Saturday, May 21, 2011

සියළු 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්' ලා වෙතයි....

නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි.

කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක.....

ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..?

කුජීත නිර්මාල් - ඈහ්.....?

ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද?

කුජීත නිර්මාල් - නැත්තං ඉතිං මේ රාජ්‍යය පවත්වගෙන යන්ඩ.....?

ජයග්‍රාහී අනුරුද්ධ - මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

සියළු අනුරුද්ධ ප්‍රදීප්ලා ජයග්‍රහණය කොට අවසන්ය. මේ කාහල නාදය ඒ වෙනුවෙනි. පරාජය කොට ඇත්තේ ගමේ ගොඩේ six-a-side ටෙනිස් බෝල කල්ලියක් නොවේ. අති බිහිසුණු ත්‍රස්තවාදී කල්ලියකි. පරාජය කලේ ටෙනිස් බෝලයකින් වැටමාර කඩුළු බිඳ දැමීමෙන්ද නොවේ. දස දහසකටත් එහා පණ ඇති මිනිසුන්ගේ ඔළු කටු කුඩුවෙන්නට වෙඩිතැබීමෙනි. ජයග්‍රහණය කොට අවසන්වද්දී ඉතිරිවූයේ තණකොල පොඩිවූ, දූවිලි ගහන හිස් පිට්ටනියක් නොවේ. ලෙයින් තෙත්වූ අමු මස් දැවෙන පුළුටු ගඳ වසාගත් සොහොන් පිටියකි. මේ පුළුටු ගඳින් ආනන්දයට පත් අනුරුද්ධ ප්‍රදීප් නමැති පොඩි එකෙක් එම අමු සොහොනෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි වායු සමනය කල කුටියක හිඳ මෙසේ මොර දෙයි.

"(පැරදුනු උන්ට) මොකට රාජ්‍යය පවත්වාගෙන යන්නද? අපි දිනලා ඉවරයි.........!"

ඉදිරිපස සිට කුළුණුබර දෑසින් යුතුව ඔහු දෙස ආඩම්බරයෙන් බලාසිටින්නේ නලින් ද සිල්වා පියාණන්ය. පසෙක සිට නිරාමිස ප්‍රීතියට පත්ව මදහස නගන්නේ අරහත් ධජය දරාගත් භික්ෂුවකි. මේ උදාන වාක්‍යයෙන් හොල්මන් වෙන ඉතුරු එකා නමගිය දේශද්‍රෝහියෙකි.

අපුලක් සිතන්නට දෙයක් නැත. මේ මිනී මරාගන්නා ක්‍රීඩාවේ දේශීය නීති රීති වල ස්වභාවයයි. ක්‍රීඩාවෙන් අනතුරුවද ජීවත්ව සිටින පැරදුනු එවුන්ද, මියගිය උන්ට සමානය. අපේ අනුකම්පාවට දෙන දෙයක් කාල කියන විදිහකට ඉන්න එක උන්ගේ ඉරණමයි.

"උන්ට මොන රාජ්‍යද....?"

සියළු ජයග්‍රාහකයිනි,

'මිනිසෙකු විනාශ කල හැකිය - එහෙත් පරාජය කල නොහැකිය' යනුවෙන් හෙමිංවේ ලොක්කා ලියා ඇති වගක් ඔබට මතකද? කලබල වන්න එපා. වික්‍රමබාහු ද්‍රෝහියා එය පිළිගත්තත් මා එය පිළිගන්නේ නැත. ඔබගේ අති උතුම් මහාවංශයට අනුවම යමින්, මිනිසෙකු විනාශ කොට පරාජයද කල හැකි බැව් මා අදහමි.

මහාවංශයේ විසි පස්වන පරිච්ඡේදයේදී දුටුගැමුණු නමැත්තෙක්, එළාල නමැත්තෙකුව තෝමරයෙන් පහරදී විනාශ කරන්නේය. අනතුරුව එම දේහයට සියළු ගෞරවාචාර පවත්වා, ඔහු මළ තැන සෑයක් කරවා, සියළු රටවැසියන් හට එයට ගෞරව කරන ලෙසට නීතිද පණවා එළාල නමැත්තා සහමුලින්ම පරාජයද කොට දමන්නේය.

