Tuesday, January 31, 2012

සිස්ටම් එකේ සියඹලා කතා (පොලිස් සියඹලා කතාව සහ තවත් කතා)


"කවුරු කවුරුත් සියඹලා කතාව දන්නව ඇතිනේ? මේ මම දන්න වර්ශන් එක. දවසක් මනුස්සයෙක් සියඹලා තොගයක් ගෝනියක දාගෙන විකුණන්න මුදලාලි කෙනෙක් ළඟට ගියාලු. මුදලාලි ගෝනිය කිරල බලද්දි කිලෝ පහක් තිබ්බලු. ඊට පස්සෙ මුදලාලි සියඹලා වේලිලා මදියි කියල තෙත බරට කිලෝ දෙකක් කැපුවලු. ඇට වල බරට තව කිලෝ දෙකක් කැපුවලු. ගෝනියේ බරට කිලෝ එකක් කැපුවලු. දැන් මිනිහ මුදලාලිගෙන් අහනවලු.......
"එතකොට මං සියඹලා ගෙනාවෙම නැද්ද....?
"

1. බේබදු සියඹලා කතාව

මම දන්න පොරක් ඉන්නව ජයසේන අයියා කියල. වයස අවුරුදු 45 ක් විතර ඇති. කතා කරද්දි පොඩි ගොතයක් තියෙනව. කසාදයක් කරගෙනත් නෑ. කොටින්ම මිනිහ ඒ පැත්ත ගැන මොනම උනන්දුවකුත් නෑ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් උනාට මිනිහා ගමේ ඉන්න වෘත්තීය බේබද්දෙක්. සාමාන්‍යයෙන් බිම පටන් ගන්නෙ උදේ හතට විතර. ඒ කරලා කාගෙහරි පොඩි වැඩක් කරනවා. ඒ ගන්න ගානෙන් දවල්ට බොනවා. හවසත් කාගෙ හරි තේක්ක ගහක්වත් අතු කපල හවස ගාන හොයාගන්නවා. දවසෙ වැඩි හරියක් ඉන්නෙ නිකං. නිකං කිව්වට ආතල් එකේ. කොයිවෙලෙත් සින්දුවක් කියාගත්තු ගමන්. බිව්ව කියල කාටවත් කරදරයකුත් නෑ. ආ.... නැත්තෙමත් නෑ. එකම කරදරේ කොහෙන් මුලිච්චි වුනත් රුපියල් පනහක් ඉල්ලන එක.

දැනට මාස තුන හතරකට කලින් මිනිහා අපේ ගෙදර ආව.
"මං තීරණයක් ගත්ත මල්ලි......."
"ඒ මොකද්ද..?"
"සිරසෙ වැඩට යන්ඩ......"
(අප්පද බොල...)
ගමේ උං සිරස කියන්නෙ ලයනල් මුදලාලිගෙ පොල් බිස්නස් එකට. මොකද ඒකෙ නොන්ස්ටොප් වැඩ. උදේ හයට වැඩට යන එකා වැඩ ඇරිල ගෙදර එන්නෙ රෑ දහය පහුවෙලා. පඩි හොඳයි. සේවය ස්ථීරයි. හැබැයි නීති තදයි. බීම සපුරා තහනම්.

