Tuesday, April 8, 2014

අඩෝ කෝලියා.... ඔය උඹ අපිට කොළාද...? ... (හුහ්)



අපි T20 වර්ල්ඩ් කප් එක දිනුවට පස්සේ.....
මුළු රටේම අපි හැමෝම පුදුම විදිහේ ඒකාත්මික බවකින් ඒ ජය සැමරුවේ.

ගාල්ලේ ගීතට චන්දෙ දුන්නු උන්...
කුරුණෑගල අරක්කු ජොන්ස්ටන්ට අල්ලන උන්...
කුඩු ලන්සාගේ ගෝලබාලයෝ....
නිල් බලකායේ කොල්ලො ටික...
පහුගිය කාලේ නිධන් කඩපු උන්...
සුදු වෑන් ඩ්‍රයිවර්ලා....
දුමින්දගේ කුඩුකාරයෝ...
තිලංගගේ බුකි කාරයෝ....
බොදු බලේ පල්ලි කඩන උන්...
කාත්තන්කුඩි ශරියා දේශය හදන උන්...
සිරසේ සුසාරට චන්දෙ දීපු උන්...
ගම්මන්පිලට හිඟමන් දීපු උන්...
වනාතේ ගෙවල් කැඩෙන උන්....
රතුපස්වල ඇසිඩ් වතුර බොන උන්...
රතුපස්වල මහපාරේදී වෙඩි තියපු උන්.....
අරක්කු වීදුරුවට පෝස්ටර් අලවපු උන්....
රස්සාවක් ගන්න චන්දෙ දීපු උන්....
කුණු නාරං විකුණන උන්...
දෙසිය පණහ දෙසීයට කිරන උන්...
කසිප්පු පෙරණ උන්....
බැංකු කඩපු උන්....
කුලියට මිනිමරණ උන්.....
ලසන්ත මරපු උන්.....
ලලිත්/කූගන් උස්සපු උන්....
ආදාහනාගාරවල කරවල වේලන උන්...
මාළු වලට ෆෝමලින් ගහන උන්....
ගොයම් කපන්න කලින් රවුන්ඩ්අප් ගහන උන්....
එළකිරි උකුවෙන්න යූරියා කලවම් කරන උන්...
මොකෙක්හරි අන්දලා ගානක් කපාගන්න බලන උන්...
කන්තෝරුවෙන් හාෆ්හීට් ටිකක් හරි උස්සන්න හිතන උන්...
සමෘද්ධිය මදි කියලා නාහෙන් අඬන උන්....
හොරට වැලි ගොඩදාන උන්....
දවසට පැය අටක් ඕටී කරන උන්.....
රක්ෂිත වනාන්තර කපන උන්....
ආණ්ඩුවේ වාහන වලින් ඩීසල් අදින උන්....
නැගෙනහිර ඉඩම් කොල්ලකන උන්....
ගාල්තැන්නේ බැතිමතුන්....
චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් අනාවැකි අහන උන්....
ෆෙන්ෂූයි බූතයට සල්ලි දාන උන්....
දෙයියො එනකං කතරගම ලැගපු උන්....
ජපන් වාහන වල දෙහි මිරිස් එල්ලන් යන උන්....
චීවරේ දාගෙන අපචාර කරන උන්....
ඉරහඳ පත්තරේ සල්ලි දීල ගන්න උන්....
බන්දුගේ ජෝක් වලට හිනා යන උන්....
ඉරිදට දිවයින කියවන උන්...
බඩවැල් මෙගා ටෙලි බලන උන්....
පුංචි දරුවෝ දූෂණය කරන උන්....
මාල කඩන උන්....
සමග.....
ඉහත ඒව නොකරන උන්.... ද
සමග...
මා ද ඇතුළු....
“අපි හැමෝම”

එක මවකගේ දරු කැළක් මෙන් එක්සත්ව එක්සිත්ව ඒකාත්මිකව මහමගට බැස එක් ධජයක් ලෙලවමින් සැමරූ ශ්‍රී ලංකීය ජාතිය ලද ඒ මහඟු විජයග්‍රහණය........!!!

වෙලාවකට මට පිස්සු වගේ ඕයි....!
වගේ නෙමේ ඕයි........!!


23 comments:

  1. වගේ නෙවයි ඕයි පිස්සුම තමා ... පට්ට

    ReplyDelete
  2. ටී 20 කාන්තා ලෝක කුසලානයකුත් පවත්වනවා නේද? ඒක අපේ අය ජයගත්තනම් මෙහෙම උද්දාමයට පත්වෙන එකක් නෑ සමහර විට.

