Monday, January 24, 2011

‘කතන්දර දහසක්’ අතුරුදන් කොට වසරකි.

මම කතන්දර ලියන්නෙක්මි. කතන්දර වලින් මනිතොත්, මට අනුව මිනිස් ජීවිතයක් යනු කතන්දර දහසකි. හරියටම මෙයට වසරකට පෙර කතන්දර දහසක් හදිසියේම අතුරුදන් කෙරිණි.
එලෙස අතුරුදන්වූ පළමුවැන්නා ඔහු නොවේ. මෑත ඉතිහාසය තුල උතුරේ සහ දකුණේ මෙලෙස අතුරුදන් වූවෝ ලක්ෂ ගණනකි. කතන්දර මිලියන ගණනෙකි. අවසානයාද ඔහු නොවේ.
මොනම කරුණක් නිසාවත් මිනිසෙකු අතුරුදන් වනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට මා කැමති නැත. ඒ, මා මෙන්ම ඔහු/ඇය ද කතන්දර දහසක්ම වන හෙයිනි.
අතුරුදන් වූවෙකු ගැන අතුරුදන් නොවූවන් කතා නොකරන්නට හේතු බොහෝ තිබිය හැකිය. ප්‍රමුඛ හේතුවක් වනුයේ ඔහු/ඇය ගැන නොදැනීමයි. එය සාමාජීය යයිද සිතමි.
ප්‍රගීත් ගැන දැනගන්නට මා ඔබට ආරාධනය කරමි.
මිනිස් ජීවිතයක් ගොඩනගාගැනීම අසීරු මෙන්ම වෙහෙසකර කටයුත්තකි. එමෙන්ම මිනිසෙකු පිළිබඳව දැනගැනීමද අසීරු මෙන්ම වෙහෙසකර අභ්‍යාසයක් වෙයි. මා මේ පෝස්ටයට එක්කර ඇති pdf ඇමුණුමද එවැන්නක් යයි සිතමි. එය තරමක් දීර්ඝය. කියවීම වෙහෙසකර වීමටද පුළුවන. තම අතුරුදන්වීමෙන් වසරක් සපිරෙනදා බ්ලොගයක දැමීමට ලියූවක් නොවන බැවින් හැඟීම්බරද නැත. එහෙත් එය ‘තමා කවුදැයි සොයා යන’ මිනිසෙකු විසින් ලියූවකි. එබැවින් අප සමාජ අවකාශයට අහිමිවූ කතන්දර දහසම එහි ගැබ්ව ඇතැයි සිතමි.
“අප කවුද?” මැයෙන් යුතු මෙය මීට පෙර කිසියම් මාධ්‍යයක පළව ඇතිදැයි මා නොදන්නා අතර, අතුරුදන්වූ ප්‍රගීත් එක්නැළිගොඩ විසින් එක්තරා සඟරාවක පළකිරීම පිණිස මා මිතුරෙකු වෙත එවන ලද්දකි.
View and Download - අප කවුද? - ප්‍රගීත් එක්නැළිගොඩ (pdf)

26 comments:

  1. කමෙන්ට් එකක් ලියන්න නම් ටිකක් කල් ඕන වෙයි වගේ.... ඇත්තම කියනව නම් මට නම් ඒ ලිපිය කියවන්න වෙන්නෙ බලෙන්.. පුද්ගලිකව මම කියවන්න අකමැති ජාතියෙ ලිපියක්...ඒත් බලමු කියවල (අකමැත්තෙන් වුනත් )

    ReplyDelete
  2. මා නොදන්නා හේතුවක් මත Google Docs වල සෘජු බාගත කර ගැනීමේ සබැඳිය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ.
    මෙය බාගත කර ගැනීමට අවශ්‍යනම් කරුණාකර Google Docs හි File > Download original භාවිතා කරන්න

    ReplyDelete
  3. අතුරුදහන් වුණේ නෑ. අන්ඩර් ග්‍රවුන්ඩ් ගියා.

    ReplyDelete
  4. ඔහු විසින් කරනා ලද දේවල් වල පලය ඔහු ලැබුවා මම නම් හිතන්නෙ ඒකයි. කාට උනත් මඩ ගැසීම හොඳ දෙයක් නෙවි. එලෙස කරන්න පෙර හිතන්න තිබ්බා. බොරු ඇද බාලා ඔය තත්වෙට පත් වුන එක ඔහුගේම වරදක්. ඔහුට කල දේ හරි යයි නොපවසමි. නමුත් ඔහු කී දේ වලින් 90% ම අමු බේගල් ය. බොරුවට කෑ ගසා පලක් නැත ඔහු කව්ද කලේ මොනාද කා උදෙසාද යන්න දන්නෝ දනිති.

    ReplyDelete
  5. @Ano 2
    ‍බොරු ඇද බාන්නන්ට එහෙම වීම සාධාරණනම් මේ රටේ ඉහළම තැනම සිට හැමදාම හැම දෙයක්ම භාර අරන් ඉන්නෙ බොරු ඇද බාන පොරවල්නෙ. ඉතින් උන්ට මේ අදත් යස අගේට බොරු ඇද බාමින් රටම රවටන්නෙ, මුලා කරන්නෙ, හූරාකන්නෙ, විනාශ කරන්නෙ. උන්ට කිසි හෙණයක් නැතිවීමත් සාධාරණද?

    ReplyDelete
  6. ශිෂ්ඨත්වය මේ භූමියේ මිනිස්සු වෙත පැමිණෙනකම් ‍මේ අතුරුදහන්වීම්, මරා දැමීම් තව දුරටත් තියෙයි. ඒත් ශිෂ්ඨත්වය මිනිසුන් වෙත නොඑන අතර ඒ වෙත මිනිසුන් යා යුතුය. ඒත් එය වලකා තැබෙන්නේ හැමදාම දේශපාලකයින්ගේ කැත අභිප්‍රායන් නිසාය.

    ReplyDelete
  7. @ Ano 2,
    ඔබ පවසන ඇතැම් දේ හා එකඟය. ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු ලියූ සියළු දෑ සත්‍යය යැයි මාද නොසිතමි. ඇතැම් දෑ මඩ ප්‍රහාරයන් වූ බවද මා පිළිගනිමි. එමෙන්ම ෆොන්සේකා ගේ පාර්ශ්වයෙන් මතු කලා යයි ඔබ පවසන බොරු මෙන් සිය ගුණයක් විශාල තඩි බොරු මෙන්ම මඩද රජය පාර්ශ්වයෙන්ද සියළු මාධ්‍ය භාවිතා කොට පතුරුවා හරිනුද අප දුටිමු. මෙය ලාංකීය මැතිවරණවල තථ්‍ය ස්වභාවයයි. බොරු කී සහ මඩ ගැසූ සියල්ලන්ටම කල කම් පලදුන්නේ නම් අද තිබෙනු ඇත්තේ කාගෙ ආණ්ඩුවක්දැයි මට නම් සිතාගත නොහැකිය.

