ යකෝ

      Delete
    8. අම්මටසිරි කීර්ති අද නිවාඩු දවසේ කවුරුහරි කොමෙන්ට් එකක් දාන කම් බලන් ඉඳලා දාන පරක්කුවෙන් රිප්ලයි දානවා වගේ . . හුරේ . ..

      Delete
    9. යුද්ධයට නායකත්වය දුන්නු ප්‍රධාන පුද්ගලයෙක් ප්‍රජාතාන්ත්‍රික රටක පවතින පාලනය එරෙහිව අපේක්ෂකයෙක් උනා කියලා සිර කරුවෙක් කරද්දී ඒ මුරදේවාතාවා ජේවීපී එකේ හෝ යූඑන්පී එකේ ලනු කාපු නිසා ඔහොම වෙලා මදි කියන අය ට එදා යුද්ධය වෙනුවෙන් ලියලා මිනිසුන් දිරිමත් කල අයෙක්ට ඊට වඩා වටිනාකමක් දෙන්න පුලුවන් වුනේ කොහොමද කියලා හිතුවාම හිනා යනවා අප්පා .
      -----------
      @දුකා,අපි එක ගැන වෙන තැන් වල ඕනි තරම් කතාකරල තියෙනවනේ ... දැන් කතාකරන්නේ මෙයා ගැන ... ඔයා ට්‍රැක් පනින්නතුව ඉන්න .... ඕකට තමා කියන්නේ නක දී පුසී කියල ......ලොලේ ලොල් ය

      Delete
    10. කීර්තිට අල්ලන උන්ට ෆොන්සේක ගැන මතක් කරාම කටේ පිට්ටු. නිකංවත් ඔය කීර්තියත් සුදු වෑන් නිසා හරි මැර මුරභටයො නිසා හරි රටට දැන් වෙලා තීන ආරක්ෂක අනතුර ගැන එහෙම ලිව්වනං බලාගන්න තිබ්බ මේ අයියල කීර්තිව නෙමෙයි උගෙ අම්මවත් මතක් කරන හැටි!

      Delete
    11. කිර්ති මව්බිම වෙනුවෙන් පෙනී සිටි මධ්‍යවේදීයෙක්. ඒක ඇත්ත.
      ජෙනරාල් ෆොන්සේකා යුද්ධයෙදි විශාල මෙහෙයක් කෙරු වීරයෙක්.ඒකත් ඇත්ත.
      අවාසනාවට ඔහුව අද සිරගතකර තිබෙනවා. ඒකත් ඇත්ත.

      වැරද්ද කාරණා දිහා පාට කණ්නාඩි වලින් බැලීමයි. ජෙනරාල් සිරගත කිරීමත් කිර්තිගේ මාධ්‍ය බාවිතයත් එකිනෙකට සම්බන්ධයක් නැති කාරණයන් දෙකක්. ජෙනරාල්ව ඈදාගෙන කිර්තිව හැල්ලු කිරීම සාධාරණීකරණය අදහාගත නොහැකි.

      Delete
  13. මම හොදට බලපු දෙයක් තමය් මුන් යුද්දෙට පස්සේ ඉදල යුද්දෙට සෘජුව හෝ වක්‍රව දායක වෙච්ච ... කැපී පෙනෙන්න චරිත අල්ලලා ක්‍රමානුකුලව පුද්ගලික මට්ටමෙන් පහරදෙන්න ගත්ත... ජනාදිපති , ගෝටා , ඊළගට ශවේන්ද්‍ර සහ රාමා , දැන් කීර්ති .... ජෙනරාල් තුමා අර කරනම ගැහුවේ නැත්තම් එතුමාටත් ඔය ටිකම තමා..... එකවෙලවකට පුදුමය් මුන් පලිගන්න හැටි දැක්කම (හැබය් ඉතින් තමන්ට සල්ලි ලැබුණු මාර්ග වහපුහම ඔහොම වෙන එක සදරනය්) මොනවා උනත් මේ ඔක්කොම මාස්ටර් ප්ලැන් එකකට අනුව කරන්නේ කියල නම් පැහැදිලිය්...