නුඹලාට මේවා ඇත්තටම නොතේරෙනවාදැයි නොදනිමි. එහෙත් කජුකිරි වියේ සිට දේශපාලනයෙන් තෙම්පරාදු වූ මහින්ද රාජපක්ෂ, නුඹලාට වඩා පරිණත මිනිසෙක් යයි මා තවමත් විශ්වාස කරමි. (අවම වශයෙන් පවත්නා ජාත්‍යන්තර තත්වයන් මත ඔහුට වඩාත් පරිණත ලෙස ක්‍රියා කිරීමට සිදුවනු ඇත)

තවත් කෙටි කලකින්ම ඇරඹීමට නියමිත නාථ දෙවියන්ද පෙරටු කොට ගත් දැවැන්ත විරෝධතා පෙළපාලි වලට පෙරාතුව, තවත් වටයක් දිය කෙළින්නට එතෙක් ඔබට අවකාශ ඇත.

රා....යිට්....!! නංගිලා.. මල්ලිලා... හැමෝම.. අත් උඩඩඩඩට උස්සලා.... තව පාරක් හයි.....යෙං කියමු බලන්ඩ.............

30 comments:

  1. "රොබින්සන් කෲසෝ" කථාවේ ඉන්න "ෆ්‍රයිඩේ"ලගේ ගෝත්‍රයේනම් නීතියක් තියනවා, යුද්ධෙන් දිනපු උන්ට පුලුවන් පැරදුන උන් මරාගෙන කන්න.

    ReplyDelete
  2. අනුරුද්ද ප්‍රදීප් දෑන් දෑන් වමේ රෑස්වීම් වලට යනවලු හොරෙන්.
    ව්මේ උන් බලගෙන!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. ඔය හැමදේව වෙනස්වෙන්න යන්නේ මොහොතයි. 1993 මැයි 1වැනිදා වෙනකම් රණසිංහ ප්‍රේමදාස ජනපති හා ඔහු වටා සිටි රැළ සිතාගෙන සිටියේද අපි සැමදා දිනුම් කියලා. දෛවයට අනුව කළ හා කරන්නට නියමිත පව් වලට දඬුවම් ලැබෙනු ඇත.

    ReplyDelete
  4. අනේ ඔව් මචං අපි දිනලා ඉවරයි . . හාල් කිලෝ එකක් තව පෝඩ්ඩක් රුපියල් දහයකින් විතර පොල් ගෙඩියක් සොච්චම් රුපියල් විස්සකින් විතර වැඩි උනානම් දිනපු සතුටට හැමදාම කිරිබත් කන්න තිබ්බා බන් . . ශිහ් අපරාදේ . . . තුට්ටු දෙකට බඩු අරගෙන දිනුම සමරන්න බෑ නේ බන් . . එහෙම කලොත් ආස්චර්යාට හොඳ නෑ නේ . .

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් හික් හික් හික් හිකිෂ් හූ

      Delete
  5. http://www.slnewsonline.net/WJ_20090315_Hindu_tells_the_world.asp

    ReplyDelete
  6. //රා....යිට්....!! නංගිලා.. මල්ලිලා... හැමෝම.. අත් උඩඩඩඩට උස්සලා.... තව පාරක් හයි.....යෙං කියමු බලන්ඩ.............//

    ලෝකේං උතුම් රට ....... සිරි ......

    ReplyDelete
  7. කාළකන්ණිකමේ පෙරමග ලකුණු මේ වගේ අතීතය පුරාත් තිබුණ...

    ReplyDelete
  8. අපි දිනලා...........ඉවරායි.......ඉවරායි.......ඉවරායි,

    මේ මනුස්සය මේක කියනව ඇහෙනකොට මේ ගිනිගහන රස්නෙ මහ මද්දහනෙ මගෙ හිරිගඩු පිපෙනව නෙව, චාමි,

    මොකද හැබෑටම ඒ? මට මොනව හරි මාරාන්තික අසනීපයක් වත්දැයි කියලයි මම මේ දහ අතේ කල්පනා කොරන්නෙ,