    ReplyDelete
  8. කවුරු හෝ මිනිස්කුගේ ජීවිතක් නිසා දුක් වෙමි. මා ඔහු ගැන නොදත්තාට , ඔහු වෙනුවෙන් සුවහසක් මිනිසුන් දුක් වන බව් දනිමි.

    ( අමුනා ඇති ලිපියේ මෙලෝ හසරක් මට නොතේරේ. ඒ තරමටම මාගේ සමාජයීය දැනුම අල්පය. කොටින්ම කිවහොත් රින ය. ) :(

    ReplyDelete
  9. පසුව කියවමි.
    Google Docs වෙතින් බා ගැනීම සඳහා ඍජු සබැඳිය

    ReplyDelete
  10. ස්තූතියි චාමි . . !

    (4 පාරක් විතර ලියූ දේවල් මකා අවසන කෙටියෙන් ස්තූතියි කියා පමනක් පැවසීමට තීරණය කලෙමි)

    ReplyDelete
  11. "මොනම කරුණක් නිසාවත් මිනිසෙකු අතුරුදන් වනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට මා කැමති නැත. "

    චාමි ලොක්කාට වරදින්නේ මෙතනය.මොනම කරුනක් වේ යැයි කීවද සමහර කරුනු ගැන බලද්දී අතුරුදහන් නොවේ නොමරා බැරිය.ඉතින් ප්‍රගීත් කර ඇති වැරද්දත් එසේ වැරද්දක් වෙන්නත් පුලුවනි.නිකමට හිතන්න ඔහේගෙ ගෙදරට මානසික රෝගියෙක් පැනල නෝන මහත්තයගේ බෙල්ලට පිහියක් තියල කියනව,ඉස්සෙල්ලා මාව මරපන් නැත්තන් උබේ ගෑනිව මරනව කියල.දැන් මොකද චාමි ගොය්යා කොරන්නෙ?අරූගේ කතන්දර ගාන ගැන ගැන ඉන්නවද?මොලයක් නැත්තෝ දැන් කෑගහගෙන එන්න එපා ඌ පිස්සෙක්නෙ කියල,ඒක එක සිදුවීමක්.ඔය බ්ලොග් වල අඩාවැටෙන උන් දන්නෙ ප්‍රගීත් හාදයාව උස්සගෙන ගිය එක විතරනේ ඌ රටට විරුද්දව කොච්චර පිස්සු වැඩ කරල තියනවද කියල මුන් හොයන්නෙ නෑ නෙ.
    අනික නිකරුනේ , නෙමේ කරුනේ උනත් ඌ කරපු ඒවලට දඩුවම් ලබන්න ඕනෙ.අනික මේක ලියන එකා තමන්ගේ කතන්දරයක් ලියාගෙන ඉන්න එක හොදයි බයිල ගහන්නෙ නැතුව.මුන් යනව රට හදන්න.

    ReplyDelete
  12. Ano, 90% බේගල් වලින් ටිකක් කියන්න පුලුවන්ද? අතුරුදහන් කරන හා මරා දැමෙන සියළුම මාධ්‍යවේදීන් පිලිබඳ නොයෙක් බේගල් කියවීම කටුකන්නන්ගේ සිරිතකි. රිචඩ් සොයිසා මරා දැමු යුඑන්පී ආන්ඩුවේ කටුකන්නන්ද මෙවැනි කතා කීවේය. මෙවැනි කතාවලින් දුශ්ඨ පාලකයන් ආවරණය කළ නොහැකිය.

    ReplyDelete
  13. @ Last Ano,
    1. කදිම උපහැරණයකි. මහත් පරාජිත හැඟීමක් දැනේ. (ප්‍රගීත් මෙන්ම මෑත ඉතිහාසය තුල සිදුවූ දේශපාලන මිනිස් ඝාතන සහ අතුරුදන්කිරීම් වලදී ඉදිරිපත් කරන ලද මේ වර්ගයේ උපහැරණ දුටු සෑම විටකදීම මෙම හැඟිම දැනී ඇත).
    2. මොනම කරුණක් නිසා හෝ මිනිසුන් අතුරුදන් කරනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට ඔබ කැමති වන්නට පුළුවන.
    එහෙත් බෞද්ධ දර්ශණය අගය කරන මා
    "මොනම කරුණක් නිසාවත් මිනිසෙකු අතුරුදන් වනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට කැමති නැත. "
    3. බ්ලොග් ලියා රට හදන්නට තරම් අප්සෙට් එකක් මට නැතැයි සිතමි.

    ReplyDelete
  14. මා දැනසිටි ප්‍රගීත් සමාජවාදය මත පදනම්වූ වඩාත් මානුෂික සමාජයක් ගැන විශ්වාස කළ අයෙකි. ඔහු ජෙනරාල් ෆොන්සේකාට සහාය දුන්නෙ මොන අරමුනකින්ද යන්න නොදනිමි. කෙසේ වෙතත් ඔහු වරදක් කළේනම් ශිෂ්ට සමාජයක එයට දඬුවම් දීමේ ක්‍රමවේදයක් ඇත. යම් වරදක් කල අයෙකු අතුරුදහන් කෙරෙන්නේ නම් එය අර්ධ ම්ලේච්ඡ සමාජයකි. එක්නැලිගොඩ අතුරුදහන්කිරීම සාධාරණීකරණය කරන්නෝ එවන් ම්ලේච්ඡත්වයක් ආරක්ෂා කරන්නෝ වෙති.

    ReplyDelete
  15. \\තම අතුරුදන්වීමෙන් වසරක් සපිරෙනදා බ්ලොගයක දැමීමට ලියූවක් නොවන බැවින් හැඟීම්බරද නැත. එහෙත් එය ‘තමා කවුදැයි සොයා යන’ මිනිසෙකු විසින් ලියූවකි.\\
    මම ප්‍රගීත් එක්නැලිගොඩ යනු කවුදැයි නොදන්නෙමි.. ඔහුගේ "අපි කවුද?" සටහන කියවීමෙන් මම මා කවුදැයි සොයාගන්නට හෝඩුවාවක් හොයා ගත්තා යැයි සිතමි... ස්තූතියි ප්‍රගීත්...
    ඔබ සැඟවී සිටිනවානම් සැඟවීම සිටින්න... අද හෝ හෙට හෝ තවත් සියවස් ගණනනකට පසු හෝ මිනිසා තමා කවුදැයි හඳුනාගන්නා දිනක් එළඹෙනු ඇත... එතෙක් ඉවසා සිටින්න... එදින ඔබ සැබෑවටම මිනිසත්කම සොයා ගිය මිනිසකු බැව් ඔවුන් පිළිගන්නවා ඇත...
    @චාමි...
    ස්තූතියි සටහනට....