"ෂහ්... මරුනෙ ජයසේන අයියෙ.... හැබැයි ඉතිං බොන්ඩ වෙන්නෑනෙ...?"
"නෑනෙ මල්ලි.... දැනුත් බොන්ඩ නෑනෙ... සල්ලි නැතුව වැඩක් නෑ.... අනික මල්ලි අපි බොනව කියල මොනාද බොන්නෙ.... අරූගෙ සිමෙන්ති කසිප්පුව.... මොනා එක්කද? එක්කෝ ලුනු කැටයක්.... වැඩිම උනොත් මුරුක්කු කෑල්ලක්.... ඊළඟට බීඩි කොටයක්.... මොකටද බං......?"
"ඔව්... ඒකත් ඇත්ත...."
"බොනවනං මල්ලි හතරැස්සෙකක් ගෙනත් ඩෙවල් එකක් ද‍ාගෙන ගෝල්ලීප් එකක් පත්තුකොරං.... මෙහෙම නිස්කාංසුවෙ.... නැද්ද?"
"හ්ම්.... හ්ම්....."
"වැඩක්ම නෑ.... සල්ලි ඕනෙ.... අපි නිකං හිගන්නො ගානට වැටිලනෙ බං..... උඹ බලපංකො......."
"අදහස හොඳයි ජයසේන අයියෙ...."
"මේ.... හෙට දෙනකං රුපියල් පනහක්....?"

ඔන්න ඊළඟ සතියෙ පොර වැඩට ගියා. ඊට පස්සෙ කාලයක් මම පොරව ඇහැටවත් දැක්කෙ නෑ. ඔන්න මාස දෙකකින් විතර හවසක පොර පාර දිගේ එනවා. මාව දැකල ගෙදරටම ආව. අහල ඉන්ඩ බෑ කසිප්පු ගඳ.
"මොකද ජයසේන අයියෙ..... අද වැඩට ගියෙ නෑ....?"
"ඔයිය මගුලට මං ආයෙ යන්නෑ බං......"
"මොකද.... උඹලගෙ බොස් එක්ක වලියක් වත් දාගත්තද?"
"අඩේ... නෑ. ලයනල් අයිය දෙයියෙක් බං..... වැඩ වගේම රෙස්පට් එකට පඩි....."
"එහෙනං...?"
"වැඩක් නෑ මල්ලි මේ ජීවිතේ...... පහුගිය ටිකේ සල්ලි මේම... දාහෙ දෙදාහෙ පටි.... ඒත් මොකටද බං බොන්ඩ වෙලාව නැත්තං........?"
__________________________________

2. 'ඩයලොග් ටීවී' සියඹලා කතාව

මම දන්න හාදයෙක් ඉන්නව ගුණේ කියල. මූ මට වඩා අවුරුදු තුන හතරක් බාලයි. බැඳලා. අවුරුදු හයක පුතෙක් ඉන්නවා. ගුණේ ඉගෙන ගත්තෙ පහේ පන්තියට විතරයි. රස්සාව ගඩොල් කපන එක. ගේ තාම හදාගෙන යනවා. බිමට කොන්ක්‍රීට්. වහලෙ බාගයක් උළු. අනික් බාගෙ තහඩු. ජනෙල් ඉටිකොල.

ඔන්න මීට මාස හත අටකට කලින් ටයි දාගත්තු කොල්ලො සෙට් එකක් ගමට බැස්සා ඩයලොග් ටීවී කනෙක්ෂන් විකුණන්ඩ. මුගෙ කරුමෙකට මූ ගෙදර ඉඳලා. අරුන් මූව අම්බානක අන්දලා ගෙවීමේ ක්‍රමයට මූටත් කනෙක්ෂන් එකක් විකුණලා.

දවස් කීපෙකින් මූ මට හම්බවෙච්චි වෙලාවක හෙන නයි ටෝකක් දමපි.