    මම මේ බ්ලෝග ලියන එවුන් ගැන නම් දන්නේ නෑ හැබය් ඉ නිවුස් ... වගේ එව්වට නම් වෙලා තියෙන්නේ ඕක තමා

    ReplyDelete
  14. මටත් හිතා ගන්න බෑ මොකටද ඔය ඉංග්‍රීසි වචන අතරින් පතර දාන්නෙ කියල,ඒකෙත් සමහර අමාරු වචන එහෙමම තියල ලේසි වචන පරිවර්තනය කරල තියනව මං දැකල තියනව...මොනා උනත් ලංකාවෙ දිවයින පත්තරේ ගන්න බහුතරයක් ඕක ගන්නෙ ඔය ආරක්ශක විග්‍රහය කියවන්න ඕන නිසා...ඒක නිසා ඕකෙ ගත යුත්තක් නෑ කියන්නත් බෑ...btw පින්තූර ටිකනන් එල...:P

    ReplyDelete
  15. මේ මෝඩ තකතිරුවන්ට බැරි උනාද මේ හොර පුසගේ කතාව දිවයිනේ ගියාට පස්සේ දාන්න, මෝඩ කමක මහතා.

    ReplyDelete
  16. මේ ඇනෝ මහත්තයෝ ඔයා කොටින්ගේ ඔලු කුඩු කලේ කොහොමද කියල පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද? යොදා ගත්තු අවිය මොකක්ද? නයිට් විෂන් එකෙන් වෙඩි තියන්න බැහැනේ.ඔබ සේවය කලේ මොන ප්‍රදේශයේද කියලත් කියන්න පුලුවන්නම් වටිනවා.මමත් ආරක්ෂක අංශ සාමාජිකයෙක්.අපිනම් නයිට් විෂන් භාවිතා කලේ රාත්‍රී සංචාර, සැඟවී රැකවල් කිරීම් ආදී කටයුතු වලටයි.මට නම් බොරු කය්වාරු ගහන්න ඔඅ නැහැ අපිට නම් ඔබට තිබුන ජාතියේ range finder ගැජට් තිබුනේ නැහැ.ඒ වෙනුවට සාමාන්‍ය ගිනි අවි වලින් රාත්‍රියේ වෙඩි තැබීම පිළිබද විශේෂ පුහුණුවීම ලබා ගෙන තිබුණා.අනිත් අතට නයිට් විෂන් එකෙන් බලාගෙන සතුරෙකුගේ ඔළුවට වෙඩි තබන්න උත්සහ කිරීම ගොන් කමක් නේ.මොකද හිස කියන්නේ කුඩා ඉලක්කයක් රාත්‍රියේ හිසක් ඉලක්ක කරගෙන වෙඩි තැබීමට වඩා සතුරෙකුගේ උඩුකය ඉලක්ක කිරීම හරිම ප්‍රායෝගිකයි.පරිගණක ක්‍රීඩා වලනම් ඔය වගේ සෙල්ලම් දාන්න පුළුවන්.මේ අහන්නේ jan 28 6.25 ඇනෝ ගෙන්

    ReplyDelete
    Replies
    1. @AnonymousJan 28, 2012 10:06 PM කතාකරල වැඩක් නෑ බන් ඕක sure එකටම NGO වලට පුක දෙන එකෙක් ... නැත්තම් රට දාල ගිහින් ඉන්න එකෙක්
      සිරාවටම දුකය් බන් මේ කාලකන්නි ගැන .... මුන්ට අවුරු දෙකට මෙච්චර අමතක උනානේ

      Delete
  17. @ Ano Jan 28 2012 10:06 PM. ඔයා SLNG එකේ 'සිවිල් කුක්' කෙනෙක් නේද? ඉතින් ඔයා කොහොමද යුද්දේ ගැන දන්නේ?

    ReplyDelete
  18. මේ ලිපියේ රචකයා (writer) කීර්ති වර්ණකුසූරිය ගේ ලිපි රටාව (style) අනුගමනය (follow) කිරීමට තැත්කළද බරපතල (serious) අතපසු කිරීමක් (mistake) කර ඇත.

    එනම්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට (free media movement) සහ අනිකුත් මාධ්‍යවේදීන්ට (bottle-paper men) කිසිදු මඩ (mud) ප්‍රහාරයක් මෙහි ඇතුලත් නොවීමයි.

