Saturday, January 14, 2012

'පුංචි පහේ' බෞද්ධයෝ....


පුංචි පහේ කිව්වට දැන් වයස හතකි. දෙක වසරේය. තනියම කතන්දර පොතක් කියවා තේරුම් ගැනීමට හැකියාව ඇත. ඒක කොහොම වුනත් දැන් දැන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමටද පටන් ගෙන ඇත. මම මේ දවස්වල හොයන්නේ මේ ප්‍රතිපත්ති මොකාගේදැයි කියාය.

අද රාත්‍රී ආහාරය ගැනීමේදී ඇයට බෙදාදුන් මාළු කෑලි දෙකක් වෙනත් භාජනයකට දමා ඒවා ආහාරයට නොගෙන සිටියාය. බැලින්නම් ප්‍රතිපත්තිමය තීරණයකි.

"මං මස් මාළු කන්නෙ නෑ තාත්තියො......"
(හුටා...!)
"ඇයි ඒ......?"
"හොඳ නෑ... පව් සිද්ද වෙනවා..."
"ඒ කොහොමද?"
"සත්තු...මාළු..... මරලනෙ මස් ගන්නෙ"
"ඉතිං ඔයා මරන්නෑනෙ"
"ඒ වුනාට මටත් පව් සිද්ද වෙනවා"
"එතකොට මොකද වෙන්නෙ ?"
"ලබන ආත්මෙ සත්තු වෙලා උපදිනවා...."
"කොහොමද දන්නෙ?"
"මං දන්නවනෙ..."
"කවුද කිව්වෙ....?"
"මට කිව්වනෙ......"

ඇයව තවමත් දහම්පාසල් යවන්නේ නැත. එය මගේ තනි මතයට සිදුවන්නකි. ඒ ඇය ඉරිදා දිනය පුරා සෙල්ලම් කරනවාට මා කැමති නිසාය.  එසේනම් මේ 'ධර්ම කරුණු' ඇය පාසැලෙන් හෝ නිවසින් ඉගෙන ගත්තක් විය යුතුය.

"ඔයාලගෙ බුද්ධාගම පොත මම බැලුවනේ... ඒකෙ සත්තුන්ට කරුණාව දක්වන්න කියල මිසක් මස් මාළු කන්න එපා කියල නෑනෙ......."
"ඒ පොතේනෙ......"
"එහෙනං......?"
"පියුමි කිව්වෙ...."
"පියුමි කොහොමද දන්නෙ...?"
"පියුමි විතරක් නෙමේ. වගීෂ.... නෙත්මි.... නිෂාරා.... ඔක්කොම ලමයි දන්නවා...."
"ඒ කොහොමද?"
"ඒගොල්ලන්ට දහම්පාසැලෙන් කියල දීල තියෙන්නෙ....."

මා දන්නා තරමින් ඇගේ පන්තියේ ඇයත්, තවත් කිහිප දෙනෙකුත් හැර අන් සියල්ලෝම දහම් පාසල් යති.


"දැං ඒ ලමයි කවුරුවත්ම මස් මාළු කන්නැද්ද....?"
" හුඟ දෙනෙක් කන්නෑ....  බිත්තර විතරයි කන්නෙ...."
"ඇයි බිත්තර....?"
"අයියෝ... ඕක දන්නැද්ද? බිත්තර ගනිද්දි කිකිලි මැරෙන්නෙ නෑනෙ..... ඒත් පියුමියි තව කීපදෙනෙකුයි බිත්තරවත් කන්නෑලු....."
"හැබැයි තාත්තියො කීප දෙනෙක් නං තාම මස් මාළු කනවලු.... ඒ ගොල්ලන්ට නං සත්තු වෙලා තමයි උපදින්ඩ වෙන්නෙ......"
"දැං එහෙනං මාත් සතෙක් වෙලා ඉපදෙයිද?"
"අපි දන්නෑ... ඔයාටත් නවත්තන්ඩ වෙයි.... ඔයා මදුරුවොත් මරනවනෙ....."
"ඒත් මමනං හිතන්නෑ මස් මාළු කෑවට සත්තු වෙලා උපදියි කියලා..."
"ඒ ඔයානෙ.... පියුමිලට හාමුදුරුවො කියල දීල තියෙන්නෙ...."

ඒකත් ඇත්තය. මම වගේද හාමුදුරුවො.

"හාමුදුරුවො අහනවත් එක්කලු කවුද මස් මාලු කෑවෙ කියලා......"
"දැන් එතකොට ඔයාලට පෝෂණය ලැබෙන්නෙ කොහොමද?"
"ඇයි එලවළු... පලතුරු.... පලාජාති...... ඔය හරක් ලොකූඌඌවට හැදෙන්නෙ මස් කාලද?"
"ඒත් දැන් ඔයා මැල්ලුම් කාලත් නෑනෙ?"
"ඒ.... ඉතිං........."

