Tuesday, February 22, 2011

හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි...

මෙය මගේ බිරිඳ විසින්, අප විවාහයට පෙර පෙම්කල අවධියේ මා වෙත ලියා නොඑවන ලද ගීතයකි.


හද සැලෙනා ලා දල්ලයි....
ඔබ සීතල සුළඟයි....
හද ගලනා දිය ඇල්ලයි...
ඔබ සාගර යහනයි...
ඔබමය සතුටද... ඔබමය කඳුලද...
ඔබමය ලොවම මගේ.....

ඔබමය දියවර - තාපය නිමකල
මා දිවි උයන දැවූ.......
ඔබමය පණනල.... සුරකින නලවැල්....
ඔබමය මිහිමත - සැනසුම, සහනය
මා....... දිවියේ......
පිවිතුරු සිහිනය.

හද සැලෙනා ලා දල්ලයි....
ඔබ සීතල සුළඟයි....

ඔබමය දිනකර - මාවත ගණඳුර
බිඳහැර එළිය මැවූ......
ඔබමය ඉසිවර - බිඳි හද සුවකල...
ඔබමය සිත නිති... අයදින දෙව්රුව
ආදරයේ......
පිවිතුරු සිහිනය.

හද සැලෙනා ලා දල්ලයි....
ඔබ සීතල සුළඟයි....
හද ගලනා දිය ඇල්ලයි...
ඔබ සාගර යහනයි...
ඔබමය සතුටද... ඔබමය කඳුලද...
ඔබමය ලොවම මගේ.....

එයට ප්‍රධානතම හේතුව, එවක මෙම ගීතය නිකුත් වී නොතිබීමයි.

ඊයේ මෙම ගීතය කිහිප වරක් ප්‍රතිවාදනය වීමට සලස්වා මා වෙනත් කාර්යයක යෙදී සිටියදී
‘මොන කරදරයක්ද අනේ......’
කියමින් ඇය විසින් පරිඝනකය නිවා දැමුවාය.

හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි.......!!
පින්තූරය ගත්තේ 'මන්දාකිණී' යෙන්...

26 comments:

  1. මං ‍බො‍හොම ආස කරන සිංදුවක් අයියා....... හරිම ආසයි.......

    ‍බො‍හොම අර්ථවත් දැ‍නෙනවා හදවතටම..........

    ReplyDelete
  2. ඕවා ගණන්ගන්ට එපා අයියා :D

    ReplyDelete
  3. සිංදුවනම් ලස්සනයි. ඒත් ඔයාගෙ නෝනට ඒ වගේ ලස්සන සිංදුවක් වුණත් කරදරයක් විදියට දැනෙන්න තරම් එපා වෙලා වගේ ඔයත් එක්ක පවුල් කාලා.. :)

    ReplyDelete
  4. ඔලුව බේරගිනින් සහෝ......යකඩේ රත් වෙලා තියෙන හැඩයි......

    ReplyDelete
  5. @ හා පැටික්කි (MS),
    ස්තුතියි නංගී. ඇත්තටම ලස්සනයි....

    @ පූසා ,
    තැන්කූ.... ඒත් කවදහරි පූසි ගොරෝපු දාට තේරෙයි හොඳේ....

    @ ``` Outsider```
    ඒ උනාට එයා දීපිකාගෙම බොරළු ඇනෙන ඒවා පැල් බැඳගෙන අහනවනේ සහෝ.... මේ සින්දුවත් එක්ක තියෙන ඔරොප්පුව මොකක්ද කියලා මං හිතන්නේ... :D

    ReplyDelete
  6. සිංහල වදන් බලය............... :)

    ReplyDelete
  7. @ Heeniyata,
    අත්දැකීම් තියෙනව වගේ...

    @ RanDil ,
    ඇත්ත. මට තාම හොයාගන්න බැරිඋනා දේ වචන කාගෙද කියලා... මං හිතන්නේ ඒ වචන හොඳටම පණ ගහල එන්නේ මේ අපූරු මියුසික් එකත් එක්ක.

    ReplyDelete
  8. මං මේ කල්පනා කරේ නෝනට තරහ ගියෙ මොකෝ කියල, මම නං කැමති දේශපාලන හෙවනැල්ල නැති මේ වගේ ලිපි වලට තමා. ඇත්තටම චාමි ලස්සන සිංදුවක් තෝරගෙන තියෙන්නෙ.