    දුකයි (sad), චාර්මී, දුකයි!

    ReplyDelete
  19. අදයි ඔබගේ බ්ලොගය ඇස ගැටුනේ. හොද නිර්මාණාත්මක බවක් තිබුනත් කරුණුවලට එකග වෙන්න බැහැ.

    මව්බිම වෙනුවෙන් කිර්ති තමුන්ගේ යුතුකම් ඉටුකොට තිබෙනවා. කිසිවකුටත් එය අවතක්සේරු කල නොහැකි.ඔබ සිදුකොට ඇත්තේ කිර්ති පලනොකළ ලිපියක් කිර්තිගේ රචනා ශෙලිය අනුගමනයකර අතිශෝක්තියෙන් ලිවීමයි.

    ඔය දරුවට කිර්තිගේ මාධ්‍ය භාවිතය ගැන ප්‍රශ්නයක් තියෙනවානම් ඒ කරුණු කාරණා ඉදිරිපත් කරන්න තිබුනා. එහෙම කරන්නේ නැතුව මේ විදියට මඩගහන එකෙන් පෙන්නේ ඔය දරුවාට කිර්තිත් එක්ක වයිරයක්‌ තියෙනවය කියන එකයි.

    මට තියෙන ප්‍රශ්නේ ඇයි කිර්තිට වයිර කරන්නේ ??? ත්‍රස්‌තවාදයට විරුද්ද වෙච්ච හින්දද?????

    ReplyDelete
    Replies
    1. තවත් කරුණක්. මැගසින් බන්ධනාගාරයෙ රදවා සිටින එල්ටීටීඊ ත්‍රස්තයින් සතුව 3G වර්ගයේ දුරකථන දෙකක් තිබීම බරපතළ කාරණයක්. ආණ්ඩුව මිට වඩා අවධානයක් මෙම රැදවියන් සම්බන්ධයෙන් දැක්වියයුතුයි.

      කිර්තිත් එක්ක තරහක් නැත්තම් ඔය ළමයා ෆෝන් 2 අහුවෙචි එකට හිත විස්සෝප කරන් වගේ...

      Delete
    2. අංකල් මයා | Mr. Uncle,
      ප්‍රායෝගික තත්වය නම් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එකෙක් අතේ ජංගම දුරකථනයක් තිබීම සාමාන්‍ය දෙයක්. ඌ එල්ටීටීඊ ද නැද්ද කියන එක බන්ධනාගාර ඇතුලට අදාල නැහැ. අනික ෆෝන් එකක් තිබ්බ පලියට උන්ට කරන්ඩ පුලුවන් මගුලකුත් නෑ.

      කීර්ති ගැන වයිරයක් ඇතිනම් ඔහු ගැන මෙයට වඩා බොහෝ දේ සාධක සහිතව ලිවීමට මා හට හැකියාව ඇත. (එහෙත් එය මා කීර්ති හෝ කිසිවෙකුත් සමිබන්ධයෙන් කිසිදිනෙක නොකරමි)මෙය ඔහුගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ මගේ අපුසාදය පළකිරීමක් පමණකි.

      Delete
    3. කරුණු කාරණා එක්ක ලිව්වනම් තමයි පුතේ සාධාරණ. ඒතකොට අපිට ඒවා දිහා බලලා නිගමනයකට එන්න පුළුවන්.ඔය දරුවා දන්නවය කියන දේවල් ඇත්තටම දන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ.

      අනිත් කාරණය අත්අඩංගුවේ ඉන්න ත්‍රස්තවාදීන්ට එළියේ ඉන්න සාමාජිකයන් එක්ක සබදතා තියාගැනීමේ හැකියාවක් තිබීම බරපතල කාරණයක්.මැගසින් බන්ධනාගාරයෙ රැදවියෙක් අතේ දුරකථනයක් තිබීම සාමාන්‍ය තත්වයක් තමයි(අනෙක් බන්ධනාගාරවලත් එහෙමයි. විශේෂයෙන් වැලිකඩ). නමුත් ත්‍රස්තවාදී සිරකරුවන්ට ඔය වගේ ආතල් එකක් තියෙන එකම රට මේ ආසියාවේ ආශ්චර්ය වෙන්ට ඕන.