මස් මාළු නොකෑම නරක දෙයක් නොවේ. නමුත් ඒ අවබෝධයෙන් කරන්නේනම්ය. දරුවනට බොරු කියා හෝ බලහත්කාරයෙන් එදෙසට යොමු කිරීම මූලධර්මවාදයක් නොවේනම් වෙන කුමක්ද?

44 comments:

  1. "බැලින්නම් ප්‍රතිපත්තිමය තීරණයකි."
    "අපි දන්නෑ... ඔයාටත් නවත්තන්ඩ වෙයි.... ඔයා මදුරුවොත් මරනවනෙ....."
    :)

    අපූරුයි!

    ReplyDelete
  2. මගෙ දුවත් දැන් අවුරුදු තුනක විතර ඉඳල එලොළු ජීවිතයක්!

    මං නං දහම් පාසල් ගියා අවුරුදු දෙක තුනක් ම. ඒ කාලේ ඔය කෝලං තිබුණේ නෑ. තිබුණත්, අපි නං අහුවෙයි ඕවට.

    ReplyDelete
    Replies
    1. මමත් ගියා අවුරුදු හත අටක්ම.. ම්හු ඒ කාලෙත් ඔය වැල් බයිලා නම් තිබුනෙම නෑ..

      Delete
  3. අනේ මන්දා බන් කුකුල්ලු බෝවීම වැඩිවෙලා උන් පාර පුරා දුවන්න ගත්තොත් කරදරේ නිසා කුකුල් මස් කෑවට පව් නැතිය . . . .

    මාලු බෝවීම වැඩිවෙලා මුහුද දූෂණය වෙයි . .ඒ නිසා මාළු කෑවාට පව් නැතිය . .

    කියලා බන දේසනා කරන ඇමැතිවරු ඉන්න රටේ . . . .

    ප්‍රසිද්ද රැස්වීම් වල කුනුහරුප කියන ඇමැතිලට "අනේ එතුමා බොහෝම සීලාචාර කෙනෙක්" කියලා හාමුදුරුවරු රූපපෙට්ටියෙන්ම චරිත සහතික දෙන රටේ . . . . .

    අපේ ළමයි බෞද්ධ තලේබාන් නොකර කොහොම හදාගන්නද කියලා බය හිතෙනවා බන් . . .

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුකා අයියේ, ඔහොම දේවල් නම් බලෙන් කියා දුන්නත් කමක් නෑ...! පොඩි උන්ට බලෙන් ඔළුවට ඔබන එක වැරදියි තමා. කමක් නෑ ඒත් හොඳ දෙයක් නේ...!!!

      Delete
  4. මේකනේ සීන් එක...දැන් ඔහොම කියන හාමුදුරුවරු දානෙකට වැඩියම ඔය බණ - බයිලා බවට පත් කරගන්නවා......
    මස් මාළු කන්නේ නැත්තම් බිත්තරත් නොකා ඉන්න ඕනේ....‍ඒ වගේ සම්පූර්ණ එළුවළු ජීවිත සමාජගත වෙන්නේ සෑහෙන අඩුවෙන්.
    ඇත්තටම බුදුහාමුදුරුවෝ කිව්වේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා.දෙක වසරේ පොඩි එකෙක්ට ඕක කියලා දීලා ඌ මස් කන්නේ නැත්තම් ඒක අපි අගේ කරන්න ඕනේ...එහෙම නැත්තම් අයියා කියලා තියෙනවා වගේ බුද්ධ ධර්මයත් මූලධර්ම වාදයක් කියලා උගන්න සීන් එකක් තමා මෙතන වෙලා තියෙන්නේ...

    ReplyDelete
  5. අවම වශයෙන් සතෙකුටවත් අනුකම්පා කිරීමට, ආදරය දැක්වීමට ඉගැන්වීම මූලධර්මවාදයක් ලෙස මා නොසිතමි. මානුෂීය හැඟීම් දරුවන් තේරුම් ගන්නේ අවට සිටින්නන්ගේ ක්‍රියාකලාපය සහ ඉගැන්වීම් අනුවය. එසේ ලෝකය තේරුම් ගන්නා කාලයේ දරුවන්ට හොඳ නරක වටහා දිය යුතුය. වටහා ගන්නා අවස්ථාවේ ප්‍රතිපත්තිමය තීරණයක් වුවද ඒ තුළින් සතුන්ද අනුකම්පාව, දයාව ලද යුතු කොටසක් බව ඒ හරහා ඔවුන් වටහා ගනු ඇත. එසේ නොවන්නටද ඉඩ ඇත. එය තීරණය වන්නේ වැඩෙන දරුවාගේ හදවතේ සීමාව අනුවයි.

