Saturday, November 13, 2010

බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.

පූර්විකාව
සමාවෙන්ඩ ඕනෙ. මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මේක ලියලා තියෙන්නෙ අපේ samමහත්තයා. දන්න විදිහට නම් සිංහල බ්ලොග් අවකාශය මේ තැනට ගේන්න ලොකු දායකත්වයක් දුන්නු ප්‍රවීණයෙක්.
මේ කතන්දර දාන්නෙ ඒක නිසාම නෙමේ. ?????
මේවා සිංහල බ්ලොග් අවකාශය තුල මම කියවපු හොඳම කතන්දර වලින් කීපයක්. (ඒ පෝස්ට් එකේ කමෙන්ටුවක් දාල ටැබූ ත් ඕකම කියලා තිබුනා) අලුතින් බ්ලොග් අවකාශෙට ආපු අපිල වගේ ඇත්තොන්ට මේවා අහුවුනේ නෑ. (අනික සැලකියයුතු පාඨක පිරිසකට මේවා ගියාද දන්නෙත් නෑ. අඩු ගානෙ කතන්දර වත් මේක කියෝපු හෝඩුවාවක් නෑ) මේවා කාල‍යත් සමඟ වැහිලා යනවට වඩා මෙහෙම හරි බෙදා හදා ගන්න එක හොඳයි මගේ හිතේ.
සියළු ස්තුති ප්‍රශංසා sam මහත්තයාටද, සියළු ඇණුම් බැණුම් මටද හිමියි.
09 January, 2010

බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.