      Delete
    4. අංකල් මයා දීල තියෙනවා නැතිවෙන්න................ ලොලේ ලොල් ය

      Delete
  20. උතුම් රටක ඉපදුන පලියට, උතුම් ජාතියක අභාෂය ලැබුණු පලියට, ඒ රටේ, ඒ සමාජේ ජිවත් වෙන හැම එකාම උතුම් වෙන්නේ නෑ.. නොදකින් කාලකන්නි හැත්ත රට වෙනුවෙන් මැරිච්ච අපේ සහෝදර යුග පුරුෂයන් ගෙ ජාතික මෙහෙවර හෑල්ලු කරපු එවුන් එක්ක දේශපාලන වාසි ගන්න දීග ගිය එවුන්ට කඩේ යන කාලකන්නින්ට රට වෙනුවෙන් දෙයක් කියන, කියන්න හදන මිනිස්සුන්ව පෙන්නන්න බැරි වෙන එක ඒ හැටි දෙයක් නෙවෙයි..

    ReplyDelete
  21. මේ විදියෙම පොස්ට් එකක් ඇටමැස්සාගේ අඩවියේත් දාලා තිබුනා. එක්කෝ ඇටමැස්සායි මුයි දෙන්නම එකකේනෙක්.නැත්තම් මුන් එකම එන්ජීඕ සෙට් එකක්. ඇටමැස්සාගේ අඩවියේ කුමන්ත්‍රණය හෙලි වේ.(Conspiracy exposed) කියන පෝස්ට් එක බලන්න ඇත්ත නැත්ත තේරේවි.මෙන් ඇඩ්රස් එක= http://gadflyzone.wordpress.com/

    රට විකුණන පහර හැත්ත. මුන් බත් කන්නෙත් අධොමුඛයෙන්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. අපි මොක්කුද බං රට විකුණන්ඩ.... අන්න අරහෙ නං ගජ රාමෙට චීනෙට විකිනෙනවා

      Delete
    2. එකෙන් නම් පෙනෙන්නේ ඇටමැස්සාගේ නිර්මාණ බංකොලොත් බාවය... මාත් ඔය කියන ලිපිය කියෙව්වා මේක ඊට වඩා හොදය ..... මම හිතන්නේ නෑ මේ වගේ එවුන් NGO වලටවත් වැඩට ගන්නවා ඇති කියල ... මුන් ඔක්කොම මොලේ කුරුවල් වෙච්ච සෙට් එකක් ... වැඩිය ගනන්ගන්න දෙයක් නෑ

      Delete
  22. සියල්ලන්ට,

    කීර්ති ඔත්තු සේවා සාමාජිකයෙක් නෙමෙයි. ඔහු වාර්තාකරුවෙක් පමණයි. යුද්ධය කෙරුනේ ඔහු දුන් වාර්තා අනුව නෙමේ. එනිසා යුද ජයග්‍රහණයේ තාක්ෂණික පාර්ශ්වයට කීර්ති අදාල නෑ.

    අනික කීර්ති සාමාන්‍ය ජනයා‍ේ මොරාල් එක පවත්වාගන්න මෙහෙවරක් කලා කියන එක සත්‍යයක්. නමුත් ඔහු මෙන් සිය ගුණයක් ජවිපෙ ඒක කලා. හෙල උරුමය කලා. අද ජවිපෙට ගහනකොට කිසිකෙනෙක් ඔය විදිහට විරුද්ධ වෙන්නෙ නෑ. ඒ කීර්ති තවමත් ආණ්ඩුවට කඩේ යන නිසා කිව්වොත් අසාධාරණද?

    ඔහු මමත් කලක් ප්‍රිය කල ලේඛකයෙක්.නමුත් කීර්තිගෙ මාධ්‍ය භාවිතාව ඔබ කියන තරම් සුදු නෑ. ඔහු ලියන බොහෝ දේවල් අර කපුටු පිහාටුව ගැන කතාව වගේ තමයි. අද කීර්තිගේ ජොබ් එක හදපු බිල්ලා (නැතිනම් ඇත්තටම හිටපු බිල්ලා) දිගටම මේන්ටේන් කරන එක. මෙය තමයි ඔහුගේ පැවැත්ම.