    ReplyDelete
  9. හිතට දැනෙන හුඟක්ම දැනෙන සින්දුවක්. දීපිකාගෙ හඬ නම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
  10. ජීවිතය ඔහොම තමයි .. මම හිතාන උන්නේ චාමිය ට බ්ලොග් ලිවිල්ල එපා වෙලා දෝ කියල... බලන් ගියහම චාමිය මිසිස් චාමිට බයෙන් වගෙයි...

    විවාහයෙන් පස්සේ
    මෙහෙම වෙනස් වුනොත් ....

    හද සැලෙනා ගිනි දල්ලයි
    ඔබ දුම්මල අල්ලයි
    හද ගලනා කඳුලැල්ලයි
    ඔබ මුසාවදන් තෙපලයි
    ඔබමය ගිණිකන
    ඔබමය කට සැර
    ඔබමය ලොව නැති කලේ මගේ

    ReplyDelete
  11. ඌප්ස්....කථානායකතුමිය ආණ්ඩු පක්ශය කෙරෙහි උදහස් වෙලා වගේ....එහෙම තියෙද්දි දැයට කිරුල පෙන්නනවා වගේ සින්දු රිපීට් වෙන්න දාල හරියන එකක් නෑ....සතුටුයි චාමි අතුරුදහන් නොවී සිටීම ගැන....
    ඔය ගීතයෙ පද රචනය කුලරත්න ආරියවංශ,සංගීතය සුරේශ් මාලියද්දගෙන්.

    ReplyDelete
  12. ඔව්වයෙ හැටි වෙන්න ඕනි...

    ReplyDelete
  13. "පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා", කියන්නේ‍‍‍....
    තව අර "පහු වෙනකොට ආදරේ පෑල දොරෙන්ද මොකෙන්ද එකෙන් හඳපානේම පැනලා යනවා", වගේ කියන්නේ.... ඕකට වෙන්ඩෑ...

    අපිනම් පෑල දොර වහලම දැම්මා ආයේ කවදාවත් අරින්න බැරිම වෙන්න.....

    ReplyDelete
  14. අම්මෝ බැන්දට පස්සේ එච්චර චා වෙනවද ?

    එහෙනම් බඳින්නේ නැතුව ඉන්න එක හොඳයි වගේ :O

    හේ හේ

    ReplyDelete
  15. කාලා වරෙංකෝ...
    පවුල හිතන්න ඇති..
    "හුම් හිතාගෙන ඇති අපි ඔහොම කයයි කියලා..මල විකාර"....

    ReplyDelete
  16. හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි.......!! මේ මිනිහ හීනෙන් බයවෙලාද කොහෙද,පිස්සු.........එහෙම නේද නෝනා හිතන්න ඇත්තේ.

    ReplyDelete
  17. ගීතයට ස්තුතියි මචං. අන්තිම වාක්‍ය දෙක තුන තමයි ඇන්නෙ. දැන්නං බඳින්නත් නිකන් මොකද්ද වගේ.

    ReplyDelete
  18. සමස්ථ සිද්ධියෙන්ම ගත හැකි නිගමනය වනුයේ චාමි විවාහ වී අවුරුද්දක් හෝ ඊට වඩා ගත වී ඇති බවයි....ඒක එහෙමනං පොඩ්ඩක්වත් ගනන් ගන්න එපා, ඔය හැසිරීම බොහොම සාමාන්‍යයි.....

    ReplyDelete
  19. @ හරී - පිණිපළස,
    ඒකම තමා මමත් හොයන්නෙ..... මට හි‍තෙන්නෙ මම ඒ සින්දුවට 'කැමති එකට' එයා අකමැතිද?

    @ පිණිබිඳු...,
    ඇත්ත.

    @ සොඳුරු සිත,
    අපොයි බයම... නෙමේ.
    "ඔබමය ලොව නැති කලේ මගේ" මං හිතන්නෙ මේක අපේ රටේ (ලෝකෙ කොහොමද දන්නෙ නෑනෙ)ගෑණු පිරිමි වෙනසක් නැතුවම වැඩිපුරම කියවෙන වාක්‍යයක්. ඕක ගැන පොඩි අදහසකුත් තියෙනවා. හිමීට ලියන්නම්කො...

