Sunday, January 2, 2011

නියඟලා.........

මේ ලබාපු 'සුබ අළුත්' අවුරුද්දෙ
මට උඹත් එක්ක මාර තරහක් තියෙන්නෙ බං.......


මොන මගුලකටද ඕක ෆේස්බුක් එකේ දැම්මේ....?
මොන මගුලකටද ඔය වගේ පොටෝ එකක් ගත්තෙ....?
මොන මගුලකටද ඒකට ඔය මල් අතට ගත්තෙ....?
මොන මගුලකටද මේ මල් ඔය කාස්ටක වැලිතලාවේ පිපුනේ....?

තවත් තරුණයෙකු යාපනයේදී වෙඩිතබා මරාදමයි - Sri Lanka Guardian

11 comments:

  1. ප්‍රවෘත්තිය වැරදියි.

    තරුණයෙක් නෙවෙයි. මරාදාපු අයට තවත් ටාගට් එකක්.
    මේ නියඟලා මලක් නෙවෙයි, කොටින්ගේ සලකුණක්.
    අරන් තියෙන්නේ ෆොටෝ නෙවෙයි කඩාකප්පල් කරන්න ඔත්තු බලපුවා
    දාලා තියෙන්නේ ෆේස්බුක් නෙවෙයි ඩයස්පෝරාවට අහුවෙන්න

    මේ ඊයම් වලට යට වෙලා නැති වුනේ මිනිස් ජීවිතයක් නෙවෙයි පොඩි කරදරකාරයෙක්

    ප්‍රවෘත්තිය වැරදියි.

    ReplyDelete
  2. ඒ කියන්නේ තාමත් කොටි ක්‍රියාකාරී ද........?

    ReplyDelete
  3. නිහඩයි කියල රබර් බෝලේ ටිකක් හයියෙන් තද කොරල අල්ලන් ඉන්නේ......

    ReplyDelete
  4. යාපා පටුන ගිගුම් දුන් කාලතුවක්කු වෙඩි හඬ,
    නිහඬ වී වසර දෙකකට ආසන්න කාලයක් ඉකුත් වූ සඳ,
    මල් කලඹක් අතින් ගත් සේයාරුව වත්පොතෙහි පළකල නිසාවෙන්ම,
    මියෙන්නට සිදුවූ දයාබර සහෝදරය,
    මේ කන් බිහිරිකරවන නිහඬතාවය පසක් කරන්නේ,
    නැවත වාරයක් කාලතුවක්කු හඬ දෙසවන බිහිරි කරවනා කාලය,
    බොහෝ දුරක නොවන වගද?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පෙනෙන්නට නැති නිසා
    නියගලා මලේ
    දන්නෙ නැතිවද හැංගිලා
    ඇත එහි අලේ

    මලයි ගහ කොල
    තලා දැමුවද
    හෙටක් ඇත අල යලිත් දළු ලන
    වෙනත් මල් මෙන්
    සුවඳ නැති වුව
    නියගලාවත් අයිති මෙලොවට

    ReplyDelete
    Replies
    1. Harima lassanai, Oyage Hithath oyawagedha?

      Delete
  7. කාටවත් දොස් කියන්න එපා බන්.මේ ප්‍රකෝපවුන මහජනතාවගේ ක්‍රියාවක්නේ.

    ReplyDelete
  8. ප්‍රකෝප වූ මහජනතාවද කරල තියෙන්නෙ. නියමයි... ලංකාව දැන් හරි දියුණුයිනෙ. මහජනතාව ‍‍ෆේස්බුක් එකේ පදිංචි‍ වෙන්න තරම්.

    ReplyDelete
  9. ඇතුලින් තව මොන මොනව හැන්ගිලා තියෙනවද කව්ද දන්නෙ ??

    ReplyDelete
  10. මොන මගුලකටද මේ මල් ඔය කාස්ටක වැලිතලාවේ පිපුනේ....?

    ReplyDelete