    ඩොලර් වෙනුවෙන් රට පාවා දෙනවා යයි ඔබ යම් පිරිසකට චෝදනා කරද්දී රුපියල් වෙනුවෙන් කීර්ති කරන දේ ඔබට නොපෙනීම ගැන කණගාටුයි. මේ එකම කාසියේ දෙපැත්ත.

    මෙයට අදාල නැති වුනත් මම පුද්ගලිකව දන්න කරුණුත් සමගම මට නම් ඔහුගේ මාධ්‍ය භාවිතාව පිළීකුල්.
    ඔබ ඇත්තටම රටට ආදරේ කරන්නෙක් නම් මේ බොල්පිළීම වන්දනාව නවතා සිහිබුද්ධීයෙන් අවට බලන්න. හැබැයි එය ඔය හීනය තරම් සුන්දර නැත.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඔය කීර්තිය කියල එකෙක් සාමාන්‍ය ජනතාවගෙ මොරාල් හැදුව කියන්නෙ. මමනම් දිවයින, දිනමින, ලක්බිම කියන පත්තර පඩංගු කවදාවත් බලන්නෙ නෑ. අපේ ගංගොඩවල් වල මිනිස්සුත් ඔය පත්තර කඩමාලු කියවන්නෙ නෑ. ඒත් කොළඹ හෝ රට රාජ්ජ වල ඉඳන් මහලොකු දේශප්‍රේමියෝ වගේ මේ කොමන්ට් කරන ගොබිලන්ට වඩා අපේ ගම්වල මිනිස්සු යුද්ධෙන් බැට කෑව. අපි හැමදාම මේක ඉවරයක් කරනකම් ආණ්ඩුවෙන් ආණ්ඩුවට බලන් හිටිය.ඒක ඉවර කරන්න හදනකොට අපි මුඵ හිතෙන් ඒකට සහයෝගය දුන්න. ඒත් මේ කියන කීර්තියෙක්වත් පත්තර කඩමාලු කාරයෙක්වත් අපේ මොරාල් අලුතින් හැදුවෙ නෑ. අපේ මොරාල් කොහොමත් හැදිලයි තිබුණෙ. ඒ බව නොදන්න යුද්ධයක් අහලකවත් නොසිටි ගොබිලො තමයි මේ ‍කුළී ලියන්නෙක් වෙනුවෙන් කෑ මොර දෙන්නෙ.

      Delete
    2. අනේ මහත්තයෝ ඔය මේක ඔච්චර සද්භාවයෙන් ලිව්ව එකක් නම් අය ටැමිල් නෙට් ගැනත් ලියන්නේ නැත්තේ ... එක්කෝ උබට ඉංග්‍රීසි බෑ... නැත්තන් උබේ agenda එකට අදාළ නෑ ... අපි අහියෝග කරනවා පුළුවන් නම් ටැමිල් නෙට් එක උපහාසයට ලක් කරලා ලියපන්

      Delete
    3. කීර්ති ඔත්තු සේවා සාමාජිකයෙක් නෙමෙයි.

      ----
      උබ ඔත්තු සේවයේ ඉන්න ඔක්කොම අදුරනවද ? සිරා පොරක් නේ

      Delete
  23. මේක කියවලා මොලේ කර්පට් උනාද කොහෙද!

    ReplyDelete
  24. Kerrthi warnakulasooriya is a journalist must be admired & honoured but not ridicule.He stand for what he believed that LTTE could be defeated while billions of dollars Mass media propaganda was launched saying that LTTE cannot be defeated. I dont know for whom he stands for now....But he did a great job that Lahiru Nuwan Pilapitiya even cant imagine .....

    ReplyDelete
  25. ඔය පත්තරකාරයෝ කියන දේවල් කියවලනම් නෙවෙයි අපිනම් යුද්ධෙ ඉවර වීම ගැන සිහින දැක්කෙ. මොකද දන්න කාලෙ ඉඳන් කාළකණ්නි යුද්ධෙක පරිහානිය දවසින් දවස අපිට දකින්න සිද්ධ වුණා.