    ReplyDelete
  20. @ මද්දු,
    පිස්සුද මචං... මේ දවස්වල දැයට කිරුළ නෙමේ. ගමනැගුම. හෝ ගාල කොන්ක්‍රීට් අනනවා....
    ස්තුතියි සින්දුව ගැන තොරතුරු වලට.

    @ පිස්සා පලාමල්ල,
    ඒක හොඳ කතාව... එතකොට හිත හදාගන්න ලේසියි. :D

    @ ෴ හසියා ෴ ,
    ෂහ්.. කෝමද කලේ? මොකක් උනත් නියම වැඩක් වෙන්න ඕනෙ.

    @ Kalu Pusa,
    හපොයි ඔච්චර බය වෙන්ඩ එපා... බැන්දට පස්සෙ ලව් කරපු කාලෙ ලියලා නොඑවපු සින්දු නාහා හිටියාම හරි.

    ReplyDelete
  21. @ මාරයා,
    බොලේ හැබෑට...
    හැබැයි ඕකේ අනිත් පැත්තදත් මන්දා....
    "මෙච්චර මේක අහන්නෙ මොකෙක් හරි එකියක් ඔහොම කිව්වා වත්ද?..." :D

    @ sithuwilimandiya,
    ෂහ්... ඔය හීන කතාව දැන්නේ අහුඋනේ....
    මෙහෙම හිතුවද දන්නෙත් නෑ.
    "මේ මිනිහගේ හීනෙ ඕකයි එහෙනං....." :D
    (හප්පා.. මේ පෝස්ට් එක එයා කියවපු දාට මාව අර කොන්ක්‍රීට් බලකායට දාපං මචං)

    @ පිටස්තරයා,
    අපොයි ගණන් ගන්න එපා සහෝ. කලු පූසට කිව්වා වගේ 'බැන්දට පස්සෙ ලව් කරපු කාලෙ ලියලා නොඑවපු සින්දු නාහා හිටියාම හරි.'

    ReplyDelete
  22. @ දිනිත්,
    බලං හිටියා වගේ කිව්වනේ අප්පා...
    මෙහෙමයි. අවුරුදු ගාන... කොහොමහරි පුංචි පහේ (1 වසරේ) දුවෙක් නං ඉන්නවා.

    ReplyDelete
  23. වයිෆ් හරියට හරි !!! ඇත්තනෙ කියලා තියෙන්නෙ. මටත් කියන්ඩ තියෙන්නෙ 'මොන කරදරයක්ද බන්......’කියලා. ;)

    (සමාවෙනඩ ඕනෙ මෙහෙම කිව්වට. දීපීකා මා අකමැතිම ගායිකාවකි :D මේ සින්දුව වෙන කවුරුහරි කිව්ව නම් හරිම ලස්සන වෙන්ඩ තිබ්බා. ලස්සන ටියුන් එකක්....)

    ReplyDelete
  24. සින්දුව ගොඩක් ලස්සනයි මම මේක හරියට ඇහුවේ අද. සමහර වෙලාවට අතිරසත් තිත්ත වෙනවා . අපි හැමෝටම එහෙම තරහ ගිය වෙලාවට හැම දේම එපා වෙනවා .නෝනගේ තරහ නිවිලා ගියාම ආයේ සින්දුව ප්ලේ කරන්න .

    පරන හැඟීම් අලුත් කරගන්න ....

    ජය වේවා !!!

    ReplyDelete
  25. @චාමි
    මෙහෙම කරමු

    ඔයා ඔය දීපිකාව ටික දවසකට රිප්ලේස් කරලා ජොලි සීයව ගේන්න.

    මගෙ නෝනෝ...
    විගහට වරෙන්කෝ බං
    අපි මේ සින්දුව කියන ගමන් අනෙ
    නටන්න බලංකො දැන්..

    මගෙ නෝ නෝ ඕ ඕ ඕ ඕ................................................

    නැත්නම් එහෙම අමාරුම වගේ නම් ,

    සතුට සුරංග වගේ වනිතා වොයිz එකකින්

    මල් හිටවන්නත් පුළුවන්
    වල් ගලවන්නත් පුළුවන්

    වගෙ තැටියක් දැම්මොත් වැඩේ ගොඩ දමා ගන්න පුළුවන් වේවි!
    :))))

    ReplyDelete
  26. එකම සින්දුව කීප වරක් ඇහෙනකොට එපා වෙන්නැති

    ReplyDelete