Monday, January 23, 2012

සන්නස්ගල අංකල් වෙතයි.... :)

අඩුමගානේ මීට වසර දහයකට දොලහකට පෙර වත් ඇස ගැටුනේනම්, කිසිදු ගේමක් නැතිව කෙල්ලන් පහ හයකට වත් ලියා යැවිය හැකි සින්දුවක් අද අහම්බෙන් ඇසුනි.
අපේ කාලයේ ගැටවර විය යනු බයිසිකල් කටු වල නැගී ඉගිල්ලුන සමයයි. එෆ්.එම් රේඩියෝ වලට වහ වැටුන සමයයි. රූපවාහිනියේ රොබින්හුඩ් කටින් බලපු සමයයි. යෞවන සමාජවල ශ්රමදාන කරපු සමයයි. ප්රවෘත්ති දැනගන්නට පත්තර බලපු සමයයි. පණ දාගෙන සිංහල චිත්‍රපටි බැලූ සමයයි. පහේ පත්තර බඩතුරේ හංගාගෙන බැලූ සමයයි.

අපිත් ආදරේ කලෙමු. එය තේරුම් කලේ ස්වභාව දහමෙනි. ( පරිසරයට ආදරේ හින්දා නොවේ. වෙන ඉටිගෙඩියක් නොතිබූ හෙයිනි). කෙල්ලගෙ මූණ හඳය. ඒකිගෙ ඇස් තරුය. සඳ එළිය සළුවකි (රෙද්දකි). හාවෝ සමනලයෝ මුවෝ වැනි ශාක භක්ෂක සත්තු රැසක් ඒකිට උපමා පිණිස යෙදේ. දෙතොල් මත තබන්නට යන්නේ 'අමා මී' . ඒකිගේ සුසුම් (හුස්ම) සීත සුළං රැල්ය. තව කඳු, ගංගා, මල්ජාති, පිණි, (පිණි පලස :P ) දේදුන්න, බෝ කොල, මුහුද, ගස්, වැල්..... ඔය වගේ ස්වභාවදහමේ අයිටම් හැටහුටහමාරක් සිව්පද වල ගලපා තැපැල් දෙපාර්තමේන්තුවේ පිහිටෙන් ලව් හුටපට පවත්වාගෙන ගියෙමු. කොටින්ම අපේ ලව් මහපොලොවේය. කෘෂිකාර්මිකය. මන්දගාමීය. සරුසාරය. තීරණාත්මකය.
හරියටම මේ වගේය.....

රාත්රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා.....

සඳ සළුව ලිහේනම් සුළං රැල් හමා//
හාදුවක් තියන්නම් ආදරෙයි කියා.....

දෙතොල් මත රැඳෙන්නම් අමා මී පොවා//
ආදරේ දොවන්නම් පපුතුරේ හොවා....

රාත්රියේ පිපෙන්නම්.............

ප්රශ්නෙ මේකය. මේ සින්දුව කියන්නේ 2012 හේ කඩවසම් ගැටවර කොලුවෙකි. මේ කියන්නෙත් අයිපොඩ්/ එස්.එම්.එස්/ ෆේස්බුක්/ ඩිස්කවරි බයික්(අඩුමගානෙ)/ ෆේෂල්/ ට්රීම්/ ..... නාම්බන් සහ නෑම්බියන්ගේ ආදර හදවත් වලටය.

කියන්නෙ මුංගේ ඇඟ මොඩ් වුනාට ලව් තාම කෘෂිකාර්මිකද? අන්තිමේ හොයලා බැලින්නම් රහස මේකය. සින්දුව ලියා ඇත්තේ අපිටත් ලව් සින්දු ලියපු නාකි සන්නස්ගලය :).

සන්නස්ගල මහතාණෙනි, ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලො කෙල්ලො ටිකත් කෘෂිකාර්මික සන්නස්ගල පැටවු නොකර, උංගෙ භාෂාවෙන් උන්ට ඕනෙ මගුලක් කියාගන්ඩ දීල දැන්වත් වයසට හරියන වැඩකට අතගහමුද?

මොනව උනත් මේ සින්දුවට මං මාර ලයික් ය.

14 comments:

  1. චාමි මොකද ඒ සැරේ සන්නස්ගල ලොක්කට කඩේ යන්නෙ හැබෑට.

    පිරිමි හිත් මේ විදිහට හිතනව කියලා දැන ගන්නට ලැබීමත් සතුටක්.ගස් ගල් මල් හඳ තරු ගැන ආදරයට සම්බන්ධ කරල ලියනෙක හරිම බොළඳයි කියලයි මම හිතුවේ...

    ReplyDelete
    Replies
    1. ඉර හඳ තරු මල් - නොයෙකුත් දේ ගැන....
      ගී පද වැල්....
      නිතරම වයනා එෆ් එම් මහතුනි.....