    ReplyDelete
  26. පිස්සු හුටංලා... ඔය හිරේ ඉන්න උනුත් මිනිස්සු. ඕකුුංට ටෙලිපෝං එකකිං තියෙන වැඩේ එලියට ආපු දාක කොහෙහරි රටකට පැනගෙන ගානක් හොයාගන්න විදිහ සෙට්කොරගන්න එකයි, porn බලන එකයි. නැතුව ඉතිං ඔය කොලඹ නිදැල්ලෙ ඉන්න කොටින්ට සැටලයිට් තියාගෙන කොරන්ඩ බැරි බිජ්ජක් ඕකුං ඔය පෝන් එකෙං කොරන්ඩද? ඔය දිනමිනේ ලියපු ගොං ආටිකල්එක එකෙකුටවත් පේන්නැද්ද යකෝ

    ReplyDelete
    Replies
    1. එකනේ මචන් ඇමරිකාවේ රදවාගෙන ඉන්න හැම ත්‍රස්තවදියටම ෆෝන් එකක් දීල තියෙන්නේ පෝර්න් බලන්න ... අනේ හුකේ ( ප ලි .. උබ ෆෝන් එක පාවිච්චිකරන්නේ පෝර්න් බලන්න උනාට අනික් මිනිස්සු පාවිච්චිකරන්නේ කතාකරන්න හොදේ -- ඔයාගේ දැන ගැනීම පිනිසය්)

      Delete
  27. Divaina - October 02, 2009

    ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිට
    එරෙහි ඡේඩීඑස්‌ කුමන්ත්‍රණයක්‌
    කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

    නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති මේජර් ජනරාල් ජගත් ඩයස්‌ මහතාට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහන වැළැක්‌වීම සඳහා බර්ලිනයේ ඡේ.ඩී.එස්‌. නමැති කොටි හිතවාදී සංවිධානය දියත් කළ තවත් කුමන්ත්‍රණයක තොරතුරු රජය වෙත හෙළිවී ඇත. වන්නි මෙහෙයුමට උරදුන් මේජර් ජනරාල්වරයාට එරෙහි මෙකී කුමන්ත්‍රණය සඳහා යුරෝපා කොටි ජාලය විසින් මෙම ඡේ.ඩී.එස්‌. කණ්‌ඩායමට යූරෝ දෙලක්‍ෂයක්‌ ලබාදී ඇතැයි ජර්මනියේ කොටි විරෝධී ද්‍රවිඩ සංවිධාන ප්‍රකාශකයෙක්‌ පැවසීය.


    ශ්‍රී ලංකාවට එරෙහිව මහාචාර්ය බොයිල්ගෙන්
    යුරෝපා සංගමයට වාර්තාවක්‌
    කීර්ති වර්ණකුලසූරිය

    ලංකාවට ජී. එස්‌. පී. ප්ල්ස්‌ බදු සහන ලබාදීම වැළැක්‌වීමේ අරමුණින් ඇමරිකානු කොටි හිතවාදියකු වූ ඉලිනොයිස්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බොයිල් නමැත්තාද යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇතැයි අනාවරණය වේ.
    මේ සාවද්‍ය වාර්තාව සඳහා ඇමරිකාවේ ටැග් නමැති කොටි හිතවාදී සංවිධානය විසින් ඔහුට ඩොලර් දෙලක්‌ෂයක්‌ ලබාදී ඇතැයි තවදුරටත් අනාවරණය වී තිබේ.
    -------------------------

    පචවර්ණකුලසූරිය ගෙ අතින් පයින් යනවැයි හිතට එන ගානක් ලියනවා මිසක්. එකක් ලක්‍ෂ තුනක් වත් කලා නම් බොරුයි කියල හිතෙන්නෙ නෑ.

    soure : http://loopholes-loopholes.blogspot.com

    ReplyDelete
  28. කීර්ති වර්ණකුලසූරිය මාධය මෙහෙවර මතක් කිරීමකි...