මේ ලියන්නේ කාලයක් තිස්සේ දැකපු අහපු විහිලු කතන්දර කීපයක්. මේ වාගේ බොහෝමයක් කතා වයසත් එක්ක අමතක වෙලා ගිහිල්ලා. මතක තියන කීපයක් තමයී ලියන්නේ.
හරක් හොරා.
ඔන්න ගමක හරක් හොරෙක්ව රෑ එලිවෙනෙකම් රැකලා ඉදලා පොලොසියෙන් අල්ලගෙන. ගමක් කීවට ඔය කොලඹ ඇත්තො සුරතලේට කතා කරන කොග්ගල වගේ ගමක් නොවෙයී ඕන්. මේ ගම හැබෑම ගමක්. අක්කාගේ කොල්ල ඉස්කොලේ වැඩිපුර ලකුණු ගත්තොතින් ඌට කබර තෙල් දෙනව. ගෙදර දෙමහල්ලොම හේන් කොටන්න ගිහිල්ලා. හැඩිමහල් එකී තමයී පොඩි එවුන් තුන් හතර දෙනාම බලා ගන්නේ. වැඩිමල් එකීට වයස දහයක් දොලහක් විතර ඇති. ඒ කොහොම උනත් හැම එකාම ඉස්කෝලෙනම් යනවා. මොකැයී ඇමරිකානු ආදාර යටතෙ දෙන විස්කෝතු හම්මු වෙනවානේ. විවේකෙන් පස්සෙ බාගයක් ඉස්කෝලෙ නැහැ. වැටෙන් රිංගල ගෙදෙර ගිහිල්ල.
ඔය ගමේ තමයි මේ හරක් හොරා ඉන්නේ. උන්දෑ හරක් හොරකම් කොරගෙන ගිහිල්ල විකුනනවා එහෙම නෙවෙයී. වන්ගියෙන් වන්ගියට රෑ පානේ ගමට ඇවිල්ලා හරකගෙක් ඩැහැගෙන ගිහිල්ල මරාගෙන කනවා මාස ගනනක් තියාගෙන. කැලේ තමයී ඉන්නේ. වැඩි වයසක උන්දෙක් නොවෙයී, සාගතේට අහුවෙච්ච කලු ගැහිච්ච කැහැටු කොලු ගැටයෙක්. සරම් කඩමාල්ලක් වගේ එකක් ඇදගෙන හිටියාට ඒකට සරමක් කියන්න බැහැ. මම උන්දෑව දැක්කෙ පොලොසියෙන් අල්ලා ගත්තාට පස්සේ. මේකව අල්ලාගෙන හොදටම නෙලලා, ඇග පුරාම ලේ පාරවල් තැලුම් පාරවල්. හරක් හමක් පිට උඩ පොරෝල. හරක් වලිගයක් කටින් හපාපිය කියලා දීලා ගම හරහ උදේ පාන්දර මූට ගගහ දක්කගෙන එනවා උදේ බස් එකට හරක් වලිගෙත් කටින් එල්ලාගෙන. උන්දෑ බාගෙට මැරිලා වගේ. ඇවිද ගන්නත් බැහැ. කැලෑ ගදයී. අන්තිමට ගෙනල්ලා ඌව බස් එකේ බැටරි පෙට්ටිය ලගින් බිම ඉන්දෝල කකුල කනුවකට අල්ලලා මාන්චු දැම්මා. මමත් ඒ බස් එකෙම තමයී එදා අප්පච්චිත් එක්ක ආපහු කොලඹ එන්න කියලා ආවේ. ඌ හරක් වලිගෙත් කටින් හපාගෙන හරක් හමත් පොරවාගෙන එහෙ විසි වෙනවා මෙහේ විසි වෙනවා. ඔලුව හැප්පෙනවා, කද හැප්පෙනවා.පොලිසීයේ රාල හාමිලා දෙන්නාට එක දැකල හරිම හිනා. දෙන්න දෙන්නාගේ මූන බලාගෙන හිනාවෙනවා.
බලු නකුටා
අපේ ගෙවල් පැත්තේ අයාලෙ යන බල්ලො ගොඩයී. අරහෙ දුවනවා මේහේ දුවනවා. අනුන්ගේ වතුවලට යනවා, ජරාව කොරනවා. ඔය ගොඩේ හිටියා බලල් ඇස් තියන කෙට්ටු බැල්ලියක්. හැම මුරෙටම කොහේ හරි පැටව් තුන් හතර දෙනෙක් දානවා. අනුන්ගේ කුනු ගොඩවල් වලට ගිහිල්ල කනවා. ගෙහිමියෝ කෙලින්න එනකොට අරහෙට මෙහාට පැනලා බේරිලා දුවනවා.
මගේ යාලුවෙක් දවසක් ගඩොල් බාගයක් අතේ තියාගෙන ඉන්නවා මේ බැල්ලි එනකම්. බැල්ලිත් හොරෙන් හොරෙන් වැටෙන් රිංගල ආව කුනු ගොඩ ලගට. කොල්ල එල්ලෙ බලලා ඇරිය ගඩොල් බාගෙ කෙලින්ම බල්ලාගේ කකුලට. බැල්ලිට තරු. කකුලත් උස්සාගෙන යටි ගිරියෙන් බෙරිහන්දීගෙන එක පිම්මට වැට අස්සෙන් රිංගලා පැටව් ඉන්න දිහාවට දිවේ එක හුස්මට. බල්ල නොපෙනී ගිහිල්ලත් උගේ ලතෝනිය ඇහෙනවා. මයේ යාලුවට හරිම හිනා. උන්දෑ බල්ලා දුවපු හැටි කිය කියා හිනාවෙනවා. පෙන්න පෙන්නා හිනාවෙනවා. ගඩොලෙ තරම කිය කියා හිනාවෙනවා.
කුඩු කාරයා
