Sunday, May 1, 2011

මගේ ජිබ්බා - විමල්ගේ මූන්.....

මා කුඩා කල මගේ මව හා පියා සමඟ වසර කීපයක් මිනිස් වාසය ඉතා අඩු පෙදෙසක ජීවත් වූවා මතකය. තරමක් දුර ගෙවා ගිය පාසලේ මිතුරන් කිහිප දෙනෙකු හැරෙන්නට වෙනත් කිසිදු මා වයසේ මිතුරෙකු හෝ සහෝදර සහෝදරියක මා හට නොවී.

එබැවින්දෝ මා එකල මිතුරෙකු තනාගෙන සිටියෙමි. හේ අජීවීය. නම 'ජිබ්බා' ය. එය අඟල් අට දහය පමණ ප්‍රමාණයේ සැහැල්ලු පිටපළු කැබැල්ලකි.

බෝනික්කෙකු හෝ සුරතල් සතෙකු වෙනුවට පිටපළු කැබැල්ලක් මගේ මිතුරා කරගත්තේ ඇයිදැයි අදද මා හට නිශ්චිත අදහසක් නැත. නමුත් එම පිටපළු කැබැල්ලට විවිධ හැඟීම් කැවීමට මා හට හැකියාව තිබිණි. 'ජිබ්බා' ගේ මුහුණ එහි සමතල පැත්තේ මා විසින් පාට කූරකින් අඳින ලද්දකි. එය දිනකට කිහිප වතාවක් වෙනස් වේ. රාත්‍රීයේදී ඇස් පියවීමට මා අමතක නොකළෙමි. පාසලේ ගත කරන කාලය හැරුණු විට අන් සියළු වෙලාවන්හිදීම 'ජිබ්බා' මා අසල විය. මා බාලාංශයේ සිට පළමු ශ්‍රේණියට සමත් වන විට 'ජිබ්බා' ද සමත් විය. ඒ මට තරම්ම දැනුමක් 'ජිබ්බා' ටද තිබූ බැවිනි.

බොහෝ දිනයන් හිදී, නින්දට ප්‍රථම මගේ කොට්ටය අසල නිදන 'ජිබ්බා' ගේ පොරෝණය සකසා ඌ මතින් අතක් දමා කුප්පි ලාම්පුව අසල මානන හූණන් ගණන් කරමින් නිදිසුව වැළඳගත් ඒ සුන්දර රාත්‍රීන් දැනුදු සිහිපත් කරන්නේ ගැඹුරු සුසුමක් සමඟිනි.

මෙවර 'ජිබ්බා' මතක් වූයේ මෙම ඡායාරූපය දැකීමෙනි. ඇත්ත සතුන් සමඟ ගණුදෙනු කිරීමට වඩා, තමාට අවශ්‍ය පරිදි සතෙක් හදාගෙන ගණුදෙනු කිරීම කෙතරම් පහසුද? කොහොමටත් ඊනියා දේශප්‍රේමයක් ගැන ‍බෙල්ලේ නහරවැල් උලුප්පාගෙන බෙරිහන් දෙන විමල්ට වඩා, මේ පඹයන් සුරතල් කරන විමල්ට මා කැමතිය. ඒ මගේ සුන්දර ළමා විය සිහිපත් කරවන බැවිනි.

ඡායාරූපය උපුටා ගැනීම - Lanka C News

17 comments:

  1. ​මගේ යාලුවා උනේ "බයියා". මේකා අම්මාගේ පරන ජර්සියක නූල් ඇදීමෙන් සාදාගත් යාලුවෙක්. නරකම​​දේ උනේ හෝදන්නවත් මේක මගෙන් අයින් කරනවාට අකමැති වීමයි..

    මේ යාලුවන් නැතිවීමේ මානසික තත්වයක් බව දැනගන්තේ පසුවයි.

    ප.ලි.

    දැන්නම් අපි ජිබ්බා කාඩ් එක තියෙන්නේ සෑහෙන සයිස් යාලුවෙකුට.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙකුගෙ පුතෙකුත් මේ වගේ වැඩක් කරනවා. එයාගෙ අම්මගෙ පරණ රාත්‍රී ඇඳුමක් (නයිටියක්) හැම වෙලාවෙම ලඟ තියාගෙන ඉන්නේ. ඒකට කියන්නේ “ගිනිටීටා“ කියලා. කොහොම හදාගත්තු නමක්ද කියලා මගේ යාළුවා වත් එයාගෙ බිරිඳවත් දන්නෙ නෑ. ඒ ගිනිටීටාවත් හෝදන්නෙ මෙයාට නින්ද ගිය වෙලාවක බොහොම හොර රහසේ.