"අයිය අර ඩයලොග් මෙව්ව එකක් ගත්තෙ නැද්ද?"
"මෙව්වා...?"
"අර රූපවාහිනී..... කියල වැඩක් නෑ ආ.... එක ඩොට් එකක් නෑ... මාර ක්ලියර්.... අනික ඕන වෙලාවක ෂෝ බලන්ඩ පුලුවං.... එව්වටම වෙනම සේවා තියෙනවා.... ඔය ක්‍රිකට් අනං මනං වලට වෙනම එව්වා.... පොඩි එවුන්ට වෙනම එව්වා.... දෙමල ෂෝ යනවා කියන්නෙ.. ආයි එලම තමා........."
"ෂහ් මරුනෙ බං....."
"මෙහෙ ඔය අයිටීඑන්.. සිරස.. අනික් සේවා ටිකත් ඔක්කොම තියෙනවා.. සින්දු වලට වෙනම එව්වා.... ඉගෙන ගන්න අයට......."
"ඉතිං ඕකට ගෙවන්ඩ ඕනෙන බං......"
"නෑ..... මෙහෙ එව්වා නිකං.... අර සල්ලි ගෙවන සේවා ගත්තොත් තමා ගෙවන්ඩ වෙන්නෙ......"
"උඹට ෂුවර්ද?"
"නැතුව ආයෙ....? මං සේරම අහලයි ගත්තෙ......"
උගෙ ආතල් කඩන්නෙ මොකටද කියලා මං නිකං හිටියා.

මම මේ ළඟදි පොඩි වැඩකට ගුණෙයලගෙ ගෙදර ගියා. ගුණය වැඩට ගිහින්. ගුණේගෙ නෝනා හෙවත් ඉරේෂා නංගි ගෙදර උන්නෙ. මේ අර ඩයලොග් රාජයා ගැන නෝමල් එකේ ඒකිගෙන් මම අහ දැනගත්තු ටික.

"පුතා බලන්නෑ අයියෙ. ඉස්කෝලෙ ප්‍රින්සිපල් සතියෙ දවස්වල කාටූන් බැලිල්ල තහනම්ම කරල තියෙන්නෙ..... සෙනසුරාදට ඉරිදටනං අර සිරසෙ යන ලමයින්ගෙ එව්ව බලන්ඩ දෙනවා.......
මටත් ඕක දවල්ට බලන්ඩ වෙලාවක් ඇත්තෙම නෑ..... ඔන්න හවස ප්‍රවෘත්ති දානවා..... සුවාදීන එකේනෙ.....
ඊට පස්සෙ කතා ටික බලනවා.... දැං සිරසෙ යනව නේද අයියෙ අලුත් කතාවක්.........?
චිත්‍රපටිද? අනේ ගුණෙයි මායි බලන චිත්‍රපටි.... හැන්දෑවෙ පොඩ්ඩක් කටගාං ආවාම එයාගෙ චිත්‍රපටිය තමයි ඉතිං..... හැබැයි මං බලන කතා වලට නං හොට දාන්ඩ එන්නෑ.... එයා බලන්නැත්තං පැත්තකට වෙලා ඉන්නවා...... අර කෝරලේ මහත්තයා නං දිගටම බැලුවා.... ඒකත් ඉවරයිනෙ...... ක්‍රිකට් මැච් යනදාට තමයි ඉතිං පොඩි වලියක් ගියොත්... හිහ්.......
බිල් මාසෙ ගානෙ ගෙවනවා..... තව වාරික දෙකක් ඉතරත් තියෙනවා අයියෙ....."

හද්දෙයියනේ... අන්තිමට බලද්දි, ඉස්සර මුං නිකං බලපුවා ටිකම දැං සල්ලි දීල බලනවා.
___________________________________

‍3. පොලිස් සියඹලා කතාව

දැං මෙහෙම ගමුකො. මම දන්න ශ්‍රී ලංකා නිදහස පක්ෂ  සාමාජිකයෙක් ඉන්නවා රණවීර කියලා. මූ 2004 ජනාධිපතිවරණෙදි බොහොම කැමැත්තෙන් මහින්ද මහත්තයට වැඩකරල, ඡන්දෙ දීල ඔන්න හොඳ විදිහෙ ආණ්ඩුවක් පත්කර ගත්තා.