නුගේගොඩ කිට්ටුව අලංකාර පන්සලක් තියනවා. ඔය කිට්ටුව මමත් හිටියා කාලෙකට උඩදි. හැම පෝයටම ලව්ස්පීකරේ පිරිත්. කටින පින්කම කාලේට හැමදාම පිරිත්. බොහොම සිංහල ගමක්. දවසක් ඔය ගමට කුඩු කාරයෙක් හොරකමේ ඇවිල්ල. දන්නවානේ උන්දෙලාගේ කතාව. වැලක රෙද්දක් දාලා තියන්න බැහැ හොරකම් කොරනවා. ලිදේ බාල්දිය බොලොක්කෙ එක්ක හොරකම් කොරනවා.
ගමේ උන්දෙලා මේකව අල්ලාගෙන, ඇදගෙන ඇවිල්ල පාර ලගට. ගමේ පිරිමි සරන් ඇද ඇද දුවගෙන එනවා. එකෙක් නිදාගෙන හිටපු ඇදේ ඇද පොල්ලත් ගලෝගන ඇවිල්ල. සමහරුන් කකා හිටපු ගමන් අතේ ඉදුල්. කට්ටියම වටකරගෙන මේකට ගහනවා. පොලුවලින් ගහනවා. පයීන් ගහනවා. එකෙක් ඌගේ කෙස්සෙන් අල්ලාගෙන. කට්ටිය වට වෙච්ච තරමට සමහරුන්ට ගහන්න යන්න ඉඩ නැහැ. උඩින් අත දාල ඔලුවට ගහනව. ගෑනු, ලමයී අතේ එල්ලාගෙන පාරට ඇවිල්ලා කැ ගහනවා. ඕකට ගැහුව ඇති, දැන් ඕකා මැරෙයී. එකෙක් කියනවා. හොදවැඩේ කුඩුකාර හැත්ත. තව ගෑනියෙක් කියනවා. අන්තිමට ගුටි කෙලිය ඉවර වෙනකොට කුඩු කාරයා බාගෙට මැරිලා. ඇදුම් ඉරිලා. සිහිය නැහැ. ත්‍රීවීල් මල්ලි ත්‍රීවීල් එක කරකවගෙන ඇවිල්ල බිම වැටිලා උන්න එකා ඇදලා, පිටිපස්සෙ බිමට දාලා පොලෝසියට ගෙනිච්චා. වටවෙච්ච ගමේ කට්ටිය කුඩු කාරයාට කෙලපු හැටි ගැන කිය කියා හිනාවෙනවා. ඌට ගහනකොට ඌ බෙරිහන් දුන්නු හැටි කිය කියා හිනා වෙනවා. හිනා ගොඩයී.
ගැබිනි වාට්ටුව.
මේක මම දැකපු කතාවක් නෙවෙයී. අහපු කතාවක්. ඔය කොලඹින් එපිට ඉස්පිරිතාලෙක කතාවක් තමයී. හැබැයී ඉතින් බොහොමයක් ඉස්පිරිතාලවලට පොදු කතාවක් කියලා තමයී මම හිතන්නේ. දරුවෙක් ඉපදෙනකොට ඇතිවෙන විලි රුදාව කියන්නෙ එසේ මෙසේ දෙයක් නොවෙයී. රුදාවෙ තරම කටින් කියන්න බැහැ නොවැ. ඔය කවුද කීවේ විලි රුදාවෙ තරම දැන ගන්න ඕනෙනම්, යටි තොල ඇදලා අරගෙන ඔලුවෙ අනිත් පැත්තට දාන්නයැයී කියලා.
කොහොම උනත් විලිරුදාව හැදුනහම අම්මලා වේදනාවෙන් බෙරිහන් දෙනවා. කෑ ගහනවා. එතකොට තමයී ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා නර්ස් නොනලා ඇවිල්ල දරු උපතට උදව් කරන්නේ. ඉතින් ඔය අපේ ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා ඇවිල්ල, "පයීය දාන්න කකුල් පලල් කරන්න පුලුවන්නම් දැන් බෙරිහන්දෙන්නේ නැතිව තටමමපන් හුත්තීයේ" කියලා අම්මලාට දෙකයී හතරේ කුනු හරුපෙන් බනිනවා. පස්සේ වින්නබු අම්මලා, නර්ස් නෝනලා, "මේ ගෑනු අත බබාල වෙන්න හදනවා, මම ඒකීට සුද්ද සිංහලෙන් කීවෙ මෙහෙමයී, ඔය දැන් වැදුවෙ ලමය", කියලා එකිනෙකාට කිය කියා හිනා වෙනව. නියම විහුලුව.
කොටි මරපු හැටි
මේක අපි කවුරුත් දැකපු කතාවක්. ඔය පහුගිය වන්ගියේ කොටි මරපු චිත්‍රපටියක්යැයී කියපු එකක් ඉන්ටර්නෙට් එක පුරාම තිබුනානේ. ඔය එංගලන්තෙ හතරවෙන් නාලිකාවෙ ගියායැයී කියන එක. කවුරු හරි කොටි මරන්නත් එපායැ. කට්ටියක් අත පය බැදපු මිනිස්සු කාන්ඩයක් අමු හෙලුවෙන් ඇදගෙන ඇවිල්ල ඔලුවට වෙඩි තියලා මඩ වගුරක් උඩ මරනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කවුරුත් දැකලා ඇතිනේ, හැබැයී හරියට ඇහුවොතින් අහන්න පුලුවන් කවදාවත් අහන්න නොලැබෙන විහිලු කතාවක්, කට්ටිය "බලපං බලපං අන්න අරූ හාව පැන්නා වගේ වැටිලා මැරුනේ මචන්" කියලා එකිනෙකාට හිනාවෙනවා. හරිම විහිලු වැඩක් තමයී.
(උපුටා ගත්තේ - http://samsoldblog.blogspot.com/2010/01/blog-post.cfm)