    ReplyDelete
  16. මම ඇනො 2 කියන්නෙ ඇනො 3ට මම ඔහුට වුන දේ සාධාරනයි කියා කොතනකවත් කියා නැත කරුනාකර නැවත කොමෙන්ටුව කියවන්න. තමන්ගේ ප්‍රතිවාදියාගෙ තරම දැනගෙන ඔවැනි දෑ කලානම් ඔහොම නොවෙන්න තිබ්බා.

    ReplyDelete
  17. @ ඉහත Ano,
    //තමන්ගේ ප්‍රතිවාදියාගෙ තරම දැනගෙන ඔවැනි දෑ කලානම් ඔහොම නොවෙන්න තිබ්බා. //
    මමත් සිතනවා මෙය නිවැරදියි කියලා.

    ReplyDelete
  18. "කතන්දර දහසක්" විසින් තවත් "කතන්දර දහසක්" නැති කිරීම....

    ReplyDelete
  19. කතන්දර දහසක් නෙමෙයි මට පේන්නෙ චාමිත් අතුරු දහන් වගේ.. මොකෝ සද්දයක් නැ..ත්..තේ.........................????

    ReplyDelete
  20. This is a FIRST DRAFT of an article based on a interview with Prageeth Eknaligada. It was done in 2007, but never published..

    ==No More Marx==
    ”සමස්ථ සමාජය වනාහි පංති සමාජයකි” කියන කාරණය මාක්ස්වාදයේ පරPraධාන සංඝටකයක්. ඒ අනුව මාක්ස් සමාජය හඳුනාගන්නේ පංති සමාජයක් හැටියටයි. ඒත් ඇත්තට ම සමාජය පංති සමාජයක් පමණක් ම ද?

    ඕනෑම චින්තකයෙක් සම්බන්ධ ව මේ ගැටලූව පවතිනවා. ඕනෑම චින්තකයෙක් අදහස් ඉදිරිපත් කරන විට එය කරන්නේ තමන් උපයාගත් ඥාන විශේෂයන්ගේ සීමාව තුළ හිඳගෙනයි. ඒ ඥාන විශේෂයන්ට ආවරණය නොවුණූ කොටස් තවත් කෙනෙක් වෙනත් දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බලද්දි පේන්න ගන්නවා.

    භාණ්ඩ නිෂ්පාදනයේ දී, භාණ්ඩයක අන්තර්ගත වන ශරද් ම ශක්තිය මුල්කරගෙන එහි වටිනාකම තිරණය වන බව මාක්ස් සොයාගත්තා. මෙතැන් පටන් සමස්ථ සමාජය පංති දෘෂ්ථිකෝණයකින් තමයි ඔහු දුටුවේ. ඉතින් ලෝකය පුරා මාක්ස්වාදීන් සමස්ථ සමාජය ම පංති පදනම මත පමණක් හිඳිමින් විගරණයකහ කරන්න පටන්ගත්තා.

    ඒත් පංති විෂමතාව පමණක් නොව, වාර්ගික, සංස්කෘතික හා වෙනත් බොහෝ කාරණා මත පදනම් වූ සමාජ පරිපථ රාශියක් ඇති බව අද වන විට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා.


    ලංකාව වගේ රටවල් වල සමාජයවාදය ගොඩනැගීමට ඉදිරිපත් වූ ව්යා පාර අතින් මාක්ස්ගේ අදහස් පවා ඉදිරිපත් වී ඇත්තේ වීකෘති ආකාරයෙන්. උදාහරණයක් හැටියට ලංකාවේ දී භාවිත කෙරන ”ධනපති පංතිය” හා ”නිර්ධන පංතිය” යන සංකල්ප දෙක ගන්න පුළුවන්. ලංකාවේ දී මෙය බොහෝදෙනා හªනාගන්නේ,

    නිර්ධන පංතිය - මිළ මුදල් නැති දුගී දුප්පත් පංතිය

    ධනපති පංතිය - මිළ මුදල් ඇති ඇති පොහොසත් පංතිය

    විදයටයි.



    ඒත් මාක්ස් පවා මේ දේ සඳහන් කළේ මේ විදියට නෙවෙයි. පරාක ග්ධන කරිදෙ යාවලියේ පරාි පග්ධන හිමියන් ‘ධනපතීන්’ හැටියටත්, පරාි ග්ධනය අහිමි එහෙත් පරාක ග්ධන කරිිය යාවලියට සම්බන්ධ පිරිස ‘නිර්ධනීන්‘ හැටියටත් තමයි මාක්ස් ඉදිරිපත් කළේ.



    Capitalist යන්නෙ oxfordශබ්දකෝෂයේ අර්ථ දක්වන්නේ ‘පරාහ ග්ධනය යොදවන හෝ ආයෝජනය කරන තැනැත්තා‘ විදියට. capitalist -n. 1 person investing or possessing capital. 2 advocate of capitalism ඒත් මේක ලංකාවට එද්දි ‘ධනපති‘ වෙනවා. ‘ධනය ඇති‘, ‘පොහොසත්‘ කියන අර්ථය තමයි මේ ‘ධනපති‘ වචනය කියවද්දි ම හිතට එන්නේ.. මේ විදියට ම මූලික ව ‘වැටුප් ලබන -විශේෂයෙන් පහළ පාංතික, නුගත්- පිරිස‘ කියන අර්ථය ඇති චරදකැඒරස්එ කියන වචනය සිංහලට එන්නේ ‘නිර්ධන‘ විදියට.. proletariat n. 1 wage-earners collectively. 2 esp. derog. lowest, esp. uneducated, class. [French: related to *proletarian]

    to be continued...

    ReplyDelete
  21. ...continue

    මාක්ස්ට වැරදුණු තැන

    සමස්ථ සමාජය පංති සමාජයක් හැටියට හඳුනාගත් මාක්ස්වාදීන්, මේ පංති පරවඅදතිවිරෝධය නිසා සමාජයේ බහුතරයක් වූ ‘නිර්ධන‘ පංතියට අසාධාරණයක් සිදුවන බවත්, මේ පංති භේදය දුරකර, එක් පංතියක් විසින් අනෙත් පංතිය ‘සූරාකෑම’ (අතිරික්ත වටිනාකම කොල්ලකෑම‘* අතුරුදන් කිරීමෙන් සමාජ සාධාරණ ඇති වන්නේ ය යන දළ අදහසට එළඹුණා.

    එසේ ඉතා ම යහපත් චේතනාවෙන් යුතු ව සැලසුම් කළ අනාගත සමාජවාදී හා මාක්ස්වාදී සමාජ සැලසුම් තුළ සමස්ථ සමාජයට ම යහපතක් සිදු වෙතැයි ඔවුන් කල්පනා කළා.

    නමුත් ධනපති හා නිර්ධන පංතියකින් සමන්විත, කම්කරු පංතිය විසින් නිපදවන අතිරේක වටිනාකම පරාධ ග්ධන හිමියා විසින් ලාභය ලෙස රැුගෙන යන කරිවිතයාදාමයේ, මෙම ලාභය නමැති කොටස ඉවත් කිරීමෙන් සිදුවන්නේ එම සමස්ථ කරි් ලයාවලිය ම ඇණහිටින එකයි. යම් භාණ්ඩයක ගුණාත්මක හා ආකර්ෂණීය බව වැඩිකරන්න පරාස ග්ධන හිමියා පෙළඹෙන්නේ තම ලාභය වැඩිකරගන්නයි. භාණ්ඩ නවීකරණය සිදුවන්නේ මේ කාරණය මතයි.