      ඒකත් ඔයාගේ “බයියා“ වගේමයි....

      Delete
  2. රොබෝලා විසින් පඹයන් හුරතල් කිරීමක්...

    ReplyDelete
  3. පව් බන් විමලයා,පඹයෙක්ට කියලා වන්දගෙන ආතල් එකක් ගන්නවා.පොඩි එකාගෙ ආසාවනෙ ඉතින්.

    ReplyDelete
  4. මගේ මිතුරෙකුට ඉතා අපූරු ජිබ්බෙක් විය. ඔහුගේ ජිබ්බා වූයේ පේර කෝට්ටක් පින්තාරු කොට තනාගත් හුරු බුහුටි කුඩා බස්තමකි.

    විමල් පඹයෙක් හුරතල් කිරීමේ වරදක් මට නොපෙනන මුත් විමල්ගෙ ගිරිය පුප්පා කෑ ගැසීම පඹයා හුරතල් කිරීමට වඩා මට අගනේය. ඔහුගේ ගිරිය විසින් අපිට ලබා දී තිබෙන්නේ සුළු පටු දෙයක් නොවේ.
    මහින්ද ජනාධිපති වීමට සහ කොටි පරාජය වීමට විමල්ගේ ගිරිය වඩාත්ම තීරණාත්මක සාධකයක් වූ බව පිලි ගැනීමට අකමැති වන්නෝ කුහකයෝ සහ කොටි හිතකාමින් වන්නහුය.

    ReplyDelete
  5. විමල්ගේ ගිරිය වත්මන් දේශපාලන වාතාවරණය සකස්වීමේදී අතිශය තීරණාත්මක වූ බව ඉත සිතින් පිළිගනිමි. එහෙත් මා එයට කැමති නැත.
    විමල්ට අකමැතිවීමම, කොටි හිතකාමීකමක් බවට පත්වීම වැනි අතිශය අන්තවාදී තැනකට ලංකාව පත්වීමට විමල්ලා ප්‍රබල කාර්ය භාරයක් කලහ.

    ReplyDelete
  6. කොටි පරාජය වීමෙන් හෝ මහින්ද ජනපති වීමෙන් රට හෝ ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වේද?
    නැතිනම් ජාතිවාදීන් ජයග්‍රහණය ලබා උන්ගේ තක්කඩිකම් සදාකාලිකව වසා ගැනීමට කොටි පරාජය කියන තැටිය උදේ හවස වාදනය කරන්නේද යන්න ඔඵ ගෙඩියක් ඇති මිනිසුන් සිතා බැලිය යුතුය.

    ReplyDelete
  7. @charmi
    ඔබ අකමැති විමල්ටද නැත්නම් විමල්ගේ දායකත්වයෙන් ඇතිවී තිබෙන වත්මන් දේශපාලන වාතාවරණයටද? බොහෝ අය අකමැති වත්මන් දේශපාලන වාතාවරණයට නොව විමල්ට බව මගේ හැඟීමයි. ඒ සඳහා පදනම ලෙස මම දකින්නේ ඔහු ඔහුගේ ගිරිය හරහා උපයා ගත් ජනප්‍රිය බව යයි සිතමි. මහින්දට සහ ගෝඨාබයට නැති විවේචනයක් විමල්ට එල්ල වන්නේ එබැවිනි. කෙසේ වෙතත් යුද්ධය දිනූ රටක් උරුම වීම යමෙකුගේ අසතුටට හේතු වේනම් ඔහු කොටි හෝ ඒ සමාන තලයේ සා සැලකීම අන්තවාදයක් නොවේ. එය යථාර්ථයට එකඟ වීමකි.

    ReplyDelete
  8. @Annonymous
    මහින්ද ජයග්‍රහණය කිරීම සහ කොටි පරාජය වීම සෙතක් නොවූයේ ඇට මිදුලු වල පවා යූ.එන්.පී. කමත්, ජේ. වී.පී. කමත් , ටී. එන්. ඒ. කමත්, එන්. එස්. එස්. පී. කමත් ඇති ඔලු ගෙඩි තිබෙන නුවණැත්තෝ වෙති.