34 comments:

  1. අපොයි ... මට නම් හරි දුකයි .... මේ පෝස්ට් එකේ හිනා වෙන්න දෙයක් නැහැ... බලල අඩන්න තමයි වෙන්නේ ..

    ReplyDelete
  2. @ වත්,
    ඔයා මීට කලින් කියවලා ඇති. ඒත් මට හිතෙනවා 2010 ජනවාරි වලට වඩා වෙනස් තැනක ඉඳං අද මේවා නැවත කියවන්න පුළුවන් වෙයි කියලා.
    (මේ මාස 11 වසර කිහිපයක් කැටි කලාට සමානයි වගේ මට දැනෙන්නේ.)

    ReplyDelete
  3. ඒක නේන්නං අක්කේ.. මටත් හිනා ගියේ නෑ.

    ReplyDelete
  4. O_o ඈ බං මෙකේ තියෙන්නේ වෙන උන් හිනා වුන හැටිනේ මේක කියෙව්වට හිනා යන්නේ නෑනේ

    ReplyDelete
  5. sam ඉස්සර ඩොමේන් එකක් තියාගෙන හිටියා. දැන් බ්ලොගර් එකේ.

    අමුතු විදියකට හිතට වැදුනත් නැතත් කමක් නැහැ කියල ලියන කෙනෙක්. තව බොහෝම වැදගත් ලිපි හුඟක් තියෙනවා. මේක මේ කියවන දෙවෙනි පාර. හැමපාරම එක විදියට "රසවත්" (රසවත් කියන්න බැහැ. මේක කියෙව්වාම කටට තිත්ත රහක් එන නිසා).

    ReplyDelete
  6. @ පූසා,
    ඒකම නේන්නං මචෝ ප්‍රශ්ණේ.
    මේ සිද්දි වෙන වෙලාවෙ එතන ඉන්න අය(හැමෝම නැතත්) හිනාවෙනවනේ.
    හැබැයි ඒ සිද්ධිම මෙහෙම කියවද්දි ඒ හිනාඋනු අයම උනත් අඬයි නේද?

    ReplyDelete
  7. චාමී ...

    ගොඩක් වෙලාවට සමහරු හිනා වෙන්නේ අනිත් අය හිනා වෙන නිසා... හිතේ තෙරපෙන තරහව යට කරන් අපි හිනාවෙනව ..අනිත් අය හිනා වෙන නිසා..