    අද අප භාවිතා කරන්නේ මීට වසර 100කට පෙර තිබූ විදියේ මෝටර් රථ නෙවෙයි. එදා තිබූ පාරිභෝකිග භාණ්ඩ අද වන විට විශාල ලෙස වෙනස් වෙලා. ඒ වගේ ම එදා තිබූ අවශ්යවතාවයන් පරීක මාණයට වඩා විශාල අවශ්ය තා පරශා මාණයක් අද බිහි වෙලා තියෙනවා. මේ පරා ග්ධන කරි ව යාවලියේ ස්වභාවයයි.

    සමාජවාදීන් පරතා කාශ කරන විදියට සමාජවාදයේ අරමුණ වන්නේත් මානවයාට වඩවඩා පහසුව, සහනය හා සැප සම්පත් ලබා දීම ම තමයි. ඔවුන් කියන්නේ මේ දේවල් සෑම දෙනාට ම සාධාරණ ලෙස ලැබිය යුතු යන්නයි.

    මේ විදියට මිනිසාගේ පහසුව, සැප සම්පත් වර්ධනය කීරීමේ අරමුණින් ඉදිරිපත් වූ සමාජවාදී සැලැස්ම කරි යාවට නැගීමේ දී, පරාප ග්ධන කරි්ප යාවලියෙන් ලාභය ඉවත් කිරීම ඔවුන් අත්හදා බැලූවා. ඉතිහාසය පුරා විප්ලව ගණනාවක් මගින් විවිධ ආකාරයෙන් මෙය අත්හදා බලා තියෙනවා. ඒත් මේ අත්හදාබැලීම් වලින් පැහැදිළි වුණේ, පරා ග්ධන කරියෙ යාවලියේ මූලික අංගයක් වන ලාභය ඉවත් කිරීමෙන්, එම භාණ්ඩ වල ගුණාත්මකභාවය හා අනෙකුත් අපේක්ෂිපත අරමුණු බිඳ වැටී ඇති බවයි. සමාජවාදී රාජ්යග වල සංස්ථා, මණ්ඩල වැනි ආයතනය වලට, ධනේශ්වර රටවල පරාපිධග්ධන හිමියන්ගේ නිෂ්පාදන හා තරඟ කළ හැකි භාණ්ඩ නිපදවන්න හැකි වුණේ නැහැ.



    to be continued...

    ReplyDelete
  22. ...continue

    ලංකාවේ තත්ත්වය

    ලංකාව සමාජවාදී රටක් නොවුණත්, එම රාජ්ය කේන්රී කළ ය ආකෘතියට ආරම්භ කළ ලංකා ටයර් සංස්ථාව උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්. රාජ්යන ටයර් සංස්ථාවට ගෙනාවේ අවුරුදු 30-40 එක දිගට වැඩ කරන රුසියානු යන්තරයට යි. ඒත් අලූතින් වෙනස් වල වෙළඳපොළ අවශ්යුතාවයන්ට අනුව ටයර් නිපදවන්න ඒවාට හැකියාවක් තිබුණේ නැහැ. උදාහරණයක් හැටියට රේඩියල් ටයර් හදන්න ටයර් සංස්ථාවට නොහැකි වුණා. මේ විදියට ජපානය වගේ ධනේශ්වර රටවල නවීන නිෂ්පාදන ඉදිරියේ ටයර් සංස්ථාවට පසුබහින්න සිද්ධ වුණා. මේ දේ තමයි සමස්ථ සමාජවාදී ආයතන පද්ධතිය තුළ ම සිදු වුණේ.


    ඉතින් කොච්චර හොඳ අරමුණක් ඇති ව ඉදිරිපත් වුණත්, වඩා යහපත් ලෝකයක් බිහිකරනු පිණිස මාක්ස් ඇතුළු සමාජවාදීන් ඉදිරිපත් කළ සමාජවාදී සැලැස්ම අසාර්ථක සැලැස්මක් විදියට ලෝක ඉතිහාසයට එකතු වෙලා ඉවරයි.

    ඇත්තට ම සමාජවාදීන් ඉදිරිපත් කළ මතවාද ආරමභයේ පටන් ම විවාදයට ලක් වුණා. රුසියානු විප්ලවයට පෙර කාල පරිච්ෙඡ්දයේ මේ ගැන අදහස් දැක්වූ කාල් කෞට්ස්කි කීවේ මේ සමාජය තවමත් විප්ලවයකට සූදානම් නැති බවයි. අද ආපසු හැරී බලන විට කෞට්ස්කි කී කරුණු බොහොමයක් සැබෑ වෙලා තියෙන බව පේනවා. කෞස්ට්ස්කි ද්රෝආහියෙකු ලෙස සලකා ලිපි ලියූ ලෙනින් ඇතුළු රුසියානු සමාජ පර පෙජාතන්තරියාවාදී පක්ෂ යට (ස්ටාර්ලින් හා ට්රොසට්ස්කි ද ඇතුළු ව* වඩා පරිණත අදහසක් කෞට්ස්කිට තිබූ බව අද පෙනී යනවා.

    මාක්ස්වාදය දැනුම් පද්ධතියක් ලෙස?

    ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ඨිය, සරළකරණය කරන ලද එකක්. ඔවුන් ඉදිරිපත් කරපු වහල් - වැඩවසම් - ආදී අනුකරසය මික පංති විපර්යාසය සෑම සමාජයක ම ඒ විදියට ම සිදු වුණායැයි කියන්න බැහැ. පංති දෘෂ්ඨිකෝණය මත පදනම් ව ගොඩනැගූ මේ දැනුම සාමජ විද්යාාවක් ලෙස ඉතා ම නිවැරදි එකක් ලෙස ගන්න බැහැ.

    ඉතිහාසය යනු සිද්ධින්ගේ එකතුවක් නෙවෙයි. ඉතිහාසය කියන්නේ යම්කිසි විදියක පර ලෙවාහයක්. මේ පරම් වාහය තුළ සිද්ධීන් සිදු වුණා විනා, යම් යම් නිශ්චිත සිද්ධීන් නිසා ඉතිහාසය මෙසේ ගමන් කළා කියන්න බැහැ. යම් යම් සිද්ධීන් තුළින් මේ පරනාවවාහය හඳුනාගැනීමට යාමේ දී විවිධ අවුල් ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ලංකාවේ ඉතිහාසය වුණත් රජවරුන්ගේත්, හාමුදුරුවරුන්ගේත් වාර්තා මත පදනම් වෙලා ගොඩනගන්න ගියොත් විශාල වැරදීම් ඇතිවෙන්න පුළුවන්.