ඔන්න මෑතක දවසක් හවස හතට විතර රණවීර ගෙදර එද්දි හන්දියෙ බස් හෝල්ට් එකේ දන්න කියන කොල්ලො හතර පස් දෙනෙක් වලක් බැහැල ඉන්නව දැකල බයිසිකලෙත් නවත්තලා ගිහින් උන් එක්ක හීන් කයියක් ගහගෙන ඉන්නවා. (ඔය ඉතින් කොල්ලො සෙට්වෙන වෙලාව)
එක පාරටම හයියෙන් ඇවිත් ක්‍රාස් ගාල පොලිස් ජීප් එකක් බ්‍රේක් කලා. ඕකෙන් බැහැගත්තු පොලිස් නිලධාරියො රොත්තක් දුවගෙන ඇවිත් හෝල්ට් එක වටකලා.
"එක හු...... පුතෙක් දුවන්නෑ හරිද?.... නැගපියව් ජීප්එකට.... බේබදු ප..."
රණවීර මොනම දෙයක්වත් හිතාගන්ඩ කලින් පොලිස් කාරයො කොල්ලො කුරුට්ටො දෙන්නෙක් ඇදල අරං පොල්ලකින් දේයි ගාල පිටට ඇදබාල ජීප් එකට දාගත්තා. ඊළඟ ඉරණම ඉවෙන් වැටහුණු රණවීර වහාම ක්‍රියාත්මක වුනා.
"සර්... මම...."
ඒ එක්කම රණවීරත් ෂර්ට් කොලර් එකෙන් එලියට ඇදුනා. ඒත් එක්කම පිට මැදට දඩාං ගාල හෙනයකුත් වැදුනා. පිටකොන්ද හිරිවැටීගෙන එද්දිම ජීප් එක ඇතුලට විසිවෙලා ඔලුව මොකද්ද යකඩ බාර් එකකත් වැදුනා.

සිද්දිය ඔච්චරයි. දැං රණවීරගෙ  ප්‍රශ්නෙ මේකයි.

" මම පත්කරපු ආන්ඩුව යටතෙ ඉන්න පොලිසිය නිකරුණේ මට ගහනවා..... ඇයි යකෝ.... මට ගහනවටත් මුංට පඩි ගෙවන්නෙ මම්මනෙ ඕයි......"

41 comments:

  1. කොච්චරවත් ඔය වගේ කට්ටිය ඉන්නවනේ පඩි ගෙවලා ගුටි කන....

    ReplyDelete
    Replies
    1. අපි අපිම තමා ඉතිං :)

      Delete
  2. ටිකක් ලඟින් යන කතාවක් කියන්නම් . මම ඉන්න දිහා දවසක් නාකි ආච්චි කෙනෙක් පේමන්ට් එක දිගේ යනකොට 500 යේ කොලයක් වැටුන බිම . ළඟ හිටපු පොලිස් නිලධාරියෙක් එක අහුලලා ආච්චිට කතා කරලා ඇහුව මේක එයාගේද කියලා. ඉතින් ආච්චි මඩිස්සලේ ඇරලා ටිකක් චෙක් කරලා කියනවා ඔව් කියලා. පොලිස් නිලධාරියා ටිකක් අවවාද කරලා සල්ලි පරිස්සමෙන් තියා ගන්න කියලා , ලියුවා දඩ කොලයක් . මේ රටේ තැන තැන කොළ කැළි දැමීමට දඩය $ 2000. ආච්චි පන්සීය තියල ගියානම් ලාභයි .

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නෙමේ නේද ?

      Delete
    2. මෙහෙත් ඉන්නව ඔහොම ආච්චිල. රුපියල් සීයෙ පින් පඩිය ගන්ඩ දුර ඉඳන් එන අය. බස් එකට විස්සයි. බනිස් ගෙඩියක් කාල තේ එකක් බොන්ඩ තිහයි. පොඩි දුවගෙ දරුවට ටිකිරි මාරි එකක් ගන්න විසිපහයි....

      Delete
    3. අනේ ක.කා අංකල් බොගෙ බොලොක්කෙ හරියට බහින්නෙනෑනෙ මගදි හරියට කර ගාවිංම හිරොවෙනව සති ගානක ඉඳල.... බොව අල්ලගන්නමයි බලං උන්නෙ ..... ගල් සියඹල පැත්තකිං තියල ඒක බලාහිටහංකො.....