    මොකද නැත්තම් අපි බයයි... මුන් මටත් හිනා වුනොත් කියල....

    ReplyDelete
  8. හිනා ගියේ නම් නෑ.
    ඇත්තටම අපිත් ඔයවගේ හිනා නොවිය යුතු දේවල් වලට කොඉතරම් හිනාවෙන්න ඇතිද ! ඒ ගැන මතක් උනේ දැනුයි

    ජයවේවා !!

    ReplyDelete
  9. හිනා වෙන මේකේ විහිලු කතාවක් තියෙන්න් එපැයි............ කෝ එහෙම එක්ක තිබ්බද මෙතන :) පලවෙනි එක කියෝනකටම මට හිතුන ඒක :)

    ReplyDelete
  10. මේකෙ ඔරිජිනල් පෝස්ටයේ මං දැක්ක එක්කෙනෙක් අහල තිබ්බ මේකෙ උත්සාහය සිංහලයෝ අමනුශ්‍යයෝ කියල හුවා දැක්වීමද කියල.මේක නිව්ස් එකක් වගේ කියවන එක්කෙනෙකුට එහෙම දැනෙන එක පුදුමයක් නෙමේ.නමුත් මේක තම්යි මුලු ලෝකයේම මනුශ්‍ය ස්භාවය,ඒක ලංකාවෙ විතරක් නෙමේ අල්ඛයිඩා,ඇමරිකා ඉදලා ස්වීඩනයට යනකම් මේ ස්භාවය එකයි.වෙනස තියෙන්නේ ඒක පාලනය කර ගැනීමේ හැකියාව එකිනෙකට වෙනස්.

    ඒ වගේම මේව ඇත්තට කරපු කට්ටිය මේක කියෙව්වාම අඩනව ඇති වගේම දැන් මේක අඩ අඩ කියවන අපි ජාලයෙන් එලියට බැහැල සමාජයට බැහැල කරන වැඩ කීයෙන් කීයක් අපිට හිනා යන අනුන්ට ඇඩෙන ඒව වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  11. @ chami:ආයෙ කතා දෙකක් නෑ මේක කියෙව්වොත්නම් එයාලට ඇඩෙනවා :ඩී

    @හිස් අහස : හ්ම්ම්ම් ඒකනම් ඇත්ත

    ReplyDelete
  12. අපි අපිටම හිනාවෙමු.

    ReplyDelete
  13. මේ මුල් සටහන කළකට ඉහතදි මම දැක්ක. ගැබිණි වාට්ටුවෙ කතන්දරේ ගැන කියනවා නම් දන්න අඳුරන නර්ස් නෝනා කෙනෙකුත් මේ කතාවම කිව්ව, එයා ඒ වෙලාවෙ හිනා නොවුනට බැන්න. බැන්නෙ වින්නඹු අම්මලට නෙමෙයි, ගැබිනි මව්වරුන්ට.. අවාසනාව කියන්නෙ ඒ මොහෙතෙ ඇයත් හිටියෙ දරු ගැබක් කුස දරාගෙන.. කතා කරලා වැඩක් නැහැ කියලාම හිතුනු නිසා මම කට වහගත්ත. හැබැයි එතන හිටපු සහෝදරවරුන්ගෙන් හොඳම උත්තරයක් ඇයට ලැබුණ.

    " නංගි බබා හම්බු උනාට පස්සෙ අපී ආයෙත් මේ ගැන කතාකරමු" !!!!!!!!!,,,,,,,,

    ReplyDelete
  14. මොකටද බන් හිනා වෙන්නේ..........