    Divaina - October 11, 2009


    වන්නි හමුදා නිලධාරීන්
    යුද අපරාධකරුවන් කිරීමේ
    2වැනි කුමන්ත්‍රණය හෙළිවේ
    කීර්ති වර්ණකුලසූරිය

    මෙරට ආරක්‍ෂක හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කරන බවට සාවද්‍ය වීඩියෝ පටය බෙදාහැරීමේ යෙදුණු ජර්මනියේ ඡේඩී.එස්‌. සංවිධානය මෑතක්‌ වන තෙක්‌ම ශ්‍රී ලංකාවේ සිටි වෙස්‌මුහුණු දාගත් පිරිසකි.

    ඡේඩී.එස්‌. සංවිධානය සහ ඊට අනුබද්ධ විදේශගත වූවන්ගේ ජාත්‍යන්තර ජාලය සහ ජෙකොඩම් නමැති ව්‍යාජ සංවිධාන එක්‌වී දියත් කළ එකී සාවද්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් අප විසින් අනාවරණය කිරීමත් සමගම ඔවුහු දැඩි ලෙස කලබලයට පත්වී ඇත.

    මේ නිසා ඡේඩී.එස්‌. සංවිධානය මෙහෙයවන භීෂක කණ්‌ඩායම නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් තම සංවිධානය කළ ඉල්ලීමක්‌ නිසා රංජිත් හෙන්නායක ලොහ්බිලර්ගේ සංවිධානයට තාවකාලිකව ඔවුන්ගේ ලිපිනය භාවිත කිරීමට ඉඩ දුන් බවත් එකී විදේශගත වූවන්ගේ ජාලය සමග වෙනත් සබඳතාවක්‌ නැති බවත් පවසා ඇත.

    මේ අතර ඡේ.ඩී.එස්‌. සංවිධානයේ සාවද්‍ය යුද අපරාධ කොන්ත්‍රාත්තුව භාරගනු ලැබුවේ දෙදෙනකුට පමණක්‌ සීමා වූ ප්‍රංශ කොටි එජන්ත එස්‌. වී. කිරුබාහරන් නමැත්තායි.
    වන්නි මෙහෙයුම දියත් වූ සමයේ මේ ඡේ.ඩී.එස්‌. කණ්‌ඩායම විසින් මේජර් ජනරාල් ඩයස්‌ට එරෙහිව විවිධාකාර සාවද්‍ය චෝදනා නඟමින් කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කරනු ලැබීය.
    ---------------

    ජේ.ඞී.එස් සංවිධානය ප‍්‍රචලිත කිරීමේ වගකීම පචවර්ණකුලසූරිය බාර ගෙන ඇතැයි බුද්ධි අංශ හොයාගෙන ඇත. ඔවුනගේ වාර්තාවේ දැක්වෙන පරිදි ඔහු ජේ.ඞී.එස් යන්න සතියකදී භාවිතා කල වාර සංඛ්‍යාව පහත දැක්වේ.
    සඳුදා 15
    අඟහරුවාදා 12
    බදාදා 18
    බ‍්‍රහස්පතින්දා 11
    සිකරාදා 14
    සෙනසුරාදා (සිහියෙන් ඉඳ නැත)
    ඉරිදා 31

    soure : http://loopholes-loopholes.blogspot.com

    ReplyDelete
  29. කීර්ති වර්ණකුලසූරිය මාධය මෙහෙවර මතක් කිරීමකි...

    Divaina - September 18, 2009

    සැප්තැම්බර් 15

    'As the shells fell, we tried to save lives with no blood or medicine'
    Damilvany Gnanakumar witnessed Sri Lanka's bloody conflict from a Tamil hospital - then spent months detained in a camp. She tells Gethin Chamberlain her story

    Gethin Chamberlain
    guardian.co.uk, Tuesday 15 September 2009 21.58 BST

    සැප්තැම්බර් 18

    හමුදාවට එරෙහි සාවද්‍ය ප්‍රචාර මෙහෙයවූ දෙදෙනකු
    බ්‍රිතාන්‍යයට බාර දෙයි
    කීර්ති වර්ණකුලසූරිය
    යුද මුක්‌ත කලාපයේ සිට ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර මෙහෙයවූ තමිල්වානි ඥනකුමාර් නමැත්තිය හා මාණිත්ත ක්‍රිෂ්ණපිල්ලේ නමැත්තා රජය විසින් මුදාහැර ඇත.