    ReplyDelete
  9. add to isthoeppuwa's comment : කොටි පරාජය වීම සෙතක් නොවූ තව දෙපිරිසක් තමයි මේ
    1.ආයුධ ජාවාරම්කරුවන්
    2.යුද්ධය පෙන්නල බටහිර රටවල දේශපාලන රැකවරණ ලැබූවන්
    3.ලංකාව රටවල් දෙකක් වනු දැකීමට කැමති දෙස් විදෙස් (නො)මිනිසුන්

    ReplyDelete
  10. විමල් යනු දේශපාලන රිලවෙකි. ඌ නටන්නේ රාජපක්ශ රිලා නැට්ටුවාගේ සිතැඟි ඉටුවෙන්නටයි. නටමින් ලොකු කොන්තරාත්තුවක් දෙකක් කඩාගෙන මුනුබුරන්ටත් එක්ක හම්බුකොට තැබීම උගේ එකම ප්‍රාර්ථනයයි. මේ ප්‍රාර්තනාව ඉටුකර ගැනීමට ඌ ඕනෑම පහත් වැඩක් කරනු ඇත. ඒ උගේ ජන්ම ස්වභාවයයි

    ReplyDelete
  11. 71 ගල් කටස් අරන් පොලිසි වලට ගහල විප්ලව කරන්න ගිහින් ඇන ගත්ත JVP එකයි , 88-89 ඊට වැඩ පොඩ්ඩක් දියුණු විදියට එත් කිසි වැඩකට නැතිව රටේ බුද්ධිමත් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් තමන්ගේ නායකයෝ රොත්ත බුරුත්ත එක්කම මරවා ගත්ත JVP එකයි , ඒ දෙකෙන්ම පස්සේ 94 ඉඳන් මොඩර්න් විදියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට දියුණු ප්‍රචාරණයාන්ත්‍රණයක් තුලින් ස්මාර්ට් විදියට ගොඩනැගිච්චි ජ්ව්ප් එකයි කියන්නේ වෙනම සමාජයීය මනෝභාවයන් 3 ක්.

    94 ඉඳන් 2006 වෙනකල් තිබ්බ මධ්‍යම පන්තික අර්ධ නාගරික ජනතාවගේ ජන කැමැත්ත දිනාගත්ත JVP එක බින්දුවේ ඉඳන් ගොඩ නැගුවේ විමල් (99% ක් ම). ප්‍රචාරක ලේකම් හැටියට වගේම හිටපු මාධ්‍යවේදියෙකු හැටියට – චතුර කථිකයෙකු හැටියට ජනතාවට ආමන්ත්‍රණය කරලා (උගුර ලේ රහ වෙනකල් කතා කරලා) රටේ දේශපාලනික සුළඟ හමන අතට පොඩ්ඩක් උපාය ශීලීව හැරිලා අවශ්‍ය වෙලාවේදී මහින්දව කරේ තියන් දුවල තියන්න ඕන තැනින් තිබ්බේ විමල්. මහින්ද නිවැරදි කෙලින් තීන්දුවක් අරන් ත්‍රස්තවදේ ඉවර කරන කොට කකුලෙන් ඇද්ද අනුර දිසානායකලා අර හැදිච්ච jVP එක විනාස කර ගත්ත. එතකොට 2006 ඉඳන් දැන් තියෙන්නේ අර මුලින් කියපු සමාජ මනෝභාවයන් 3 ටම වඩා වෙනස්, කොටින්ම කියනවනම් සමාජ මනෝභාවයක් නැති ඔලුව උදුම්ම ගත්ත නන්නත්තාර වෙච්ච කිසි ප්‍රතිපත්තියක් නැති නායක නිලධාරී වාදී මනෝභාවයක් විතරයි. ඉතින් ඒ අතරේ තමන් කරේ තියන් දුවල රජ කරවපු මහින්දත් එක්ක දුවන බස් එකේ එල්ලිච්චි විමල් දේශපාලනිකව උපයශීලියි. නිවැරදියි. පෞද්ගලිකවත් තමන්ගේ ප්‍රතිරූපයක් දේශීය අනන්‍යතාවයක් ජාතික මට්ටමේ නායකත්වයක් හද ගත්ත එකත් සාර්ථකයි. නිවැරදියි.

    කෙනෙක් වෛද්‍ය විද්‍යාලෙකට යන්නේ දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරු පීඨයට යන්නේ ඉංජිනේරුවෙක් වෙලා එලියට එන්න. රියදුරු පුහුණු පාසලකට යන්නේ රියදුරෙක් වෙන්න. ඒවගේම දේශපාලනේට එන්නේ ජනතා නියෝජිතයෙක් වෙලා, මන්තිරි කෙනෙක් වෙලා, ඇමති කෙනෙක් වෙලා, අගමැති කෙනෙක් වෙලා පුළුවන් නම් කවද හරි රටේ නයත්වයට පත්වෙන්න. අඩු ගානේ තමන්ගේ පක්ෂේ මතවාදයවත් රටේ නයත්වයට පත් කරන්න.