    ReplyDelete
  15. @ මද්දු,
    ඒකයි මම හිතුවේ මේක අද වෙනස් විදිහට කියවන්න පුලුවන් වෙයි කියලා. ජනවාරි මාසෙ/නොවැම්බර් මාසෙ අතර වෙනස.
    ඒක එදා රටේ තිබුණු වාතාවරණය මත ආපු කොමෙන්ටුවක් කියලයි මට හිතුනේ.
    -------------------------------------------
    මේ ලිපිය ගැන ඔත්තුව දුන්නු මාලන් ට තැන්කූ!
    -------------------------------------------
    Not @ මද්දු,( :D )
    තව මරු පෝස්ට් එකක් ඒකෙ තියෙනවා.
    "රාජපක්ෂගේ විස්කම්"
    කියවලම බලන්න.
    http://samsoldblog.blogspot.com/2010/01/blog-post_19.cfm

    ReplyDelete
  16. බොහොම කනගාටුයි. මෙකේ තියෙන්නෙ හිනා යන දේවල් වලට වඩා දුක හිතෙන දෙවල්.
    @:වත්:මමත් ඔය එක්ක එකග වෙනවා

    ReplyDelete
  17. මට නම් මේක කියවල බිම පෙරලි පෙරලි හිනාවෙතෑකි... කලින් අඹ ගහ යට දාල තිබිල තමයි ඉස්සරවෙලාම කියෙව්වේ.. හප්පා හිනා ගිය තරම්... පුදුමේ කියන්නේ ආය ආය කියවන්ට හිනා යනවනෙ... අර කොටි මරපු චිත්‍රපටියේ ආය කියනවනෙ "බූරු පිටියේ ඉඳ ගත්ත වගෙ කියලා..." ඕං විහිළුනම් විහිළු ඈ...

    ReplyDelete
  18. අනේ මන්දා?............

    ReplyDelete
  19. බඩ අල්ලගෙන හිනාවීමට උත්සාහ කලෙමි,

    එහෙත් දෑසින් උණු කඳුලු ගලද්දී බඩ අල්ලාගෙන හිනාවීම කෙසේවත් කල නොහැකි වූ බැවින් හිනාවීමට උත්සාහ කිරීම නවතා, නිදහසේ කඳුලු ගැලීමට ඉඩහලෙමි,

    ReplyDelete
  20. කිචිකවාගෙන හිනා වීමට try ගනිමි..

    ReplyDelete
  21. මහා පොදු සාධකය : අනුන් පීඩාවට පත් කර ආතල් එකක් ගැනීම

    ReplyDelete
  22. මේ ටික කලිනුත් කියෙව්ව.
    මතක් වෙන වෙන වතාවට මම බඩ අල්ලන් හිනාවෙනව. එක දවසක් හුස්මත් හිරවුණා.

    ReplyDelete
  23. හිතට එන කාළකණ්නි හැඟීම නම් කියල වැඩක් නෑ

    ReplyDelete
  24. හිනා වෙන්නෙ කොහොමද බොල... දුක හිතෙනවා. හරක් හොරා ගැනවත්.. බලු කුක්ක ගැනවත්... කුඩු කාරය ගැනවත්... ගැබිනි මව ගැනවත් නෙමෙයි අපි ගැන. අපි හුඟ වෙලාවට හිනා වෙන්නෙ අපිටම නේද කියලා.

    ReplyDelete
  25. මෙවගෙ ඉලඇදෙන බඩ දගලන පට්ට විහිලු අපට එදිනෙදා අනන්තවත් දකින්න අහන්න ලෑබෙනව.

    ***
    අපේ උසාවියන් පට්ට වේසියන්ගේ රූප ලයීස්තුවක් ප්‍රසිද්දියට පත් කිර්‍රම නොහොත් කොප් වන්චාකාර හොරුන්ට ඇමතිකම් මන්තිරි කම් දීම.

    :

    මෙහෙම පදමට කුනුහරුප ඇතිව කදිම බසකින් ලියවෙන Site එකක් තමඉ කොලු'ත්
    http://kolu.wordpress.com

    ReplyDelete
  26. මට තේරෙන්නෙ නෑ මේවා විහිලු නෙවෙයි කියන්නෙ මොකද කියලා ලොක්කා, මේවා තමයි ඔරිමජිනල් විහිලු... ඒ කිවුවෙ අර හිනාවෙච්ච එවුන් දන්නෙ නෑ ඒ හිනාවෙන්නෙ උන්ටමයි කියලා..