    ReplyDelete
    Replies
    1. සතුන්ට කරුණාව දැක්වීම සහ මාංශ ආහාර ගැනීම දෙකකි. කුඩා දරුවන් සම්බන්ධයෙන් නම් මාංශ ආහාර ගැනිම ඔවුන්ගේ පෝෂණය සම්බන්ධ වැදගත් කරුණකි.

      Delete
    2. දඩුවේ උම්මාලෝකJanuary 14, 2012 at 10:41 AM

      //සතුන්ට කරුණාව දැක්වීම සහ මාංශ ආහාර ගැනීම දෙකකි. කුඩා දරුවන් සම්බන්ධයෙන් නම් මාංශ ආහාර ගැනිම ඔවුන්ගේ පෝෂණය සම්බන්ධ වැදගත් කරුණකි.//

      යන්න චාමි පුතා යන්න. මේ අපි රැස් විහිදෙන සයිස් එකට ඇඟවල් හදාගන නිකං නළුවෝ වාගෙ ඉන්නනේ එය කුණු මස් මාළු කාලයැ... හැබැයි ඉතිං එක එකාලාගෙ සෑහෙන දඩමස් තොගයක් නම් ගොරකා කරන්න වුනා මෙහෙව් සැපක් විඳින්න. තෙරුවන් සරණයි!!

      Delete
    3. සැබවින් සතුනට කරුණාව දක්වන්නෙකුට මාංශ ආහාර ගත නොහැක. මාංශ ආහාර යනු හිංසනයක නිර්මාණයකි. කරුණාවට සහ හිංසනයට එකට දීග කෑමට නොහැක. මාංශ ආහාර නොගන්නා පවුල් වල දරුවන්ගේ පෝෂණයේ ලොකු අඩු පාඩු ඇති බව කිව නොහැක. සමහර ජන සමාජ චිරාත් කාලයක් මස් මාංශ කෑමෙන් වැලකී සිටියද ඔවුන් දුර්වල මිනිසුන් නොවේ. :)

      Delete
  6. ප්‍රාණය අපි අර්ථදක්වගන්නෙ එක එක විධියට. හරි එක මොකක්ද කියන එක කවදාවත් පැහැදිලිකරගන්න බැරි වෙයි. ආගමික ලොජික් පැහැදිලි කරන්නත් ඔය ප්‍රාණය එක එක විධියට නිර්වචනය කරනවානේ.

    ගහකොල කියන්නෙත් එක විධියක සත්ත්වයො ජාතියක් කියල අපිට නොතේරෙන හින්ද එලවලු කෑමෙ ප්‍රස්ණයක් නෑ.

    අපි ස්වභාවධර්මය පරිභෝජනය කරන තවත් එක සත්ත්ව කොටසක් විතරයි...

    චාමිට පුළුවන්නම් ඔය කතාවක් හොයාගන්න පිං කරපු සිංහයෙක් ගැන...

    අවසාන වශයෙන් දැන් මතවාදවලින් තොරව නිදහස් පවුල් පසුබිමක් සැපයුවත් ළමයි බයිල ඉගෙනගන්නවානේ :D

    ReplyDelete
  7. මේ ගැන හිතන්න මේ ලිපිය වැදගත් වේවියි සිතෙයි

    (නියම විදිහට වෙජිටේරියන් වෙන්නෙ කොහොමද?)http://www.budurashmiya.net/2011/01/blog-post_31.html

    ReplyDelete
  8. පොඩි කාලෙදි ඔය වගේ ඔළුවට යන එක සාමාන්‍යයි නේද? ඒ කාලෙදි තමන්ගේ යාළුවෝ කියන නිසා කරන නිසා තවත් ළමයෙක් ඒ දේම කරන්න පෙළබෙන එක සාමාන්‍යයයි කියලා මටනම් හිතෙන්නේ.
    හැබැයි ඒ ළමයා යම් කාලෙකදි සිද්ධි වල ඇත්ත නැත්ත හරියට තේරුම්ගන්නකොට ඔය දේවල් අවබෝධ කරගනීවි.
    මම දහම්පාසල් යන එක නැවතුනේ පෝයට අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙන්න ඕනෙමෙයි කියලා දහම් පාසලෙන් බල කරපු නිසා(සිල් සමාදන් නොවුනොත් ඊළඟ සතියේ හේතු කියන්න ඕනේ) සහ තවත් ඒ වගේ එක එක දේවල් වලට බලෙන් යොමු කරන්න හදන නිසා....