      හපුතල් කන්දට - බර ගෙනියනකොට
      සීපද කිය කිය ගොන්නු දැක්කුවට...
      සින්දුම වය වය
      මිනිස්සුන්ව
      ගෙනියන්නෙ කොහාටද?....
      ඉර හඳ තරු - අජිත් කුමාරසිරි

      Delete
  2. ඒ කියන්නේ මේ වගේ හික්මුණු වචන නැතුව, පාන් කපන, ප්ලේන්ටී හදන, කබ්බ සින්දු සහ 'හොටං පයිසි පං එක දැනිලා' වර්ගයේ එව්වා හොඳයි කියන එකද?

    ReplyDelete
    Replies
    1. 'කිරිබත් උයන' එක හික්මුණු වචනයක් වෙද්දි 'පාන් කපන' එක නොහික්මුණු වචනයක් වෙන එකයි මගේ ගැටළුව.

      Delete
  3. ඔය ෆේස්බූක්,අයි පෝඩ්,ඩිස්කවරි බයික් මොනා පාවිච්චි කරත් අපි හැමෝගෙම ඇගේ ඉන්නෙ ඔය කෘෂිකාර්මික පැටවු තමා...ඒක තේරුම් ගත්ත නිසා තමා සන්නස්ගලල,දුක්ගන්නාරලල,නන්දන වික්‍රමගේල,කැලුම් ශ්‍රීමාල් ල වගේ කෘෂිකාර්මික(?) අංකල්ලගේ සින්දු මේ පරම්පරාවට අල්ලල ගිහින් තියෙන්නේ..අනික අපේ භාශාවෙන් සින්දු ලියන උන් කොහෙද ඉන්නේ...ලිව්වත් වැඩිම උනත් මාසයක් රේඩියෝ එකේ ඇහෙයි..එකත් සල්ලි දීල...ඒක නිසා මම නන් කියන්නේ සන්නස්ගල උන්නැහේ..චිත්‍රපටි හදන එකයි,දේශපාලනයයි ඇරුනාම ඔය පොත් ලිවීම,සින්දු ලිවීම හා ඉගැන්වීම පුලුවන් තරන් කල් කරගෙන යන්න කියල..

    ReplyDelete
  4. ලංකාවෙ ඉන්නෙ පට්ට ගැමියො කියන එක ඉතිං ගොඩක් දේවල් සම්බන්ධයෙන් හරි... ඒ නිසා සන්නස්ගල හෝ ඔය කියපු අනිත් ඈයො මැරෙනකල්ම සින්දු ලියයි....

    මට ඒ ගැන අවුලක්නම් නෑ... ඒවත් මට දැණෙන තාක් කල් අහනවා... :D

    වර්තමාන රචකයන්ගෙන් මම කැමතිම එකා චාමින්ද රත්නසූරිය. මෑතකදි ඔය අමල් කියන ප්‍රංශ යුවතියන් ලියපු රුවන් නන්දිකත් ඔහොම ලියාගෙන ගියොත් සිරා දේවල් ටිකක් කරයි...

    ඇයි එතකොට ඩැඩීල? මම හිතන්නෙ වර්තමානෙ තියෙන නූතන ප්‍රේමය හොඳින්ම තියෙන්නෙ ඩැඩීලගෙ සින්දු වල.

    ReplyDelete
    Replies
    1. (චාමිව මුන ගැහෙන්න ලොකු උවමනාවක් තිබ්බා. කොටින්ම මේ බ්ලොග් එක අස්සේ වචන අස්සේ මේ මාව පිස්සු වට්ටන එකාව හොයාගෙන අඳුනගන්න ලොකු උවමනාවක් තිබුනේ. හලාවත කීප පාරක්ම ආවත් මට මැසේජ් එකක් තියන්න වෙලාවක්වත් ලැබුනේ නෑ... )

      කෘශිකාර්මික ලව් ගැන නොදන්න හින්දා ඔයා කියන එක ඇත්ත කියලා මාත් හිතනවා. කොහොමත් සන්නස්ගල විතරක් නෙමෙයි ඔක්කොම අය මාකට් කරන්නේ පොඩි බට්ටෝ ටික නේද මේ වෙද්දි... ?

      Delete
  5. මම හිතන්නෙනම් ඒක එහෙම නෙවී කියලා.
    ප්‍රේමය කියන එක කොයි කාලෙත් එකයි.එකම දේ සමාජයත් එක්ක ප්‍රේමය කියන එකේ සැඟවිච්ච ඒවා එලියට එන එක විතරයි.සරළම උදාහරණයක් අපේ මුතුන් මිත්තො කිස් කරන්න නැද්ද?ඒත් ඒවා කරේ හොරෙන්නම් දැන් තියෙන එකම වෙනස වෙන්නෙ එළිපිට කරන එක විතරයි.ප්‍රේමය කියන එකේ සමාජ භාවිතාව වෙනස් වෙන එක විතරයි වුනෙ.කොයි කාලෙත් ප්‍රේමය එකයි.
    කව්ද බන් අනික ඔය කියන පොෂ් එවුන් ලංකාවෙ ඉන්න.ඔය කොයි වැඩේ කරන එකාගෙත් අක් මුල් තියෙන්නෙ ගමේ ගොඩින් ආපු උන්ගෙන් කියන එක අමතක කරන්න එපා.