      මං පලොවෙනි පාරටද කොහෙද කොමෙ‍ටුවක් දාන්නෙ.... අම්මපා. දැන්නෙ මීටර් උනේ.. එතකොට අපි පඩි ගෙවල අපිටම ඇරගන්නව.... එතකොට අර හෙල්මට් නැතුව ගිහිං මාට්‍ටු උනාම අතේ ගුලුකොරන්නේ බෝනොස් වෙන්ටෑ..........බාප්පලට අනංමන්ං කියල අහුවෙන්ට එපා හරිය.....මලක් දාල ඇතුලට දානව......අයෙ

      X-Porter

      Delete
    4. ඔබයියේ පිස්සුද ..ලංකාවේ පොලිසිය ..ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි නේ ....අපේ කරුමෙට අපි ධම්මචාරි නැතිඋනාට ...

      Delete
    5. @ X-Porter
      බලොගේ ප්‍රශ්ණයකට වඩා බ්‍රව්සරයේ ප්‍රශ්ණකි. මෙය වැඩිදුර ගියේ ලඟදී ගූගල්/බ්ලොග්ස්පොට් ලා කළ වෙනස් කම් නිසාය.
      කියවීම සඳහා Internet Explorer නොව Chrome භාවිතා කරන්න.

      Delete
  3. මරු කතා සැට් එක හරි සෝක්...

    ReplyDelete
  4. චාමි සිරා කතා සෙට් එක මචං. හැබැයි උඹේ යටි පෙලේ අරුත තේරුනේ නැද්ද මන්දන්නෑ......!

    ReplyDelete
    Replies
    1. අන්න සියඹලා කමෙන්ට් එකක්... :D
      (එහෙම එකක් නෑ දුමියො. ඔය කියපු එකම තමා)

      Delete
  5. කතා ටිකක නං මරේ මරු, දුමිය කිව්ව වගේ යට කතාවකුත් තියෙනවද? ඒකට නං ටියුබ් ලයිට්.

    ReplyDelete
    Replies
    1. අපොයි වෙන කතා නෑ.... ඔය ලියපු ටිකමයි. :)
      (මට මේකටත් සියඹල කතාවක් ලියන්න හිතයි)

      Delete
  6. 1.- බේබදු මෝඩයින් ගැන නම් කතා කරල වැඩක් නෑ නේ!
    2. - මෙහෙමයි, චැනල් එකේන චැනල් එකටයි ආයේ හුළඟට කැරකෙන කැරකෙන් සැරෙයි ඇන්ටෙනාව කරකව කරකව දුක් විඳිනවට වඩා මාසෙට ගානක් ගෙවල (රු 250ටත් තියෙනව) හරි හොදටම පැහැදිලිව ඩිෂ් ඇන්ටෙනාවේන් රූපවාහිනි බැලීම වාසියි.
    3. - රණවීර ගැන නම් දුකයි.

    මේකත් සියඔලා ප්‍රතිචාරයක්ද?

    ReplyDelete
    Replies
    1. ජයශ්‍රී මචෝ. උඹේ කොමෙන්ටුව මේ කතාවට දාපු එකක්ද, කලින් පෝස්ට් එකට දාපු එකක්ද? :)

      ඇත්තටම මං මෙතන ටාගට් කලේ මිනිස්සු ට්‍රැප් වෙන තැන් දෙකතුනක්. දැන් අර බේබදු පොර ගත්තොත් ඌ බොන එකේ හොඳ නරක වෙනම. ඌට වෙන්නෙ වැඩ කලොත් බොන්ඩ වෙන්නෑ. වැඩ නොකලොත් 'පිලිවෙලකට' බොන්ඩ නෑ. ඌට අනුව ඒක මාර ප්‍රශ්නයක්නෙ.