    ReplyDelete
  9. එතැන වැරදි දෙයකි සිදුවන්නේ..දාහම් පාසැල් යැවීමත් දැන් නව විලාසිතාවක් වී ඇත..

    ReplyDelete
  10. මාත් ගියා දහම් පාසල්... හාමුදුරුවො කව්දෝ ගෑනු කෙනෙක් එක්ක හුටස් පරයක් ගමේ මිනිස්සුන්ට අහුවෙලා පන්සල වටලපු දවසෙ ඉදන් මම යන්නෙ නෑ... ඉරිදට උදේ ටී වි බැලුවා... ඒක ඊට එළ.

    ReplyDelete
  11. මලු කන්නලා . . . . . නැත්තං කෝමද අපි ජීවත් වෙන්නෙ ???

    ReplyDelete
  12. "හාමුදුරුවො කව්දෝ ගෑනු කෙනෙක් එක්ක හුටස් පරයක් ගමේ මිනිස්සුන්ට අහුවෙලා පන්සල වටලපු දවසෙ ඉදන් මම යන්නෙ නෑ"
    දහම් පාසල් ගමන නවත්තලා තියෙන්නේ නම් නොදන්නා කමටයි! වඳ වී යන සිංහල ජාතිය නගා සිටුවන්න හාමුදුරුවන් හැකි පමණින් දායක වීම හුටස් පරයක් වන්නේ කෙසේද?

    ReplyDelete
  13. දැන් දෙක වසරේ නම් ඇගේ යහළුවන් මෙවන් දෑ ඉගෙන ගන්න ඇත්තේ එක වසරේදී විය යුතුය. ඔය තරම් කුඩා දරුවන් දහම් පාසල් යැවීමෙන් සිදුවන්නේ මොළ ශෝධනයක් මිස වෙන දෙයක් නොවේ. පුංචි එවුන් මහණ කිරීමත් එවැනි ක්‍රියාවකි.

    ReplyDelete
  14. දරුව දහම්පාසල් නොයවා ඉන්න එකට මං මුණුත් කියන්නේනම් නෑ. ඒත් ඕනවට වඩා හිතන්න අනවශ්‍යයි. එයාගේ වයසක් එනවා දේවල් තර්ක කරලා තේරුම් ගන්න. ළමයින්ගේ ජීවිතේ උන් හරියට හදාගන්නවා ඔයා වගේ තාත්තේක් ඉන්න නිසා.ඇගේ පණ්ඩිත කමට වැඩෙන්න දෙන්න.

    ReplyDelete
  15. සතුන්ට කරුණාව දැක් වීම සහ මාංශ ආහාර ගැනීම දෙකකි - සතුන්ට කරුණාව දක්වමින් (නැත්නම් අකරුණාවන්ත නොවී) සතුන් මරන්නේ කෙසේදැයි මට නොවැටහේ.සතුන් නොමරා මස් කන්නේ කෙසේ දැයි කොහොමටවක් නොවැටහේ.
    සතුන්ට කරුණාව දක්වමින් මාංශ අනුභවයෙන් වැලකීම තලේබාන්කරනයක් නම්, ඒ තලේබාන් සහ මා දන්නා ඇෆගනිස්ථානයේ සිටි තලේබාන් ලා පැහැදිලිවම දෙකොට්ඨාශයකි.
    තවෙකෙකුට ආහාර වනු පිණිස ඔබ මියයාමට කැමතිද?(මිනිස් මස් යම් සතෙකුගේ පෝෂණීය ආහාරයක් නම්)
    ළමයින් පාසල් යැවීමෙනුත් වෙන්නේ මොළ සේදීමක්.ඒක නිසා ඒකත් නවත්තල ගෙදර තියා ගමු.

    ReplyDelete
    Replies
    1. අයියෝ ජයශ්‍රී.... කෙල්ල කියන්නෙත් ඔයා කියන දේමයි.
      මාංශ අනුභවය නොකිරීම කෙනෙකුගේ පුද්ගලික තීරණයකි. එමෙන්ම එය හොඳ දෙයකි. නමුත් එය සිදුවිය යුත්තේ සත්ව කරුණාව හෝ වෙනත් අවබෝධයකිනි. ලබන ආත්මයේ සතුන් වන බව පවසා බියකොට මාංශ අනුභවය නැවැත්වීම සුදුසු දෙයක්ද?

      මාංශ අනුභවය සහ සත්ව කරුණාව දෙකක් බව නැවතත් කියමි. ලංකාවේ ජනගහනයෙන් සීයට අනූවකට වඩා කුමන හෝ මාංශයක් අනුභව කරන්නන්ය. හාමුදුරුවරුන්ද එසේය. ඔවුන් සියල්ලම සත්ව කරුණාවක් නැතිවුන් යයි ඔබ කියන්නේද?