    ReplyDelete
  9. ඔහොම නොගිහින් කොහොම යන්නද....ඕක තමයි සෙක්සි යැවිල්ල....හික්

    ReplyDelete
  10. අවාසනාවන්ත ලෙස බ්ලොග් අඩවි සියල්ල සුපුරුදු පරාජිත හැගීමෙන් යුතු උකටලී කුමාර, කුමරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. අසාධාරණයට එරෙහිවීම එක දෙයකි. නොදන්නන් වලේ කොටින්ට කඩේ යාම සහ පසුගාමී මානසිකත්වයක් තරුණ පරපුර තුල නිර්මාණය කර ගැනීම රටට ඉතාම අහිතකරය. අපේ සහෝදරයන් ඇතිකළ මෙම පසුගාමී මානසිකත්වය රටට පිළිලයක් වී තිබිණ. බ්ලොග් අඩවි හරහාද එයටම දායක වන සෙයකි.

    ReplyDelete
  11. සාකච්චාවෙන් කොටසක් පමණක් බලා විවේචනය කිරීම අසාධාරණය.මෙහිදී ප්‍රදීප් මහතා විරුද්ධ වන්නේ දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය නැවත තහවුරු කර ගැනීමට දකුණේ පාලනය විසින් සිදුකරණ යම් දෙයක් පිලිබදව දේවසිරි මහතා කරන ප්‍රකාශයකටයි.දකුණේ පාලය එවැන්නක් නොකරණ බව තහවුරු කිරීමටයි ඔහු අප දිනල අවසන් යන්න කියන්නේ.(ඒදේ කුමක් දැයි සමහරවිට මේ සාකච්චාවේ යම් තැනක ඇති.මා මෙය නෙනැරඔූ නිසා මම නොදනිමි)

    ReplyDelete
  12. තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
    ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
    http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. @ජයශ්‍රී

    නිර්මාල් කියන්නෙ "දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්න", එහෙම කරල "රාජ්‍යය පවත්වගෙන යන්ඩ" , රජය විසින් විදුලිය වගේ දේවල් ඒ පැතිවලට ලබාදෙන බවයි.

    අනුරුද්ද කියන්නෙ
    "මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!"
    ඒක වෙනත් වචන වලින් කියනවනම්:
    ' ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්න' අවශ්‍යතාවයක් නැහැ. ඒක කොහොමත් කරල තියෙන්නෙ. ඒ හින්ද ඒ වෙනුවෙන් විදුලිය වගේ දේවල් දෙන්න ඕනෙ නැහැ(රජයේ හොඳකම හින්ද දෙනව මිසක්). ආධිපත්‍යය තහවුරු කරල ඉවරයි. "අපි දිනල ඉවරයි"

    ඉතින් අනුරුද්ද කියන මේ කතාව ඔයා පොඩ්ඩක් 'හිතල' බලන්ඩ.

    අනිත් එක ඔයා කියනවා "සාකච්චාවෙන් කොටසක් පමණක් බලා විවේචනය කිරීම අසාධාරණය" කියල. ඔයත් බලලා නැහැනෙ. ඉතින් ඔයත් කරන්නෙ ඒකමනෙ :)

    ReplyDelete
  15. කොටියට පැන පැන පුක දෙමු.

    ReplyDelete
  16. හොඳයි, හොඳයි, කොල්ලනේ, මං හැංගුණාට උඹලා වැඩේ කර ගෙන යනවා. පොලිටිකල් අසයිලම් ගන්න් හැංගෙන්න ඕන වුණොත් මට කියාපල්ලකො, මම කරල දෙන්නම්

    ReplyDelete
  17. ඉතිං ඕයි අපි දිනලා ඉවරයි නේන්නං! තොපි කෙස් පැලෙන තර්ක කරන්නේ ඔය සරල යතාර්ථය තේරුම් ගන්න බැරුවද බොලව්???

    ReplyDelete
  18. කටටියම නටන්න....
    එලිවෙන්න තව ටිවෙලාවයි.
    ‍ෙම් ඝන අදුර තව ටිකකින් හිරැ
    නසාදමාවි....