    ReplyDelete
  6. කවුරුහරි කියහල්ලකො මේ සිංදුව ජෝතිපාල කිව්වනං කොහොම තියෙයිද කියල

    ReplyDelete
  7. ලව් එක කියන එක ඔඵවට ගැහුවම සම්භාව්‍ය නෑ බං කවුරුත්. අන්තෙටම‍ බොළඳ වෙනව ප්‍රබුද්ධයෝ පවා. තාක්ෂණයෙන්,මතවාදයෙන්, සංකල්පයෙන් කොච්චර වෙනස්කම් ඇති වුණත් මනුෂ්‍යයාගේ මූලික භාව ලෝකය ඒ හැටි වෙනසක් වෙන්නෙ නෑ ආදරය වගේ සංවේදී තැන් වලදි. ඒක නිසා තව අවුරුදු බර ගාණක් ගියත් මේවට මාර්කට් එක තියෙයි. මේ අධි තාක්ෂණ යුගයෙත් ආදරෙන් බැඳුණු කොල්ලෙක් තමන්ගෙ කෙල්ලගෙ මුහුණ හඳට සමාන කරල කවියක් ලියන එක සාමාන්‍ය දෙයක් වෙන්නෙ ඒකයි.

    ReplyDelete
  8. අපි කාගෙත් හිත් ඇතුලේ ඒ ගැමිකම.. ඒ රටාව තියෙනවා... අපේ පරම්පරාවෙ... එතනින් එහාට මම දන්නෙ නෑ..

    අලුතින් ආපු ෆේස්බුක්.. ස්කයිප්.. හිරෙන් පනින් සින්දු සෙට් එක පාරෙන් ඇති වුනාට පරණ ගීත තාමත් අහනවා.. එපා වෙන්නෙ නෑ.. ඇයිද මන්දා

    ReplyDelete
  9. ඔබගේ 'පුංචි පහේ' බෞද්ධයෝ ලිපිය තරුණයා පුවත්පතේ පලවී තිබෙනු දුටුවා. සුබ පැතුම් !!!

    කලාවට සිමා මායිම් තිබෙන්නට උවමනා නැහැ.ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලො කෙල්ලො ටිකට උංගෙ භාෂාවෙන් උන්ට ඕනෙ මගුලක් කියාගන්ඩ ඉඩ තියෙන්න ඕන වගේම නාකි සන්නස්ගලටත් ඒ අයිතියම තියෙන්න ඕන. තමුන්ට ගැලපෙන දේ රසිකයා තොරාගනිවී...

    ReplyDelete
  10. හැංගිලා ඉන්න එකනම් ලොකු දෙයක් මචං. කොහොමත් බං දැන් එන එක අළුත් එක. පරණ එක අළුත් විදිහට මෙව්වා කරලා. දුක්ගන්නාරාලලා සන්නලා ඒවට හොඳම උදාහරණ. කොහොමත් අළුතෙන් එලියට එන එවුන් එක්කෝ අළුත් මෙව්වා එකක් ගොඩදායි. නැත්නම් මේ යන මෙව්වා එක තව දුරටත් වර්ධනය කරයි.

    පලි-
    අඩේ මචං මම නම් මේ සින්දුවට ලයික් නෑ. කොහොමත් ඉරක් ගහන්න පුළුවන් අවුරුද්දක් තියෙනවා. කොහොමත් අළුත් මෙව්වා එක මට දිරවන්නේ නෑ. ඒත් ඉතිං පරණ බුවාලා තාම පරණ රෙකෝඩ් ගහ ගහ අළුත් එව්වොන්ට බැන බැන ඉන්නවා. අනේ මන්දා. මේක කියවලා මට හිතට ආපු ඔක්කොම ලියලා දැම්මා. අදාලද නැද්ද මන්දා.

    ReplyDelete
  11. ගීතයක් විදිහට නම් එච්චරම කැමැත්තක් ඇති උනේ නැහැ... මම මේ අලුත් එවුන් සිංහල බේ බේ වගේ (බැරුවත් ඇති සමහර විට ) සිංදු කියන එක ගැන නම් කිසි මනාපයක් නැහැ... අනිත් එක තමයි සින්දුවේ කියවෙන අර්ථය මුන්ට බොක්කෙන් දෙන්න බැහැ... මොකද උඹ කියන තියනව වගේ මුන් එන්නේ මේ දේවල් ආදරයේ සංකේත උන පරම්පරාවකින් නොවෙන නිසා... ඉතින් අලුත් එවුන්ට උන්ගේ සිංදු කියාගන්න ඉඩ දීල, අපි පරන ඒවම අහ අහ ඉන්න එක තමයි දැන් කරන්නේ.

    හැබයි සිංදුවේ වචන ටික නම් එල... "ආදරේ දොවන්නම්.. පපුතුරේ හොවා".... කලාත්මක "කුනුහරුප" කියන්නේ මේවට තමා... මේ වගේ ඒව තියන පරන සින්දු ටිකක් මතක් වෙනවා...

    බන්දුල නානායක්කාරවසම් ලියලා තියන සමන් ජයනාත් ජිනදාස කියන "බිසරුලියන්" කියන ගීතය අහලා බලන්න..

    Anony Mous

    ReplyDelete