      Delete
  16. "මං මස් මාළු කන්නෙ නෑ තාත්තියො......"
    "ඇයි ඒ......?"
    "හොඳ නෑ... පව් සිද්ද වෙනවා..."

    චාමි තමන්ගේ ලිපි වල දෙබස් ලියන්නේ දෙපාරක් හිතලා කියලා දන්නවා... ඒත් කන්ෆර්ම් කරගන්න අහන්නේ... උඩ විදියටද කතාව ගියේ නැත්තම් පහල විදියටද? මොකද පහල විදියටනම් මම හිතන්නේ මේ ලිපිය අද නෑ... අපිට තව මාසයක් හමාරක් රියර් ගේට් එකේ ලිපියක් කියවන්න බලන් ඉන්න වෙනවා... :D

    "මං මස් මාළු කන්නෙ නෑ තාත්තියො......"
    "ඇයි ඒ......?"
    "හොඳ නෑ... සත්තු පව් නේ..."

    ReplyDelete
    Replies
    1. නැහැ බීට්ල්. උඩ විදිහට ගියේ. ඇගේ අදහස වුයේ සත්තුන්ට පව් නිසා නොවේ. තමුන්ට පව් සිදුවීමය (ආත්මාර්ථය :D)

      සාමාන්‍යයෙන්නම් කරන්නේ හිතට එන විදිහට ලියාගෙන ගිහින් අකුරු වැරදි පොඩ්ඩක් බලලා පබ්ලිෂ් කරන එක. මොකද අර විදිහට දෙපාර හිතන්ඩ ගිය ඒවා කීපයක්ම තාම සේව් එකේ තියෙනවා. තාම හිතල ඉවර කරගන්ඩ බැරිවුන නිසා :)

      Delete
  17. ජයශ්‍රී සමග එකග වෙමි. ඔබගේ දරුවා පාසල් නොයවා සිටීමෙන් ඇයට සතිය පුරාම සෙල්ලම් කිරීමට හැකිවන අතර ඇය මූලධර්මවාදය වෙතට යොමුවීමෙන් වලක්වාගත හැක.

    පාසලේදි දරුවන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතිව අධ්‍යාපනය දේසට යොමුකරන හෙයින්ද දරුවෙක් යම්දෙයකට බලෙන් යොමුකිරීම මූලධර්මවාදයක් හෙයින්ද ඔබගේ දරුවා පාසල් නොයවා ඇය මුලධර්මවාදයෙන් ගලවා ගැනීමට ඔබ කටයුතු කරනු ඇතයි මා බලාපොරොත්තුවෙමි.

    ReplyDelete
    Replies
    1. ආගමික මතවාදයන් ඉගැන්වීම මූලධර්මවාදය නොවේ. ඇය බුදුදහම ඉගෙනීම ගැන මා සතුටුය. එතුලින් ලබාගන්නා යම් ශික්ෂණයක් තුලින් ඇය මාංශ අනුභවය නැවැත්වීම මට ගැටළුවක් නොවේ. එහෙත් දරුවන් බියකොට එවැන්නක් හුරු කිරීම හෙලාදකිමි.
      (මට පැහැදිලි වූ පරිදි මේ දරුවන් මාංශ ආහාර නොගන්නේ ලබන ආත්මයට ඇති බිය නිසාම නොවේ. සතිපතා හාමුදුරුවන් කවුද ගිය සතියෙ මස් මාලු කෑවේ කියා අසමින් දරුවන් තුල වරදකාරිත්වයක් ජනිත කරවමින් ඔවුන් පීඩාවට ලක්කරන නිසාය. මෙය ළමා අධ්‍යාපනය ගැන මළ හසරක් නොදන්නා පුද්ගලයෙකුගේ අණුවන ක්‍රියාවකි)

      Delete
    2. අමතක වූ කරුණක්.
      මගේ දියණීය මෙන්ම මේ වයසේ බොහෝ දරුවන් මස් මාංශ අනුභවයට රුචියි. තර්ජනය මගින් මෙය යටපත් කිරීම නිරෝගී මනසකට බලපානවා.

      Delete
  18. මාත් ශාක භක්ෂක ජීවිතයක් ගතකරා ටික කාලයක්. එහෙම වෙන්ඩ කලින් දිනපතා කරත්ත එන්ජින් කාපු කාලේ මට හම්බවෙන හැම ශාකභක්ෂකයෙක්ගෙන්ම මං අහනවා ඇයි මස් නොකන්නෙ කියල.