    සමහර අවස්ථා වල යම් යම් සිද්ධින් මගින් ඉතිහාසය වෙනස් කළා කියල අදහසක් තියෙනවා. ඒත් ඉතිහාසය නමැති පර අවවාහය ගමන් ගන්නේ ගමන්ට ගමන්ගත හැකි නිශ්චිත මාවතක් ඔස්සේයි. සිද්ධීන් යනු ඒ පරදාහවාහය තුළ තියෙන අංශූ පමණයි. උදාහරණයක් විදියට පරාමන්ග්ධන කරිඔස යාවලිය පිළිබඳ සමාජවාදී සැලැස්ම කරි තුයාවලට නගපු 1917 රුසියානු විප්ලවය විසින් ඉතිහාසය වෙනස් කළා කියලයි ඒ කාලෙ කීවෙ. ඒත් අද වන විට ඒ සංකල්ප හා සැලසුම් සියල්ල ඉතිහාසය නමැති පරසිනවාහය විසින් බිඳ දමා තිබෙනවා. අද වන විට පරාංකලග්ධන කරිකර යාවලියට අනුව ඉතිහාසය ගමන් කරමින් තිබෙනවා.


    ගෝලීයකරණය

    ගෝලීයකරණය කියන්නේ අද ඊයේ ආරම්භ වූ දෙයක් නෙවෙයි. කලට පටන් ඊට අදාළ කාරණ සිද්ධ වෙමින් පැවතුණා. අද සිටින මාක්ස්වාදී විද්වතුන් මේ තුළ යම් අර්බුදයකට ලක් වී ඇති බව පේනවා. ගෝලීයකරණය වැරදි දෙයක් ලෙසත්, එය නැවැත්විය යුතු බවත් ඔවුන් තර්ක කරනවා. ඒත් ඔවුන්ගේ තර්ක ඉතිහාසයට සාධාරණද? ඓතිහාසික පරනැවවාහය තුළ ගෝලීයකරණය යනු විකෘති තත්ත්වයක්ද? ඇත්තෙන් ම නැහැ.

    අතීතයේ පටන් විවිධ විවිධ සමාජයන් ගණුදෙනු කරන කරබව ම පැවතුණා. සමාජය සම්බන්ධතා ලෝක මට්ටමට ව්යායප්ත වන විට මේ ගණුදෙනු කරු මත් ලෝක මට්ටමට දක්වා ව්යා ප්ත වුණා. ඒ සම්බන්ධ ව ලෝක මට්ටමේ පරයා මිතීන් ඇති වුණා. මේ පරවාහමිතීන්, ගෝලීයකරණ කරිධතායාවලියේ පරමට්ධාන පරිපථයක්.

    අනෙත් කරුණ භාෂාව. අද වන විට ඉංගරී සි යනු ලෝක පරවා ජාවට අයිති භාෂාවක් මිස ඉංගරීලියසී ජාතිකයින්ට පමණක් අයිති භාෂාවක් නෙවෙයි. තවදුරටත් ඉංගරි ප සි විරෝධය අධිරාජ්යර විරෝධයක් හැටියට භාවිතා කරන්න බැහැ. ඉංගරි භාසි එය භාවිතා කරන සමස්ථ ලෝක පරහ්මජාවට ම අන්යෙධාන්යඅ සන්නිවේදනයට මග සලසන මාධයයක්. මේ විදියට භාෂාවත් මේ ගෝලීයකරණ කරිවි යාවලියේ පර‍ීසධාන පරිපථයක් බවට පත් වෙනවා.


    මෙ ලෙස, චෙක්පත්, අන්තර්ජාල හා විද්යුිත් ගණුදෙනු කරක් ම යනාදිය ලෝක ශිෂ්ඨාචාරයේ අත්යගවශ්යි අංග බවට පත් වෙලා තියෙනවා. මෙය දේ මැනිය යුත්තේ, මානව ශිෂ්ඨාචාරයට මේ දේ අවශ්ය‍ද නැද්ද, යන ශිෂ්ඨාචාර මිම්මකින් මිස මාක්ස්වාදී මිම්මකින් නෙවෙයි.


    to be continued...

    ReplyDelete
  23. ...continue..



    මාක්ස්වාදය හා අතීතකාමය

    ඇත්ත වශයෙන් ම අතීතයේ මීට වඩා යහපත් තත්ත්වයක් පැවතුණේ ය යන්න ඇතැම් දේශීය චින්තකයන්ගේ (ලංකාවේ දී නම් ජාතික චින්තනය* අදහසක් මිස මාක්ස්වාදීන්ගේ අදහසක් නොවෙයි. ඇත්තට ම මාක්ස්වාදයේ ආරම්භක යුගයට සාපේක්ෂ් ව ඔවුන් ඉදිරිපත් කළ අදහස් අතිශය පර නොගතිශීලී හා ඉදිරිගාමීයි. භාණ්ඩයක ”අතිරික්ත වටිනාකම” නම් වූ මාක්ස්ගේ සොයාගැනීම ශිෂ්ටාචාර දැනුම් පද්ධතියට එකතු වූ වටිනා දැනුමක්.

    නමුත් අද වන විට (ලංකාවේ ද ඇතුළු ව* මාක්ස්වාදීන් අලූත් අදහස් හා පර ද වණතා වලට හැම විට ම විරුද්ධ වෙමින් අතීතයට පසුබැසීමෙන් පිළිබිඹු වන්නේ මාක්ස්වාදය තවදුරටත් නඩත්තුකරගෙන යාමට අසමත් වීමේ අර්බුදයයි.


    මේ තත්ත්වය විගරස බහ කරන ”පශ්චාත් නූතන මාක්ස්වාදීන්” පවසන්නේ මුල්කාලීන මාක්ස්වාදී න්යාියන් ඉදිරිපත් වීමේ පසු, ඒ දැනුම භාවිතා කළ ධනේශ්වර කරපශ්මය ඊට මුහුණ දිය හැකි ලෙස සිය මුහුණුවර වෙනස් කරගනිමින් ඉදිරියට ගමන් ගන්නා බවයි. මෙම අලූත් ධනවාදයට (ඔවුන්ට අනුව, අලූත් මුහුණුවරකින් පැමිනෙන පැරණි ධනවාදය* මුහුණු දෙනු පිණිස මාක්ස්වාදී දැනුම යාවත්කාලීන කරන්නන් වශයෙන් ඔවුන් තමන් ව ම හඳුන්වා ගන්නවා.


