Saturday, September 4, 2010

බල්ලො මල්ලියෙ.....!

(මේ මාසෙ 8 වෙනිදට....)
පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා...
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා....
සිංහ පැටව් වාගෙ බුරනවා....
බල්ලො හඳට යන්න හදනවා.....

සිංහයගේ අතට කඩුව දුන්නේ කවුද?
ලෙල දෙනකොට පැනලා ඇවිත් අපිව කයිද?
පුතා අහනවා.....
එයාට නින්ද යන්නෙ නෑ.......
කොඩියේ සිංහයට බයයි....
සිංහයගේ කඩුවටත් බයයි..
බල්ලෝ බුරනවට බයයි.....

අටසිය මුල් ගණන් වලදි සුද්දො කිව්වා බල්ලො මරන්න..
මොකද නින්ද යන්නෙ නෑ....
හැමතිස්සෙම බල්ලො බුරනවා....

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා...
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා....
සිංහ පැටව් වාගෙ බුරනවා....

බල්ලො හඳට යන්න හදනවා.....

දැං බල්ලන්ට හරි ජයයි....
අපි... බල්ලන්ට හරි බයයි.....
මේ බල්ලො සුද්දන්ට බයයි....
අපි සුද්දන්ට ණයයි.....

මේ බල්ලො ඉස්සොත් හැපුවා.... තා‍ලෙට...
මේ බල්ලො ඔටුවොත් හැපුවා.... ලාබෙට...
මේ බල්ලො උනුන්වම හැපුවා.... තරඟෙට...
මේ බල්ලෝ.... අපිවත් හැපුවා.....

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා...
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා....
සිංහ පැටව් වාගෙ බුරනවා....
බල්ලො හඳට යන්න හදනවා.....


මගේ පුතා හරි බයයි
එයාට නින්ද යන්නෙ නෑ
බල්ලෝ බුරනවට බයයි....
මට මගේ පොඩි පුතා ගැන දුකයි.......


(අජිත් කුමාරසිරි ගේ පට්ට ගහපු මේ සින්දුව නොදා ඉන්න තිබුනනම් කොච්චර හොඳද?)

13 comments:

  1. අජිත් කුමාරසිරිගෙ මේ වචන ටික මං කලින් අහල තිබුණා...

    අජිත් වෙනස් ආරකින් වෙනස්ම දෙයක් කියන්න උත්සහ කරල තියෙනව කියලයි මට හිතෙන්නෙ...

    ඔහුගේ ගිටාරය භාවිතය කටහඬ භාවිතයට වඩා අපූරුයි !
    සුවිශේෂි දෙය ඔහුගේ ගීත ඇල්බමය ඔහු නොමිලේම ලබා දිම නේද..

    ReplyDelete
  2. අදමයි මෙ සින්දුව ඇහුවේ.
    මේක මාසයේ ගීතය කියලා නම් කලොත් න‍රකද?

    ReplyDelete
  3. අජිත්ගෙ ගොඩක් සින්දු වල වචන සංගීතය සහ ගායනය තුනම එක වගේ බලවත්. යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ ටිකම ඇති ඒ ගැන දැනගන්න. කාලෙකට කලින් මම ඒ ගැන ලියපු සහ ඇල්බම් එක දීපු තැනකට සම්බන්ධ කලාට කමක් නැති වෙයි මගෙ හිතේ. ඔහු ගැන මෙහෙම කතා කරන තැනකදි විතරයි මේ දේ බෙදා දෙන්න පුළුවන්.

    තුන්වෙනි ලෝකයේ රටක අජිත් කුමාරසිරි එක්ක

    ReplyDelete
  4. අජිත් ගෙ සින්දු වලින් කියනව ලොකු දෙයක්.... මමත් අජිත් ගෙ සින්දුවක් ගැන කාලෙකට කලින් දැම්ම ලිපියක්...

    " ඉර හඳ තනකොල... නොයෙකුත් දේ ගැන... "


    http://palaamalla.blogspot.com/2010/04/thrill.html

    ReplyDelete
  5. අපූරු පද පෙලක් නොවැ

    ReplyDelete
  6. @ sansarasidu,
    ඇත්තෙන්ම ඔහුගේ තිබෙන්නේ නව සංගීත ආරක්. ඔහු නොවිකිණී ඉන්න උත්සාහ කරනවා.
    (හැබැයි ඔහුගේ 'අලිමංකඩ' ගීතය නම් මට ප්‍රශ්ණයක්)

    ReplyDelete
  7. @ sithuwilimandiya,
    අපොයි මට නම් හිතෙන්නෙ නම් තව අවුරුදු තිහ හතලිහකට උනත් මේක ඇති වෙයි වගේ.

    @ h,
    ස්තුතියි ලින්ක් එක දැම්මට. ඒකෙන් ලොකු අඩුවක් සම්පූර්ණ උනා. අනික ඔයාගෙ පෝස්ට් එකත් හරි වැදගත්.

    ReplyDelete
  8. @ පිස්සා පලාමල්ල,
    ස්තුතියි ලින්ක් එක දැම්මට. මම ඒක කලින් කියවලා තිබුනේ නැහැ. හොඳ ලිපියක්.

    ReplyDelete
  9. සින්දුව අහන්නනම් මට විදියක් නෑ. එහෙත් මරු පද වැල.

    ඒත් ප්‍රශ්ණයක් තියෙනව සංසන්දනය කිරීමෙන් අහිංසක සුනඛයන්ට අපහාසයක්නම් වෙනව.

    ReplyDelete
  10. බුරන බල්ලෝ හපා කන්නෙ නෑ කිව්වට කන පැලෙන්ඩ බුරලා බුරලා හපා කනව බෙල්ලම...

    ReplyDelete
  11. මේක ඇත්තටම අපූරු ගීයක්..!!

    ReplyDelete
  12. මමත් ස්කිට්සෝ සහ අජිත් කුමාරසිරිගේ සින්දු අහන්න ගත්තෙ ලඟදි.. ඒ අලිමංකඩ සින්දුව අහලා.. මේක නම් අහලා තිබුනේ නෑ. නියම සින්දුවක් කිව්වාම ඇති..

    ReplyDelete