    "සත්තු පව්" "අප්පිරියයි" "පව් සිද්ධවෙනවා" "සත්තු මරණ එකට විරුද්ධයි" වගේ උත්තර ගොඩක් අස්සෙ එක දවසක් එකෙක් දුන්න උත්තරයක් හින්දා එදා ඉඳන් ගස් විතරක් මර මරා කන්ඩ පටන්ගත්ත.

    ReplyDelete
  19. සියල්ලන්ටම............

    ඇගේ පන්තියේ අයගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු හතකි. මේ දරුවන් වැඩෙන කාලයයි. මේ අවධීයේදී මාංශ ආහාර වලින් ලැබෙන පෝෂණය ඔවුනට ඉතා වැදගත්. සත්ව කරුණාව යනු අප නිපදවාගත් සංකල්පයකි. අපේ සංකල්ප ඔවුනට ලබාදිය යුත්තේ ඊට සුදුසු කාලයේදීය.

    වයස දහයේදී මම ඇතිතරම් මාළු ඇල්ලුවෙමි. ප්‍රතිඵලය ලෙස අද වෙල්මාළු පිළීකුල්ය. නොදැන මැරෙන මදුරුවෙකු/ තර්ජනයක් විය හැකි නිවස තුලට වන් පත්තෑයෙකු/සර්පයෙකු වැනි සතෙකු හැර වෙනත් කිසිදු සතෙකු දැන නොමරමි.

    සත්ව අවිහිංසාව වුවද අන්තගාමී විය යුතු නොවේ. එලෙස වන්නට සිතන්නේනම් ඔබට වන්නේ වහා මියයන්නටය. සතුන් නොමරා මස් කන්නේ කෙසේ දැයි ඔබට නොවැටහේ නම් මිලියන ගනනක් කෘමීන් සහ පණුවන් මරා දමා වවන එලවළු ඔබ කන්නේ ඇයි? ඒ සතුන් මැරෙන්නේ ඔබේ ආහාරය සැපයීම වෙනුවෙනි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 14ක් මස්, මාලු බිත්තර වලින් වැලකී සිටියෙමි.

      පොඩි එකා ඉපදෙන්නට ඔන්න මෙන්න තිබියදී ඒ නිරර්තක වෘතය අත් හැරියෙමි.
      හිස් දේ හිස් ලෙස දැක ගැනීමම ජයක්.

      Delete
    2. මම හිතන්නෙ ළමයින්ව ලෝකයට විවෘත කරන එක හොඳයි සීමා දානවට වඩා... ජීවිතයෙන් ජීවිතය තේරුම්ගන්න ළමයින්ට ඉඩදෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒක අමාරු වැඩක්. ඒ නිසා මොකක් හරි මතවාදයකට ගෑවෙන එකෙන් ගලවගන්න දෙමව්පියන්ට අමාරුයි. දරුවා ඉස්කෝලෙදි බුදු දහම ඉගෙනගන්නව නම් ඇයට පුළු පුළුවන් විධියට ජේසුස්ව හඳුන්වල දෙන්න පුළුවන්. ඒ වගේම ඔය එක එක ආගමික සංවිධාන වල තියෙන කතා දරුවො කියවන්න ඕන. තේරෙන කාලෙකදි දරුවට තමාට නිවැරදි හොඳ තීරණයක් ගන්න පුළුවන් එතකොට!

      Delete
    3. ළමයි හැදිල්ල ගැන පඬි ටෝක් දුන්නට ඇත්ත කතාව මේ ව‍ගේ තමයි!

      http://youtu.be/4u2ZsoYWwJA

      Delete
  20. අනේ චාර්මි.මේ පුංචි උදාහරණය බලන්න.ඔයා ළදරුවෙක්ට කෑම කවන්නේ කොහොමද?
    1.“පුතේ මේ බත් ගලනාලය ඔස්සේ ඔයාගේ බඩට ගිහිල්ලා එතනදි විවිධ රසායනික ක්‍රියාවලිනිසා සීනි/සුක්ක්‍රෝස් බවට පත්වෙලා පස්සේ ග්ලූකෝස් වෙලා අපේ රුධිරයට එකතු වෙලා ශරීරයට ශක්තිය ලබා දෙනවා.ඒක නිසා කන්න“ කියල කියනවද?
    2.“පුතේ බත් කෑවම ඉක්මනට ලොකුවෙනවා.ඉක්මනට ලොකු වෙන්න නම් මේකටත් කන්න“ කියල කියනවද?.
    1හා2න් වඩා නිවැරදි මොකක්ද?ඒත් 2වෙනි එක ඔයා කියනවද? ළමයෙකුගේ capacity එකට ඒක තේරෙයිද?
    මස් නොකන්න ඔනි ඇයි කියල නිවැරදි හේතුව දැරිය යම් දිනෙක තමා විසින් තේරුම්ගනීවි.අනික් හැම දෙයක්ම වගේ.නමුත් ළමා කාලේ ඇය හැම දේම තේරුම්ගන්නේ ඊට වඩා ගොඩක් සරල විදියට.

    salute for KC !