    ඒත් ඇත්ත වශයෙන් ම මේ මාක්ස්වාදී න්යාසයන් ඉදිරිපත් වූවත් නැතත්, ධනවාදයේ කරම මික පරිණාමය අනවරතයෙන් සිදු වන දෙයක්. අධිරාජ්‍යවාදී යුගය යනු ධනේශ්වරයේ අවසාන යුගය යැයි ලෙනින් පරා කාශ කළා. ඔවුට අනුව ඉන් පසු තවදුරටත් ධනේෂ්වරයට පැවැත්මක් නැහැ. ඒත් ඒ න්යායය බිඳ දමමින් අධිරාජ්යශවාදී යුගයෙන් පසු තව දුරටත් ධනේශ්වරය පවතිනවා. එදා ලෙනින් දැක්වූ මූලික සිද්ධාන්ත 5ට අයිති නැති ලක්ෂිණ අද ධනේශ්වරය තුළ දකින්න පුළුවන්. අද පවතින කොටස් බහුජාතික සමාගම්, වෙළඳ පොළ වැනි දේ ලෙනින්ගේ න්යාරයන් ඇසුරින් විගරරට හ කරන්න බැහැ. ධනේශ්වරයේ මේ හැඩගැසීම්, ධනේශ්වරයේ මේ අනවරත පරිණාමය සිදු කරන්නේ, ලාභය උපරිම කරගැනීම සඳහා නොකඩවා කරිජා යාත්මක වන පරාී ග්ධන කරිරය යාවලිය විසින් ම මිස, මාක්ස්වාදීන් හෝ වෙන යම් පිරිසක් විසින් විසින් කරන ලද විගරමාගහයන්ට පර්ොළතිරෝධී වශයෙන් නෙවෙයි.


    ”පශ්චාත් නූතන මාක්ස්වාදීන්” (නිර්මාණාත්මක මාක්ස්වාදීන්?*

    මේ විදියට පසුකාලීන ව මාක්ස්වාදී චින්තන ධාරාවන් යාවත්කාලීන කරන්න ඉදිරිපත් වුණු, ඩෙරීඩා, මිෂෙල් ෆුකෝ වැනි අය, සම්භාව්යච මාක්ස්වාදයට හසු නොවුන පරිර දේශ කෙරෙහි අවධානය යොමු කළා. විශේෂයෙන් මනුෂ්යැ සිතීම්/ හැසිරීම් වැනි දේ සම්බන්ධ ව මාක්ස්වාදී පසුබිම ක සිට විග්ර‍රහ කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත් සම්භාව්යස මාක්ස්වාදය මෙන් ම මොවුන් ඉදිරිපත් කරන දැනුමත් ගැටලූකාරීයි. ඔවුන්ගේ සීමිත විෂය පඨයට ඔබ්බෙන් ඔවුන්ට මගහැරුණු තවත් දේ තිබෙන බව අපට පේනවා.

    මේ නිසා මේ නව පරන්ටවණතා පුර්ණ සත්යට ලෙස අදහමින් කරිකාරයාකරන්නන්ගේත්, අතීතයේ දී සම්භාව්යන මාක්ස්වාදයේ සැලසුම් පරම සත්ය‍යැයි ඇදහූ පිරිසගේත් වෙනසක් නැහැ.

    ඇත්තට ම සිග්මන් ෆ්රොපයිඞ් හෝ ඔහුගේ ශිෂ්යර එරික්ෆොම් කියන සරළ ආකාරයට මිනිස් චින්තය විගර්ි හ කරන්න පුළුවන්ද? මිනිස් සම්බන්ධතා සම්බන්ධ ව ඩෙරිඩා හෝ ෆූකෝ දරන අදහස් ඒවා හඳුනාගැනීමේ එක් නිර්ණායකයක් විය හැකි මුත් ඒවා මීට වඩා විචාරයට විවෘත කළ යුතු ව තියෙනවා.

    මිනිස් ශිෂ්ඨාචාරය විසින් ගොඩනැගූ දැනුම, තනි පුද්ගලයෙකුට තම මස්තිෂ්කය තුළට ඔබාගන්න බැරි තරම් විශාල එකක්. මේ නිසා යම් යම් විෂය ක්ෂෙය්තරලයෙ පිළිබඳ විශේෂඥතාවට පත් අය, තමන් ඉදිරියේ ඇති යඵාර්ථය, තම හිස තුළ ඇති දැනුම් පද්ධතිය ඔස්සේ විගරවිෂහ කරන්න පෙළඹෙනවා. මේ තත්ත්වය ඩෙරීඩා, ෆූකෝ ඇතුළු හැම දෙනාට ම සාධාරණ දෙයක්. ඒත් ශිෂ්ඨාචාරමය චින්තනය කියන්නේ ඒ අයගේ චින්තනය පමණක් නෙවෙයි. එක ම දෙයක් දෙස විවිධ දෘෂ්ඨි කෝණ වලින් බැලීමේ නිදහසක් පැවතිය යුතුයි. ඒ ශිෂ්ඨාචාරමය පරවෙ ජාතන්තර දෙවාදය ඔස්සේ විතරයි අපට වඩාත් නිවැරදි විගරුතුහයකට යා හැක්කේ.

    to be continued..

    ReplyDelete
  24. ...continue

    අනුරාගික මාක්ස්වාදය

    මාක්ස්වාදය වැනි දර්ශනයන්ට පසුබිම සපයන්නේ මිනිස් ශිෂ්ටාචාර ගමන තුළ දී මානවයා තුළ ඇති අසරණකමයි. සමාජවාදී මතවාද බොහෝ දුරට ව්යාිප්ත වූ තුන්වල ලෝකයේ රටවල් දෙස බැලීමේ දී පැහැදිළි කරුණක් වන්නේ, මෙම රටවල් පළමු වන ලෝකයේ රටවලට සාපේක්ෂ ව සංවර්ධනයේ හා ශිෂ්ඨාචාරයේ පසුපසින් සිටින රටවල් බවයි. මෙම රට වල මෙම ”බැරිකම” පිළිබඳ, මෙම රටවලට සිදු වූ අසාධාරණයන් නිසා මෙසේ සිදු වූ බවට, සාධාරණීකරණයක් මාක්ස්වාදී මතවාදයන් තුළින් ගොඩනගාගන්න පුළුවන් වුණා. අසරණ හා පරාධින වන අවස්ථා වල, ඒ අසරණකමින් ආරක්ෂාතවීමට යම්කිසි මතවාදී ආවරණයක් සොයා යාම මානවයාගේ ස්වභාවික ලක්ෂවණයක්. මිනිසුන් ආගම් ඇදහීමට හේතුව ද මෙයයි. ආගම, දෙවියන් වහන්සේ හෝ වෙනත් ශාස්තෘවරුන් කියන්නේ මෙම අසරණකමට සරණ වන වස්තූන්. මේ වැනි මතවාදයන්ගේ පැවැත්මට හේතු වී ඇත්තේ විවිධ මිනිසුන් තුළ ඇති එකිනෙකට වෙනස් විවිධ අසරණකම්. සමස්ථ සමාජයක් විසින් ම තම අසරණකමට ආවරණයක් ලෙස සමාජවාදී මතවාදය යොදාගැනීමක් තමයි තුන් වන ලෝකය තුළ දකින්න හැකි වන්නේ.