    අද JVP එක ඒවා ඔක්කොම අමතක කරලා පෝස්ටර් ගහන්න වැඩ වර්ජන කරන්න පිකටින් කරන්න කකුලෙන් අදින්න, විශ්ව විද්‍යාල ළමයින්ව යොදවල ස්ටේජ් ගහගෙන පෝස්ටර් ගස්සාගෙන උන්ගේ ජීවිත අවුල් කරන (අවුරුදු 30 විතර වෙනකල් උන්ට විශ්ව විද්යාලෙම නාකි වෙන්න ඉඩ අරින) වල්මත් වෙච්ච වැඩ කරනවා මිසක් අඩු ගන්නේ තිබිච්ච මන්ත්‍රී ධූර ටිකවත් රක ගන්න බැලුවේ නැහැනේ. (ඒ අස්සේ අර ප්‍රතාපවත් විදියට ගෞරවාන්විත විදියට ඉන්න තිබ්බ සරත් පොන්සේකා වගේ අයව කුලප්පු කරලා දේශපාලනේට අදාල දල වල්මත් කරලා නන්නත්තාර කරලා දැම්ම. පස්සේ තමන්ගේ නයයව ඇතුළු දහස් ගානක් මරපු හූ ඇන පියෙ ස්ටේජ් එකේ එකට ලැග්ග ) ඉතින් කොහොමද ඒ පක්ෂයවත් පුද්ගලයෝවත් මතවාදයවත් රටේ බලයට එන්නේ. ජනතාවට සේවයක් කරන්නේ?

    හැබැයි විමල්ගේ පක්ෂේත් තව මන්තිරි ධූර අඩු ගානේ 10 – 20 ක් වත් ගන්න මහා චන්දෙදි උපායශීලිව ප්‍රයෝගිකව වඩා කලානම් මීට වඩා රජය ඇතුලේ තීරක බලවේගයක් වගේ ඉන්න තිබ්බ. දැන් ඉතින් අර මහින්ද ගේ තියෙන පෞද්ගලික ගෞරවය ආදරය පවුලේ කෙනෙක් වගේ ඉන්න කම නිසාත් විමල් ඇමතිතුමාගේ personal skills නිසාත් කෙරෙන වන් මෑන් ෂෝ එකක් වගේ තමයි මේක යන්නේ. අනික වටේ ඉන්න අය තවම පොඩි ළමයි වගේ. මෙන්න මේව නිවැරදි කරගෙන ගොඩ නගා ගත්තොත් රටේ බලයට එන එක කෙසේ වෙතත් JNP එක ලංකාවේ තවත් වැදගත් තීරණාත්මක දේශපාලනික පක්ෂයක් බවට පත්වෙලා ආණ්ඩුවකට බල පෑමක් කරන්න පුළුවන් ආණ්ඩුවකට මග පෙන්වීමක් කරන්න පුළුවන් ප්‍රගතිශීලී බලවේගයක් වෙන්න පුළුවනි. මෙහෙම වෙනම මැයි දින පෙළපාලියක් අපු එක හොඳ ආරම්බයක්. විමල් ඇමතිතුමා නිවාස අමත්යන්සෙන් රට ජනතාවට වැඩක් කරන ගමන් මහින්දට අවශ්‍ය සහය දෙන ගමන් පක්ෂයක් විදියටත් ගොඩ නැගුනොත් තමයි දේශපාලනිකව තවත් නිවැරදි වෙන්නේ. තවම රටේ ප්‍රගතිශීලී මිනිස්සුන්ට තමන්ගේ කියල කියන්න පක්ෂයක් නැහැ. ඔය ප්‍රගතිශීලී මිනිස්සුන්ගේ හිතේ මහින්දට ගොටට බසිල්ලට නාමල් ලට තියෙන ගෞරවය මැරවින් සිල්වල සහ ගම් වල ඉන්න කුපාඩි ශ්‍රී ලංකා කාරයෝ ගැන නැහැ. අන්න ඒ ප්‍රගතිශීලී මිනිස්සුන්ගේ නියෝජනය වෙන්න අන්න ඒ රික්තක පුරවන්න පුළුවන් දේශපාලනීය ව්‍යාපාරයකට තවමත් රික්තයක් තියෙනවා. එක කරන්න දැන් JVP එකේ සෝමවංස පප්පටවත් රවීගේ පදේට නටන අනුර දිසනයකලටවත් ටින් ටින් සිල්වලටවත් බැහැ. කොහොමත් රනිල්ලාට සජිත්ලට රෝසිලට ඒ වගේ මිනිස්සුන්ගේ මනාපයක් නැහැ. ලාල් කන්තල බිමල් රත්නායක ල වගේ යම් කිසි කොලිටි එකක් තියෙන අයට අද JVP එකේ තැනක් නැහැ. ඉතින් ප්‍රගතිශීලී සාමාන්‍ය ජනතාවක් බලාගෙන ඉන්නවා කවුරුහරි නිවැරදිව ඒ මතවාදය නියෝජනය කරන්න නායකත්වය දෙනවනම්. රජයේ ඉන්න ගමන් අර තොන්ඩමන් ල හකීම්ලා දිගම්බරම් ල තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් පොඩි අනන්‍යතාවයක් රැකගෙන ඉන්නවා වගේ විමල් ඇමැතිතුමාටත් JNP එකේ අනිත් නායකයන්ටත් අලුත් නැවුම් නායකයන්ටත් තමන්ගේ දේශපාලනික අන්නන්යතාවයක් හද ගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  12. naraka lamaya ඔබත් සමග එකගයි.වෙලාවක් තියෙනව නම් මෙන්න මේකත් බලන්න.
    http://meeghaya.wordpress.com/2011/04/07/2011-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2-%E0%B7%80%E0%B7%92-%E0%B6%B4/