    ReplyDelete
    Replies
    1. පලවෙනි ක්‍රමේට තමයි කියන්න ඕන. හැමදාම ළමයිංව පියරු බබ්බු වගේ හදන්නත් බෑනෙ. පලවෙනි ක්‍රමේට කිව්වම අඩුගානෙ ටිකක් පහුවෙලා හරි හරියට තේරුං ගනී.

      Delete
    2. අනේ බං ඇනො. ළමයෙක් කෑම කන්න හොර වුනාම තමයි "පුතේ බත් කෑවම ඉක්මනට ලොකුවෙනවා.ඉක්මනට ලොකු වෙන්න නම් මේකටත් කන්න" කියලා කවන්නේ.ඒ කිව්වේ දෙවැනි ක්‍රමේ. බොලා කියන විදියට පලවෙනි ක්‍රමේ යුස්‌ කරලා ටිකක් පහුවෙලා හරි හරියට තේරුං ගනී කියලා හිටියොත් දරුවා ලොකු වෙනකන්ම බඩගින්නෙනේ බං.

      ළමයෙකුට අපි බොරු කියන්න ඕනේ නැ. නමුත් ළමයෙකුගේ මනසට තේරුම්ගත හැකි සිමාවක් තියෙනවා.එක පාරට විශ්වව්ද්‍යාලයට යවන්නේ නැතුව පෙරපාසලින් පටන්ගන්නේ එකයි.

      Delete
  21. මස් මාළු කන එකෙන් යම් කිසි පවක් සිදු වෙනවා ඇතැයි මා සිතමි එහෙත් මස් මාළු කෑම දැන් නම් නැවැත්විය නොහැක.

    ReplyDelete
  22. මස් මාළු කෑම හරිද වැරදිද කිව නොහැකි නමුත් එහි පෝෂණ බලපෑම ගැන යමක් කිවහැකිය. රැකියාව හරහා මා හැදිනගත් ඉතා විශාල සංක්‍යාවක් වූ ඉන්දියානුවන් අතුරින් සමහරක් අයත් වනුයේ ඉතාම තදින් නිර්මාංශික පිළිවෙත් පිළිපදින පවුල් හෝ ආගමික කණ්ඩායම් වලටය. මා මේ කියන අය මොලසේදීම නිසා හෝ තමන්ගේම අවබෝදයෙන් මස් මාංශ වලින් සම්පුර්ණයෙන්ම වැළකුණෝ වෙති. ඔවුන් අතරින් බොහොමයක්ම හොඳ ශරීර සෞක්යයෙන් සහ සාමාන්‍ය ශරීර ලක්ෂණ වලින් යුතු බව කිවයුතුය. මාංශ භක්ෂණයෙන් වැලකීම නිසා ඔවුන් කිසියම් ආකාර ශාරීරික හෝ මානසික ඌනතාවයකට (මස් කන අයට සාපේක්ෂව) ලක්වෙන බවක් මම නම් නුදුටුවෙමි.

    මෙය ලියන මාද ඕනෑම මස් මාළු වර්ගයක් බුදින්නෙකු වන නමුත්, ශරීරයට ඒ වායෙහි අවශ්‍යතාවය ගැන මම විශ්වාස නොකරමි. මගේ විශ්වාසය නම් මොනයම්ම හෝ හේතුවක් නිසා යමෙක් මස් මාළු අනුභාවයෙන් වැලකෙන්නේනම් එය හොඳ දෙයක් බවයි.

    ReplyDelete
    Replies
    1. දම්රුවන්January 16, 2012 at 11:44 AM

      @ Mundeer,
      ඹබගේ අදහසට 100%ක් ම එකඟ වෙමි. මස් මාංශයෙන් තොර වූ පමණින් පෝෂණ ඌනතාවයක් ඇතිවන බව නම් මමත් විශ්වාස නොකරමි.
      -------------------------------------------------------------------
      එහෙත් චාමි විසින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන අදහස වන්නේ, මස් මාංශ කන කුඩා දරුවන් හට එහි ආදීනව(ආගමික වශයෙන් හා සමාජයීය වශයෙන්) එම දරුවන් හට වටහා දීම වෙනුවට පව්කාරයන් සේ සලකා දඩුවම් කිරීමට හෝ සෙසු පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම නොවටිනා ක්‍රියාවක් බව යයි මගේ හැගීමයි.