    ReplyDelete
  19. මේ පහලවෙලා ඉන්න රජ්ජුරුවෝ කෙච්චර සාධාරනද? බලන්නවිරු සමරුවක් පැවැත්තුවා.... වැරදි කරන තමන්ට කඩේ යන වුන් හැම එකවම බේරල. තමන්ට අභියෝග කරපු යුධවීරයා හිරේදාලා.. රජ්ජුරුවෝ හෙලූවෙන් ඉන්න බව කොහොමටත් පේන්නේ කතව්දිහටත් එක මෝයෙක්ටවිතරනේ... නලන් සිල්වලා වගේ බුදධිමතුන්ට කොහොමත් ඒක පෙන්නේ නෑ....

    ReplyDelete
  20. here is the link for the full program. please watch it and decide.
    http://www.youtube.com/watch?v=ArhCXW5weBQ

    ReplyDelete
  21. මම ඔය කියන සාකච්ඡාව බැලුවා මෙතන කවුද දාලා තියෙන ලින්ක් එක හරහා. අනුරුද්ධ කියන්නේ විදුලි බලය දෙන්නේ රජයේ සංවර්ධන ක්‍රියාවලිය උතුරට දියයුතු නිසා විශේෂයෙන් දුක් විඳපු ජනතාවක් උදෙසා මුදල් නොගෙන විදුලි බලය දෙන බවයි. මම අනුරුද්ධ කියන්නේ කවුද කියලා පළමු වරට දැක්කේ මේ සාකච්ඡාවෙදි. කෙසේ හෝ මම නිර්මාල්ව විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටි කාලයේ සිට දන්නවා. එයා ඒ කාලෙත් කලේ අපකීර්තිමත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නෂ්ඨාවශේෂයක් විදිහට කොටියගේ හොරි කහපු එක තමයි. ඒ නිසා වැරදිලා හරි ඔහු වෙනුවෙන් නිවැරදි විශෙෂණය යොදලා තියෙනවා. අනිත් අතට මේ සාකච්ඡාවේදිම අනුරුද්ධ කියනවා යුද්දේ පටන් ගන්නේ දැන් කියලා. ඒ අනුව පැහැදිලියි රියර්ගේට් පොඩි කෑල්ලක් අරගෙන තමුන්ගෙ බොරු පඬිත්වය විදහාපන්න යනවා කියලා.

    ReplyDelete
  22. ඉස්තෝප්පුව ලැජ්ජාවක් නැතිව පරණ ගණුදෙනුවක් ඛේරනවා...

    ReplyDelete
  23. මොකද සද්දයක් නැත්තේ බැලුවා.. කී බොඩ් එක කැඩිලවත් ද

    ReplyDelete
  24. ඔක්කොම කියෙව්වා ...........
    පට්ට ............

    ReplyDelete
  25. යුද්ධෙට පස්සේ යුද්ධෙ දිනපු පැත්තක් ඉන්නේ. එතනින් පස්සේ පැරදුන පැත්තක් ඉන්න විදිහක් නෑ.. කොහොමවත්ම ඉන්න විදිහක් නෑ. මොකද විජයග්‍රහණය කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. වැඩේ තියෙන්නේ ඒක කාගෙද කියන ගැටළුව තියෙන එකයි.

    ReplyDelete
  26. මෙතනට තව රතුලීයේ අතන මෙතන උන්නාන්සෙයි, ඇක්ෂන් ජැන්තනි කලාකරුවායි, නාථ සහ විපස්සක දේව සභාවයි හිටිය නම් මරේ මරු. මොකෝ චාමි කියන්නේ, ලියපන්කො දෙවෙනි කොටසකුත්..

    ReplyDelete
  27. පුවතක්: අනුරුද්ධ ප්‍රදීප්ව වහාම ක්‍රියාත්මක වන පරිදි රැකියාවෙන් එළියට දමා තිබේ
    මචන් හරියටම අවුරුදු දෙකකට පස්සේ මේ ලිපිය කියවන කොට උඹට මොකද හිතෙන්නේ..?

    :)

    ReplyDelete
    Replies
    1. උන් කොහොමටත් දිනලා ඉවරයි. මට පස්සේ තේරුණා මම සර්වත්‍ර කුලකෙනුත් පිට කියල.
      -අනුරුද්ධ ප්‍රදීප්

      Delete