    ReplyDelete
  27. යකෝ මම මෙන සාතන් කෙනෙක්ද? මේ කතන්දර වලනෙ සාතන්ල ඉන්නෙ.....

    ReplyDelete
  28. Irony: is a rhetorical device, literary technique, or situation in which there is a sharp incongruity or discordance that goes beyond the simple and evident intention of words or actions. Ironic statements (verbal irony) often convey a meaning exactly opposite from their literal meaning. In ironic situations (situational irony), actions often have an effect exactly opposite from what is intended. The discordance of verbal irony is created as a means of communication (as in art or rhetoric). Descriptions or depictions of situational and dramatic ironies, whether in fiction or in non-fiction, serve a communicative function of sharpening or highlighting certain discordant features of reality.

    From http://en.wikipedia.org/wiki/Irony

    ReplyDelete
  29. @නසරාණියා: ඇත්ත කතාව... මටත් එහෙම හිතුනා

    ReplyDelete
  30. Acting funny...don't know why....(Jimmy Hendrix)

    ReplyDelete
  31. මේවට හිනාවෙන්න ඕන තමයි. එක දවසක් මමත් සහභාගි වුනු සමුළුවකදී දේශකවරයෙක් කිවුවා එයාට වාරිස් ඩයරි ගේ කතාවේ ඇයව සුන්නත් කරන කොටස කියවන්න බැහැ කියලා. එතකොටෙ තවත් කෙනෙක් කිවුවා එයාට පත්තර වල යන මිනීමැරුම්, දූෂණ ගැන ලිපි කියවන්නම් බැහැ කියලා. එතකොට දේශකවරයා කිවුවා බුදු දහමින් පෝෂණය ලැබූ අපි, සිංහලයන් හරිම අහිංසක ජාතියක් කියලා. ඒ කතාවටත් බඩ අල්ලගෙන හිනා වෙන එක තමයි කරන්න පුළුවන්.

    මේ ස්වභාවය ලංකාවට නෙවෙයි, ලෝකෙටම පොදුයි. ඇත්ත. අපේ සත්‍ය බිහිසුණු ස්වභාවය සහ ශිෂ්ටාචාරය අතර තියෙන්නේ බොහොම තුනී කඩතුරාවක්. ශිෂ්ටාචාරයේ සළුපිළි ලිහිලා වැටුනහම මතුවෙන්නේ ගල් යුගයේ ඉඳන් එන බිහිසුණු සත්වයා. ඒක මිනිස් ස්වභාවය. ඒකට මුහුණ නොදී කොහොමද මනුස්සකම මතු කරන්නේ කියන එක මට හිතාගන්න බැහැ.

    ~ හිපියා

    ReplyDelete
  32. pissu katha...wena wadak nathi nisada mewa post karanne

    ReplyDelete
  33. බොහොම ස්තූතියි මෙහෙම තැන් ටිකක් පෙන්නල දුන්නට. ඔය ගැබිනි මාතාවගෙ කෑල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ. අපිටත් වඩා දරුවෙක් වදන එකේ අමාරුව තේරෙන්න ඕන ගෑනුන්ටනේ. ඒත් මට නම් පේන්නෙ ඒකෙ අනිත් පැත්ත. බස් එකකට ළමයෙක් වඩාගෙන ගෑනු කෙනෙක් නැග්ගොත් අපේ අම්මන්ඩිල ජනේලෙන් එලියෙ තියන ලයිට් කනු ගනන් කරනවා. ළමයෙක් වඩාගත්ත කෙනෙක්ට පෝලිමේ ඉස්සරහට යන්න ඉඩ දුන්නොත් රවල බලල තව කට කඩිච්ච කතාවකුත් කියනව. අනේ මන්ද

    ReplyDelete