    1960 දශකයෙන් පසු ලොව පරතව චලිත වූ මතයක් වුණේ, තුන්වල ලෝකයේ රටවල දුප්පත්කමට හේතුව දියුණු රටවල් විසින් මෙම රටවල් සූරාකෑම බවයි. මෙය ”කේන්ර්තු ය විසින් පරිධිය සූරාකෑම” ලෙස හැඳින්වුණා. ගුනාර් මෙන්ඩෙල්, ගන්ඩර් ෆෑන්ක්, අර්නස්ට් මෙන්ඩෙල් වැනි ආර්ථික විද්යා‍ඥයින් ඉදිරිපත් කළ මෙම අදහස මාක්ස්වාදී විගරම රහන් තුළ ම වුණත් නිශේෂ වී යන්නක්.

    ඔවුන් සඳහන් කරන ආකාරයට දියුණු රටවල් විසින් තුන්වන ලෝකයේ රටවල් සූරාකෑවේ නම්, ඒ සූරාකෑම නිසා ම මේ තුන්වන ලෝකයේ රටවල් තුළ පරාවිසග්ධන කරිසූ යාවලියක් ඇති වෙන්න ඕන. සූරාකෑම, පරා ග්ධන කරිා යාවලියේ වැදගත් ම කොටසක්.

    ඒත් ඇත්ත වශයෙන් ම තුන්වල ලෝකයේ රටවල් තුළ පරා ලෝග්ධන කරිවි යාවලියක් සිදු වුණේ නැහැ. එහෙම නම් මේ රටවල් සූරාකෑවේ කොහොමද? මේ රටවල් අතිරික්ත ශර‍රිමය කොල්ලකන්න නම්, කිසියම් පරාේ ග්ධන කරිල යාවලියකට මේ රටවල මිනිසුන් ඇතුල් කරගන්න ඕන. ඒත් එවැනි දෙයක් මේ තුන්වන ලෝකයේ රටවල් තුළ සිදු වී නැහැ. රැුකියා සැපයීමකින් තොර ව, කිසියම් නිෂ්පාදන කරියක්යාවලියකට මිනිසුන් ඇතුල් කරගන්නේ නැති ව සූරාකෑමක් කරි. ියාත්මක වන්නේ කොහොමද?



    to be continued...

    ReplyDelete
  25. ...continue

    ලෝක බැංකුවේ හෝ ජාත්ය.න්තර මූල්යා අරමුදලේ ආයෝජනයන්ගෙන් තුන් වන ලෝකයේ රටවල ආයෝජනය කර තිබෙන්නේ 10%කටත් අඩුවෙන්. ඉතිරි මුදල් ආයෝජනය කර තිබෙන්නේ දියුණු ධනේශ්වර නොහොත් අධිරාජ්ය්වාදී ලෙස හඳුවන රට වලයි. එහෙම බලද්දි වඩාත් සූරාකෑම සිදු වෙලා තියෙන්නේ මේ දියුණු ධනේශ්වර රට වලයි. තුන්වන ලෝකයේ රටවල් තමන්ගේ පසුගාමී බව හා අසරණකම සාධාරණීකරණය කරගන්න මේ තර්කය, පාවිචි කළා. මේ වැනි මතවාද පැතිරීම මේ රටවල තත්ත්වය තවත් බරපතල කළා. මේ රට වලත් යම් පමණකින් හෝ පරාාද ග්ධන කරිටව යාවලිය ඇරඹෙමින් තිබුණා නම්, එයත් වැළකී යන්නට මේ මතවාද හේතුවක් වුණා. සූරාකෑම වැළැක්වීමෙන් සමාජ සාධාරණය ඇතිකළ හැකි ය කියන මේ මාක්ස්වාදී මතවාද වඩාත් අනුරාගී විදියට තමයි මේ තුන්වන ලෝකයේ රටවල පැතිර ගියේ. ඉතින් මේ රටවල දේශපාලන ව්යා්පාර, මේ ව්යනවසාය විරෝධී. සූරාකෑමට විරුද්ධ යැයි කියන මාක්ස්වාදී අදහස, තමන්ගේ බල ව්යානපෘති සඳහා ඉතා ම අනුරාගී විදියට භාවිතා කළා. සූරාකෑමට විරුද්ධ මේ අදහස තුන්වල ලෝකයේ රටවලට එන විට වඩාත් අනුරාගී ස්වරූපයෙන් භාවිගා වීම නිසා ඉතා හොඳින් විකිණිය හැකි වුණා.


    ලංකාවේ උපන් මාක්ස්


    ලංකාවේ දී මේ මතවාදය පරරජ චලිත කළ දේශපාලන පක්ෂණ වලට බලයට එන්න බැරි වුණත් ඔවුන්ගේ සහයෝගය ලැබූ ශරීී ම ලංකා නිදහස් පක්ෂළය බලයට පත් වුණා. ඔවුන් ශරී් ඔ ලංකාවේ මූලික පරාේ ග්ධන කරි ස යාවලියට විශාල බාධා ඇති කළා. මෙහි පරලංකතිඵලයක් විදියට මූලික පරා බලග්ධන කරින් යවලිය මුලූමණින් ම ඇණහිටියා.

    උදාහරණයක් විදියට ලංකාවේ වතුකරයේ තේ වගාව ඉංගරීතිඵසි අධිරාජ්ය වාදීන් විසින් පටන්ගත් එකක් බවත්, තමන් බලයට පැමිණි වහා ම මෙය රජයට පවරා ගන්නා බවත්, බණ්ඩාරනායක පර එකාශ කළා. ලෝකයේ එවකට තිබූ හොඳ ම වතු වගාව වුණේ ලංකාවේ වතු වගාවයි. එය පවත්වාගෙන යාමට අවශ්යද පරිණතභාවය හෝ හැකියාව රජයට නොමැති බවත්, මෙය රජයට පවරා නොගන්නා ලෙසත්, පවරා ගැනීම අත්යරවශ්ය නම්, කල් ඇති ව කිය කියා නොසිට, එකවර පවරාගන්නා ලෙසත් ගන්ඩර් ෆෑන්ක් වැනි ආර්ථික විද්යාමඥයන් පවා ඔහුට උපදෙස් දුන්නා.


    ඇත්ත වශයෙන් ම ලංකාවේ තේ වගාවේ නියුතු ව සිටි ඉංගරිා ලසි ජාතිකයින් ම තමයි ලෝක තේ වෙළඳ පොළේ හිමිකරුවන්. ලෝකය පුරා තේ පරසිටචලිත කිරීම හා ඒ වෙළඳ පොළ පවත්වාගෙන යාම කළේ ඔවුන් විසින්. එම තේ වෙළඳාමෙන් ලංකාවටත් ලාබ ලැබුණා. නමුත් රජයෙන් එල්ල වූ මේ තර්ජන හමුවේ, තේ වගාව පිළිබඳ සියවස් ගණනාවක ඥාන සම්භාරයත්, පළපුරුද්දත්, පරා ග්ධනයත්, වෙළඳපොළත් යන සියල්ල ම රැුගෙන ඔවුන් ලංකාවේ පිට වී ගියා. එසේ පිටත් ව ගිය ඔවුන්ට පහසුකම් ලබා දීමට ඉදිරිපත් වූ කෙන්යාවේ ඔවුන් තේ වගා කටයුතු පටන්ගත්තා. 1960 වන විට ලෝක වෙළඳපොළේ පර ල ථම වතාවට ශරීාවේ ලංකා තේ වලට අභියෝග කරමින් කෙන්යාවේ තේ ලෝක වෙළඳ පොළට එක් වුණා.