      දැං රණවීරගෙ ප්‍රශ්නෙ ඌ අතිශයෝක්තියට නැගුවට තර්කයක් හැටියට හරිනෙ මචං. උඹ මම උනත් ආන්ඩුවට බදු ගෙවන්නෙ අපි වරදක් කලොත් අපිටත් ගහන්ඩ එක්කනෙ :)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සියඹලා වගේද වම්බටු විකිණීම

    මේක බලන්න

    ReplyDelete
    Replies
    1. යකෝ, ලංකාවෙන් එන වම්බටු කිලෝ එකක් අපි මෙහෙදි ගන්නෙ රුපියල් 300කටත් වැඩි ගාණකට...!

      Delete
    2. තව මරු සියඹලා ප්ලොට් එකක් මතක් වුනා. මම කෙටි කාලයක් කම්පැනි එකක වැඩකලා. ඒකෙ ඩීසී (ඩෙසිකේටඩ් කොකනට්) හදලා එක්ස්පෝර්ට් කලා. ඔය අතරෙ මචං උඹලගෙ දේසෙං රස්සාව කරල ආපු එකෙක් 'රටින් ගෙනාවෙ මචං' කියල ඩීසී පැකට් එකක් දීල ගියා.

      Delete
    3. මමත් කියන්නද සියඹලා කතාවක්, අපේ අක්කට ඩොකෙක් කියලා බර අඩු කරගන්න ග්‍රීන් ටී (කොල තේ කිව්වොත් තේරෙන්න නැතිවෙයි ) බොන්න කියල. මමත් කඩේකට ගිහින් ග්‍රීන් ටී පැකට් එකක් ගත්ත. Imported from Japan. කිමෝනා ඇඳගත්තු ලස්සන ගෑනු ළමයි ප්‍රින්ට් කරපු පෙට්ටියක. ගෙදර ගෙනත් බලද්දි යටින් පොඩීයට ගහල තියනවා. Made by pure Ceylon Tea Leaves.

      Delete
  9. "බොනවනං මල්ලි හතරැස්සෙකක් ගෙනත් ඩෙවල් එකක් ද‍ාගෙන ගෝල්ලීප් එකක් පත්තුකොරං.... මෙහෙම නිස්කාංසුවෙ.... නැද්ද?"

    සිරාවටම...එහෙම තමයි බොන්න ඕනි.

    ඩයලොග් ටිව් එක නම් මහම ඇන්දිල්ලක්. අපේ ගෙදරත් අරන් තිබිල අයින් කොලා

    පඩි ගෙවල ගුටි කන එක ඉතින් අමුතු දෙයක්ය..

    ReplyDelete
  10. දැන් එතකොට කෝ අන්තිම කතාවේ සියඹලා නැහැනේ ......... ?
    සියඹලා තිබිලම නැහැ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. ඒකෙ තියෙන්නෙ ගොරකා

      Delete
  11. අපි නං කරන්නේ ගල් සියඹලා බිස්නස්.
    ඔය කේස් නෑ!

    ReplyDelete
    Replies
    1. සිල්ලරට වෙන්ටැ. තොග කරන්ඩ ගියොත් නං ගෝනි බර කපනවමයි.

      Delete
  12. මේක සියඹලා කමෙන්ට් එකක්ද බලමු එහෙනම්... :)

    මම උසස් අධ්‍යාපනේ කරන කාලේ හිටියේ ගෙදරින් පිට... අවුරුද්දකට සැරයක් තමයි ගෙදර යන්න වෙන්නේ... ජොබ් කිරීමක් නෑ හැම මාසෙම වියදමට තාත්තා සල්ලි එවනවා... නිවාඩුවට ගෙදර යද්දී මම දෝත පිරෙන්න ගෙදර අයට රට තෑගිත් අරන් තමයි ගෙදර යන්නේ... හැමෝම තෑගි බලලා සතුටු වෙද්දී තාත්තා විතරක් බකංනිලන්...