    මෙයට හේතු වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය මොවුන් නිදහස්‌ කරන්නැයි දැඩි ලෙස බලපෑම් එල්ල කිරීම නිසා යෑයි ආරංචි මාර්ග කියා සිටියි. මොවුන් නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ මාන් ගුවින් වෙත භාරදී ඇත.

    මෙම දෙදෙනාම සංචාරක වීසා බලපත්‍රයක්‌ මත මෙරටට පැමිණ යුද මුක්‌ත කලාපය වෙත ගොස්‌ කොටින්ට එක්‌වී තිබේ.
    --------------


    චා චා චා දවස් තුනක් පරක්කු උනා නේද... තමිල්වානි කොටියෙක් කියල කියන්න.


    soure : http://loopholes-loopholes.blogspot.com

    ReplyDelete
  30. කීර්ති වර්නකුලසූරියගේ වාර්තාකරනය "වාර්තාකරනයක්" යැයි සිතාගෙන ඉන්න අය ගැන අනුකම්පා කරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.අඩුම තරමින් යුද කටයුතු වාර්තාකරනයේදී ඉක්බාල් අතාස් වගේ කෙනෙක්ව වත් කියවලා තියෙනව නම් වර්නකුලසූරිය අපේ ඇත්තන්ට ඔය තරම් සිරා වෙන්න හේතුවක් නැහැ.වර්නකුලසූරියගේ රිපෝට් දිවයිනේ ගියාට අයිලන්ඩ් එකේ ජීවිතේට ඒව පලකරන්න උපාලි එකේ ලොක්කො කටයුතු කරන්නෙ ඇයි කියන එක ගැන පොඩ්ඩක් හිතල බැලුව නම් හොදයි.මරු ලිපිය.වදින්න ඕනෙ තැනට නියමෙට වැදිල තියෙනව කියල කමෙන්ට් ටික බැලුවම පේනව.

    - රාමචන්ද්‍ර

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න පර දෙමලා තොට නම් පුකෙනුත් හිනා ඇති මේවා දැකල

      Delete
  31. [අප]කීර්ති ආයුද වෙලෙන්දන්ගෙ න්‍යාය පත්‍රයට වැඩ කරන තඩි හොරෙක්. මූ තාමත් දඟලන්නෙ බය ඇතිකරවලා ආයුද විකුනවන්න. අමෙරිකාවට ගහන්න චීන මිසයිල් ගන්න කිව්වා නේද මේකා දැන් මාස කීපයකට කලින්? මුගෙන් දේසප්‍රේමය ඉගෙන ගන්න උන් ගැන ලොලේ ලොල්

    ReplyDelete
  32. සිරාවට මචන් මාත් ඔය ගැන හෙව්වා ඔය කීර්ති කියන එකා දිවයිනට ලියන්නේ ආයුද කොම්පැනි වලට ඕනි විදිහට ... මොකද එතකොට ලංකාවේ මිනිසු ඔක්කොම බයවෙලා ආයුද ගන්නවනේ .... ඒවගෙන් ගහන කොමිස් වලින් ඕක දැන් දිවයින පත්තරෙය් සිරසය් අරගෙන තියෙන්නේ ... ලගදීම සුවර්ණවහිනියත් ගන්න යනවා ... ලොලේ ලොල් ය

    ReplyDelete
  33. Replies
    1. සාතික ඇත්ත බොසා...
      ගොංපාට් නේන්නං.
      නැතුව ඉතිං කීර්තියගෙ ගොංපාට් ගැන ස්පෙයාපාට්ස් ඔලිං ලියන්ඩයැ... හැක හැක....

      Delete
  34. http://www.divaina.com/2012/01/31/feature03.html

    ReplyDelete
  35. මෙන්න කීර්ති අරක දාලා
    http://www.divaina.com/2012/01/31/feature03.html

    ReplyDelete
  36. මෙහි කමෙන්ට් කෙරූ සියල්ල මේ ලිපිය දැන් (වර්තමාන්යේ) කියවීම වටී කියා සිතේ.

    ReplyDelete
  37. mona gon bylada ban ? ara raulage athe tiyenne Apple 4n ekakane ban

    ReplyDelete