      Delete
    2. දම්රුවන් , පාසල් වල තම මතයට විරුද්ධ මත දරන සුළුතරයක් දරුවන් එලෙස අන් දරුවන් අතින් පිඩනයට පත්වීම් සාමාන්‍ය දෙයකි. එයට බුද්ධාගමේ ඇති වරද කුමක්ද ?

      Delete
  23. ඔතන කරල තියෙන්නෙ මචං හාමුදුරුවෝ ලමයින්ව පාපයට බිය කිරීමක්, හැම දේටම මූලධර්මවාදියො කීමත් වැරදියි.
    කොහොම උනත් මස් මාලු නොකන එකෙන් යම් යම් ලෙඩ රෝග වලින් ආරක්ශා වෙනවා.
    පොඩි එකා කියල තියෙන කතාවත් ඇත්ත,
    '"ඔය හරක් ලොකූඌඌවට හැදෙන්නෙ මස් කාලද?"

    හැබැයි මම නම් මස් මාලු කනවා.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. පව් පොඩි එකී. පොඩි එවුන් සමබර මිනිස්සු කරන්න අපි යවන තැන වලින්... අනේ මන්දා ..මස් , කිරි , මාළු බිත්තර ගැන නම් මගේ අදහස , හිත තමයි මුල් වෙන්නේ කියන එකයි . මාළු නොකන , ලේ පිටින් වේලපු උම්බලකඩ කන වෙජිටරියන්ලත් ඉන්නවනේ . මම දන්නා තරමටනම් බුදු දහමේ මේ ගැන හොඳ විවරණයක් තියෙනවා. හැබැයි health benefits ගැන නම් සම්පුර්ණයෙන්ම එකගයි. post එකනම් හැමදාම වගේම රස වින්දා

    ReplyDelete
  26. ලමයින්ට උනත් මස් මාලු අනිවර්යයි කියල මම නම් හිතන්නෙ නැහැ. ගොඩක් ඉන්දියානු හින්දු පවුල් වල අය මස් මාලු කිසි දෙයක් කන්නෙ නැති අය. ලඟකදී ටීවී එකෙ දැක්කා, කිරි බොනවා නම් මස් මාලු නොකෑවට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා වැඩසහනක්, හැබැයි කිරිත් නොබොන අයට නම් මොනවදෝ ජාතියක් අඩුයි කියලා කිව්වා..

    හැබැයි මෙහෙම ලමයින්ට මස් මාලු කන්න එපා කියන එකට නම් මමත් කැමති නැහැ. කොහොමත් ලංකාවෙ තියෙන්නේ හිතන්න පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයකට වඩා ගෙඩි පිටින් ඔලුවට දාන ක්‍රමයක්. මීට කලින් කෙනෙක් කියලා තියන විදිහට, ලමයින්ට මේක විද්‍යාත්මකව ම පැහඇදිලි කරන්න අවශ්‍ය නැහැ. එයාලට තේරෙන විදිහටම කියන්න පුලුවන් බය නොකර....

    ආර්ටිකල් එක හොඳයි... දුව කියන කතාවේත්, තාත්තා දෙන උත්තරත්, හාමුදුරුවෝ, යාලුවෝ කියලා කරලා තියන දේවල් හරිම තාත්විකයි... හරි වැරැද්ද කෙසේ වෙතත් මෙහෙම තමයි මේ දෙවල් සිද්ධ වෙන්නේ.... හාමුදුරුවන්ට උනත් ලොකු වැරැද්දක් කියන්න බැහැ.. පොඩි ලමයින්ට උගන්නන්න ලංකාවේ කරන දේවල් තමයි. අනික "හොඳ" දෙයක් පුරුදු කරන්න සම්‍යක්ප්‍රයෝගයක් පාවිච්චි කලාට කමක් නැහැ. තාත්තා කරන්න ඕනේ ඊට වඩා හොඳ ප්‍රයෝගයක් පාවිච්චි කරන එක... නැත්නම් ඊට වඩා හොඳ විදිහක් කියල දෙන එක.....

    මේ ආර්ටිකල් එකේ අන්තිම ඡේදය තිබ්බේ නැතිනම්, වඩා විවෘත, වඩා නිර්මානශීලී ඉදිරිපත් කිරීමක් වෙන්න තිබ්බා කියලයි මගේ හැඟීම.... අපි දරන අදහස ගෙඩි පිටින් ඇතුලත් කරනකොට, මේ වගේ නිර්මානයක අවධානය ලැබිය යුතු දේ මග හැරෙනවා කියන එකයි මගේ අදහස....

    මේක සිංහලෙන් ටයිප් කරන්න ගිය ශක්තිය අයෙත් ගන්න නම්, හොඳ කුකුල් නාම්බෙක් රෝස්ට් කරන් කන්න ඕනේ වගේ....

    Anony Mous

    ReplyDelete

Follow by Email