    ReplyDelete
    Replies
    1. අපේ අය ඔට්ටේලියන් නංගිලා වගේ උඩ පැනලා , බිම පෙරලිලා කැච් ගන්නේ නැහැනේ තනේ තැලෙයි , පුක ඇඹරෙයි කියලා.හුකනතොටත් වැඩියෙන්ම කැමති උඩ බලාගෙන ඉන්නනේ .ඉතින් කොහොමද ඩියර් මෙහෙම උද්දාමයට පත්වෙන්නේ, කොල්ලෝ වැඩදාලා උඩ පැනලා, බිම පෙරලිලාකැච් ගන්නේ

      Delete
    2. Anonymous we strongly believe that you have to consult Psychiatric without delay.

      Delete
  3. බොස් ලංකාව මැච් එක දින්නම කේතුමතී රාජ්‍යයේ උත්තරීතර ප්‍රජාව නෙවෙයිනේ බහින්නේ. මේ තමයි ඉතින් ලංකාව. ඇයි අවුල්ද?

    එනි වේස්, චාමි උඹේ හදුන් පොතේ අහුමුල්ලක කුටීරේක රුධිර සංසරණය වෙන නොවෙන සාවියක තාම තියෙනවා නේද අර විප්ලොවේ කොරන අදහස. මං මේ ඒ ගැන හිතලයි කියන්නේ. දැන් මට කියා දීපන්කො මේ සෙට් එක හතරවෙනි පස් වෙනි බැරිනම් විසිවෙනි හරි ජාත්‍යන්තරයට සෙට් වෙලා ලෝක සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවන හැටි. ඊට පස්සේ මම ය මාගේය කියා දෙයක් නැත ඇත්තේ අපි පමණි කියාගෙන විශ්වයේ හැමටම යුක්තිය ඉටුවන සමාන සාධාරන ලස්සන ලෝකේ හදන හැටි.

    නිකමට ඇහුවේ. වැඩිය ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං? මං විප්ලවේ අතෑරියේ බොරැල්ලේ චන්ද ප්‍රතිඵලේ නිකුත් කරපු වෙලාවේ. මම දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් බං.
      අනික මොකට අවුල් වෙන්ටද? ලංකාව කියන්නේ ලංකාව. :)

      Delete
  4. හතර පැත්තම කවර් කරලා තියෙන්නේ,ආයේ සුපිරියටම.

    ReplyDelete
  5. අපි වෙනුවෙන් අපි?

    ReplyDelete
  6. චාර්මි, ඇයි කෝලිය දින්නනම් වෙන්නෙත් ඕක නෙමෙයිද? එහෙම බැලුවම හැමදාම දිනන්නෙ එකම සෙට් එක තමයි!

    ReplyDelete
    Replies
    1. කෝලියා දිනුවත් ඕකම තමයි. :)

      Delete
  7. මානුඹවාදය පට්ට වෙන්න මාකට් කරන උන් මග ඇරිලද මන්දා

    ReplyDelete
    Replies
    1. මානුෂවාදී... උන් ටික නම් අතෑරුනා. කිලිනොච්චියේ යාපනේ නටපු උන් අතෑරියා.

      Delete
    2. උන් මග නොඇරුනොත් තමා පුදුමෙ!

      Delete
  8. කියවගෙන එනකොට කියන්න ආ දේ කියන්න විදියක් නැ අවසන ඇති //මා ද ඇතුළු....// මේ වදන් ටිකත් එක්ක.. ස්තුතියි මචෝ එපමණයි

    ReplyDelete
  9. බුදු අම්මෝ...................අර ලැයිස්තුව කියෙව්වට පස්සේ තමයි තේරුනේ අපි වෙනුවෙන් අපි කියන ගොඩ ඇතුලේ මෙච්චර නර පණුවෝ ගොඩක් ඉන්නවා කියලා. හැබෑටම ක්‍රිකට් කාරයෝ ළඟ මොකක් හරි මැජික් තෙලක් තියනවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංහල දැනුම දුර්වල බව පෙනේ. මින් පසුව නිවැරදි සිංහල ලිඛිත භාෂාවෙන් ලියන්න පුරුදු වන්න.

      Delete
  10. //වෙලාවකට මට පිස්සු වගේ ඕයි....!
    වගේ නෙමේ ඕයි........!!//

    නියමයි..

    ReplyDelete
  11. ආය මෙනවා කියනවාද වගේ නෙමෙයි තනිකරම පිස්සු තමයි ඔියි

    ReplyDelete
  12. රිදෙන්නම දීල තියෙනව ඈ. එල

    ReplyDelete
  13. ජපන් වාහන වල දෙහි මිරිස් එල්ලන් යන උන්....

    ReplyDelete
  14. ඔබගේ ලියවිල්ල සුපිරිය! කතා දෙකක් නැත. ජයම පතමි!!

    ReplyDelete