    "තාත්තේ ඕක ගොඩක් වටින ඔරලෝසුවක්... ඔයා මොකද නිකන් මූන බෙරි කරගෙන..?"

    "වටින හින්දා තමයි යකෝ මූණ බෙරිකරගෙන ඉන්නේ... මගේ සල්ලි වලින්ම මෙච්චර ගනන් තෑග්ගක් ගද්දී මට හිනාවෙන්නද කියන්නේ..?"

    ReplyDelete
    Replies
    1. ඒක මරු. සියඹලා නෙමේ. සීනි සියඹලා කතාවක්.
      (මේ පැත්තෙ නං සීනි සියඹලා කියන්නෙ ඉදෙන්ඩ කිට්ටු පියඹලා වලට. ඒව විකුණන්ඩ ගියොත් නං අතිනුත් ගානක් දීල එන්ඩ වෙන්නෙ)

      Delete
    2. අකිල ශ්‍රීනාත්February 8, 2012 at 5:10 PM

      හලාවත පැත්තෙ විතරක් නෙවෙයි බං. අපේ පැත්තෙත් (කෑගල්ලෙ) එව්වට කියන්නෙ සීනි සියඹලා කියලා තමයි. උඹ මතක් කළ එකේ කටට කෙළත් ඉනුවා බං.

      Delete
  13. මේ ඇන්ටි සියඹලා කතාවක්.
    මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් ඉන්නවා පුරුද්දට බස් එකේ ඉබ්බා ගහන.එක දවසක් මූ හොරෙන් ගියා මදිවාට කොන්දොස්තරගෙන් බහිද්දි රුපියල් පනහක් දුන්නා කියලා ඉතුරුත් ඉල්ලගෙන.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි කියන්නේ "කැස්බෑව ගහනව" කියල.

      Delete
    2. ඌටනම් කරපු දේවලට ගැලපෙන්නේ කැස්බෑවා ගහනවා වගේ එකක් තමයි.

      Delete
  14. කාලෙකින් කියවපු හොඳම පොස්ට් එකක්.

    ReplyDelete
  15. කතාවලටම ගැලපෙන පින්තූරේ.

    ReplyDelete
  16. " මම පත්කරපු ආන්ඩුව යටතෙ ඉන්න පොලිසිය නිකරුණේ මට ගහනවා..... ඇයි යකෝ.... මට ගහනවටත් මුංට පඩි ගෙවන්නෙ මම්මනෙ ඕයි......"

    අපේම ආරස්සාවටනෙ ඕයි

    ReplyDelete
  17. මම හැමදාම වගේ බොග් කියවනව. හොද ඒව රීඩරේටත් දාගන්නව. ඒත් මාසයක් දෙකක් පරණ වෙච්ච නියම පෝස්ට් තියන බොග් හැමදාම අලුතෙන් හමුවෙනව. කොච්චර බොග් කියෙව්වත් නියම වෙලාවට කොමෙන්ටුවක් දාන්න සෙට්වෙන්නෙම නෑ කවදාවත්. එතකොට මගේ කියවිල්ලත් සියඹලාද?

    ReplyDelete
    Replies
    1. ආහ්... නියම සියඹලා. මං වගේමයි. :)

      Delete
  18. සුපිරිම කතා ටිකක්

    ReplyDelete
  19. අපේ කොල්ලෝ ටිකක එකතු වෙලා සතියට තුන් පාරක් බැට්මින්ටන් ගහනවා, හරිය ? ඕන ඉතින් මේ පැත්තේ එහා පැත්තට එකක් ගහල මල බිම වට්ටපු ගම , එහා පැත්තේ එවුන් ටික කා ගහනවා එක out කියල. නැත්තන් කගහනවා එක ෂෝර්ට් සේවිස් කියල. අම්මප මන් මේ බැලුවේ, එතකොට මමත් හරියට සෙල්ලම් කරලම නෑ නේ.. !
    සියඹලා තිබිලම නෑ..

    ReplyDelete