    පිඟන් භාණ්ඩ සංස්ථාව පිළිබඳ කතාවත් මේ වගේ එකක්. කැලිකට් උළු මුලින් ම නිපදවූයේ මාතර, කිරින්ඳේ ව්යා්පාරිකයෙක්. මුලන් ම අච්චුවක් හදන්න යකඩ නැති නිසා නා ලී වලින් අච්චුව හදාගෙන ව්යාතපාරය ආරම්භ කළ ඔහු පසුකාලීන ව ලෝක වෙළඳ පොළට පවා ඇතුල් වුණා. අවසානය ඔහුගේ ව්යා පාරය රජයට පවරාගත්තා. මේ විදියට රාජ්ය පරාවක්ග්ධන ව්යාවසායකයක් විදියට ආරම්භ කළ පිඟන් භාණ්ඩ සංස්ථාව බිඳවැටුණා. ඒ පිළිබඳ ඉදිරිපත් වුණු තර්කය වුණේ පිටරටින් ආනයනය කරන ටයිල් වර්ග සමග තරඟ කළ නොහැකි බවයි. ඒති පසුකාලීන ව පෞද්ගලික අංශයෙන් ආරම්භ කළ පිඟන් මැටි කර්මාන්ත ලෝක වෙළඳ පොළ ජයගන්න සමත් වෙලා තියෙනවා.

    මේ විදියට බලන විට සමාජවාදී මතවාද නිසා ලංකාවේ පරාඅංශග්ධන කරිි යාවලියට විශාල බාධා එල්ල වෙලා තියෙනවා. ඕන ම රටක වාණිජ පරාලං ග්ධනයෙන් ආරම්භ වෙලා තමයි කාර්මික පරායා ග්ධනය දක්වා වර්ධනය වෙන්නේ. ඒත් මේ හේතූන් නිසා ලංකාවේ අද වෙන විට ව්යා්පාරිකයන් හැටියට ඉතිරි වෙලා ඉන්නේ වෙළෙන්ඳන් පිරිසක් විතරයි.


    to be continued...

    ReplyDelete
  26. ...continue



    මාක්ස්වාදී සැලැස්ම?

    මාක්ස්වාදීන් මුල සිට ම ඉදිරිපත් කරන අදහසක් තමයි, සැලසුම් සහගත - විද්යාිත්මක මාක්ස්වාදය කියන දේ. ඒ අනුව මෙයට සැලැස්මක් තියෙනවා. ඊට අනුව, වඩා මානවවාදී, ශිෂ්ඨාචාරයට හිතවත් පිරිස් විසින් සමාජවාදය හසුරුවනවා. සමාජයත් ඒ අනුව දියුණූ වෙමින්, පසු අගතිගාමී අදහස් තුනී වෙමින් ඉදිරියට යනවා. ඒ තුලින් සමාජ සාධාරණත්වය කරා ළඟාවීම තමයි අරමුණ වුණේ. ඇත්ත වශයෙන් ම මෙය හොඳ සිතුවිල්ලක්. කොහොම වුණත් මෙය කෘතරිණ වම ව හසුරවනු ලබන, එසේ හැසිරවිය යුතු සමාජයක්.

    ඒත්, (බොහෝ සමාජයන් හි අයහපත් දෙයක් ලෙස සැලකෙන* තෘෂ්ණාව තමයි ධනවාදී සමාජ කර හැමයේ මෝ්ටරය හැටියට කරිොහෝයාත්මක වෙන්නේ. ලාභය, සැප සම්පත් කෙරේ තිබෙන මනුෂ්ය් ආශාව තමයි පරාස ග්ධන කරිට යාවලිය ඉදිරියට ගෙන යන්නේ. මෙම ආශාව මනුෂ්ය් ස්වභාවය බව බුද්ධාගම වැනි ආගම් වලින් පවා පිළිගෙන තියෙනවා. ගිහි සමාජයේ තියෙන මේ දේ අත හැර යන් අයට තමයි බුදුන් ”සැලසුම් ගහගත” සංඝ සමාජය යෝජනා කළේ. ”සංඝය” කියන වඩනයේ තේරුමත් සියලූ දෙනා සමාන ය කියන එකයි. සංඝ සමාජය තුළ සියලූ දෙනා සමාන ලෙසයි සැලකුණේ. සමාජවාදී සංකල්පය හා බෞද්ධ සංඝ සංකල්පය කොහෙත් ම සමාන කරන්න බැරි වුණත් මේ දෙකේ ආකෘතරි. ේකමය වශයෙන් ඥාතීත්වයක් තියෙනවා. ඒත් ගිහි සමාජයට මේ කරාන මය බුදුන් පවා යෝජනා කළේ නැහැ. ගිහි සමාජය පරා්ව ග්ධනවාදීයි. ඒ තුළ තමයි එහි පැවැත්ම තියෙන්නේ. සංඝ සමාජය පැවතුණේත් ගිහි සමාජයක් පැවති නිසා බව අමතක නොකළ යුතුයි. උපදින සියලූ ම මිනිසුන් ගස් යටට වෙලා භාවනා කරන්න ගත්තා නම් මානව ශිෂ්ඨාචාරය එතනින් ම නිමා වෙනවා. බුද්ධාගම හෝ වෙන මොන ම දර්ශනයක් තිබුණත්, මනුෂ්යච ශිෂ්ඨාචාරය මේ දක්වා පවතින්න, පාපී ගුණ වශයෙන් බොහෝ දෙනා හඳුන්වන තෘෂ්ණාව හා ආශාව නිසයි. පශ්චාත් නූතන හෝ, පශ්චාත් මාක්ස්වාදී හෝ මොන ම කෙනෙක් වුණත්, ලාභය පර ආශතික්ෂෝප කරනවනා නම්, එය ශිෂ්ඨාචාර විරෝධීයි. මේ දක්වා මිනිස් ශිෂ්ඨාචාරයේ මහා සොයාගැනීම් සියල්ල සිදු වෙලා තියෙන්නේ, තෘෂ්ණාව, ආශාව හා තම අරමුණ කරා ළඟා වීත්ම්ය දෘඪතර අරගලය නිසා මිස සමාජවාදය හෝ නිර්වාණය අරමුණු කරගත් මාවත නිසා නෙවෙයි.

    END

    ****************************************
    This is a FIRST DRAFT of an article based on a interview with Prageeth Eknaligada. It was done in 2007, but never published..

    ReplyDelete

Follow by Email