    ReplyDelete
  13. 'JNP' ehema pakshayak lankawe theyanawadha???

    ReplyDelete
  14. ටොම් හෑන්ක්ස් රඟපාන කාස්ට් එවේ චිත්‍රපටියේත් දුපතක හිරවෙන මිනිසෙක් මේ ආකාරයේ ජිබ්බෙක් හදාගන්නවා.
    මේක අනාථ බවේ සලකුණක්.

    ප/ලි
    Reargate එකේ RSS ෆීඩ් අප්සෙට් ද? මගේ රීඩර් එකේ අප්ඩේට් වෙන්නේ නෑ.

    ReplyDelete
  15. mata nam ithin danatath jibbek innawa. eka nathnam ninda yanneth ne

    ReplyDelete
  16. ජේ වී පී එක ගැන මට තිබෙන ලොකුම විවේචනය උන් බලාපොරොත්තුවෙන ඊනියා සමාජවාදය තුල මිනිස්සු සත්තු බවට පත් වෙන එකයි.පක්ෂෙක රූකඩ වෙන එකටයි.ජේ වී පී කාරයො තමන් බුද්ධිමත් කියල හිතුවට උන් ගෙ මෝඩකම ප්‍රමාන කරන්න තරම් ලෝකෙ කිසිම භාෂාවක වචන පොහොසත් නෑ.

    1971 දි ආන්ඩුව පත්වෙලා ඒ උනුසුම යන්නත් එක්ක වලිප්පු විප්ලවය කරල 1987 දි ලංකාවෙ විතරක් නොවෙයි ඉන්දියන් හමුදාවටත් එරෙහිව ගල් කරස් අතට ගත්ත මේ මෝඩයො 2004 දි සංධාන ආන්ඩු වෙන් අයින් වෙලා තමන් වහන්සේලා මෝඩකම අතින් අසමසම බව ලොවටම පෙන්නුවා.නමුත් විමල්ට මේක තේරුනා.එදා ජේ වී පී එක අයින් නොවුනානම් අද ආන්ඩුවෙන් බාගයක්ම ජේ වී පී.
    ජේ වී පිය අනාගන්න ඇත්තෙ මාක්ස්ගෙ න්‍යායක් නිසා කියල මට හිතෙනව.
    නිරන්තර ගැටුම් නිසා සමාජය් වෙනස් වෙනව කියනවනෙ.ඒ අනුව 1971 දි ජනතාව තමන් 1970 දි පත් කරපු ආන්ඩුව ප්‍රතිගාමී බව තේරිලා ජේ වී පී එක පසුපස රොද බදීවි කියල හිතුව.

    1987 දිත් එහෙමයි.2004 දි මහින්ද යුද්දෙ අනාගත්තට පස්සෙ නිරන්තර ගැටුම නිසා ජනතාව ජේ වී පී එක පසුපස එයි කියල හිතුව.නිරන්තර ගැටුම කෙසේ වෙතත් එදා වුනත් සන්ධානෙට එරෙහිව ජනතාවට තිබෙන විකල්පය යූ ඇන් පිය.ජනතාව කවදාවත් න්‍යායාත්මකව ප්‍රශ්න දෙස බලන්නෙ නෑ.පොත් වල ඒව සමාජයට ගෙඩිය පිටින් ආදේශ කරන්න ගිහිනුයි ජේ වී පිය හැමදාම නාගන්නෙ.

    ReplyDelete